.

.
Showing posts with label Wrong Generation. Show all posts
Showing posts with label Wrong Generation. Show all posts

May 20, 2025

රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

 





Hannie (Khanna) | Could You Be Loved 

 රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

➖➖➖➖➖➖➖➖➖➖❤️➖➖➖➖


සිරස චැනල් එක අප්පිරිය වෙලා තියෙන නිසා.... Sirasa Voive program එකත් බලන්නේ නෑ... ඒ වුනාට ඒක Next Level ප්‍රෝග්‍රෑම් එකක්....


මම කලින් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවත්..... දැන් ඒක බලන්නේ නෑ.... ඒ දැන් ඉන්න ජජබෝඩ් එකටත් මම හරිම කැමතියි.....


රයිනි, හිරුෂි, සුපුන් සහ මිහිඳු කියන්නේ.... පට්ටම ටැලන්ටඩ් ගායකයෝ විතරක් නෙමේ... versatile මියුසිෂන්ස්ලා..... මේ අය අතරින් මං වඩාත්ම කැමති මිහිඳු ආරියරත්නට.... ඒකට හේතුව මම හිතන්නේ මම රොක් සංගීතය බෙහෙවින් ප්‍රිය කරන්නෙක් නිසා...  


ඒ කියලා අනිත් අයත් ඊට දෙවෙනි නෑ... සුපුන්ගේ "මහමායා" කියන්නේ.... කේමදාස මහත්තයාගේ මියුසික් වලට පස්සෙ ආපු උසස්ම ගණයේ සංගීත නිර්මාණයක්.... ඒක සුපුන්ටත් වඩා ලස්සනට කිව්වේ නුවන්දිකා....


රයිනි ගැන කියන්ඩ ඕන නෑනේ.... අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ජානවලින් මික්ස් වෙලා ආපු පට්ටම පට්ට ටැලන්ට් එකක්.... hirushi කියන්නේ පුදුම ටැලන්ට් එකක්......


දැන් Z ජෙනරේෂන් එකත් ඉවරයි.... දැන් ඉන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක..... ඉතිං කපුගේගේ සින්දු අහපු එවුන්ට.... "හානි" කියන ආධුනික තරගකාරිය බොබ් මාලේගේ ලෝක ප්‍රසිද්ධ Could you be loved  සින්දුවට Jam කරපු.... කපුගේගේ "රුවක් ඇඳෙනවා... කව්දෝ එනවා.."  Reggae Style cover song එක මම නම් උපරිමයෙන්ම වින්දා.....


මේක ගොඩක් එවුන්ට විඳින්න බෑ කියලා මම දන්නවා.... මොකද.... කපුගේම සන්ෆ්ලවර්ස්ලා එක්ක කැසට් එක ගහපු වෙලාවෙත්.... කපුගේව මරාගෙන කන්න ගියපු එවුන්ට.... මේක කොහොමත් දිරවන්නේ නෑ..... 


ඒකට හේතුව.... අපේ එවුන් cover songs  කියන්නේ මොකක්ද කියන එක දන්නේ නෑ... එතකොට එකම ගීතය..... විවිධ ශානරයන්ගෙන් ගායනා කරනවා කියලත් දන්නෙ නෑ.... ඉතින් ඒවා දන්නැති ලොන්තපෝල් ඔලමොට්ටල නාකි මැට්ටන්ට මැට්ටියන්ට..... මේවා කොහොමත් දිරවන්නේ නෑ..... මේ පන්තිය දිරවන්නෙත් නෑ....


අපි නං අඩියක් ගහලා සිංදුවක් කියන කොට.... Hotel California සිංදුවත් එක්කම ඒකේ තාලෙට අසංක ප්‍රියමන්ත පීරිස්ගේ "සඳනාවත් කමක් නැතී... රත්තරන් පුතී...." සින්දුවත් කියනවා.... ඒක Hotel California රිදම් එකත් එක්ක නියමෙටම යනවා....


ඉතිං ඒ වගේ ආතල් ගන්නන එවුන් මීට පස්සේ Could you be Loved අස්සේ "හානි" කරපු මේ Cover Song එක මීට පස්සෙ කියයි.....


එක එකාගේ රසිකත්වය වෙනස් කියලා නොදන්න අම්බරුවන්ට මේවා තේරෙන්නේ නෑ.... ඉතිං ඒකට අපිට කරන්න දේකුත් නෑ... 


අපි නම් තාමත් ඒ ඇම් යූ රාජ්ගේ තිලො අග රාජා අහන අස්සේ.... අමරදේව, නන්දා, වික්ටර්, ප්‍රියා, මිල්ටන්, ක්ලැරන්ස්, ඉන්ද්‍රානී, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස්, සැන්ටි, මිල්ටන් පෙරේරා, ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, සමිතා අතුල, රූකාන්ත ලේඛා, නාමල්, ෂෙහාන්, බාතිය සන්තුෂ්, අමල් පෙරේරා, කසුන් කල්හාර අහන අස්සේ මේවත් අහලා විඳිනවා....


මට තියෙන එකම දුක.... 

කපුගේ මහත්තයා මේ සින්දුව Reggae වර්ෂන් එකෙන් නොකිව්ව එක....


ඒක Reggae ටියුන් වලට නියමටම මැච් වෙන සින්දුවක් වගේම.... කපුගේගේ ගංජා වොයිස් එකටත් නියමෙටම මැච් වෙනවා.... 


කපුගේ ලොක්ක හිටියනං ඒකත් කරයි.... 

මොකද කපුගේ කියන්නේ වෙනස් වෙන්න කැමති මිනිස්සු....


මේ කෙල්ලගෙ ඇක්ට් එකත් මරු.... 

Reggae කියන්නේ රස්තෆාරී කල්ට් එක එක්ක බැඳුන සංගීතයක්... අපේ උන් රස්තියාදුකාරයෝ කියන එක ඇවිත් තියෙන්නේ ඒකෙන් වෙන්න ඕන... ඉතින් ඒ ඇක්ට් එකේ ඒක උපරිමයෙන්ම තිබ්බා.... රොකට් වල නැගලා හඳට ගිය එවුන් මේ රහ දන්නවා.... ගුණදාස කපුගේ කියන්නෙත් එහෙම අජටාකාශකාමියෙක්.....


විඳින එකෙක් විඳපල්ලා ඔන්න සින්දුව දැම්මා


ඒ වගත් මෙසේය....

Nov 10, 2022

රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව ඕල්ඩ් ජෙනරේසොන්

 


රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව

ඕල්ඩ් ජෙනරේසොන්

➖➖➖➖➖😁➖

.

දකුණු පලාතේ ටුවරිසම් ඒරියා එකක කෝටිපති වයසක මුත්තා කෙනෙක්ට විශාල ඉඩමකුත් එක්ක මහා පත වලව්වක් තියෙනවා. මේකේ නැති දෙයක් නෑ. උද්‍යාන, පොකුණු, පොඩි ගොල්ෆ් කෝට් එකක් වගේම විශාල ජලාශයකුත් තියෙනවා මුත්තා ස්විම් එකක් එහෙම දාන්නේ මේකේ... වත්තේ සීමා මායිම් නෑ වගේම මුත්තගෙ වලත්ත කමෙත් සීමාවක් නෑ.. මිනිහා තනිකඩයා...


එක්තරා මාසයක... 9 වැනි දිනෙක... මුත්තා වලව්වේ ආලින්දයේ ටැබ් එකක ඩේටින් සයිට් එකක සැරිසරමින්නාතරේ මුරකාරයා කලබලයෙන් ...


ස.....ර්.... ස....ර්..... ආන් අරෙහෙ පොන්ඩ් එකේ කෙල්ලෝ වගයක්.... ඇඳුම් ඔක්කෝම ගලෝලා... නිර්වර්ස්තරෙන් පොන්ඩ් එකට බැහැලා...


උන්ව එලවන්න හැදුවට යන්නේ නෑ... මේවා උන්ගේ මුත්තලාගෙන් කොල්ලාකාපු දේය... ජනතාවගේ දේය ... උන්ටත් ඒවා අයිතිය... උන්ගේ අරගලේ කරන්නේ ඒකටය කියලා... තෝ හාමුලට කඹුරන වහල්ලුය ... ඩෝන්ට් ට්‍රයි ටු මෙසප් විත් ද රෝන්ග් ජෙනරේෂන්  කියලා මාව එලෙව්වා ස...ර්......


හහ්... එව්වා කොහෙද මාත්තෙක්ක.... උගෙ අම්මගෙ ජෙනරේෂන් ... වරකො යන්න මාත්තෙක්ක ඕකුන්ගේ අම්මලට හමන්නලා ගන්න.. ආවා මාත් එක්ක හැමිනෙන්න...


මුත්තා පොන්ඩ් එක දිහාට එනවා දැකපු කෙල්ලන්ගෙන්... කැම්පස් ලුක්කෙක තියෙන කෙල්ලෙක් හඬ අවදි කලා....


ආ නාකී වලත්තයා තෝ ආවද මෙතන කෙල්ලෝ හෙළුවෙන් නානෝ බලන්න... දැන් ඉතින් මොකා ආවත් තොපි දෙන්නා මෙතනින් යනකන් අපි ගොඩ එන්නේ නෑ.. වනචරයා ආස ඇති නේ ගෑණූ හෙලිවැල්ලෙන් නානෝ බලන්න... ගැට බලන්න....


අනේ පලයන්‍ ගොබ්බ කෙල්ලනේ යන්න.. මට තොපේ නෑමයි... හෙලුවැල්ලයි.... ලොට තනුයි බලන්නෝන නෑ... මම මේ ආවේ ඕකේ ඉන්න කිඹුලන්ට කෑම දෙන්න....


⭕ මොරාල් ඔප් ද ඉස්ටෝරී..


නාකී මයිනන්ගේ නුවන එක්ස්පීරියන්ස් හා වලත්ත කම ළඟ රෝන්ග් ජෙනරේෂන් එක හුජ්ජා කොල්ලෝ හා කෙල්ලෝය...


▪️සුද්දන්ගේ එකක් අපේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පල කලේ මහාචාර්‍ය මාතලන් යකා වන මා විසිනි.


.