.

.

Dec 28, 2011

නිදි යහනේ නෑ සහනේ - Friendly Service



සැමියා හැර ගොස්ද...?
ළිපිනය එවන්න....
නැතිනම්,
පැමිණ හමුවන්න...

පුද්ගලිකයි.. රහසිගතයි..
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි
හොර බොරු නෑ, විශ්වාසයි
පැමිණේ නම් අගය කරයි



Dec 27, 2011

අධ්‍යාපනය බව්වට හා පිච්චු කෙළින යුව රජවරු - Funny Ministers and Crazy Assistants



අධ්‍යාපනය ගැන කීමට දෙයක් නැත.
ඇත්තේ මෙපමණකි..

අධ්‍යාපනය බල්ලට ගියේය...
බල්ලා රට ගොස්ය...

පාර්ලිමේන්තුවේ විපක්ෂේ කස්ටියට නෙලන විට ලොක්කා බලාගෙන සිටියේය. රජතුමාගෙන්, ගේමක් නොමැති බව වටහාගත්, ප්‍රාදේශිය රජවරු එකසිය ගානට පිස්සු කෙලිති.

Dec 22, 2011

ගල් - Stones


ගල් ගැන කතා බහක් ඇතිවෙලාය. එබැවින් මා වැනි බුද්ධිමතෙක්, ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ පරපුරත් ගල් වලට කැමතිය. බුද්ධාගමත් එක්ක ඉන්දියාවේ සිට ආපු අට අනූවක් කස්ටිය එක්ක ගල් වඩුවෝත් ආවේය. ගල් ආඳෝත් ආවේ ඒ කට්ටිය එක්ක දැයි කියන්නට දන්නේ නැතිය. ඒ ගැන දැනගන්න සූරීයප්පෙරුම මහතාගෙන ඇසුවාම එතුමා කිව්වේ අපේ අම්මාගෙන් අසා ගන්න ලෙසය. පුරාවිජ්ජා චක්කර නාහිමි විචාල කල උන්වහන්සේ කරුණාවෙන් වදාලේ, එ ගැන තව හාරලා බලන්නම් ඒත් ඔහේ වගේ ගල් මූසලයෝ ඉන්නකම් මේවා කොරන්න අමාරු බවය. ගල් මූසලයෝ හෙහ් හෙහ් චිත්‍රපටියකට ලස්සන නම්ක් නේද කියා ඇහුවාම උන්නාන්සේ කිව්වේ. චිත්තර පටියට කෙසේ වෙතත් ඒවා හදන උන්ට නම් ගැලපෙනවා කියාය.

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!! - Merry Christmas Dear Friends...!!!


දෙවියන් වහන්ස,
ඔබ වහන්සේගේ පුත්‍රයා පැමින ගොස් බොහෝ කල්ය. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි. නමුත් ඒ පුත්‍රයාත් කුරීරු ලෙස කුරුසයක ඇන ගසා මරා දමන්නට තරම්, ඔබ වහන්සේම මැවු මිනිසා, කුරීරුවිය. සාතන් ජය ගත්තේය. සමහර විට ඔබ වහන්සේ මිනිසා මැවීම ගැන අද දුක්වනවා ඇත. මා නම් ඒ ගැන බොහෝ දුක් වන්නේය. ආදම් පරපුර ඔබට පිටුපා සාතන් පසු පස යති.

Dec 21, 2011

සුහඳ ඇමති මාරූ - Career Exchange


සාමාන්නියෙන් මැටි ඇමතිවරු පත්තර බලන්නේ නැතිය. ඒවා බලන්න, මාද්දිය සැකට්‍රිලා දමා ඇත්තේය. උන් බලන පත්තරයක්ද නැත්තේය. ඌ තවෑකෙකුට දෙනවාය. ඒ බලන එකා ඇමතියාගේ මොකක් හරි කෙස් එකක් දැක්කොත් ඒක කපලා අරන් පයිල් කොරනවාය. ඒ උනාට මැටි ඇමතිවරු විතරක් නොව ලොක්කාද මුල් පිටුව බලනවාය. ඒ නිසා මල් කුමාරයාත් ජාම බේරගෙන සිටිනවාය. අද මල් කුමාරයා කිව්වේ මෙවර ඇමති මාරූ නැතෙයි කියාය. තියෙන්නේ සුහඳ මාරූ කියාය. ඒ කියන්නේ එකක්වත් කර ගන්න බැරුව ඉන්න නිසා කරන්න පුළුවන් එක ඉල්ලන්න කියාය.

Dec 20, 2011

වේගය මරු කැඳවයි - High Speed Kills


-0-

අනේ දෙවියනේ මට උන වියෝ                 යා
තිබුන එකත් අද මට නැති උනෝ                යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ            යා
ලණු කාලා කඹ රෙන්නට උනේ                  යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු     වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ       වා
කෘත් යාධියත් එක්කල වානා එව්                වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු            වා

.oO0Oo.

අළුත්ම වැඩේ, මෙතනින් බලන්න

Dec 19, 2011

රාජ යෝග - Raja Yoga

ඉදිරියට වන්නේ කුමක්දැයි කියන්න දැන්ම බැරිය. වියරු වැටුණ මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියේ, කරු මහත්මයාට සහයෝගය දැක්වු මහත්වරු ඉතාම වැදගත් ආකාරයට ගල් ගසමින් රතිඤ්ඤා දමමින් තම දෙවොල (සිරිකොත.) ගිනි තියන්නට දඟලනවාය. රනිල් දින්නත් කරූ දින්නත් මට ඇති වැඩක් නැතිය. ඒත් මේ රටේ අනාගතයට එය බලපානවාය. කරූට සහයෝගය දැක්වූ සජිත් ඇතුලු පිරිසගේ එකම පරමාර්තය ඉක්මනින් බලය ලබා ගැනීමය. මේ සඳහා මුදල් පෙන්නු විගස මේ පැත්තට පනින්න, 94 පටන් මෙලෝ දෙයක් නොකල. රට කාපූ ශ්‍රී ලංකා ඇමති සෙට් එකක් මෙන්ම, ජනතාව පවාදී, ලොක්කාගේ දෑත ශක්තිමත් කරන්නට ගිය පිරිස, කරූ මහත්මයාගේ දෑත ශක්තිමත් කරන්නට පැනලාම එනවාය.

Dec 18, 2011

පිච්චු හැදෙන සඳ.... - Dear Uncle Moon


නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි....

සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම  සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....

Dec 17, 2011

කෙල්ල කොල්ලට කියපු කවිය - You are too Naughty Babe




බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...
       -o-

මේක මම දැම්මේ ලංකාවේ හොඳම සින්ඩිය වන මාතලන්ගේ සින්ඩියේ  වැඩේ නැගලම ගියා, හිතවතුන්ගෙන් කොමෙන්ට්ස් ගොඩයි. ඒ වගේම ඉල්ලීම් ගොඩා....යි. මාතලන් බොගේ මේක දාන්න කියලා. ඉතින් මම හිතුවා අර කතා ගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් වගේ, දාලා දානවා කියලා.. එහෙනම් බලල රස විඳින්න..

අලුත් බ්ලොගක් පටන් ගත්තා.. විඳින්න...

Dec 16, 2011

අම්මා - Mom

මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වන
ජයසිරි සේමගේගේ මව සහ දරුවා
"අම්මා" ගැන ලියවුනු කවි,  කෙටිකතා, නවකතා, නාට්‍ය, චිත්‍රපටි, සෝප් ඔපෙරා ආදී නිර්මාණ බොහොයි. "අම්මා" කියන වචනය වගේම ප්‍රසිද්දයි මැක්සිම් ගෝර්කීගේ "අම්මා" නව කතාව. ඒකේ කියන්නේ දිරිය මාතාවක් ගැන. නිකන් නෙමෙයි.. "ගෙදර බුදුන් අම්මා" කියලයි අපේ සංස්කෘතියේ කියන්නේ. මම අපේ ගීත වලින් කැමතිම ගීතය "කරුණා සුවඳ තවරාලු" කියන නිහාල් නෙල්සන් ගේ ගීතය. ඊට පස්සේ ජෝතීගේ "මේ නොනිමෙන දිවි ගමනේ" ඊළඟට ග්‍රේෂන්ගේ "අම්මා... පෙව් කිරි කඳුලින්" කපුගේගේ "දවසක් පැල නැති හේනේ"  වගේ ගීතවලටත් කැමතියි.

Dec 15, 2011

තාත්තේ ගොජ ගොජ දාහං - Oh No.. Dad please....


මේ දවස් වල, කවියි, ද්වේශපාලනෙයි ලියලා මටත් එපාවෙලාය. ඒ නිසා ජෝක් එකක් ලියලා දාන්න හිතුනේය. අපි වවමු රට නගමු කියා එකෙක් කියනවාය. මල් පෝච්චි වලත් වවන්න කියනවාය. ඊළඟට වවන එකා මරනවාය. මේ දවස්වල කතාවෙන්නේ ගොයියෝ ගැනය. ඒ නිසා ගොයි ජෝක් එකක් ලියන්න සිතුනේය. මේක ඇඩම්ස් එකක්ය. මේක කියන්න ඕනත් ඒ විදියටය. නමුත් මේකේ එහෙම කියන්න බැරිය. ඒ නිසා රසේ අඩු විය හැකිය.

Dec 14, 2011

බන්ඩලාගේ හාවා - Banda's Rabbit


ජනක බන්ඩා...රගෙ හා           වා
කැරට් අරන් ආ                        වා
ජොනියා බුහ් ගෑ                      වා
බයේ පැනලා දිව්                      වා

Dec 13, 2011

ග්‍රේරෝ වන්නම - Grero Wannam


දා හතකුත් ඇදගෙන කරු මැති සඳ..
ආන්ඩුවට පැන ගන්නේ........
ඊට පස්සේ එක දෙකා බැගින් අලි
හෙමිහිට පාර පනින්නේ.......
සද්ද බද්ද නෑ ජොනියා පැන්න පසු
අවුරුද්දක් ගත වෙන්නේ.....
සිරි ලක දරු පරපුර බේරන්නට
ග්‍රේරෝ ඔන්න පනින්නේ......

Dec 12, 2011

පෙට්ටි - Boxes


පෙට්ටි කියන්නේ මම හිතන්නේ දෙමලෙන් ආපු වචනයක් වෙන්න ඕනාය. පෙට්ටි කියපු ගමන් අපේ කස්ටිය කලබල වෙනවාය. පෙට්ටිය පරෙස්සම කර ගන්නා තරමට බොහොම හොඳය. මොකෝ ඒවා කඩලා වීරයන් වෙන්න ඉන්න කට්ටියක් තවමත් ඉන්නවාය. කැඩුන පෙට්ටි හදන ගොඩ වෙද්දුත් ඉන්නවාය. ඒ වෙනම විජ්ජාවක්ය. පසුගිය කාලේ තවත් පෙට්ටි වගයක් ජනප්‍රිය වෙලා තිබුනේය. ඒ මිනී පෙට්ටිය. ඒවා පුඅරවන් යන ලොරි හැම තැනම දකින්නට ලැබුනේය. ඒ පෙට්ටි වලින් කෝටි පති වූවන්ද බොහෝය. ලොක්කටයි ජනරාළටයි පින්සිද්ද වෙන්න ඒ පෙට්ටි සෙල්ලම නැවතුනේය.

Dec 11, 2011

රෑ ඉරපාන - Sun Light at Night


කිරිලියන් සිනා සෙන
කුරුළු පඬියන් පිරුණ
රේඩියෝ මළදාන
වදයක්ය දෙසවනට
එපාවී බෝ කල්ය....

Dec 10, 2011

කාළගුණේ, මොකෝ උනේ - Funny Weather Forecast


පැස්ටෝල් වල වතුර තියෙනවයි කියා, ඇමතිතුමාම, අමු කෙප්ප හිටගෙන කෙලියේය. ඒත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවීලාවත් නැත්තේය. ඇමතිවරු කෙප්ප කෙලින් රටේ නිළධාරින් කෙප්ප කෙලියාම, ඒක නිව්ස් එකක් නොවෙන්නේය. ඒ නිසා හිටිවන බයිලා වලින්ම දෙනවාය. අද කියන කතාව හෙට වෙනස් වන්නේය. ඉස්සෙල්ලම කිව්වේ අපි අනාවැකි කිව්වා කියාය. ඊට පස්සේ කිව්වේ, එහෙම එක පාරටම එන ඒවා කියන්න කාටවත් බැරිය කියලාය, පැස්ටෝල් ඇමති වගේ මෝඩ චූන් නැතුව මේකේ ඇමතියා කෙලින් හිටියේය. කෙප්ප කෙලින්න නොගියේය. ඒ නිසා වැඩේ හබක් වෙන බව දැනුනාම ඇත්ත වැමෑරුවේය. ඒ කියන්නේ එයාලා අනාවැකි කියන්නේ. පරණ කොරොමේටම බවය. අලුත් ඇක්කුයිට්මන්ට් එයාලාට නැතෙයි කියලාය. එහෙමනම් අහන්න තියෙන්නේ. මෙච්චර කල් කිව්වේ බයිලාද කියාය.

Dec 8, 2011

රොක් හඩ්සන් "ගේ" කතාවක් - Rock Hudson in Hell


ප්‍රථමයෙන්ම තිසරයාට ස්තූතී කොරන්න ඕනෑය. මේක මතක් කලේ ඌය. එමෙන්ම විසේසයෙන්ම කිව යුතු දෙයකුත් වන්නේය. එනම් අප කිසි ලෙසකින්වත් ඒඩ්ස් රෝගියකු පිළිකුල් කරන්නට හොඳ නැතිය. මොකෝ බොහෝ දෙනෙකුට එය ලැබී ඇත්තේ නොදැනුවත්වමය. මාතලන් ලිංගික නිදහස ඉහලින්ම අගය කරන්නෙක්ය. නමුත් සියළුම දෙනා දැනුවත් විය යුත්තේමය. මන්ද ඒඩ්ස් මාරාන්තිකය. ආවරණ දමාගෙන බැට් කොරන්න යාම කෝකටත් හොඳය.

Dec 7, 2011

කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys


පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක් ඉන්නවාය. පොඩි උන් ටිකක් නෙමේය. VVIP ලාය. වෙන කව්රුවත් නොවේය. ළොකේන් උතුම් රටේ ක්‍රිකට් ටීම් එකය.

Dec 5, 2011

මෙන්න මාතලන්ගේ දෙක .... # Two


I love you Darling
I do, spin Balling
Fast Ball, Bounce වෙන නිසා..
I love you Darling
දාමුද අපි Dealing
Hit wicket උනොත්, ගනිමි දිවි නසා..//

Nov 26, 2011

සිරස - පිස්සු - කෙලී - m(ad) entertainment


කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස පොලිටීසියොන්ලා ගෙන්නුවේය. පහේ පන්තියේ ඒවාට වත් උත්තර දීගන්න බැරු,ව කස්ටිය නෑවේය. පස්සේ, ලොක්කා, නාන්න ඕන නම් අරලිය ගහ මන්දිරේට ඇවිත් නාගෙන යන්නයි කීවෙය. ඊට පස්සේ ඒ කස්ටිය එන එක නැවතුනාය. ඒ උනාට ලොකු ලොක්කෝ ඇවිත් නාගෙන ගියේය. දැන් ඒ සෝ එක නැතිය. ඒ උනාට සිරසේ කට්ටිය නානවාය. නිකන් නෙවෙය. එකසිය ගානටය.

Nov 24, 2011

සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dress...!!!


සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. එයා කැමති ඩෙනිම්, රබර් සෙරෙප්පු හා තේ (Tea) ෂර්ට් වලටය. දැන් කෙල්ලෝ හොඩක් එහෙමය. කලසන් වලට මනාපය. ඒකත් සෙක්සිය. වයිට් කලසම දැන් ඉට්ටයිල් එකය.

Nov 23, 2011

මී හරක්.... - Bull Shit



නොමැත හිරිහැර
සිරුරු දියකර
තබති පියවර
කෙතක් සරුකර
ඈත සිට පෙර
නොකර කරදර
බතින් කුස පුර
වමින් සහ කිර
අහිංසක මී හරක්....

අය වැය 2012 - Budget 2012


ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන මා විසින් මෙවර අයවැය පිළිබඳ, අර්ථ සාශ්ත්‍රඥ්ඥයින්, බුද්ධිමතුන්, විද්වතුන් හා එළඹුන බුද්ධිමය සංවාද මගින් සකස් කරන ලද විශ්ලේශනාත්මක ආර්ථික විග්‍රහය, පුවත් පත් වලට යොමු කළ අතර, පහත පළවන්නේ එම ළිපියට කිසිසේත්ම අදාල නොවන ඥාතී-හිතමිත්‍රාදීන් හා අසල්වැසියන් විසින් දක්වන ලද ඔවුන්ගේ අදහස් බව කරුණාවෙන් සළකන්න. මෙහි ඇති අදහස් සඳහා මා කිසිම වගකීමක් නොදරන අතර. අදාල පුද්ගලයන් ඒ සඳහා වෙන වෙනම වග කියනු ඇත.

Nov 21, 2011

කතා, ආප්ප කඩේට ගිනි තියයි - LGBT (lesbian, gay, bisexual, and transgender)


කස්ටිය කියන්නේ කතා බට කැලේකට ගිනි තියලා කියාය. ගිනි තබා ඇත්තේ බට කැලේකට නොවේය. ආප්ප කඩේටය. "ගේ" කතා ලියා අත ගත්තා පමණය. දැන් ලැස්බියොන් ගැන ලියන්න වෙලාය. මේ ගැන කතා කොරනවා අඩුය. නමුත් වැඩේ නැගලාම යනවාය. අපේ සටේ හැටි එහෙමය. මතට තිතය. නමුත් තිතට මතය. පොඩි උන් බිව්වොත් මැරෙනවාය, ලෙඩ හැදෙනවාය. රජ ගෙදර බිව්වාට පුරස්නොයක් නැත්තේය. කියන්නේ මාතලන් නෙමේය. චක්කොරවර්ති වහන්සේය. කොයි වැඩෙත් සද්දම නැතුව යනවාය. නොදන්න උන්ට මෙව්වා මැජික්ය.

Nov 20, 2011

කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused

විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව

කෙලෙසුවා කන්‍යාවී.....
උනා සළුපිළි
නග්න කොට රුව
සුනඛයෙක්
චන්ද්‍රිකාවකින් විත්.
අපචාර රජකරයි
ආසනය මත
පතන යුක්තිය
ඉවත්කර
නෙත වැසූ රෙදිකඩ

Nov 18, 2011

කෙසර ගීතය - Lion Song

සිනහසෙනු මිස
හඬා පල නැත
දරන මේ තැත
කැනහිලුන් කැල
නගනු රාවය
කෙසරු විලසින...

රැදෙන තෙක් කූඩූවේ
අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින්
දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....

නොරුස්නා සුවදක්ය
බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින්
නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....

දිනෙක එයි 
සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින්
මහා හඬ නංවමින්
මුරගසං වරුසාව
හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී යාවී
සෑම සිර කුටියකම..

සිංහයෝ අපි වම්හ
කෙසර නද නැගුවාවූ
නෝන්ජල් කැනහිලුන්...
එකෙක් වත් ඕනෑය
පිරිතකට, තොවිලයට...
නියෝජිතයෙක් ලෙසින....

කැනහිලුනි බියවන්න
නොමැත කාරන මෙතන
සියළු සත ළොව වෙසෙන
දනී..
කැනහිලා....කැනහිලාමයි
සිංහයා... සිංහයාමයි...

.o0o.

පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......

Nov 17, 2011

සෙනසුරු මාරූ - Welcome Hon. Saturn ...!!!



කෙරුවලු කෝල් වෙන දා සෙනසුරු මා         රූ
ෆෝන් රිඟින් නෝ ආන්සර් ඇමති හො         රූ
අපි පන බයයි ලොක්කට අපේ බොහෝ ග    රූ
ඒ වගේද සෙනසුරුලගෙ ග්‍රහ මා                     රූ

ජනවාරියේ ශෆල් එකක් තියෙනව                ලූ
කරුපු දෙයක් මතකෙට නගපන් යා                ලූ
පච කෙල කෙල ජෝක්ස් දදා සිටියා               ලූ
එව්වට මේ සැරේ සලකන්නේ නෑ                  ලූ

සිදුනයි ඩාලිං...? - - R u hurt my Darling..?



සම හරක් හිතා ගෙන ඉන්නේ පොඩි දේවලුත් ලොකු වැඩ කියලාය. කොහොමත් පොරක් වෙන්න කවුරුත් කැමතිය. එහෙම නොවෙයි කියනවානම් අමු කෙප්පයක්ය. මේ කතාව මතක් උනේ පාලාමල්ලේ ලිපිය දැකලාය. සම හරක් මුකුත් නොකරම හිතන් ඉන්නේ පොරවල් කියාය. ඒ අපේ උන්ගේ හැටිය. හීනෙන් වත් කොරන්න බැරි වැඩ කොරන්න පුළුවන් කියා හිතනවාය. ඒත් ඉතින් බලාපොරොත්තු තියාගන්න එක හොඳය. අප ජීවත් කොරවන්නේ බලාපොරොත්තු හා සිහිනයන්ය. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්ය. ගොඩක් අය අහලාත් ඇතිය. නොදන්න අය කියවා ආතල් එකක් ගන්නය.

Nov 15, 2011

පෙරේත රටක් - Untidy Country


අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත් සීයා එසේ නොවේය. මරුමූස් පොරය. සීයා ගැන එකම එක කතාවක්ද කොහෙද කිව්වා වගේ මතකය. නාවර පෙරන් ඉන්න කොට උන්දෑ කියන්නේ මළ පෙරේතයෙක් වගේ ඉන්නේ නැතුව නාගෙන වරෙන් කියාය. ඒ කතාව මතක් උනේ අද ලියන්න යන්නේ මළ පෙරේතයන් ගැන නිසාය. ලංකාවේ ජනගහනය තිස් තුන් කෝටී දෙසීය ලක්සොයක්ය. ඒ දෙවිවරුත් එක්කය. දෙයියො නැතුව මිලියොන් විස්සය. ඒ මිනිස්සුය. මමනම් හිතන්නේ මෙයින් වැඩි පිරිසක් පෙරේතයෝ කියාය.

Nov 14, 2011

සම රිසි - Gay


මළහත්තිලව්වක්ම උනේය. නාන එකක් ගැන ලියන්න ගිහින් අන්තිමට මට නාගන්නට උනේය. බලාගෙන ගියාම ඇදගෙනම නාගත්තේය. වැඩේ පටන් ගත්තේ ඕනයාය. ඌට ඕනා නැති එකක් නැතිය. අනිත් එකා ඔබා මාමාය. නෝටීයා හා පිස්සාද මගේ චරිතය කෙලෙසා තිබුනේය. ඒ මා කොලු කාරයෙක්ද කියලා අහලාය. මෙව්වා චරිත ඝාතනය. ගව ඝාතනයටත් වඩා භයානකය. තොපි ඔක්කොම උසාවී ගෙනියනවාය. සිතාසී ගෙදරට එනකම් බලාගෙන හිටපන්ය. පෙරකදෝරුවෙක් දැන් සිටම සොයා ගත්තොත් ඇඟට හොඳය.

Nov 13, 2011

නෝනා නානෝනන් නාන්න නෝනා - Difference Between Man and Woman Showering


නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා බටහිර ඉන්දීය කොදෙව් දූපතකදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ, මුහුදේ, වෙලේ, ළිඳේ පමණක් නොව වැස්සේත් නානවාය. සමහර අය වැස්සට ගොඩ වෙන තැන්වලත් නානවාය.  මාට්ටු උනොත් ඒත් නානවාය. නන්දා නැන්දා "න" යන්න විතරක් තිබෙන සින්දුවක් කිය කිය නානවාය. හරිම සුන්දර වැඩක්ය. කෙල්ලො නාන හැටි බලන්න කොල්ලෝ කැමතිය. ආස උනත් දැන්නම් බලන්න යන්න එපාය. ග්‍රීස් යක්කු කියා අම්බානක නෙලනවාය. මේක මට ඊයකින් ලැබුන එකක්ය. ඔහෙලාට බලා ගන්නත් එක්ක දානවාය. කියවලා අහක්ක වෙලා නාන එක හොඳය. හැමදාම නාන තරමට රෝගත් අඩුය. ගඳත් අඩුය.

Nov 12, 2011

කුමන්ත්‍රණ ගේම්ස් - Commonwealth Games



පොඩි ගනනකින් අපි අද ඇත පැරදී          ලා
මහ බැංකුවේ ලොක්කා ඇත පවසා            ලා
පොඩි ගානක්ද ගැප් එක මට කියපල්        ලා
ගනන් දන්න උන් අරගෙන පලයල්           ලා

හතලිස් හතක් නෑ අපි ගැන සලකා            ලා
දෙනවයි කිව්ව කට්ටියකුත් නෑ දී               ලා
දීපූ විසි හතට මල්ලක් පුරවා                     ලා
අයිවරි මැණික් තේ පාර්සල් යවපල්         ලා

Nov 10, 2011

චූ බර - Pee Stories


චූ කතා පටන් ගත්තේ කතන්දර මහතාය. ඒ මහතා චූ කතා, ජොක්කුන්ගේ කතා, කයි කතාවලට පොරොසිද්ද කෙනෙක්ය. මමත් ඉස්සර චූ කතාවක් ලියුවේය. ඒ කාලේ බොග්වල කවුරු කවුරුත් චූ කළේය. චූ ගලා ගියේය. කොල්ලො කොහොමත් චූ වැඩ වලට පොරොසිද්දය. කොල්ලන්ට ඒක වටින්නේ ඒකට වෙනම් ගැජට් එකකුත් තියෙන නිසාය. අත දරුවා කාලේ ඉඳන් මැරෙනකම් කොරන්නේ ඕක අල්ල අල්ල ඉන්න එකය. පොඩි කාලේ ජොලියට ඇල්ලුවාට. ලොකු වෙනකොට අල්ලන්නේ වල් කොමටය. තව තව කතාය. ඉස්සර "සිනා" කියා පත්තරයක් තිබුනේය. ඒකේ තේරවිලි වලට මේ ගැන ගැන ලස්සන කතා කියා තෝරන්නට තිබුනේය. මේ චූ කොරන ගැජට් එකට මීයා කියාද කියන්නේය. කොල්ලෝ කියන්නේ වයසට ගියාම සීයා බුලත් කොටන විට සීයාගේ මීයා පස් කනවා කියාය.

Nov 5, 2011

උද්ධමනය - Inflation





(කවියක්)
-0-


කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කුවෙයි.. ඒ ගැන සමාව භාජනයකට දාලා කෑමට පෙර බොන්න.. ස්තූතියි

Nov 4, 2011

රේඩියෝවේ "කිරුළ" - Kirula Radio


56 යේ දරුවෝ කියලා කට්ටියක් ඉන්නවාය. එයින් 56 ම ඉපදිච්ච එකෙක් මිලේනියම් පැංචෙක් අතින් මේ ලඟදි වල්පොල හන්දියෙන් අවසන් ගමනේ යියේය. මිලේනියම් පැංචා රට ගියේය. මේ පරපුරට බැනලා වැඩක් නැතිය. මේවා බිහිකෙරු එකාගේ වලට අදත් හෙන ගහනවාය. මාතලන්ට පෙන්නන්නම බැරිය. බයියෝ පාර්ලිමෙන්තු ගෙනාවේ මුන්දෑය. උන්ගෙන්ම කෑවේය. කොරේ පිටට මරේය පප්පා මදාවියොත් ගෙනාවෙය. අද එහි උච්චම අවස්ථාවට පැමිණ ඇත්තේය.

Nov 3, 2011

බාල අපරාධ - Child Abuse


බාල පැස්ටෝල් ගෙනාවාම සැඩ් ඔල ටැන්කිවල වතුර තිබෙනවායි කියපු මහත්තයා කාළයක් ඇඩුකේසන් එක කෑවෝය. බාලා පැස්ටොල් ගසා අන්ජින් ඔලට කෙලියා වගේම, ජාතියේ ඇන්ජින් ඔලටත් කෙලියේය. රෙපයාර් කොරන්න දුන්නේ ඊට හපන් පොරක්ටය. ජාතීයේ අධ්‍යාපනය, කඩේ අධ්‍යාපනය කොරන එකෙක්ට දුන්නෝය. ආර්ථික විසේසග්නයෙක්ය. විපස්සේ ඉන්න කොට විවෘත ආර්තිකේ හොඳයිය. ලොක්කා ගාවට ගියාම ඒ ආර්තිකේ හොඳයිය. විසේසග්න නිසා ආර්තිකේ දුන්නේය. විපස්සේ ඉන්න කොට කිව්වේ බඩු වැඩි කොරන්න ආන්ඩු ඕනැද කියාය. පස්සේ කිව්වේ බඩු අඩු කොරන්න වයිමටත් බැරිය කියාය. පස්සේ ලොක්කා ඒක වයිමට දුන්නේය. 

Nov 2, 2011

රිලා නැටුම් - Monkey Business

මහ රජු, යුව රාජවරු
ඇමතිවරූ
වෙළඳුන් දැහැමි ගරු
මහ ඇමතිවරු
නගර අධිපතිවරු
පිරිවරා රැගෙන යයි
"වඳුරු රැල"
රකින්නට පින්වතුන්
නොරකිනා බැවිනැ
දෙවියන්ද මහ බඹුන්
කඩුව දී උන් අතට
තුරඟුන් බැදි රථ පෙලක්
වේගයෙන් හමායයි
මිදුනු ඊ මෙන් දුණුවලින්

Nov 1, 2011

අලව්වේ ඉලව් වාර්ථාව - Alawwa Commission Report


සටහන - මම මේක ලියල ටිකක් කල්.. මම හිතුවා වගේම මැරුණු උන් දෙන්න වැරදි කාරයෝ කරලා කොමිසමෙන්.. උන් මැරුණ නිසා කොමිසන් වාර්ථාව එලියට ආවා.. මම හිතන්නේ ප්‍රසිද්ධ කල එකම කොමිසන් වාර්ථාව...
------------------------------------
අලව්වේ මල ඉලව්වක් සිඳුවූ බව ඔබට මතක ඇතයි සිතමි. (ඔව් යකෝ. අලව්වේ තමයි. අර S11 එක නැරඹුම් මැදිරිය නරඹන්න ගියේ.) ඒ පිළිබඳව එක එක හාල් පාරුවන් එක එක මත ප්‍රකාශ කරන බැවින්. ඒ සඳහාද කොමිසමක් පත් කරන ලදි. සාමාන්‍යයෙන් කොමිසන් වාර්තා ප්‍රකාශයට පත් කරන්නේ නැත. එයට හේතුව නම්, තවත් විශාල වියදමක් දරා කොමිසම පිළිබඳ කොමිසමක් පත් කරන්නට සිඳුවන බැවිනි. එබැවින් විශය පිළිබඳව විශේෂඥ්ඥයන් සකස් කරන්නාවූ එම වාර්ථා බුද්ධිමතුන් අතට පමනක් පත්කිරීම සම්ප්‍රදායක් කොට ගෙන ඇත. ඉතින් එලෙස් මා වෙත ලද කොමිසන් වාර්තාවෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයක් පමණක් ඔබ වෙත ඉදිරිපත් කරන අතර. මුළු වාර්ථාවම ඉදිරිපත් නොකිරීමට් අප බැඳී සිටිමු.

Oct 31, 2011

ගිනස් වාර්ථා - Guinness Records


ගිනස් කියපු ගමන් මතකයට එන්නේ කුමාර් ආනන්දන්ය. නියම ලෙසට ලංකාවේ නම ගිනස් පොතේ තැබූ පොරක්ය. වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්ය. ලන්ඩන් යුනිවර්සිටියේ ග්‍රැජුවෙට් කෙනෙක්ය. වැල්වැටිතුරේ පොරක්ය. පොඩි කාළේ මගේ වීරයෙක්ය. පප්පා ආන්ඩූ කරන්න ආපූ කාලේ, ගෝල් පේස් එකේ දඟර නැටුමක් නටා වාර්ථාවක් තිබ්බේය. අපිත් ඒක බලන්නට ගියේය. තවත් වාර්ථාද තිබ්බේය. ඉන්ගිරිස් ඕඩය හරහා පීනන්ට ගොස් එළොව ගියේය. පොර නිසා ගිනස් කියන්නේ මොකක්ද කියා ලන්කාවේ කස්ටිය දැන ගත්තේය.

නඩු බැලවීම - Re Action


කළ හොඳ පස්සෙන එළවනවා කියන්නේ නිකමට නෙමේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඉන්න කට්ටිය වාරයෙන් දෙකෙන් යන නිසා පිස්සු කෙලින්නට වෙලාවක් නැතිය. එක වාරයක් අවුරුදු හතරක් වගේ නිසා කාලයත් අඩුය. අනික මොකා ආවත් තීරණ ගන්නේ රහස් සංවිධානයකින්ය. ඒවාට විරුද්ධව යන්නට ලොක්කන්ටත් බැරිය. එහෙම වෙන්න ගිය අයට මූනිස්සම් රස බලන්නටද වුනේය. මේවා පාලකයන්ට පමණක් නොව නිළධාරීන්ටද අදාලය.

Oct 29, 2011

කුමන්ත්‍රණ - rackets


සිකැරට් වලට කෙලිය නිසා හිතේ අමාරුවට දෙකක් දාගන්න ගිය වෙලේ ඒකටත් 60 කින්ම කෙලලාය. වහ බීලා මැරෙන්න හිතාගෙන බූමීතෙල් ගන්න ගියහම ඒකටත් කෙලලාය. ඒ නිසා ආයෙත් මම බොනවාය. මොළේ පුල් අබ්ලික්ය. මෙව්වා මහා කැත වැඩය. ආන්ඩුව රජය සහ ලොක්කා අපහසු තාවයට පත් කිරීම සඳහා කරණ කුමන්ත්‍රණය. ලොක්කා රට යනකන් ඉඳලා මුන් උන්නැහේ අමාරුවේ දාන්න කරන කැතම කැත වැඩය. ලොක්කාට අතින් පයින් ගහන්න බැරිය. මොකෝ ලොක්කා එක්සයිස් කොරලා ෆිට් එකේ ඉන්න පොරය.

Oct 24, 2011

පිස්සුද ඕයි...? - R u Mad...?


මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි.

ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.

Oct 23, 2011

අයියෝ...!!! - Oh No...!!!



අනේ සුසානෝ බලපන් උන කරුමේ
හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ
දුක නිවනා කූරට මුන් කෙලලාය
සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල්

ඕන ඕන තැන බෑ ලබනට පහස
වහන් වෙලා අප ලබනා ඒ සැපත
දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා
උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ

රජයේ අවවාදය - දුම් බීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන


Oct 21, 2011

අහෝ ගඩාෆී...!!! - Oh Gaddafi...!!!



අහෝ ගඩාෆී...!!!
ඉල්ලන්ම කාපී...!!!

ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්

බලවතා බලවත් වග
කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග
කළ කළ දේ  පල පල  දෙන වග 
 ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග
කල හොඳ පස්සන් එලවන වග
රජ කම් කළත් කළ කම් පල දෙන වග
මාන්නය විනාශයේ දොරටුව වග
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග
ජනතාව බුද්ධිමත් නොවන වග
වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග
දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග
අවි ගත්තෝ අවියෙන්ම නසින වග
බලය තාවකාලික වග
බොරුව සැමදා රජ නොකරන වග
තමන් කවදා හෝ මිය යන වග

- නිමී -

.o0O0o.

සටහන - මෙයත් මම ලිව්වේ මගේ අනිත් බ්ලොග් එකක. මේකේ දාන්න හේතු උනේ මේ දෙන්නා නිසයි..

වෙද ගෙදර මහ වෙදනා said...
මම හිතන්නේ ඔබගේ ඔය වාක්‍යය ටික කොපි කරලා, ලොකුවට ලියලා, ලියකම්, පලවැල් ආල වට්ටම් දාලා රාමු කරලා, හැම රාජ්‍යය පාලකයම උදෙට නැගිටින කොට පේන්න ගහලා තියා ගන්න ඕනෙ.


බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
වෙද මහත්තය කියපු එකමයි ඕං මාත් කියන්නේ


බලය මුදල් ඇතිදා දන ගා වැටෙ        ති
නැතිදා වටේ උන් හා මිතුරන්ද  නැ    තී
පවුලේ උන් පවා පන බේරන් දුව       ති
ඇතිදා සීනී නැතිදාකට ගෝනී වෙ     ති

Oct 20, 2011

තල කැරළි - Sesame Revolution


සටහන - මෙය ලියන්නට හේතු උනේ W3Lanka ගේ පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් එක..

ප්‍රස්තුතය -
ඔතන්නට
තල කැරලි
රැගෙන ගොස්
කාල් මාක්ස්

.oOo.

Oct 18, 2011

කඩලෙ - Kadale


සාමාන්‍යයෙන් පාසල් ජීවීතේ දී මුන ගැසෙන චරිත මුළු ජීවිත කාළයටම වීරයෝ. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, හෙඩ් මාස්ටර්ලා, නපුරු ගුරුවරු ගුරුවරියෝ, ආදරණීය ගුරුවරු ගුරුවරියෝ, කෝච්ලා, හෙඩ් ප්‍රිෆෙක්ට්, ක්‍රිකට් කැප්ටන්, රගර් කැප්ටන්, බ්‍රයිට් පොරවල්, කචල් පොරවල් වගේ අය. ඒත් ඔයාලට හිතන්න පුළුවන්ද ඉස්කෝලයක් ඇතුලේ කඩල විකුණපු කෙනෙක් හැමෝගෙම ආදරය දිනා ගත්ත චරිතයක් වෙයි කියලා. ජීවීතයටම අමතක නොවන.

Oct 17, 2011

රෑ බදුල්ලා - Internet Dongle



නෙතු ගැටිනි
හිත ඇදුනි
ගත පිනුනි
ගොඩ වැදිනි

ගොඩ උනා ඒ මොඩර්න් කඩයට
සුරූ පිණියන් මාව වටකොට
ඩිස්.. කවුන්ට් සමගින්.. වැඩිම ගානට
රෑ බදුල්ලෙක් දුන්නා මා හට

Oct 16, 2011

තමුසෙ හිතුවද මං...... - Who do you think I am.......



ගෙදර වාහේ බියර් එකක් තොල ගාමීන් සාලයට වී, ක්‍රිකට් තරඟය බලන අතරේ බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටීයාය.

"මේ ඇහුනද... අනේ අර බාත් රූම් එකේ ටැප් එකක් ලීක්.... පොඩ්ඩක් බලන්නකෝ.... අපරාදේ වතුර අහක යනවා."

"තමුසේ හිතුවද මම පයිප්ප බාස් කියලා....කාට හරි කියල කර ගන්නවා.."