.

.

Mar 31, 2018

දීප්තී අභියෝග කළ යුත්තේ වීරවංශට නොව මාධ්‍ය මාෆියාවටයි




දීප්තී කුමාර ගුණරත්න මාතලන් ප්‍රිය කරන චරිතයක්. x - කන්ඩායම තුලින් ඔහු ගොඩ නගපු සමාජයේ සාමාජිකයෙක් මාතලන්. ඔහු වගේ අය තමයි මේ සමාජයට අවශ්‍ය කරන්නේ. ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය උන වැඩසටහනක ඔහු අභ්යෝග කරනවා විමල්ට. ඔහු හා සංවාදයකට එන්නෙයි කියලා. හේතුව ඔහු වපුරන බොරු හේතුවෙන්. එහිදි ඔහු මාධ්‍යටත් ඇඟිල්ල දිඟු කරනවා. මේ පචෝරිස්ලා වීරයෝ කරන්නේ මාධ්‍ය කියලා. ඒක සහතික ඇත්ත. මාතලන්ගේ විශ්වාසය නම්, මේ රට මේ තරම් කාළකන්නි රටක් කිරීමේ සම්පූරණ වගකීම යන්න ඕන මාධ්‍යයට කියන එක. 

Mar 27, 2018

වාහන ගිල්ලීම, රථ ගාය හා රජයේ නොහැකියාව - Sinking Government with bloody fools




අපි පොඩි කාළේ ඉස්කෝලේ ගිය වෑන් එකේ අංකල් කාරයා ළඟ වෑන් කාර් එකක් තිබුනේය. ඒකට කවුරුත් කිව්වේ ජේ ආර් ගේ කාර් එක කියලාය. කවුරුත් කිව්වේ ඒක ජේ ආර් පාවිච්හි කරපු කාර් එකෙයි කියලාය. ඒක ඇත්තද කියන්න දන්නේ නැති උනත් මේ කතාව මතක් උනේ මේ මී හරක් ආන්ඩුව කාර් වගයක් හා නැවක් මූදේ ගිල්ලවපු සීන් එක දැකලාය. කාර් 25 ක් හා කේ පී ගේ නැවක් මේ ලෙස මූදූබත් කරනවා කියා නිව්ස් එකේ ගියේය. මෙසේ මූදූ බත් කොරන්නේ මේ රටේ බත් කන ජනතාවගෙන් ගත්තු සල්ලිය.

Mar 25, 2018

සිස්ටම් වෙනස ගැන විවිධ මත - Lets talk about the System Change



තුමිදු දොඩම්තැන්න කියලා කූඹියෙක්, ජනප්‍රිය නළුවා සම්මාණය දිනා ගැනීමට වඩා, සම්මාණය ලබා ගනිමින් ඔහු කළ අදහස් දැක්වීම, සමාජයේ බොහෝ කතා බහට ලක් වෙලා. ඔහු මෙහෙම කියනවා...

Mar 24, 2018

- මාතලන්ගේ පත්තරේ - All inclusive E paper



ආ එන්නේ එන්නේ.... 
ගන්නේ ගන්නේ.. 
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ... 
සතිපතා.. දිනපතා.. ඔබ පතා.. මා පතා..
එක එකා රසට ගොතා
තැන තැන ලියන කතා
ලට්ට ලොට්ට
කුණුහබ්බ
අරක මේක
ඔක්කෝම දාලා
අමු අච්චාරුවක් වගේ පත්තරයක්..
ඇඩ් නෑ.. මොඩ් නෑ.. 
ලියන උන්ගෙන් කිසිඳු අවසරයකින් තොරව..
දැණුම් දීමකින් තොරව..
ගෙඩිය පිටින් එහෙම්මම දාන පත්තරේ...
අද ඉඳන් කියවන්න...
බුකි (Facebook) යන්නැති උන්ට බුකි ආතල්.. 
බොග (Blog) දාන්නේ නැති උන්ට බොග ආතල්..
ට්වීට් (twitter) ගාන්නේ නැති උන්ට ට්වීට් ආතල්..
අර කතා මේ කතා
කයි කතා දුක කතා 
ආතල් කතා 
පිස්සු කතා 
ඔක්කෝම එක ගොඩේ..
අද ඉඳන් කියවන්න..
එන්න... ගහගන්න මරාගන්න..
කුණුහබ්බ කියන්න
වාරණ නැති.. කාරණ ඇති..
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ...
පහළ ලින්ක් එකෙන් ගිහින් 
අරගන්න කියවන්න
ක්‍රෙඩිට් කාට්, මනී ඕඩර්, චෙක්, මනී
මක්කත් එපා...
මයේ අම්මපා 
තනිකර නොමිළේ.....

- මාතලන්ගේ පත්තරේ -  
(අකුරු උඩ මීයා (Mouse) දෙසරයක් ඔබන්න..)

Mar 23, 2018

සමානාත්මතාවය, සමලිංගික සේවනය සේ දකිනා මී හරක් - Think Equal, LGBT and Buffalo




ඕනෑම දේකට බයවෙනා ෆෝබියා කාරයෝ ලෝකයේ වැඩියෙන්ම ඉන්නා රට කුමක්ද කියා සමීක්සොනයක් කරනවා නම්, අම්මට සිරි ලංකාව ඒ සමීක්සොනයේ මුලටම ඉන්නා රට ලෙස කප් එක ගන්නා බව මාතලන් කියන්නේ අදක ඊයෙක සිට නෙමේය. තමන් විසින් මවා ගන්නා ෆෝබීයාවන්, ප්‍රසිද්ධ මතය ලෙස ඉදිරිපත් කොට තහවුරු කීරීම ජයටම කෙරීගෙන යන්නේ, මේ ආන්ඩුවේ ඇති අකාර්යක්ෂමතාවය මෙන්ම, ගස් ගල් වඳිනා නායකයින්, පාලකයින් ලෙස පත් කරගෙන සිටිනා නිසාවෙන්මය.

Mar 21, 2018

දානය, සම්බල හා කසීර - Alms giving, Sambol & Sahan Kaseera



මහමෙව්නා උයනේ වැඩ වාසය කරනා, කිරිබත්ගොඩ ඥානානන්ද මහ රහතන් වහන්සේ, අන් ආගමිකයින් විසින් පිලියෙල කරනු ලබන දානමය ආහර පිලිගැන්වීමෙන් වළකන ලෙසට නිකුත් කළ සංඝ ආක්නාවක්, මේ දිවල බුකියේ කට ගැස්මට එකතු කර ගෙන ඇත.. 

පහත පළවන්නේ, ඒ පිළිබඳ සහන් කසීර වික්‍රමසිංහ තැබු සටහනකට මා දැමු කොමෙන්ටුවකි, සහන් කසීරගේ පෝස්ටුවද පහතින් පල වේ....

Mar 18, 2018

කූඹී හා ලාංකිය දේශපාලනය ගැන මගේ සත පහ - Koombiyo & Siri Lanka Politics



කූඹී ගැන අප දැන ගත්තේ කුඩා කාළයේය. ඒ ගැන මම කලින් ලියා ඇති මුත් මෙතනත් නැවත ලියමි. අපි කුඩා කාළයේ ගෙවල් වලත් කූඹී උන්නෝය. තාත්තා දකුණේ නිසා උන්ට කිව්වේ කොඬයෝ කියලාය. කළු උන්ට කිව්වේ කළු කොඬයෝ කියාය. කූඹින් ගැන කවිය අපට කියා දුන්නේ ආච්චි අම්මාය. එය කූඹියෝ ටෙලි ඩ්‍රාමාවේද තේමා ගීතය විය. එහෙත් ඊට එකතුකල තනුව හා ගායනය සියල්ලෝම වැළඳ ගත්තේය. ඔය ක්ළු කූඹීන්ගේ බිත්තර සුදු ඒවා විය.

Mar 16, 2018

තම්බි මරක්කල, දෙමළ හින්ගල හා මහසෝන් තලෙයිබාන්

Buddhapriya Mahathero, the second-high priest of the monastery, said that he did not support the persecution of Rohingya Muslims in neighbouring Myanmar. 'We don't support violent activities against them [Rohingya].' MAHMUD HOSSAIN OPU/AL JAZEERA

ඉහත ඡායාරූපයේ ඇත්තේ, මියන්මාරයෙන් පලා ආ රොහින්යා සරණාගතයින්ට, නෝම්බි සමයේ දිනපතා ඉෆ්තාර් බෙදා දුන් පන්සලක, අනුනායක හිමි නමක්, මුස්ලිම් දැරියකට, එසේ ඉෆ්තාර් බෙදා දෙන අවස්ථාවක්ය. අපේ රටේද මෙසේ පැමිණි රොහින්යා සරණාගතයින් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වූ බවද, ඒ පිරිසට බුදු සරණ කෙසේ වතුදු අබ සරණම අත් වූ බවද, උන් වෙනුවෙන් අපේ මහ නායක අනු නායක හිමිවරු තබා, ලංකාවේ උලමාවරුන්වත්, ලෙබ්බෙලාවත්, පාර්ලිමේන්තුවේ ඉන්නා තම්බි මරක්කල එකෙක්කත් වච්නයක්කත් කතා කොලේ නැතිය. ඒ අපේ අවුරුදු 2500 ක් තිස්සේ රැකගෙන ඒන, මාරම මාර ලොවේ කොහෙවත් නැති, අති උතුම් සඟිස්කෘත්‍යයය, බව් බව්මික අනඩවතායය, වෘෂණකෝශය හා මාර ජාතී ආල ක්ලයිමැක්ස් එකේ හැටිය.  

Mar 15, 2018

සෙක්ස් රූටින් - Sex Routine




වීඩියෝ එකත් බලන්න.. මගේ ප්‍රියතම ගීතයක්..

සෙක්ස් රූටින්
*************

හෝන්දු මාන්දු වෙච්චි කෑල්ලක් දොස්තර මහත්තයා ගාවට එනවා

අනේ ඩොක්ටර් මගේ නිකන් ඇඟ පතට පන නෑ වගේ

හරි මේ Reports ටික ගේන්න කියලා.. අටෝරාසියක් ටෙස්ට් ලිස්ට් එකක් කෑල්ලට දෙනවා

කෑල්ල ඉතින් බ්ලඩ් රිපෝර්ට්, යූරීන් ගගාරින් රිපෝට්, කක්කා රිපෝර්ට්, EEG, ECG, BCG, BBQ, අර ඉස්කෑන් මේ ඉස්කෑන් ඔක්කෝමාරගෙන ආයේ ඩොකා ගාවට එනවා..

ඩොකා ඔක්කෝම රිපෝට් බලලා... 
ම්....හූ..... මේවයෙ නම් කිසි අවුලක් නෑ... ඔක්කෝම හොඳට තියෙනවා..
ඔයා කසාද බැදලද...?

ඔව් ඩොක්ටර්...

සමාන්‍යයෙන් කොච්චර දවසකින් වගේද දෙන්නා එකතු වෙන්නේ...?

හැම තිස්සෙම එකතු වෙලා ඉන්නේ.. මොකෝ එයා බඳින දවසේ කිව්වා.. අපි දෙන්නා අදින් පස්සෙ එක්කෙනෙක් කියලා..

ඒ මගුලක් නෙමෙයි මම අහන්නේ...

එහෙනම් ඩොක්ටර්..?

සමාන්‍යයෙන් සෙක්ස් කරන්නේ කොයි විදියටද..?

අපි එක එක විදියට කරනවා..

හප්පේ...!! ඒක නෙමේ අනේ මේ අහන්නේ..

එහෙනම් ඩොක්ටර්..?

සමාන්‍යයෙන් මාසෙට කී පාරක් විතර ඒ එක එක විදි්යට සෙක්ස් කරනවද..?

හැම ඉරිදමයි..... හැම බදාදමයි.. හැම සෙනසුරාදමයි..

හරි..... එහෙනම් සෙනසුරාදත් කරන නිසා....
ඉරිදා නවත්තන්න...!

අපෝ කීයටවත් බෑ....

එදාට තමයි මහත්තයා එක්ක සෙක්ස් කරන්නේ... !!!

-x-


**** සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්ථනය කොට හුදී ජන පහන් සංවෙගය සදහා ගෙන ආවේ - මහාචාර්ය මාතලන් වන මා විසිනි..

Mar 13, 2018

මාක් සකර්බර්ග් ලංකාවේ - Mark Zuckerberg visits Siri Lanka



මයෙ අම්මප මචෝ මේ දවස්වල මලක්කත් කඩා ගන්න බැරිව හිතේ වේදනාවෙන් ඉන්න නිසා, නාමල් උඩුගමගේ, "වේදනා දෙන්නේ නෑ.... ඔබ හැර මා යන්නේ නෑ...." කියලා වැරදි මාරගයෙන් බුකි ගත උනත්, කෑලි ටිකට වැරදි මාර්ගේ යන්න දන්නේ නැති නිසා උනුත් නැති හිතේ අමාරුවට, සිරිලයියගෙන් මලක් ගෙනත් ගහලා නිදා ගන්න ගියා.

Mar 11, 2018

අතීසාරයට අමුඩ ගසනා අමන පාලකයෝ - Social media blockade in Sri Lanka



අතීසාරය හැදුනාම බඩ යෑම නවත්තා ගන්නට බැරිය. ඒත් අමුඩ ගහලා පුරුදු උන් කරන්නේ, අමුඩේ තද කරලා ඇඳගන්නා එකය. ඒකෙන් අතිසාරය නවතින්නේ නැතිවාක් මෙන්ම, විලි වසා ගැනිමට තිබෙනා අමුඩෙත් ගූ නාගන්නවාය. අතීසාරේ හැදුනාම අමුඩ ගහලා තබා, ගුද මාරගයේ ඇබයක් ගැහුවත් වැඩක් වෙන්නේ නැතිය. කරන්න ඕනා එකම දේ අතීසාරටයට බෙහෙත් කරනා එකය.

Mar 8, 2018

ටැක්සි ජිනේ, මොරිස් මයිනර් සමඟ රොකට් රෝහිණි - Taxi Drivers, Morris Minor with Rocket Rohini




ටිකිරි වාගේ ටට්ට කළු දත් බොල්ලෑවක්ද සහිත හාමිනේ කෙන්ක්ට වඩා ඒ කාළේ උන්න සෝනියා දිසා වගේ කෑල්ලක් හාමිනේ ලෙස ගෙදරට කැන්දාගෙන ආවේ කෙසේදැයි යන්න ගමේ ඔක්කෝටම මාරම පුරස්නයක් විය. පියාත් හොඳ හැන්ඩියා නිසා ඒකේ අවුලක් නැතත්, අවුරුදු 60 ක් ඉතර එකෙක්, අවුරුදු 30 ක් ඉතර ඉටිකිරිස් කෑල්ලක් ගෙන ඒම, ළිඳ ළඟ සංගමයේ සමාජික සාමාජිකවන්ගේද, කොකිස්වත්තේ මෙන්ම බෝක්කුව වත්තේ ලයන්ස් ක්ලබ් එකේද, දික්වැල්ලේ මුදලාලිගේ කඩේ හා ආසිරි මුදලාලිගේ කඩේ පාරිභෝකික ජනතාව අතරත්, විජෙසිරි අයියාගේ හොර තැබෑරුමේත්, සුනන්දයාගේ කසියා පොලේත්, අයිරින් නැන්දාගේ ගංජා පොට් එකෙත් ප්‍රධානම මතෘකාවය බවට පත් උනේය. 

Mar 5, 2018

බයිලා ගසා සංහිදියා ඇති කළ නොහැක - Swansong of Sirisena


Cartoon By - Awantha Artigala 


තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම්, තනි ඇහැට කඳුළු එන තරම් දුකක්ය. ඒ අනාවැකි එසේ පලකලේ එතෙක් මෙතෙක් අම්මට සිරි ලංකාවේ පහළවූ කිසිඳු දෙයක් කළ නොහැකි අසාර්ථකම රාජ්ජ නායකායාගෙන්, සංහිදියාව තබා කිසිඳු දෙයක් බලාපොරොත්තු වීම එකම විකාරයක්ම පමණක්ම නිසාය. එම ළිපියේ මාතලන් මෙසේ කීවේය.

Mar 1, 2018

රොකට් රෝහිණි සමඟ පඳුරු තැලීම - Beat around the bush with Rocket Rohini


මේ නම් රෝහිණි අක්කා නෙමේ. මා ඉතා ප්‍රිය කරන "පියුමි බොතේජූ "නම් සුරූපි නිලිය.



රොකට් රෝහිණි ගැන ලියන්නෙයි කියන ඉල්ලීම් බොහෝ තිබෙනවාය. එකාතකින් මේ කාලකන්නි දේශපාලනය ලියනවාට වඩා, එයින් එකක් ලියාගෙන සිටිම සිත නිවනවා පමණක් නොව, අප ඒ සුන්දර අතීතයටද රැගෙන යනවාය. මා ඉතිහාසයට කැමති ඒ නිසාය. ඒ කතාවල අතිශෝක්තිය පිරි ඉතිරි තිබුනද, අමුතු සුන්දරත්වයකට අපව කැඳවා ගෙන යන්නේ, සිත් ගත් සිනමා පටයක් නරඹනවා මෙන්මය. මාතලනගේ ගම ඔබේ ගම නොවූවද, අද නාගරිකරනයට ගොඳුරු වී ඇති කැළණිය වරාගොඩ පාර පවා, අප කුඩා කාළයේ, සේකරගේ ගමම විය. තොරණ හංදිය, සේකරගේ තුං මං හංදියම විය. ඒ කතා තුල පුහු ආටෝප, පුහු වර්ණනාවන් අන්තර් ගත වූවද, අති බහුතරය සහතික කරනා ලද ඇත්තය.