.

.

Jan 29, 2023

කවුරු මොනවා කිව්වත්..




 කවුරු මොනවා කිව්වත්..

➖➖➖➖➖➖🔴➖➖


විවෘත ආර්ථිකය පටන් ගත්තයින් පස්සේ ගමෙන් ගොඩ ආපු ජෙනරේෂන් එකේ දරුවෝ එනවා 1998/99 පස්සෙ කොළඹ අවට ප්‍රදේශවලට, 


ඒ කියන්නේ කොළබ 1 -15 න් එහා බස්නාහිර පලාත තුලට සංක්‍රමණය වූ.. ඔවුන් ගමේ ගිහින් කියන්නේ කොළඹ ඉන්නේ කියලා..


හැබයි ඉන්නේ හයි ලෙවල් රෝඩ් එකේ අවිස්සාවේල්ලට යනකන්... පර්චර් 10 ක් 8 ක් අරගෙන ගෙයක් හදාගෙන.. ඉන්දියන් කාර් ඉන්දියන් බයික් එකක් හෙම තියාගෙන... 


මේ ඇවිල්ලා මධ්‍යම පන්තියට අලුතෙන්ම එකතු වෙච්චි පහළම ස්ථරය... අති බහුතරය උගත් යැයි සම්මත රාජ්‍ය සේවකයින්...


මෙයාලගේ දරුවෝ අති බහුතරයක් ඉන්නවා සමාජ මාධ්‍ය තුල... මේ පිරිස තමා අරගලය කරෙත්... ඇත්තටම මෙයාලා 2000 න් පස්සෙ දරුවෝ... 


මෙන්න මේ අයගේ දෙමව්පියන් හා මේ අයගේ චන්දවලින් විශාල ප්‍රතිශතයක් ජජබයට අනිවාර්‍යයෙන් ලැබෙනවා...


ඒ ඇයි?... එයාලට තියෙනවා එයාලට ඉහළ පන්තිය හා තදබල ඉරිසියාවක් හා වෛරයක්... ඔවුන් තාමත් ග්‍රාම්‍යයි.. බොහෝ අය කුලයෙන් අඩුයි... ඔවුන්ට රදල, ගොයිගම, කරාව කියන කුල එක්ක වෛරයකුත් තියෙනවා... ඒක තියෙන්නේ ජාන වල.. ඒක හරියට ද්‍රවිඩ හා සිංහළ අයට උපතින්ම එකිනෙකා කෙරෙයි වෛර කිරීමට පිහිටන ජානයට සමාන ජානයක්..


ඔවුන් තමයි.. සමාජ මාධ්‍යවල අශූචී භක්ෂණය පිලිබඳ හා කුණුහබ්බ කෙලිමේ විශාරදයෝ.. 


මොවුන්ට පර්සනැලටියක් නෑ.. තනියෙන් හම්බ වුනොත් මූණ බලලා කතා කිරීමේ ශක්තියක් නෑ.. සමාජශීලී නෑ.. කන්නේ බොන්නේ නෑ... 


හැබයි මොබ් වශයෙන් එකතු වුනාම අති අමානුෂිකයි මිලේච්ඡයි.. ගෝල්ෆේස් එකේ අරගල කල උන්ට මුලින්ම ගහන්නෙත්.... ඊට පස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වී... මිනිසුන් මරා දමා... නිරුවත් කර පහරදී... නිවෙස් දේපල වහාන ගිනි තබා විනාශ කලේ සහ ඔවුන් හා එකතු වූයේ ඒ පිරිස..


හොඳින් අධ්‍යයනය කලහොත් රෝයල් තෝමියන් බිග් මැච් එකේ ගහමරාගන්නෙත් මෙවන් පිරිස් බව ඒ පාසල්වලට ගිය අයට අවබෝධ වෙයි.


ඝෝඨා එලෙව්වයින් පස්සේ මේ අයට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ට බලය අරගෙන ඉහළ පන්තියෙන් පලිගන්න පුලුවන් කියලා.. ජවිපේ උප්පත්තියේ සිටම තේමා පාඨයත් එයයි..


මුලින් මේ පිරිස පෙරටුගාමින් පසුපස ගියත් වසන්ත මුදලිගේ සිරගත වීමත් ඔවුන්ගේ පසුගාමී උද්දච්ඡ දේශපාලන හැසීරීම නිසාත්, ජේවීපි එකට පුලුවන් වෙලා තියෙනවා ඉතා ආකර්ෂණීය ලෙස ඔවුන් තම ග්‍රහණයට ගන්න...


ඒ නිසා චන්දය තිබ්බොත්  මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණයක් ජවිපෙට අලුතෙන් එකතු වීම කාටවත් වලක්වන්න බෑ.. 


අනික මොවුන් අනිවාර්‍යයෙන් චන්ද පොලට යන එක යනවා... ඒ නිසා චන්ද ප්‍රතිශතයත් තුන් ගුණයකින් උනත් වැඩි වෙන්න ඉඩ තියෙනවා...


මේක විශේෂයෙන් සජිත් ජලනි බලවේගයටත් පෝට්ටු බයියන්ටත්, රිසාල්ට් එකටත්.... විශාල බලපෑමක් වේවී. අලියට නම් ඇපත් නෑ. උසස් පෙල පාඩම් කරන දරුවන්ට ලයිට් දෙන්න බැරි විධායකයකට චන්දෙ දෙන්න මිනිස්සුන්ට පිස්සුයෑ....

.

Jan 27, 2023

මාතලන් ඉට්ටැයිල් (මා නොදිරවන අයට විශේෂයෙනි)

 


මාතලන් ඉට්ටැයිල්

(මා නොදිරවන අයට විශේෂයෙනි)

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

.

මාතලන් දන්න උන් දන්නවා මාතලන් බුකියට එන්න කලින් බොග දාපූ එකෙක් කියලා.. (Blogger)


බොග දාන කාළයේ මාතලන් කියවලා තිබුන මගේම නෑයෝ මිත්තරයෝ, ඒ ලියන්නේ මම කියලා දැනගෙන උන්නේ නෑ. බොග දාපු අය අතරිනුත් මාව පෞද්ගලිකව දැනගෙන උන්නේ සීමිත පිරිසක්, ඒකට මුල් වුනේ දිණමින පත්තරේ නලීන් දිලෘක්ෂ සඕදරයා.


ඔය අතරෙ තමා එක්තරා අවස්ථාවක හොඳම බොගා ලෙස සම්මාණයක් ලැබෙන්නේ.. ඒ වෙලාවේ ඔක්කොම වගේ කිව්වේ උඹ එක්ස්පෝස් වෙන්න එපා කියලා.. ඒත් ඉතින් ඇගයිමක් කරාම ඒක පිලිගන්න ඕන නිසාත්.. ඒවාට පට්ට කැමති පෘතග්ජන එකෙක් ලෙසත් මම ඒක ගන්නවා..


ඊට පස්සේ මට මුණගැසුන සිවිල් සමාජයේ ප්‍රසිද්ධ එකෙක්වත්.... මගේ ලිවිල්ල අගය කලා මිසක් කවදාවත් වෙනස් කරන්න කියලා නෑ. ඒ අතර මම ගරු කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙන නාලක ගුණවර්ධන හා චානුක වත්තෙගමත් ඉන්නවා.


ඒ වගේම විවිධ අවස්ථාවලදි ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් දෙයක් කරමු කියලා ආරාධනා කරපු අයටත් මගේ ආදරයක් තියෙනවා.. ඒවා නිහතමානීව ප්‍රතික්ෂේප කලත් ඒ අයට මගේ අදහස් හා යෝජනා මම නොමිළේම දීලා තියෙනවා... 


ඒ වගේම කොයි තරම් හිතවත් උනත්, තමන්ට අවශ්‍ය දේ මාතලන්ට කියලා ලියා ගන්න බැරි බවත්, එවන් ඉල්ලීම් කළ සියල්ලෝම දන්නවා.


හැබයි විශේෂයෙන් ඊයේ ලියපු ලිපියත්, බදු ගැහිල්ල හා කළු ඇඳිල්ල සම්බන්ධයෙන් දාන පොස්ට් එක්ක... රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලනයේ ඉන්න හිත මිත්‍රයින් රාශියක් පෞද්ගලිකවත්, මැසෙන්ජර් හා වට්සැප් තුලිනුත් කිව්වේ... ප්‍රොෆෙෂනල්ස්ලට ඔහොම ගහන එක හරි නෑ නේ මාතේ කියලා..


මෙහෙමයි... 


පොලිටික්කෝ අතරෙත්, රාජ්‍ය නිළධාරීන් අතරේත්, ප්‍රොෆෙෂනල් පොරවල් අතරෙත් ඉන්න අති බහුතරය පට්ට දූෂිතයි.. කම්බා හොරු.. වංචා කාරයෝ.. 


ඒකට.. පට්ටම, පංතිය පාසල පවුල් පසුබිම තනතුර අදාලම නෑ.. උන් එක්ක සිස්ටම් චේන්ජ් කිරිල්ල කෙසේ වෙතත්, තිබුන සිස්ටම් එකවත් නිසි ලෙස ගෙනියන්න බැරි වුන නිසයි මේ රටට මෙහෙම උනේ.. 


ඉතින් එහෙම උන් මා එක්ක අවුල් උනාට මට කිසි ප්‍රශ්ණයකුත් නෑ.. 

මොකද මට ෆෑන් බේස් හෝ දායක සභා මේන්ටේන් කිරීමේ රෝගයක් නෑ...


මාව රිපෝට් කරලා බ්ලොක් කරත්.. මගේ හිතවත් කම් නැති වුනත් ... මම ලියන්නේ මගේ ඉට්ටැයිල් එකෙන්... මෙච්චර දුරක් ආවේ එහෙම... 


මාතලන් සැර වැඩියි කියලා කියන අයට මට කියන්න තියෙන්නේ... ඇත්ත පත්තරේ සිරා හෙවත් බී ඒ සිරිවර්ධන කියන පුවත්පත් කලාවේදියා අධ්‍යයනය කරන්න කියලා විතරයි...


මගේ සීමාව මම දන්නවා.. එච්චරයි...


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...❤️


(පින්තූරේ ඉන්නේ මම නෙමෙයි... පත්තර ලෝකයේ පතාක යෝධයෙක් වෙච්චි... ඇත්තේ සිරා... හෙවත්... බී. ඒ. සිරිවර්ධන මහත්තයා)


.

Jan 26, 2023

කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්

 


කළු අඳින වෘත්තිකයින්ට

සිම්පල් සොලියුෂන්

➖➖➖➖➖😭➖


අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.


රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....


උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...


එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...


බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....


පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...


තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය. 


එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...


ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන්‍ රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද  පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.


දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.


▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)


▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )


▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.


▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)


▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)


දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.


අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...


ඔබේ හිතවත්...


මහාචාර්‍ය මාතලන්


ස්වස්ථි සිද්ධම් .....!!!

.

Jan 22, 2023

උසස් පෙලට විෂ් කිරීම. (විභාගේ තමයි අපේ අභාගේ)

 


උසස් පෙලට විෂ් කිරීම.

(විභාගේ තමයි අපේ අභාගේ)

➖➖➖➖➖➖➖➖➖🔴▪️


මම විශ්වාස කරන දෙයක් තමයි, X කණ්ඩායම ගෙන ගිය චින්තන විප්ලවය දිගටම ගෙන ගියා නම්, මේ රට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුලුවන් කියන දේ.


නඟරයේ උසස් පාසලකට ගියපු සමාජයේ හැම තරාතිරකම උන් එක්ක මුහුන් වෙච්චි අප තුල කොහොමත් තිබුන චින්තනයට හඬක් ආවේ, X  කණ්ඩායමේ ආගමනයත් එක්ක. 


නමුත් ඒ කණ්ඩායම තුල වුන් ගෝත්‍රික ඇකඩමික් උගත්තු, උන්ගේ හීනමානය නිසා ඒක දාලා ගියාම ඒක සමාජයට අහිමි වුනා. 


භාතිය සන්තුෂ් තරුණ ග්‍රාමිය පරපුර භාහිර පෙනුමින් වෙනස් කරන විප්ලවය ජයගත්තත් (කෙල්ලොත් ඩෙනිම් ගහන එක. මම මේකට කියන්නේ B&S ජීන්ස් විප්ලවය කියලා) ඔවුන් චින්තනයෙන් වෙනස් කරන විප්ලවය ඔවුන්ට හමු වුනේ නෑ.


එහෙම වෙනස් වෙන්න කැමති එකෙක් ඉන්නවා නම්, දැන් ආයෙත් ඔයාලට දීප්තිව කියවගන්න චාන්ස් එකක් සුදර්ශණ ගුණවර්ධන නයි ටී ඇන් එක හරහා සති අන්තයේ උදේ වරුවේ සලසලා දීලා තියෙනවා.


මෙහෙම ආරම්බයක් ගත්තේ... ජිප්සීස් සුනිල් අයියා සින්දුවකින්ම කියලා තියෙන විදියටම, නොරට ඉන්න උනුත්, ජීවිතේට නොරටක නොගියපු උනුත් හැම තිස්සෙම මතුරන, ලංකාවේ එහෙම උනත්, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ අනේ කියලා... දේශපාලුවන් හා රාජ්‍යය කින්ඩියට ලක් කරාට... ජනතාවත් ඊට එහා පොරවල් බව පෙන්නන්න ඕන නිසා.


ඒකට හේතුව අද උසස් පෙලට විෂ් කරපු එක මාතලන් විවේචනය කරන්නේ ඇයි, මොකක්ද ඒකේ වරද කියලා කීප දෙනෙක්ම අහපු නිසා. මම මේ මතයේ ඉන්නේ අද ඊයේ නෙමේ. ඒත් මගේ මේ මතය දියුණු රටවල පිලිගත් සම්මතයක් කියලා දැනගත්තේ මෑතක. ඒකට මට තියෙන්නේ ආඩම්බරයක්.


ඒ පසුගිය සතියේ පුවත්පත් මණ්ඩලය මෙහෙයවපු zoom forum එකකදි අදහස් දක්වපු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ චරිත දිසානායකගෙ අදහස් දැක්වීමෙන් පස්සේ. 


ඔහු කියන විදියට ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්, දරුවෝ වැඩිහිටියෝ වෙනකන් දරුවන්ගේ චායාරුපයක්වත් දෙමව්පියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දාන්නේ නෑ. ඉතින් දරුවන්ගේ විභාග හා ඇචීව්මන්ට්ස් වැනි පෞද්ගලික දේ කොහොමත්ම දාන්නේ නෑ. ඒක ළමා අයිතිවාසිකම් වලට කරන ගරු කිරීමක්.


මේක ඇත්ත. මොකෝ පිටරටවල ඉන්න ගොඩාක් මිතුරන් තමන්ගේ දරුවන්ගේ ෆොටෝ පබ්ලිෂ් කරේ දරුවෝ වැඩිහිටියෝ වුනාට පස්සේ.


ඊට පස්සේ අන්තර්ජාලයෙන් මේ ගැන සොයා බැලුවම ගොඩාක් දියුණු රටවල තත්වයත් ඒකයි.


ඒත් ඉතින් මෙහේ දෙමව්පියන්ට තියෙන්නේ තමන්ට ලබා ගන්න බැරි වූ තත්වය දරුවන්ගෙන් හෝ ලබාගන්න උත්සාහ කරන තරඟයක්. එරියස් කවර් කිරීමක්.


මේ රටේ දෙමව්පියන් දරුවන්ට දෙන්නේ සුලුපටු ප්‍රෙෂර් එකක් නෙමෙයි. ඒක ශිෂ්‍යත්වය ලියලා එලියට එන දරුවන්ගේ මුහුණෙන්ම පේනවා. ඇත්තටම ඒ කුඩා මොළවලට දෙන ප්‍රෙෂර් එකට මාසයක්වත් නිවාඩු දෙන්න ඕන රජයෙන්.


පාසල් ළමුන් පවා අධි රුධිර පීඩනයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙලෙන්නත්, මත්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වෙන්නත්, සියදිවි නසාගැනිම් වැඩි වෙන්නත් හේතු මේවා. මේවා සමාජ විද්‍යාඥයින් පවා නොදකින දේ. එහෙම දකින්න තරම් බුද්ධිමත් විද්‍යාඥයෝ මේ රටේ ඇත්තෙත් නෑ.


නිකමට කල්පනා කරන්න මෙහෙම පෝස්ට් එකක් දරුවා දැක්කොත් දරුවට එන ප්‍රෙෂර් එක. අඩේ අම්මා තාත්තා මේක ජාත්‍යන්තරේටත් ගෙනිහින් ... පාස් නූනොත් විනාශයි කියන මානසික පීඩනයකින් දරුවා මුළු විභාගෙම ලියන්නේ. ඉතින් ඉහළින්ම පාස් වෙන දරුවත් දෙමාපියන් ඉල්ලපු ප්‍රතිපලේ නැත්නම් එල්ලිලා මැරෙනවා.


එක අතකින් චන්දෙ ඉල්ලන්න CV එක බුකියේ ප්‍රසිද්දියේ දාන නව පරපුරේ රෝන්ග් ජෙනරේෂන් එකක් සිස්ටම් වෙනස් කරන්න යද්දි, අර මිඩ්ල් ක්ලාස් ළිං මැඩි ගම් කබර දෙමව්පියන් ගන්න ආතල් එකේ වැරද්දකුත් නෑ..


මේ පීඩනය ගැන සෝමලතා සුභසිංහ මැතිනිය අපූරු වේදිකා නාට්ටියක් කලා අපි පොඩි කාලෙම. ඒකෙන් තමයි චාන්දනි සෙනවිරත්න නිල්මිනී සිගේරා ක්ෂේශ්ත්‍රයට එන්නේ. ඒකේ අන්තීමට නිල්මිනී සිගේරට පිස්සු හැදෙනවා. ඒකේ නම විකෘතී.


මේවා දෙමව්පියන්ට පෙන්නන්නම ඕන නාට්‍ය. ඒත් දැන් පෙන්නන්නේ අමු තිත්ත කුණුහබ්බ.


මේක සෑම අතින්ම බංකොලොත් රාජ්‍යයක් සාන්ත... 😭


ස්වස්ථි සිද්ධම් ....!!!!!

.

Jan 20, 2023

CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම අනතුරුදායකය

 


CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම

අනතුරුදායකය

➖➖➖⭕➖➖


Chathuranga Abeysinghe කියන්නේ, පැතුම් කර්නර්, රසික ජයකොඩි, මිලින්ද රාජපක්ෂ වගේ ඊළඟ ජෙනරේසොන් එකේ නායකයෝ. 


උන් ඔක්කොම ටැලන්ටඩ් උගත් පොරවල්. හොඳ පර්සනැලටියකුත් හැම එකාටම තියෙනවා. හැබයි එයාලා බුකි දේශපාලනයෙන් හෙවත් සයිබර් දේශපාලනයෙන් එහා දැක්මක් ඇති අය නෙමෙයි. 


ජාතික තලයෙදි මෙයාලව දන්නෙම නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මෙයාලට වඩා රැට්ටා, සේපාල්, විනීලා වගේ අය දන්නවා.


මෙතනදි ගොඩක් පරෙස්සම් වෙන්න ඕන කෙනෙක් තමා චතුරංග අබේසිංහ, මොකෝ එයා ඉන්නේ අමුතු පක්ෂයක. ඔය පක්ෂයෙන් ඉදිරිපත් වුන Nirupa Serasingha ට හා Wimal Ketipearachchi ට මම කියපු අනාවැකිය ලෙසටම හරි ගියා.


එයාලා අලුත් අයට පිම්බෙන්න දෙන්නේ නෑ. කෙලින්ම කපනවා. නිරූපා මේක ප්‍රසිද්ධියේම කිව්වා. කැටිපේ ඊට වඩා මානුෂිකයි. ඌ කලාකාරයෙක් නේ. 


චතුරංගගේ ගමන සීඝ්‍රගාමී වැඩියි. මම දන්නේ නෑ ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙච්චි එයාගේ තාත්තගෙ උපදෙස් මත මේ දේ කරනවද නැද්ද කියලා. හැබයි චතුරංග නමක් හදාගත් නිසා පොරට දැන් ප්ලේස් එකක් තියෙනවා. ඒ නිසා සේපාල් වගේ කුණු කූඩෙට විසිකරලා දාන්නත් ලේසි නෑ.


ඒ කෙසේ වෙතත්, ලාංකීය ප්‍රදර්ශනාත්මක ගෝත්‍රික උගතුන්ට තමන්ගේ තම්මැට්ටම ගැසීම සඳහා මෙය මහඟු අවස්ථාවක් කරගෙන තියෙන බවක් බුකිය දිහා බැලුවම පැහැදිලිව පේනවා. ඒ රෝගය හෙවත් කැපී පෙනීම ගෝත්‍රික සමාජයක සාමාන්‍ය ලක්ෂණයක්. අලුත් දෙයක් නෙමෙයි.


ඊයේ සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යද යන මැයෙන් පැවති zoom ෆෝරම් එකකදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය ආචාර්‍ය චරිද දිසානායකයන් කිව්වේ, දරුවන්ගේ විභාග ප්‍රතිපලය පවා ෆේස්බුක් දැමීම නොදියුණු සමාජයක නොදැණුවත්කම මත කරනා තුට්ටු දෙකේ වැඩක් කියලා, ඒ තියා දරුවෝ අවුරුදු 20 වගේ වෙනකන් දරුවන්ගේ ෆොටෝ එකක් දෙමව්පියෝ දාන්නේ නෑ කියලා. මේකට ඔට්ටේලියාවේ ඉන්න උන් සාක්කි දරයි. 


එහේ එහෙම තියෙද්දි, තමන්ගේ බයෝ ඩේටා එක ෆේස්බුක් එකේ දාන එක අමු මොන්ටිසෝරි වැඩක් බව දියුණු සමාජයක ඕනෑම එකෙකුට අවබෝධ වෙනවා. සම-හරක් කියයි, මේවා අපි ලියන්නේ අපට ප්‍රදර්ශනය කිරීමට දෙයක් නැති නිසාය කියලා..


එවන් අයට මාතලන්ට කියන්න තියෙන්නේ, මගේ හිතවතුන් වන ආචාර්‍ය මහාචාර්‍යවරුන් බුකියට එන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස බවත්, තමන්ගේ පැටිකිරිය අප විසින් සඳහන් කරනවාටවත් උන් කැමති නැතෙයි කියලා.


උගත් කම කියන්නේ අන්න ඒකට.

.

Jan 18, 2023

මිලේච්ඡත්වය වන්දනා කරනා රෝන්ග් ජෙනරේෂන් එක

 


මිලේච්ඡත්වය වන්දනා කරනා

රෝන්ග් ජෙනරේෂන් එක

➖➖➖➖➖➖➖🔴➖


රිට්ටා මුණිවරයා ( Ritigala Jayasena ) (ඔව් එයා එයාගේ දේවාලේ මහ කපුවා කිව්වට.. ඇත්තටම එයාලා ඔවුන්ගෙම අනුගාමිකයින් ඉන්න මුණිවරු) මරු පෝස්ට් එකක් දාලා තිබුනා.


ඒකේ තියෙන්නේ බුකියේ ඉන්න එකෙක් පෝස්ට් එකක් දැම්මාම, බුකි නොදරුවෝ කරන්නේ පෝස්ට් එකේ face value එක ගන්නේ නැතිව, ලියපු එකාගේ පැටිකිරිය දිග අරින එකය කියලා. 


ඒ කියන්නේ අදාල ප්‍රස්තුතය පැත්තක තියෙද්දි ලියපු එකාගේ පෞද්ගලිකත්වයට ගහන එක කරන්නේ. සම 🐄 එතනින් නවත්තන්නේ නැතිව බ්ලොක් කරලා රිපෝට් කරලා දානවා. ඒ විතරක් නෙමේ උන්ට පුලුවන්නම් උන් ලියපු එකා වැලිගම්පිටි යවන්න තරම් විශම මානසිකත්වයෙන් හෙබි ජෙනරේෂන් එකක් ඉන්නේ.


ඒකේදී උගත් උන්ද නූගතුන්ද කියන දේ අදාලා නෑ.මහා ලොකු පොරවල් කියන ජොස්තරලා ඉන්ජිනියැර්ලා අතරෙත් චීත්ත අඳින අය ඕන තරම්. මේවට වග කියන්න ඕන වම කිව්වොත් ඒක අසාධාරණයි.


මොකෝ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පටන් ගත්තේ සුද්දගෙ කාළේ ඉහළ පන්තියට ගිය ඔක්ස්වර්ඩ් ක්‍රේම්බිජ් උගත් වැදගත් ඉංග්‍රීසි දන්න බුද්ධිමත් පිරිස්. ඔවුන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්. ලේ හලන විප්ලව කලේ නෑ.


ඒත් 1965 බිහිවන ජවිපය කියන්නේ පීඩිත කුල හීන පන්තියෙන් බිහි වූ, වෛරය හා විනාශය වපුරපු මානසික රෝගීන් පිරි දේශපාලන ව්‍යාපාරයක්. 


දැන් තියෙන වමේ සියලුම පක්ෂ එහෙමයි. සියළුම කැම්පස් වල බලයත් උන් අරගෙන ඉවරයි. අචාර්‍ය මණ්ඩලවල බහුතරයත් මේ පෞර්ෂවය අහිමි හීනමාන පිරිසක්. රාජ්‍ය නිළධාරී පැලැන්තියත් එසේමයි. උන්ගේ එකම පැතුම රුධිරය දැකීම හා විනාශය. ඒකේදී සෙන්ට්‍රල් බෑන්ක් ගවනර්ද, උපකුලපතිද කියන දේ අදාල නෑ.


එයාලට මේක තේරෙන්නේ පේරාදෙනියේ වගේ ප්‍රශ්ණය තමන්ගේම වෙලා මිලේච්ඡත්වය තමන් කරා පැමිණිය පසුයි.


මේ ළඟදි හරිනි නෝනා කියලා තිබ්බා එයා නේස් නෝනා කෙනෙක් නූනේ, ලේ දකින්න බය නිසා කියලා. හැබයි දැන් එයා ඉන්නේ අමරවීර අතුකෝරාල මිලේච්ඡ විදියට ඝාතනය කල පිරිස සමඟ බව එයාට අමතකයි.. 


පාතාලයයි මුනුයි අතරේ වෙනස උගත්කම පමණයි.


ඇත්තටම දැන් ඉන්නේ රෝන්ග් ජෙනරේෂන් එකක් තමා....


එහෙම නොවේනම් මෙතරම් මිලේච්ඡ ඝාතනයක් සාධාරණීකරණය කරපු සමාජයක් මෙතුවක් කාළයකට මේ රටේ තිබුනේ නෑ.


හැම එකාම ජාති ආගම් කුල මල පන්ති බේද පැත්තක තියලා දින ගනනක් කම්පා වුනා. මේ මෑතක වේල්ල වීදියේ දාලා ගිය කාන්තා හිසසුන් මළකද තියෙන බෑග් එක දැකපු වෙලෙත් එහෙමයි.


මේ සියල්ල වෙනස් කළේ අරගලය. දැන් කියයි උන් ඒක පටන් ගත්තේ පාතාල බයියෝ නිසයි කියලා. එහෙම කියන අයට මට කියන්න තියෙන්නේ.. 


උඹලා ඊටත් එහා මිලේච්ඡ වනචාරීන් පිරිසක් කියලා විතරමයි...

.

Jan 13, 2023

මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා ලාල් කාන්ත.

 


මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා

ලාල් කාන්ත.

➖➖➖➖❤️➖

.

ලංකාවේ ස්ත්‍රීවාදිනියෝ කියන්නේ නිරාගමිකයෝ වගේම පිරිසක්‍ය. එයාලා අල්ලන මිරිකන එකට විරුද්ධ වෙන එක සාධරනය. ඒත් එයාලා, එයාලාව වනන එකටත් විරුද්ධය. වනනවා කිව්වේ විජේ මාලනී වඩාගෙන වනනවා කියනා එකට නෙමේය. වර්ණනා කරන එකටය. 


එයාලා කවිරත්න නෝනාට අපහාස කලා කියා අම්මමෝ නැතිව වම්බොට්ටා මරාගෙන කන අතර, ඩයනාට කසිප්පුවා පාර්ලිමේන්තු සභා ගැබේදීම දිව දාන කොට හුරේ දැම්මේය.


පට්ටම ජෝක් එක කියන්නේ... කසිප්පුවාගේ පසුපස සිට්ටෙකේ සිටි කවිරත්න නෝනාටත් උඩ පැන පැන හිනා ගිය එකය. කවිරත්න වෙනුවෙන් පුප ඉරාගෙන මැරෙන්න ගිය විපක්ෂ නායක බස් මෑනුත් කෙල පිඩක් බිම හෙළුවේ නැතිය. සමහර විට එහෙම කලා නම් ගෙදර ගිහිල්ලා ජලනි ආර්‍යාවගෙන් කන්න වෙන නිසා වෙන්නත් ඇතිය. මොකෝ ඒ පක්ෂය දැන් අයිති ඩයනාට නොව ජලනිට නිසාය.


එයාලට කවිරත්න ළඳක් වනාතර, හිරුනිකා වනයක් වී ඇත්තේ තවත් කාන්තාවක් වෙනුවෙන් පෙනී උන් නිසාය. ළඳුනේ ගීයට අඬනා උන්ට අර ගැහැණුන් වෙට්ට පාසියෝය. 


ලාල් අයියා අනික් ජෙප්පන් මෙන් නොව බොක්කේ තියෙන දේ කෙලින්ම එලියට දෙන්නේ එයාගේ භාෂාවෙන්‍ය. ලාල් අයියා කන බොන මිනිහා කියා කවුරුත් දන්නවාය. අනික ලාල් අයියාද තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වාගේම සුන්දර සෞන්දර්‍යවාදියෙක්ය.


එයා එයාගේ භාෂාවෙන් නේස් නෝනලා හෙවත් මිසීලාට කිව්වේ ශ්‍රී රාහුල හාමුදුරුවේ කවියෙන් වැනුවා වගේ ඉන්නෙයි කියලාය. හොඳ වෙලාවට රාහුල හාමුදුරුවන්ගේ කාළේ ස්ත්‍රීවාදිනියෝ උන්නේ නැතිය. එහෙම උනා නම් උන්නාන්සේට අත් වෙන්නේ අන්දරේට අත්වෙන්න ගිය ඉරණනමය. එහෙත් අන්දරේ ගල් ආඳා නිසාත්, ඒ කාළේ කෝල් රෙකෝඩින් හා CCTV  නොතිබූ නිසාත්, කයි පඳ බැඳීමේ රුසියෙක් නිසාත්, උන්නැහේ බේරුනේය. 


මීට දින කීපයකට කලින් සේපාල්ගේ කතාව කවර් කරන්නට ජෙප්පන් සියල්ලොම බුදු දහම වැළඳගත් කල්හී, ලාල් අයියා ලියූ ෆේස්බුක් සටහන අගය කරමින් බොහෝ වුන් කිව්වේ, ලාල් සඕදරයා දේශපාලනය නොකර පොත් ලිව්වා නම් හොඳයි කියලාය. ඒ වගේම සන්නාගේ අම්මා එලිදැක්වූ වෙලාවේ පත්තරේ ඒ කතාව යන කාලේ "උඹ ලියනවා, මම අඬනවා"  කියා සන්නාට කෝල් එකක් දී කියන්නේත් ඒ සෞන්දර්‍යවාදියාමය. අමු ගොබ්බයන් ගංජා කියන්නේ සයිනයිට් කියා හිතලා පල් හෑලී ලියනා විට, ගංජා නීතීගත කළ යුතු යැයි කිව්වේ මේ මල් කුමාරයාය. ගංජා වල සෞන්දර්‍යය දන්නේ සෞන්දර්‍ය විස්ස විජ්ජාලේ ගිය වුන් නොව මලක් ගහපු උන් විතරමය. 


ඉතින් ලාල් කාන්ත කිව්වේ 100% ඇත්ත කතාවක්‍ය.. නේස් නෝනලා වනපු වොලි බැස්ටියන් කළුවරේ ලිස්සා වැටිලා ඉස්පිරිතාලේ ගිය වෙලේ එයාට ට්‍රීට් කරපු නේස් නෝනා නිතර දෙවේලේ මතක් වෙන නිසා ගෙදර ඇවිත් ලියා, ප්‍රසිද්ධියේ බයිලාවෙන් ගයා කිව්වේ...


නෝනා... මගෙ නේස් නෝනා..

ඔඹව සිහිවෙනෙවා නිතර දෙවෙලේ

නෝනා... මගෙ නේස් නෝනා...

ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ.....

කියලාය...


ඉස්පිරිතාලේ දුටු "සොඳුරු ළදක්..." ගැන ගීයෙන් වැනු අමල් පෙරේරා තාත්තා වෙන මර්වින් පෙරේරා කිව්වේ


දෙබැම සලා ඉඟි පාමින්

මුදු තෙපුලින්.... මා සනසයි

බඹරු ඇදෙන මල් යහනකි

අඳුර නසන රන් පහනකි


ඈ දැකුමෙන් හද සැනසේ


කලෙකට කලින් ගෘහනියන්ට මේ වගේ ලැච්චර් එකක් දුන්න සරත් විජේසූරිය කිව්වේ හුචක්කුව ඇඳගෙන ඉන්නේ නැතිව හවස් වෙනකොට හොඳට ඇඳ පැළඳගෙන සැන් පවුඩර් දාගෙන ඉන්නවා හබියා ඔපීස් එකේ ඒවා පස්සේ යන එකක් නැතෙයි කියලාය.


අපේ මිසිලා ලස්සන යුනිෆෝම් එක හා කොන්ඩේ පීරා නීට් එකට ලස්සනට තියෙනා නිසාය. ලංකාවේ ගැහැණුන් එපා වෙන්නෙ උන්ගේ කොන්ඩා ගඳ ගගනා නිසා හා මේන්ටේන් කරලා ලස්සනට තියා ගන්නේ නැති නිසාය. පුපෙත් ක්‍රීම් උලාගෙන කැරපොතු ලංසි වගේ සැන් පවුඩර් නාගෙන ජිම් ගිහින් ෆිගර් එක හදාගෙන ලෙගීන්ස් ගගලා සුද්දියෝ වගේ ගියත් ඔළුව අවුල් නම් උන්ගෙන් වැඩක් නැතිය.


ලාල් අයියා කියු එක අනුමත කරමින් ඒ නේස් නෝනලාත් අත්පොලසන් නාදෙකුත් දුන්නේය. ලාල් අයියා එතන අපහාසයක් කළේ නැතිය. එයා එතන කිව්වේ තොටගමුවේ හාමුදුරුවෝ කියපු කෑල්ලක් වගේ ඉන්නෙයි කියලාය. එහෙම ඉන්නවාට ජොස්තරලා ඉතරක් නොව ඇටෙන්ඩන්ලා සහ ලෝක ලෙඩ්ඩු වන අපිත් කැමතිය.


කට්ටිය ලාල් අයියාගේ නෝනා ඒ වගේද කියලා අහලා තිබුනාය. ඇත්තටම එයත් එහෙම ඉන්නවා නම් ලාල් අයියා ඉතරක් නොව අපිත් කැමතිය. හැබයි ලාල් අයියාට ලස්සන් දෝණියක් නම් ඉන්නවාය. එයා දැක්කා නම් ඔය ලාල් අයියාට කින්ඩිය දාන මේස කොල්ලෝ අනිවාර්‍යයෙන් ලාල් මාමාගේ බෑනාවරුන්ගේ සංගමයක් පිහිටුවනවාමය.


මේ ගැන NPP එකේ මම දන්න කියන කිප දෙනෙක්ගෙන් පෞද්ගලිකවම විමසුවාම උනුත් ඔක්කොම උන්නේ ලාල් අයියා නේස්ලාගේ "අවුට් ලුක්"  එක හා "ෆිගර්" එක ගැන කියපු මතයේ උනුත් ඉන්නවා කියලාය. හැබයි ඒ අය අතරින් බය නැතිව නම දාපන් කිව්වේ හිතවත් Upul Kumarapperuma අබ්බකාත් මහත්තයා ඉතරය.


ජෙප්පන්ගේ අනාගතය විය හැකි Chathuranga Abeysinghe කීප විටක්ම ඇමතුවත්. මේක පබ්ලිෂ් කරනකන් පයිසෙකටවත් ගනන් නොගත්තේ එයා දැන් අදහස් දක්වන්නේ ළොකු ළොකු ෆෝරම් වල විතරක් නිසා වෙන්ටැතිය.


කෙසේ වෙතත් ලාල් අයියා නොදන්නවා උනාට ෆිගර් එක්ස් හදාගන්න ජිම් යන්නම ඕනා නැතිය. ඒ වෙනුවට දැන් Wannaku Method අනුගමනය කරාම හරිය.


ඒ මෙතඩ් එක දැනගන්න දොස්තර Janaka Wannaku ට කතා කලා නම් හරිය.


එහෙම නැතිනම් ඔට්ටේලියාවේ ඉන්නා  Janaka Edirisinghe  ලොක්කාට හෝ Varuna Rathnabharathie ලොක්කාට කතා කරත් හරිය.


උන් ෆිට් කොල්ලෝ වගේම බොක්ක හොඳ උන් නිසා ඕන වෙලාවක උදව් පදව් කරන්න සැදී පැහැදි සිටිනවාය.

.

.

ඒ වගත් මෙසේය.......


⭕ මේ හෑල්ල දිග වැඩි උනත් දැන් කාලේ හුජ්ජා කොල්ලෝ හා චූ කෙල්ලෝ පරණ කවි දෙක තුනත් මෙතනම ලියනවාය.


රාහුල හාන්දුරුවන්ගේ කයිය

-----------------------------------------------


සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන

දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන.


අන්දරේ මුලින් කී කයි..

----------------------------------------


ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා   

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා   

නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා 


කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන   

ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන   

තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන   

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන   


අන්දරේ කී දෙවනුව කී කයි

-------------------------------------------


ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා   

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා   

නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා


රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන   

රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන   

රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන   

මල්මද බිසව් කොයි යනවද උදෑසන

Jan 12, 2023

හොඳම තීන්දුව දීමට වසර 75 ක් ගතවිය.

 


හොඳම තීන්දුව දීමට 

වසර 75 ක් ගතවිය.

➖➖➖➖➖➖🔴➖


සුද්දා අපෙන් නිදහස් වී, ලබන පෙබරවාරියට වසර 75 ක් ලබන්නේය. එහෙත් අපි තවමත් සුද්දන් වීමට ට්‍රයි කරමින් සිටින්නේය. මෙහෙම වැද්දන් පිරිසකගෙන් ගැලවීම සමරන්න ඕන සුද්දන් වුවත්, රෙන්න පුපේ ගූත් නැතිව ඉන්නා කළු සුද්දෝ කෝටී ගානක් වියදම් කරමින් මේ වසරේත් ගෝල්පේස් එකේ ආතල් එකක් ගන්නවාය. හූණූ බිජුවක් සයිස් මේ ලබ්බේ තොවිලෙට ජාතික ගීත් දෙකක්ම තියෙනවාය. අරාබී භාෂාවෙන් තවත් එකක් හදා ගත්තා නම් සංහිදියාව පුප දිගේම බේරෙනවාය.


සුද්දෝ අපට දායද කර ගිය මසුරන් වටිනා දේ අතර, සර්ව ජන චන්ද බලය, අධිකරණ ක්‍රමය හා රාජ්‍ය සේවයද තියෙනවාය. එහෙත් මේ සියල්ලම දැන් තියෙන්නේ අඤ්ඤකොරොස් වෙලාය. ඇත්තටම අඤ්ඤකොරොස් වෙලා නෙමේ කරලාය. 


ඒ වැඩේ කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලාය. කරන්න බැරි සයිස් එකක් පේනවා නම් කරන්නේ, සල්ලි සමඟ ස්ත්‍රී නිමිති විසි කරන එකය. එහෙම පැච් දම දමා ඇදගෙන යන ව්‍යවස්තාවේ පැච් දාන්නට ඉඩ නැති සයිස් එකටම පැච් 22 ක් දමා අවසාන නිසා, දැන් අලුත්ම එකක් ගේන්න යනවාය. රට හොම්බෙන්‍ යනවාය. 


මෙතනදී සර්ව ජන චන්ද බලයට කෙලවුනේ කෙසේද කියා කෙනෙක් අහන්න ඉඩ තියෙනවාය. අපි චන්දෙ දෙන එකා අපේ චන්ද ටික සල්ලි වලට විකුණලා එහ පැත්තට ගියාම, ඒක සර්ව ජන චන්ද බලේ අඤ්ඤකොරොස් කිරීම නොව, අමු අමුවේ උගේ සරම උස්සා අපට පුප පෙන්නීම නොවේදෝ කියා දැන් ඔහේලාට වැටහෙනවා ඇතිය.


ඒ ආකරයට අඤ්ඤකොරොස් වී ජනතා විශ්වාසය බිඳ වැටී තිබූ අධිකරණයෙන් ඊයේ දිනයේදී හිටපු ජනපතිවරයාට, දේශපාලන පත්වීම්වලට හා රාජ්‍ය නිලධාරින්ට දුන් තීන්දුව ඉතිහාසගතවන තීන්දුවක්ම වන්නේය.


පාස්කූ ප්‍රහාරය යනු ලේසියෙන්ම වලක්වා ගත හැකිව තිබූ මිලේච්ඡ ප්‍රහාරයකි. බුකියේ නම් ලිව්වොත් බ්ලොක් වන සාධු මේ ගැන කීප විටක්ම වෝනින් දුන්නේය. එහෙත් හැම එකාම කලේ වට කරගෙන උන්නාන්සේට කෙලිනා එකය. අවසානයේ උන්න්නාන්සේගේ අනාවැකි ටක්කෙටම සපල වෙමින්, බෝම්බ වැලැක්ම පුපුරා ගියේය.


සහරාන්ගේ සියලු ක්‍රියා පිලිබඳ නිවැරදිම තොරතුරු සියල්ල ලැබී තිබියදී උන් අත් අඩංගුවට නොගත්තේ, ඒ ජාතියේම දේශපාලුවන්  විසින් සිරිසේනයාට හා පොලීසියේ උන් වෙත කරන ලද බලපෑම් නිසා බව කොමිසමේදී හෙලි වූවාට, අධිකරණයට ඒ බව අමතක වූ බවක්ද පෙනෙන්නේය.


පට්ට ජෝක් එක කියන්නේ..., පරගලයේදී එහෙම උන්ගෙන් බුරියානී කාපු උන් තවමත් බෝම්බ තියන්නෙයි කියපු එකා කව්දැයි කියා හොයනා එකය. හැම මල ඉලව්වම රාජපක්ෂලාගේ ඇඟේ ගහන්නට ගිය උන්ට මේ දිනවල කෙලවෙන්නේ පෝලිමේය.


රාජපක්ෂලා කිරෙන් නාවා සුද්ද පවිත්‍ර කොට නිර්මල දේශපාලුවන් ලෙස බෞතීස්ම කර සුපිරිසිඳු දේශපාලුවන් කිරිමේ රුදාවක් අපට නැතත්, උපදින හැම දරුවාම රාජපක්ෂලාගේ කර උප්පැන්න සහතික දීමේ පිස්සුවකුත් අපට නැත්තේය.


සිරිසේනත් වහෙන් ඔරෝ නැතුව මේවා දෙස බලාගෙන උන්නේ, එයාට කිසි අවුලක් නැති වෙයි කියලාය. ඌ කිව්වේ මං මොකටද මේවට වග කියන්නේ කියලාය. එහෙත් එවකට රටේ විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමතිත් ඌ බව මේ වසලයාට අමතක උනේය.


හේමසිරි හා පූජිත එලියට දාපු නඩුකාරයන්ගේද කන හරහා දෙමින්, දේශපාලුවන්ගේ හා නිළධාරින්ගේ වගකීම් හා වගවීම් පැහැරහරිම නිර්ධය ලෙස විවේචනය කරමින් ලබා දුන් මේ ඉතිහාසගතවන නඩු තීන්දුව දෙන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. 


මෙම නඩු කටයුත්ත විශේෂිත එකක් සේ සලකා එසේ ලබා දුන්නේ වී නම්, අධිකරණයේ ගෞරවය මීටත් වඩා වැඩි වන බවත් ලියා තැබිය යුතුමය. එමෙන්ම මේවා ප්‍රසංසා කරමින් මල් වඩම් දෙන්නට නොයන්නේ අධිකරණයෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ යුක්තිය නිසාමය.


එමෙන්ම ජනතාවට පච කෙලිමින් රට බංකොලොත් කළ මහ බැකුවේ නිළධාරින්ට හා දේශපාලුවන්ටද මෙලෙසම නීතිය ක්‍රියාත්මක වී දඩුවම් ලැබෙනා තෙක් ජනතාව බල සිටිනා බවත් අධිකරණය දැණුම්වත් විය යුතුය.


⭕ පින්තූරය - අද ලංකාදීප පත්තරේ මුල් පිටුවෙනි.

.

Jan 11, 2023

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

 


අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk


අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, 1 කමෙන්ටුවේ තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න. 


ඔව් ඉතින්, අරගලය කියන්නෙ එක ආඛ්‍යානයක් නෙමෙයි. ඒ නිසා හසිනි හපුතන්ත්‍රිට හෝ සංජන හත්තොටුවට ඒ ගැන ආඛ්‍යානයක් නිර්මාණය කරන්නට නිදහස තිබෙනවා. ඒ ගැන නිර්ප්‍රභූ කොටස්වලට වෙනත් ආඛ්‍යානයක් තිබෙන්නට පුළුවන්. ඒත්, ඔවුන්ට තිබෙන භාෂාමය හැකියාවන්, ආර්ථික හැකියාවන්, සම්බන්ධතා මත පදනම්ව නිර්මාණය කරනු ලබන ආඛ්‍යානය හරහා ඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන ලෝකය දිනාගත හැකිද? 


ඒකට හේතුව ඔවුන් අපේක්ෂා කරන සංස්කෘතික ලෝකයත් අවසානයේදී හසිනිලා, සංජනලා ආධිපත්‍යය දරන ලෝකයම වීමයි. 


මේ දවස්වල මං වෙලාව තියෙන හැටියට ශෙහාන් කරුණාතිලකගේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා කියන බූකර් සම්මාන දිනූ නවකතාව කියවනවා. එය ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කරන්නට තවම බැරිවුණත්, මට හිතෙන දෙයක් වන්නේ ඒ ලංකාව බටහිරට රිසිපියකට අනුව උයා සරසා ඉදිරිපත් කරනු ලබන දීසියක් බවයි. එහි තිබෙන්නේ ලාංකික රස නොවේ. එහෙත් ලාංකික නම එහි ඇත. හරියට ලංකාවේ විකුණන චයිනීස් කෑම වගේය. ඒ වනාහි ලාංකීය රසයට සැකසූ චීනයකි. ශෙහාන් කරුණාතිලක බටහිරට අවශ්‍ය විදියට උයන්නට දන්නා කෝකියෙකි. හසිනි හා සංජන වැනි අයත් එවැනිය. එහි කිසිදු වරදක් නොමැති බව ද කිව යුතුය. 


කලාවේ අරගලය වැදගත් වෙන්නේ එතැනදීය. කලාවේ අප කරන අරගලය කුමක් විය යුතුද? අප ලාංකීය දූපත් කලාවේ සීමාවන්ගෙන් නික්මිය යුතුය. එහෙත්, අපට ලාංකික කලාවක් ලෙස ලෝකයට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ බටහිර කොන්ඩිමන්ට් දමා රස කළ ලාංකික අමුද්‍රව්‍ය පමණද? අපට අපේම මිරිස්, තුනපහ, ගොරක, සුදුළූනු, රම්පෙ, කරපිංචාවලින් පිස ලෝකයට අපේ දීසියක් පිරිනමන්නට බැරිද? අප එය කළ යුත්තේ බටහිර හයිය තියෙන සංස්කෘතික ප්‍රභූන් අපට නිර්දේශ කරන ඔවුන්ගේ සංස්කෘතික සීමා තුළ රැඳෙමින් විතරද? 


මා සිටින්නේ අරගලයකය. මගේ කලාවේ අරගලය තුළ මා මුලින්ම උත්සාහ කරන්නේ කලාවේ ඊනියා ප්‍රභූන්ගේ ආර්ථික ආධිපත්‍යයෙන් ස්වායක්ත වීමටය. එය දුෂ්කර අරගලයකි. ඔබ පරාජය වීමට තිබෙන අවස්ථාව ජයගැනීමට තිබෙන අවස්ථාවට වඩා වැඩිය. එහෙත්, ඔබේ ස්වෛරීත්වය තුළින් මිස ඔබට ඔබ සැබැවින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරිය. ඔබ යම් ආකෘතික හරඹයක් කර අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සිදුකරනු ඇත. එහි කිසිදු වරදක් නැති බව ද කිව යුතුය. ශෙහාන් කරුණාතිලක කර තිබෙන්නේ එය යයි මට සිතේ. එහෙත්, බූකර් සම්මානය දිනාගෙන ජාත්‍යන්තර ලේඛකයකු වන්නට පෙර චයිනමන් තුළින් ඔහු විෂධ කළ සැබෑ තමා ඔහුට අහිමි වී ඇතැයි මට සිතේ. මෙය කලිනරි ආටිස්ට් කෙනෙකු හා කෝකියකු අතර තිබෙන වෙනස වැනිය. චයිනමන්හි සිටියේ කලිනරි ආටිස්ට් කෙනෙකි. 


කලාවේ මගේ අරගලය තුළ මා මුලින්ම කරනුයේ මා කලාකරුවකු නොවන බව  තහවුරු කරගැනීමේ අන්ලර්න් කිරීම හෙවත් ඉගෙනුම් හරණයයි. කලින් මහත් ආශාවෙන් ගොඩනගාගත් අනන්‍යතාවන් සියල්ල අතහැර දමා පල් මෝඩයකු බවට පත්වීමයි. දේශපාලනය සම්බන්ධයෙන් ද මා කරන්නේ එයයි. මට ගැලපෙන ඇඳුම මගේ අතින්ම සැලසුම් කරගැනීමට මම කැමැත්තෙමි. කලාවට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රකාශන ආයතන ටේලර්ලාට ඕනෑ විදියට මා වෙනස්කර නොගෙන සිටින ශක්තිය ගොඩනගාගැනීමට මම උත්සාහ කරමි. 


ඊට පෙර මා මගේ නිරුවත ගවේශනය කළ යුතු යයි සිතමි. මගේ උදරය විශාලය. එහෙත්, මට තවමත් දණහිස නොනමා බිමට නැමී අල්ල පවා බිම ගෑවිය හැකිය. බටහිර ශාරීරික කලාවේ නිර්ණායක අනුව මම බඩ මහත කළු, කැත, කොණ්ඩා රැවුල් සුදු වුණ, නාකි, රෝගී මිනිසෙක්මි. මා දැන් සික්ස් පැක් බොඩිය ඇති, ළා පැහැති සමක් ඇති, කොණ්ඩා රැවුල් කළු මිනිසෙකු විය යුතුද? 


සමාජ මාධ්‍යවල බොහෝ අය කරන අන්දමින් මා ද ඇප්වලින් පිරිපහදු කරගෙන මගේ රූපය සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කළ යුතුද? මම එසේ නොකරමි. මට ඔබ රැවටීම පහසුය. එහෙත්, රැවටීම උස්මුරුත්තා වන තත්වයකි. අවසානයේ මා ද රැවටීම සාමාන්‍ය උරුමයයි. මම අරගලකරුවෙක්මි. මා උත්සාහ කරන්නේ කැත හා ලස්සන ගැන දැක්ම වෙනස් කරන්නටය. මගේ කලාව නැවත ආරම්භ කරන්නට උත්සාහ කරන්නේ එතැනිනි. මට එය නොහැකි වනු ඇත. එහෙත්, මා කලාවේ මගේ අරගලය තුළ සිටිමි. ඒ බව මේ ලිපියෙන් ඔබට කීවෙමි. 


අරගලයට ආපසු ආවොත්, මට කියන්නට තිබෙන්නේ ඊනියා අරගලය තුළ කලාවේ අරගලය වෙනුවට නැවත වටයකින් පැරණි ආධිපත්‍යයන් නැවත තහවුරු වී තිබෙන බවයි. 'අරගලය' තුළ ඇත්තෙන්ම අරගලයක් තිබුණාද? නැතිනම් සිදුවුණේ පැරණි බල සම්බන්ධකම් නැවත ආකෘතිගත වීමද? අරගලය ඇත්තේ 'අරගලයෙන්' පිටත යයි මම 'අරගලය' මැදදීම සිතුවෙමි. මා නිවැරදි යයි මට විශ්වාසය. වර්තමානයේ මා දකින වැදගත්ම දේශපාලනික අභිමතාර්ථය 'අරගල' අනන්‍යතාවෙන් මිදීමය.

Jan 5, 2023

සේපාල් ගැන උවිඳුගෙන්...


 

සේපාල් ගැන උවිඳුගෙන්...

➖➖➖➖➖➖➖⭕➖


සේපාල් අමරසිංහ වගේම උවිඳු කුරුකුලසූරියත් මගේ හිතවතුන්...


සේපාල් මගේ එක පංතියේ යාලුවෙක්, ඒ පංතියේ අතුල අධිකාරිත් උන්නා...


උවිඳු මගේ සයිබර් යාලුවෙක්.. මම උවිඳුගෙ වෙබ් එකට කාළයක් ලිව්වා එයාගේ ආරාධනයෙන්.. උවිඳු මාධ්‍ය උස්තාද් කෙනෙක් වගේම, හියුමන් රයිට්ස් චැම්පියන් කෙනෙක්... හැබයි මම ඝෝඨට කඩේ යනවා කියපු ගමන් එයා මා එක්ක තරහා වුනා... බුකියෙත් බ්ලොක් කලා.. ඒ එයාට මගේ මතය දරා ගන්න බැරි නිසා... එයා උගන්වන එයා දන්න මාධ්‍ය නිදහස ඒක වෙන්න ඇති... 


ඒ අතින්, නිර්මාල් රංජිත් දේවසිරි, චින්තන ධර්මදාස ගොඩාක් දියුණු මිනිස්සු...


ඒත් අපි හිතවත් කාළේ වරු ගනන් කතා කරන වෙලාවක උවිඳු, සේපාල් ගැන අපූරූ කතාවක් කිව්වා...


දවසක් උවිඳුගෙ ලැක්චර් එකකට සේපාල් ඇවිත් උන්නලු.. ඒකෙදි ඇහුවලු.. ඔයාලා මෙ ජනමාධ්‍ය පාඨමාලාවට ඇවිත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා... එක එකා සාම්ප්‍රදායික පිළිතුරු දෙද්දි... සේපාල් කිව්වලු... 


මට ඕන පොරක් වෙන්න කියලා...


ඇත්තටම සේපාල් පොරක් වෙලා හිටියේ... පොර මාධ්‍ය තුල පොරක් වුනාට.. රටම දැනගත්තේ යූ ටියුබ් එකෙන්... ඊයේ නම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් නම ලියා ගත්තා...


මම දන්නේ නෑ බුද්ධාගම මිත්‍යා විශ්වාස ඔළුව උඩ තියාගෙන උන්න, පොරක් වෙලා උන්න එකාට මොකක්ද වුනේ කියලා... හිතවත් "තෝරෙක්" වෙන Ajith Fernando Ajja ඒ ගැන ලියපු පෝස්ට් එකක් මම ඊයේ මගේ වෝල් එකෙත් දැම්මා...


සේපාල්ටත් වුනේ... තනතුරු නොලැබීම තුල රාජපක්ෂලා එක්ක තිබුන වෛරය.. සිහළ බෞද්ධ වෛරය දක්වා ගෙන යන අමන රැල හා එක්වීම... උන් නොදන්න දේ තමා ඒකට රාජපක්ෂලා නැති වුනත්... රනිල්.. විජේදාස... දිනේෂ් ඉතරක් නෙමේ සජිත් උනත් සජිත් රාජපක්ෂ වෙලා ඒ දේ කරන බව....


මම හිතන්නේ, සේපාල් උවිඳුගේ පංතියට ගියාට.. උවිඳුත් කියලා දීලා නෑ... මාධ්‍ය නිදහසෙත් සීමා තියෙනවය... අපි ඒවට ගරු නොකලත්.. අඩුම ගානේ ඒවා දැනගෙන හෝ ඉන්න ඕනය කියන දේ...


බුකියේ ඉන්න සිප්පි කෑලි ඒ බව නොදන්න එක මහා දෙයක් නෙමෙයි... හැබයි මේ වගේ පොරවල් ඒවා නොදැන සිටීම ඉතාම කනගාටුදායකයි...


මම ඉන්නෙත් උඹ කියපු මතයේ...

උඹ ඒ මතයට එන්නේ මෑතකදි..

ඒක කොහොම වුනාද කියන්න මම දන්නේ නෑ..

හැබයි මම මගේ සීමාව දන්නවා...


I feel very sorry for you Machan ❤️


සේපාල් ගැන ලියූ තවත් සටහන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

සේපාල් හිතුවේ පවර් එක තියෙන්නේ දතේ කියලා..


ඌ දන්නේ නෑ පවර් එක තියෙන්නේ දතේ නෙමෙයිය.. 

දත රකින අධිකාරියේය කියලා...


සේපාල් නෙමෙයි, 


නිර්මාල් මෙන්ම ඕමල්පේ සෝභිත කියන පාදිලියත් මේක දන්නේ නෑ.


😁😁😁😁😁

.➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු

(සේපාල ජාතකය)

➖➖➖➖➖➖➖➖⭕➖


ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු.....

තමන් දරන මතය නිවැරදි මතය විය යුතුයැයි සිතමින්, අනෙකාගේ මතයට නිගරු කිරීම හා අපහාස කිරීම නොව,...


බහුතරයේ මතයට ගරු කිරීමයි...


ඩිමොක්‍රසි කියන්නේ එයයි...


අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේද?


මේ පවතින වල්බූරූ නිදහසද නොවේ..

සමාජ මාධ්‍ය තුලද තත්වය එසේමය...


බුකියේ පැවති සුන්දර නිදහස නැති කරගත්තේද අප අපම මිස... වෙන කවුරුත් නොවේ...


ජීවත් වන පරිසරයේ පිලිගත් සංස්කෘති‍ය, නීතී රීතී, ආචාර ධර්ම කුඩු පට්ටම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ...


එසේ අපහාස හා නිගරු කිරීමෙන්, හෙලා දැකීමෙන් ඔබට පොරක් විය හැක..


එහෙත් ඒ සීමිත පිරිසක් අතර පමණි..


එසේ කිරිමට ගිය වුන් පරිප්පු කෑවේ තනියමය.


ජූලියන් අසාන්ජේ හා සල්මාන් රෂ්ඩි ඊට උදාහරණයන්ය.


ලංකාවේද කීප දෙනෙක් පුපේ ටින්කිරි ගාගත්තේය....

අප ඉන්නේද සේපාල් දරන මතයේම වුවත්...


බහුතරයේ මතය එය නොවේ...


අපද මේවා විවේචනය කර ඇති මුත්..

ඒ සෝපාහාසය මත මිස අපහාසය මත නොවේ...


මිනිසුන් පරිනාමය වන්නේ මැගී නූඩ්ල්ස් මෙන් කඩිනමින් නොවේ..


එයට පරම්පරා ගනනක් ගත වේ..


චන්ඩියකු සේ චැලෙන්ජ් කරා නම්..


දැන් අනෙකාගේ චැලේන්ජ් එකටද මුහුණ දෙන්න... ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.. ඔවුන්ගේ වල්බූරූ නිදහසයි...


වඳුරන්ට දැලි පිහි දීම... 

අති භයානකය...


ඉස්ධූතී ... නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...


.

Jan 4, 2023

මත්පැන් වලට බදු පිට බදු ගසනා ආන්ඩුවේ ගොබ්බයෝ

 


මත්පැන් වලට බදු පිට බදු ගසනා

ආන්ඩුවේ ගොබ්බයෝ

➖➖➖➖➖➖⭕➖

.

මත්පැන් හා දුම්කොල බදු කියන්නේ රජයේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකකි. ඇත්තටම එය රන් බිජු දමනා කිකිලියකි. ඒවා නොබොන උන් මක්කා කීවත් බොන එකා බොති. ඒවා තහනම් කොට ඇත්තේ ඉස්ලාම් දහම අදහන රටවල් වලිනුත් නොදියුණු රාජ්‍යයන්හී පමණි. ඒවායේ මානව හිමිකම් ගැන කතා කරලා පලක් නැත. 


ඉන්දියාවේද සමහර ප්‍රාන්තවල මත්පැන් විකිණීම තහනම් අතර, හිටපු ගමන් කසියා ගසා ගම් පිටින් මිය යන්නේ එවන් ප්‍රාන්තයන් තුලය.


එවන් නොදියුණු මිනිස්සු ලංකාවේද ඕසෙට ඉන්නවාය. මෑතදි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසජට ලැක්චර් දෙන්න ආ උසාවියේ ඉහළ එකෙක් හා තවත් මොකෙක්ද එකෙක් මත්වීම, මත්පැන් හා ගංජා ගැන ගැසූ බයිලා දැක්කාම මට පුපෙන්ම හිනා ගියේ වෙන කිසිවක් නිසා නොව, සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉන්නා උන් ඉන්නේ දවල්ටත් ගහලා නිසාය. මුන් ගන්නා ජරාව එකතු කලා නම්, තවත් පිරිසකට සහනධාර දෙන එක පට්ට සිම්පල්‍ය.


මේ තීරණ ගන්නා මන්ද බුද්ධික ආර්ථික විශේෂඥයෝ නොදන්නා ආර්ථික තියරියක් ඇත්තේය. නමුත් ඒ ගැන ඉතා හොඳ දැණීමක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ද්‍රවිඩ වෙළඳ ප්‍රජාවට ඇත්තේය.


ඒ වෙන කිසිවක් නොව සුළු ලාබයක් තබාගෙන වැඩියෙන් අලෙවි කිරීම හෙවත් සේල් එක වැඩි කිරීමය.


සිංහළ මැති ඇමතිවරුන් නිළධාරීන්ගේ සිට වෙළෙන්දා දක්වා මේ තියරිය දන්නේ නැතිය. එපමණක් නොව සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම්, ජන ජීවිතය හා සංස්කෘතිය ගැන කිසිඳු අවබෝධයක් උන්ට ඇත්තේ නැතිය. එහෙම දැණීමක් තිබෙනා උන් නම් ගොබ්බ ඇමතියෙක් කාලේ බෝතලේට කෙලින්න යන්නේ නැතිය.


මීට මාස කීපයකට කලින් මත්පැන් හා සිගරට් මිළ වැඩි කිරීමෙන් පසු ඒවා භාවිතය 25%  කින් පමණ අඩු වී ඇති බව සුරාබදු කොමසාරිස්ම කීවේය. දැන් වැඩි වීමත් සමඟ කලින් පාරිභෝගිකයින්ගෙන් තවත් 25% ක් පමණ භාවිතයෙන් ඉවත් වීම අනිවාර්‍යය.


මිළ වැඩි කිරීමෙන් පසුවත් පාරිභෝකිකයින් පිරිස ඒවා භාවිතා කරන්නේ යැයි සිතන්නේ නම් බදු වැඩි කරපු උන් අමුම අමු ගොබ්බයෝය. මත්පැන් වලට හා සිකරැට් වලට විකල්ප ඇති බවට මේ කුර හා අං සහිත නිළධාරින් දන්නේ නැතිය.


සාමාන්‍යයෙන් ලංකාවේ වැඩියෙන්ම බිව්වේ සහ අදටත් බොන්නේ ගල් අරක්කුය. චන්දිකාගේ කාළයේ පිරිසක් බියර් වලට මාරූ වූ අතර එය ඉතා සුළු පිරිසකි. 


ගල් අරක්කු බොන එකාට කසිප්පු බොන එක මහ කජ්ජක් නොවේ. ඇත්තටම ගල් අරක්කු වලට වඩා සුපිරි කසිප්පු ඕනා තරම් තිබෙන බව මේ ගොබ්බයන් දන්නේ නැතිය. සිකැරට් වෙනුවට බීඩී ඇත. ඊයේ පෙරේදා මේ වසලයන් හිඟන්නන්ගේ බිඩීයටද බද්දක් ගැසුවේය.


මේ රටේ මිනිස්සුන්ට, විශේෂයෙන් පිරිමි පාර්ෂවයට විනෝද වීමට ඇත්තේ හවස් වරුවේ මල් පැන් පොඳක් උගුරට හලා ගැනීම පමණි. කාලේ බෝතලේ ගන්නවාට වඩා හතර දෙනෙක් එකතුව බෝතලයක් අරගෙන බෙදාගන්නේ, ඒ සුළු මුදලත් උන්ට වටිනා නිසාය.


ඇත්තටම මේ ගොබ්බයන් කළ යුත්තේ මේවා නොවේ. බාර් ලයිසන් සිල්ලර කඩයටත් ලබා දීමය. කසිප්පු හා ගංජා වෙළඳාම නීතීගත කිරීමය. මත්පැන් විකිණීමට ඇති සීමාවන් සියල්ල ඉවත් කිරීමය. මුන් මේ කරන්නට හදන්නේ රන් බිජු දමනා කිකිලිය මරා දමා බඩ පලා බිත්තර සියල්ල එකවර ලබා ගන්නටය.


දීප ව්‍යාප්තව තිබූ වාහන ආනයන බිස්නස් එක නවතා ලාංකිය ව්‍යපාර දාමයම කුඩු කොට රටේ ආර්ථිකය බංකොලොත් කර දැමු ගල් මූසලයන්ට මත්පැන් වෙළඳාමට කෙලින එක සුළු දෙයකි. එය බංකොලොත් වන බව අනිවාර්‍යය. අනෙක් ව්‍යාපාරයන්ටද සම්මා සම්බුදු සරණය.


ඒ වගත් මෙසේය....

.

Jan 3, 2023

සුදු අලින්ට බොනස් ගෙවනා පිස්සු පාලකයෝ..

 


සුදු අලින්ට බොනස් ගෙවනා

පිස්සු පාලකයෝ

➖➖➖➖➖➖


මේ රට බංකොලොත් බව ප්‍රකාෂ කළේ මහ බැංකුවේ මහ එකාය. ඒ ඉන්දියාවෙන් බිලියන 4 ක ක්‍රෙඩිට් ලයින් එකක් ලැබී තීබියදී හා ඉන්දියානූ ආයෝජකයෝ ලංකාව ගොඩ දැමීමට ඉදිරිපත් වී තිබියදීය.


රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුව පාඩු ලබන රජයේ ආයතන තුල ඉන්නා මෙලෝ රහක් නැති සේවක පිරිසගේ පඩි නඩි හා දීමනා ගෙවමින් ඒවා නඩත්තු කිරීම බවත් ඔප්පු වී අවසානය.


IMF එක පවා ඊට පිලියමක් යොදන්නැයි කියා උපදෙස් දී තිබියදි, ඊට කිසිම පිලියමක් නොයොදා, තව දුරටත් මේ මූසලයින්ට ආතල් දීමට මහන්සියෙන් හරි හම්බකරගෙන කන ජනතාවට කන පැලෙන්බ බදු ගසා අවසානය.


මේ රටේ ජනතාවට ප්‍රීතී වීමට ඇති එකම දෙය වන මත්පැන් වලටත් කන පැලෙන්න බදු ගසා අවසානය.


විදුලි බල මණ්ඩලයේ උන් හොරා කෑ නිසා පසුගිය වර්ෂවල වූ පාඩුව ගෙවන්නට වෙලා තියෙන්නේත් ජනතාවටය. ජනතාවගේ ආදරය දිනාගෙන උන් ඇමතිවරයාද, විදුලි මාෆියාව විසින් තමන්ගේ ගොඳුරක් කරගෙන ඇති බව ඉතා පැහැදිලිය.


තත්වය එසේ තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හා තෙල් සංස්ථාවට බෝනස් ගෙවන්නටත් මුදල් දී ඇත්තේ මහා භාන්ඩාගාරයෙනි. 


මහා භාන්ඩාගාරය අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයටය. අප දන්නා පරිදි මුදල් ඇමතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය.


තෙල් සංස්ථාවේ උන්ට මාස දෙකක බෝනස් ගෙවා ඇත. දැන් ඒවායේ සභාපතිවරුන්ගෙන් ඊට නිදහසට කරුණු විමසා ඇතැයි වාර්ථා වේ.


ඒ අනුව අපට පෙනෙන්නේ ආයතන දෙකේම සභාපතිවරුන් මේ මුදල් ඉල්ලාගෙන ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට හා ඇමතිවරයාට අමු බේගලයක් ඇද බාලා බවය. 


මොකෝ එහෙම දැණුවත්ව මේ දේ වුනා නම්, මෙහෙම නිදහසට කරුණු විමසන්න විදියක් ඇත්තේ නැතිය...


එමෙන්ම පෙනෙනා අනික් කාරනය නම්, මේ අමාත්‍යශ තුනේම ලේකම්වරුන් හා ඇමතිවරුන් තමන්ගේ ආයතන තුල සිඳුවන්නේ කුමක්දැයි කියා නොදන්නා බවත්, දෙන මුදල් වලට සිඳු වන්නේ කුමක්දැයි කියා පසු විපරමක් නොකරනා බවත් පනණමය.


මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙකි. ඒ ශෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටියයි. මොවුන්ද මේවාට වගකිව යුතුය.


ජනතාවගේ බෙල්ල මිරිකමින් සුදු අලි නඩත්තු කරනා මෙවන් නිළධාරීන් හා පාලකයින් සිටිනා රටක් මෙහෙම තියෙනා එකත් ආසියාවේ ආශ්චර්‍යයක් නොව විශ්වයේම ආශ්චර්‍යයක් බව නොලියා සිටිය නොහැකිය.


ඒ වගත් මෙසේය.....

.

Jan 1, 2023

මේ අවුරුද්ද ඔබට කොහොමද?




 මේ අවුරුද්ද

ඔබට කොහොමද?

➖➖➖➖➖➖▪️➖


ලෝකප්‍රසිද්ධ අනාවැකි කාරයෝ මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ අනාවැකි කාරයෝ කියනවා වගේම, පවතින භූ දේශපාලනය, වසංගත නැවත මතුවීම් වගේ දේ එක්ක බැලුවාම, 2023  සුන්දර අවුරුද්දක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අල්පයි...


රුසියන් යූක්‍රේන යුද්ධය යුරෝපයටත් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි, ඊයෙත් පුටීන් අවුරුදු සැලබ්‍රේට් කළේ කියේව් වලට මල් වෙඩි කෙලලා. කොහොමත් ඇමරිකන් කාරයගෙ වෙපන් බිස්නස් එකට යුද්ධයක් තියෙන්නම එපාය. හැබයි පරිප්පුව කන්නේ යුරෝපය. වයිඩන් කාරයා සෙලන්ස්කිට දීපූ ලණුව ඌ නියමෙටම කෑවා.


ඒක ඉදිරියට මාස 7 ක් පවතින 3 වන ලෝක යුද්ධය වෙන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. මේක මුලු ලෝකයේම ආර්ථිකයට බලපානවා. IMF එකට සෑහෙන වැඩ තියෙයි. ඒ අස්සෙ අපි වගේ හාල්මැස්සෝ පයිසෙකට ගනන් ගන්නෙකක් නෑ. ඒ නිසා ඉන්දියාව එක්ක සෙට් වුනොත් හොඳයි.


ඒ නිසා ඔය IMF එළුවගෙ පස්සෙ නොයා, රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙන ක්‍රමයක් හොයා ගත්තා නම් හොඳයි. විශේෂයෙන් යුරෝපේ යුද්ධයක් ඇති වුනොත් එහේ උන්ට එපාර්ට්මන්ට් විකුණලා හොඳ ගානක් හොයා ගත්තෑකි. එහෙම දේවල් අපේ උන් හිතලවත් නෑ. උන් වතුර රත්වෙලා නෙමෙයි, වතුර ටික වාශ්ප වෙලා හිඳිලා ඉවරවෙලත් තාම ඩාන්ස් කරනවා.


චීනේ කොරෝනා ආයෙත්, ආයෙත් රටවල් ලොක්ඩවුන් වෙලා ඉකොනොමියට කෙල වෙන්න පුලුවන්.


ඒ වගේම රැකියා විරහිතභාවය, ආහාර හිඟය, බලශක්ති අර්බුධයට මුලු ලෝකෙටම මුහුණ දෙන්න වෙනවා.


සූර්‍යයාගේ වෙනස්වීම් නිසා ගෝලිය උණුසුම ඉහළ ගිහින් ස්වභාවික විපත් ගංවතුර, නියඟ එන්න පුලුවන් කියලත් කියනවා.


බබා වැන්ගා වගේම නොත්‍රඩාමුස් කියන විදියට, ප්‍රංශයට අනිවාර්‍යයෙන් යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. ඒ යුද්ධයේදි භයානක අවි, ඒ කියන්නේ බයොලොජිකල් වෙපන් හෝ න්‍යෂ්ටික අවි භාවිතා වෙන්නත් ඉඩ තියෙනවා. යුද්ධය ඉවර වෙන්නේ එහෙම වෙන්නත් පුලුවන්.


ආහාර හිඟය කොච්චර දරුණු වෙනවද කියනවා නම්, මිනීමස් කන තත්වයක් එන්නත් පුලුවන් කියලයි කියන්නේ. මේ අදහස යුද්ධය නිසා එකිනෙකා මරාගැනීම වෙන්නත් පුලුවන්. චාල්ස් ඇන්ඩ් කැමිලා ජෝඩුවටත් එච්චර හොඳ අවුරුද්දක් නෙමෙයි කියලා කියන්නේ.


අපේ රටේ උන් ගැන බලනවා නම්, ජනවාරි 17 පස්සෙ ගොඩක් ලග්න වලට පොදුවේ හොඳයි. ඒ කියලා එකිනෙකාගේ ග්‍රහචාර අනුව තමයි හඳහන් බලාගන්න වෙන්නේ. ලංකාවේ හඳහන අනුවත් විශාල දේශපාලන වෙනස් වීම් හා පෙරලි වෙන්නත්, අළුත් නායකයෝ බිහිවෙන්නත් පුළුවන්.


මේවා ප්‍රෙඩික්ෂන්ස් විතරයි. වෙයිද නොවෙයිද කියලා බලාන ඉන්න තමයි තියෙන්නේ.


ඔය මහ බැංකුවේ අධිපතිත් එහෙමයි. එයත් හොඳ ප්‍රෙඩික්ෂන් කාරයෙක්.


එයා කියන්නෙත් අදට වඩා හෙට හොඳයි කියලා විතරයි... වෙන මක්කත් දන්නෙම නෑ.

දැනටමත් කබ්බට වඩා සල්ලි ප්‍රින්ට් කරලා ඉවරයි.


ජයවේවා...!!!

.