ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක් සයිස් මොළ ගෙඩියටත් සහනයක්ය. මේ තරම් නස්කූනී දේශපාලනයක් අම්මට සිරි ලංකාවේ අම්මා මුත්තා කාළේවත් නොතිබෙන්නට ඇතිය. කම්බ හොරුන්ට හා මහ බැංකු හොරුන්ට දෙනවාට වඩා, මාතලන්ගේ ප්‍රියතම චරිතයක් වන ලාල් කාන්තයාට මනාපේ දෙන්නට මාතලන් හිත හදාගෙන අවසානය. මොකෝ මොන වේසිගේ පුතා ආවත් මේ රටට හෙන හත මිස, කිසි සෙතක් නම් නැති නිසාය.
