.

.
Showing posts with label Guerrilla Marketing. Show all posts
Showing posts with label Guerrilla Marketing. Show all posts

May 31, 2013

රනිල්ගේ අළුත් ව්‍යවස්ථාව - New Constitution from UNP

 
එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් බිහිකිරීම සඳහා මූලික පියවරක් ගෙන තිබීම, ඉමහත් සතුටට කාරණයක්ය. මාතලන්, "ගරිල්ලා මාකටින්" ලියමින් කියුවේ, ( "Label" යටතේ ඇති, "Guerrilla Marketing" ක්ලික් කිරීමෙන්, එම ලිපි වලට යොමු විය හැක.) අළුත් දෙයක් නොමැතිනම් එජාපයට බලය ලබා ගැනීම සිහිනයක්ම පමණක් වන බවයි. කෙසේ වෙතත් මාදුළුවාවේ සෝභිත හිමියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ එය සමාජයේ කතිකාවට භාජනය වීම, එජාපයේ ඇස් ඇරවීමටද සමත් විය. රටේ බලවත් ප්‍රශ්න තිබියදි, ගව ඝාතනය වැනි මෝඩ ජනප්‍රිය මතවාද වෙනුවෙන් තලේබාන් ක්‍රමයේ සියදිවිනසා ගැනීම් වල යෙදෙන කලක, රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම ගැන සෝභිත හිමියන්ට අපගේ ගෞරවය හිමිවිය යුතුමය.

Apr 9, 2013

පාට පාට රැලි, බෙල්ලෙ රැලි හා වැරහැලි - The Best Job in the Island


ගරිල්ලා මාකටින් ලියන්න ගත්තයින් පස්සෙ දැන් අලි පාටියත් අළුත් ව්‍යවස්ථාවක ගේන්න යෝජනා කරලාය. සෝභිත හාමුදුරුවෝත් අළුත් එකක් ගෙනල්ලාය. ඒක අළුත් එකක් කිව්වාට ගැමෆෝන් එකකටත් වඩා පරණ බයිලා තැටියක්ය. ඕක කීප සැරයක්ම ගෙනාවාට. බලේට ආවයින් පස්සෙ එහෙම තැටියක් තිබුනාදැයි කියාවත් මතක නැත. විධායකේ අහෝසි කරනවා කියා රනිල් ළොකු අයියාටත් පොරොන්දුවක් දීලා ඇවිල්ලාය. එයාට පොරොන්දු දෙන එකනම් අපේ හරක්ට පොරොන්දු දෙනවා වගේ නෙමේය. මහින්ද මහත්තයාත් ජහමනයාට දෙන දිරච්ච ලනු ඉන්දියාවට දෙන්න ගිහින් අද කඹ රෙන්න වෙලා තියෙනවාය.

Apr 1, 2013

පිනා පොලිටික්කෝ - Politics as a Job


ජෙයලලිතා නෝනා ගැන කියවන්න, ජාලේ සැරිසරන අතරේ, අපූරු පොටෝ එකක් හම්බ උනේය. ඒක රනිල්ගේ ගරිල්ලා මාකටින් ගැන මීළඟට මම ලියන්න යන කොටසට නියමාකාරයෙන්ම ගැපෙන්නේය. මම කියන්නේ කිමක්දැයි පොටෝ එක බැලුවාම ඔහේලාට තේරෙනවා ඇතිය. මේ සැරේ ලියන්න යන්නේ අපේ හතර වරම් ඡන්දෙන් පත් වෙන පිනාලා සෙට් එක ගැනය. පිනා කියන්නේ පිනට ජීවත් වෙන එකාටය. අපි ඉස්ස ඉස්සෙල්ලාම පිනා ගැන දැන ගත්තේ මුවන්පැලැස්සෙන්ය. මුවන් පැලැස්ස කියන්නේ ගුවන් විදුලි නාට්ටියක්ය.

Mar 25, 2013

ඉන්දියාවේ බබා. හදන්නලු ඔබා.. - America Warns Sri Lanka


(රනිල්ගේ ගරිල්ලා මාකටින් යටතේ ලියා තිබු මේ ළිපියේ මාතෘකාව කාලානූරූපිව වෙනස් කරණ ලදි.)

රනිල්ගේ ගරිල්ලා මාකටින් ළිපි පෙල හිතුවාට වඩා කතාබහට ලක්වි තිබෙනවා දැක්කාම සතුටක් දැනෙන්නේ නැතයි කීවොත් අමු කෙප්පයක්ය. උදිතත් ඊට සමගාමීව, තිරිකුනාමලේට හයි වේ එකක් හදන්න යනවාය. මොන කෙං ගෙඩියකටදැයි කියා තවම නම් කීවේ නැත. ගරිල්ලා මාකටින් වල කතා කොරන්න හිතාගෙන උන්නේ. අපේ දේශපාළන සංස්කුරුතිය 78 ව්‍යවස්තාවෙන් උඩු යටිකුරු කල නිසා, අද ඇතිවී තිබෙන කාළකන්නි තත්වයයි. එහෙත්, කලින් ඒවාවල කතා බහට ලක්වු මැතිවරණ කොරොමේ ගැන මුලින්ම ලියලා දමනවාය.

Mar 17, 2013

ජේ ආර් මරමු...!!! - Say No to Executive Presidency ..?



ගරිල්ලා මාකටින් ගැන ලියලා, මාතලන් කිව්වේ, මේ සිස්ටම් එකත් එක්ක ඇවිල්ලා නම්, රනිල්ට කවදාවත් බලේට එන්න ලැබෙන්නේ නෑ කියලාය. අනික දැන් දැන් 18 සන්සෝදනේ නිසා, වෙන එකෙකුට එන්න බැරි වෙන විදියට, වැඩේ සෙට් කරලා ඉවරය. 18 ට විරුද්ධව, විපස්සයක් හැටියට, එදා දැනෙන යමක් නොකලාක් මෙන්ම, අත් දෙකම උස්සලා උඩ පැන්න උන්ට, දෙලෝ රත් වෙලා තියෙන්නේ, වැඩි කල් යන්න ඉස්සර බිම අත අරින කොට, පුකවල් ඇනෙන්න පටන් අරන් තියෙන නිසාය.ඇත්තටම මේක තනතුරේ වැරැද්දක්ද, නොඑසේනම් ජනතා නියෝජිතයෝ කියනා උන්ගේ, කොඳු නාරටිවල ප්‍රශ්නයක්ද කියා සිතෙන්නේ. මොන ප්‍රශ්ණ තිබුනත්, හේමකුමාරයාලා වගේ ඒවුනුත් ඉන්න නිසාය.

Mar 6, 2013

රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe




අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් දෙනෙක්ය. දානෙත් විශාකා සිටු දියණියගේ එකට පරදින්න දුන්නත්, ඒකටත් සෙනග උන්නේ නැතිය. බාප්පාට ගරිල්ලා මාකටින් කියලා දුන්නේ මාතලන් පුතාය.