.

.

May 31, 2021

සාගර දූෂණයේ නැව් බොරු විශේෂඥ්ඥයෝ හා නිර්මාණකාරයෝ

 


රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙන නිසා රාජපක්ෂලා නැවක් ගෙනත් ගිනි තියලා සාගරේ විනාශ කරා නේ. දැන් ඒකෙන් වෙන පරිසර හානිය අවුරුදු 1 සිට 100 විතර දක්වා වැඩි වෙලා. මේවට දැන් පුච හිනාවෙන්නෙත් නෑ. මොකෝ දැන් හිනාවෙලා හිනාවෙලා පුචටත් හති.

චැනල් දෙකකට එන සාගර විශේෂඥ්ඥයෝ, පරිසර විශේෂඥ්ඥයෝ, ගිනි විශේෂඥ්ඥයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු මහා සාගරේටත් වඩා ඉන්නවා. බුකියේ පත්තරේ වෙබ් පඩංගුවල පල් හෑලී ලියන මංගලගේ මඩ බලකායේ බොල් පූරුවෝ පට්ට නිර්මාණ එලිදක්කනවා. එහෙක් ගවේසොන් සිලි කත්තුරු කෙනෙක් නම් නෝන්ඩී වෙල හත් පොලේම ගා ගත්ත.

ඉතින් මේ ගැන ලංකාවේ ඉන්න නොම්මර එකේ ආචාර්ය උපාධියකුත් තියෙන අපේ පොරක් එක්ක මම කතා කලාම ඒ යකා පුචෙන් හිනා උනා. පොර තමා ලෝකෙම ප්‍රසිද්ධ උන රතුපස්වල ෆැක්ටරියේ කෙමිකල් සයිඩ් එක භාරව උන්න ඩොක්ටර්.

ජෙප්පෝ අමු කෙප්ප කෙලලා ඒක වහලා දැම්මයින් පස්සේ, ලංකාවත් එපා වෙලා, මෙහෙන් ගිහින්, දැන් ඉන්නේ නොරට. පොරට මේ ගැන ලියන්න කිව්වාම පොර කියන්නේ ඔය පට්ට ගෝත්‍රිකයන්ට බණ කියනවට වඩා හොඳයි පඩයක් ඇරලා නිදාගන්න එක කියලා. ඉතින් දැන් මේ ලියන්නේ පොරත් එක්ක කතා බහෙන්, පොර දුන්න ඉස්ටැටිස්ටික්ස් හා ඉන්ෆෝමේසොන් වලින් මට මතක ටිකෙන්.

මේ නැවේ නියුට්‍රික් ඇසිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිහිසි තෙල් (Lubricants) හා වෙනත් රසායන ද්‍රව්‍ය ටොන් 25 ක් තිබුනා කියන කතාව ඇත්ත. නමුත් වාසනාවට මේ සියල්ලම ගින්නෙන් විනාශ උන බව ගිනි නිවීමට පැමිණි සිංගප්පුරු, ඉන්දියානු හා නෝර්වේජියානු විශේෂඥ්ඥයෝ පවා තහවුරු කරනවා.

නැවෙන් වැටුනේ මේවා අඩංගු කන්ටේනර් නම්, මේ වන කොට විශාල මුහුදු ජීවීන් ප්‍රමාණයක් මිය ගිහින් ඒ මළකුණු වෙරළට ගොඩ ගහන්න ඕන. මේ රසායන ද්‍රව සියල්ල ජලය හා පහසුවෙන් මුසු වෙන ද්‍රව්‍ය. අනික මුහුදේ තියෙන්නේ ලුණු වතුර. ඒ මොහොතේ තිබුනේ නිසල මුහුදක් නෙමෙයි. නැව ගිනි අරගෙන කන්ටේනර් මුහුදට වැටුනේ මූදූ රළ ප්‍රචන්ඩ වෙලා නැව අන්බැලන්ස් උන නිසා. මුහුද ජලය ප්‍රචන්ඩ වීමත් මේ වෙලාවේ වාසියක්. විපක්ෂයේ උන් ඉස්සෙල්ලම මාළු කන්න එපා කියලා දැන් ලුණු හිඟයක් මවන්නේ මේ හේතුවෙන්.

ඒ නිසා බූතයි හාරුවෝ මක්කා කිව්වත් නැව ගිනි ගත්ත එක අපේ කෙසේ වෙතත්, සාගර ජීවීන්ගේ වාසනාවක්. අනික එක කෙමිකල්ස් වල ජලය හා මිශ්‍ර වීමට නොහැකි කොටස් මොන ආකාරයකින් හෝ වෙරලට එනවා. නැතිනම් මුහුද පතුලේ තැන්පත් වෙනවා. ඒ නිසා සුමානයක් දෙකක් යනකන් වෙරළට නොයා ඉන්න එක හොඳයි. තැන්පත් වෙච්චි දෙයක් තියේද කියලා විදෙස් විශේෂඥ්ඥයන් පස්සෙ හොයලා බලනවා. ගිනිගෙන වාතයට එක් වූ රසායන, වැස්ස එක්ක අම්ල වැසි ලෙස එන්න පුලුවන්, ඒත් වාසනාවට එහෙම තත්වයකුත් මේ වන තෙක් වාර්ථා වෙලා නෑ.

එහෙම බැලුවම සාගරයට හා පරිසරයට වෙලා තියෙන හානිය ඉතාම අවමයි. මෙතන බුද්ධිමත් විශේෂඥ්ඥයෝ වැඩි අවධානයක් යොමු කළේ සහ බය උනේ ඔයිල් ස්පිල් (Oil Spill) එකක් හෙවත් නැව දෙකට කැඩිලා හෝ ගිලිලා ඉන්ධන ටික ලීක් වෙයි කියලා. එහෙම උනා නම් හානිය ටිකක් විශාලයි.

ඒත් දැන් ඒවටත් කෙමිකල් ඕන තරම් තියෙනවා. අමාරු උනත් වෙරළ සුද්ද පවිත්‍ර කිරීමේ පිලිගත් ක්‍රමත් තියෙනවා. දැනට එහෙම අවධානමක් නැති බවයි මහ මුහුදේ මේ ක්‍රියාදාමයට සහභාගි වෙලා ඉන්න විදෙස් විශේෂඥ්ඥයෝ කියන්නේ. (අනික් උන් ස්ටූඩියෝ වල ඉඳන් බයිලා ගැහුවට). තෙල් ටිකත් දැවී ගිහින් කියලා ඔවුන් අනුමාන කරනවා. එහෙම උනොත් ඒකත් පරිසරයට හා ජීවින්ට ලැබෙන අස්වැසිල්ලක්.

සුද්දෝ බොර තෙල් හෙවත් කෲඩ් ඔයිල් හා කෙමිකල් හොයා ගත්තයින් පස්සේ නාවික ප්‍රවාහනයේදි මෙන්ම නල මගින් ප්‍රවාහනයේදිත් සිඳු වූ අනතුරු හා කාන්දු වීම හා සාගරයට එකතු වීම් දහස් ගානක් ඒවායේ ප්‍රස්තාර රූ සටහන්, අර ස්ටූඩියෝ විශේෂඥ්ඥයින්ගේ දැන ගැනීම සඳහා පහළින් එල්ලනවා.

.

.

ඒවට අනුව අර ගොබ්බ ස්ටූඩියෝ විසේසග්නයෝ කියන කුර සහිත ජීවීන් කියනාකාරයට පෘතුවිය කියලා එකක් තියෙන්න බෑ. මීටාමතරව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්නෙත් සාගරයේ. ඇත්ත ඒ මොහොතේ යම් කිසි පරිසර හානියක් සිඳු වෙනවා. ඒත් ස්වභාවධර්මයම ඒවා යතා තත්වයට පත් කරනවා.

.

.

මේ ලෝකයේ මෙවන් අනතුරකට ලක් වූ ප්‍රථම නෞකාවවත් අවසාන නෞකාවවත් නෙමෙයි. හෙටත් නැව් ගිනි ගනියි, තෙල් ලීක් වෙයි. රසායන ද්‍රව්‍ය මුහුදට, ජලයට මුසු වෙයි. ඒත් අපි පරිසරයට කරන හානිය ඊට වඩා විශාලයි. මේ සිඳුවීම නැතිවත් ලෝකයේ මුහුද වනසන ජාතින්ගෙන් පස් වන ස්ථානය අපට හිමියි. ගංඟා ඇල දොල ජලාෂ සියලට ලෝකයේ තියෙන ව්ෂ සහගතම රසායන ද්‍රව්ය ගෙනලා මුසු කරලා ඉවරයි.

.

.

ඒත් හිනා යන වැඩේ ඕක නෙමෙයි. ඔය චැනල්ම, ඔය පත්තර කාරයොම, ඔය කෝලම් කාරයෝම, ඔය වෙබ් පඩංගුම, ඔය බුකි උස්තාද්ලම, මේවා නවත්තන්න යන කොට ලෝකේ තියෙන අති භයානකම කෘෂි රසායන ද්‍රව්‍යම ඕනේ යකෝ කියලා පුච පොලොවේ ගහගෙන අඬන එකයි. ලංකාවෙම වකුගඩු වලට කෙල උනත්, ලංකාවටම පිලිකා හැදුනත් උන්ට ගානක් නෑ. මොකෝ අර කොම්පැනි වලින් මෙයාලට කන පැලෙන්න ගෙවනවා නේ.

ඉතින් බයිලා කාරයෝ මුක්කුද කියලා වහලුන් නොවන බුද්ධියක් තියෙන ඔබ ඔබේ ශක්තියෙන් හිතලා බලලා තීරණය කරන්න. මොකෝ මාත් රෙදි නැතිව ඝෝඨට කඩේ යන කෙනෙක් නේ.

මහරාජගේ සටි කොල්ලිවලට, සමන්තා පවර්ගේ ඩොලර් වලට. මංගල මඩ බලකායෙන් ලැබෙන තුට්ටු දෙකට, අරක්කු බෝතලේට, ගංජා උගුරට, බයිට්ටෙකට අකුරු ලියන්න ගියාම, යුනිකෝඩ් යූස් කරන්න ගියාම ඔහොම පිට පොට පැටලෙනවා.

.

ස්ධූතී…. නන්ඩ්‍රෙයි…. ටෑන්ක්ස් හොඳේ…!!!


May 28, 2021

අම්මගෙ රෙද්දේ පරිසර ප්‍රේමියෝ



😡 තමන්ගේ වත්තේ කුණු ඔක්කොම පාරට දානවා.

.

😡 නැත්නම් ෂොපින් වලට දාලා වාහනේ ගිහින් පාරේ විසිකරණවා

.

😡 ගඟට ඇලට දොලට විසි කරනවා.

.

😡 ට්‍රිප් ගිහින් කාලා බීලා රීලා ඉතිරි ඉඳුල් ලන්ච් ෂීට්, කෙහෙල් කොල, ලන්ච් බොක්ස්, රිජිෆෝම්, පේපර් ෆොයිල්, ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල් එතනම දාලා එනවා

.

😡 බීලා ඉවරවෙලා නටලා හූ තියලා කෑ ගහලා බෝතලේ කුඩු කරනවා.

.

😡 කොළඹින් ඈත මහ කැලෑවක් අයිනේ නැවත්තුවත්, කාලා බීලා රීලා සියල්ල එතනම දාලා ගිහින්.

.

😡 සිරීපාදේ කුණු හා ප්ලාස්ටික් ටොන් ගානක් හැමදාම පහළට ගේනවා.

.

😡 ඉටිකොල ෂොපින් හිරවෙලා උල්පත් වැහිලා.

.

😡 ඒවම කාණු කටේ හිරවෙලා පොඩි වැස්සටත් මුලු කොළඹම යට වෙනවා.

.

😡 බස් එකක කෝච්චියක සුදු ඇඳුමක් ඇඳගෙන යන්න බෑ.

.

😡 පබ්ලික් ටොයිලට් එකකට යන්න බෑ හැමතැනම රීලා කලාත්මක විදියට.


😡 ප්‍රසිද්ධ තැන්වල අත පය තියන්න බයයි.. චුයින් ගම් කොහොල්ලෑ

.

😡 බීච් එකක යන්න බෑ හැමතැනම හාවෝ

.

😡 කෝච්චියේ ටොයිලට් ජාත්‍යන්තරයටත් ගිහින් අවසන්.

.

😡 වගාවලට ලෝකේ තියෙන රසායන ද්‍රව්‍ය ඔක්කොම ගෙනත් ගහනවා..

.

😡 ඒවා නවත්තලා කාබනික පෝර වලට යන්න ගියාම, ඔය පරිසරවේදීනුයි, ජෙන් ගොප්පන්ගේ ගොවි සංගමුයි, පැකනිල් ඩොන්කිගේ බූතයි හාරුවොයි,  සිටි කොරසයි, වහම දීපන් යකෝ කියලා පුච පොලොවේ ගහගන්නවා.

.

😡 වහලට පොල් පරාලම ඕන.

.

😡 දොර ජනෙල් කොස්

.

😡 ලී බඩු තේක්ක බුරුත කළුවර

.

😡 ෆ්ලෝ එක කුඹුක් දාමූ ඩාලිං

.

😡 කොකා කෝලා පෙප්සි ප්ලාස්ටික් බෝතලේ සුද්දෝ සුද්දියො වගේ බීලා බෝතලෙයි ඉස්ට්‍රෝ එකයි දෙකම පාරට විසි.

.

😡 බස් ටිකට් එක සිකැරට් කොටේ පාරේ..

.

😡 කාරලා කෙල පාර ඇදලා අරින්නේ පාරට

.

😡  බුලත් කෙල් බතික් ස්ප්‍රේ මහපාරේ, බස්සෙකේ ඇද්ලා අරින්නේ.

.

😡 දැන් ෆේස් මාස්ක් එක ගැලෙව්වා විසි කරා පාරට.

.

😡 රෙන්නේ මහ මුහුදට, 

.

😡 එක ගඟකින් වතුර බිඳුවක් බොන්න බෑ. ඔක්කොම අපද්‍රව්‍ය පිරිසිඳු කිරීමකින් තොරව කෙලින්ම ගඟට, එතනින් මූදට.

.

😡 ටොයිලට් වලවල් ඔක්කොම ගඟට

.

😡 බේරේ සුවඳ කොළඹටම ආවේනිකයි.

.

😡 ලෝකයේ සාගරය දූෂණය කරන රටවල් අතරින් අපි පස්වන තැන 

.

😡 හැම පරිසර ඇමතියාම එන්නේ ප්ලාස්ටික් බෑන් කරනවා කියාගෙන ටික දවසකින් ජරාව කාලා යෝජනාව ඉලාස්ටික්.

.

😡 හැම ආගමික ස්ථානයකින්ම උදේ දවල් රෑ ශබ්ද දූෂණේ.

.

😡 හැමදාම පරිසරේ පිරිසිඳුව තියා ගන්න කිව්වට ලංකාවෙම ඩෙංගු.

.

😡 අත කට මූණ පිරිසිඳුව තියා ගන්න කියලා ඇඩ් නොදැම්මොත් මූණ හෝදන්නෙත් නෑ.

.

😡 පොදු වාහනේක යන්න බෑ කිහිලි ගඳටයි, කොන්ඩවල ගඳටයි, ඒ පාර ඒකට වමනේ ගියාම ඒකත් ජනේලෙන් පාරට.

.

😡 කුණු ටික වෙන් කරලා දෙන්නේ නෑ කොච්චර කිව්වත්.

.

😡 හැම ටවුමෙම කුණු කඳු.. ගන්දස්සාරේ බෑ

.

😡 මීගමු පාරේ නුවර පාරේ බස් එකේ එනවා නන් කට කපලා නිදාගෙන එතෑකි. නව කැළණි පාලම, ඔරුගොඩවත්ත පහු වෙන කොටම ඔටෝ ඇහැ ඇරෙන්නේ..  ගඳට

.

😡 පාරේ රෙන්නේ නැති එක විතරයි තාම නොකරන්නේ.


අනේ තොපේ අම්මගෙ රෙද්දේ පරිසර ප්‍රේමේ..


මේ තියෙන්නේ...  

.

.

May 27, 2021

ගිනිගත් නැවේ සත්‍ය කතාව




 ඝෝඨා ගිනිතැබූ නැවේ

ඇත්ත කතාව හා බොරු කතාව

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

.

බොරු කතාව

----------------------


🔼 මේ නැවේ පෝර්ට් රොටේශන් එක වෙන්නෙ 

.

Port Klang > Singapore > Jebel Ali > Hamad > Hazira > Colombo > Port Klang  https://www.x-pressfeeders.com/Home/FindSchedulePdf/328/S16%7CEAST%20ASIA/Straits%20Middle%20East%20X-PRESS%20(SMX)%20-%20EA

.

🔼 ගිනි ගත්ත නැව ඔය රිජෙක්ට් කරා කියන කටාර්වල පෝර්ට් එකටත් ඉන්දියාවේ පෝර්ට් එජටත් දෙකටම ගිහින් කාගෝ ලෝඩ් අන්ලෝඩ් කරලා ඇවිල්ලා තියෙනවා.. 

https://www.x-pressfeeders.com/Home/Articles/72


🔼 ඒ දෙකෙන්ම මේ ගැටළු සහගත කන්ටේනර් එක භාර ගැන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


🔼 කොළඹ වරායට නැව ඒමට තිබූ බව ඇත්තක් උනත්, නැවේ ගැටළු සහගත කන්ටේනර් එකක් ඇති බවට වරායට හෝ නැව් සමාගමේ නියෝජිතයින්ට දැණුම් දී නෑ.


🔼 වාසනාවට කොළඹ වරායට ඇතුල් කිරීමට පෙර නැව ගිනි ගන්නවා.


🔼 ගින්න නිවා දැමීමට ඉන්දියාවේ සහායද රැගෙන ගත් සියලු උත්සාහයන් ව්‍යර්ත කරමින් නැව සම්පූර්ණයෙන් ගිනිබත් වෙනවා.


🔼 රසායන ද්‍රව්‍ය හා කන්ටේනර් වල තිබූ ගිනි නොගත් සියළු ද්‍රව්‍ය මුහුදට එකතු වෙනවා.


🔼 මෙයින් සිඳුවන පරිසර හානිය ගැන හා එය තක්සේරූ කිරීමට සමත් කිසිඳු පරිසරවේදියෙක්, විශේෂඥයෙක් හී නීතීවේදියෙක් ලංකාවේ නෑ.


🔼 හම්බන්තොට මුහුදේ නිවාදැමු නෞකාවෙන් නීතීපති දෙපාර්තමේන්තුව ලබාගත් වන්දිය ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේශ්ත්‍රයේ විහිළුවට ලක් වුනා.


🔼 මෙවර ඒ පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයෙන් ගෙන්වා තිබෙනවා. ඔවුන් මෙයින් සිඳු වූ පාරිසරික විනාශය තක්සේරූ කිරීමට මෙන්ම ලැබිය යුතු වන්දිය පිළිබඳ නීතිමය කටයුතු ගැනද, ඉදිරියේදි සිඳුවිය හැකි මෙවන් අනතුරු වලදී ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනත් උපදෙස් ලබා දීමට නියමිතයි.

.

.


ඇත්ත කතාව

----------------------

.

️මෙය අද හෝ හෙට, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොරෝනා බැවින් රාජිත සේනාරත්න මැතිතුමා විසින් මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙලිකිරීමට නියමිතයි.

.


☑️ නයිට්‍රජන් ලීක් නැවක් අරාබී මූදේ යනවා කියලා රාජපක්ෂලාට නිව්ස් එක එනවා.

.

☑ ️රාජපක්ෂලා නැව කොළඹ වරායට ගෙනෙන් කියලා කැප්ටන්ට කෝල් එකක් ගන්නවා.

.

✅ රාජපක්ෂලා හොරු නිසා කැප්ටන් කටාර් යනවා. උන් එහේ එන්න එපා කියලා කැප්ටන්ට කියනවා.

.

☑️ දැන්වත් ගෙනෙන් කියලා, රාජපක්ෂලා කියනවා.

.

☑ ️කැප්ටන් නැව ඉන්දියාවට ගෙනියනවා. උනුත් කියනවා යන ලෝකෙක පල, මෙහේ නම් එන්න එපා කියලා.

.

☑ ️නැව අනාත වෙනවා, කැප්ටන් කොර වෙනවා, රාජපක්ෂලා මෙහෙන් ටග් දෙකක් යවලා නැව ඇදගෙන ඇවිත් වත්තල පාර්ක් කරනවා.

.

☑️ එදා රෑ ඝෝඨා හේකිත්තෙන් පන්දමකුත් පත්තු කරගෙන පීනලා ගිහින් නැවට ගිනි තියනවා. එන ගමන් ටැංකියේ දාන්න මෝරෙකුත් අල්ලගෙන එනවා.

.

☑️ නැව ගිනි ගන්නවා.

.

☑ ️රාජපක්ෂලා නැවක් ගිනි ගන්නවා නිවලා දියන් කියලා ඉන්දියාවට කියනවා.

.

☑ ️නැවේ ඉන්න මිනිස්සු ටික බේරලා දුන්නොත් ගින්න නිවන්නම් කියලා ඉන්දියාව කියනවා.

.

☑️ ඒ පාර උන් ටික ගොඩට ගෙනත්, ග්‍රැනේඩ් දෙකක් දාලා නැව පුපුරුවනවා. ඒකත් ඝෝඨා කලා කියලා සාක්ෂි ලැබෙමින් පවතිනවා.

.

☑️ ඒත් ඉවරයක් වෙන්නේ නෑ. නැව 85% ක් වෙන්න ගිනි තියපන් කියලා රෝහිතට ඕඩර් එකක් එනවා රාජපක්ෂලාගෙන්.

.

☑️ රෝහිත නැවම ගිනි තියනවා.

.

☑️ රාජපක්ෂලා අළුත්කඩේ උසාවියේ වන්දි නඩුවක් දාලා අළුත් නීතිපතිට කියනවා මේකේ කලර්ස් පෙන්නුවොත් චීප් ජස්ටිස් කරනවා කියලා.

.

☑️ ඒ අතරේ ඩුබායි බැංකුවට කියනවා තව බිලියන ගානක් එනවා සේප්පුවේ ඉඩ තියෙනවද බලන්න කියලා..

.

☑️ අපේ ආන්ඩුවක් ආපු ගමන් මේ පිළිබඳ පරීක්ෂකයෙක් කරලා රාජපක්ෂලා ගෝල්ෆේස් එකේ එල්ලලා මරණවා කියලා මාධ්‍යවේදීනගේ ඔළුවේ අත තියලා දිවුරනවා.

.

☑️ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ඉන්දියාවේ විද්වතෙක් වන මහාචාර්‍ය අරුන්දති රෝයි මහතාට බාර දුන් බව ප්‍රකාෂ වෙනවා.

.

☑️ මාධ්‍ය සාකච්ඡාව චීන භාෂාවෙන් සිරස රූපවාහිනිය ඔස්සේ ලෝකයට ප්‍රචාරය වෙනවා.

.

☑ ️නැව් ගිනි ගන්න රටක පෝට් සිටි හදලා අම්ල වැස්සේ තම ජනතාව පෙලන්න බෑ කියලා ෂී ජින් පින් මැතිතුමා පෝට් සිටි පනත රෝල් කරලා අලී සබ්‍රිගේ අරකෙ ගහනවා.

.

.

ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ..

.

May 26, 2021

කර්මය විපාක දීම, විපක්ෂය හා විල්බැරෝ

 



පින්වත්නි,

අද වෙසක් පුන් පොහෝ දිනය,

මාතලන් අද ගෙන එන්නේ ගිහි බණක්…

ඒ නිසා සාධූ කාරයක් දීගෙනම මෙය කියවා ගෙන යන්න..


යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං

කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං


පින්වත්නී… යම් සේ අප බීජ වපුරන්නේ ද..

ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය.

කුසල් කරන්නවුන්ට යහපත් වූ ද,

අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ.

මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේදීම නිවන් යන්න ට්‍රයි එකක් දිය යුතු වන්නේයෙ.


එසේම පින්වත්නී.. කර්මය විපාක දීම අනුවත් එය කොටස් හතරකට බෙදලා තියෙනවාය.


ඒ..


දිට්ඨදම්මවේදනීය කර්මය – එම බවයේදීම කුසල් අකුසල් කර්ම විපාක ලබාදීම.

උපපජ්ජභේදනීය කර්මය – මරණින් මතු පළමු ආත්ම භාවභේදී විපාක ලබා දීම.

අපරාපරියභේදනීය කර්ම – මරණින් පසු තෙවන ආත්ම භාවභේ සිට කවර හෝ ආත්මයකදී විපාක දීම.

අභහෝසි කර්ම – විපාක භනාදී අභහෝසි වී යන කර්ම කියලාය..


පින්වත්නී අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වගන්සී මේ පලදීම් බෙදා ඇත්තේ කාළය අනුවය. එහෙත් අපේ මේ රජයට විපක්ෂ සියළුම බලවේගයන්ට එවා පලදී ඇත්තේ මෙලෝ වශයෙන්මය.


පින්වත්නි.. තව කාළයක් යන තුරාවට රාජ්පක්ෂලා එලවීම බොරුය.. පට්ට ෆේල් විපක්ෂය හා විපක්ෂයේ සියළුම බලවේග මෙය දන්නවාය. දැන් ඒ පිරිස උන්මත්තකයින් බවට පත් වී අවසානය. ඒ පිරිස අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය, උන්ගේ පාක්ෂිකයින්, ඇපත් නැති වූ රනිල් විකුම්සිංහ හා අනුර කුමාර දිසානායකගේ පක්ෂය හා පාක්ෂිකයින්, ඔවුන්ගේ මාජ්ජවේදීන්, වෙබ් බලකාය, බුකි බලකාය හා වහලුන්ද සිටිනවාය. ඒ දිට්ඨධම්මවේදනීය කරුමයය.


පින්වත්නි කරුමය කියන්නේ දෙවන ආත්මයේ පලදෙන ඒවාද මේ පිරිසට මේ ආත්මයේ පල දෙන එකය. කරුමය ඒ තරම් පවර්ෆුල්ය. පවිත්‍රාට කොරෝනා හැදුන වෙලේ උම්මා දේවී කියා කින්ඩි දැමූ, පවිත්‍රාට හැමදාම පාර්ලිමේන්තුවේ ලෙඩේ ඇදපු සජිත් හා කසිප්පුවාටද අද කොවිඩ් හැදිලාය. උන් හිතුවේ කොරෝනා හැදෙන්නේ බයියන්ට විතරක්ය කියලාය. මේ මොහොතේ ආන්ඩු පක්ෂයට සහයෝගය දක්වන උන් හැසිරුන ආකාරයත්, එදා පවිත්‍රාට වැලඳුන අවස්තාවේ විපක්ෂයේ උන් හැසිරුන ආකාරයත් අනුව මේ රටේ ටොයියන් හා බයියන් මක්කුන්ද යන්න දැන් පින්වතුන්ට වැටහෙනවා ඇතිය.


පින්වත්නී… මුන්ට මේ පලදෙන්නේ අවුරුදු පහක් තිස්සේ එක පවුලකට කෙලින්නට ගොස් සමස්ත ලංකාවටම කෙලවීමේ පාපයය. එය තව ආත්ම (චන්ද) ගානකින් හෝ ගෙවා දැමීය නොහැකිය.


සංවර්ධනය වෙමින් තිබූ රට, ඒ සියලු සංවර්ධන යෝජනා ක්‍රම නවතා දමා ආයෝජකයෝ සියල්ල එලවා දැම්මේය. මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවේය. වෝනින් 96 ක් ඇවීල්ලාත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් හා අම්මට හැමිනුනේය. මේ කාළකන්නි අදත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවාය. උන් එක මොහොතකදි මේ රටේම බෝම්බ තබා රට ලේ විලක් කළේය. විදේශිකයින්ද මරා දැම්මේය. අඩු ගානේ ප්‍රභාකරන් මහතාවත් මේ දේ සිඳුකලේ නැතිය. රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර ඒ මුදල් සියල්ල හොරා කෑවේය. එවන් කාළකන්නි මේ ආත්මයේ (මේ පාලන සමයේ) නොව මුලු ජීවත කාළයේමත් ආත්මයක් ආත්මයක් පාසා විඳවනවාමය.


පින්වත්නී අද ඒ කාළකන්නි, කොරෝනාවෙන් විඳවනවාය. ගෑස් ටැංකි කර තබාගෙන යනවාය. විල්බැරෝ තල්ලු කරගෙන යනවාය. පාර පුරා රස්තියාදු ගහනවාය. බුකියේ වැලපෙනවාය. යූ බටේ මරළතෝනී දෙනවාය. වෙබ් පඩංගුවා අමු කෙප්ප ලියනවාය..


උන්ගේ විරෝධතා සියල්ල මොහොතක් යන්නට පෙර පච වෙනවාය. විල්බැරෝ තල්ලු කරගෙන ගියේ මක්කුන්ද කියා මේ වන විට හෙලි වී අවසානය. උන් පාක්ෂිකයින්ගේම විරෝධයට ලක් වී අවසානය.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගැසුවාට පොර වැඩිපුරම පාර්ලිමේන්තුවේ කරන්නේ බිලියඩ් ගහන එක බව දැන් ඔප්පු වෙලා අහවරය. ඒ රනිල් පොකට් බිලියඩ් ගහපු පුරුද්දට වෙන්න ඇතිය. ඒ වගේ පිස්සෙකුට බලය ගියේ නම්, මේ වන විට අපට ලේසියෙන්ම කොරොනා වලින් ඉන්දියාව පරදා කප් එක ගන්න තිබුනේය. ඒ යකා කරන්නේ බිලියඩ් ගහනෙක හා යාල සෆාරි යන එකය. පක්ෂය පාලනය කරන්නේ ජලනි ප්‍රේමදාස ආර්යාවය. අනික් උන් ඔයා කියන දෙයක් තමා මැඩම් කියා උන් පස්සේ යන වන්දිභට්ඨයෝය.


පාර්ලිමේන්තුව ඉස්සරහා පෝට් සිටියට විරුද්ධව උද්ඝෝෂණ කල උන්ටත් කරුමය පලදී දැන් කොරෝනාය. මුන් ඒ කාළේ පෝට් සිටියට වෙනම පාලනයක් එන බව දිවුරා පොරොන්දු උන උන්ය. උන් කියපුවා උන්ට මතක නැති තරමටම දැන් උන්ගේ මොලේ අවුල්ය. අපේ විපක්ෂයයට සම්මා සම්බුදු සරණමය…!!


පින්වත්නි මෙයින් පට්ටම ආතල් එක අහෝසි කර්මයය.


මාතලන්ට මෙලෝ වශයෙන්ම පලදී තිබෙන්නේ ඒකය. ඇත්ත… මාතලන් යහපාලනයට කඩේ ගියේය. එහෙත් දවස් තුනක් යන්නට මත්තෙන් කළ පාප කර්මයේ තරම වැටහිනි. එදා සිට මාතලන් කළ වැරදි වටහාගෙන රට නිවැරදි මාවතට ගෙන ඒමට යුනිකෝඩ් වලින් සහාය දුන්නේය. ඒ නිසා, ඒ පව මේ ආත්මයේම අහෝසි විය. බැරි උන උන් සැමදා නිරයේය…


පින්වත්නී….

ඒ වගත් මෙසේය…..

May 22, 2021

කොරෝනා විශේෂඥ බයිලා චැම්පියන්ලා


රට ඉන්න මහාචාර්‍යලා, මෙහේ ඉන්න මහාචාර්‍යලා, ඉස්පැසොලිස්ට්ලා ඔක්කෝම රට වහපියෝ කියා නහින්නට යනවාය. උන් කියන්නේ දවස් 14 ක් රට වැහුවාම වෛරසය ඉවරයි කියලාය. කොරෝනා මඩින්න රතන සුත්තරේ කියනා උන්ගේත්, මුට්ටි ගඟේ දාන උන්ගේත්, දිව්‍ය පූජා තියන උන්ගේත්, මුන්ගේත්, කිසිඳු වෙනසක් මා නම් දකින්නේ නැතිය. උන් හදන්නේ උන්ගේ වගකීමෙන් බේරී, කෙලවෙලාම ගියොත් ඒක ආන්ඩුවේ ඇඟේ ගසා පොරවල් වෙන්නටය. උන් රෝගියකුගේ අතක් පයක් කැපුවත්, මරා දැම්මත්, එදා ඉඳන් අද වන තෙක් කළෙත් ඔය සෙල්ලමමය.

ඔය එකෙක්වත් ලෝකයේ කිසිවෙක් ගනන් ගන්නා උන් නෙමේය. මුන් බයිලා ගහන්නේ රජය ගත යුතු නියම පියවර අරගත්තායින් පස්සේය. මුන් හැම එකාටම තියෙන්නේ උන්ගේ මමත්වය හා ඩිග්නිටිය ගැන ප්‍රශ්ණයකි. ඔය එකෙක්වත් කොරෝනාවට බෙහෙතක් තබා ප්‍රතිකාරයක්වත් නොදන්නා උන්‍ ය. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දුන්නේ විටමින් සී හා කොත්තමල්ලිය. ඇත්ත කතාව ඒකය. මැරෙන්නම යනවා නම් ඔක්සිජන් එක නහයේ ගැසුවේය. නාවුක පොකුර කෑම්ප් එක තුලම සනීප දේශීය ක්‍රමයටය. ඒවාට කවුරුත් ක්‍රෙඩිට් ඉල්ලුවේත් නැතිය. ප්‍රශස්ති ලියවුනේත් නැතිය. එය සෞඛ්‍ය අංශවල දස්කමක් නොව රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය හා වාසනාවය. මධ්‍යස්ථානවල හිටපු උන් රෝහල්වල හිටපු උන් මේවා දන්නවාය. මධ්‍යස්ථාන වල හිටී උන් බලාගත්තේ සෞඛ්‍ය අංශ නොව හමුදාවය. 

මේ බයිලා කාරයෝ කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ කොහේ හෝ වෙන කෙනෙක් හොයා ගත් දෙයක් කියනා පෙත්තප්පුලාය. ඉතින් අපේ උන්ට රනිල් වික්‍රමසිංහ ලෝකේ හොඳම මොළේ වනාතර, අරුන්, සියල්ල දත් ප්‍රාඥ්ඥයෝය.

ඇත්තටම ඔය එකෙක්වත් කොරෝනා ගැන දන්නා මළහත්තිලව්වක් නැත. අන්ධයෝ සෙට් එක ඇතා ගැන විශ්ලේෂණය කලා සේ මුන් එක එකා උන්ට හිතෙන හිතෙන බයිලා ජනමාධ්‍ය ඔස්සෙ හලමින් සිටී. මුන් ලොක්ඩවුන් හා කර්ෆියු කියන්නේ මොනවාද කියාවත් දන්නේත් නැත.  ලෝකයේ කිසිම රටක කර්ෆියු දැම්මේ නැති අතර, ලොක්ඩවුන් නම් හැම රටේම දැම්මේය. මුන් සිල්ලර කඩ වහන්න කිව්වාට, සුප්ර් මාර්කට් හා ඩිලිවරි සර්විස් වහන්න කියා කියන්නේ නැතිය. ආන්ඩුව හිතන්නේ උන් ගැන නොව ෂැෂේ පැකට් විකුණන සිල්ලර කඩෙන් ජීවත් වන උන් ගැනය. උන්ට ඕනෑ උන් තරම් දන්නා උන් ලොවෙත් නෑ කියා පෙන්වන්නටය.

ඇත්තම කතාව කොවිඩ් වැක්සීන් එක ගහපු උන්ටත් බඩු බනිස් වෙච්චි එකය. කවදත් සල්ලි හම්බ කරනා කොම්පැනි හා රටවල් දැන් සල්ලි හොයන්නේ වැක්සීනයෙනි. ඕවා ඩොලර් බිලියන් ගනන්වල බිස්නස් වී අවසානය. ලෝක ඖෂධ මාෆියාව එය ඒකාධිකාරියක් කර ගැනීමට මාෆියාවෙ හෙඩ් ක්වාටර්ස් වන ලෝක සවුක්ක සංවිධානය හා ගේමක් ගැසූවද , මැද පෙරදිග රටවල් අනුමැතිය නොමැතිවත් චීන වැක්සීනය හා රුසියානූ වැක්සීනය භාවිතයට ගැන්මත්, එය සාර්ථක වීමත් නිසා නැට්ට පුචේ ගහගත්තේය.

අපේ බයිලා කාරයෝ ඔක්කොම කුලප්පු වූයේ ඉන්දියාවට කෙල වූ පසුය. ලෝකයේම මරි මෝඩ ජනතාවට කොරෝනා ගැන තේරුනේත් ඉන් පඩුවය. ඊට හේතුව උනේ ඉන්දියාවේ කිසිඳු මාධ්‍ය සදාචාරයක් නොමැති වීම, මෝඩ ආගමික මතවාද හා ගෝත්‍රිකත්වයයි. ඒ මාධ්‍ය වර්ථා එලෙසම අපේ රටේත් පෙන්නු නිසා අපේ බයිලා චැම්පියන්ලාගේද ඉහ මොළ රත් වුනේය. අපේ රටෙත් මාධ්‍ය සධාචාරයක් නොමැති වීම එක අතකින් වාසනාවක් විය. බයිලා චැම්ප්ලා මෙන්ම මරි මෝඩ ජනතාවද දැන් බය බිරාන්ත වී සිටී. ඒ අස්සේ කැරම් ගහන්න යන් චක්කන්ද නැතුවා නොවේ.

කොවිඩ් වෛරසය විවිධ වෙස් ගනිමින් සිටි. එය මාරාන්තික බවද සත්‍යයකි. එහෙත් දැන් ලංකාවේ තත්වය කැපී පෙනෙන්නේ , එය පළමු වටයේත් , දෙවන වටයේත් සාර්ථකත්ව මැඩ පැවැත්වූ නිසාවෙනි. අවුරුද්දට පිස්සෝ වගේ ෂොපින් යන්න එපා, අඩු ගානේ නෑගම් හෝ යන්න එපා කීවේ ශවේන්ද්‍ර සිල්වා පමණි. එ මොහොතේ රට  වහන්න කියා ඔය විශේෂඥ බයිලා චැම්පියන්ලා එකෙක්වත් කිව්වේ නැතිය. උනුත් නුවරඑළියේ ගොස් පට්ට ෆන් එකක් ගත්තේය. රට යන්න චාන්ස් තිබුනා නම් ඒවායෙත් යන්නේය.

අපේ රටේ දැන් සිඳුවෙමින් තිබෙන්නෙ මුල් කාලයේ ඉතාලියේ ස්පාඤ්ඤයේ ජර්මනියේ ප්‍රශයේ ඇමරිකාවේ සිඳුවූ තත්වය. ජනතාව නොදන්නවා උනාට ඒවා මැඩ පැවැත්වුනේ හර්ඩ් ඉමියුනිටි නිසාවෙන් බව බෝවන රෝග විශේෂඥයින්ගේ මතයයි. ඔය ඉන්දියාවේ වාගේම පේරූ හා බ්‍රසීලයේද මිනිසුන් බුරුතු පිටින් මියගියා කියා අපේ විශේෂඥයෝ දන්නේ නැතිය. ඒවා පාලනය වූයේත් හර්ඩ් ඉමියුනිටි තත්වයෙන් මිස වැක්සීනයෙන් නොවේ

මේ කාළකන්නින් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලෝම මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි මානසික පීඩනයක සිටිනා බව ඇත්තය. ඒ මෙය මැඩලීමේ වගකීම ඔවුන් සතු නිසාය. ඔවුන් පමණක් නොව පාසල් දරුවන්ගේ සිට සෑම පුද්ගලායම සිටින්නේ දැඩි මානසික පීඩනයකය. දැන් මරණ බයද ඊට එක් වී ඇත. එහෙත් මාෆියාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට නායකත්වය නොදී එය හමුදාවට බාර දුන් නිසා රට මේ තත්වයෙන් හෝ තිබෙනවාය. සෞඛ්‍ය ක්ෂෙශ්ත්‍රයේම එකිනෙකාට දොස් පවරා ගන්නා එම මාෆියාවට මෙහි නායකත්වය දුන්නා නම්, මේ වන විට මුලු රටම වැලලිලා අහවරය.

දැන් හෝ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා. එක එක බයිලා කාරයන්ගේ කොරෝනා මාධ්‍ය සංදර්ශන නවතා දමා. රජයේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පත්  කල යුතුය. යුද්ධය කාලෙත් හමුදවේ උන්ට තබා හමුදාපතිවරුන්ටවත් මාධ්‍ය සංදර්ශන තැබීමට ඉඩ නොදී මාධ්‍ය  ප්‍රකාෂකට එම කාර්‍යය භාර දීම කෙතරම් හොදද කියා සිතෙන්නේ සරත් පොන්සේකා අද කරනා ප්‍රකාෂ දැක්කාමය..

කොරෝනා ලංකාවට ගෙනාවේ ඝෝඨාභයවත්, ශවේන්ද්‍ර සිල්වාවත්, ආන්ඩුවවත් නොවේ.

එදා නැවෙන් බාගත් එකාට විරුද්ධ වූ කාලකන්නින්

පසුව රට ඉන්නා උන් ගේන්නේ නැත්තේ ඇයි කියා පොලොවේ පස් කෑවේය.

ආන්ඩුව නිවැරදි දේ කරමින් සිටි..

මෙය ලෝක වසංගතයකි..


තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න


මාස්ක් එක දැමීමට අත් හේදීමට

ඝෝඨා හෝ ශවේන්ද්‍ර ඔබේ නිවසට පැමිණීමේ තීරණය තවම ගෙන නැත..



ඉස්ධූතී ....... නන්ඩ්‍රෙයි ...... ටෑන්ක්ස් හොඳේ.....!!!!

May 18, 2021

යුධ ජය කර තබාගෙන නොව කරඬුවක තබා හිසින් රැගෙන යා යුතුය.

 


අපේ රටේ හිඟන මානසිකත්වයක් ඇති කාලකන්නි ජෙප්පෝ හා උන්ගෙන් කැඩි බිඳී ගොස් ගොබ්බ වහලුන් හරි හම්බ කරනා දෙයකින් කොටසක් කඩා ගෙන ජීවත්වන කාල් මාක්ස් පැටවුන් මෙන්ම වාමවාදී ගොබ්බ මහාචාර්‍යවරුන් හා ආචාර්‍යවරුන්ද නිතර අසනා ප්‍රශ්ණයක් නම්, නිදහස ලබා වසර 70 ගනනක් ගෙවී ගියද රට කරපු උන් කරලා තියෙන්නේ මොනවාද කියලාය. මුන්ට අමතක හෝ අමතක කරනා කාරනය නම්, එයින් වසර තිහක්ම අති දරුණු ත්‍රස්තවාදයකට රට මුහුණ දුන් බවය.

ඒ මදිවාට ප්‍රභාකරන් නම් නරුම මිලේච්ඡ ත්‍රස්තවාදියා නන්දිකඩාල් කලපුවෙන් ස්වර්ගයට අපායට හෝ මෝක්ෂයට යවා වසර 12 ගතවූ විජයග්‍රාහී දිනයේ උන් ලියා තිබුනේ වසර 12 ගත වෙලාත් තාම යුද්ධය කරේ තබාගෙන යනවා ඕයි කියලාය. 2005 දී ප්‍රභාකරන් රනිල් වෙනුවට මහින්ද තෝරා ගෙන ඉල්ලාගෙනම කෑ එක ගැන පුදුම දුකකින් තබපු සටහනුත් දුටුවාය.

ඒ අස්සෙ දුටු පට්ටම ආතල් එක නම් පිස්සු වහන්සේ නමක් කියු වැදි බණක් උස්සාගෙන ගොබ්බ වම්මු බුදු සරණ ගොස් තිබීමය. උන්නාන්සේ පසුගිය වසර 40 පමණ දීර්ඝ නින්දකට ගොස් නැවතත් බුදුන්ගේ කාළයේ ඉපදී ගහන බයිලා දැක්කාම මාතලන්ට සසර කළකිරි පස්සෙන් වාත වැලක්ම බිහි විය. සමහර විට මුන්නාන්සේ අර දිඹුලාගල හාන්දුරුවන්ගේ නිකායේ වහන්සේ කෙනෙක් නම් වෙන්නට බැරිය. අරන්තලාවේ කුරීරූ ලෙස ඝාතනය කරනා ලද සාමනේර වහන්සේලාගේ නිකායේ වෙන්නත් බැරිය. සමහර විට ඇන් ජී ඕ නිකායක කෙනෙක් වෙන්න ඇතිය.

මේ එක කාලකන්නියෙක්වත් ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්නා ත්‍රස්තවාදීන් විසින් ඉටි පහන් දල්වා ප්‍රභාගේ ධජයත් පසෙකින් තබාගෙන ප්‍රභාකරන් සමරන එක ගැන වචනයක් හෝ ලියන්නේ නැත. උන් ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, ඒවා උන්ගේ මානුෂික අයිතිවාසිකම් කියා පුක පොලොවේ ගහන් නහිනවාය.

කරුමය කියන්නේ ත්‍රස්තවාදීන්ට ඇති අයිතිය රටේ සාමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි කියනා එකය. මුන් අදත් නිරුපද්‍රිතව ඉන්නේ උන්ට එදාත් ත්‍රස්තවාදීන් හා තිබූ සම්බන්ධතාවයන් නිසාය. එපමණක් නොව අදත් උන්ගේ ගිණුම් පිරී යන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් වලින් නිසාය. ඒ නිසා ඇත්තටම අපි උන්ට අනුකම්පා කළ යුතුය. මුන් රටට ආදරේ නැති බව කෙලින්ම කියා ඇත. උන් කියන්නේ මේ රට කාළකන්නි රටක් කියාය. අපි නම් කියන්නේ තොපි වාගේ කාළකන්නි නිසා මේ රටට එහෙම වෙලා තියෙනවා කියලාය.

ඇත්තටම අද ඉන්නා තරුණ පරම්පරාව වසර තිහක් තිස්සේ මේ රටේම මිනිස්සු විඳි වේදනා හා කාපු පරිප්පුව දන්නේ නැතිය. අද නිදහසේ රට පුරාම යන්න නිදහස ඇතත් එදා කොළඹට ඒමටවත් නිදහසක් තිබුනේ නැතිය. චෙක් පොයින්ට් හන්දියක් හන්දියක් ගානේය. සිංහළද දෙමළද මුස්ලිම්ද අදාල නැතිව හැම එකාම පරීක්ෂාවට ලක්විය. වාහන පරීක්ෂාවට ලක් වීය. ඇත්තටම ඒවා දේශසීමා චෙක්පොයින්ට් වලටත් වඩා දරුණු ඝනයේ ඒවා විය. මොරටුවේ සිට රත්මලානට එන විට අදටත් දකින්නට තිබෙන්නේ එයින් එකක් පමණි.

උතුරට යාමට ප්‍රභාගෙන කිලිනොච්චියේදී වීසා ලබා ගන්නට උනේය. ඒවාට වරු ගනන් පෝලිම් වල ඉන්නට විය. උතුරේ වෙනම පොලීසියකි, හමුදාවකි. මායිම් ගම්මාන වල මිනිස්සු කපා කොටා මරා දැම්මේය. දකුණේ හිතෙන හිතෙන තැන බෝම්බ තබා මින්සුන් සිය ගනනින් මරා දැම්මේය. හමුදා කඳවරු වලට පමණක් නොව මහ බැංකුවටත් කුඩු වෙන්නම ගැහුවේය. මරාගෙන මැරෙනා උන් එවා කොළඹම කුඩු කලේය. පාසල් වල ගාඩ් කලේ දෙමව්පියන්‍ය. අම්මා තාත්තා එකට වැඩට ගියේ නැතිය. එකට ගමන් බිමන් ගියේ නැතිය. කොයි බස් එක කොයි කෝච්චිය පුපුරනවා දැයි අන්ෂුවර්ය. අවසානේ කුරුම්බැට්ටි මැෂින් උඩිනුත් ඇවිත් කොළඹටම කෙලින්නත් පටන් ගත්තේය.

මේවා මෙසේ වෙද්දී අපේ නපුංසකයින් සුදු නෙළුම් පුදා මිස්ටර් ප්‍රභාකරන් වැන්දේය. සටන් විරාම ගිවිසුම් ගසා රජයේ හමුදා හා පොලීසී, බල්ලන් කූඩූ කරන්නා සේ කඳවුරු තුලට කොටු කර, උන්ට නිදහසේ ඇවිත් බුද්ධි අංශවල සොලිඩ්ම බඩු මරා දමා යාමේ පහසුකම් සලසා දුන්නා පමණක් නොව, 2015 කළාක් මෙන්ම හමුදාවේ බුද්ධි අංශ හා රහසිගත් කඳවුරු හා හමුදා අනුකංඩ සියල්ල පිළිබඳ තොරතුරු උන්ට ලබා දුන්නේය.

එවන් කාළකන්නි යුගයක් නිමා කළේ රාජපක්ෂලා මිස වෙන එකෙක්වත් නොවේ. ඒක මේ කාළකන්නින් හොදින්ම දන්නවාය. ඒ නපුංසකයන් රට කා බංකොලොත් කළ වසර පහේ යුධ ජය සමරනා විට කිසිඳු අර්ශෂ් අමාරුවක් නොතිබූ මේ කාළකන්නින්ට පුක කහන්න පටන් අරගෙන තියෙන්නේ නියම යුධ වීරයින් බලයට පැමිණ ඒවා සමරන නිසාය.

ෆොන්සේකා යනු හමුදාපති පමණි. දින 12 පෙන්ෂන් යන්න උන් පොර හමුදාපති කළේ ඝෝඨාය. උතුරට කෙලියේ ෆොන්සේකාගේ ප්ලෑන් එකකට නොව තොප්පිගල ජයගත් චාගී ගාල්ලගේ ගේ ප්ලෑන් එකකට අනුවය. අවාසනාවකට චාගී හදවත් සැත්කමකට භාජනය වූ නිසා එතැන් සිට ශවේන්ද්‍ර සිල්වාට වැඩි බරක් කරට ගන්නට විය. ශවේන්ද්‍රගේ හෙවනැල්ල මෙන් උන්නේ සුව වී ඉස්පිරිතාලයෙන් එලියට ආ දිනයේ සිට යුධ බිමට ගිය චාගී ගාල්ලගේය. මේවා හමුදාවේ උන් දන්නවාය. මේ නියම රණවිරුවෝය. අදටත් චාගීලාට ශවේන්ද්‍රලාට කේස් ඇද්දාට, රට හා හමුදාව පාවා දුන් ෆොන්සේකාට කිසි ගේමක් නැත්තේ ඒ නිසාය.

රට මේ තත්වයට ගෙන ඒමට මියගිය රණවිරුවන් ප්‍රමාණය අති විශාලය. අදටත් අත් ඇස් පා අහිමිව ජීවත්වන විරුවන් ප්‍රමාණය අති විශාලය. ඒ අතර සදාකාලිකව යහන් මත ගත කරනා අයද වෙති. ඒ අය අතර අපේ කල්‍යාන මිතුරන් මෙන්ම ඥාතීන්ද ඒ අතරවේ. එමෙන්ම බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී මියගිය හිතවතුන්ද වේ. ඒ ඇර මහ බැංකු ප්‍රහාරය අත්දැකීමෙන්ම විඳ ඇත. ඒ ඇර කොළම සිඳුවූ ප්‍රහාරයන් දෑසින්ම දැකලා තියෙනවාය. ඒ නිසා ඒ ත්‍රස්තවදයේ කුරිරු බව මූසල බව හා කාළකන්නිකම ගැන හොදින්ම දන්නවාය.

එවන් කාළකන්නි යුගයක් නිමා කිරීම මේ රට පවතිනා තෙක් සැමදා සැමරිය යුතුය. ඇත්තටම අපේ නිදහස් දිනය පෙබරවාරි හතර වෙනිදා නොවේ. එකඳු ලේ බිදක් හෝ නොසලා ඉන්දියාවට දුන් නිසා අපිට බලෙන් දුන් නිදහසකි. එහෙත් මැයි 18 වෙනිදා මේ රටේ ලබාගත් නිදහස් මුලු රටම ලෙයින් තෙත් කොට ලබාගත් නිදහසකි. එය වසර 12 ක් ගත වී නොව මේ කල්පය පවතිනා තුරා සැමරිය යුතු නිදහසකි. එදිනේ මහින්ද රාජපක්ෂ නම් ඒ නිදහසේ පියා අමතක කරන්නේ නම්. එතරම් කුහක කමක් ශ්‍රී ලාංකිකයකුට තවත් කළ නොහැක.


ඒ වගත් මෙසේය…..

May 14, 2021

හත්පොලේ ගාගත් ආන්ඩුවේ කොරෝනා මාධ්‍ය වසංගතය…

 


මාතලන් දන්නා පරිදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උන්ට මොන ප්‍රශ්ණ තිබ්බත් එවා මාධ්‍ය සාකච්ඡා තබා ලෝකයටම හෙලිකිරීම කෙසේ වෙතත්, පුවත් පතකට ඉන්ටවීව් එකක් දෙනවා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුය. මේ නීතී රීතී පිලිගන්නා උන් මාධ්‍ය මගහැර හිනාවක් දමා මාරු උනද, විනයක් නැති ඔළුව ඉදිමිච්ච උන්, එක එක ප්‍රකාශ සිඳුකොට ටීම් එකේ ප්ලේස් එක නැති කරගත් ආකාරයත් අපි දැකලා තියෙනවාය.

ත්‍රිවිධ හමුදාවේද එසේය. ඒවායේ හමුදාපතිවරුන් හෝ මීඩීයා කාරයෝ වටකරගෙන ප්‍රෙස් බ්‍රීෆීන් හෝ ප්‍රෙස් කොන්පරන්ස් තියන්නේ නැතිය. ඒ වෙනුවට ඒ ඒ හමුදාවට අදාලව මාධ්‍ය ප්‍රකාෂකයෙක් වෙනම ඉන්නවාය. හමුදාවේ විනය පවත්වාගෙන යන්නේ එසේය.

වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුගයේදී මේ ක්‍රියාදාමය පොලීසියටද හඳුන්වා දුන් අතර, දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ලෙස කටයුතු කරන අජිත් රෝහණ එම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කරනවා පමණක් නොව. විශේෂයෙන් කාන්තා පාර්ෂවයේ සිහිණ කුමාරයෙක් බවටද පත් වී අවසානය.

පොලීසිය කෙරේ ජනතාවගේ පැවති අපුලතාවය තරමක් දුරට හෝ තුනී කිරීමට තරම් ඔහුගේ භූමිකාව ඉවහල් වූ බවත් නොකියා සිටිය නොහැකිය.

ඊට පෙර පොලීසියේ ඕ අයි සීලා වැඩ පෙන්නුවේ පත්තර කාරයෝ එක්කය. වැඩේ හබක් වූ පසු පත්තර කාරයෝ පාතාලේ හා එක් වූ අතර, උන් බොහෝ දෙනෙක් ඒකෙන් ගොඩ ගියේය. කොස්ගොඩ තාරකගේ වියෝවෙන් ශෝකයට පත් පිරිස අතර ලෝයර්ලාට අමතරව පත්තරකාරයෝ හා උන්ගේ මිත්‍රයෝද සිටින්නේ ඒ නිසාය.

එහෙත් රටම වෙලාගත් ලෝක වසංගතයක් වූ කොරෝනා පාලන වැඩසටහන අතරේ ආන්ඩුවේ මාධ්‍ය මෙහෙයවීමද වසංගතයක්ම වී ඇති බව ඉතා කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය. කොරෝනා රෝගය හා රෝගය මැඩලීමේ වැඩ සටහනේ ඉතා වැදගත්ම අංශය වන ප්‍රචාරණය හා සංනීවේදන කටයුතු පිළිබඳව නොදැණුවත්කම හා නොසලකා හැරීම, මේ මොහොතේ ඉතා පැහැදිලිවම පේනවාය.

මේ මාධ්‍ය නිදහස කිසිසේත්ම ආන්ඩුවේ ඉදිරි ගමනට මෙන්ම වර්තමානයටද හිතකර දෙයක් නොවන්නේමය. හිතෙන හිතෙන එකා මාධ්‍ය සාකච්ඡා තබා කියන්නේ ආන්ඩුවේ වැඩපිලිවරට එදිරි ප්‍රකාශනයන් හා විවේචනයන්‍ය. මේ අතර ආන්ඩුවෙන් පඩි කන උන් මෙන්ම ජනාධිපති තුමා සමඟ රැස්වීම් වලට සහභාගී වන උන්ද සිටීම ඉතා කනගාටුවට කරුනක්‍ය.

විශේෂයෙන් රාජ්‍ය ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා කරුණාරත්න හා ගොම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ භූමීකාවන් හා මාධ්‍ය සාකච්ඡා පිලිකුල් සහගතය. කිසියම් අඩු පාඩුවක් ඇත්නම්, විය යුතු දෙයක් ඇත්නම් ඒවා කියා සිටය යුත්තේ මාධ්‍යටවත් ජනතාවටවත් නොව, කෙලින්ම ජනාධිපතිවරයාට හෝ ඇමතිනියටය.

කොවිඩ් මැඩලීමේ මධ්‍යස්ථානයක් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පිහුටුවා අවසානය. එහි පරිපාලනයේ කිසියම් අඩුවක් හෝ ක්‍රියාවිරහිත වීමක් හෝ සිඳූ වූවාදැයි යන සැකයක් බොහෝ දෙනා තුල ඇත.

මන්ද, පළමු වටයේත් දෙවන වටයෙත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහත්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනත් පමණි.

එහෙත් දැක් කෝකියෝ හැට හුටහාමාරකටත් එහා පිරිසක් වොයිස් කට් වීරයෝ වී අවසානය. විශේෂයෙන් ආන්ඩුවේ පඩියෙන් ජීවත් වන PHI මහ එකා හා එජාපයේ වෘතීය සමිති කාරයෙක් වන රවී කුමුදේශ් නැමැත්තා කරනා හානිය සුලුවෙන් තැකිය නොහැකිය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කියා එකෙක් ඉන්නවාද නැද්ද කියා දන්නේ නැත. එක්කෝ පොර පට්ට ෆේල් පොරක්ය. එසේ නොමැති නම් දක්ෂ පරිපාලයකු නොවේය. අනිල් ජාසිංහ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය. පබා පළිහවඩණ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය.

මෙහිදි කනගාටුදායකම කරුණ නම්, මෙවර වැක්සීන්කරණය රාජ්‍ය විරෝධි ආන්ඩු විරෝධී මහ උන්ගෙන් සමන්විත PHI ලාට හා MOH ලාට බාර දී තිබීමය. උන් එය අල කර අවසානය.

මේ තරමට ඇදගෙන නාන්නේ සුපිරි සන්නිවේදකයින් මෙන්ම ඝෝඨාගේම මිනිසුන් තිදෙනෙක් වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස පත්වීම් ලද කින්ග්ස්ලී රත්නායක හා මොහාන් සමරනායකලා එතුමා ළඟම සිටියදීයය.

එමෙන්ම යූ ටියුබ් කාරයෝ හා චැනල් කාරයෝ කොහේ හෝ ඉන්නා එකෙක් උස්සාගෙන විත් කරනා මළ විගඩම් විකාරද වහාම තහනම් කර දැමිය යුතුය. මාධ්‍ය නිදහස කියා මුන් කරනා මළ සමයන් නිසා මිනිස්සු ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් එකිනෙකා පරදා ජනතාවට ආතල් දෙයි. පසුව වෙබ් පඩංගු කාරයෝ ඒවා ප්‍රචාරණය කරනාතර, වේලී වේලී ඉන්නා ජාතික පත්තර කරයෝ ඒවා හෙඩ් ලයින් ලෙස දමා ජාත්‍යන්තරයටම ගෙන යනවාය.

කොරෝනා එක්ස්පර්ට්ලා වන ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාළකන්නි පොලිටික්කන්ට අමතරව පසුගිය සතියේ කොරෝනා මාධ්‍ය උස්තාද්ලාගේ ලිස්ට් එකක් පහතින් පලවේ.

ඒ, හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, කොරෝනා ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අමතරව බව කරුණාවෙන් සලකන්න. මෙය විගඩමක් බව පෙන්වීමට වෙනත් හේතූන් අවශ්‍යද?


🎈මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

🎈සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

🎈ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති

🎈කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී

🎈ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක

🎈දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

🎈රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

🎈ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා

🎈හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

🎈කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා

🎈ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

🎈ආචාර්ය චන්දනමලී පුංචිහේවා

🎈කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

🎈නාලක ගොඩහේවා


.

May 10, 2021

ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..


ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..

ටැලිවිසන් එකේ පත්තර කියවන්න කලින්, පත්තර කියෙව්වේ වයර්ලැස් එකේය. මේක පටන් ගත්තේ කව්දැයි කියන්න දන්නේ නැති නමුත්, වයර්ලැස් එකට වැඩියේ සවන් දෙන්නේ නැති මාතලන් දන්නේ “පත්තර මල්ලි” හෙවත් නුවන් ජූඩ් ලියනගේ ඉතරය. පස්සෙ කාලෙක රූපවාහිනියේ “රෝද හතර” ගෙන ආ ජූඩ් දැන් යූ බටේ වැඩ පෙන්වනවාය. ඒ කටහඬට මාතලන් කැමතිය.

ටෙලිවිසොන් හෙවත් රූප පෙට්ටියට මුලින්ම පත්තර කියවිල්ල ගෙනාවේ මොකාද කියා නිච්චියක් නැතත් කලින් මල් පත්තර කාරයෙකු වූ බන්ධුල පද්මකුමාර උන්නැහේගේ පත්තරේ විස්තරේ අභිබවා යන්න අද වෙනකන් එකෙක්ටවත් බැරි වෙලා තියෙනවාය. බන්දුල පද්මකුමාරගේ පත්තරේ විස්තරේට අමතරව ඉතා ජනප්‍රිය වූ ලොව වටා ප්‍රවෘත්ති ලිව්වේ මාතලන් දන්නා පරිදි සුපිරි ලියන්නකු වන සහන් කසීර වික්‍රමසිංහය.

දැන් ඉන්න පත්තරේ කියවීම කෙසේ වෙතත් උන් කරන්නේ ඕන නිව්ස් එකක් තමන්ගේ හෝ තමන්ගේ චැනල් එකේ පොලිටිකල් ඇජෙන්ඩා එකට අනුව ආලවට්ටම් හා කැටයම් දමා කියවීමය. ඒවා බලනවාට බලනවා මිසක් මෙලෝ රහක් ඇති ඒවා නෙමේය. එහෙත් බන්දුල පද්මකුමාරලා හැරුනත් රස වෑහෙනවාය. ඊට හේතුව උන්නැහේ මල් පත්තර කාරයෙක් වීමත් විය හැකිය.

ඔය බන්ධුල පද්මකුමාරගේ උන්නැහේගේ හෝ කාගේ හෝ පත්තර කියවන වැඩ සටහනක ඉන්ගිරිසි පත්තර කියවන්නත් ලස්සන ගෑල්ලමෙක් උන්නාය. ඒකෙත් ලොකු වටිනාකමක් තිබුනාය. ඒ අදටත් ඉන්ගිරිසි පත්තරවල තියෙන ඒවා හින්ගල පත්තරවල යන්නේ නැතිය. විශේෂයෙන් ආර්ථික කාරනා යන්නේම නැති තරම්‍ ය. එමෙන්ම ලෝකයේ අනෙක් රටවල ප්‍රවෘත්ති යන්නේම නැතිය. මේවා ටැලිවිසොන් නිව්ස් වලිනුත් හැලිලාය. යන්නේ එලොවටත් මෙලොවටත් නැති කාළකන්නි දේශපාලුවන්ගේ අමු ගොබ්බ වොයිස් කට්, ත්‍රී වීල් පක්ෂවල හා කාලකන්නි හූනියන් කාරයන්ගේ ප්‍රෙස් කොන්පරන්ස්‍ය. රටේම උන් අමු ගෝත්‍රික ළිං මැඩියෝ වෙලා තියෙන්නේ මේ හේතුවෙන්‍ ය. ඉතින් ලෝකය ගැන දන්නා පොඩි එකෙක් දැක්කත් මුන්ට ඇල්බට් අයිබ්ස්ටයින් දැක්කා වාගේය.

ඔහොම පිටරටවල පත්තර මැගසින් කියවා නිව්ස් බලා රටේ ජනතාවට කියනා තවත් එකෙක් ඉන්නවාය. ඒ අවුරුදු පහක් තිස්සේ රට බංකොලොත් කොට කාබාසීනියා කර දමා ඇපත් නැතිව ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය.

උන්නැහේ හොඳ කියවන්නෙක්‍ ය. ඒ නිසා කොහේ හෝ තියෙන දෙයක් දැක්කාම පින්ජුල මාරිස් සඳුදා උදේට දෙරණෙන් සතියකට ප්‍රෙඩික්සොන් දෙනවා වාගේ අර කොහේ හෝ එකෙක් සොයාගත් සිද්ධාන්ත, දත්ත හෝ තොරතුරු තමන්ගේ ඒවා වගේ රටට දෙනවාය.

ඉතින් එජාපයේ ඉන්නා මෙලෝ අල බෝලයක් නොදන්නා කුර සහිත ඩොන්කිලා හා බුකියේ ඉන්නා ගෝත්‍රික ළිං මැඩුයන්ට ඒ යකා ආසියාවේ ළොකුම මොළේ තියෙන එකාය. හරියට සිරස ලක්ෂපතියේ මොනිටරේ බලාගෙන පාන්ඩිත්‍ය රටට පෙන්වන චන්දන සූරියබන්ඩාර වගේය. මෝඩයන්ට මේවා මැජික් උනාට, මේ වෙල් ඕගනයිස් වෙල් ප්ලෑන් වෙස්ටර්න් ප්‍රොපගැන්ඩා දැක්කාම හිකෙන් පුනාම යනවාය.

ඇමරිකාවේ යුවර්සිටි එකක ප්‍රෙඩික්සොන් එනකොටම රනිල් වික්‍රමසිංහ ටැලිවිසොන් එකට එනවාය. මීටාමතරව සැටලයිට් නෝනා හා ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් බොහෝ විට එනවාය. මංගල සමරවීරත් එනවාය. එයාගේ වෙබ් මාෆියාව හා බුකි මාෆියාවත් මේවා වනනවාය. උන්ව වන්දනා කරනා අමු ගොබ්බ බයියෝත් මේවා දැකලා බෙට්ටත් රත් වෙලා පල් හෑලී ලියනවාය.

චීනා අපිට නොමිලේ එන්නත දුන්න ගමන්ම මේ වාර්ථා ආපූ එකත් ලෝක වාර්ථාවක්‍ ය. නලීන්ද සිල්වා කියනවා වගේ ඇමරිකාව කියනා ඕනෑම දෙයක් පරම සත්‍යයය. ඒකේ ඇමරිකාව ගැන කියපුවා සත්‍ය වූවාට අනෙක් රටවල් වල ඒවා අමු කෙප්පය. උන් හිතුවේ චීනාට කෙල්වන්නය. ඒත් කෙලවුනේ උන්ටමය. මේකට බේස් කර ගන්න ඇත්තෙ උන්ට කෙලවුන කාළේ දත්තයන් විය හැකිය. ඒවා හැම රටටම් ගලපන්න යාම උන්ගේ මෝඩ කමය.

අපේ කොරෝනා පාලනයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් අපේ වැඩ පිලිවල එක්සත් ජාතින්ගේ ලංකාවේ නියෝජිතයින්ගේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ප්‍රසංසාවට පත් වී අවසානය. මේ මොහොතෙත් එය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි සාර්ථකත්වය දන්නා සජිත්ගේ පක්ෂයේ කුර සහිත ජීවීන් සර්ව පාක්ෂික සමුළු තියන්න යන්නේ මේ ක්‍රෙඩිට් එක උන්ට දාගන්නය.

පළමුවන රැල්ලත් දෙවන රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වු මේ පිරිසට, තුන්වන රැල්ලත් මැඩ පැවැත්වීම ඉතා සුළු දෙයක් ය. මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වේ. වැක්සීනය ලබා දිය යුතු සියල්ලන්ටම මාස දෙකක් තුල වැක්සීනය ලබා දිමට සියලු කටයුතු සංවිධානය කර අවසානය. චීනාගේ එන්නත මේ රටේම නිශ්පාදනයට ඇම්බැසිඩර් උන්නැහේ කටයුතු යොදමින් සිටී.

අරුන්දති රෝයි ද සිල්වාගේ කුර සහිත ජීවීන් රැල ලැහැස්ති වෙන්නේ මේවා උන්ගේ වැඩ කියලා ජනතාවට ඒත්තු ගන්වන්නය. ඉස්පුට්නික් එහෙන් ඇරොප්ලේන් එකට දැම්මාටත් පස්සෙ මිස්ටර් අරුන්දති රෝයි රුසියන් එම්බැසිඩර් හම්බ වෙන්නේ මේවා උගේ වැඩ කියලා පෙන්නන්නය.

මේවාට ඉඩ දෙන්නේ නම් මේ ආන්ඩුව කරනා ලොකුම ගොන්කම ඒකය. මන්ද යත් යුද්ධ කාළයෙත් ඔය සර්ව පාක්ෂික සමුළු කෝටියක් තිබ්බත් අපි ඉල්ලගෙනම කෑවා මිස යුද්දේ ඉවර කළේ නැති නිසාය. යුද්ධය ඉවර කළේ රාජපක්ෂලාය. රාජපක්ෂලා නැත්නම් ෆොන්සේකාත් නිකන්ම නිකන් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ඉතරය.

දැන් උන්ට කියන්න තියෙන්නේ අර ප්‍රෙඩික්සොන් එක අනුව සැප්තැම්බර් මාසයේ දවසකට 20’000 ක් මැරුණාම හුරේ දාන්න බලාගෙන හිටපිය කියලාය. හැබයි ඉතින් වැඩිකල් හුරේ දාන්න වෙන්නේ නැතිය. අවුරුද්දක් යන්න කලින් උනුත් එක්කම මුලු රටම ස්වර්ගස්ථ වෙනවාය.

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි…
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි…//

May 6, 2021

ආන්ඩුව ෆේල් තමයි..

 


ඊයේ කොවිඩ් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදය නැරඹීමට ජනාධිපතිතුමාද සහභාගී විය. විපක්ෂයට තිබෙනා විශාලම ගැටළුව කොවිඩ් නොව සජිත් ජලනි බලවේගයට අත දිගහැර වියදම් කරනා රිෂාඩ් බදුර්දීන් බේරා ගැනීම බව පැහැදිලිව පෙනිනි.

අපේ බුද්ධි අංශවල හාල්පාරුවන්ට සොයාගත නොහැකි වූවාට, ඉන්දියාව රිෂාඩ්ගේ ත්‍රස්තවාදී සබඳතා මේ වන විටත් සොයාගෙන අවසානය. මේ වර රිෂාඩ් එලියට දමන්නෙ නම්, මේ ආන්ඩුව කරන්නේද ගිය ආන්ඩුව කරපු දේමය. ත්‍රස්තවාදය ගැන ප්‍රශ්ණ කරන එකා පාර්ලිමේන්තුවට ගෙනාවොත් නියමට තියේය.

නීතීපති ලංකාවේ තිබෙනා පිස්සු විකාර නීතියට අදාලව කුමන මතයක් ප්‍රකාෂ කලත්, මේ වෙලාවේ කතානායකවරයා සිටිය යුත්තේ සරත් වීරසේකර සිටිනා මතයේය. බැරි වෙලාවත් පොර පාර්ලිමේන්තුවට රැගෙන ආවොත් එහි සිටිනා ඉතුරු ත්‍රස්තවාදීන්ට සියළු තොරතුරු ලැබෙනා බව ඕන ගොනෙකුට තේරෙන දෙයකි. සරත් වීරසේකර කීවාක් මෙන්ම ඉතිරි සාක්ෂි සියල්ල විනාශ කිරීම මෙන්ම, අනෙක් ත්‍රස්තවාදීන් සියල්ල රටින් පනිනා එක අනිවාර්‍යය. මෙහිදි සොයා බැලිය යුතු විශේෂ කාරණය නම් රිෂාඩ් ඉතා කෙටි කාලයක් තුල මෙතරම් ධනවතෙක් වූයේ කෙසේද යන්නයි. ඒ පිටුපස ත්‍රස්තවාදී මුදල් තිබු බව මේ වන විට ඉන්දියානු ඔත්තු සේවා විසින් සොයාගෙන අවසානය.

මේවා ගැන අපේ ඔත්තු සේවා ලැජ්ජා විය යුතුය. බලයට පත් වී වසර දෙකකට ආසන්න කලක් ගතවී තිබියදිත් පාස්කූ වින්දිතයින් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට අසමත්වු බුද්ධ් සේවා, පොලීසිය, අධිකරණය, නීතී අංශ මෙන්ම, ජනතාවට පොරොන්දු දී පැමිණි ආන්ඩුවද ෆේල් බව කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත.


ඒ එක කතාවකි.

මේ තවත් කතාවකි. එයත් සිද්ද වූයේ ඊයේ දිනයේය. ඒත් පාර්ලිමේන්තුවේදීමය. කොවිඩ් විවාදයට එක්වන චන්න ජයසුමන කියන්නේ ස්පුට්නික් එන්නත ගේන්න කොක්ක අදින්නේ රාජිත සේනාරත්න කියලාය. ඒ එන්නත අවුල් කියලා පත්තරවල හෙඩ් ලයින් දාන්නේ රාජිත සේනාරත්න කියලාය. මේවා ඇත්ත නම් ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති තුමාගේ මූණටම කියු පරිදි ආන්ඩුව ෆේල් කියලා අපටත් පිලිගන්න වෙනවාය.

ඇමතිකම් දෙන්නේ අමාත්‍යංශයට සම්බන්ධ සියලු ආයතන හා පුද්ගලයින් සමඟ එකතු වී ගමනක් යන්නටය. එය සිඳු කිරීමට නොහැකි නම් ඒ අමාත්‍යවරයා ෆේල්‍ ය. ආන්ඩු බලය රැගන වසරක් පමණ වන විටත් ඒවා කළමණාකරනය කර ගත නොහැකිව මේ වගේ අඬනවා නම් ඒ අමාත්‍යවරයා ෆේල්‍ ය.

කොවිඩ් කෙලින්ම සම්බන්ධ වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ඊට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශවලටය. එහෙත් ඒවාගෙන් පඩි ගන්නා රාජ්‍ය සේවකයින් වන PHI මහ එකා, රවී කුමුදේශ්, ගොම සංගමය මෙන්ම අලුතෙන් අටවා ගත් නොයෙකුත් සංගම් වල උන් වැඩ කරන්නේ හා අදහස් ප්‍රකාෂ කරන්නේ රජයේ තීන්දු තීරණවලට විරුද්ධවය.

කොවිඩ් පාලනය නායකත්වයක් නැති ඉබාගාතේ යන තත්වයක් ඇති බව ඉතා පැහැදිලිව පෙනේ. කොවිඩ් මර්ධනය එකම කැද හැලියකි. අච්චාරුවකි. හිතෙන හිතෙන එකා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී. හැම හාල්පාරුවාම එක එක චැනල් අස්සේ රිංගා ආන්ඩුවට කෙලිමින් සිටි. සෞඛ්‍ය අංශ සියල්ල හත් පොලේ ගාගෙන අවසානය. වහාම සියල්ලන්ගේම නායකත්වය ශවේන්ද්‍ර සිල්වාට බාරදිය යුතු අවස්ථාව නැවත පැමිණ තිබෙනවාය.

මේවා ආන්ඩුවේ දුර්වලතාවයන්‍ ය. මේවාට උත්තර තිබුනේ සජිත ප්‍රේමදාසගේ පියාණෝ ළඟය. ඔහු බලයට පැමිණියේ ‍‍රට දෙකොන පත්තුවෙන විලක්කුවක් වූ සමයකය. රාජ්‍ය නිළධාරින්ට ඔහු හා සෙල්ලම් දැමීමට හැකි වූයේ නැත. ගම් උදාව, ජනාධිපති ජංගම සේවය ( ගම සමඟ පිලිසඳර සමාන, ඊට වඩා සාර්ථක වැඩ සටහනකි.) හා අදටත් ලංකාවේ ප්‍රධානම ආදයමක් වන ඇගළුම් කර්මාන්තය සාර්ථකව ක්‍රියාත්මක වූයේ ඔහුගේ දරදඬු පාලනය තුලය.

යුනියන් කාරයන් හා එක්වී හදාපු රටක් ඇත්තේ නැතිය. සමාජවාදයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හදපු රටවල්ද ඇත්තේ නැතිය. රටවල් හැදුවේ එකාධිපතියන් හෝ දරදඬු පාලකයන් විසිනි.

මුන් හා බබා හුකුං කරමින් සිට 2025 ආයේ ගෙදර යන්නට උනොත්, මේ පාර නම් කාල්ටන් එකට හෝ මැදමුලනට හෝ මිරිහානට හෝ බස් වන්දනා එන්නේ නැති බවනම් ලියා තැබිය යුතුමය. මන්ද, ටොයියන්ට වඩා කලකිරි සිටින්නේ බයියන් නිසාය..