.

.
Showing posts with label Artists. Show all posts
Showing posts with label Artists. Show all posts

Apr 19, 2026

කලාව කියන්නෙත් බඩ රස්සාවක්

 


කලාව කියන්නෙත් 

බඩ රස්සාවක්

➖➖💀💀💀➖🔸


කලාකාරයෝ රටට හරි... ජනතාවට හරි... විශේෂයෙන් කලාවට හරි සේවයක් කරයි කියලා හිතන්නේ..... 

ජෙප්පො රට හදයි කියලා රැවටුන ගවයොමයි. 

නන්දා මාලනීට රැවටිලා ටයර් උඩ ගිනිගත්‍ත අම්බරුවොමයි....


ඒක ඇවිත් ඕකුන්ගේ රස්සාව....

ඒකෙන් තමා උන් ජීවත් වෙන්නේ....


ඔය අද ආන්ඩුවට රෙදි නැතිව කඩේ යන උන්.....


හෙට ආයෙත් නාමල් සිහසුනේ ඉන්දන්න 

කුමාරයානනි 

දැයේ කිරුළ හිමි

ඔබ අපගේ ජීවේ....

වගේ සින්දු ලිව්වොත්.....

කැම්පේන් ටීම් වල උන්නොත්.... 

උඹලා සියදිවි නසාගන්න එපා....


ඒ උන්ගෙ රස්සාව...

උඹලා උන්ට කන්න දෙන්නේ නෑ නේ....


ලාල් කාන්තලාගෙයි.... 

රන්ත ශ්‍රීලගෙයි වෙනසක් නෑ.....


කලාව වෙනුවෙන් කලාව කළේ ඉස්සර හිටපු උන්....


උන් මළා


#මාතලන් 


.

Jan 11, 2023

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

 


අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk


අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, 1 කමෙන්ටුවේ තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න. 


ඔව් ඉතින්, අරගලය කියන්නෙ එක ආඛ්‍යානයක් නෙමෙයි. ඒ නිසා හසිනි හපුතන්ත්‍රිට හෝ සංජන හත්තොටුවට ඒ ගැන ආඛ්‍යානයක් නිර්මාණය කරන්නට නිදහස තිබෙනවා. ඒ ගැන නිර්ප්‍රභූ කොටස්වලට වෙනත් ආඛ්‍යානයක් තිබෙන්නට පුළුවන්. ඒත්, ඔවුන්ට තිබෙන භාෂාමය හැකියාවන්, ආර්ථික හැකියාවන්, සම්බන්ධතා මත පදනම්ව නිර්මාණය කරනු ලබන ආඛ්‍යානය හරහා ඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන ලෝකය දිනාගත හැකිද? 


ඒකට හේතුව ඔවුන් අපේක්ෂා කරන සංස්කෘතික ලෝකයත් අවසානයේදී හසිනිලා, සංජනලා ආධිපත්‍යය දරන ලෝකයම වීමයි. 


මේ දවස්වල මං වෙලාව තියෙන හැටියට ශෙහාන් කරුණාතිලකගේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා කියන බූකර් සම්මාන දිනූ නවකතාව කියවනවා. එය ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කරන්නට තවම බැරිවුණත්, මට හිතෙන දෙයක් වන්නේ ඒ ලංකාව බටහිරට රිසිපියකට අනුව උයා සරසා ඉදිරිපත් කරනු ලබන දීසියක් බවයි. එහි තිබෙන්නේ ලාංකික රස නොවේ. එහෙත් ලාංකික නම එහි ඇත. හරියට ලංකාවේ විකුණන චයිනීස් කෑම වගේය. ඒ වනාහි ලාංකීය රසයට සැකසූ චීනයකි. ශෙහාන් කරුණාතිලක බටහිරට අවශ්‍ය විදියට උයන්නට දන්නා කෝකියෙකි. හසිනි හා සංජන වැනි අයත් එවැනිය. එහි කිසිදු වරදක් නොමැති බව ද කිව යුතුය. 


කලාවේ අරගලය වැදගත් වෙන්නේ එතැනදීය. කලාවේ අප කරන අරගලය කුමක් විය යුතුද? අප ලාංකීය දූපත් කලාවේ සීමාවන්ගෙන් නික්මිය යුතුය. එහෙත්, අපට ලාංකික කලාවක් ලෙස ලෝකයට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ බටහිර කොන්ඩිමන්ට් දමා රස කළ ලාංකික අමුද්‍රව්‍ය පමණද? අපට අපේම මිරිස්, තුනපහ, ගොරක, සුදුළූනු, රම්පෙ, කරපිංචාවලින් පිස ලෝකයට අපේ දීසියක් පිරිනමන්නට බැරිද? අප එය කළ යුත්තේ බටහිර හයිය තියෙන සංස්කෘතික ප්‍රභූන් අපට නිර්දේශ කරන ඔවුන්ගේ සංස්කෘතික සීමා තුළ රැඳෙමින් විතරද? 


මා සිටින්නේ අරගලයකය. මගේ කලාවේ අරගලය තුළ මා මුලින්ම උත්සාහ කරන්නේ කලාවේ ඊනියා ප්‍රභූන්ගේ ආර්ථික ආධිපත්‍යයෙන් ස්වායක්ත වීමටය. එය දුෂ්කර අරගලයකි. ඔබ පරාජය වීමට තිබෙන අවස්ථාව ජයගැනීමට තිබෙන අවස්ථාවට වඩා වැඩිය. එහෙත්, ඔබේ ස්වෛරීත්වය තුළින් මිස ඔබට ඔබ සැබැවින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරිය. ඔබ යම් ආකෘතික හරඹයක් කර අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සිදුකරනු ඇත. එහි කිසිදු වරදක් නැති බව ද කිව යුතුය. ශෙහාන් කරුණාතිලක කර තිබෙන්නේ එය යයි මට සිතේ. එහෙත්, බූකර් සම්මානය දිනාගෙන ජාත්‍යන්තර ලේඛකයකු වන්නට පෙර චයිනමන් තුළින් ඔහු විෂධ කළ සැබෑ තමා ඔහුට අහිමි වී ඇතැයි මට සිතේ. මෙය කලිනරි ආටිස්ට් කෙනෙකු හා කෝකියකු අතර තිබෙන වෙනස වැනිය. චයිනමන්හි සිටියේ කලිනරි ආටිස්ට් කෙනෙකි. 


කලාවේ මගේ අරගලය තුළ මා මුලින්ම කරනුයේ මා කලාකරුවකු නොවන බව  තහවුරු කරගැනීමේ අන්ලර්න් කිරීම හෙවත් ඉගෙනුම් හරණයයි. කලින් මහත් ආශාවෙන් ගොඩනගාගත් අනන්‍යතාවන් සියල්ල අතහැර දමා පල් මෝඩයකු බවට පත්වීමයි. දේශපාලනය සම්බන්ධයෙන් ද මා කරන්නේ එයයි. මට ගැලපෙන ඇඳුම මගේ අතින්ම සැලසුම් කරගැනීමට මම කැමැත්තෙමි. කලාවට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රකාශන ආයතන ටේලර්ලාට ඕනෑ විදියට මා වෙනස්කර නොගෙන සිටින ශක්තිය ගොඩනගාගැනීමට මම උත්සාහ කරමි. 


ඊට පෙර මා මගේ නිරුවත ගවේශනය කළ යුතු යයි සිතමි. මගේ උදරය විශාලය. එහෙත්, මට තවමත් දණහිස නොනමා බිමට නැමී අල්ල පවා බිම ගෑවිය හැකිය. බටහිර ශාරීරික කලාවේ නිර්ණායක අනුව මම බඩ මහත කළු, කැත, කොණ්ඩා රැවුල් සුදු වුණ, නාකි, රෝගී මිනිසෙක්මි. මා දැන් සික්ස් පැක් බොඩිය ඇති, ළා පැහැති සමක් ඇති, කොණ්ඩා රැවුල් කළු මිනිසෙකු විය යුතුද? 


සමාජ මාධ්‍යවල බොහෝ අය කරන අන්දමින් මා ද ඇප්වලින් පිරිපහදු කරගෙන මගේ රූපය සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කළ යුතුද? මම එසේ නොකරමි. මට ඔබ රැවටීම පහසුය. එහෙත්, රැවටීම උස්මුරුත්තා වන තත්වයකි. අවසානයේ මා ද රැවටීම සාමාන්‍ය උරුමයයි. මම අරගලකරුවෙක්මි. මා උත්සාහ කරන්නේ කැත හා ලස්සන ගැන දැක්ම වෙනස් කරන්නටය. මගේ කලාව නැවත ආරම්භ කරන්නට උත්සාහ කරන්නේ එතැනිනි. මට එය නොහැකි වනු ඇත. එහෙත්, මා කලාවේ මගේ අරගලය තුළ සිටිමි. ඒ බව මේ ලිපියෙන් ඔබට කීවෙමි. 


අරගලයට ආපසු ආවොත්, මට කියන්නට තිබෙන්නේ ඊනියා අරගලය තුළ කලාවේ අරගලය වෙනුවට නැවත වටයකින් පැරණි ආධිපත්‍යයන් නැවත තහවුරු වී තිබෙන බවයි. 'අරගලය' තුළ ඇත්තෙන්ම අරගලයක් තිබුණාද? නැතිනම් සිදුවුණේ පැරණි බල සම්බන්ධකම් නැවත ආකෘතිගත වීමද? අරගලය ඇත්තේ 'අරගලයෙන්' පිටත යයි මම 'අරගලය' මැදදීම සිතුවෙමි. මා නිවැරදි යයි මට විශ්වාසය. වර්තමානයේ මා දකින වැදගත්ම දේශපාලනික අභිමතාර්ථය 'අරගල' අනන්‍යතාවෙන් මිදීමය.

Mar 25, 2018

සිස්ටම් වෙනස ගැන විවිධ මත - Lets talk about the System Change



තුමිදු දොඩම්තැන්න කියලා කූඹියෙක්, ජනප්‍රිය නළුවා සම්මාණය දිනා ගැනීමට වඩා, සම්මාණය ලබා ගනිමින් ඔහු කළ අදහස් දැක්වීම, සමාජයේ බොහෝ කතා බහට ලක් වෙලා. ඔහු මෙහෙම කියනවා...

Aug 11, 2016

විජය නන්දසිරි හා කළාකරුවකුගේ යුතුකම - The Responsibility of the Artist & Vijaya Nandasiri



විජය නන්දසිරියන් ගැන මාතලන් කිසිවක් දඩි බිඩියේ ලියන්නට උන්නේ නැත. එයට හේතු කීපයක්ම තිබිනි. කලබලයේ ලියනා ළිපියක බොහෝ වැදගත් දෑ ගිලිහි යා හැකි නිසාත්, එමෙන්ම ඔහු පිළිබඳ අප නොදන්න දෑ, වෙනත් අයගේ ළිපි තුලින් අහුලා ගත හැකි නිසාත්ය. එමෙන්ම තවත් ප්‍රධාන හේතුවක් වූයේ, ඔහු පිළිබඳ අන්සතු දිනපොත ලියනා, අමිල චතුරංගගේ මගුලක් කතාකරනවා, විජය නන්දසිරි යන ළිපියයි. ඒම ළිපියේ මා ලිවීමට සිටි කරුණු සියල්ලම වාගේ ඇතුලත්ව තිබූ නිසාත්, තවත් බොහෝ බ්ලොග් කරුවන් ඔහු ගැන සටහන් තැබූ නිසාත්, විජය ගැන ළිවීම පසුවට තැබුවෙමි.

Oct 29, 2015

රුවන්ගිගේ තනේ...., රට පුරාම වැනේ... (23+) - Ruwangi's Cleavage



යුරේනිගේ පෑන්ටී කේස් එකේ රස්නේ නිවෙන්නත් කලින් අම්මට සිරි ලංකාවේ සදාචාරවාදී (අමු වනචර) සත් ගුණවත් මහත්වරුනට (ගෝත්‍රික රැලට) තවත් ටොපික් එකක් මාට්ටු වෙලාය. යුරේනිගේ පෑන්ටිය අස්සේ රිංගු මේ ගෝරිල්ලන් රැල, මේ වර එල්ලෙන්නේ නව පරපුරේ සුන්දර නිලියක් වෙන රුවන්ගිගේ තන් දෙකේය. එහෙම එල්ලෙනා උන් රුවන්ගිගේ මේ පොටෝ එක දැකලා නැති උන් වෙන්න ඕනාය. ඕකේ නම් ඊටත් වඩා එව්වා මාතලන්ට නම් පේනවාය.

Mar 25, 2015

මාස්ටර් සෑර්... නිව් වර්සොන්.. - Master Sir..., New Version


මැදමුලනේ, ගමේ උන්ගෙන් බේරිලා ඉන්න බැරි නිසාත්, කාල්ටන් එකේ, කතරගම යන කාළකන්නින්ගේන් බේරිලා ඉන්න බැරි නිසාත්, සසර කළකිරි සිටින මහින්ද මහත්තයා, මේ කුණු සසර කතරින් එතෙර වීම සඳහා, මහ රහතුන් වැඩ වෙසෙන නාරාහේන්පිට අභයාරාමයේ භාවනානූයෝගීව සිටීමට තීරණය කළද, දැන් එතෙනටත්, ප්‍රාදේශීය වල මිනීමරුවෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, බඩු කාරයෝ කඩා පැන, එතුමාගේ උතුම් වූ ඒ ප්‍රාර්ථනාවට බාධා කරනවෝය.

Dec 29, 2014

සල්මාන්, සමනලී හා බලු පූට්ටු... - Salman, Samanalee & Dog Mating


ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.

Nov 30, 2014

නළාකරුවන්ගේ ඔපෙරාව - Opera of Bards

 
රජ ගෙදර රිලවුන්,
රටම කෑ සුනඛයින්,
කටු ලෙවන බැල්ලියන්,
මෙන් ගිරිය පුප්පා....
"මර හඬ" නඟා අසති,
රැඟුම් දැක, වැයුම් දැක,
ගැයුම් උන් සවන වැක,
වශීවු ජනයගෙන්,