.

.
Showing posts with label Eggs. Show all posts
Showing posts with label Eggs. Show all posts

Apr 2, 2024

බිත්තර මාෆියාවට කෙලවීම, ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

 


බිත්තර මාෆියාවට කෙලවීම,

ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා

රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඊයේ පෙරේදා පාඨළී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අපූරූ හෙලිදරව්වක් කලේය.. මේකෙන්... මුදල් ඇමතිලගෙ, වෙළඳ ඈමතිගෙ, රේගුවේ, ඉන්කම්ටැස්සෙකේ වගේම පාරිභෝගික අධිකාරියේ උන්ගෙත් රෙදි ගැලවිලාම ගියේය.


ඒ..... බී ළූණූ, හාල්මැස්සෝ, කරවල සහ මුං ඇට ලංකාවට ගෙනත් විකුණලා තියෙන්නේ තුන් ගුණයක් ලාභ (300%) තියාගෙනෙයි කියලාය. මේක පාර්භෝගීකයා අමු අමුවේ සූරාගෙන කෑමක්ය. මේ ලාභය වෙළෙන්දා තනියෙන් භුක්ති විඳින්නේ නැතිය. ඈමතිවරුන්ට වගේම... අමාත්‍යංශ හා අදාල ආයතනවල නිළධාරීන්ද සම්මා ආජිවයෙන් මෙව්වා බෙදා හදා ගන්නවාය.


හොඳම උදාහරණය කෙහෙළිය සහ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් වැලිකඩ ගියේකය. ඒ යැව්වේ නිකන් නෙමේය. විවිධ සංවිධාන හා ජනතාව නොකඩවා කළ පැමිණිලි සහ උද්ඝෝෂණ හේතුවෙන්ය.... විශේෂයෙන් මේ වගේ ව්‍යසනයක් පවතින වෙලාවක ගසා කෑම හරි ලේසිය. 


මම නම් කියන්නේ පාඨලීලා කරන්න ඕනා... ඕක හැන්සාඩ් ගත කරන එක නෙමේය. මේ පඩත්තලයින්ට එරෙහිව අධිකරණයට ගිහින් මුන්ව හිරේ යවනෙකය. ඒවා නිකන්ම ජනප්‍රසාදය හිමි වෙන වැඩය.


බිත්තර ප්‍රශ්ණයටත් රනිල් මැදිහත් නොවන්න... මාෆියාව කිව්වා වගේ අද වෙන කොට බිත්තර කන්න  වෙන්නේ රුපියල් 100 ටය. රනිල් මැදිහත් නොවන්නට, අර ඉන්දියන් බිත්තර වලට ලෙඩේ ඇද්ද පඩත්තල පර ගෑණී වගේ... මුන් ඔක්කොම මාෆියාවේ ජරාව කාලා සද්දෙ වහලා ඉන්නවාය.


රුපියල අවප්‍රමාණය වීමයි එක්ක උද්ධමනය 70% - 80% ට යන අතරේ... රුපියල් 15 ට 20 ට බිත්තරේ දෙන්න බෑ කියලා මාෆියාව හා බිත්තර ගොයියා කියපු කතාව  සහතික ඇත්තය. එකක්... ඒ මිනිස්සුත් අනික් බඩු භාණ්ඩ ගන්න ඕනෙකය. අනික නිශ්පාදන පිරිවැයය.


හැබයි 60 - 70 ට ගාන උස්සලා මාෆියාව කළේ වැහි නැති හෙණ පාත්වෙන වැඩක්ය. ඒ කාළෙත් උන් බිත්තර ගොයියගෙන් බිත්තරේ ගත්තේ 25 -:28 ටය. 65 -70 ට වික්කේ ඒකය.. 100% වඩා ලාභයක් කෙලින්ම මාෆියාවටය.


මාතලන් එදත් තර්ක කළේ... උපරිම ලාභයත් එක්කම බිත්තරේ 35 ට දෙන්න පුලුවන් කියලාය.  හැබයි මේ මාෆියාවෙන් ජීවත් වෙන මූසල පක්ෂ විපක්ෂ දේශපාලුවෝ විශාල පිරිසකුත් ඉන්නවා‍ය. ඒ අතරේ ජෙප්පොත් ඉන්නවාය. අපි ලිව්වේ ඉන්දියාවෙන් ගෙනත් 30 ට දෙන්න පුලුවන්‍ය කියලාය. එදා හැම එකාම මට හිනා වුනේය.


රනිල් ඉන්දියාවෙන් බිත්තර ගේන්න තීරණය කළේ ඒ අතරේය. ඒකට කෙලින්න මාෆියාව කළේ අර මොකක්ද ආයතනයේ පඩත්තල ගෑණිත් අල්ලගෙන දාන්න පුලුවන් ලෙඩ ඔක්කෝම දැමීමය. ඉන්දියාවේ කිකිලියන්ට උණක් තිබෙනවා යැයි කිව්වේය. ගෙනා බිත්තර වරායේ කුණු වෙන්න ඇරියේය. මේවාට ජෙප්පෝ කටක් නම් ඇරියේ නැතිය.


අන්තීමට ඒ හොර ගෑණිගේ ඇපෲවල් එක ගන්න ඒ හැතිරිය කැබිනට් එකට ගෙන්නන්න වුනේය. රනිල් අසමෝදගම් දුන්නේය. එතනින් ඒ කිකිළියගේ උණ රෝගය නිට්ටාවටම සුව වුනෙය. මිනිස්සුන්ට ඉන්දියන් බිත්තරේ රුපියල් 35 ට ලැබුනේ ඉන් පස්සේය.


බිත්තර මාෆියාවේ බිත්තර කෑවේ සුපර් මාර්කට් ක්‍රව්ඩ් එක විතරය. සාමාන්‍ය ජනතාව සතොසට ගිහින්... සිත් සතොසින් බිත්තර අරගෙන... බෝ සතුටින් ඔම්ලට් දාලා කෑවාය. දැන්... බිස්නස් එකට කෙලවෙච්චි මාෆියාවට මේ අවුරුදු කටේ උන්ගේ බිත්තරේ 36 ට දෙන්න වුනේය... මාර පව් නේදය....


දැන් ඒකට ජෙප්පන්ටයි... ජෙප්පෝ ගෙනත් කෙලත් නැතිව ඇරගන්න ඉන්න උන්ටයි... ජුවල් ගිහින් 15 ට බිත්තර ඉල්ලනවාය. උන්ට කියන්න තියෙන්නේ.... අනුර කුමාරයා බලේට ආවම... රුපියල් 15 ක් පක්ෂ අරමුදලට දාලා.... අනුරගේ බිත්තරේ කටේ දාගනින් කියලා.


ආන් එහෙම සහෝදරයෙක්ගේ බිත්තරේ කටේ දාගන්න ගිය... එක මිටට දර මිටි බඳින්න ගිය සඕදරියක්... ආදරේ දෝරේ ගලලා .... කෙලින්ම ස්වර්ගෙටම ඇරලා තිබුනේය....


බිත්තරේ කතාව නිමීය....

.

Aug 20, 2022

රාජ්‍යයක් අවශ්‍ය කුමටද?

 


රාජ්‍යයක් අවශ්‍ය කුමටද?
➖➖➖➖➖➖➖➖➖

ටික දිනකට පෙර රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුය කියා ලියූ වෙලේ, රාජ්‍යයෙන් පිනට කෑ වුන් මෙන්ම තාමත් කන බොහෝ පිරිසක් මා සමඟ උරණ වී අපේ අම්මා මතක් කළ අතර, සමහර උන් දුරකතන ඇමතුමක් දී ඒ පින අනුමෝදම් කළ බව කියන්නේ බොහෝ සතුටින්මය.

දියුණු සමාජයක රාජ්‍ය විසින් සිඳු කළ යුතු රාජකාරීන් බොහෝ සීමා වී ඇති අතර, එවන් දියුණු රාජ්‍යයන් පාලනය, තරුණ ප්‍රජාවට බාර වී ඇත්තේ, ආර්ථික සංවර්ධනයෙන් පමණක් නොව ආකල්පමය අතින්ද සංවර්ධනය වී ඇති නිසාය. 

ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව ඉතා සරළ බසින් අපට කියාදෙන අරුණි ශපිරෝ මහත්මියගේ ළිපි, ලෝකය ගැන දැනගැනීමේ පිපාසාවෙන්න් පෙලෙනා අප වැනි ළිං මැඩි ගෝත්‍රික ප්‍රජාවකට මහා රුකුලක් වන්නේමය.

සමහර මෝඩයන් එවේලේ කිව්වේ, පාර්ලිමේන්තුවද පෞද්ගලීකරණය කරනා ලෙසය. රාජ්‍යයක පැවැත්මට, ආරක්ෂාවට මෙන්ම, හදිසි හා ස්වභාවික විපත් වලදි උදව් උපකාර සහනාධාර ලබා දීමටත්, සියල්ල අධීක්ෂණයට හා නිරීක්ෂණයටත් (දත්ත පවත්වාගෙන යාමට), නීතිය හා සාමය සුරැකීමටත්, ආගමන විගමන ගටයුතු මෙන්ම විදෙස් සබඳතා සඳහාද යම් යම් ආයතන, රාජ්‍ය සතුව පැවතීම අනිවාර්‍යය. 

එහෙත් රාජ්‍යය බිස්නස් කරන්නට යාමෙන් අවසානයේ සිඳුවන්නේ කුමක්ද යන්නට හොඳම උදාහරණයක් අවශ්‍ය නම් ඒ වෙන කිසි රටක් නොව, මේ අපේ ධර්මද්වීපයමය.
මේ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලිවීම කියවන ඔහේලාටත්, ලියන මටත් පට්ට බෝරින් වැඩක් නිසා ඒ තැටිය නැවත වාදනය කරන්නේ නැතිය.

එසේ බිස්නස් වලට නොගියත්, පෞද්ගලික වෙළෙන්දා පාරිභෝගිකයා හූරාගෙන කෑමට එරෙහිව රාජ්‍යය අනිවාර්‍යයෙන් මැදිහත් විය යුතුමය. පාරිභෝගික අධිකාරියක්, පොලීසිය හා අධිකරණය තියෙන්නේ ඒකටය, ඒවායේ ඉන්නා උන්ට පඩි නඩි හා දීමනා ලබා දෙන්නේ ඒකටය. ඊට පිලියම නැවත ආන්ඩුව බිස්නස් කරන්නට යාම නොව, වෙළඳපොල විවෘත කිරීමය.

වෙළඳ ඇමතිවරයා කරන්නේ මේ වැඩේය. දැන් හාල් මාෆියාවට මෙන්ම වී ගොවි මාෆියාවටද කෙල වී හමාරය. බිස්කට් කාරයන්ට කෙලවෙලාම ගියේය. එමෙන්ම බිත්තර වලට පාලන මිළක් දැමීමද, බිත්තර ගොයියෝ ලෙඩේ ඇද්දොත් පිට රටින් ගෙනත් දෙන බව කී එකද ග්‍රේට් වැඩය. 

හැබයි මේවා කිව්වා වගේම කරන්න කංචනට වගේ හයිය පිට කොන්දක් තිබෙන්නටත් ඕනාය. බිත්තර මාෆියාවට බය වී, බය ඝෝඨා මෙන් ගහන ගහන ගැසට් අකුලා ගන්නා හාල්පාරු ගොබ්බ පාලකයන්ට අවසානයේ සිඳු වූයේ කුමක්ද යන්න, සහනාධාර උඩ දමන කොයි ගොබ්බ දේශපාලුවාටත් හොඳ පාඩම්මය.

දැන් නන්දසේන වෙනුවට ඇවිත් ඉන්නේ නන්දලාල්‍ උන්නැහේය. එයා රටෙ ආර්ථිකය යහපත් තත්වයකට ඇවිල්ලැයි කිව්වාට, ජනතාවගේ ආර්ථික තත්වය නම් තියෙන්නේ අම්මාට හැමිනිලාය.

එයා මේ කළුකඩ මාෆියාවට එරෙහිව අද වනතෙක් කටක් ඇරිලා නැතිය. එයාගේ තියරිය අනුව, රටේ සල්ලි පිටරට යන නිසා, එයා ඉන්නේ දේශීය ව්‍යවසායකයා, නිශ්පාදකයා හා ගොයියා මෙයින් වාසි ගන්නා කූට ව්‍යාපාරිකයින් මෙන්ම පන් ගොයියා කරන්නේ පාරිභෝගිකයා හූරාගෙන කෑමය.

නන්දලාල්ලාට නම් සල්ලි නැති වුවහොත්, සල්ලි අච්චු ගහලා එයාගේ පඩිය ගන්නට පුලුවන් උනාට, අපි සල්ලි අච්චු ගහන්න ගියෝතින් ඒක නීතී විරෝධියි කියා අච්චු කරන්නේත් එයාලාමය.

ඒ නිසා එක්කෝ අපිටත් මනී ප්‍රින්ටින් වලට අවසර දෙන්නට ඕනෑය. එහෙම නැත්නම්, කළු කඩ කාරයන් හා පන් ගොයියන් කෝටිපතියන් කරන්නේ නැතිව, සාධාරණ මිලකට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ටික අපට ලබා දිය යුතුය.

රාජ්‍යයක් හා පාලකයෝ ඉන්නේ ඒවාට මිස, ප්‍රෙස් කොන්පරන්ස් තැබීමටවත්, බෝධි වන්දනාවලට හෝ අටමස්ථාන නමදින්නටත් නොවේය.

ජනතාව දැන් ඉන්නේ ඔය විගඩම් දැකලා ඇතිවෙලාය. දැන් උන්ට ඕවාට කේන්ති යන්නේ නැතිය. දැන් උන් ඒවා දැක්කාම කරන්නේ, හිකෙන් පුනාවෙන එකය.
.
.
ඒ වගත් මෙසේය.........

©® Priyantha Hewage Maathalan 
.