.

.
Showing posts with label Drugs. Show all posts
Showing posts with label Drugs. Show all posts

Oct 6, 2021

ඖෂධ මාෆියාවේ දත්ත මැකීමෙන් රටට පෙන්වන නීතිඥ සංගමයේ නිරුවත.

 


(මාතලන්ගේ හිතවත්, මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලනා අවංක අබ්බගාත් "මහත්වරුන්" මේ වෙනුවෙන් මා හා උරණ විය යුතු නැත)


මේ රට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන්ගේ මිනීමරුවන්ගේ හා මාෆියාකාරයන්ගේ පාරාදීසයක් වීමට වග කිව යුත්තේ දේශපාලුවන් පමණක්ම නොවේය.


ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් අපේ රටේ නීතිය හා අධිකරණයද, ජඩමාධ්‍යද, ‍රාජ්‍ය නිළධාරී මාෆියාවද හරි හරියට වගකිව යුතු බව ලියන්නේ, මාතලන්, වික්ටර් අයිවන් හා අජිත් පැරකුම් ජයසිංහ  පමණක් වීම ඉතා කනගාටුදායකය.


පාතාලයේ මහ උන් මෙන්ම මිනීමරුවෝද, ත්‍රස්තවාදීන්ද, එලියේ ඉන්නේ හොරෙන් නොව, අම්මට සිරි ලංකාවේ නීතියේ හා අධිකරණයේ ආශීර්වාදය අනුව ඇප මත නිදහස්ව නීත්‍යානුකූලවය.


පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.


ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මෙවන් අපරාධයකරුවන් සඳහා නීතීඥ්ඥයින් ඉදිරිපත්වන්නේ නැති අතර, බොහෝ විට ඉදිරිපත් වන්නේ කොරිඩෝ ලෝයර්ලා හෝ රජයේ නීතීඥ්ඥයෙක්‍ය.


එහෙත් අප වැනි මාෆියාවලින් රන් වෙන රටවල අති විශාල අයකිරීම් යටතේ කුප්‍රකට අබ්බගාත්ලා ඉදිරිපත්වීම දැන් සාමාන්‍ය තත්වයක් වී තිබීම ඉතාම කනගාටුදායකය.


වඩාත්ම ලොල් සහගත කාරනය නම්..., මෙහේ සිඳුවන හැම මළහත්තිලව්වකටම...., "දියුණු රටවල් වල නම් එහෙම නෑ අනේ...පනේ... තනේ... වැනේ..." කියනා ලිබරල් හිකනල්ලුන්ද නීතියේ ඇති ශික්ෂා පද උලුප්පා පෙන්වමින් මේවා සාධාරණීකරණය කරනා එකය.


දත්ත මැකූ මාෆියා කාරයන් වෙනුවෙන් කලින් සඳහන් කල කුප්‍රකට අබ්බගාත් කෙනෙක් ඉදිරිපත් වූවා නම්, අනේ සංසාරේ කියා අපටද හිත සනසාගත හැකි වුවත්, නීතීඥ්ඥ සංගමයේ මහ එකාම මාෆියා චෝදනා එකෙක් වෙනුවෙන් පෙනී සිටීම රටේ නීතියේ ඇති විකාර තත්වය මොනවට කියා පාන්නේය.


නීතීඥ්ඥ සංගමයේ මහ එකාත්, ඊයේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිනිලි දාන්න ගිය උන්ගේත් කොන්ෆිල්ක්ට් ඔෆ් පොලිටිකල් ඉන්ටරෙස්ට් කොහොමද කියලා ඕන එකෙක් දන්නවාය.


ලැජ්ජාවට කරුණ නම් මාෆියා කාරයන් වෙනුවෙන් ඉදිරිපත් වීම හෝ එය වැරදීමකින් සිඳු වූවක් යැයි කීම නොවේය. මේ 21 වන සියවසේ "රජය සතු දත්ත" මකා දැමීම රාජ්‍ය දේපලවලට හානී කිරීමක් නොවනා බවට ගෙන එන තර්කයය.


එක්කෝ මුන් අඩු ගානේ සයිබර් ක්‍රයිම් ගැන අහලාවත් නැති උන් වෙන්න ඕනෑය.


මෙතෙක් රජයේ පාර්ෂවයටද දත්ත මකා දැමීම ගැන චෝදනා එල්ල වූවත්. දැන් වැඩේ කරේ මොකාද කියනා එක ඉතා පැහැදිලිය. 


එහෙත් රජය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරීස් කියා සිටියේ....


ඖෂධ වල නියම ප්‍රමිතිය පිළිබඳ කරුණු අඩංගු ලේඛන 1,100,000 (දත්ත එකොළොස් ලක්ෂයක් )  කට අධික ප්‍රමාණයකට ගේම දීම අත්වැරදීමකින් සිඳු නොවූවක් බවත්, එය ඉතා සැලසුම් සහගතව කරනා ලද උසාවියේ නඩු ෆයිල් වලට ගිනි තැබීමක් හා සමාන වන බවය.


සාමාන්‍යයෙන් මෙවන් මාෆියා කාරයන් හා නඩුහබ කීමේදී..., බොහෝවිට රාජ්‍යා අංශය පරාජයට පත්වීම සිරිතක් ලෙස පැවතියද, 


එය උඩු යටිකුරු කරමින් අධිකරණයට හා නීතීපති දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දුන් දප්පුල ද ලිවේරා මෙන් කටයුතු කිරීමට දිලීප පීරිස්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා යන්න මේ රටේ යුක්තිය හා සාධාරණය පතනා හැම එකාගේම බලාපොරොත්තුව විය යුත්තේය.


කරපු එකා මොකාද කියා ජනතාවට හෙලිකිරීම, උත්තරීතර යැයි කියනා අධිකරණයේ වගකීමය ..


ඒ වගත් මෙසේය....


.

Oct 15, 2015

වෙලේ සුදා, කොළොන්නාවේ සුදා, මීගමුවේ සුදා හා රටේ වෙදා...



වෙලේ සුදා ගැන නොදන්නා එකෙක් අද මේ රටේ නොඉන්නට කොහොමවත් නොහැකිය. කොළොන්නාවේ සුදාද පොරසිද්ද් පොරකි, මීගමුවේ සුදාද ඉස්සර සිට ගේමේ ඉඳ දැන් තද පොරක් වී සිටිති. ඒත් කව්ද මේ රටේ වෙදා? සාමාන්නියෙන් රටේ වෙදා කියන්නේ නොම්මර එකේ ගල් ආඳන්ටය. 

ආඳෝ කියන්නේ එකසිය ගානට ලිස්සන මාළු වර්ගයක්ය. ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය. රටේ වෙදා කියන්නේ ඕනම දෙයකට බෙහෙත් දන්නා ඒ වගේ නොම්මර එකේ ගල් ආඳාන්ටය. ඉතින් කව්ද මේ ගල් ආඳා. වෙනේන් කවුරුවත් නොව අපේ ජනාධිපති තුමාමය.

Feb 15, 2015

කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව - Cops & Drug Dealers


වෙලේ සුදාගේ අම්මා..., වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. "රස කර ගී ගයන "වෙලේ."... සැනසෙන්න නැලවෙන්න "සුදෝ"..." ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය.

මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල බුලට් වලින්, හොරුන්ට වෙඩි තියනවාය. සමහර උන් ගාව සෙල්ලම් පිස්තෝලත් තිබුනේය. ඒවාට දාන වෙඩි බෙහෙත් රොල් වගේකුත් තිබුනේය. රෝල ඉවර උනා කියා වෙඩි තැබිල්ල නතර වන්නේත් නැතිය. ඊට පස්සේ කටින් වෙඩි තියනවාය.