.

.
Showing posts with label People Power. Show all posts
Showing posts with label People Power. Show all posts

Apr 3, 2022

හුදකලා සටන් වලට දේශපාලන පක්ෂ භිය වූයේ ඇයි?

 


දැන් ඇති වී ඇති ආන්ඩු විරෝධය ලංකාවේ මින් පෙර ඇති වූ එවන් විරෝධයන්ට හා විප්ලවයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි.

ලංකාවේ මිනිස්සු එක්ක විප්ලව කිරීම බොරු බව, වමේ පක්ෂවල උන්ම ඉතිහාසයේ කිහිප අවස්ථාවකම සඳහන් කොට ඇත්තේය.

ඊට විවිධ හේතූන් ඇති අතර, ප්‍රධාන හේතුන් ලෙස සඳහන් කළ හැක්කේ පන්ති භේදය හා කුළ බේදයයි. ජවිපේ නායකයින් සියල්ලන්ම අඩු කුලයන්ට අයත් වූ අතර, ඔවුන් නියෝජනය කළේ නිර්ධන පන්තියයි. 

ඔවුන්ට ග්‍රාමිය නූගත් ජනතා ආශීර්වාදය ලබා ගත හැකි වුවත්, අදටත් නාගරික ජනතාව අතර පිලිගැනීමක් නැත්තේ මේ හේතුව නිසාය.

අනෙක් හේතුව වූයේ, මිනිසුන්ට මුන් කියූ තරම් අහේනියක් නොතිබීමය. හාල් පොතට හෝ හාල් ලැබින, එදා ගෑස් ප්‍රශ්ණ තිබුනේත් නැතිය. බත් කෑම දින දෙකක් තහනම් කර තීබියදීත් මිනිසුන්ට කෑමට කොස් අල බතල හෝ තිබිනි.

ඒ නිසා ගරිල්ලා සටන් ක්‍රම මිස, මෙවන් ජනතාව අතරින් එන උද්ඝෝෂණයන් කිසි දිනෙක අප නම් දැක තිබුනේ නැත.

ඊට පරිසරය හා මග සැකසූ, ඝෝඨාභය රාජපක්ෂ මෙතෙක් පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අප ස්තූතිවන්ත විය යුතුය.

උද්ඝෝෂණ තිබුනේ ඒ ඒ පක්ෂවල වහලුන්ගේ සහභාගීත්වයෙන් පමණි. රට ගිනි තැබුවද ඒවාට සාමාන්‍ය ජනතාව කිසි දිනෙක සහභාගී වූයේ නැත.

එහෙත් මාතලන් කිහිප විටක්ම පෙන්වා දුන් පරිදි, රටේ ආර්ථිකයට කෙලින්ම බලපානා මේ ආන්ඩුවේ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන්, මේ රටේ මධ්‍යම පන්තියේ සිහිණ කල්ට් එකට හා ජන ජිවීතයට කෙමෙන් කෙමෙන් හෙන පාත් වෙමින් තිබුන අතර, ඒවා ආන්ඩුව පයිසයකට මායිම් නොකර, දේශීය ආර්ථික විකාරයක් හා කාබනික හෝන්තුවක් පස්සේ දිව්වේය.

ඒවායින් ලද ප්‍රතිඵලද මාර ලොල් සහගත ඒවා පමණක් නොව, ජනතාවගේ මලේ හොඳම එකින් පනින ප්‍රකෝපකාරී ඒවාය. රුපියල් 600 ට තිබූ කහ කිලෝව දැන් රුපියල් 6000 කි. දේශීය සිමෙන්ති කොට්ටය තවත් 500 කින් වැඩි කරේ ෆැක්ටරිය දේශීය වූවාට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින් නිසාය. මේවා එකම විකාරයන් පමණමය.

(විදේශයකින් ඩොලර් මිලියන 5-6 ක් කඩා ගැනීම හැර මේ මොහොතේ රට ගොඩ ගැන්මට හැකි වෙනත් කිසිඳු විකල්පයක් ඇත්තේ නැතිය)

මින් පෙර ආන්ඩු පැවති සමයන්හීද, ඉන්ධන නැති වූ අවස්ථා අනන්ත තිබිනි, ගෑස් නැති අවස්ථා මෙන්ම විදුලිය විසන්දි වීම්ද අනන්තවත් තිබිනි. බඩු මිළ වැඩිවීම්, භාන්ඩ හිඟවීම්, රුපියල අවප්‍රමාණ වීම් මෙන්ම උද්ධමනයන්ද තිබිනි.

එහෙත් ඒ සෑම අවස්ථාවකම සිඳුවූයේ ඔය කරුණු වලින් එකක් පමනි.

ලයිට් නැතත් ජෙනරේටර් හා ඉටිපන්දම් තිබිනි. ගෑස් නැතත් භූමිතෙල් හා විදුලිය තිබිනි, පෝලිමේ හෝ ගසා ගැන්මට ඉන්ධන සති ගනන් නැති වුනේ නැත, පිටි වැඩි නම් බත් කෑ හැකිව තිබිනි, හාල් වැඩි නම් මිනිස්සු පාන් කෑවේය. රුපියල අවප්‍රමාණය වූවාද කියා මිනිසුන්ට දැණුනේත් නැතිය. 1% - 2% වැඩි වූ උද්ධමනයන්ද මිනිසුන්ට දරුණුවට දැණුනේ නැතිය.

එහෙත් මෙවර සිඳුවූයේ කුමක්ද? මේ සියල්ලම එක වර පැමිණ මධ්‍යම පන්තියේ සිහිණ සියල්ල හා ජීවන ඇවතුම් පැවතුම් කුඩු වීමය, පොෂ් පීපල්ස්ලාටත් ගෑස් පෝලිම් වල ඉන්නට සිඳු වීමය, කීයට හෝ මිළඳි ගන්නා දේ උයා ගැන්මට ගෑස්, භූමිතෙල් තියා කරන්ට් එකත් නැතිය. කඩෙන් කන්නට කඩවලත් ගෑස් නැති නිසා කෑම නැතිය.

ඒ නිසා ජනතාව කුපිත උනේය. පෝට්ටුවට චන්දය දුන් උන් පවා එක්කෝ බැසිල්ගේ අම්මා සිහි කරයි, බැසිල්ගේ සෙට්ටෙක ඝෝඨාගෙ අම්මාගේ පලු අරියි, වියත් මගේ සෙට්ටෙක මහින්දගේ අම්මාගේ පලු අරියි. දැන් උන්ට පෝට්ටුව රැක, ගමේ වසනවා බොරුය. පාර්ලුමේන්තුවේ ඉන්නා උන්ටත් ගමට යන්නට බැරිය.

ඒ නිසා දැන් මොකා ඉදිරියට ඇවිත්, නායකත්වයක් නැති හුදකලා සටන් කර අමාරුවේ වැටෙන්න එපා කීවත්, ජනතා උද්ඝෝෂණ නැවැත්තිලි බොරු බව මේ සියළු පක්ෂම වටහා ගෙන අවසානය.

දැන් පේන්නට නැත්තේ රාජපක්ෂලා ඉතරක් නොවේ, මේවාට ආශීර්වාද කල සජිත් රාජිත හා පාඨලීද හොයාගන්නටවත් ඇත්තේ නැතිය. පක්ෂවලට කඩේ ගිය කහකඩ සෙට්ටෙකද නැතිය. රඹ ටෝක් දෙන්නට ගොස් පන්සල නටඹුන් බවට පත්කර ගන්නර මල්වතු අස්ගිරිත් කැමති නැති බව පෙනේ. සියල්ලො ඉන්නේ තක්බීර් වෙලාය.

දැන් සජිත්ලාද ආන්ඩු ගන්න බය, ඔවුන් ගැටළුව කුමක්ද කියා දන්නා නිසාය. ඔවුන්ට ඊට විසඳුම් ඇත්තේ නැතිය. රටවල් තුනකින් ඉන්ධන දෙන, දෙන්නම් බයිලා දැන් ජනතාවට වානාය.

බලය ගත්තොත් මීළඟට ජනතාව එන්නේ සුචරිතේට කියා ඔවුන් අවබෝධ කරගෙන අවසානය. පැලවත්තේ සෙට්ටෙක මෙන්ම උස හාදයාද එහෙමය. පැජට් පාරේ එකාට නම් පාක්‍යසෝතී විසින් බකට් එකක් ඇදලා නිසා පොර ඉන්නේ කොහොමත් පොලොන්නරුවේ යන්නය.

ඒ නිසා බලය සම්බන්ධයෙන් රාජපක්ෂලාට  අභියෝගයක් ඇත්තේම නැති තර්ම්‍ය, සභාග ආන්ඩු අන්තර් පාලන ආන්ඩුවලට එන්නවත් විපක්ෂයේ උන් බයය.

ඇත්තටම මෙය ජනතාවගේ ජයග්‍රහණයකි. සියළුම දේශපාලන පක්ෂ හා නායකයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසානය. මින් පසු උන්ගේ කාමසුඛන්නිකානූ පඩ ෂෝ කල්ට් එකටත් කෙල වෙනවා ඇතිය. දැන් අපට ජනරජයක් ලැබී ඇත්තේය.

රාජපක්ෂලාට, ප්‍රේමදාසලාට, අනුර කුමාරලලාට ඉදිරියෙන් ජනතාව සිටගෙන අවසානය.

ඔවුන්ගේ ජන ජීවිතය යතා තත්වයට පත් කිරීම හැර මර්ධනයන්ට යන්නේ නම්, ඒ තරම් මෝඩ කමක් තවත් නොමැති අතර, රටේ තත්වයද අතිශයින් භයානක විය හැක.

මන්ද නායකත්වයක් නැති හුදකලා සටන් අවසානයේ එන ප්‍රතිඵල, අතිශය බියකරු විය හැකි බවත් කිව්වේත් තොපිම නිසාය.

එවන් සටන් වලට යන්නට එපා යැයි කිව්වේ මුන්ගේ පුහු මවාගත් පුස් චරිතවලට කෙලවෙන නිසාය.

මුන් එකෙක්වත් රට හැදීමට තරම් බුද්ධියක්, දැණුමක්, වැඩපිලිවලක්, සැලැස්මක්, කිසිත් නැති හාල්පාරුවෝ බව ඔප්පු වී හමාරය.

මුන් දන්නේ රටට දෙයක් කිරීමට නොව, රටේ හා ජනතාවගේ දේ හූරාගෙන කා උන්ගේ සුඛවිහරණය පවත්වාගෙන යාම පමණමය.

තව දුරටත් ඒ ආතල් ගැනීමට, ජනතාව ඉඩ දෙන්නේ නැතිය.


ඒ වගත් මෙසේය...

.