.

.
Showing posts with label Short Story. Show all posts
Showing posts with label Short Story. Show all posts

Aug 8, 2025

ගූ නැව ආයේ ගේන්න වෙයි වගේ...

 


වර්ෂ 2012

➖➖➖⭕


අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....


මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?


මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....


ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?


තාත්තා කළබල නැතිව ඉන්නකෝ... 


ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?


වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....


වර්ෂ 2025 

➖➖➖⭕


විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....


මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....

එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..

War Head කීපයක් තියෙන...

වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....

දැන්  ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....

මේ මොහොත වන විට....

පැලවත්ත සුනේ සුං...

පාර්ලිමේන්තුව කුඩේ කුඩු....

ජනාධිපති මන්දිරේ ඉවරයි...

අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....

ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....

තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....

ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...

ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....


තනි ඇහැට ඇඬෙන්නේ....

මේ මල් පාර දිගේ එන්න සමදරා.....


මේ අතර

➖➖➖➖


චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....


චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...


චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....


ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....


ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....


#මාතලන් 

.

Jul 17, 2025

වෙඩි වැදුන ගේට්ටුව කරාපිටිය රෝහලට

 


වෙඩි වැදුන ගේට්ටුව

කරාපිටිය රෝහලට

➖➖➖💀💀💀➖


ප්‍රදේශයේ ජනප්‍රියම නීතිඥවරයා වූ ප්‍රකාශ් මහතාගේ කළු යකඩ ගේට්ටුව ඊට සුපුරුදු ස්ථානයේ ස්ථිරව හා ආඩම්බරයෙන් සිටගෙන සිටි තවත් බරපතල සඳුදා පාන්දර ජාමයකි..... ඇත්ත වශයෙන්ම රාත්‍රී කරෝකේ සමාජ ශාලාවල කළු පැහැති ඇඳුමෙන් සැරසි මස් පිඬු ප්‍රදර්ශනය කරමින් සිටිනා බවුන්සර් කෙනෙකු මෙන්... කළු ගේට්ටුව නිතීඥවරයාගේ මන්දිරයට ඇතුළු වන දොරටුව ආරක්ෂා කළේය.


මෙය සාමාන්‍ය ගේට්ටුවක් නොවේ. එහි දැඩි, සෘජු ඉරියව්ව සහ උසාවි නියෝග යටතේ පමණක් එය හඬ නඟන ආකාරය නිසා එය අසල්වැසියන් හැඳින්වූයේ බිල් ගේට් ලෙසය.


එහෙත් එදින උදෑසනන ප්‍රදේශයේ විදුලිය විසන්දි වූ අතර.... පලාතම බියගන්වමින් බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල විය......


බිල් ගේට් ආරක්ෂා කිරීම සඳහා යොදා සිටී ආරක්ෂකයින් දෙදෙනාම උඩ ගොස් ඇහැරිනි.... ඔවුන්ගේ ආයුධ අතට ගත් ඔවුන්ද කළේ බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල කිරීමය...


නීතීඥ මහතා මන්දිරයෙන් එලියට පැමිණි අතර, බිල් ගේට් ඉතා අසරණ තත්වයක සිටිනු දුටුවේය, ඔහුගේ අවසන් හුස්ම හෙළන්නාක් මෙන් නාටකාකාර ලෙස වැටී සිටි බිල් ගේට් සරනේරුවකින් අමාරුවෙන් එල්ලී සිටියේය.... 


ඔහුව වහාම කරාපිටිය රොහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත ගෙන යන ලදී, සයිරන් හඬ නඟමින් පැමිනි ගිලන් රථයේ උන් බිල් ගේට් වහාම වාට්ටුවට ඇතුලත් කරන ලදි.


වෛද්‍යවරු එය සෘජුවම බිල් ගේට් වෙත එල්ල කරන ලද බියගුලු ප්‍රහාරයක් බව ප්‍රාදේශීය වාර්ථාකරුවන්ට ප්‍රකාෂ කළ අතර.... හදිසි වෙල්ඩින් කටයුතු මේ වන විටත් කෙරෙමින් යන බව පැවසීය.


මේ අතර, රෝහලට පැමණි ජනප්‍රිය නීතීඥ මහතා මාධ්‍යවේදීන් අමතමින්...., මෙය ඉතා නින්දිත ප්‍රහාරයක් බවත්... ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත්....  ඒ ගේට්ටුවයි අපියි එක පවුලක් වගේ..... වැනි නීතිමය වාග් මාලාවක් කියමින් කෑ ගැසූ අතර, ගේට්ටුවකට වෙඩි තැබීම අපරාධ විදි විධාන සංග්‍රහය අනුව මරණ දඬුවම හිමි වරදක් බවත් කියා සිටියේය.


පොලිසිය පැමිණ තැපැල් පෙට්ටිය සහ ජල මීටරය වැනි අනෙකුත් අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් නමුත් කිසිවෙකු කතා කළේ නැත. ඔවුන්ගේ මානසික තත්වය බොහෝ ව්‍යාකූල තත්වයක ඇති බව පොලීසියටද අවබෝධ විය.


බිල් ගේට් සම්පූර්ණයෙන්ම සුවය ලැබීය. නමුත් එදින සිට ඔහු වෙඩි නොවදින තීන්ත කබායක් පැළඳීමට අවශ්‍ය බව කියා සිටී අතර අමුත්තන් වෙනුවෙන් දොර සීනුවක් සවිකර තිබුනේ වී නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල නොකරන බවත් පවසා සිටියේය. 


බිල් ගේට් වෙත එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අසල්වැසියන් තවමත් කතා කරනාතර... කෑලි කපන කළුවරේ ප්‍රහාරය එල්ල කළේ අසවල් පිරිස යැයි නිවැරදිවම කී හෙයින්... තම තමන්ගේ නිවෙස් වල සවිකර තිබූ ගේට්ටු ගලවා විසිකර දැමූ අතර... නීතීඥ මහතාගේ ගේට්ටුව සැදූ වැල්ඩින්කරු ප්‍රදේශයේ කොටිපතියකු වෙමින් සිටී.


මේ අතර ඔහු ඉදිරි පලාත් පාලන චන්දයට ඉදිරිපත් වීමේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු මේ වන විටත් ආරම්බ කර ඇත.


#මාතලන් 

.

Mar 19, 2024

ලීක් වීම හෙවත් පෙම්වතුන් සිනා සේ... ඔහු කඳුළු සලන්නේ...


 

ලීක් වීම හෙවත්

පෙම්වතුන් සිනා සේ...

ඔහු කඳුළු සලන්නේ...

➖➖➖➖➖➖➖❤️▪️


සුරංගනා ලෝකයෙන් පෘතුවියට පැමිණි අනංගයා ලංකාවේ සිටී බව බොහෝ උන් දැනගත්තේ ලීක් වූ වීඩියෝ බුකියේ උන් බෙදාහදාගනිමින් සිටිනා අතරතුර.... රැවුල කොන්ඩය වවාගත් තරුණයකු පොලිස් ජීප්පුවක් තුල සිටිනවා දැක්මෙනෙක්බිතිය. ඔහු ප්‍රේමරාජ් නම් විය... 


මේ ඒ කතාවයි....


කිසියම් තරුණයකු ලවර්ස් ලේන් එකේ පෙම්වතුන්ගේ ප්‍රේමාලිංගන...  උත්තල දර්පණය සහිත පෝටබල් වයිපයි රිමෝට් කාච මත රහසින් තැන්පත් කරගනිමින් සිටින බව ලවර්ස් ලේන් පොලිසියට පැමිණිලි ලැබී තිබින....


දිනක් පොලීසියට හොරෙන් තම රාජකාරී මොහොතේ ලවර්ස් ලේන් එකේ ඇවිද ගිය කන්‍යාවියක් වූ පොලිස් සැරයන්වරියක් හදිසියේ ගැබ් ගැනීමේ හේතුවෙන්.... පොලිසියේ කිසිවකුටත් ලවර්ස් ලේන් එක තුල සැරිසැරීම නීතියෙන් තහනම් කොට තිබින. ඉන් පසු එය අධි ආරක්ෂිත කලාපයක් විය...


මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුලුල් පරීක්ෂණයක් සිඳු කළ අතර... රස පරීක්ෂණ වාර්තා තුලින් හෙලි වූයේ..... මෙම සැරයන්වරිය ගැබ්ගෙන ඇතත්.... ඇය තවමත් කන්‍යාවක්ම වන බවයි. 


මේ පිළිබඳ වැඩි දුරටත් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් වීසුරුවන්ගෙන් සමන්විත කොමිසන් සභා තුනක් පත් කළ අතර.... එහිදී කරණ ලද පාපෝච්චාරණය හමුවේ.... කොමිසන් සභා නියෝජණය කල විශ්‍රාම ලත් විනිසුරුවරියන් හා නිලධාරිනියන් කීප දෙනෙකුද ගැබ් ගැනීමට ලක් විය.


එහිදි පොලිස් සැරයන්වරිය ප්‍රකාෂ කල කටඋත්තර අතර... නාගයන්, විශාල පිඹුරන් මෙන්ම කොස් ඇට මීයන් ගැනත්.... උන් විවිධාකාරයේ ගුහ තුල තම රැඟුමන් දක්වමින් සිටි අයුරුත්...., ගැබ්ගැන්මට විශේෂම හේතුව වන්නට ඇත්තේ..... විශාල ඇනකොන්ඩාවෙක් රන්ජන් රාමණ යකාගේ ඉරියව්ව ක්‍රීඩා කිරීමට උත්සාහ කරමින් සිටි දර්ශනය විය හැකි බවත්‍ය...


මේ අතරේ ප්‍රේමරාජ් මහතා තමන්ට පැවරි ඇති රාජකාරිය ඉටු කිරීමට යාමේදී මහත් ගැටලුවකට මුහුණ දී සිටියේය.... ඒ ඔහුගේ හී සැර වැදී නැති උන් පවා.... එකාට දහ දෙනෙකු හා සෙට් වී සිටීම තුලය.... මොවුන් අතරින් නියම පෙම්වතුන් තෙර්‍රීමට නම් කළ යුතු එකම දෙය වන.... මොවුන් සෑම දිනම පැමිණෙන්නේ එකම පෙම්වතෙකු හෝ පෙම්වතියක සමඟ පමණක්මද යන්න තහවුරු කරගැන්ම සඳහා..... ආදරයේ කාචයන් ලවර්ස් ලේන් හි පඳුරු තුළ සැඟවී සිටිම ආරම්බ විය. 


පක්ෂ පාට, ජති කුල ආගම්, බයි ටොයි කයි, එක මිටි දර මිටි බේදවලින් තොරව, බුකි ප්‍රජාව සහජීවනයෙන් බෙදාහදාගනිමින් හුන් ලීක් එකක් ගැන දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙන්ම ටිරාන් අලස් මහතාටද ගෙන ආවේ විශාල අපකීර්තියකි,.... 


රට බංකොලොත් වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්බ කොට පූර්ණ ආරක්ෂාව යටතේ පවත්වාගෙන ගිය ලවර්ස් ලේන් හී මානව හිමිකම් උල්ලංගනය වීම හේතුවෙන් පෙරටුගාමීන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්බ කරන ලදි,


ජවිපේ හරිනි අමරසූරිය සඕදරිය ලන්ඩනයේ මේ පිළිබඳ විශේෂ දේශනයක් කිරීමට පිටව ගිය අතර, ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් දිවුරා පොරොන්දු දෙන ලදි. (කතානායකවරයාගේ විශ්වාසය තහවුරු වීමෙන් අනතුරුව එම විශ්වාසභංගය විවාදයට ගැන්ම සඳහා ඊයේ ආන්ඩු පක්ෂය විසින් දින තුනක් ලබා දෙන ලදි.)


එහෙත් අත් අඩංගුවට පත් ප්‍රේමරාජ් කියා සිටියේ.... තම ජංගම දුරකතනය අළුත්වැඩියා කිරීමට දුන් ආයතනයෙන් මේවා ලීක් වන්නට ඇති බවත්..., මෙය ලීක් කිරීමේ පරමාර්තයෙන් සිඳු නොකල කටයුත්තක් බවත්...., තම රැකියාවේ පහසුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැන්ම පමණක්ම බවත්.... වැලටයින් වැනි නාකී හම්පඩයකුට මේවා ගැන වැටහීමක් නොමැති බවත්‍ය.


කෙසේ හෝ මේ අතර පිටකොටුව පළමු හරස් වීදිය.... මේ වන විට ඉතා කුඩා කැමරා සොයන පාරිභෝගිකයින්ගෙන් පිරී ඇති බවත්..., හතර වන ශ්‍රේණියේ පෙළ පොතට නිවැරදිව හැමිනෙන්නේ කෙසේද යන පාඩම ඇතුලත් කර ඇති බවත්..., එහිදී ලිංගික එක්වීමකට පෙර කොන්ඩම් පැළඳීමටත් වඩා.... ප්‍රේමයේ උත්තල කාච පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් බවට වාර්තා වේ.

.

.


#මලක්ගසාලියූකවක්

.

Mar 17, 2024

ඉවාන් පවුලූෂා.... and Nikita

 


ඉවාන් පවුලූෂා....

and Nikita

➖➖➖➖➖❤️


ඉවාන් පවුලුෂා දණහිස තෙක් ගැඹුරු හිම මැදින් කඩිමුඩියේ යද්දී..... ඔහු ආග්‍රනය කළ වාතය පයින් සුවඳින් සහ ශීත කාලයට නිවෙස් තුල දැවී  පිටවන දුම්වලින් බර විය. 


සාර් රජු මෙන්ම කිසිඳු සමාවක් නොදෙන රුසියානු ශීත ඍතුව, වොල්ගා ගං කොමලියගේ ඉවුර දිගේ පිහිටි ඉවාන්ගේ ගම මත, සිය හිම පතනය දැඩි කර ඇත. ඔහුගේ හුස්ම ගැන්ම වේගවත් වී... ඒ සන්ධ්‍යාවේ මල් තුහීන වැස්සක් වී ඇද වැටිණ.... එහෙත් ඔහුගේ හදවතේ පිපි කුසුම් උණුසුමින් වෙලී තිබින....


අද රාත්‍රිය... ඔහු අවසානයේ තම ප්‍රේමාරාධනය ප්‍රකාෂයට පත්කරන රාත්‍රිය විය.


ඉවාන් පවුලූෂා.... ඔහු කුඩා කල සිටම ජන නැටුම් පාඩම් අතරතුර, ඇය හා එකට සිනාසෙමින් වසර ගණනාවක් තිස්සේ මේ මොහොත ගැන සිහින මැව්වේය. 


නිකීටා...., ඇගේ වත මත වැටුනු ගින්දර මෙන් රත්පැහැ හිසකෙස් අතරින් කටුක සයිබීරියානු ශීත කාලය උණුසුම් කළ හැකි සිනහවකින් නිතරම තමන් වෙත හොරැහින් බලන්නේ යැයි ඔහුට හැඟිනි.


ඉවාන් පවූලූෂා....//

ඇයි හොරැහින් මදෙස බලන්නේ ....

නැටුමට ඇවිදින් නැතිදෝ මබද වෙලන්නේ..... 


ඔහු ඇය දෙසට නෙත් යොමු කළ මොහොතේම... ඔහුගේ හදවත ඇය විසින් සොරාගෙන ඇතැයි ඔහුට සිතිනි.... ඔහු සිය ප්‍රේමාරාධනය  සිය දහස් වාරයක් තම සිත තුල පුරුදු පුහුණුවීම් කළේය.... ඒ සෑම අවස්ථාවකදීම, පිස්සුවෙන් මෙන් දඟලන, විකාර සහගත වලස් පැටියෙකු මෙන් ඔහුගේ වචන සමඟ ඔහු දඟලමින් උන්නේය....


ගමේ උත්සව ශාලාවට ළඟා වූ විට ඉවාන්ට හුරුපුරුදු තනුවක් ඒ රාත්‍රියේ ශාලාව තුල ගලා යමින් තිබින... බලලයිකා තුලින් ගලා එන ඒ සාම්ප්‍රදායික ගැමි වාදනය ඉවාන් කුල්මත් කළේය... සියල්ලෝ මෂූර්කා රංගනයට එක්ව තිබිනි....


එය ශීත සමයේ  අවසන් රාත්‍රිය වූ අතර... ශාලාව තුල සියල්ලන්ගේ ප්‍රීතිමත් කෑ කෝ ගැසීම් මැද... වොඩ්කා වීදුරු එකිනෙක ගැටෙනා හඬින්ද නාද වෙමින් තිබිනි. 


විශාල හඬ නඟන දොර තල්ලු කරමින්, ඒ වෙත ඇතුලුවූ අයිවන් සිනහවෙන් පිරී සහ දීප්තිමත් වර්ණවලින් යුත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳ උන් නීල නෙතු සතු රුවැත්තියන්ගේ වැළඳගැන්මෙන් ඉවාන් උණුසුම් ලෙස පිලිගැනිනි.


ඒ කිසිවකුත් සෙනඟ මැද සිටි නිකීටා තරම් සුන්දර නැතැයි ඔහුට හැඟින. කඩවසම් තරුණයෙකු වූ දිමිත්‍රී සමඟ ඇය රඟන විට ඇගේ සිනහව සීත සුළං මැද හමනා සීණූ නාදයක් මෙන් දෝංකාර දුන්නේය.....


අයිවන්ගේ ඊර්ෂ්‍යාව... තියුණු අයිස් කැට මෙන් අයිවන්ගේ හදවතම සිදුරු කළේය. මේ සියල්ලන් සිනහසෙන්නේ තමන්ට යැයි ඉවාන්ට සිතිනි... ඒ වේදනාව ඔහුට තවත් දරාගැන්මට නොහැකි විය...


බැලලයිකාව වගේ මා ....

       තුරුලු කරන් ඔය සුරතට,

මෂූර්කා නැටුමට අද පමණක්...

       එන්න පවුලූෂා......


අධෛර්යයට පත් වූ අයිවන් සෙවනැලි නොවැටෙන අඳුරු කොනකට පසු බැස්සේය.., ඔහු   බොහෝ කාළයක්  පුරුදු පුහුණු කරන ලද ප්‍රේමාරාධනය  ඔහුගේ තොල් මත මිය ගියේය. දිමිත්‍රි සහ නිකීටා නටන අයුරු ඔහු බලා සිටියේ හදවත තුල උපන් වේදනාවෙනි.


එය රැඟුමක් පමණක් නොව ඔවුන්ගේ දෑස් එකිනෙකා හා නිහඬ සංවාදයක සිරවී සිටින ආකාරය ඔහුට පැහැදිලිව පෙනිනි. 

නර්තනයේ යෙදෙන සියල්ලෝ වේගයෙන් කැරකෙමින්, අයිවන්ගේ පපුවේ අවුල් සහගත බව තව තවත් තීව්‍ර කළේය....


සංගීතය එක විටම නැවතින.... 

සෙනඟ අතරින් දැඩි නිහඩතාවයක් මතු විය.... නිල නිවේදනයක් ශාලාව පුරා දෝංකාර දෙන්නට විය. 


 

නම් කිහිපයක් අතරේ... දිමිත්‍රිද සාර්ගේ හමුදාවේ සේවය කිරීමට කැඳවනු ලැබූ බව නිවේදනයෙන් කියැවිණි. නිකීටාගේ මුවගේ සිනහව මැකී ගියේය, ඒ වෙනුවට ඇය කනස්සල්ලට පත් විය. ඒ මොහොතේ ඇගේ දෑස්වල නිහඩ ආයාචනයක් ඇති බව අයිවන් දුටුවේය, අයිවන්ගේ උගුරේ රැඳුණු ප්‍රේමාරාධනය ඔහුට අමතකව ගියේය..


සාදය නිහඬ බව මැදම අවසන් විය, දිමිත්‍රිගේ හා අන් අයගේ පිටවීමේ බර, සෑම කෙනෙකුගේම උරහිස් මත රැදි බර ලෝගුවක්ම විය. ගම්වැසියන් විසිර යාමට පටන් ගත් විට, අයිවන් නිකීටා අසල සිටගෙන සිටිනු දුටුවේය. 


ඔහු මෙතරම් කාලයක් පෙරහුරු කළ වචන ඔහු හැර ගියේය. "එයා ආයේ එයි.... නිකීටා..." ඔහුට හුස්ම ගැන්මේ අපහසු බවක් දැනිණ...


නිකීටාගේ මුහුණේ සිනහව, කඨෝර ශීත සෘතුවේ අවසානයේ පොලොව තුලින් මතුවන කුසුමක පිපීමක් වැනි බලාපොරොත්තුවක්ම විය. 


"මම බලාපොරොත්තු වෙනවා, අයිවන්," ඇය පිළිතුරු දුන්නේ ඇගේ කටහඬ වෙව්ලමිනි. ඔවුන් මොහොතක් නිශ්ශබ්දව සිටි අතර, දෙදෙනා නොකියූ වදන් සියල්ල ශීත හිම මත රැඳින.


පසුදා උදෑසන, සොල්දාදුවන් කණ්ඩායමක් පිටත්ව යන ආකාරය මුලු ගමම බලා සිටියේය. දිමිත්‍රිගේ රුව ක්ෂිතිජය දෙසට හුදකලා වූ පැල්ලමක් වී නොපෙනී යන්නට විය. 


නිකීටා අයිවන් අසල සිටගෙන උන්නේය, ඇගේ නෙතින් කඩා හැළුන කඳුළු කෙතරම් උණුසුම්ද යත්... හිම දිය කරමින්  කම්මුල් දිගේ ගලා ගියේය... ඔහු ඇයව අතින් අල්ලා වැළඳගෙන.... ඇය වෙත යම් සහනයක් සැනසීමක් ලබා දීමට ආශාවෙන් සිටියද.... ඒ සියළු හැඟුම් ගොළු වී තිබිනි.


ශීත කාළය ලබා දුන් පාළු මුඩුම භූ දර්ශනය බලාපොරොත්තුවේ හරිත වර්ණවලින් පින්තාරු කරමින් වසන්තය ළඟා විය. නමුත් අයිවන් සහ නිකීටා සඳහා පමණක්, මුළු ලෝකයම ශීත ඍතුවේ අඳුරු බවින් වැසී තිබින...


දිමිත්‍රි වෙතින් නිකීටා වෙත වරින් වර ලිපි පැමිණියේ, දුර බැහැර රටවල කතා සහ සටන් වලින් පිරී සිඳුවීම් සමඟය. ඒ සෑම ලිපියක් සමඟම,  නිකීටාගේ දෑස් තුළ බලාපොරොත්තුවේ දැල්වීමක් දැල් වීය, අයිවන් තවමත් ඔහුගේ නොකියූ ආදරයේ ප්‍රේමාරාධනවේ හැඟුමින් මුසපත් වී උන්නේය.


සරත් සෘතුවේ ගිනියම් රස්නය වැලඳ ගැනීමට ඉඩ දෙමින් ගිම්හානය පහව ගියේය. එක් උදෑසනක, වේගවත් කුර හඬ සමඟ අසරුවකු රැගෙන ආ පුවත ගම කළබල කිරීමට හේතු විය... යුද්ධයේදි ඇති වූ දරුණු තුවාල හේතුවෙන් දිමිත්‍රි මිය ගියා....


නිකීටා බිම ඇද වැටුණාය, ඇඟේ හැඬීම මුළු ගම පුරා දෝංකර දුන්නේය.


අයිවන් ඇයව වත්තන් කරගෙන උන් අතර, ඇගේ සිරුර වෙව්ලන සෑම හඬකින්ම ඔහුගේ හදවතද බිඳී ගියේය. ඒ මොහොතේ, ඔහු මෙතරම් කාලයක් පුරුඳු පුහුණු වූ තම සිත තුල සඟවාගෙන සිටි වචන ආදරයේ නාමයෙන් අවංක හැඟීමෙන් ඉබේ මෙන් ගලා ඒවී යැයි අයිවන්ට සිතිනි...


මම ඔයාට ආදරෙයි නිකීටා... ඔයාට මම ඉන්නවා..... එහෙත් ඔහුගේ ප්‍රේමාරාධනය කිරීමට මේ මොහොත නොවේ.. ඇය එය නොසලකා හරිනු ඇත... නිකීටා දැඩි ශෝකය තුළම අතරමං වූවාය.


ගමම සුදු පැහැති වස්ත්‍රාබරණයෙන් ආවරණය කරමින්... ශීත ඍතුව නැවත වරක් බැස ගියේය. 


නිකීටා... ඇගේ ආත්මය අඳුරු වී, අවතාරයක් මෙන් ජීවිතය හරහා ගමන් කරමින් උන්නේය. අයිවන් නිහඬ වොල්ගා නදිය අද්දර පහන් කණුවක් මෙන් ඇගේ පසෙකින් සිටියේය. 


ඔහු ඇයගේ ආදරය බලාපොරොත්තු නොවූවත්, ඔහුගේ හදවතේ කොනක රැඳි ප්‍රේමාරාධනාව තුල ... කටුක ශීත ඍතුවේ දී පවා මුරණ්ඩු ලෙස මල් පිපිනි...


දිනක් නිකීටා අතුරුදහන් වී ඇති බව ගම පුරා ප්‍රචාරය විය. 


සෝදිසි කණ්ඩායමකට වොල්ගා ගඟේ ශීත ඉවුරු අසලින් ඇයව හමු විය. ඇගේ අතේ තදින් ගුලිකරගෙන වුන් රත් පැහැ ලේන්සුවක් තිබින... ඒ තුල තිබුණේ  නිකිතාගේ රැව ඇඳි දිමිත්‍රිගේ ලිපියකි.


අයිවන් ඇයගේ නිසල සිරුර හුදකලා බර්ච් ගසක් යට තැන්පත් කළේය, සුළඟ එහි අතු හරහා ශෝකජනක ගීතයක් මුමුණමින් සිටියේය. 


ඔහු විශාල වරදක් කළ බව හැඟී ගියේය, සමාව නොදෙන අහස යට තනිව, ඔහුගේ අප්‍රකාශිත ප්‍රේමයේ බර ඔහුට දරාගත නොහැකි බවක් හැඟිනි.....


එහෙත් නව ශීත ඍතුවේ පළමු හිම පියලි වැටෙන්නට පටන් ගත් විටද, නිකීටා සදහටම තම හදවතේ ජීවත්වන බව අයිවන් දැන සිටියේය.


Oh, Nikita, you will never know....

Anythin' about my home....

I'll never know how good it feels to hold you....

Nikita, I need you so....

Oh, Nikita, is the other side....

Of any given line in time....

Countin' ten tin soldiers in a row....

Oh no, 

Nikita, you'll never know.....


#මලක්ගසාලියූකවක් 


.

Oct 12, 2021

මැණිකේ හා බෆලෝ කූඩැල්ලා

 


මැණිකේ හා බෆලෝ කූඩැල්ලා

➖➖➖➖➖➖➖➖➖➖➖

(මගේ බ්ලොග් එකේ නමත් එක්ක "මැණිකේ" කියලා ටයිප් කරලා සර්ච් පාරක් දැම්මම අහු උනා මම ලියපු පරණ එකක්, කොටස් දෙකකට ලියපු කතාව, බුකියේ බ්ලොක් වෙන වචන මොඩිෆයි කරලා ආයේ ගෙඩිය පිටින් එකකට හැදුවා)

කැළණිය අපේ ගේ ගාවට කොළඹ ඉඳලා හරියටම 8 Km. ඒත් අපි පොඩි කාළේ මේක තනිකරම ගමක්. 77 ට පස්සේ සීඝ්‍ර දියුණුවකට ලක්වෙනවා. අද ඉන්න අයට මේ දේ වල් නැති උනත්. අපි ගමක ළමයෙක් විඳින සුන්දර ළමා කාළයක් මේ ගමේ ගෙව්වා.  

ගේ පිටිපස්සෙ කුඹුරක් තිබුනා. නමුත් කැළණි ගඟ ගලන කාලේට මේක යටවෙනවා. කුඹුර උනාට අපි ඕකට කියන්නේ වෙල කියලා. මේක යටවෙනවා කිව්වට අද වගේ නෙමෙයි. කුඹුරු කරන ප්‍රදේශයේ අඩි තුනක් විතර. ඒ උනාට ඒ කාළේ අපිට ඒක ළොකු වතුරක් ඇයි අපිට වයස දහයක් විතර ඇති මේ කතාව කියන කාළේ.

කතාවේ පාත්‍ර වර්ගයා තමයි මම, අපේ මල්ලි, කනිෂ්ක - එහා ගෙදර මගේම වයසේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, ගීතංජලි - මැන්ගෝ ෆ්‍රෙන්ඩ් ගේ නංගි, උන් අපේ ළඟම නෑයෝ. 

මැණිකා - එතකොට වයස 18 ක් විතර ඇති මාර ලස්සන, අපේ නංගි බලාගන්න ඉන්න අක්කා - ගමේ නාඩගං නටනවා කියලා,  අපි ගමේ ගියපු වෙලාවක මැණිකලගෙ ගෙදරින් බලෙන්ම දීලා.. එයාගේ කැමත්තෙන් අපේ ගෙදර ආවේ. ප්‍රේමසිරි - කනිෂ්කලයි කඩේ වැඩ කරන කෙනෙක්ගේ පුතා, වයස 16 විතර, ඉස්කෝලෙත් යනවා, නසරානියා. අපි වගේම තමයි.

වෙලේ වතුර පිරුණ ගමන් අපි කෙහෙල් කොටන් පාරු හදනවා. ඒ කතා කියන්න ගියොත් මේක ඔයාලට එපා වෙනවා. ඕක ටික වෙලාවක් පැදලා, වෙලට පනිනවා. අපේ බෙල්ල ගාවට තමයි වතුර. ටික වෙලාවක් පීනනවා කියලා වතුරේ ඇවිදලා, කස්ටියම එනවා, සිමෙන්තියෙන් වට කරලා ලස්සනට බැඳලා තියෙන ළිඳට. 

ඔන්න ඉතින් කූඩැල්ලෝ ඇදලා දාලා අපි කස්ටියම එකට නානවා. මැණිකා මේ හැම දේම බලන් ඉන්නවා. අම්මලාට අපි ගැන බලන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති. කවුරු හිටියත් උයන්නේ අම්මනේ. 

කස්ටියම ඉන්නේ ජංගි ගහල. ජංගි කියන්නේ අම්මලගේ ගවුම් මහලා ඉවරවෙන, බූමිතෙල් ගඳ ගහන චීත්තවලින් මහලා, ඉනට ඉලාස්ටික් එකක් අල්ලලා තියෙන කොට කලිසම්.  බාල්දි දෙකෙන්ම ඇදගෙන නාපු අපි කට්ටියම එකට සබන් ගානවා.

බේබී හොඳට සබන් ගා ගන්න මූනේ... මැණිකා කියනවා.

එයානම් කියයි... ඇස් දෙක දන්න ගත්තම එයා මොනවා කරන්නද....? උදේට ඉස්කෝලේ යනකොට, අම්මා මූණේ සබන් ගාන කොටත් මම ඇස් දෙක තද කරගෙන ඉන්නේ.

හරි හෝදලා ඉවරයි... ඒ අම්මා.

ඇස් අරින්නද....?

හා අරින්න හෝදලා ඉවරයි.

හොඳටම හේදුවද අම්මේ....?

ඔව් දරුවෝ ඔව්,

ඔන්න එහෙනම් අරිනවා......?

අරින්න පුතෙ අරින්න...

ඒත්... තද කරන් ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා, දෙකට නැමිලා, බේසමෙන් වතුර ටිකක් අරගෙන ආයිත් ඇස් දෙකේ ගාගන්නවා. අම්ම අවිස්වාස නිසා නෙමෙයි, එයාටත් අහු උනේ නැති, අර ඇස්වලට අගුණ පෙන ජාතියෙන් පොඩි බින්දුවක් හරි අම්මට පේන්නේ නැතිව හැංගිලා හිටියොත්. ඇහේ වතුර ගාගත්තත් අරින්නේ නෑ. මූන පිහදාලා ඉවර උනයින් පස්සේ, ආයිත් ඇස් තද කරලා බලනවා. තුවායෙන් ආයිත් හොඳට පිහිනවා.

ඔන්න එක පාරක් ඇරලා ටක් ගහලා වහනවා. තොටළඟ තොරනේ වගේ මොනවද වගයක් එක පාරටම පේනවා. ආයිත් ඇරලා බලනවා.

ඒ පාර නම් අම්මව දැක්කා. ඔය ඉන්නේ සීදේවී වගේ හිනා වෙවි. ඒ උනාට ආයිත් වහනවා.

හ්ම් දැවිල්ලක් නෑ. බඩු ෂුවර්.. දැන් නම් හොඳටම ෂුවර්.. අර මූසල පෙන බෝල එකක්වත් නෑ කියලා.

ඒ උනාට, මැණිකගෙ හිත නරක් කරන එකත් හොඳ නෑනේ. බොරුවට සබන් ටිකක් මූනේ අතුල්ල ගන්නවා.

ඔය මොකක්ද කරන්නේ... කෝ දෙන්න සබන් කෑල්ල.


අයියෝ..!!! ඉවරයි ඉතින් ආයෙත් අර කෝස් එක තමයි. අම්ම වගේම තමයි මෙයත්...

මූන හොදන්න කිව්වම ඉතින් ඒක කරනවනේ.. ඇස් වල ගාන්නම ඕනද...? ඔය සබන් හදන අයට බැරිද ඇස් දන්නෙ නැති.. නිකන් වතුර වගේ දෙයක් හදන්න. වතුරෙන් හේදුවට කිසි අවුලක් නෑනේ.. අනේ මන්දා කවුරු මේවා මොනවට හදනවද කියලා....? එක්කෝ කියන්න ඕන පොඩි ලමයින්ට නොවේ කියලා. අර අම්මයි තත්තයි විතරක් බලන්න යන ෆිල්ම් වගේ. ..

ඔන්න කරුම වැඩේ ඉවරයි... අනික් උන්ට නම් හිනා මමයි මගේ ඇස් දෙකයි විතරයිනේ දන්නෙ ඒකේ දුක.

ඔය ජංගිය අස්සෙත් ගාගන්න.

ඇයි මැණිකම ගාන්න.

අනේ මට බෑ.... ඕවයෙ ගාන්න..

එහෙනම් නංගිගේ ගාන්නේ...?

ඒ... නංගි පොඩියි නේ...

ඉතින් අපිත් පොඩියිනේ...

ප්‍රේමසිරියට හරි හිනා... අපිත් පොඩියි කියන්නේ එච්චර හිනා යන කතාවක්ද...? මමත් හරියට ප්‍රෙඩී සිල්වා වගේනේ.. මරු වැඩේ... ආයිත් කියන්න ඕන...

ඉතින්.. අපිත් පොඩියිනේ මැණිකම ගාන්නකෝ..

ප්‍රේමසිරියට හරි හිනා.. අපිත් ඉතින් හයියෙන් හිනාවෙනවා.. මේන් මැණිකට කේන්ති ගිහින්.. මොකටද කේන්ති ගන්නේ....?

ඉස්සෙල්ලා මගේ මූනේ සබන් ගාන වෙලාවේ කට්ටියම හිනා උනාම මැනිකත් හිනාඋනේ.. ඒ වෙලාවේ මට කේන්ති ගියාය....? ඇස් දෙක වහගෙන මමත් හිනා උනේ...

මම කියන එවටයි කරන ඒවටයි හිනාවෙන එක කොච්චර ෂෝක්ද...? මමත් එතකොට අර ෆිල්ම් වල ඉන්න ජෝකර්ලා වගේ නේ...එයාගේ ලස්සන මූන. අලිකලසමයගේ  මූන වගේ වෙලා. මට නම් ඔය අලිකලසමයගේ මූන පෙන්න බෑ..

හිනා උනා වගේ නෙමෙයි... මැණිකා තරහ උනොත්...!...? මම එක පාරටම ලයිට් එක ඕෆ් කලා වගේ හිනාව නවත්ත ගන්නවා....

ඒත් මැණිකගෙ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.

උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..

ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.

හා හා..... ළොකු බේබි ඔය සබන් ගා ගන්න ඉක්මනට. ගාලා හොඳට අතුල්ලලා හෝදන්න. නැත්නම් කට්ටියම මැටි බබ්බු වගේ ඉඳියි. ඔය වෙල් ගඳ යන්න හොඳට හෝදගන්න.

අම්මේ....!!!..... ඇති යාන්තම් මැණිකා කතා කරනවා. ආයෙත් කට්ටිය හෝ ගාල වැඩ. මමත් පස්ස පැත්තෙ සබන් ගාන්න ජංගිය පහත් කරනවා. මැන්ගොත් එහෙමයි. ඒ උනාට මල්ලියි, මැංගොගේ නංගියි, ප්‍රේමසිරියි එහෙම ජංගිය පාත් කරන්නෙ නෑ.

"බුදු අම්මෝ..........................!!!" මැණිකා මහා සද්දෙන් කෑ ගහනවා...

අම්මෝ මගේ කන් දෙක.....!!!. තව පොඩ්ඩෙන් පැලෙනවා..

කැළණි පන්සලේ පෙරහරට ගෙනත් ගස්වල බැඳලා ඉන්න අලියෙක්ට පිස්සු හැදිලා එක දවසක් හොඬේ උස්සලා කෑ ගැහුවා. එදා තමයි තාත්තා කියලා දුන්නේ කනේ බෙරයක් තියෙනවයි, ළොකු සද්දවලට, පුපුරණවයි කියලා. 

ඉතින් තාත්තේ ඒ බෙරේ මොන වගේද කිව්වට උත්තර හම්බ උනේ නෑ. මම හිතන්නේ තාත්තා දන්නෙ නැතිව ඇති. 

උත්තර දන්නෙ නැති ප්‍රශ්ණ ඇහුවම එයා සද්ද නැතුව හිනාවෙනවා. සමහර ඒවා නම් වෙන කාගෙන්වත් අහන්න එපා. ළොකු උනාම අහන්න, කියලා දෙන්නම් කියනවා. ඉතින් මම තාම පොඩියිනේ.

මම හිතන්නේ තොරණ හංදියටත් ඇහෙන්න ඇති. ෆිල්ම් හෝල් එකේනම් ඔයිටත් වඩා සද්දෙට ගෑණු අය බෙරිහන් දෙන ඒවා දැකලා තියෙනවා. සමහර වෙලාවට හෝල් එක ඇතුලෙ වගේ, කළුවර නැති නිසා වෙන්න ඇති... එච්චර සද්දයක් එන්නෙ නැත්තේ. හෝල් එකේ ලයිට් නිවන්නේ,,, නැත්නම්, මිනිස්සු ෆිල්ම් එක බලන්නෙ නැතුව, එක එක්කෙනාගේ, ඇද කුද හොයන නිසා කියලා මට කියලා දුන්නෙත් තාත්තා.

ඒ මම එක දවසක් හෝල් එකේදීම අහපු වෙලාවක. අම්මයි, වට පිටේ අයයි හිනා උනාට, ඒකනම් ඇත්තම වෙන්න ඕන. ඔය ඉන්ටවල් එකට තිරේ වහලා ලයිට් දාලා තිබුනට, කැන්ටිමේ විකුණන ඒවල ගාන තිර රෙද්දේ වැටෙන්නේ....ඒ කියන්නෙ ලයිට් දැම්මත් ෆිල්ම් එක පේනවා..... 

මේ කර්ට්න් එක තියෙන නිසානේ. නැතනම් ලස්සනට පෙනෙයි.  ඒත් මම විතරද කොහෙද ඒවා බලන්නෙ. අනිත් අය එක එක්කෙනා මොනවද කන්නෙ කියලා තමා බලන්නේ.. එතකොට ඉතින් මාත් ඔක්කෝම දිහා බලලනේ... ඒක නම් මාර වැඩක්නේ. අපේ තාත්තා ඇත්තම තමයි කියලා තියෙන්නේ.

ඒ සද්දෙට... මගේ අතේ තියෙන සබන් කෑල්ල ළිඳට පනිනවා.. මාර ලස්සනයි ඒක ගෙම්බා පනිනවා වගේ...

ඔන්න බේබී ලොකු කූඩැල්ලෙක්.. කියන කොටම.... ගෙවල් වල ඉන්න ඔක්කෝම අය ළිඳ ළඟට ඇවිල්ලා ඉවරයි. මාර වැඩේ. අපේ අම්මයි තාත්තයි, ආච්චි නංගිත් වඩාගෙන. මැන්ගොගේ තාත්තා ජුබ්‍රි අංකල් එයත් ඇවිල්ලා.

මොකද මැණිකා බෙරිහන් දෙන්නේ. කවුරු හරි ළිඳට වැටුනද...? තාත්තා ළිඳට එබෙනවා.

සබන් කෑල්ල නම් වැටුනා මම කියනවා..

මොකද මැණිකා කෑ ගහන්නෙ.. විකාරද උඹට.. නැත්නම් බේබිලා උඹට මොනවා හරි කරාද...?

නෑ නෝනා... මැනිකගේ සුදු පාට මූණ. මුදලාලිලගේ වත්තෙ තියෙන ජම්බු ගෙඩි වල පාට වෙලා. එයා ඩාන්ස් කරනවා. 

ඩාන්ස් එකකුත් නෙමෙයි. එච්චර ලස්සන නෑ. අත් දෙක වැලමිට ළඟින් උඩට උස්සගෙන ඇඟිලි තියෙන කෑලී දෙක දෙපැත්තට වනනවා, නවත්තනවා, ඇඟිල්ලක් කටේ දාගන්නවා ආයිත් එහෙම කරනවා, අනේ නෝනා...... කියනවා... ඩාන්ස් එක ලස්සනම නෑ. ඊට වඩා ලස්සනට ෆරීනා ලායි අක්කි ඩාන්ස් කරනවා. මේක ගමේ නැටුමක් වෙන්න ඇති.

මැනිකගේ තාත්තත් හොඳ නැටුම් කාරයෙක්නේ. එයා ගාව පෙරහැරවලට අඳින ඇඳුම් හිටන් තියෙනවා. එයාගේ අම්මත් හොඳ නැට්ටුක් කාරී කියන එක. අම්මයි තාත්තයි අපි නිදා ගත්තට පස්සේ කතා කරන කොට මට ඇහිලා තියෙනවා. 

ඒවා මම අහන්න යන්නෙ නෑ. මොකද අනිත් දවසෙ එයාලා දැන ගන්නවා නේ මම නිදි නෑ කියල. මට මුකුත් නොදන්න දෙයක් දැන ගන්න වෙන්නේ නෑ.

එයාලා මරු මරු ඒවා කතාකරනවා.. ඒ මම නිදිද කියලා බලලා. ඔන්න එක දවසක් අම්මා කිව්වා හොඳට නින්ද ගිහින් නම් කකුල වැනෙන්න ඕන කියලා ඉතින් මම ඇහැ අරලා හිටියේ. හොඳට කකුල් දෙක වැනුවා... 

හානේ එයා හොඳටම නිදි කියලා අම්මා කිව්වා. මට හරි ජොලි. අම්මා මගේ බොරුවට අහු උනානේ. ඒත් පස්සෙ දවසේ, අහු උනේ අම්මා නෙමෙයි, මමයි කියලා, කියා දුන්නෙ මැනිකා. ඊට පස්සෙ මම නෙමෙයි නිකමට වත් කකුල වනන්නේ.

සමයම. මේකිට පිස්සුද කොහෙද..? ආච්චි කියනවා...

මොකද මැණිකා උනේ. මොකෝ දරුවෝ කෑ ගැහැව්වේ....? ඒ අම්මා..

ඉස්සෙල්ල නම් අම්මත් මැනිකගෙන ඇහුවේ සැරෙන්.. ඒ පාර දුක හිතෙන්න ඇති.. අපේ අම්ම සෑර නෑ පොඩ්ඩක්වත්. ඒකට සෙලින් ඇන්ටි. මැන්ගොයි ,නංගියි විතරක් නෙමෙයි ප්‍රේමසිරිත් ගුටි කනවා සෑහෙන්න.

ඊ..........................ක්කා....... නෝනා ලොකු බේබිගේ කලිසම ඇතුලේ කූඩැල්ලෙක්..

ඒක ඉතින් අහන්න දෙයක්යෑ.. කලිසම් අස්සෙ කූඩැල්ලෙක් ඉන්නවා තමයි..හහ් හහ් හා...ඒ ජුබ්‍රි අංකල්.. එයාගේ හැටි එහෙම තමයි... කතාවකට කිසිසේත්ම නොගැලපෙන කතාමයි කියන්නෙ.

නෑ නෑ..... මහත්තයා ලොකූ කුඩැල්ලෙක් මෙච්චර විතර ඇති.. මැණිකා එයාගේ මුළු අල්ලම පෙන්නනවා..

අම්මට සිරි ගජ.... මගේ පුපේ කූඩැල්ලෙක් හිටියා කියලා මැණිකා කිව්වා නේද..? දැනුයි ඒක මටත් මතක් උනේ.

මොකද මොකද මිස්ටර් සැම්සන් කළබලේ.. ? මේ ළිඳ ගාව සෙනග වටවෙලා කවුද වැටුනේ...? ඉක්මනට ඉණිමග ගෙන්න ...

ආ.... දයියලයි තාත්තත් ඇවිල්ලා. එයා ඇවිල්ල තියෙන්නෙ ඉනිමග ඉල්ලන් යන්නද කොහෙද. ඇන්ටිත් ඇවිත් ඉන්නේ. දෙන්නා දෙපත්තෙන් අල්ලගෙන අරන් යයි. ඒ කියන්නේ අද එහේ තැඹිලි කඩන එක ෂුවර්. අද වෑවර කන්න පුළුවන් හකුරුත් එක්ක දාලා. සොරෝප් ගාලා සද්දෙට දිග කෑලී කන්න පුළුවන්. මම අයිස්ක්‍රිම් වලටත් ආසයි. ඒත මට හතිය නේ. ඒ නිසා තැඹිලි බොන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ.කෝප්පෙට දාලා දුන්නට මම ආස තැඹිලි බෑයෙම තියාගෙන කන්න. කෝ ආච්චි කැමති නෑනේ ඒකට. කහට ගෑවෙනවා කියලා. කහටත් සබන් වගේම ජාතියක්. මේවා නැති උනානම් කොච්චර හොඳද. මගේ ඉස්කෝලේ කමිසෙ සාක්කුවේ රාජා දුන්න කජු පුහුලමක් දාගෙන ඇවිත් අම්මට අළුතෙන් කමිසෙකුත් මහන්න උනා එක පාරක්.

අංකල් දයානන්ද අයියා ගෙදරද....?

ආ.... ඔවු පුතා... එයාලා නිදි..

ඔය කෙලලා ඇරියේ මහ බොරුවක්. මෙයානම් කෙලින්ම අපායේ තමයි. දයියලට එළියට යන්න දෙන්නෙ නෑ. හරි පවු. අපි නම් එහේ ගිහින් සෙල්ලම් කරලා එනවා. දයියා නම් කොච්චර දේවල් දන්නවද....? 

එයාලගෙ ගෙදර ලයිබ්‍රරි එකක් වගේ. ඔක්කෝම පුටුවල වාඩි වෙලා පොත් කියවනවා. ලීලවති ඇර. ලීලවතී තාප්පෙ එල්ලිලා අනිත් ගෙදර ඇන්ටිත් එක්ක කතාකරනවා නිතරම. ඒ උනාට ඒ අංකල්ලා වැඩට ගිය වෙලාවට.

මොකද මොකද කළබලේ... අද මොනවද කරගෙන තියෙන්නේ....? 

සෙලින් ඇන්ටි ඇවිත් තියෙන්නෙ දැන්. හානේ එයා ගවුමක් ඇඳලා. නැත්නම් ඉතින් වෙනදට දවල්ට ඇඳලා ඉන්නෙත් අපේ අම්මා රෑට අඳින ඒවා නේ. ඒක වෙන්න ඇති එන්න පරක්කු උනේ. එයා ගුරුකුලේ උගන්නන ටීචර් කෙනෙක් උනත් ඕන දේකට එන්නේ පරක්කු වෙලා.

නෑ නෑ සෙලින් නෝනා අපේ ලොකු බේබිගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්..

මෙහෙට එනවා.. මෙයත් යනවා කොල්ලොත් එක්ක ඔට්ටු වෙන්න .. වැලේ තියෙන් තුවායත් අරන් එනවා ඔළුව පිහිදාන්න.. සෙලින් ඇන්ටි මැන්ගොගෙ නංගිට කතා කර ගන්නවා... 

ඔය කූඩැල්ලෙක් නරක තැනක ගියොත් එහෙම..., මම අහලා තියෙනවා කූඩෑල්ලෙක් බඩට රිංගලා, බඩේ පැටව් ගහලා, ගෑණු කෙනෙක් මැරුනත් කියලා. කෝ මේ ළමයි කිව්වට අහන්නෙ නෑ නේ. කෝ මේ ප්‍රේමසිරියා මේ යකා තමයි ඔක්කෝම නරක් කරන්නේ.

ප්‍රේමසිරි පේන්න නෑ. මල්ලියි කනිෂ්කයි නම් ඉන්නවා.

සෙලින් ඇන්ටි කිව්ව දේ වෙන්න පුළුවන්ද..? මාර වැඩේ කූඩැල්ලා බඩ ඇතුලට ගියොත් එහෙම. ඒත් බය වෙන්න දෙයක් නෑ.. මෙයා විතරයිනේ. ඩොක්ටර් අංකල් බඩ කපලා හරි මූව එළියට ගනියි නේ. අනික පැටව් දාන්න තව එකෙක් ඉන්න එපාය. 

අපේ බ්‍රවුනිත් පැටව් දැම්මේ කොහෙන්ද තව බව්වෙක් ගෙනාවට පස්සෙ නේ. අපි ඇවිල්ලත් තියෙන්නේ. අම්මයි තාත්තායි කසාද බැඳපු නිසාලු නේ. 

හොඳ වෙලාවට ළොකු වෙලා,,,, කසාද බැන්දට පස්සෙ බබාලා හම්බ වෙන්නේ. නැත්තන් අපිටත් අර චූටී මාළුවෝ වගේ පොඩි කාළෙම බබාලා බලාගන්න වෙන්නේ. හප්පේ එහෙම කරදරයක්. 

කොයි වෙලාවෙත් කුක්කු ඉල්ලලා අඬනවා. කක්කි දානවා, චූ දානවා, කක්කි ඇඟ පුරාම ගා ගන්නවා. අප්පේ ඒ ගැන නම් හිතන්නවත් ඕන නෑ. මම තාම පොඩියිනේ.

කූඩැල්ලා තාම මගේ පුපේ...

මේන් මහතුනුත් ඇවිල්ලා. හප්පේ සෙනග හෝ ගාලා.... සමහර අය මම දැකලත් නෑ.

මොකෝ සුදු මහත්තයා මොකෝ මේ කෑ ගැහුවේ.....? කවුද ලිඳට වැටුනේ.....?

කවුරුත් වැටුනේ නෑ මහතුන්... සබන් කෑල්ල නම් ළිදට වැටුනා

එහෙනම් මේ කෑ ගහන්නේ....?

මගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්.....

අයියෝ ඕක මොකක්ද සුදු මහත්තයා මගේ පුපෙත් ඕන තරම් කූඩැල්ලෝ එල්ලෙන්නේ...

මාර වැඩේ.........!!! 

මේන් මහතුන් පුප කියලා කෑ ගහලා කියනවා. පුප කියන්නේ කැත වචනයක්නේ. ෂුවර් එකට අපේ අම්මගෙන බැනුම් අහනවමයි. ඔන්න බලන්න දැන් අපේ අම්මා මහතුන්ට බනිනවා.

එකයි, දෙකයි, තුනයි, හතරයි..

කෝ නෑනේ.. ..?

මම ගනන් කරනවා.... ස්පීඩ් වැඩිද දන්නෙ නෑ.. කෝ....? බනින පාටක් නෑනේ....? ඒ කියන්නේ අම්මා කිව්වට ඒක එහෙම වච්නයක් නෙවෙයි වෙන්න ඇති

මොකද මහත්තයා මොකද..? අප්පට බොල හෝ ගාලා සෙනග. පෙතියාගොඩ පෙරහැර බලන්න වගේ සෙනග හෝ ගාලා....

දැන් අපේ ළිඳ වටේම සෙනඟ. මාරක ළිදේ මෝටර් සයිකල් යනවා බලනවා වගේ ළිඳේ තාප්පවල ඔක්කෝම එල්ලිලා. ඒ අයගේ කරවල් අස්සෙන් අනිත් අය ඔළුව දානවා. හානේ.. ගෑණු අයත් ගොඩයි. මමයි, තාත්තයි, මැනිකයි, මැන්ගොයි, මල්ලියි, ළිඳ ඇතුලේ නාන කෑල්ලේ. 

මට හිතෙනවා බයිසිකලේ අරන් ඇවිත් පදින්න. ඒත් කොහොමද පදින්නේ....? ළිඳ රවුම් නෑනේ..? ෂා.... එහෙම තිබුනනම් මෙයාලා ගියායින් පස්සෙ ට්‍රයි කරලා බලන්න තිබුනා... ඔක්කෝම බලාගෙන ඉන්නෙ මගේ දිහා.... මටනම් හරි ජොලි.. මෙයාලවත් කොහොම හරි හිනස්සන්න ඕන...

කූඩැල්ලා තාම මගේ පුපේ..

නෑ නෑ මුකුත් නෑ... මෙ දරුවගේ ළොකු කූඩැල්ලෙක්.. මම මේ ඇදලා දාන්න බැලුවේ..

හා හා මහත්තයා ලොකු උන් ගලවන්න එපා... වන වෙනවා.. මේන් අලිකලිසමයත් ඇවිල්ලා.. මටත් බලාගන්න එපැයි කූඩැල්ලා.. මම වම් පැත්තෙ උරහිස උඩින් බඩ ඉස්සරහට දාලා මගේ පුප බලනවා.. කෝ පේන්නෙ නෑනේ...

තාත්තෙ මට පෙන්නේ නෑ නේ.

කට්ටිය එක්කෙනා දෙන්නා එහෙට මෙහෙට වෙනවා. දැන් අලිකලිසමයා තමයි හීරෝ.

කූඩැල්ලා තාම මගේ පුපේ.... මම හෙමීට අත දාලා බලනවා..

ආ... මේ ඉන්නෙ යාළුවා.. කෝ බලන්න හ්ම් ළොකු තමයි. මම කලිසම ගලවන්න යනවා.

ඕක ගලවන්න ඕන නෑ. තාත්තා කියනවා..

කලිසම ගලවන්න එපා බේබි මේ මිනිස්සුත් ඉන්නවනේ මැණිකා කියනවා.

ඉතින් එයාල හිටියම මට මොකෝ....?  මහතුන් පාරු පදින්නෙම හෙලිවැල්ලෙන් නේ..පුප ඔක්කෝම එළියේ දාගෙන.. .මෙයාටත් ඕන නැති දෙයක් නෑ... .

ඔන්න කට්ටියම හිනා වෙනවා.. මට ඉතින් හරි ජොලි.. කූඩැල්ලටත් ජොලි ඇති... දැන් ඌ ඉන්නෙත් මගේ පුපේ නේ.

ඒයි..... ළොකු පුතා මොනවද ඔය කියන්නේ...?

අම්මට කේන්ති ගිහින්.. එයා හරි නරකයි.. අපිට තමයි පුප කියන්න බැරි.. මහතුන්ට කියන්න පුළුවන්.. මගේ කතාවට ඔක්කෝම හිනා උනත් එක්ක.. 

ඒ උනාට අම්මා නරකයි කියලා හිතන්න හොඳ නෑ.. මම අපායේ යයි.. අනික මහතුන් කිව්වට.. මම ඒක කියන්න ඕන නෑ.. එයාලගෙ අම්මා එයාට කියලා දීලා නැතුව ඇති. 

අනික අපායට ගියත් ළෝදිය නම් බොන්න බෑ...... කට පිච්චේවී. මට උනු කිරි එකක්වත් බොන්න බෑනේ. ළෝ දිය නිවල දෙන්නෙත් නෑ කියලා ආච්චි කිව්වේ...

වෙලේ බෆලෝ නැතුව කොහොමද තාත්තේ බෆලෝ කූඩැල්ලෝ එන්නේ....?

උත්තර නෑ...

ආයෙත් හෙමිහිට අත දාලා බලනවා..

ඔය ඉන්නෙ බඩු... රබර් එක වගේ... මූ මාර දිගයි නේ. කෝ අං දෙකක් නම් නෑ... මම හරිම ආස සතෙක්... ඌ අපේ කකුලෙ එල්ලුනාට, අල්ලට ගත්තම එයාට එල්ලෙන්න බෑ. හරියට රබර් බෑන්ඩ් එකක් වගේ. කළුම කළුයි. බඩ පැත්ත හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඒ පාට මම තාම දන්නෙ නෑ. එයා යන විදිය තමා මරු. 

වල්ගෙ පැත්ත උස්සලා ඔලුව ගාවට ගන්නවා හරියට අපි බඩ පිණුම් ගහන්න ලෑස්ති වෙනවා වගේ. එහෙම අරගෙන යූ එක වගේ නැමිලා පොඩ්ඩක් වෙව්ලනවා. හරියට අපේ නංගි බඩ පිණුම් ගහනවා වගේ. ඒ උනාට කූඩැල්ල නම් එයා වගේ වැටෙන්නේ නෑ.. ලස්සනට යනවා.මම නම් දැන් ඒවා ගහන්නේ නෑ. මම ගහන්නෙ බල්ටි. ඒකනම් පුරුදු උනේ පෙරහැරවල්ම බලලා. අපේ වත්තේ කාටවත් බෑ ඒ පිණුම ගහන්න.

කෝ සබන් කෑල්ල.....?

ඒක ළිඳට වැටුනා.. ඇයි මම ඉස්සෙල්ලා කිව්වේ..

කෝ පුතා ඔයාලගේ සබන් කෑල්ල.....?

මැන්ගෝ නෝ කතා..හරි මම දන්නවා... ඒකත් මැනිකගේ සද්දෙට ළිදේ.... එක්කෝ ප්‍රේමසිරි ඒකත් අරගෙනම දුවන්න ඇති.... හොඳ වෙලාවට එයා ගියේ. නැත්නම් ඔක්කෝම එයාට බනීවී.

මොකටද සබන් හොයන්නේ............? ආයිත් මගේ මූනේ ගාන්නද...දන්නෙ නෑ...?

ආයේ ගාන එකක් නෑ..... නෑ නෑ හරි හරි.... මම දන්නවා හොරේ.. සබන් ගෙනත් කූඩැල්ලගෙ මූනේ ගානවා. එතකොට. එයාගේ ඇස් දෙක දන්න පටන් ගන්නවා.. ඔන්න එතකොට එයා දඟලනවා, මෙයාට කකුලුත් නෑනේ... ඔන්න එතකොට මේයා එක අතෙන් නේ එල්ලිලා ඉන්නෙත්... එතකොට එයා වැටෙනවා.... ඒත්.....

ඒත් කූඩැල්ලට මූනක් නෑනේ.. ඇසුත් දැකලම නෑ කවදාවත්...

තාත්තේ කූඩැල්ලට ඇස් තියෙනවද...?

මම දන්නෙ නෑ පුතේ.. අනේ රාළහාමී මේකව ඉක්මනට අයින් කරන්නකෝ.. ලේ බීලා ඇති සෑහෙන... ගිය සුමානෙත් ඉස්පිරිතාලේ හිටියේ හතිය හැදිලා.. ඉක්මනට ඔලුව පිහදාන්න මැනිකෝ...

මාර වැඩේ... තත්තා අදමයි කිව්වේ එයා දන්නෙ නෑ කියලා... ඒ කියන්නෙ මම හිතුවා හරි... එයා දන්නෙ නැති ඒවා ඕන තරම් ඇති... හික්ස්...

කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ....

නෝනා ලුනු කැට ටිකක් හරි, ලුනු පොල්කට්ට හරි අරගෙන එන්නකෝ.....

ඒ පාර අලිකලසමයා මොකක්ද කරන්න යන්නේ......?

තාමත් සෙනග ටිකක් ඉන්නවා...

කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ...


- නිමී -

Nov 27, 2017

දිග ජීවිතේ....! - Said I Love you but I lie...




සයිබර් යුගයේ කෙටි කතා රචක - 
ප්‍රියාන් ද සිල්වාගේ කෙටිම කෙටි කතාවකි

දිග ජීවිතේ....!
මගේ කෙටි කතාව.....!!!
==================
" These certificates are..... not important......... for us....!! "
" උඹෙ...මෙ. කිසිම සහතිකයක් අපට වැදගත් නෑ.....!!
මොකද..... අපට ඔනී...ගෙදරට වැඩ කාරයෙක්..... 
හැම දෙයක්ම කරන්න පුඑවන් කෙනෙක්......."

Nov 15, 2017

මගේ..... පුංචි දෝණි...... - My Little Princess


යුගයේ කෙටිකතාකරු
ප්‍රියාන් ද සිල්වාගේ සයිබර් කෙටි කතාවක්


මගේ..... පුංචි දෝණි......
==================
( සමහරවිට මුහුණු පොතේ අවසන් අකුරැ )
=================================
.................
උඹලට දැනෙනවද..? එ බොල් සද්දේ..?
.......

Nov 1, 2017

අක්කා....!!!! - You are my Sister.....!!!!




ප්‍රියාන් ද සිල්වා ගේ කෙටිම කෙටි කතාවක්

අක්කා....!!!!
============
විශ්වයේ නිහඩ කදුඑ බිංදුව....!!
==========================
අමිමා ගිහිල්ලා තිබිබා....!!
ඇත්තටම. ගෙදරින් ගිහිල්ලා තිබිබා.....
අම්මගේ ඇදුමි අල්මාරිය හිස් වෙලා තිබුනා....!!
..................
මම මරලතෝනී ගගහා ඇඩුවා......
කැඩිචිච සිමෙන්ති...පොලොවෙ...පෙරලි පෙරලි ඇඩුවා.....
නහයෙන්....එක දිගට ගලන් ආව....හොටු...ඒ...කදුඑ දිය ඇල්ලේ දිය වුනා.....!!
මගේ චූටි කලිසමි පොඩ්ඩේ.... කඑ පාට ලොකු බොත්තමක්.... බිම දිගේ රෝල් වෙලා..... උඑවස්ස පැත්තට ගියේ... මම දිහාවත් නොබලා.....

Oct 29, 2017

මම ඒ බල්ලා මැරැවා......... (18+) - Kill That Dog...



මේ ප්‍රියාන් ඩි සිල්වාගේ තවත් කෙටි කතාවක්, මේ කතාව කියවන්න කලින්, ඒකට "මහින්ද ගුණවර්ධන" ලියපු මේ කොමෙන්ට් එක කියවලා ඉන්න...

Oct 14, 2017

ඈ මගේ වියපත් සඳ හා ප්‍රියාන් ද සිල්වා - Couger & Priyan De Silva




ප්‍රියාන් ද සිල්වා, "ද සිල්වලා" ඉන්නේ කොහෙද? ඔව්, ඌත් අම්බලන්ගොඩ. මාතලන්ගේ බුකි හිතවතෙක්. මාතලන් ඌට පෙම් බඳින්නේ උගේ "මයික්‍රෝ කෙටි කතා" නිසා. ඒවා මාරයි. හේතුව ඒවා සාම්ප්‍රදායික නෑ. මෙහෙම උන් තමයි ලෝකය අලුත් කරන්නේ. ලෝකය ලස්සන කරන්නේ. ඌ දැන හෝ නොදැන මයික්‍රො සන්නිවේදන මාද්දියකට, ගේනවා මයික්‍රෝ කෙටි කතා.

Jan 12, 2017

ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) - The Jealous Tree (May be a Family Tree)



ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා.

Oct 28, 2016

අහසෙන් ගිය (ගල්) ඉබ්බා - The Foolish Tortoise



ඕන ගොනෙක් මේ කතාව අහලා තියෙනවාට සැකයක් නැතිය. අපේ ආච්චි අම්මා මේ කතාව කියා දුන් දවසේ, මම ඇහුවේ, ඉබ්බා කතා නොකර, එක කොකෙක් හරි කොල්ලන්ට කෑ ගහන්න ගියා නම් වෙන්නේ ඒ සැන්තෑසියම නේද කියලාය. පසු කාළයේ එහෙම කතාත් අහන්නට ලබුනේය.

Jul 30, 2016

ආදරය, දර්ශණය හා සිහිණ (අළුත් බල්ලෙක් III) - New Dog (Part III)


 
මාතලන්ගේ කෙටි කතාවක් වගේ කතාවකි..

<< පළමු කොටස මෙතනින් >>

ඇත්තටම උදිත් සර්ට පින් සිද්ද වෙන්න මම මගේ සිහිණ දෙකම ඉටු කර ගත්තා. කීර්තියගේ සිහිණයත් ඉටු වෙලා තිබුනා. ඒත් බේබි හාමුගේ සිහිණය ඉටු වෙලා තිබුනේ නෑ. මගේ වාසනාවට මමයි කීර්තියයි දෙන්නම සෙලෙක්ට් වෙලා තිබුනේ එකම කැම්පස් එකට. ඌට ශිෂ්‍ය සංවිධාන එක්ක තියෙන සම්බන්ධකම් නිසා ඌයි මමයි දෙන්නම, නවක වදය කියන මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ නැති කරන සෙල්ලමෙන් බේරුනා.

Jul 16, 2016

තුන්ඩුවා - Thunduwaa

Photo Credit - http://www.lankaweb.com/news/items/2014/06/02/life-abroad-part-81-era-of-mayhem-smouldering-loss-of-life/

- මාතලන්ගේ කෙටි කතාවක් වගේ එකක් -

පට... පට.... පට... කියන සද්දේ එක දිගටම එන්නේ, ටී පනස් හයෙන්ය කියන්න ඉස්කෝලේ හාමිනේ උනත් දැන් දන්නවා. කොටන තුවක්කුවේ සද්දේ, ලයිසන් තුවක්කුවේ සද්දේ, ගල් කටස් සද්දේ, ග්‍රෙනේඩ්වල සද්දෙ ඉතරක් නෙමෙයි, ඒ සද්ද ඇහුනේ කොයි පැත්තෙන්ද කියන්න තරම් ඉස්කෝලේ හාමිනේට පුළුවන්.

Jun 28, 2016

අළුත් බල්ලෙක් ( II කොටස ) - A New Dog ( Part II )



<< පළමු කොටස මෙතනින් >>

- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඉන්ඩිවිජුවල් ක්ලාස් එකට යන්නත් කලින් බේබී හාමු ගම ගිනි තිබ්බා. මම තාම සර් එක්ක හින්දු සිංදුව කියන්නෙත් නැතුව, මේ යකා මාව සර් එක්ක යහන් ගත කරලත් අහවර උනා. ඇත්තටම, සමහර විට ඌට මගේ යටි හිත කියවන්න පුළුවන් ඇති. සමහර අයට එහෙම හැකියාවක් තියෙනවලු නේ.

බලු වැඩ කරන්න එපා බේබී හාමු කියලා මම කිව්වාම. එයැයි මගෙන් ඇහුවේ..,

මමද යකෝ උඹද... බලු වැඩ කරන්නේ.... කියලා.

ඇත්තටම එයා තමයි බලු වැඩ කරන්නේ. ඒ කියන්නේ බැල්ලියෝ කී දෙනෙක් එක්ක යනවද. මම තාමත් අහිංසක බැල්ලියෙක් නේ. මම ඕවා එයාට කියන්න ගියේ නෑ. හපා කන්න පැන්නොත් හෙම.

ක්ලාස් එකට ගියාම, මගේ හෝප්ස් ඔක්කොම කුඩු උනේ, ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කිව්වට, ඒකත් කුඩා පරිමානයේ ගෲප් ක්ලාස් එකක් කියලා දැනගත්ත වෙලේ. 

Jun 24, 2016

අළුත් බල්ලෙක් - A New Dog

 
- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඇත්තටම මම ඒ බල්ලා දැක්ක දවසේ ගොඩාක් බය උනා මෙයා. ඌ මාව දැක්ක මුල් දවසේ බුරාගෙන ආපු විදියට මම හිතුවේ, මම ඉවරයි කියලා. හොඳ වෙලාවට ඌ මගේ කිට්ටුවටම එන කොටම, මිස්ටර් ගෝතම ගුණවර්ධන, "හේයි......, ඩෙන්වර්, නෝ....." කියලා කෑ ගහපු ගමන්, එක පාරටම ඌ රොබෝ කෙනෙක් වගේ නැවතුනා. ඊට පස්සේ ඔළුව දෙපැත්තට වන වනා, දිව එලියට දාල, කන් දෙක හාවෙක්ගේ වගේ කරගෙන, නගුට වන වනා මාත් එක්ක හිනා උනා. හැබයි ඒකට නගුටක් කියන්නත් බෑ. හාවෙක්ගේ වගේම පොඩි නැටි කෑල්ලක්. නැට්ට නැති හූනෙක් මතක් වෙලා මටත් ඉබේටම හිනා ගියා.

Nov 19, 2015

රණ තිසරු - Big Breasts



"තනුජා ලුම්බිනි", බුකියේ ඉන්න, පට්ට ටැලන්ඩට් ගෑල්ලමයෙක්. කයි පද පඳිනවා හිටු කියලා. නව පරපුරේ අපූරූ පද පෙල ගැසීම්, කාලීන මතවාද, සංවාද ගැනත් මේ ගෑල්ලමයා බොහෝම සංවේදීයි. මේ අපූරූ නිර්මාණය මම කලින් රස විඳලා තිබුනා. මේකට එයැයිට සම්මානෙකුත් හම්බෙලා. 2011 යූත් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් මේක බොගේ දාන්නද ඇහුවාම කිසිම ලෝබ කමක් නැතිව, අනේ දාන්න මෙයා කිව්වා.

Apr 9, 2014

ජීවීතේ සුන්දරද මෙතරම්..? (23+) - What a Life (13+)


මාතලන්ගේ කෙටි කතාවක්..

ජීවීතය මේ තරම් සොඳුරුද..?

සරත්ගේ උණුසුම් අතක්, ශාන්තිනිගේ උරහිස් ප්‍රදේශයේ දැවටුනේ කොයිතරම් කාළයකින්ද..? ඇගේ සිත අවුරුදු 30 ක් තරම් ඈතට දිව ගියේ කෙසේද.? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද..? ශබ්දයේ වේගයට වඩා, ආලෝකයේ ගමන වේගවත් බව දැන උන්නත්, ආලෝකයක් නොමැති අඳුරු කුටිය තුල, සිතිවිලි වේගයෙන් ගමන් කරනා බව සොයා ගත්තේ, තමා යැයි ශාන්තිනීට සියුම් ආඩම්බරයක්ද සිත තුල ඇතිවිය.

Nov 20, 2012

මළ මගුල් (වැඩිහිටියන්ට පමණයි) - Happy Weddings (Adults Only)



මාතලන්ගේ කෙටි කතාවක්....

ධනපාලයා නිදා ගන්නේ පිලේ පැදුරේය. කුලියක් මලියක් සොයාගන්න යන්න ඕන නිසා, ධනපාලයා ඇහැ අරින්නේ කුකුලා බෙරිහන් දෙන්නත් කලින්ය. ධනපාල ඇහැ ඇරිය බව ගමට කියන්නේ කුකුලාය. ධනපාලයා නිදාගන්නේ තනියම නෙමේය. නිදි දෙව්දුවත් එක්කය. ඒකී උනත්, බොහෝ වෙලාවට නො එන්නේ, මේ කරුම දුප්පත් කම නිසා නොවේදයි ධනපාලයාට සිතුනු වාර අනන්තය අප්පරාමානය. ධනපාල කියන්නේ සල්ලි මැනේජ් කරන එකා කියන එක උනත්, මැනේජ් කොරන්න තියා ගෙදර උන්ගේ බඩ පුරවන්නයි, හෙළුවෙන් නොතියන්නයි කන කට්ට දන්නේ ඌම විතරය. පනසලේ චක්‍රවර්ති හාන්දුරුවෝ ධනපාල කියා දැම්මේ මේ යකාට දාන්න වෙන නමක් තිබුනේ නැද්ද යකෝ කියා ලොකු හාන්දුරුවන්ගේ අම්මා අප්පා පවා මතක් කොරන සුද්ද සිංහල ඒවා ප්‍රසිද්දියේ නොකිව්වාට හිතෙන්න පටන් ගත්තේ ඒ වචන් කන වැකුන කාලයේ ඉඳලාය.