.

.
Showing posts with label Government Service. Show all posts
Showing posts with label Government Service. Show all posts

Dec 29, 2024

ඒ හඬ නැගෙන්නේ රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව අනුර කුමාර දිසානායකට එදිරිවය....

 


ඒ හඬ නැගෙන්නේ

රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව

අනුර කුමාර දිසානායකට එදිරිවය....

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


මහින්ද මහ රජානෝගේ දෙවන ධූර කාළයේදී.... සොයුරු යුව රජානන් වූ බැසිල් රාජෝත්තමයන් වහන්සේට හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ට එදිරිව.... කේවට්ටයන් තිදෙනෙකු විසින් ගෙන ආ ප්‍රධාන චෝදනාවක් වූයේ... 


ආන්ඩුව තුල ආර්ථික ඝාතකයෙක් සිටිනා බවත්.... ඒ නිසා ජනතාව වෙනුවෙන් කිසිඳු වැඩක් කිරීමට නොහැකිව.... තමන් ඉතා අන්ත අසරණව සිටිනා බවටත් වූ ඇඬෝවැඩියාවක්‍ය.


එහෙත් ඇත්තම කතාව උනේ මොවුන්ගේ පිස්සු කෙලීම් සඳහා.... මුදල් අමාත්‍යශයෙන් ඉල්ලන මුදල් ඔවුන් වෙත ලබා දීම ප්‍රතික්ෂේප වීමය.... ඒ ත්‍රී ඊඩියට්ස්ලා වුනේ... විමල්, පාඨළී සහ අතන මෙතන වැඩ වැඩ හුන් රතන මහා ස්ථිවරයන් වහන්සේය. එසේ චෝදනා කරමින් ආන්ඩුවෙන් ඉවත් වූ තිදෙනා ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ වැඩ කළේ රාජපක්ෂලාට කෙලින්නටය. වත්මනේ සිඳු වෙමින් පවතින්නේද එයමය.


මේ අභ්‍යන්තර කැරලි  බණ්ඩාරනායකට මෙන්ම ගෝටබයටද එයාකාරයේම අභ්‍යන්තර කුමන්ත්‍රණයන්ට මුහුණ දීමට සිඳු වූ අතර එකෙකු නිවනින්ද අනෙකා නිවනට මෙහා මාර්ගපලයද අත්පත් කළ බවත් සියල්ලෝ සිහි තබා ගත යුතු වන්නේය.


2015 දී ත්‍රී ඊඩියට්ස්ලාගේ ගේම සාර්ථක වුවත්, 2019 බලයට පැමිණි රාජපක්ෂලාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කලේද ඒ විමල් වීරවංශමය. 


කෙසේ හෝ ඒ තිදෙනා මෙන්ම රාජපක්ෂලාද ඔවුන්ගේ ගෝලයෝද මේ වන විට අනාත මාවතතේ කුණාටු සාගරේ පාවෙමින් සිටීම දෛවපෝගත සිද්ධියක් වන අතර..... ඔවුන්ගේ විනාශය ළඟා කර ගත්තේ ඔවුන්ම වීම දේශපාලන ප්‍රහසනයකට කඳිම තීසීසයකි.


මේ අතරේ.... කිසිඳා රැකියාවක් කර නැති, බුලත්විටක් තබා මෑ කරලක් හෝ වගාකොට විකුණා නැතිව කෙප්ප වපුරා බලය ලබාගත් හද්දා ගං කබර වැඩ බැරි හොර උපාධි කයිතන් ටාසන්ලා සියල්ලෝම... 


වී කිලෝවක් රටින් ගේන්නට බැරිව, පොල් ගෙඩියේ ගාන අඩු කර ගන්නට බැරිව, රුසියාවෙන් නොමිළේ ලද පෝර ටික නිසි ලෙස බෙදාගන්නට බැරිව, පෝර සහනාධාරේ පන් ගොයියන්ගේ එකවුන්ට් එකට දාගන්න බැරිව.... 


ප්‍රසිද්ධියේ අන්දරේලා පට්ට ජෝකර්ලා වී හෙලිවැල්ලෙන් නටනා දහ අට පාලිය වසාගන්නට යන්නේ.... රාජ්‍ය නිළධාරීට එරෙහි චෝදනා නැමැති තිරයෙන් නිරුවත වසාගෙනය.


මේ ගොබ්බ ගොන් බාස්ලා නොදන්නා දෙය නම්... රාජ්‍ය නිළධාරීන් සියල්ලන්ම වැඩ කරන්නේ.... AR, FR, චක්‍ර ලේඛන හා ගැසට් නිවේදන වලට අනුකූලව බවය. බොහෝ විට කැබිනට් තීරණ, ගැසට් නිවේදන පවා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නේ.... ඒවා ව්‍යවස්ථාවෙන්ම අනුමත වී පැමිණිය යුතු නියෝග බව උන් නීතිපතිටත් වඩා හොඳින් දන්නා නිසාය.


ආන්ඩුවේ නිළධාරින් කියන්නේ මේ හාල්පාරුවන් මෙන් නොව.... ඒවා ගැන පයිත්තියම් වී තෙම්පරාදු වී සිටිනා උන් පිරිසක් වන්නේය... විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ උන්ට.... වර්තමානයේ  වැඩ කරන්නට වී තිබෙන්නේ.... මේ නීතී රීති හුටපටවලට අමතරව.... IMF නිර්දේශයන්ට, DSA වලට හා ප්‍රතිපත්ති රාමුවට අදාලව මෙන්ම කජු කන සීයා විසින් ගෙනෙන ලද ෆයිනෑන්ෂල් ඇක්ට් එකටද අදාලවය.


අනික් කාරණය නම්.... දැන් ආන්ඩුව දුවන්නේ මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් මදි වී.... උන් විසින්ම සම්මත කර ගත් පරිපූරක ඇස්තමේන්තුවක් යටතේ බවටවත් මුන්ට අවබෝධයක් නැත්තේය.


එහෙත් ඇත්ත වශයෙන් සිඳුවන්නේ.... මේ කිසිවක් නොව.... සීයා ගිය මඟම යන අනුර කුමාර සඕදරයාට එදිරිව ගෙනයන පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් බව දේශපාලනයේ හය හතර දන්නා වුන්ට අවබෝධ වී අවසානය.


රාජ්‍ය හා මූල්‍ය පාලනය කියන්නේ හිතු හිතු දේ ක්‍රියාත්මක කළ හැකි පැලවත්ත කාර්‍යාලය මෙන් වහල් කඳවුරක් නොව..... නිසි ක්‍රියාපටිපාටියකට අනුව ක්‍රියාත්මක වන ආයතන මිස.... ගමේ සම්පාකාරය නොවන බව අනෙක් හාල්පාරු ගොබ්බයන්ට තේරුම් ගැනීමට නොහැකි වුවත්, අනුර කුමාර දිසානායක විසින් මේ වන විට අවබෝධ කරගෙන අවසානය.

ඔහු දෙයක් ඉක්මනින් අවබෝධ කරගන්නෙකු බව ඔහු හා වැඩ කරන්නන්ගේ මතය වී අවසානය.


ඔහු යන්නේ ජජබයට අවශ්‍ය ගමන් මගේය යන කැලෑ පත්තරයක්.... කුර හා අං සහිත හාඩ්කෝ ජෙප්පන් විසින් බෙදාහරිමින් පැවතියද... ඇත්ත කතාව නම්.... රට ගොඩ ගැන්මට ඇති එකම මාර්ගය වන සීයාගේ වැල් පාළමේ අනුර කුමාරයා ගමන් කරමින් තිබෙනා බවය.


ඉදින් ලාල්කාන්තලා, හඳුන්නෙත්තිලා කළ යුතුව ඇත්තේ.... රාජ්‍ය නිළධාරින්ට දොස් පවරමින් තම බැරි බැරියාව හා නොදැණුවත්කම ලෝකට පෙන්වම්න් හෙලිවැල්ලෙන් දහ අට පාලී නැටීම නොව..... රාජ්‍ය නිළධාරින් එදිරිවන, ආගිව් කරන කරුණු කාරනා පාර්ලිමේන්තු අණ පනත් තුලින් ව්‍යවස්ථාවට එක් කොට මඟහරවා ගැනීමය. 


පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටය.

 

ඇත්තටම රාජ්‍ය නිළධාරි මාෆියාව කියන්නේ..... ඔය AR, FR සහ චක්‍ර ලේඛන යන ඒවාට අනුකූලව ක්‍රියා කරනා පිරිසක් බබත්... ඒවා වෙනස් නොකර... මේ රටේ බලය ඩොනල්ට් ට්‍රම්ප්ට නොව..... සී ජීං පින්ට තබා මෝදිට ගියත් මේ රට ගොඩදානවා බොරුය.


ඉදින් මේ නොදැණුවත්කම් නොහැකියාවන් වසා ගැන්මට..... ආන්ඩුව බලයට ගෙනා ගොබ්බ ජඩ මාජ්ජවේදීන් එලියට දමා රාජ්‍ය නිළධාරින්ට පලු ඇරියාට වැඩක් ඇත්තේ නැතිය. 


උන් උඹලා වගේ වැඩි බැරි කයිතන් ටාසන්ලාට අරින්නේ.... බටර් නොව කෙළ බින්දුවක්වත් නැතිව උන්ගේ පුපවල් හිනා වෙන අතරේය.


මොකෝ අනුර කුමාර ඉන්නේ උන්ගේ පැත්තේ බව උන් දන්නා නිසාය....


මුදල් අමාත්‍යංශය අනුර කුමාර යටතේ ඇත්තේ ජවිපේ හිඟන්නන්ගේ මානසික මට්ටම සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ අනුර කුමාර දිසානායකය....


ඕල් ඔෆ් අස් ආ හැපී 

සී ලන්කන් පීපල් ආ හැපී 


ස්වස්ති සිද්ධම්.... !!!


#මාතලන් 

.

Oct 9, 2024

රාජ්‍ය නිළධාරීන්ගේ සෙප්පඩ විජ්ජා හමුවේ....ඇදගෙනම නානා මාලිමාවේ බාරකාර ආන්ඩුව

 


රාජ්‍ය නිළධාරීන්ගේ සෙප්පඩ විජ්ජා හමුවේ....ඇදගෙනම නානා මාලිමාවේ බාරකාර ආන්ඩුව

(මුද්දර හෑල්ල..)

➖➖➖➖➖➖➖➖➖🔴➖


අග්‍රාමාත්‍යතුමිය දළදාව වැඳලා අහවර වී... මල්වතු අස්ගිරි බැහැදැක්මට ගිය වෙලේ... උන්නාන්සේලාට කියු දෙයින්.... එතුමිය ඇදගෙන නාගන්නට නියමිත බව මාතලන්ගේ යූ බටේදි මාතලන් කිව්වේය.


එනම් රාජ්‍ය අංශයේ සේවකයින් අවංකව වැඩ කිරීමට කැමති බවත්..... ඔවුන්ට ඒ සඳහා නිදහස දුන් විට..... ඔවුන් තම රාජකාරිය නියමාකාරයෙන් ඉටු කරනා බවත්‍ය.


එතුමිය රජයේ තැපැල් කාර්‍යාලයකට හෝ කිසිම දිනෙක ගොඩවැදී නැති බව මින් ඉතා පැහැදිලිව පේනවාය.....


රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම ආයතනයන්ගෙන් ප්‍රධානම එකක් වන්නේ ආන්ඩුවේ තැපැල් කන්තෝරුය..... උන් තම පාරිභෝගිකයා පයිසෙකට මායිම් කරන්නේ නැති උද්දච්චම පිරිසක් බව..... තැපැල් කන්තෝරුවකට ගොඩ වැදුන ඕනම එකෙක් දන්නවාය.


උන් උන්ගේ වැඩය.. නැත්නම් කයිවාරුය.... අදාලා එකා නැත්නම් එහා මේසේ එකා ඒ වැඩේ කරලා දෙන්නේ නැතිය... අදාල එකා හෝ එකී.... කා බී ඩෙසර්ට් අරගෙන ෂොපින් කර පැමිණෙන තුරු අපි උන්ගේ අම්මාට මව් ගී ගයමින් හිටගෙන සිටිය යුතුය.....


2023 වසරේ පමණක් ඕකුන්ගේ පාඩුව රුපියල් බිලියන 7 කි. (7,000,000,000/=) ඒවා ගෙවන්නේ භාන්ඩාගාරයෙනි.


දේශීය වශයෙන් DHL, Pronto සහ තවත් කුඩා ආයතන ගනනාවක් මෙන්ම Uber සහ Pick Me ආයතන බිහිවන්නේ මෙවන් අකාර්යක්ෂම සේවාවක් නිසාවෙනිය.... මේ සියල්ල තැපෑලෙන් ලබා දිය හැකි සේවාවන්මය....


නුවරඑළියේ තැපැල් කන්තෝරුවට වලි කන්නේ.... ඒකේ මහ උන්ට ලාබෙට ආතල් ගන්නට තිබෙනා නිවාඩූ නිකේතනය හේතුවෙනි.... අඩු ගානේ ඒවායෙන් වත් ලාබයක් ගන්නට මුන් දන්නේ නැතිය....


ඔය සමරු මුද්දර පිලිගැන්වීමෙන් මහ උන් අනිවාර්‍යෙන් ගානක් කපාගන්නා බව බුදු ෂුවර්මය. ඒවායේ වැඩ සිද්ද වෙන්නේ එහෙමය.


ඕක අයිති ජනමාධ්‍ය අමාත්‍යාංශයටය..... ඊට අයත් සියළුම ආයතන තනිකර සුදු අලිය.

ජාතික රූපවාහිනීය, හුළං විදුලි සංස්ථාව, ලේක් හවුස් ඊට උදාහරණය....


නයි ටී ඇන් එක පමණක් කීප වරක් ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන ගියේය.


මාලිමා ආන්ඩුවේ උනුත් කරන්නට යන්නේ.... මුන්ගේ ළණු කමින්.... පරණ සිස්ටම් එකම ඉදිරියට ගෙනයාම නම්..... කන්නට වෙන්නේ එසේ මෙසේ පරිප්පුවක් නොවනා බව කියන්නේ.... මුන්ගේ මේ වැඩ ගැන අප හොඳින්ම දන්නා නිසාය.


කිසිම රාජ්‍ය නිළධාරියෙක් තඹ දොයිතුවකට විශ්වාස කරන්නට එපාය.... උන් ඒ තරම් ගල් ආඳෝය....

උන්ට ඒ ආයතන හෝ මේ රට හැදිමේ කිසිම රුදාවක් ඇත්තේ නැතිය....

ඒ උන්ට වැටුප් උසස්වීම් දීමනා ෆොරින් ටුවර් මෙන්ම විශ්‍රාම ගියායින් පස්සේ විශ්‍රාම වැටුපත් ලැබෙනා නිසාමය......


බිලියන් ගනන් පාඩු ලබන ආයතනයක සංවත්සර උත්සව පවත්වන්නට මිනිසුන්ගේ බදු මුදල් වැය කරනවාට වඩා..... කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් ජනතාව එය අගය කරනා බව ලියා තබමින්.... මුද්දර හෑල්ල මෙතකින් නවතා දමනවාය....


ඒ වගත් මෙසේය......

Jul 8, 2024

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා ජූලී 9 දෙවර්ෂපූර්ණය


 

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා

ජූලී 9 දෙවර්ෂපූර්ණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ගෝඨාභය රාජපක්ෂට කෙලවූයේ රාජ්‍ය නිළධාරීන් දුන් ලණු කාපූ නිසාය. ටැක්ස් අඩු කළේත්, කොරෝනා වලට රට වැහුවේත්, ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණ භූමියක් දැම්මේත්, රසායනික පෝර නැවැත්තුවේත්, ණය ගැනීම නැවැත්වූයේත්, වාහන ආනයනය නැවැත් වූයේත්, රට වසා දමා මුදල් අච්චු ගැහුවේත් උන්ගේ උපදෙස් පරිදිය...


නැට්ටටම කෙලවුනායින් පස්සේ... මහ බැංකු අධිපතියා ගෙනත් රටටම පේන්න "ටූල්ස් පාවිච්චි කරපන් ඩෝ...."  කියා හමුදා පාට් දැම්මාට... මහ බැංකුවේ ඉන්නා මහා උගත් නිළධාරින් දන්නා ලබ්බක් නැති බව මුලු ලෝකයම දැක ගත්තේය. උන් හා රාජ්‍ය සේවයේ ඉන්නා මහ උන් හරියට වැඩ කලා නම්... රටට මෙහෙම වෙන්නේ නැති බව නොදන්නා ගොබ්බ හැත්ත.... වරද පටවන්නේ දේශපාලුවන්ට පමණය. 


උන් වැඩ කරන්නේ දේශපාලුවන් කියනා විදියට නොව.... රටට පිලිලයක්ව ඇති රාජ්‍ය සේවයේ AR, FR වලට අනුකූලවය. ඒ අනුව වැරද්දක් කලත්... උන්ව බේරා ගන්න හූනියන් කියා අටමගලයක් තියෙනවාය. මේ මාෆියාව කුඩු නොකර මේ රට ගොඩදැමිලි බොරුය. 


රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලවූයේ ජේ ආර්, මහ ප්‍රේමේ හා මහින්ද පමණමය. ජේ ආර් නීතියෙන් දුන් අතර, ප්‍රේමේ නම් දුන්නේ පාතාල මැතඩ් එකෙන්‍ය, මහින්ද මහත්තයා නම් ඊට වඩා මානුෂික වූ අතර, උන්නැහේ කළේ අරලිය ගහ මන්දිරයේ කාමරයට කැඳවා බඩ කට පිරෙන්නම කන්න දුන්න එකය.


දැන් රනිල් වික්‍රමසිංහද කමින් සිටින්නේ එම පරිප්පුවේ හොඳම එකෙන්මය.... 70% උද්ධමනයක් තිබුන රටේ හැම එකාටම ජීවත් වෙන්න අමාරු බව ගෝනා ඔනෙකුට තේරෙන කාරනයක්මය. එනයින් වැඩි පඩි ඉල්ලන එක ජහමනයාට පේන්නේ සාධාරණ දෙයක් ලෙසටය.


එහෙත් පඩි වැඩි කරන්න නම්... රජයේ ආදායම වැඩි කරගත යුතු බවත්, එසේ වැඩි කර ගැන්මට කළ හැක්කේ... එක්කෝ තව තවත් බදු  වැඩි කිරීම හෝ කොහෙන් හෝ ණයට ගැනිම බවත්.... (බංකොලොත් රටකට ආයෝජකයෝ හෝ ආයෝජන එන්නේ නැතිය) සාමාන්‍ය ජහමනයාට මෙන්ම උපාධිදාරී බුද්ධිමත් ජොස්තරලාට හා විධායක නිළධාරීන්ටවත් තේරුම් ගොස් නැතිය.


රාජ්‍ය සේවකයාටත් බදු ගැසූ නිසා .... රට හැර යන එකෙකුට යන්න දෙන්නෙයි කියා අප ලිව්වේ එනිසාය. මොකෝ ඒ රටවල ගහන්නේ පුපෙන් යන්න ගහන බදු ප්‍රතිශත බව අප දන්නා නිසාය. එමෙන්ම වෙනත් බංකොලොත් වූ රටවල මෙන් වැටුප් හෝ දීමනා කපා හැරිමක් හෝ.... රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් හෝ රාජ්‍ය ආයතන වසා දැමීමක් සිඳු වූයේ නැතිය.


▪️ (වසා දැමුවේ මා වැඩ කළ ආයතනය පමණක් වනාතර.... අද වන තෙක් අපට වන්දි මුදල් ලබා දී නැතත්... අප දේශපාලුවන්ට හෝ ආන්ඩුවට කිසිවක් නොකියන්නේ... සියල්ල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්... ඒවා නවතා තිබෙන්නේ.... ආන්ඩුව අපහසුතාවයට පත් කරනා මූසල රාජ්‍ය නිළධාරින් බව අප හොඳින්ම දන්නා නිසාමය)


බංකොලොත් රටේ සියල්ලන්ටම රුපියල් 10,000/= කින් පඩි වැඩි කරන කොටම අපි අනතුරු හැඟවූයේ මුන් මෙතනින් නවතින්නේ නැතෙයි කියලාය.


ඉන්පසු වෛද්‍යවරුන්ට පමණක් ඉස්ම බේරේන වැටුප් වැඩි කිරීමක් හා දීමනා ලබා දෙද්දී.... ළඟදීම හොඳ පරිප්පුවක් කන්න වෙන බව අප එදාම ලියුවේ.... ටැක්ස් වලට අහුවෙන්නේ උන්දැලා පමණක් නොවනා නිසාය. අනෙක ඔවුන් අමතර ආදායමක් පහසුවෙන් සොයාගත හැකි වෘත්තිකයින් පිරිසක් වීමය. ගුරුවරුන්ද එසේමය.


ඉන්පසු අනෙක් උන්ද මහ පාරට බැස්ස අතරේ.... රට බංකොලොත් වෙනකන් කට පුප වසාගෙන සිටි මහ බැංකුවේ උන්... කන පැලෙන්න පඩි වැඩි කර ගත්තා පමණක් නොව.... උන්ගේ අර්ථසාධකේ පොලියද වැඩි කර ගත්තේය.


එපමණක් නොව ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ පඩි වැඩි කරන්න නම්... වැට් එක වැඩි කරන්න ඕනෑ සෑර් කිව්ව උන්නැහෙත් ඊයේ පෙරේදා රුපියල් 25,000/= කින් පඩි වැඩි කර ගත්තේ.... කොහොමද කියා අහන්න රනිල්ටත් අමතක වෙන්නට ඇතිය.


ණයක් ගන්න බැරි තරමට බංකොලොත් වූ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 සිට ඩොලර් බිලියන 100 ක්ය කියා මඤ්ඤං රිපෝට් එකක් දුන්නේ මේ හාල්පාරුවෝය. දැන් ඒ වැරැද්ද හදන්න ලෝක බැංකුවේ මහ එකා ආවත් බැරිය.


කවදත් සිඳුවනාකාරයට මහ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්නා අස්සේ.... පොඩි උන් පාරට බැහැලා අපිටත් දියව් කියනා එක... එකාතකින් සර්ව සාධාරණය. මන්ද ආර්ථික පීඩනයෙන් වැඩියෙන් බැට කන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවකයා නිසාය. උන්ට ජරාව කෑමට ඉඩක්  හෝ වංචා හා දූෂණයෙන් ලාච්චුවලට සල්ලි වැටෙන්නේ නැති නිසාය.


එක්කෝ බදු ගසා හෝ මොවුන්ගේ ඉල්ලීම් ලබා දිය යුතුය... එසේ නැත්නම් දීපූ උන්ගේ ඒවා නැවත අකුලා ගත යුතුය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය...


.

Oct 25, 2023

රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?




 රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට

පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?

➖➖➖➖➖➖➖➖➖➖😁➖


රටට හොදි ඕනම නැති සයිස් එකට කෙලවෙලා තියෙද්දිත්... මේ ආන්ඩුව මෙන්ම රජයේ නිළධාරිනුත් කෙලින්නෙ අමු පිස්සු විතරමය. 


කෝප් කමිටුවට එන්නේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරීන්ය... උන් ප්‍රශ්ණවලට ලබා දෙන උත්තර හා... උන් මෙතෙක් ගත් තීන්දූ තීරණ ගැන අහනා විට... මේ රට මෙහෙම තිබෙනා එකද පුදුමයක්මය.


මේ ආන්ඩුව ගත් ගොබ්බ තීරණයන්ට හොඳම උදාහරණය සමනල වැවේ ජළය උඩවලව ජලාශයට නිදහස් කළ එකය. 


කංචන බෑම කියද්දී... අමණවීර නම් අමණ ඇමතියා හා විපක්ෂය ගෙනගිය සද්දේට බය වූ ජනාධිපතිවරයා අවසානයේ කළේ.... සමනල වැවේ ජළය නිදහස් කරනා එකය. අන්තීමට ප්‍රථිපලය  වුනේ.... 


▪️ජලාශයන් දෙකටම වතුර නැතිවීමත්, 

▪️කුඹුරු සියල්ල නියඟයට හසු වී විනාශ වීමත්,

▪️ජළ විදුලිය නොමැති නිසා වැඩි මිළට තාප බලාගාර වලින් විදුලිය ලබා ගැන්මට සිඳුවීමත්, 

▪️පන් ගොයියන්ගේ වගා හානී වලට වන්දි ගෙවීමට සිඳුවීමත් පමණි.


කරුමය කියන්නේ... මේ සියල්ල සිඳු වූයේ...උඩවලව ජලාශයේ ජලය කිසිඳු හේතුවක් නැතිව මුදාහැර ඇති බවටත්... ඊට වගකිව යුතු රාජ්‍ය ආයතනයක් හා වෘත්තීමය නිලධාරින් පිරිසක් සිටිනා බවටත්... කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


එහෙත් උන්ට එරෙහිව මේ වන තෙක් ගත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නැති අතර... වගා වන්දි හා වැඩි වූ විදුලි බිල ගෙවන්න උනේ ජහමනයාටය. 


හරි නම් මෙය කපා ගත යුතුව තිබුනේ... අදාල නිළධාරින්ගෙන් හා සේවකයන්ගෙන් හෝ... අකාර්‍යක්ෂම පට්ට දූෂිත සමස්ත රාජ්‍ය සේවකයාගේ වැටුපෙනි.


මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ පොලිටික්කන්ට වඩා රාජ්‍ය නිලධාරීන්ගේ අතේය... ඔවුන් එතරම්ම අකාර්යක්ෂම ජාතියකි... පට්ට දූෂිත ජාතියකි... අමු වංචාකාරයෝය... රජ්‍ය සේවය ලබා ගැන්මට එවන් ආයතනයකට ගොස් ඇති ඕනෑම එකෙක්... මේ ගැන සාක්ෂි දරනවා ඇත.


ආන්ඩුව කළ යුත්තේ... පාඩු පිට පාඩු ලබන... රාජ්‍ය ආදායමෙන් 80% කට දැනටත් කෙලින.. එවන් අකාර්යක්ෂම මළ මූසලයින් පිරිසකගේ පඩි වැඩි කිරීම නොව... 


ඒ වැඩිකිරීමට නියමිත මුදල්... ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් වන.. ඉන්ධන... ජළය... විදුලිය හා ගමනා ගමන ආයතන වෙත යොමුකොට... ජනතාවගේ ජීවන බර අඩුකිරීම මිස... මේ මළ මූසලයින්ගේ පඩි වැඩි කොට ජීවන බර තව තවත් වැඩි කිරීම නොවේ... 


මේ රටට කෙලවූයේ 2015 බලයට පැමිණි යහපාලනයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය රුපියල් 10,000/= වැඩි කොට ඒවා ගෙවාගන්න වැඩි පොලියට සවරින්ග්  බොන්ඩ්ස් මිළදී ගත් නිසාවෙන්‍ය. එම පාලන සමයේ ආන්ඩුව සිඳු කලේ එයම පමණි.


75 වසරක් ට්‍රිලියන් ගනන් ණය වී මොනාද කරේ කියලා අහන උන්ට අපට කීමට ඇත්තේ ... ඉන් 80% කාලා තියෙන්නේ තොපිට ආතල් දෙන්න ගිහිල්ලා කියලාය.


එබැවින් හොම්බෙන් නොව පුපෙන් යන මේ කාළයේ... ආන්ඩුවේ මළ මූසලයන්ට පඩි වැඩි කොට මේ රට කාබාසීනියා කර නොදමන ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ල සිටින්නේ... ආන්ඩුවේ සේවකයෙක් ලෙසම සිටිමින්‍මය.


මේවා ඒ තරම් අකාර්යක්ෂම... දූෂිත... හොර ගුහාවන්මය.


ඒවාට රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව පරිප්පු කන්නට ඕනෑ නැත්තේමය...


ඒ වගත් මෙසේය.....


.