.

.

May 6, 2020

පඩි නැතිව ජීවත් වෙන හැටි...




මහින්ද මහත්තයා විජේරාමෙ ගෙදරින් උදේම එලියට ආවේ ට්‍රැක් බොටම් එකේ නොවන නිසා... නිහාල් කිව්වේ ලොක්කා අද පෝය නිසා ඇක්සයිස් කොරන්න යන්නෙ නැතිව ඇති... තව ටිකක් බලලා අරලිය ලන්දට යන්න ලෑස්ති වෙයල්ලා කියලාය...

ලොක්කාගේ මූණ එච්චර හොද නැති බව දැක්ක නිසා එකෙක්වත් අහලකටවත් ආවේ නැතිය... හාන්සි පුටුවේ දිගා උන ලොක්කා උන්නේ බර කල්පනාවකය....

තේ කෝප්පෙකුත් අරගෙන එතනට පැමිනි ශිරන්ති නෝනා කිව්වේ...

පාර්ලිමේන්තුවත් විසුරපු නිසා අර ලොකු පුතා ඇවිල්ලා ඉන්නෙ කීයක් හරි ඉල්ලගෙන යන්න.... ග්‍රාමයාගෙන් පන් දාහ ඉල්ලුවොත් අප්පච්චිට හරි නෑ කියලා තමා ඔය ඇවිත් ඉන්නේ.... මම ඒ කාළේ කොච්චර කිව්වද ඔය  ළමයින්ට තාත්තා වගේ වෙන්නේ නැතිව.... මොකක් හරි ආන්ඩුවේ රස්සාවක් කරන්නෙයි කියලා... කොහෙද ඇහුවේ නෑ නේ.... රට හදන්නම ඕනෙයි කිව්වා නේ... දැන් පඩිත් නැතුව ගෙවල්වල... අර මහින්ද දේශප්‍රියට කියන්නකො අනේ ඉක්නනට චන්දෙ තියන්නය කියලා... මොකෝ අනිත් දෙන්නටත් කීයක් හරි දෙන්න එපැයි....

ඔහේ මේ මඟුලක් කතා කොරනවැයි... මම මේ දහ අතේ කල්පනා කරන්නේ දැන් මොකද කරන්නේ කියා කියන කොටම.... නිහාල් ෆෝන් එක උස්සාගෙන ආවේ සෑර් කෝල් එකක් කියාගෙනය...

ඕන් පටන් ගත්තා වෙසක් දවසෙවත් ඉන්න නෑ නේ.. කොහේ හරි කසිප්පු පෙරපු එකෙක් පොලීසියෙන් අල්ලන් ඇති කියන කොටම නිහාල් කිව්වේ ඔව් ඔව් සෑර් ලයින් එකේ ඉන්නේ නලීන් බන්ඩාරෙයි කියලාය...

හරි හරි මම ඕ අයි සීට කියන්නම් කියාගෙනම  ෆෝන් එකට ආන්සර් කල ලොක්කාට එහා පැත්තේ උන් නලීන් බන්ඩාරයා කීවේ... අනේ නෑ සෑර් ඒක නම් ගොඩ දාගත්තා... ඒත් මේ කුවාටර්ස් වලින් එලියට ඇදලා දැම්මොත් මේ වෙලාවේ අපි අනාතයි සෑර් කියලාය....

ඒ මොකෝ ඕයි අනාථ වෙන්නේ.... කියා අහපු ලොක්කාට නලින් බන්ඩාරයා වොලිම් අඩුකරලා කිව්වේ.... ගමේ යන්න පුලුවන්ද සෑර් කියලාය... අර මොකෝ ඕයි එහෙත් කොරෝනාද කියා ඇහුවාම.... බන්ඩාරයා කිව්වේ උන් බලාගෙන ඉන්නේ අපි ගමේ එනකන් අපේ පස්සේ කොරෝනා කියා කිව්වාම.... ලොක්කාට ඔක්කෝම අමතක වී සුචරිතවත් හිනාවක් ගියේය..

ඒකනේ අයිෂේ කියන්නේ... තමුසෙලට තේ එකක් බීලා පොඩ්ඩක් කතා බහ කරලා යන්න එන්නෙයි කිව්වම අලි පුකනේ.... බලනවා අර සුමන්තිරන්ලා මොලේ තියෙන මිනිස්සු... එක මොහොතෙන් දේශප්‍රේමි වෙලා අපේ ගෙදරත් ඇවිත් ච්චීගේ චූටී කුකුත් හුරතල් කරලා ගියේ....

අවුලක් නෑ... ඕක ඉඩම් නඩුවක් නේ... තා අවුරුදු විසි පහක් විතර ඇදෙයි තමුසෙලා බය නැතිව ඉන්නවා ඕයි.... කියා ෆෝන් එක නිහාල්ට දුන්න්නේය.....

ඒක නෙමේ ඇයි ඔහේ මේ දහ අතේ කල්පනා කරන්නේ කියා ඇහුවාම ආයෙත් ලොක්කාගේ මූණ කජු ලෙල්ල වගේ වෙලා බර්ටි ගුණතිලකගේ මූණ සයිස් එකටම ආවේය....

බලනවා ඕයි අර යකා ඊයේ රෑ පිස්සුවක් කෙලලා නේ.... හඳ මෝරන කාලෙට ඌටත් පිස්සු තද වෙන එකෙක්ද කොහෙදෝයි කිව්වාම..... මැඩම් ඇහුවේ මොන යකාද අනේ කියලාය....

අර පුංචි බංඩා යකා නේ අනේ... ඌ කියලා නේ පඩිය හරි පඩියෙන් භාගයක් හරි ආයේ ඌට ගෙවන්නෙයි කියලා.... දැන් ඉතින් එක පඩියක් පූජා කරපියකෝ ඌට... මට මේ රස්සාවක් නැති දරුවෝ තුන් දෙනෙක් ගෙදර.... මේ යකා මටම කෙලින්නද කොහෙද කරපු වැඩක් මේක....

අනේ ඉතින් ඕකට කලබල වෙන්න ඔනද අනේ..  කිව් මැඩම්ට... කලබල නොවී කොහොමද අනේ සල්ලි නැතිව මක්කත් කරන්න පුලුවනෑ කියා ලොක්කා කියපු ගමන් මැඩම් කිව්වේ..... ඒක තමා.... මාත් මේ සැලෝන් ඇරපු වෙලේ.... චාන්දනීගෙන් ෆේෂල් එකක් දාගන්න කීයක් හරි ඉල්ලගන්න ආවේ අනේ කියා..... මායම් 64 න් එකක් දැම්මාම ලොක්කාටත් පෝඩ්ඩක් දුක හිතුනේය....

ඒ උනාට අනේ ඔය කවදාවත් පඩියක් ගන්නෙ නැති අනුර කුමාරලා හඳුන්ලා ලස්සනට ජීවත් වෙන්නේ.... හඳුන් කිව්වේ එයාට එක පාරට ෂර්ට් හතක් අරගෙන දෙන ජයශාන්ත කියලා යාලුවෙකුත් ඉන්නවැයි කියලා කියපු ගමන් .....

ගාමිනි සෙනරත්ට කෝල් එකක් ගත් ලොක්කා කිව්වේ ජේ වී පී සෙට් එකට හැන්දෑවට තේ එකක් බොන්න විජේරාමෙට එන්න කියන්නෙයි කියලාය.... ගාමිනි කිව්වේ ඕකුන් එන එක නම් ෂුවර් නෑ ලොක්කා... බජට් එකේ තේ එකවත් නොබී... පාලම් තුන ලෑලී කඩෙන් තේ එක බීලා ගෙදර යන උන් නේ... මොකක්ද වෙන්නේ ඕන කියලාය.....

නෑ ඕයි ඕකුන් පඩි නැතුව ජීවත් වෙන්නේ කොහොමෙයි කියා... බ්ලා බ්ලා කියා.... මුලු කතාවම කියා ඉවර උනාම ගාමිනී කීවේ.... හරි සර් මම වැඩේ කරන්නම් කියා ෆොන් එක කට් කල ගාමිනී කලේ...

ජයශාන්ත ඉන්න තැන හොයා දියන් මචං කියා බුද්ධි අංශේ ලොක්කාට කෝල් එකක් ගත්ත එකය......

ඒ අනුව අද හවසට ලොක්කා සමඟ ඇපොයිමන්ට් එකක් ලැබූ ජයශාන්ත විජේරාමට ඒමට නියමිතය...

මැතිවරණ කොමිසමේ කොටි නැටුම්



පින්තූරේ ඉන්නා බුවා දැන් ඉන්නා පොරවල් දන්නේ නැති උනාට... මේ රටේ අවුරුදු තිහක් තිස්සෙ පුක නැතිවෙන්නම කෑ බව මතක ඇති අයට නම් අමතක වෙන්නට බැරිය....

කොටි කොතරම් ප්‍රභල ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් උනාද කියනවා නම්.... උන්ගේ මාධ්‍ය අංශයද දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අති ප්‍රභල විය....

එහිදි කොටි ටෙලිවිශනයේ ඉසිප්‍රියා මෙන්ම සිංහළ කොටිද බොහෝ විය.... අද උන්ගේ හෙළුව නැවත පෙනෙන්නට පටන් ගෙන තියෙනවාය....

බෞතික හෙවත් ඇසට පෙනෙනා ත්‍රස්තවාදය 2009 නන්දිකඩාල් වලින් අහවර කලද.... උන්ගේ මතවාදය හෝ මාධ්‍යජාලය සංපුර්ණයෙන්ම විනාශ නොවූ බවත්... විනාශ කළ නොහැකි බවත් අද ඉතා පැහැදිලිව පෙනෙනවාය ....

කොටි පරලොව යැවූ රාජපක්ෂලාට දෙමළ ජාතිය වෛර බැදීම සාමාන්‍ය දෙයකි... එසේ නොවන්නේ නම් ඔහු හෝ ඇය දෙමළ ජාතිකයකු වන්නට බැරිය....

ඉදින් රාජපක්ෂලාගේ පුනරාගමනය කිසිසේත් දරා ගත නොහැකිය.... දැන්  ඔවුන් කරන්නේ වටකර පහරදෙන එකය...

කරුමය කියන්නේ ටයි දානා කොටි හෙවත් සුමන්තිරන්ලා හා කිලී මහරාජලාට වසඟවූ.... උන් හා වසර පහක් රට කෑ කාළකන්නි පක්ෂවල බත් ගොට්ටන්ද කොටින්ගේ රූකඩ බවට පත්ව තිබීමය.....

උන් සියල්ලන්ගේම බලාපොරොත්තුව වන්නේ....  2019 ඔක්තෝබර් මාසයේදී කලාක් මෙන්.... කොටි ඩයස්පෝරාවේ මුදල් හා උන්ගේ මුදල් වලින් දුවනා කාලකන්නි එම්බසිවල සහායෙන්..... ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් කෙසේ හෝ මහරාජාගේ රූකඩය වන බූරූ පුතානෝට රට බාර කිරීමය... ඌ රටේ ජනාධිපති ඩමිය ලෙස රඟන්නේ එබැවිනි....

2019 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු තීන්දුව දුන් ජජ්ලා ඔක්කෝම ලෝකේ වටේ ටුවර් ගිහින් ආ බව අප මෙහිදි කිසිසේත් අමතක නොකල යුතුය... ඉස්පොන්සර්ලා ඩයස්පෝරා කොටිය....

එමෙන්ම ආන්ඩුව පත් වූ විගසම සුවිස් ඇම්බසියේ කොටි සමග එක්ව ගානියා බැන්ස්ටර් කොටි දෙනගේ විගඩමද අමතක නොකල යුතුය.... ඉස්පොන්සර්ලා ඩයඩයස්පෝරාවේ කොටිය...

එමෙන්ම ඒ හා සමගම ජයම්පති වික්‍රමරත්න නම් සිංහළයා සුවිස්තරලන්තයට පැනීමද කිසිසේත් අමතක කර දැමිය යුතු නැතිය....

ඔය උඩ පොටෝ එකේ ඉන්නේ එහෙම තව සුදු කොටියෙක්.... අදත් හමුදාවට මිනීමරු චෝදනා එල්ල කරන්නේද... හමුදාවේ අයට විදෙස් චාරිකා සඳහා වීසා නොදෙන්නේ.... ඔය සුදු කොටියා වන කැලම් මැක්‍රේ සැදූ Killing Field වාර්ථා චිත්‍රපටය නිසා බව අද ඉන්නා තොත්ත බබාලා දන්නේ නැතිය.....

ආන්ඩුවට රෙදි නැතිව කඩේ ගිය රංගනලා  ස්වර්ණවාහිනියට ගිය ගමන් බන්දුල ගුණවර්ධනගෙන් ගේම ඉල්ලන්නේ වෙන කිසිවක් නිසා නොව කොටි සල්ලි නිසාය....

දැන් වෙන කවුරුන්ටත් වඩා කොටින්ගේ ප්‍රහාරය එල්ල වන්නේ මැතිවරණ කොමසාරිස්ටය....

ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ .. චන්දයක් පැවැත්වුවහොත් කොටි සංවිධානයට කන්න වෙන කෑම උන් දන්නා නිසාය....

පරණ පාර්ලිමේන්තුව කැදවන්න පුක ඉරාගෙන දඟලන්නේ ඒ නිසාය... ඒ කොටි රූකඩයක් වන බූරූ පුතා එහිදි ශක්තිවන්ත නිසාය.....

එහෙත් ඒ සඳහා ඇති ඉඩකඩ සීමා වූ බව පෙනෙනා නිසා... මීළඟ ජනාධිපතිවරණයේ පොද්දා වීමටද වරම් ලබා උන්..  උබුජ නියෝජනයව උන්... රැඩිකල් බුවාලාගේ සැලබරිටි පොරක් වී උන් මැතිවරණ කොමසාරිස් වරයා.....

එක රැයින් රාජපක්ෂලාට කඩේ යන බයියෙකු කර දැමීමට කොටි සල්ලි විසිකර දමා අවසානය...

මේවා සිදුවන්නේ ඉතා සීරුවෙන්.. මාතලන් මීට පෙර ලිපියක් ලියා කියමින් සිටියේ කොමිසමේ රත්නජීවන් හූල් කොටියෙක් බවයි...

දැන් කොලොම්බු ටෙලිග්‍රාෆ් හරහා මැතිවරණ කොමසාරිස්ට ගේම දෙන්නේ ඔහුය...

මහින්ද දේශප්‍රිය කලකිරී ඉවත් වුවහොත්... කොමිසමත් කොටියාටය... වැඩේ පහසුය... ගේම යටින් යන්නේ එහෙමය....

පෙරකළ ලන්ඩන් වල සිටියේ මාධ්‍යවේදී සිංහළ කොටි එකෙකි..  දැන් දෙදෙනෙකී....

මේ බව කෙලින්ම ඔහුගේ පෝස්ට් වල සඳහන් කිරීම නිසා මගේ කොමෙන්ට් සියල්ල ඔහු මකා දැමුවේය.... දැන් හේතුව හරි පැහැදිලිය... ඔහුද.... එම කොමෙන්ට් වල මා හා ගැටුනු සියල්ලෝම සිංහළ කොටි හා කොටි දෙනුන්ය...

ඒ අතරේ සුමන්තිරන්ලා මහින්ද සමඟ එක්වීම බුද්ධි අංශවල විශේෂ අවධානයට යොමු විය යුතුය.....

වහාම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, ශවේන්ද්‍ර සිල්වාගේ මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාගේද ආරක්ෂාව තර කළ යුතුය....

කොටි නැති කලාට.... ටයි දානා කොටි හා සිංහළ කොටි නැටි නැති කිරීම ලේසී පහසු කටයුත්තක් නොවේය....

මැතිවරණ කොමීසම කොටියාම කාපිය කියා අත ඇරියහොත්....

ආන්ඩුවට වෙන්නේ කොරෝනාවෙන් කන පරිප්පුවටත් එහා පරිප්පුවක් කන්නටය.....

ඒ වගත් මෙසේය...