ජේ ආර් මරමු...!!!!
(බම්බුවේ උපාධිය ගැන
අන්තිම පෝස්ට් එක)
➖➖➖➖➖➖➖
ඇත්තටම මට ඒ උසස් අජ්ජාපන ආයතනේ ළදරුවන් තුන් දෙනා ගැන කිසි අහිතක් නෑ.
ඔය වයසෙදි අපි හැසිරුනෙත් එහෙමයි..
එයාලට පාර පනින්නවත් දන්නෙ නැති නිසා රෝඩ් හම්ප් පවා දාලා තිබුනා කාළයක්.. හැබයි මොන්ටිසෝරි ගාව එහෙම නෑ..
ආන්ඩුවට විරුද්ධව ඩෙඟා නටලා උපාධිය අවුරුද ගනන් පස්සට දාගත්තා.
බුද්ධියක් නෑ.
කාගේ හෝ පදේකට නටන රූකඩ.
සිස්ටම් එක කඩාගෙන යන්නේ ඉතා සුළු පිරිසක්.
එහෙම උන් තේරුනත් ඕකට යන්නෙත් නෑ...
හැබයි ඩිග්‍රිය ගන්නවා.
එහෙම ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා..
දේශපාලනය මජරයි කියලා කියන ඔතන ඉන්න අය..
රෙද්ද ඉස්සුවාමත් ඩිග්‍රිය දෙනවා..
මට අවුල තියෙන්නේ, මේක මාර කේස් එකක් කරගෙන, එයින් පිටවුනත් තාමත් කැම්පස් යන පොඩි ළමයි එක්ක..
උන් රට හදන්න යන්නේ මේ වගේ බොලඳ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද?
හෙට මෙයාලා කැම්පස් එක ගිනි තිබ්බොත් ඒකටත් හුරේ දානවද?
88/89 වගේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මරලා දැම්මා වගේ මුරුත්තේටුවේට ගේම දුන්නොත් ඒකටත් හුරේ දානවද?
සමහරක් අය මේ ආන්ඩුවෙන් නොයෙක් තනතුරු බලාපොරොත්තුව ඉඳලා ඒවා නොලැබුන නිසා ආන්ඩුව මොකක් කලත් වැරදියි..
සමහරුන්ට නානාප්‍රකාර හේතු තියෙනවා.. අපිටත් අවුල් තැන් තියෙනවා...
සමහරුන්ට රාජපක්ෂලා දිරවන්නෙම නෑ..
හැබයි උන් නොදන්න දේ තමා ඔක්කොම ආස රාජපක්ෂලා වෙන්න කියන එක. අවුරුදු පහක් අපි ඒක හොඳට දැක්කා..
දැන් මේ ක්‍රියාව නිසා මුරුත්තේටුවේ අස් වෙලත් නෑ.. අනාගතේ දේශපාලන පත්වීම් දෙන එක නවතින්නෙත් නෑ.. කැම්පස් වල ප්‍රමිතිය හොඳ වෙන්නෙත් නෑ... කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.. සියල්ල සති දෙකෙන් අමතකයි...
මේ පාලනය පිස්සු කෙලිනවා නම්, ඒක චේන්ජ් කරන්න ගෝත්‍රික නොවන ශිෂ්ඨ ක්‍රමයක් මේ රටේ තියෙනවා ඒ තමා සර්ව ජන චන්ද බලය.
සිවිලයිසේසොන් කියන්නේ ඒකට...
මේ වගේ සුළු සුළු ආකාරයෙන් පටන් ගෙන 70 දි, 83 දි, 88/89 දි මේ රටේ ලේ ගංඟා ගැලුවා හොඳටෝම ඇති.
ඒ කාළෙත් මේ වගේ සොෆ්ට් ටාගට් වලට ගැහුවා මිසක්, බිග් ෂොට් වලට ගේම් දෙන්න බැරිව අන්තීමේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකේ අල්ලපු වත්තේ පණ පිටින් බාබෙකිව් උනා..
තනියෙන් නෙමේ... මේ වගේ සහලවලා උණ තිබුණ තරුණ ජීවිත 60,000 ක් එක්ක..
ජේ ආර් මරමු කිව්වට, මැරුවේ ගමේ අහිංසක ග්‍රාමසේවක, ඉස්කෝල මහත්තයා, හාමුදුරුවෝ..
මුන්නාන්සෙත් ඒවා කරපු නිසාද මන්දා අද ඒවා මේ ආත්මෙම ලබන්නේ.. 😂😂😂😂
මෙයා ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ තියලා දෙන්නෙක් මැරුවා..
එකෙක් කැම්පස් කොල්ලෙක්..
උගෙ ජීවිතේ ආයේ ගන්න බෑ..
හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..
එතකොට ඒවා විවේචනය කරන කෙනෙක් කොහොමද ...
මේවා උඩ දාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නේ...
මේකට හොඳම උත්තරේ දුන්නේ නිර්මාල් රංජිත් දේවසිරි...
මේක විරෝධතාවයක් නෙමෙයිය..
මේක තනිකරම මධ්‍යම පාන්තික හීනමානය ප්‍රදර්ශණය කිරීමය කියලා..
හොඳින් නිරීක්ෂණය කරාම බුකියේ මේක වර්ණනා කරපු හැම එකාම ඒ පන්තියේ කියලා පැහැදිලිවම පේනවා...
එයාලා කොච්චර උඩ ගියත්,
තාම ඉන්නේ පහළ...
දැන් මා එක්ක තව පිරිසක් තරහා වෙයි..
ඒකේ කිසි අවුලක් නෑ...
ඇත්ත ලියලා පැත්ත ගියත්..
මට නම් කිසිම අවුලක් නෑ..
ඩිග්‍රිය ගත්තට පැඩිග්‍රිය දෙන්න බෑ...
මේවට උසස් අධ්‍යාපන ආයතන කිව්වට...
ඒවයෙන් පිටවෙලා සෑහෙන කල් ගියත්
මනසින් උසස් වෙලා නම් නෑ....
තාමත් ගෝත්‍රිකයි...
එන්න අපි
ජේ ආර් මරමු....!!!
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත්මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ගුණ දේවා...
උසස් අධ්‍යාපන ආයතන තුලින්
උසස් මිනිසුන් බිහි වේවා...!!!!
(මේවගේ ඒවට ලැයික් කොමෙන්ට්ස් හහා අඩුයි....
මොකෝ නිර්වස්තරෙන් ගොඩ වෙලා ගියා කියලා මාට්ටු නේ..)