.

.
Showing posts with label Shani. Show all posts
Showing posts with label Shani. Show all posts

Apr 2, 2026

කරූගේ ගෝතකරුම බෑනා නවීන් දිසානායක...

 



කරූගේ ගෝතකරුම බෑනා

නවීන් දිසානායක...

➖➖➖➖➖😁➖


ජවිපේ බලයට ඒමට කලින් පොදු සතුරා වී උන්නේ රාජපක්ෂලාය... 


හැම එකාම රාජපක්ෂලාට කිව්වේ හොරු කියලාය... පට්ට වැඩේ කියන්නේ... මහ බැංකුවේ මහ දවල් මංකොල්ලයේ සල්ලි සිරිකොත හරහා තමන්ගේ චන්දයට ගත්ත එවකට යූ ඇන් පී හා දැන් සජබ උනුත් කිව්වේ මහින්ද හොරා කියලාය....


අනෙක් චෝදනාව වූයේ පාස්කු ප්‍රහාරය කළේ රාජපක්ෂලාට බලේ ගන්නෙයි කියනෙකය... හැබයි රාජපක්ෂලා ඒක කළේ එවකට එජාප දැන් සජබ හා ජවිපේ ආන්ඩුවක් තිබ්බ කාළයේය...


මේවා පට්ට පල් බොරු චෝදනා බව දැන් ඔප්පු වී හමාරය....


දැන් ලංකාවේ නිදහසින් පසු එතෙක් මෙතෙක් සිඳුවූ දැවන්තම වංචාවන් දෙකක්ම සිඳුව අවසානය....  ඒ කන්ටේනර් වංචාව හා මහා ගල් අඟුරු මංකොල්ලයය. 


මෙයින් රටට සිඳු වූ පාඩුව... කෝටි ගනනක් වනාතර හොරා කෑවේ සියල්ලන්ම සමඟින් නිසා.... පුන්නක් සී එලවා ගන්න බැරිව ඇවිදින පුස්තකාල මහමඟ රෙමින් හත්පොලේ ගාගෙන නාගෙන සිටිනාකාරය දැක්කාම අපේ තනි ඇහැට ඇඬෙන්නේය....


උන්.... බෙහෙත් ගන්න ආ රෝගින්ට බෙහෙත් කරනු වෙනුවට... අපි දැන් වෙනසක් කරමු යැයි කී ජොස්තරලාට පවා අරින්නේ වැස්ලීන් තබා කෙල පොඩ්ඩක් හෝ නැතිවය.... 


ඒවා දකින කොට මට බුදු හාමුදුරුවෝ දෙසූ සත්‍යය අවබෝධ වෙමින් නිවනට කිට්ටු වෙන බවක් දැනෙන්නේ දිඨ්ඨධම්මවේදනීය කර්මේ ඇස් පනාපිට පලදෙන නිසාය..... තවත් සහන ඉදිරියේදී ලැබීමටත් නියමිතය....


දැන් සියල්ලන්ගේම පොදු සතුරා වී ඇත්තේ ජෙප්පන්‍ය.... 


දැන් දිනපතාම ජනතාව උන්ගේ ජාතිය අමතමින් සිටින්නේය... 


මීළඟ චන්දයකදී ඕකුන්ට ඇපත් නොලැබ තමන් වෙත බලය ඉබේ පාත්වේ යැයි යන දවල් සිහිණයේ ජීවත් වන සජිත් සමඟින් එකතු වීමට නවීන් දිසානායක හා එජාප හාල්පාරුවෝ පිරිසක් දඟලන්නේ ඒ අනුවය....


විපක්ෂයේ සියල්ලන් හා එක්ව බලය හවුලේ ලබාගෙන රට ඉදිරියට ගෙනයාම පසෙක තබා... සජබට හෙත්තු වී... සජිත්ගේ සජබ ආන්ඩුවක් බිහිකරගෙන... ඇමතිකමක් ලබාගෙන ජනතාවට මැදගිල්ල පෙන්වමින් අලි ඔලුවෙන් සිටීමට එකම බාධාව වී ඇත්තේ නාමල් රාජපක්ෂ හා පොහොට්ටු බයියන් බව දැන් සජබේ උන්ට මෙන්ම නවීන් වැනි එජාප දේශපාලන බූරුවන්ටද අවබෝධ වී ඇත්තේය.....


මොවුන් සියල්ල අන්ද මන්ද වුයේ සජිත් පවා පැමිණි ගම්මන්පිලගේ පොත් එලිදැක්වීමත් එක්කය... 


ගම්මා සියල්ලන් එකතු කර ගැන්මට සමත්ව උන් අතර... ගම්මා හා දේශකයින් පැහැදිලි සාක්කි මත කරුණු හෙලිකරද්දි සජිත් ඇතුලු එවකට එජාපයේ උන් එකිනෙකා හෙමින් නැගිට ගියේ ජනමතය කුමක්ද යන්න අවබෝධ වූ නිසාවෙන්මය....


මේ එකතු වීම දරාගත නොහැකි නවීන් දිසානායක වැනි බූරුවන් හා කොටි සල්ලි වලින් යැපෙනා ජඩමාජ්ජවේදීන් මහ මොළකරු සහරාන් බවට හෙලිකල පොත බොරුවක් බව පවසන්නේ විශේෂ හේතුවක් සහිතවය.....


ඒ රිෂාඩ් හකීම් මුජිබර් හා මුස්ලිම් චන්දත්... ක්‍රිස්තියානි හා දෙමළ චන්දත් තමන්ට අහිමි වේ යැයි බියෙනි.... මුන්ට... සත්‍යයට, රට ජාතියට වඩා වටින්නේ, දේශපාලන බලය ලබා ගැනීමම පමණක්ම බව බොහෝ පැහැදිලිය....


මේ එජාපය සිය කැමැත්තෙන් වලලාගෙන සිටිනා කොඩිවිනය.... මොවුන් ජනතාවාදී දේශපාලකයෝ නොව බිස්නස්කාරයෝය... උන්ට අවශ්‍ය බලයම පමනි....


නමුත් මේ දේශපාලන හාල්පාරුවෝ හොමතගයු  වන්නේ ගෝටා බලය ගත්තේ තනි සිංහළ බෞද්ධ චන්ද වලින් පමණක්ම බවය....


අපරාදේ කියන්නේ ප්‍රභාට ගේම දෙන්න යනකොට.... බජට්ටෙක පරදා මහින්දගේ ආන්ඩුව වට්ටන්නට විජේවීරගේ ත්‍රස්තවදී නඩය ආන්ඩුවෙන් ඉවත්ව යද්දි.... එදා එජාපයෙන් ඉවත්ව මහින්දගේ දැත් ශක්තිමත් කිරීමට පැමිණියේ.... එජාපයේ සිහළ බෞද්ධ නියෝජිතයා වන කරු ජයසූරියය...


එවන් කෙනෙකුගේ කීර්තිනාමය රැකගැනීමට හෝ නොහැකි දේශපාලන බූරුවෙකු..... තමන්ගේ බැණා කෙනෙකුන් වීම කුමනාකාරයේ කරුමයක්දැයි යන්න උන්නැහේ කල්පනා කරනු නොඅනුමානය...


ඒ වගත් මෙසේය.....

.

Sep 20, 2023

වළං හෝදන ශානීගේ රෙදි හෝදන රවී සෙනෙවිරත්න.


 

වළං හෝදන ශානීගේ 

රෙදි හෝදන රවී සෙනෙවිරත්න.

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


සියල්ලටම පෙර මෙවන් හාල්පාරුවන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නැත. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------

නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක

Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම් අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම, ජනහඬ පූරකයාටද ඔවුන් අමතකව යයි.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොහෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොයා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 

මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් ඩොලර් උපයන ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..

.

Sep 11, 2023

රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක් පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

 


රාජපක්ෂලා වැරදි කරුවන් වන තෙක්

පරීක්ෂණ නොනවත්වා පැවැත්විය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව, වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් හා පසු විපරමෙන්, 

ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේනවාය.


එහෙත් එකම එක දෙයක් ඔවුන්ට අමතකව ඇත. ඒ චැනල් ෆෝ වීඩියෝවේ තිර රචනය හා අධ්‍යක්ෂක වූ වළං ශානී ඒ කොමිසමට දාන්නෙයි කියලා කියනා එකය. සමහර විට මෙහේ සමහරක්ට එය කරගන්නට වුවමනා වුවද, පොර එවන් කොමිසමකට දැම්මොත් ගානියා බැරිස්ටර් සීන් එක වගේ වැඩේ Bull in a China Shop වෙන්න පුලුවන් නිසා හිතා මතාම අමතක කලා වෙන්නත් පුලුවනිය.


 ඊටත් වඩා ඔවුන්ගේ නිවේදනයේ, එම විමර්ශන, ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතු විය බව සඳහන් වන නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකක් කියා දැන් එකක් කියනා දේශපාලුවන්ගේ කුස්සිවල වළං හෝදන පීචමෙක් එවැනි දේකට නොගැලපෙන නිසාත් වෙන්නැතිය.


මෙහේ වළං ශානිට කඩේ යන ත්‍රස්තවාදීන් හා එක්සත් ජාතීන්ගේ හඬද එකම එකක් වනාතර නැත්තේ ශානීගේ නම විතරමය. ඒ අනුව මේ මානව හිමිකම් කොමිසමද සම්බන්ධ ඉන්ටර්නැෂනල් ගේම් බව බොහෝ පැහැදිලිය.


මෙයාලාට ඉරාකයේ, සිරියාවේ, ඇෆගනිස්තානයේ, ලිබියාවේ අහිංසක වින්දිත ජනතාවට එයාලාගේම අය අහිමි කළ මානව හිමිකම්වලට වඩා වැදගත් වී තිබෙන්නේ, මේ හූණූ බෙට්ටේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්ය. 


ඇත්තටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන්නේ අහිංසක වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් ගැන වොරි වෙනවාට වඩා...ක් පීඩකයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ආයතනයක් බව එයාලාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්ද පැහැදිලිව පෙනෙනවාය.


මාතලන් කිසි දිනෙක රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටියද, රාජපක්ෂලාට කෙලවීමෙන්, ඔවුන් මේ මොහොතේ නායකත්වය දෙන, මේ රටේ බහුතරය වන සිංහළ බෞද්ධ බලවේගයටද කෙලවා දැමීම, මේ ජාත්‍යන්තර සංවිධානවල, කොටි ඩයස්පෝරාවේ හා කතෝලික පල්ලියේ එකම පරමාර්තයය.


නියෝජ්‍ය කාදිනල් ඕමල්පේ අහිමි, සිහළ බෞද්ධ බලවේගය නිමී කියා ගෝල්ෆේස් බයිබලයේ ලියා තබන්නේ ඒ නිසාය. 


එමෙන්ම සජිත් ප්‍රේමදාස, පාඨලි මෙන්ම රාජපක්ෂ විරෝධී දේශපාලුවන් එහි නායකත්වය ඩැහැගැන්මට පෙල ගැසී සිටිනවාය. ශානීගේ ළණු කන සජිත්ට බෞද්ධයින් සිහිවෙලා තියෙන්නේ ඒ නිසාය.


අප මෙහිදි මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ හැසිරීම ඉතා ඉහලින් අගය කළ යුතුය. ඇමරිකාවෙන් ටෙරෙක් ලෙස රිජෙක්ට් වූ මුජිබර් හැර වෙන කිසිඳු දේශපාලුවෙක් හෝ මෙය සලේගේ හා රාජපක්ෂලාගේ ක්‍රියාවක් බව කියන්නේ නැතිය.


ඒ ඔවුන් ඉස්ලාම් භක්තිකයින් ලෙස  ජිහාඩ්වාදය ගැන හොඳින්ම දන්නා නිසාමය. මෙරට ඉස්ලාම් බහුතරය ශරියා නීතී රීතී වලට අකමැතිය. එබැවින් ඔවුන් අන්තවාදී නැතිය. පසුගිය කාළයේ සුළු පිරිසක් තලෙයිබානරණය වැළඳගෙන එය අදහමින් සිටියද, එය කෙතරම් භයානකද යන්න පාස්කු ප්‍රහාරයෙන්ම අවබෝධ කර ගෙන අවසානය.


මේ යෝජනා ගෙන එන උන් මේ පිළිබඳ පැවති FBI පරීක්ෂණ හා එහි වාර්ථාවන් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා බව බොහෝ පැහැදිලිය. එසේ දැන උන්නා නම් එංගලන්තයේ පවා පඩත්තල දෙකයි පනහේ ගොසිප් නාලිකාවක් ලෙස ප්‍රකට ආයතනයකින් නිකුත් කළ වීඩීයෝවක එල්ලෙන්නේ නැතිය.


හැබයී ඉතින් ඔවුන්ද එහි සම නිශ්පාදකයින් වූ කළ ඒ චිත්තරපටිය ගැන ප්‍රචාරණයේ නොයෙදීත් බැරිය.


කෙසේ හෝ චැනල් ෆෝ චිත්තරපටියේ ජිනීවා ප්‍රදර්ශනයද සාර්ථක වූ අතර මෙරටද ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙනවාය.


එය ඔවුන්ගේ කලින් නිශ්පානදයක් වූ Killing Fields මෙන්ම අම්බ කෙප්පයක් බව ඔප්පු වන තෙක්ම, මේ සෙප්පඩවිජ්ජා ඇත්තයි කියා සිතනා උන් ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතිය.


මේ සියලු සෙල්ලම් දමන්නේ උසාවියේ පවතින පාස්කු නඩු 48 ට..

සිරිල් ගාමීනිට එදිරිව සුරේෂ් සලේ නඩුවට බලපෑම් කිරීමටත්...

අත් අඩංගුවේ සිටිනා අධි චෝදනා ලැබූ ත්‍රස්තවාදීන් නිදහස් කරගැන්මටත් බව බොහෝ පැහැදිලිය....


අසාද් මවුලානාගේ ගිණුම මෙන්ම උන්ට කඩේ යන උන්ගේ හත්මුතු පරම්පරාවේම බැංකු ගිණුම් ගැන සොයා බැලීම ආරක්ෂක අංශවල වගකීමය.


එන්න අපි රාජපක්ෂලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියමු...


කුරුසයේ තබා ඇණ ගසමු...


අප අපට ප්‍රේම කරන ආකාරයටම .....

සෑම කෙනෙකුටම ප්‍රේම කරන්නැයි බයිබලය අපට පවසයි 


(ගලාති 5:14)

.