.

.
Showing posts with label Election. Show all posts
Showing posts with label Election. Show all posts

May 5, 2024

ලාල්ගේ කතාව පට්ට සීරියස් ගත යුතුය.


 

ලාල්ගේ කතාව

පට්ට සීරියස් ගත යුතුය.

➖➖➖➖➖➖➖➖⭕


ජාතික ජන බලවේගය යන බැටළු හමට මුවා වී දේශපාලනයේ යෙදෙන.... ජනතා විමුක්ති පෙරමුණ නම් තනි දේශපාලන බලවේගයට රටේ බලය ගියහොත්... එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව මාතලන් ලියන්නේ බොහෝ කලකට පෙර සිටය. ඔවුන්ද දේශපාලනය කළ යුතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඔවුන්ට තවම හුරු නැතිය.


ඔවුන්, ඔවුන්ට වඩාත් හොඳින් ගැලපෙන 56 බයියන් සමඟ කීප විටක්ම එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූයේ... එම පක්ෂයේ බලය තමන් වෙත ලබාගැන්මට මිස... වෙන කිසිවකට නොවේය. විමල්ගේ නැත්ත වෙනුවට ඇත්ත පොත මීට සාක්ෂි දරන්නේය.


මේ බව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ හරහා ජවිපේ දෙකඩ කළේ ඔහුට මේ ගැන හොඳ වැටහීමක් තිබුන නිසාය. කෙසේ හෝ... චන්ද්‍රිකා ජවිපේ හා දීග කෑ සමයේ, මහින්ද හා ජවිපේ අතර කිසිම ඇයි හොදයියක් නොතිබූ බව කවුරුත් දන්නා රහසකිය. මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුන පසු... ජවිපේ හා සංධානගතවීම සිඳුකළේ මංගල සමරවීර හා මෛත්‍රීපාල සිරිසේන උන්නැහේලාය.


එහෙත් මහින්ද බලයට පැමිණි පසු එය රාජපක්ෂ පවුලේ බූදලයක් වූ අතර, ජවිපේ මෙන්ම බන්ඩාරනායකවරුන්ද, මංගල සමරවීරලාද, සිරිසේනලාද, සිරිපාලලාද නිකන්ම නිකන් හාල් කෑලී බවට පත් වුනේය.


ලාල් කාන්ත කියන්නේ අර ගමේ ලස්සනම ලේලී අපෙ අම්මගෙ ලේලී කියන්නා වගේ.... ජවිපේ ඉන්නා අවංකම ජේවීපී කාරයා බව ඕනැම එකෙක් පිලිගන්නා කරුණකිය. ලාල් කන බොන වගේම අනෙක් වැඩවලටත් ලෝස් බෝස් නැති හිත හොඳ කොල්ලාය. ලාල් දෙබිඩ්ඩෙක් නොවේය. ලාල් කියන්නේ ඇත්තය. 88/89 ඒවා... එයාලා කළ බව සියල්ලන්ටම කලින් පිලිගත්තේ උන්නැහේය. ඒ ඔහු ළඟ බොරුව නැති නිසාය.


ලාල් සඕදරයා ජවිපේ දේශපාලන බල මණ්ඩලයේද ප්‍රභල සාමාජිකයෙකිය. එතකොට ලාල් සඕදරයාගේ මෙන්ම දේශපාලන බල මණ්ඩලයේ ඉන්න අනෙක් සාමාජිකයින්ගේ ප්‍රකාෂයන් අප සුළුකොට තැකිය යුතු නැති අතර, ඒවා අප බාර ගත යුත්තේ බරපතල ප්‍රකාෂ ලෙසය.


මැයි පළමු වෙනිදා ලාල් සඕදරයාගේ ප්‍රකාෂයන් පට්ට සීරියස් ප්‍රකාෂණයන් වෙන්නේ මෙනිසාමය.


එයා කියන්නේ මේ රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටෙයි කියා කීවාට... ඒක නිසි ලෙස ක්‍රියාත්මක නොවනා බවය. එනම් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතනයන් වන විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය එය අපයෝජනය කරනා බවය.


ටිරාන් අලස්ගේ ප්‍රකාෂ වලට ලියුම් පිට ලියුම් ලියා ජිනීවා යනවා යැයි කියනා නීතීඥ සංගමයට මේවා පේන්නේ ඇහෙන්නේ නැත්තේ... උන්නැහේලාත් මේකේ කොටස් කාරයෝ හේතුවෙන්දැයි කියා අප දන්නේ නැතිය.


ඔහුට මෙන්ම... එසේ සිතනා සෑම එකෙකුටම එසේ සිතෙන්නේ... අප කැමති තීන්දූ තීරණ මෙන්ම... අප කැමති නීතී රීතී හා දඩුවම් එම ආයතන වලින් නොලැබෙන නිසාය. එහෙත් ලාල්ට මෙන්ම මේ මතයේ ඉන්නා හැම එකාම නොදන්නා දේ නම්, මේ ආයතන ලෝක සම්මත නීතී රීතී අනුවද ක්‍රියාත්මක විය යුතු බවය.


එහෙත් ලාල් කාන්ත කියන්නේ මේ සිස්ටම් එක හරියන්නේ නෑ කියලාය. ඒ අනුව 


▪️වරදකරුවන් මොකාද යන්න තීරණය කිරීම

▪️නඩු ඇසීම

▪️තීන්දූ හා දඬුවම් දීම


යන ලෝක සම්මත නීතී ක්‍රියාත්මක කරනායතන වන පොලීසීය... පාර්ලිමේන්තුව... උසාවීය... අධිකරණ.. හා බන්ධනාගාර තව දුරටත් අත්‍යාවශ්‍ය නොවනාතර.....


රටේ නීතිය වන්නේ 88/89 කළාක් මෙන්... නඩු ඇසීමකින් තොරව.. ගමේ ජනතාව විසින් ගන්නා තීන්දු තීරණ ප්‍රකාරව... වරදකරුවන්ගේ නිවෙස් වලට පැන ඔවුන් කුදලාගෙන ගොස්... බෙල්ල කපා වැටේ ගසා මිනීය දනිහෙන් පහළ ගෙන ගොස් වල දැමීම.... රටේ නීතිය වන බවය.


අපටත් මෙම උසාවිවල රැකියාවක් ලබාගෙන ජීවත් වීමේ අවස්ථාවක් නැති බව අප අවබෝධ කරගෙන ඇත්තේ, අපටද අත්වන්නේ ඒ ඉරණමම බව.... දැනටමත් ලාල් අයියාගේ හා චතුරංග අබේසිංහගේ අනුගාමිකයින් විසින් තීන්දු කර... කොමෙන්ට්ස් ලෙසින් අප වෙත දැනටමත් ප්‍රකාෂ කර ඇති බැවිනි. 


ඊට හේතුව වන්නේ අප ඔවුන්ගේ පක්ෂයේ මතයන්ට එරෙහි දේශපාලනයක නිරත වීමය. ඒ අනුව ලාල් සඕදරයා කියන්නැහේ.... බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නට බැරිය. කොහොමත් එයාලා ආවාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔවුන්ගේ පාලනයක් ගෙනයන බව කියනවා මිසක. නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සඳගනක් ඇත්තේම නැතිය.


කොහිමත් ඒ සර්වජන චන්ද බලයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේද අවසානයය. ඔවුන් පට්ට සමාජවාදීන් බවත් ඔවුන් විසින් ගෙනයන්නේ සමාජවාදී පාලනයක් බවත් ටිල්වින් සිල්වා සඕදරයා සපත කොට අවසානය.


එබැවින් අනුර කුමාරයා බලයට පැමිණි විගස පාර්ලිමේන්තුව විසිරුවා හැර.... මුන්නැහේලා නටන්නට යන්නේ... 1977 ජේ ආර් බලයට පැමිණ පොලීසියට සතියක් නිවාඩූ දී සහ... 1983 කළ ජාතිවාදී සංහාරයන් වලින් ඉදිරියට ගොස්,


පොලීසියට පමණක් නොව... උසාවි හා අධිකරණ සම්පූර්ණයෙන්ම වසා දමා.... 1988/89 ජවිපේ අධිකරණ ක්‍රියාදාමය රජකරනා... පොල්පොට් පාලනයක් බව... ඒකාන්තයෙන්ම විශ්වාසය.


එවන් පාලනයකට ජනතාව හා අනෙකුත් දේශපාලන පක්ෂවල හාල්පාරුවෝද කැමති නම්, අපට කරන්නට දෙයක් ඇත්තේත් නැතිය.


ඒ වගත් මෙසේය.....

.

Jan 29, 2023

කවුරු මොනවා කිව්වත්..




 කවුරු මොනවා කිව්වත්..

➖➖➖➖➖➖🔴➖➖


විවෘත ආර්ථිකය පටන් ගත්තයින් පස්සේ ගමෙන් ගොඩ ආපු ජෙනරේෂන් එකේ දරුවෝ එනවා 1998/99 පස්සෙ කොළඹ අවට ප්‍රදේශවලට, 


ඒ කියන්නේ කොළබ 1 -15 න් එහා බස්නාහිර පලාත තුලට සංක්‍රමණය වූ.. ඔවුන් ගමේ ගිහින් කියන්නේ කොළඹ ඉන්නේ කියලා..


හැබයි ඉන්නේ හයි ලෙවල් රෝඩ් එකේ අවිස්සාවේල්ලට යනකන්... පර්චර් 10 ක් 8 ක් අරගෙන ගෙයක් හදාගෙන.. ඉන්දියන් කාර් ඉන්දියන් බයික් එකක් හෙම තියාගෙන... 


මේ ඇවිල්ලා මධ්‍යම පන්තියට අලුතෙන්ම එකතු වෙච්චි පහළම ස්ථරය... අති බහුතරය උගත් යැයි සම්මත රාජ්‍ය සේවකයින්...


මෙයාලගේ දරුවෝ අති බහුතරයක් ඉන්නවා සමාජ මාධ්‍ය තුල... මේ පිරිස තමා අරගලය කරෙත්... ඇත්තටම මෙයාලා 2000 න් පස්සෙ දරුවෝ... 


මෙන්න මේ අයගේ දෙමව්පියන් හා මේ අයගේ චන්දවලින් විශාල ප්‍රතිශතයක් ජජබයට අනිවාර්‍යයෙන් ලැබෙනවා...


ඒ ඇයි?... එයාලට තියෙනවා එයාලට ඉහළ පන්තිය හා තදබල ඉරිසියාවක් හා වෛරයක්... ඔවුන් තාමත් ග්‍රාම්‍යයි.. බොහෝ අය කුලයෙන් අඩුයි... ඔවුන්ට රදල, ගොයිගම, කරාව කියන කුල එක්ක වෛරයකුත් තියෙනවා... ඒක තියෙන්නේ ජාන වල.. ඒක හරියට ද්‍රවිඩ හා සිංහළ අයට උපතින්ම එකිනෙකා කෙරෙයි වෛර කිරීමට පිහිටන ජානයට සමාන ජානයක්..


ඔවුන් තමයි.. සමාජ මාධ්‍යවල අශූචී භක්ෂණය පිලිබඳ හා කුණුහබ්බ කෙලිමේ විශාරදයෝ.. 


මොවුන්ට පර්සනැලටියක් නෑ.. තනියෙන් හම්බ වුනොත් මූණ බලලා කතා කිරීමේ ශක්තියක් නෑ.. සමාජශීලී නෑ.. කන්නේ බොන්නේ නෑ... 


හැබයි මොබ් වශයෙන් එකතු වුනාම අති අමානුෂිකයි මිලේච්ඡයි.. ගෝල්ෆේස් එකේ අරගල කල උන්ට මුලින්ම ගහන්නෙත්.... ඊට පස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වී... මිනිසුන් මරා දමා... නිරුවත් කර පහරදී... නිවෙස් දේපල වහාන ගිනි තබා විනාශ කලේ සහ ඔවුන් හා එකතු වූයේ ඒ පිරිස..


හොඳින් අධ්‍යයනය කලහොත් රෝයල් තෝමියන් බිග් මැච් එකේ ගහමරාගන්නෙත් මෙවන් පිරිස් බව ඒ පාසල්වලට ගිය අයට අවබෝධ වෙයි.


ඝෝඨා එලෙව්වයින් පස්සේ මේ අයට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ට බලය අරගෙන ඉහළ පන්තියෙන් පලිගන්න පුලුවන් කියලා.. ජවිපේ උප්පත්තියේ සිටම තේමා පාඨයත් එයයි..


මුලින් මේ පිරිස පෙරටුගාමින් පසුපස ගියත් වසන්ත මුදලිගේ සිරගත වීමත් ඔවුන්ගේ පසුගාමී උද්දච්ඡ දේශපාලන හැසීරීම නිසාත්, ජේවීපි එකට පුලුවන් වෙලා තියෙනවා ඉතා ආකර්ෂණීය ලෙස ඔවුන් තම ග්‍රහණයට ගන්න...


ඒ නිසා චන්දය තිබ්බොත්  මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණයක් ජවිපෙට අලුතෙන් එකතු වීම කාටවත් වලක්වන්න බෑ.. 


අනික මොවුන් අනිවාර්‍යයෙන් චන්ද පොලට යන එක යනවා... ඒ නිසා චන්ද ප්‍රතිශතයත් තුන් ගුණයකින් උනත් වැඩි වෙන්න ඉඩ තියෙනවා...


මේක විශේෂයෙන් සජිත් ජලනි බලවේගයටත් පෝට්ටු බයියන්ටත්, රිසාල්ට් එකටත්.... විශාල බලපෑමක් වේවී. අලියට නම් ඇපත් නෑ. උසස් පෙල පාඩම් කරන දරුවන්ට ලයිට් දෙන්න බැරි විධායකයකට චන්දෙ දෙන්න මිනිස්සුන්ට පිස්සුයෑ....

.

Jan 20, 2023

CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම අනතුරුදායකය

 


CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම

අනතුරුදායකය

➖➖➖⭕➖➖


Chathuranga Abeysinghe කියන්නේ, පැතුම් කර්නර්, රසික ජයකොඩි, මිලින්ද රාජපක්ෂ වගේ ඊළඟ ජෙනරේසොන් එකේ නායකයෝ. 


උන් ඔක්කොම ටැලන්ටඩ් උගත් පොරවල්. හොඳ පර්සනැලටියකුත් හැම එකාටම තියෙනවා. හැබයි එයාලා බුකි දේශපාලනයෙන් හෙවත් සයිබර් දේශපාලනයෙන් එහා දැක්මක් ඇති අය නෙමෙයි. 


ජාතික තලයෙදි මෙයාලව දන්නෙම නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මෙයාලට වඩා රැට්ටා, සේපාල්, විනීලා වගේ අය දන්නවා.


මෙතනදි ගොඩක් පරෙස්සම් වෙන්න ඕන කෙනෙක් තමා චතුරංග අබේසිංහ, මොකෝ එයා ඉන්නේ අමුතු පක්ෂයක. ඔය පක්ෂයෙන් ඉදිරිපත් වුන Nirupa Serasingha ට හා Wimal Ketipearachchi ට මම කියපු අනාවැකිය ලෙසටම හරි ගියා.


එයාලා අලුත් අයට පිම්බෙන්න දෙන්නේ නෑ. කෙලින්ම කපනවා. නිරූපා මේක ප්‍රසිද්ධියේම කිව්වා. කැටිපේ ඊට වඩා මානුෂිකයි. ඌ කලාකාරයෙක් නේ. 


චතුරංගගේ ගමන සීඝ්‍රගාමී වැඩියි. මම දන්නේ නෑ ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙච්චි එයාගේ තාත්තගෙ උපදෙස් මත මේ දේ කරනවද නැද්ද කියලා. හැබයි චතුරංග නමක් හදාගත් නිසා පොරට දැන් ප්ලේස් එකක් තියෙනවා. ඒ නිසා සේපාල් වගේ කුණු කූඩෙට විසිකරලා දාන්නත් ලේසි නෑ.


ඒ කෙසේ වෙතත්, ලාංකීය ප්‍රදර්ශනාත්මක ගෝත්‍රික උගතුන්ට තමන්ගේ තම්මැට්ටම ගැසීම සඳහා මෙය මහඟු අවස්ථාවක් කරගෙන තියෙන බවක් බුකිය දිහා බැලුවම පැහැදිලිව පේනවා. ඒ රෝගය හෙවත් කැපී පෙනීම ගෝත්‍රික සමාජයක සාමාන්‍ය ලක්ෂණයක්. අලුත් දෙයක් නෙමෙයි.


ඊයේ සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යද යන මැයෙන් පැවති zoom ෆෝරම් එකකදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය ආචාර්‍ය චරිද දිසානායකයන් කිව්වේ, දරුවන්ගේ විභාග ප්‍රතිපලය පවා ෆේස්බුක් දැමීම නොදියුණු සමාජයක නොදැණුවත්කම මත කරනා තුට්ටු දෙකේ වැඩක් කියලා, ඒ තියා දරුවෝ අවුරුදු 20 වගේ වෙනකන් දරුවන්ගේ ෆොටෝ එකක් දෙමව්පියෝ දාන්නේ නෑ කියලා. මේකට ඔට්ටේලියාවේ ඉන්න උන් සාක්කි දරයි. 


එහේ එහෙම තියෙද්දි, තමන්ගේ බයෝ ඩේටා එක ෆේස්බුක් එකේ දාන එක අමු මොන්ටිසෝරි වැඩක් බව දියුණු සමාජයක ඕනෑම එකෙකුට අවබෝධ වෙනවා. සම-හරක් කියයි, මේවා අපි ලියන්නේ අපට ප්‍රදර්ශනය කිරීමට දෙයක් නැති නිසාය කියලා..


එවන් අයට මාතලන්ට කියන්න තියෙන්නේ, මගේ හිතවතුන් වන ආචාර්‍ය මහාචාර්‍යවරුන් බුකියට එන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස බවත්, තමන්ගේ පැටිකිරිය අප විසින් සඳහන් කරනවාටවත් උන් කැමති නැතෙයි කියලා.


උගත් කම කියන්නේ අන්න ඒකට.

.

Oct 12, 2022

චන්ද ඉල්ලන හිඟන්නට කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

 


චන්ද ඉල්ලන හිඟන්නට

කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


පොඩි පොඩි පක්ෂ හඳාගෙන මහ පක්ෂ හා සංධානගතවන ඕනම එකෙකුට මාතලන් කියන්නේ දේශපාලන හිඟන්නෝ කියලාය.

තමන්ගේ පක්ෂයට අතින් කයිට් කරගෙන, ඉක පුරාගෙන, පෙරුම් පුරාගෙන වැඩ කරන උන් කපා දමා, අර හිඟන්නන්ට නොමිනේෂන් දෙන මහ පක්ෂවල නායකයින්ට මාතලන් එදා සිටම කියන්නේ දේශපාලන බූතයි හාරුවෝ කියලාය.

මේ වැඩෙන් නොම්මර එකටම ඇරගත්ත උන්නැහේ මහින්ද රාජපක්ෂය. හිඟන සෙට්ටෙක මේ සැරේ උන්නැහේට ඇරිය ඇරිල්ලෙන්වත් උන්නැහේ පාඩමක් ඉඟෙන ගත්තාදැයි කියන්නට අප දන්නේ නැතිය. තමන්ට නොමිනේෂන් දුන් එකාට ගෙදර යන්නෙයි කියන්න තරම් උන් ගුණමකුවෝ වීය.

මුලින්ම මහින්දට හා පෝට්ටු බයියන්ට ඇරියේ නැගී එන ගායකයකු වන විමල් වීරවංශ උන්නැහේය. විමල් තනියෙන් ඉල්ලුවත් චන්ද ලක්ෂයක පමණ බේස් එකක් ඇතත්, පොරගේ නැට්ටේ එල්ලී දිවියලෝකේ යන්න ගිය ගම්මන්පිල හා වාසූට චන්ද 1000 ක් ගන්න පුලුවන් නම්, ඒක ගිනස් පොතේ ලියවෙන වාර්ථාවක් වනු ඇත්තේය. අනෙක් උන් මිනිස්සු  දන්නේත් නැති හිඟන හාල්පාරුවෝය.

ආතක් පාතක් නැතිව හිඳ, මහින්දගේම හිත හොඳ කම නිසාම නොමිනේෂන් ලැබුන කෙලෙහිගුණ නොදත් පොලොන්නරු පොලොවෙන් මතු වූ පොළොන් හිඟන්නා, ‍රාජපක්ෂලාට උකුසු ප්‍රහාර එල්ල කරන්න ගියත්, කපුටා කොටපු කෙටිල්ලට පොරට ඉතිරි වූයේ ඔල්මොරොන්දම් උකුස්සා හා රිලවෙක් පමණි.

ඊළඟට මහින්දට ඇරියේ මාතර කාළගෝලයා හෙවත් ඩලස් කොට්ටෝරුවාය. රටේ ජනාධිපති කමට ඉල්ලපු එකා තම ගමටවත් වැඩක් කරපු නැති එකෙක්‍ය. අදටත් ඒ ගමේ උන් ටවුමට එන්නේ ලොරි භාගේ නැගලාය.

පොරගේ නැට්ටේ එල්ලි අගමැති වෙන්න ගිය ජී ඇල් පීරිස් කියන්නේ නොම්මර එකේ අපතයෙකි. අනෙක් වියත්තු ගැන යුනිකෝඩ් නාස්ති කරන එකත් අපරාධයකි. ඕකුන් එකෙකුටවත් චන්ද 100 ක් ලැබුනොත් ලෝක විනාශය වුවත් සිඳු වීමට ඉඩ ඇත්තේය. උන්ට නොමිනේෂන් දෙන උන්ගේ මොළේ ඉස්කෑන් කර ගන්නවා නම් බොහෝ හොඳය.

දැන් චන්දයක් ඉල්ලන්නේ මේ හාල්පාරුවෝ පිරිසය, තාම ඩෝප් නිසා විමල් වීරවංශ ඊයේ රැස්වීමට ආවේ නැතිය. මේ හිඟන සෙට්ටෙකට අමතරව උන්නේ 43 බ්‍රිගේඩ් එකේ කමඩාන් පාඨලී පමණි. මනෝ ගනේෂන් ඕන තැනක ඉන්න පොරකි.

ඔය එකෙකුටවත්, සජිත්ගෙන් කිසි දිනෙක නොමිනේෂන් ලැබෙන්නේ නැතිය. මොකෝ සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාය. රනිල් ප්‍රමුඛ පින්නවල අනාථාගාරේ අනාථ අලින්ට පිහිටට ඉන්නේ පෝට්ටු බයියෝ නිසා එයාලා එක්ක යන්නත් බැරිය.

උන්ට රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවේ ලිස්ට් එකට එන්නත් බැරි අතර, පෝට්ටු බයියන්ට රෙද්දක් ඇඳගෙන අරුන් ආයේ දාගන්නත් පුපේ අමාරුවක් ඇතයි කියා මාතලන් හිතන්නේ නැතිය. එමෙන්ම නාමල් රාජපක්ෂ, අප්පච්චි කෑ පරිප්පු හා කළ 🐄 වැඩ කරන්න යයි කියා හිතන්නේත් නැතිය.

ඒ නිසා දැන් පෝට්ටු බයියෝ කළ යුත්තේ වහාම චන්දයක් තියැන්නයි කියා රනිල්ට බල කිරීමය. එවිට පෝට්ටු බයියන්ගේ නැවත නැගිටීමේ වැඩ සටහනට වටිනා කමක්ද එකතුවන අතර,

රංගේ බංඩාරලාගේ කටවල් වැසී, මේ දේශපාලන හිඟන්නන්ට අත්වන ඉරණමද උන්ටම බලා ගැන්මට ලැබෙනු ඇත්තේය.

එමෙන්ම ජාත්‍යන්තරයට හා අපේ උන්ටද, රටේ ජනමතය ගැන වැටහීමක් ලැබෙනු ඇත්තේය.


ඒ වගත් මෙසේය.....

.