.

.
Showing posts with label Harsha De Silva. Show all posts
Showing posts with label Harsha De Silva. Show all posts

Jul 5, 2022

IMF කියලා තියෙන්නේ මොකක්ද? අපේ උන් ඒවා හෙලි නොකරන්නේ ඇයි? අපේ උන්ට ඒවා කරන්න පුලුවන්ද?

 

IMF එක කියලා තියෙන්නෙත් රෝන්ග් ජෙනරේෂන් එක කියපු එකමයි.


ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනෙක.


ඊයේ පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා මේක කිව්වා. IMF Reforms කරන්න නම් ඔක්කොම පක්ෂ එකතු වෙන්න ඕනෙයි කියනෙක. ඒ කියන්නේ ඔක්කෝම පක්ෂ ඉන්න ආන්ඩුවක්. ඇත්තටම මුන් එහෙම එකක් ඉල්ලන්නේ රිෆෝර්ම්ස් කරන්නද? සංසාරෙදි කරන්න වෙන්නේ නෑ. උන්ට ඕන ඇමතිකමක් ගන්න විතරයි.


මේ බයිලා ගහන්නේ, ඊයේ පෙරේදා සපුගස්කන්ද පෞද්ගලීකරණය කරන්න යනවට ඒකට ජීවීතේට ඉඩ දෙන්නේ නෑ කියපු, සිරිසේන කියන පිස්සත් එක්ක රජයක් පිහිටුවන්න යන බූරුවෙක්ගේ ආන්ඩුවක මුදල් ඇමති.


මේ රටේ ජාතික ආදායම ආන්ඩුවේ උන්ගේ පඩි හා විශ්‍රාමය ගෙවන්නයි, ණය ගෙවන්නයි මදි කියලා ඊයෙත් බන්ධුල ආචාරියා කිව්වා.


IMF වල ප්‍රධාන යෝජනාවක් වෙන්නේ මේ පාඩු ලබන ආයතන ගැන මොනවා හරි කරන්න කියලා විතරක් නෙමෙයි. ඒවයෙ තියෙන අදට නොගැලපෙන AR & FR පවා වෙනස් කරන්නෙයි කියලා. කොටින්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කල යුතුයි කියලයි. ඒ කියන්නේ නීතිය පවා වෙනස් කරන්න වෙනවා.


කොටින්ම තව අවුරුදු 15 කින් එන ලෝකයට යන දරුවට තාම උගන්වන්නේ සුද්දගෙ සිලබස්.


අපේ AR & FR කියන ඒවා තියෙන්නේ දෙයක් කරන්න නෙමෙයි, නොකර ඉන්න. මේ අර්බුධය අස්සෙත් වැඩ වර්ජන කරන 1/4 කන්නි ඉන්න රාජ්‍ය සේවයක් ගැන කවර කතාද?


තෙල් ගේන වැඩේ කරන්න නිළධාරීන් 400 ක් ඉන්නවලු, උන් කරන්නේ තෙල් ගේන නැවත් හරවලා යවන එක. මෙච්චර සේවකයෝ ඉන්න පෙට්‍රෝලියම් එකේ ඉරිදට නිවාඩු. තෙල් බෙදාහැරීම නෑ. ඔය ඉන්න සේවක කන්දරාවෙන් ෂිෆ්ට් ක්‍රමයට පැය 24 ම සේවය දෙන්න පුලුවන්.


විදුලිබල මණ්ඩලයේ ඉඦිනේරුවෝ 2015 ඉඳන් එක වොට් එකක් ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා නැතිව විතරක් නෙමෙයි. තමන්ගේ වියදමෙන් කොම්පැනියකින් සෝලා පැනල් එකක් සවිකරගන්න පාරිභෝගිකයට, ඒකට අවසර දෙන්නෙත් නෑ. ඒ උන්ගේ ඩීසල් මාෆියාව රැකගන්න.


ජාතික සම්පතක් කියන ශ්‍රී ලන්කට් ගුවන් සේවය වසරකට බිලියන 60 ක් පාඩුයි. තෙල් සංස්ථාවත් එහෙමයි. එක ඇරොප්ලේන් එකකට සේවකයෝ 270 යි. ලංගම බස්සෙකේ තත්තෙත් එහෙමයි. 


මේවා තියාගෙන ඉන්නේ ඒ ඒ ආන්ඩුවේ හෙංචයියන්ට රැකියා දෙන්න. කොටින්ම අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. ඉතින් මේ එකක්වත්, ඔය එකෙක්වත් ප්‍රතිව්‍යූහගතකරන්නේ නෑ.


ලංගම හා කෝච්චි අනික. ඒත් මේ සියල්ලම අධික ලාබ ලබන්න පුලුවන් බිස්නස්. ඒත මේවා රන් කරන්නෙ සමාජවාදී රටවල වගේ ආන්ඩුවෙන්. ඉතින් සංසාරෙදි මේ ආයතන ලාබ ලබන්නේ නෑ. හොරකම දූෂණය නාස්තිය රජකරන හොර ගුහාවල.


අනික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සත පහක වැඩක් ඇති තැනක්ද? සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. පර්‍යේෂණාගාර ඕන නම් විස්ස විජ්ජාලවලට අනුබද්ද කරන්න පුලුවන්.


කවුරු හරි කියනවා නම්, මේ 225 එලෙව්වාම මේක හරියනවා කියලා, මාතලන්ට නම් ඒ අමණයන්ට කියන්න තියෙන්නේ ඒ ආතල්ලෙකේ ජීවත් වෙයල්ලා. හැබයි අපි ඉස්සර ඉඳන් කියන, දැන් IMF ඇවිත් කියන ඔය රිෆෝම්ස් කරනකන් මේ රට ගොඩයෑම බොරු කියලා.


ඕවත් රැකගෙන කරනවා නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයයි. මම හිතන්න IMF එකත් පුච පෙන්නලා ගිය වෙලේ කස්ටිය කරන්න යන්නේ ඒක. ඒ තමයි බැසිල් මෙතඩ් එක.


එක්කෝ ඒක කරන්න ඕන. නැත්නම් IMF කියන දේ කරන්නෝන. මතක තියාගනිල්ලා මොකා ආවත් ඔය එනවයි කියන නැව් ටිකට ගෙවන්නවත් ආන්ඩුවට සල්ලි නෑ.


අනුර කුමාරයා නෙමෙයි, ප්‍රේමදාස කුමාරයා තියා රාජපක්ෂ කුමාරයා ආවත්, ඔය සිස්ටම් දෙකෙන් එකක් නොකර, නන්දලාල්ලගෙ කුමාරස්වාමිලගෙ ඉකොනමි තියා ලෝක බැංකුවේ ඉකොනමි තියරි වලින්වත් මේ රට ගොඩගැනිලි බොරු.


ඒ වගත් මෙසේය.....


.

Apr 8, 2016

හර්ෂ ලොක්කා... නියමයි... ඔහොම යං.. - Harsha... Great Job man...!




හර්ෂ ලොක්කා ඉලක්ක කොට ලියන දෙවන ළිපියයි මේ. පළවන එක ලිව්වේ ලොක්කා කරපු පිස්සු වැඩක් ගැනය. ඒ නිදහස් චතුරශ්‍රයේ ගොන් පාට් එක ගැනය. මේක ලියන්නේ ලොක්කා, අගය කරන්නටය. ලොක්කා කිව්වාට, ලොක්කාවත්, අනික් උන්වත්, අවුල් වෙන්න ඕනා නැතිය. උන්නැහේගේ බුකියේ කොමෙන්ට් දැම්මත්, මාතලන් දාන්නේ, ලොක්කා කියලාය. මේ කවුරුත් අපි නියෝජනය කොරන්න යවපු අය නිසා උතුමානෝලා නෙමේය. තුමාලා නෙමේය. සිරිමතානෝලා නෙමේය. සෑර්ලා නෙමේය. සහෝදරයෝත් නේමය. එහෙම වෙන්න කොහොමටත් බැරිය. මොකෝ අපි එක අම්මාගේ බඩෙන් ආපු උන් නේමය. ලොක්කා කියන්නේ රැස්පෙක්ට් එකටය. මහත්තයා කියනවා වෙනුවටය.