.

.

Jun 22, 2019

ජනපතිට බලතල නැතිද...?



මීළගට ජනපති පුටුවට පත් වන එකාට හෝ එකීට කිසිම බලයක් නොමැති නාමික තනතුරක්ය යන්න මේ දිනවල කතා බහට ලක්වෙනවාය....

එසේ තර්ක කරන උන් ඒ සදහා පෙන්වා දෙන්නේ සිරාගේ ඔක්තෝබර් විප්ලවය අළුත්කඩයෙන් අනුමත නොකිරීමය......

ඒන්නේම නැතයි කී කැබිනට් රැස්සීමට සිරා සරම ඇදගෙනම පැමිණීම තවත් අවස්ථාවක් ලෙස මාතලන්ට හිතෙනවාය.....

එහෙත්.... එය එසේ නම්, ඉන් පසු සිදු වූ ගලබොඩ අත්තේ වැලිකඩින් එලියට පැමිණීම හා

වඩු මඩු තහනම....., සිරාගේ තනි තීරනයට ගත් ඒකාධිපති තීරණ බව...., ඕනෑ ගොනෙකුට තේරෙනවාය.....

එය එසේමද, නැත්නම් මේවට රනිල් හා කැබිනට් මන්ඩලයත් සම්බන්ධද.....

දැන් හෙට අනිද්දාට සිරිසේන විසින් කුඩ්ඩෙක් එල්ලා මැරීමට යන බවට රාවයක් යන්නේය...

මෙය සිදුවන්නේ දෙගොල්ලන්ගේම කැමැත්තෙන්ද......

එසේ නොමැතිනම් රනිල්ට හා පාර්ලිමේන්තුවට ඇති බලය උන් භාවිතා නොකර සිරා හා බලය වෙනුවෙන් ඇඹරෙනවාද.....

මෙය සත්‍යයක් වුවහොත්, අපට පිලිගැනීමට සිදුවන්නේ....

මොකා මක්කා කීවත්, තාමත් ජනාධිපතිවරයා එකාධිපති බලතල ඇති ප්‍රභල තනතුරක් බවය.....
.
.

Jun 20, 2019

පරා මාළු ඔළුව - Head of Jack Fish


ඊයේ හාමිනා බීෆ් කරිය මිරිසට හදලා තිබුනා...
ඉතින් උදේ කෑමට, ඕක එක්ක රෝස්පාන් ඉස්තරන්....
පාන් ගන්න කඩේට ගියාම කඩේ වහලා.....
පොලොස් ජීප්පුවත් එතන....
අපරාදේ කියන්නේ එතනම ඒජින්සියක වැඩ කරන රොයිටර් කෙනෙක් මගේ ළගටම ඇවිත් මාව අප්ඩේට් කළා...
අවුරුදු 28 ක කොල්ලෙක් උඩින් පැනලා සුවිසයිඩ් කරගෙන....
(ඒ කියන්නේ පොර කොරෙනල් රාළහාමිගෙ රාජකාරියත් කරලා අහකයි).......
ඒ ඇරෙන්නේ මළ එකාගේ ජීවිත කතවත් කියන්න යනකොටම ඇත්ත රිපෝටර් කෙනෙක් ආවා...
අනේ ඉතින් අරූ මාව හලලා රිපෝටර් පස්සෙන් ගියා....

Jun 17, 2019

රනිල්ගේ පැවැත්ම ඇත්තේ සිරිසේන ජනපති කිරීමෙන් පමණි....



රට නන්න පෝල් වී තිබෙන්නේය. යහපාලනේ කියන්නේ කැද හැලියක් නොව ගූ බාල්දියක්‍මය. යහපාලනේ නොව, මහින්දලාගේ සැට්ටෙකද ජඩමාධ්‍යද අමු ගූ ගොඩවල් ය. ගන්දස්සාරේ උහුලන්න බැරිය. ඒ මදිවාට ඒ ගූ ගොඩටම කාදිනල් මෙන්ම අස්ගිරිත් පැනලා පට්ටම ආතල් එකක් ගන්නවාය.

Jun 14, 2019

අපි පැවතෙන්නේ විජයගෙන් නොව අශෝකගෙනි.......



මේ පොටෝ එකට මේ අර්ථකථනය දුන් මොකා හෝ මාතලන් මෙන්ම සිතනා ජාතියේ එකෙක්‍ කියනා එක බුදු ෂුවර්ය. එදා මිහින්තලාවේ සිදු වූයේත් මෙයම බවත් අනු බුදු ෂුවර්ය. මාතලන් ඉතිහාසයට බොහෝම කැමතිය. ඒ කියා මහාවංශෙන් දෙන ඒවා හෝ පරණවිතානගේ මතයන්ද ගෙඩි පිටින් පිලිගැනිමේ සිරිතක් කුඩා කාලයේ සිටම මාතලන්ට නැතිය.

Jun 12, 2019

අපේ තාත්තා වඩුවෙක් වෙමි....




අපේ තාත්තා වඩුවෙක් වෙමි. ඒ නිසා අපේ ගෙදරත් පුටු නැතෙයි කියා මගේ යාලුවෙක් කින්ඩිය දැම්මාම මම ඌට කිව්වේ පුටු නැති උනාට අපේ ගෙදර සෝෆා තිබේ කියා කීවෙමු. වෙන වඩුවෝ අටුව කඩා පුටුව හදනවා කියා කියනවාය. අපේ තාත්තා නම් පුටු හදන්නේ ගස් කපලා ගන්න ලී දඩු වලින් කියා අපි දන්නෙමි. 

Jun 10, 2019

බ්ලොග් වලට හොද කළ දසාවක්....



දමිත් කේතක කියන්නේ ෆේස්බුක් හෙවත් බුකියේ චරිතයක්.... පොරක්...

Jun 7, 2019

අල්ලෙන් වල්ල වසා ගැනීමේ කැබිනට් මීට්න්....


ඔය පින්තූරයේ ඉන්නේ හිටබු FBI ලොක්කෙකු වූ රොබට් මුලර් ඇමරිකන් සෙනට් සභාව ඉදිරියේ සාක්කි දෙන අවස්තාවක්‍ ය.

වඩු වැඩෙන් දිවි රකීන....




වඩු වැඩෙන් දිවි රකීන....
බෝ දුකින් කල් ගෙවන....
දුප්පතේකී මං //

කිසිම රහක් නැති මෙ සිරිය...
පත් කරගෙන විදින හරිය...
ඇහලා දැකලා විදලා විදලා
සෙට් උනා බඩූ......

වඩු වැඩේ....න්.....

තේක්ක බුරුත නැදුම් කළුවර ලෑලී...
කපලා අහු උනොතින් බඩු මුදලාලී...
යන්නත් බෑ දැන් පිකටින් පෙලපාලී...
කොඩිවින කර නටමුද දහ අට පාලී....

මඩු කඩන් දුක් සිතීන
කර තබන් ගගට දාන
දවස එලබුනී
ඉතින් මගේ බඩු සියල්ල
අහවල් එකටද බොලල්ල
මුගෙ අම්මට හැමිනෙන්නම කෙලවුනා ඇතී...

වඩු වැඩේ....න්.....

කියතද යතු කැටයද නියනද බුරුමේ
පූරුවේ පවකට මට ලැබුනද කරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
කිව්වට ඒ ජොබ්බෙක ඉවරයි අම්මේ..

වඩු වැඩෙන් දිවි රකීන....

තිබ්බොත් ගහකට උඹ අත හෙම මුත්තේ
එල්ලෙන්නට වෙයි කඹයෙන් උඩ අත්තේ
පුලතිසි පුරයෙනි අපි පත් කර ගත්තේ
රජෙකුට කෙලි පව අද පලදී ඇත්තේ

වඩු වැඩෙන් දිවි රකීන....



Jun 6, 2019

අෂ්‍රොෆ්ගෙ ෆේරියල් හා සහරාන්ගෙ පෝරියල්


මේ පීන්තූරය අපූරූ පින්තූරයක්‍ ය...
මේ පින්තූරය ගැන පොතක් ලියන්නට පුලුවනිය...
දිනෙක එවන් පොතක් ලියවෙන්නටත් පුලුවනිය....
කරුමය නම් කැමති දේ කිරීමට දෛවයෙන් ඉඩ දී නොමැති එකය....