.

.

Dec 28, 2021

සජිත්, මත්තල , රනිල් හා දේශපාලනයේ තුච්ඡ කුල බේදය...

 


ජාති බේද ආගම් බේද නැතයි කියා පඩ ෂෝ දමනා උන් පවා තවමත් කුල බේදය හිස් මුදුනින්ම පිලිගන්නා උන් බවට හොඳම උදාහරණය මංගල සමරවීරය ..

එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි....

කුල බේදය සෑම පක්ෂයක් තුලම පවතිනවාක් මෙන්ම සංඝ සමාජය තුල විශේෂයෙන්ද, ඇකඩමික් හා ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිස අතර සංවිධාන ලෙසද, පාසල් පන්ති ඉයර් ගෲප් මෙන්ම ප්‍රසිද්ධියේ නොව රහසේ ක්‍රියාත්මක වන්නේය.

ප්‍රභූ පන්තියට සීමා වී තිබු දේශපාලනයේ ඉහළ තනතුරු සුපිරි පන්තියට හා ඉහළ කුලයට දැනෙන සේ කුඩුකර දමන්නේ රණසිංහ ප්‍රේමදාසය.

දැන් ඔහුගේ පුත්‍රයා හෙවත් පුතානෝ හෙවත් සජිත් ප්‍රේමදාස මතු කරන්නේද මේ ගැටළුවේම එක් සිඳුවීමක්‍මය.

සජිත් කියන්නේ, රනිල් මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කළේ සජිත්ට කෙලින්නටෙයි කියලාය. මෙය සජිත් මතු කරනා තෙක් කිසිඳු දේශපාලන විචාරකයකුගේ සෙන්ස් එකට අහු නොවූ කාරනයක්‍ය.

කතාව ඇත්තය. සජිත් උන්නේ හම්බන්තොටය. රනිල් හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය මුලුමනින්ම නවතා දැමුවා පමණක් නොව, හම්බන්තොට වරාය චීනයට විකුණා දමා ඒ ආශ්‍රිතව බිහිවීමට තිබූ දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියටද තිත තැබුවේය.

එය යහපාලන යුගයේ සාර්ථකව නිමා වූවානම් හයිලයිට් වෙන්නේ, සිරිසේනවත්, රනිල්වත් නොව සජිත් ප්‍රේමදාසය.

මේවා බොහෝ විට රනිල්ගේ හොඳම යාලුවා වූ මහින්දගේ ආශිර්වාදය මෙන්ම අනු දැණුම මත සිඳු වූ දෑ වීමටද බොහෝ ඉඩ තිබෙනවාය.

එපමණක් නොව පක්ෂයේ ඉහළම පුද්ගලයින් කොතෙක් ඉල්ලා සිටියද සජිත්ට එජාපයේ නායකත්වයද ලබා දුන්නේ නැතිය. අවසානයේ  සිඳුවූයේ රනිල්ට මෙන්ම එජාපයටද ඇපත් නැති වීමය.

රනිල්ලා ගේම එතනින් නවතා නැත. දැන් අංචිය අදින්නේ සජිත් රටේ නායකයා ලෙස පත්වීම කෙසේ හෝ නවතා දැමීමටය.

කිසියම් දිනෙක සජිත් බලයට පත් වුවහොත් ඒ බලයට එන්නේ රණසිංහ ප්‍රේමදාසටත් එහා ගිය ඒකාධිපති පාලකයෙක් බව දැනටමත් ඔහුගේ දේශපාලන භූමිකාව තුල පෙන්වා අවසානය.

ඉහළ කුලවල උන්ට ඉන්න වෙන්නේ පිලේ බංකුවේය. මෙය අවබෝධ කරගෙන ඇති රනිල්ලා චන්ද්‍රිකාලා පාඨලීලා සජිත්ගේ චන්ද කැඩීමට සිරිසේන වැනි අපතයන් සමඟ පමණක් නොව, ජෙප්පන් හා එක්වීමට වුවද සූදානම් බව දැන් පැහැදිලිවම පෙනේ..

සජිත්ගේ ශ්‍රී මුඛයෙන් පිටවූයේ ඒ අවබෝධයේ වේදනාවය..


ඒ වගත් මෙසේය...

Dec 25, 2021

2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

 


2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


අපේ රටේ දේශපාලන පක්ෂ කිසිවකට බලය ලබා ගැනිමේ රුදාවක් මිස රට හැදීමේ ගායක් නැත.


ප්ලෑන් B තබා ප්ලෑන් A එකක්වත් උන්ට නැත.


රට හඳන වැඩ පිලිවෙලවල් කියා මුද්‍රණය කර බෙදන්නේ සුරංගනා කතාම පමණි.


පවතින ගැටලු වලට ඒ එකකවත් විසඳුම් නැත.


කාළකන්නි රාජ්‍ය සේවය, පාඩු ලබන රජයේ ආයතන, අනවශ්‍ය සුබසාධන වලින් ගොඩ ඒම් කිසිවක්ම ඒවායේ නැත...


තියෙන්නේ පෑඩ් එකත් නොමිළේ දෙන හිඟන යෝජනාමය...


එසේ කර බලයට එන්නේ හොරා කෑමටම පමණි.


ඝෝඨාගේ පාලනය තුලද මහා පරිමාණ වංචා අදටත් සිඳු වෙමින් පවති..


සීනී වංචාව, සහල් වංචාව, සුදුළූණූ වචාව, ගූ නැවේ වංචාව, ගෑස් වංචාව එයින් කීපයකි..


නමුත් ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපවත්වාගෙන ගිය හා යන ඉදිරිපෙලේ රටක් ලෙස අපේ රට පත් වූයේ ඝෝඨාගේ තියරි අනුව බව පිලිනොගන්නේ නම් ඌ අමු කුහකයෙක් මිස වෙන කිසිවකු නොවේ...


විපක්ෂය මහ රෑ පන්දම්පාලි නටන්නේ, වින්දනයක් සහිත රැස්වීම් පවත්වන්නේ ඊට පින් සිඳු වන්නටය...


ආන්ඩුව විනාශ කරනා කොඩිවින සිටින්නේ විපක්ෂයේ නොව ආන්ඩුවේමය.


පී බී ජයසුන්දර එයින් හොඳම එකය..

දෙක විමල් වීරවංශ හා පිරිසය..

තුන බෝම්බ සිරා, රිලාසිරි ඇතුලු පිරිසය...


මුන් කොතරම් පච වී ඇතිද යත්, විපක්ෂ බලවේගත් දැනටමත් මුන් ප්‍රතික්ෂේප කර හමාරය...


මේ මුන් සියල්ල එලවා දමා.. විපක්ෂයෙන් එන පිරිස සමඟ.. තමන්ගේ වැඩ බැරි කයිවාරු ඇමතිවරු පවා එලවා දමා...,


තරුණ පිරිස සමඟ ආර්ථික යුද්ධය ජයගැන්මට ඇති හොඳම අවස්ථාවයි...


කොඩිවින සමඟ මැදමුලනම වැනසෙනවාද..


කොඩිවින කපා මැදමුලන මෙන්ම රටම ගොඩගන්නවාද යන තීරණය ඇත්තේ සර්වබලධාරි ඝෝඨාගේ අතේය...


තව ඇත්තේ වසර තුනකි...


ඉදිරි වසර තීරණාත්මකය...


සුභ 2022 වසරක් වේවා...!!!


.

Dec 19, 2021

මුරුත්තේටුවේ පණ බේරාගෙන ගිය එක ළොකු දෙයකි..


 ජේ ආර් මරමු...!!!!


(බම්බුවේ උපාධිය ගැන

අන්තිම පෝස්ට් එක)

➖➖➖➖➖➖➖


ඇත්තටම මට ඒ උසස් අජ්ජාපන ආයතනේ ළදරුවන් තුන් දෙනා ගැන කිසි අහිතක් නෑ.

ඔය වයසෙදි අපි හැසිරුනෙත් එහෙමයි..

එයාලට පාර පනින්නවත් දන්නෙ නැති නිසා රෝඩ් හම්ප් පවා දාලා තිබුනා කාළයක්.. හැබයි මොන්ටිසෝරි ගාව එහෙම නෑ..

ආන්ඩුවට විරුද්ධව ඩෙඟා නටලා උපාධිය අවුරුද ගනන් පස්සට දාගත්තා.

බුද්ධියක් නෑ.

කාගේ හෝ පදේකට නටන රූකඩ.

සිස්ටම් එක කඩාගෙන යන්නේ ඉතා සුළු පිරිසක්.

එහෙම උන් තේරුනත් ඕකට යන්නෙත් නෑ...

හැබයි ඩිග්‍රිය ගන්නවා.

එහෙම ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා..

දේශපාලනය මජරයි කියලා කියන ඔතන ඉන්න අය..

රෙද්ද ඉස්සුවාමත් ඩිග්‍රිය දෙනවා..


මට අවුල තියෙන්නේ, මේක මාර කේස් එකක් කරගෙන, එයින් පිටවුනත් තාමත් කැම්පස් යන පොඩි ළමයි එක්ක..


උන් රට හදන්න යන්නේ මේ වගේ බොලඳ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද?


හෙට මෙයාලා කැම්පස් එක ගිනි තිබ්බොත් ඒකටත් හුරේ දානවද?


88/89 වගේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර  මරලා දැම්මා වගේ මුරුත්තේටුවේට ගේම දුන්නොත් ඒකටත් හුරේ දානවද?


සමහරක් අය මේ ආන්ඩුවෙන් නොයෙක් තනතුරු බලාපොරොත්තුව ඉඳලා ඒවා නොලැබුන නිසා ආන්ඩුව මොකක් කලත් වැරදියි.. 

සමහරුන්ට නානාප්‍රකාර හේතු තියෙනවා.. අපිටත් අවුල් තැන් තියෙනවා... 

සමහරුන්ට රාජපක්ෂලා දිරවන්නෙම නෑ.. 


හැබයි උන් නොදන්න දේ තමා ඔක්කොම ආස රාජපක්ෂලා වෙන්න කියන එක. අවුරුදු පහක් අපි ඒක හොඳට දැක්කා..


දැන් මේ ක්‍රියාව නිසා මුරුත්තේටුවේ අස් වෙලත් නෑ.. අනාගතේ දේශපාලන පත්වීම් දෙන එක නවතින්නෙත් නෑ.. කැම්පස් වල ප්‍රමිතිය හොඳ වෙන්නෙත් නෑ... කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.. සියල්ල සති දෙකෙන් අමතකයි...


මේ පාලනය පිස්සු කෙලිනවා නම්, ඒක චේන්ජ් කරන්න ගෝත්‍රික නොවන ශිෂ්ඨ ක්‍රමයක් මේ රටේ තියෙනවා ඒ තමා සර්ව ජන චන්ද බලය.

සිවිලයිසේසොන් කියන්නේ ඒකට...


මේ වගේ සුළු සුළු ආකාරයෙන් පටන් ගෙන 70 දි, 83 දි, 88/89 දි මේ රටේ ලේ ගංඟා ගැලුවා හොඳටෝම ඇති.


ඒ කාළෙත් මේ වගේ සොෆ්ට් ටාගට් වලට ගැහුවා මිසක්, බිග් ෂොට් වලට ගේම් දෙන්න බැරිව අන්තීමේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකේ අල්ලපු වත්තේ පණ පිටින් බාබෙකිව් උනා..

තනියෙන් නෙමේ... මේ වගේ සහලවලා උණ තිබුණ තරුණ ජීවිත 60,000 ක් එක්ක..


ජේ ආර් මරමු කිව්වට, මැරුවේ ගමේ අහිංසක ග්‍රාමසේවක, ඉස්කෝල මහත්තයා, හාමුදුරුවෝ.. 


මුන්නාන්සෙත් ඒවා කරපු නිසාද මන්දා අද ඒවා මේ ආත්මෙම ලබන්නේ.. 😂😂😂😂

මෙයා ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ තියලා දෙන්නෙක් මැරුවා..

එකෙක් කැම්පස් කොල්ලෙක්..

උගෙ ජීවිතේ ආයේ ගන්න බෑ..

හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..


එතකොට ඒවා විවේචනය කරන කෙනෙක් කොහොමද ...

මේවා උඩ දාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නේ...


මේකට හොඳම උත්තරේ දුන්නේ නිර්මාල් රංජිත් දේවසිරි...


මේක විරෝධතාවයක් නෙමෙයිය.. 

මේක තනිකරම මධ්‍යම පාන්තික හීනමානය ප්‍රදර්ශණය කිරීමය කියලා..


හොඳින් නිරීක්ෂණය කරාම බුකියේ මේක වර්ණනා කරපු හැම එකාම ඒ පන්තියේ කියලා  පැහැදිලිවම පේනවා...


එයාලා කොච්චර උඩ ගියත්,

තාම ඉන්නේ පහළ...


දැන් මා එක්ක තව පිරිසක් තරහා වෙයි..

ඒකේ කිසි අවුලක් නෑ...


ඇත්ත ලියලා පැත්ත ගියත්..

මට නම් කිසිම අවුලක් නෑ..


ඩිග්‍රිය ගත්තට පැඩිග්‍රිය දෙන්න බෑ...


මේවට උසස් අධ්‍යාපන ආයතන කිව්වට...


ඒවයෙන් පිටවෙලා සෑහෙන කල් ගියත් 

මනසින් උසස් වෙලා නම් නෑ....

තාමත් ගෝත්‍රිකයි...


එන්න අපි 


ජේ ආර් මරමු....!!!


මෙත් මල් පිබිදේවා 

සිත් තුල මෙත්මල් පිබිදේවා

කරුණා ගුණ දේවා

සිත් තුල කරුණා ගුණ දේවා...


උසස් අධ්‍යාපන ආයතන තුලින්

උසස් මිනිසුන් බිහි වේවා...!!!!


(මේවගේ ඒවට ලැයික් කොමෙන්ට්ස් හහා අඩුයි....

මොකෝ නිර්වස්තරෙන් ගොඩ වෙලා ගියා කියලා මාට්ටු නේ..)

Dec 18, 2021

ගමෙන් පටන් ගෙන "මොනෙක්" වෙත යාම - Lets Build a Monarch with JVP

 


ඉස්සෙල්ලම බලමු Monarch හෝ Monarchy කියනෙකේ තේරුම.. සරළව කාටත් තේරෙන බසින් කියනවා නම් ඒකාධිපතියෙක් විසින් පාලනය කරන අධිරාජ්‍යය යන සරළ තේරුමය.. උදාහරණයක් ලෙස මොන්ටිකාලෝ රාජ්‍ය සඳහන් කළ හැකිය...

ඇත්තටම ජාතික ජන බලවේගයේ රැස්වීම තියන තලවතුගොඩ මොනෙක් අධිරාජ්‍යය විවෘත කලෙත් එහෙම අධිරාජ්‍යයෙක්ය. ඒ බැසිල් රාජපක්ෂ උන්නැහේය..

ගමෙන් පටන් ගමු කියපු ජවිපේ, ඒක පැත්තකට තියලා ජාතික ජන බලවේගය එක්ක මොනෙක් එකේ සෙට් වෙන්නේ ඇයි?

ආන්ඩුවේ පිස්සු කෙලීම් එක්ක බහුතර ජනතාව ඉන්නේ ආන්ඩුව එක්ක කළකිරීමෙන්ය, කොරෝනා මැද්දෙත් ආන්ඩුව බොහෝ දේ කළත්, ඊට ප්‍රචාරණයක් ලබා දෙන්න ආන්ඩුවේ මාධ්‍යකාරයෝ සියල්ලම අසමත්ය.

ඒ වගේම කැබිනට් ඇමතිවරුන්ගෙනුත්  අති බහුතරේ අසමත්ය, වී මාෆියාවට කෙලින්න දාපු බන්ධුල හොරා කාලා අතේ මාට්ටුය. අලගියවන්න කියන්නේ පට්ට හොරෙක්ය. පච වෙන්නේ ෆේල් වෙන්නේ ඝෝඨාය

කාබනික වගාව බාරදීපූ දෙන්නා ඒකා හෑවා මදිවාට චීන ගූ නැවකින් හොරා කාලා එකවුන්ට්ස් දෙක පුරව ගත්තේය. පච වෙන්නේ  ෆේල් වෙන්නේ ඝෝඨාය.

හරියට ගියේ වැක්සින් වැඩේ විතරයිය.. ඒකෙන් හොරා කන්න ගිය පවිත්‍රට කෙලවෙලාම ගියා වගේම කෙහෙලියටත් ගරු රඟපෑම් දාන්න බැරි ව්දියට වියත්මගේ බඩු දෙක එතනදි පාස්ය.

මාධ්‍ය ඇමතිකම දීලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙකුටය. පොරද  කන පතේම අඩු නැතිව රෙන්නේය. ඝෝඨගෙ දකුණු අත වගේ උන්න දිලිත් දැන් ඉන්නේ මල පැනලාය. දුමින්ද එලියට දැම්මත් රෙණෝගේ හිරුත් නිකං මළහිරු වගේය.

මේ සියල්ලට ඝෝඨා වගකියන්න ඕනාය. එයා 2025 ආයේ ඉල්ලන්න ඉන්නවා නම් දැන්වත් එයා පොලිටීෂියන් කෙනෙක් වෙන්න ඕනෑමය.

ආන්ඩුවට විරුද්ධව උසාවි ගිය කැබිනට් ඇමතිවරු එලවලා දාලා තමන් ඝෝඨා බව ජනතාවට පෙන්විය යුතුය..

මෙන්න මේ හේතුත් නිසාත්, සජිත්, පාඨලි, රනිල් කියන පට්ට ෆේල් ජෝකර්ලාගෙන් වැඩක් නෑ කියලා දන්න හේතුව නිසාත්, දැන් මිනිස්සු විකල්ප නායකයෙක් හොයනවාය...  විකල්ප බලවේගයක් හොයනවාය..

අනුර කුමාර කෙරේ මෙන්ම ජෙප්පන් කෙරෙහි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ, වෙනත් විකල්ප නැති නිසාය.. (ඇත්තම නායකයා අනුර කුමාර නොව ටිල්වින් උන්නැහේය)

ජෙප්පන්ටත් මෙය අවබෝධ වූවද, ඔවුන් ඉන්නේ මෝහෙන් මුලාවෙලාය. සිහිණය බලය ලබා ගැන්ම පමණය. එයාලා කියනා ක්‍රමවලින් රටවල් හදන්නට බැරිය.. පුත්තලම් ගඩොලින් හා මනම්පිටියේ වැලිවලින් මූලස්ථාන ගොඩ නැගුවාට, ඔය බයිලා වලින් රට හදන්නට බැරිය..  

අමතර එවනා ඩොලර් 500 කින් ඩොලර් සංචිතය මේන්ටේන් කළ නොහැකිය.

පොල්මුඩේ ඉල්මනයිට් වලින් කැළණියේ මැටි වලින් රට ගොඩ දාන්න බැරිය. වී වගා කරනා පන් ගොයියෝ එක්ක රට ගොඩ නගන්නට බැරිය. කොටින්ම විදෙස් ආයෝජකයෝ නොමැතිව මේ රට ගොඩගැනීම විහිළුවාක්ම පමණය.

ඒ නිසා මුලින්ම ඔවුන් රට ගොඩ දමනා කෙටි කාළීන හා දිගු කාළීන වැඩපිලිවලක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. මන්ද විවේචනය පහසු වූවාට, වැඩේට බැස්සාම එයාලත් නාගත්තා මිස වෙන වැඩක් නොකල නිසාය.

2015 දී යහපාලනයට කෙලවෙලාම ගියේත්, මේ ආන්ඩුව දැන් හත්පොලේ ගාගෙන නාන්නේත් ඒ හේතුවෙන්මය. 

ඇත්තටම "මොනෙක්" මානසිකත්වය ඉතා හොඳය. ජවිපේ ඉදිරියට යා යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ  ලෙස මිස වෙනත් පෙරමුණු හෝ බලවේග ලෙස නොවේය.

එනිසා ජාතික ජන බලවේගයේ සිටිනා සියල්ලන්ටම ජවිපේ සාමාජිකත්වය ගෙන ඔවුන් හා එක්වන ලෙස ඉල්ලා සිටිය යුතුය. 

එසේ එක් නොවනා උන් අමු බොරුකාරයෝය. මන්ද කෙල වූ පසු අනේ අපි නම් ජවිපේ නෙමේ කියා දිරාමාරු වන්නේ ඒ පිරිසය.

1994 සිට හවුලේ කැඳත් සමඟ කැඳහැලිවල බැහැලා ආතල් ගත්තා හොඳටෝම ඇතිය.

ජනතාව දැන් බැහැලා නාන්නේද එවන් කැඳ හැලියකය. 

කැඳ හැලියක් සමඟ හිට්ලර් තියා මහා ඇලැක්සැන්ඩර් බලයට ආවාට මෙලෝ රහක් නැතැයි කියා, 2/3 ක් සමඟ 20 ත් සම්මත කරගෙන ඇදගෙනම නානා ඝෝඨාභය රාජපක්ෂ ඔප්පු කරලා අවසන්‍ ය.

ඒ නිසා "මොනෙක්" වලින් ආරම්බ වන වැඩපිලිවල ජවිපේ අධිරාජ්‍යයකින් නිමාකර ගැන්මට සෑම ජෙප්පෙක්ම සිහි තබා ගත යුතුය..

හවුලේ කැඳ තියා ජෙප්පෝත් එපාමය..


ඒ වගත් මෙසේය...

Dec 14, 2021

හර්ෂලාගේ ගුලි නොකා ලොකු අයියා ළඟ දනින් වැටිය යුතුය..


පී බී ගේ ගුලි කා හත් පොලේ ගාගෙන ඉන්නා ආන්ඩුවට, හර්ෂ ද සිල්වා හා විපක්ෂය එක්වී දෙන්න යන්නේ සුපිරිම ගුලියක්‍ය. මේක මුලින්ම දුන්නේ ඇපත් නැතිව පක්ෂයත් කා ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය. ඒ වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ලෝන් එකකට යන්නෙයි කියලාය. මේ ගුලිය කාපු ගමන් වෙන්නේ, ණය ගන්න නම්, IMF එක අපට දමනා කොන්දේසි ඉටුකරන්නටය. 

ඒවා ඉටුකරන්න ගිය ගමන් ආයෙත් ගහන්නේ හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලාමය. එයාලාගේ ප්‍රධානම යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමය. එහෙව් එකකට විරුද්ධ වෙන්න අලුතෙන් විපක්ෂයක් ඕනා නොවන්නේ, ආන්ඩුවට විරුද්ධව උසාවි යන පසුගාමී වාමාංශික ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේම ඉන්නා නිසාවෙන්‍ය. උන් දැනටත් IMF ගෙනෙනා තවත් යෝජනාවක් වන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එරෙහිව උසාවි ගොස් සිටිනා කාළකන්නීන්‍ය. ඒ යුගදනවි ගිවිසුමට එරෙහිවය. නැගෙනහිර ජැටිය යුනියන් එකකට දීලා බකං නිලාගෙන ඉන්නේත් උන්මය.

චීනා විපක්ෂයට ෆුල් සපෝට් එක දෙන මෙ වෙලාවේ, IMF යනවාට වඩා ඉන්දියාවේ ටෝටල් පැකේජ් එක ළඟ දන ගැසීම හැම අතින්ම වාසියක් වන්නේ, IMF යනු ණය දෙන ආයතනයක්ම පමණක් වීමත්, ඉන්දියාව යනු ඊට වඩා බලවත් රාජ්‍යයක් වීමත්‍ය. කවුරු මොන බයිලා කෙසේ කීවත් අපේ අසල්වැසියා වන ඉන්දියාව තරහා කරගෙන අපට ඉදිරි ගමනක් ඇත්තේ නැතිය. 
මේ අමන වැඩේ ජේ ආර් මෙන්ම මහින්දද කළේය. 

යුද්ධය ආරම්බ කිරීම, අවුලා පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධය අවසාන කිරීමටත් කෙලින්ම සම්බන්ධ වූයේ ඉන්දියාව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් වී අවසානය. ජේ ආර් ඉන්දියාව ඉදිරියේ බව්වා මාක් වී 13 ව්‍යවස්ථා සංසංශෝධනය ගෙනාවා වාගේ, මෙවරත් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට ඉන්දියාව විසින් ටෝටල් පැකේජ් එකක් දීලා තියෙනවාය. 

දැන් ආන්ඩුවට හා රාජපක්ෂලාට ඒ පැකේජ් එක ඉදිරියේ දන නමනවා විනා වෙන සොලියුසොන් එකක් ඇත්තේ නැතිය.  එය ඇත්තටම ටෝටල් පැකේජ් එකක් වනාතර, ආහාර සෞඛ්‍ය හා ආරක්ෂක පැකේජ් එකකින් ආරම්බ වේ. ඇත්තටම අපේ රටට වඩා ඉන්දියාවේ ආහාර මිළ බොහෝ අඩුය. අපේ කාළකන්නි හිඟන පන් ගොයියන්ට කෙලවෙලාම යන්නේ මින් පසුවය. ඩඩ්ලිලාට හැමිනිලාම යන්නේ මින් අනතුරුවය. ඖශධ මාෆියා කාරයන්ට බොන්න බෙහෙත් නැති වෙන්නේ මින් අනතුරුවය. අයිසිස් කාරයන්ට නන්නපෝල් වෙන්නේ මෙයින් පසුය.

ඇත්තටම ලංකාව කියන්නේ ඉන්දියාවට අනුව රටක් නොවේය. උන්ට මෙය තවත් ප්‍රාන්තයක් පමණි. මුම්බායි වල ජනගහනයම මිලියන 20 කි. දිල්ලියේ මිලියන 30 කි. මිලියන 23 පමණ ඇති ලංකාව දෙස උන් බලන්නේ රටක මානසිකත්වයෙන් නොව ප්‍රාන්තයක මානසිකත්වයකිනි. ඇත්තටම මේ රට පාලනය කරන්න මහ ඇමතියෙක් උන්නාම හොඳටෝම ඇතිය. යටත් විජිත කාළයේ මේ රට පාලනය කරේ එක ආන්ඩුකාරවරයෙක් විසින්‍ය. දැන් ආන්ඩුකාරවරුම 9 ක් ඉඳලාත් සත පහක වැඩක් ඇත්තේ නැතිය.

ඉන් අනතුරුව එන්නේ බලශක්ති සුරක්ෂිතතාවය හා බංගලාදේශය සමඟ ගිවිසුම් ගත වූවාක් මෙන් SWAP Currency මූල්‍ය ගණුදෙණුවකි. එමෙන්ම ඉන්දීය ආයෝජකයින් ලංකාවට ගෙන ඒමේ වගකීමද ඉන්දීය රජය විසින් දරනු ඇත. පට්ට ෆේල් BOI එක වහලා දාන්නම පුලුවන්‍ය. මන්ගොන්පිලගේ බලශක්ති බයිලා වලට කෙලවිලා යන්නේත්, විදුලි මාෆියාවට වොට් 33000 වදින්නේත් මින් පසුවය. මහ කැළයේ දිර දිරා යමින් තියෙනා ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම පැස්ටෝල් ෂෙඩ් ටිකත් දැනටත් ලාබ ලබන IOC සමාගම අත්පත් කරගන්නේය.

ඇත්තටම අප මේ රජයෙන් බලාපොරොත්තු වූ සියල්ල මේ පැකේජය  හරහා ක්‍රියාත්මක විමට නියමිතය. 225 එපා, මේ රට වෙන කාට හරි දියෝ කියපු උන්, 88/89 වාගේ ඉන්දියාව එපෝ කියා රට ගිනි තියන්නට ගියොත්, ඒකත් ශවේන්ද්‍රට නොකියා. ඉන්දියන් හමුදාව මෙහේට බස්සා උන්ගේ පුචට වෙඩි තබනවා මිස, ජනාධිපති හා සාකච්ඡා දෙන්නෙට ගොස්, ඉන්දියන් කාරයෝ පැකේජ් එකත් උස්සාගෙන දුවන්නට වැඩ කටයුතු නොකල යුතුය.

අපට තියෙන්නේ තව කැසිනෝ දෙක තුනක් දමා, සීතා කෝවිල වාගේ රාමා කෝවිලකුත් සාදා ඒවා වඳින්නට එන ඉන්දියන් උන්ගෙන් ගානක් කඩා ගන්නා එකය.

Dec 7, 2021

අල්බොරාදා, නෙරුදා හා අපි - Neruda, Alborada and SL

 


කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය. ඒවා ආර්ථික අතින් සාර්ථක වූවද, එහි සිනමාවක් තිබුනේ නැත. ඩොකියුමෙන්ට්‍රි හෙවත් වාර්ථා චිත්‍රපට කියන්නේ එකක්‍ය. සිනමාව කියන්නේ තව එකක්‍ය. ඒ ජාතියේ වාර්ථා චිත්‍රපට ටෙලිවිෂන් නොතිබූ හත් වසක සාපය පැවති, සිනමාවේ වසන්ත සමයේ, චිත්‍රපටය පෙන්වීමට පෙර ප්‍රදර්ශනය කළ අතර, ඒවා මෑත කාලයේ ආ ජාතක කතා හා ජාතික කතා වලට වඩා බොහෝ උසස් තත්වයක තිබුනේය.

මාතලන්, චිත්‍රපටයක් බලන්න යන්නේ, සිනමා පටයක් නැරඹීමට මිස, ටෙලි නාට්ටියක් බැලීමට නොවේය. විශාල තිරයක ප්‍රදර්ශනය කලද, ටෙලි නළුවන් හා නිලියන් පිරි සිනමා පට තවත් ටෙලියක් බැලුවා වාගේය. ප්‍රංශ සිනමාවට බොහෝ සේ ආදරය කරන්නෙකු ලෙස හඳයාගේ නවතම නිර්මාණය වන අල්බොරාදා කලෙකින් මා අමන්දානන්දයට පත්කල චිත්‍රපටයක්ම වූයේය.

එක් ප්‍රංශ චිත්‍රපටයක රඟන බොහෝ නළු නිලියන් බොහෝ විට තවත් චිත්‍රපටයක දැකීමට සිඳුවන්නේ බොහෝ කලාතුරකින්‍ය. එවිට සිනමාවේ නැවුම් බව රැඳෙනා බව මගේ විශ්වාසයයි. ඒ අතින් රිතිකා කොඩිතුවක්කු (Rithika Kodituwakku) හා මැල්කම් මචාඩෝ (Malcolm Machado) ටෙලි නළු නිලියන් නොවීම, සිනමාවේ, හඳයාගේ, මෙන්ම අපගේද වාසනාවක්‍ය.

බොහෝ අය මැල්කම් මචාඩෝගේ රංගනය පමණක් අගය කර තිබුනද සෑම චරිතයක්ම තම චරිතයට උපරිම සාධාරාණය ඉටු කර තිබුනේය. එමෙන්ම අනෙක් සෑම අංශයකම සුළු සුළු අඩුපාඩු තිබුනද ඒවා නොපෙනෙන නොදැනන තරමට, රංඟනය ප්‍රභලව ඉස්මතුව තිබූ බව කිව යුතුය.

චිත්‍රපටයක් නාට්‍යයක් හෝ චිත්‍රයක් නැරඹිමෙන් අනතුරව එය මනසේ හොල්මන් කරයි නම් එය සාර්ථක නිර්මාණයක්‍ය යන්න මගේ විශ්වාසයය. චිත්‍රපටයේ නම අල්බොරාදාය. එය ස්පැනිෂ් නමකි. ඉංග්‍රිසියෙන් වචනය "Dawn" යන්නයි. එහි සිංහළ තේරුම අරුනෝදය හෝ පාන්දර ලෙස ගත හැකිය. එය චිත්‍රපටයට විශාල අරුතක් ගෙන එනවා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ලයනල් වෙන්ට්ඩ් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ නිවසේ නමයි. අද ලයනල් වෙන්ට්ඩ් රඟහල පිහිටා තිබෙන්නේ ඒ නිවස තිබූ භූමියේය. නිවසට නම තබා ඇත්තේ ලයනල්ගේ ළඟම මිතුරකු වූ පැබ්ලෝ නෙරුදාය. 



පැබ්ලෝ ඒ නම දැම්මේ චිත්‍රපටයේ මූලික තේමාව වන සෑම හිමිදිරියකම, නෙරුදාට පමණක් වෙන් වූ වැසිකිලිය පිරිසිඳු කිරීමට පැමිනෙන සෙක්සි සක්කිලි කෙල්ලට පෙම් කරනා (ඇයගේ පහස විඳීමට උත්සාහ කරනා) කාළයේද , එසේ නැත්නම් ඇය හා සංවාසයේ යෙදීමෙන් අනතුරුවදයි අප දන්නේ නැතිය. කෙසේ හෝ මෙම සිඳුවීම නෙරුදාගේ ජීවිතයේ අමතක නොවනා සිඳුවීමක් බව එයින් මනාව පැහැදිලි වනවාය.

මා කියවා ඇති ආකාරයට පැබ්ලෝ නෙරුදා ඇය හා එක්වීමේදි කිසිඳූ විරෝධයක් මෙන්ම කිසිඳු ප්‍රතිචාරයක් ඇයගෙන් නොලද බව කියා ඇතත්, හඳයා එම සිඳුවීම අමුවෙන්ම ඉදිරිපත් කර ඇත. මා ඉන්නේද ඒ මතයේමය. නෙරුදා තම චරිතයට සිඳුවන හානිය හේතුවෙන් එය ලියා නොතැබුවද, තම කැමැත්ත කිහිප ආකාරයකින් ප්‍රකාශ කලද, ඒවා පයිසයකට මායිම් නොකළ සක්කිලි යුවතියට අත්වන්නට ඇත්තේ මේ ඉරණමය. 

ඇය වෙනුවෙන් මඟ තබන රෝස මල කක්කා බාල්දියට දැමීම මෙන්ම, සාරිය ප්‍රතික්ෂේප කිරීම තුලින් ඇය ඔහු එන්නේ මොකාටද යන්න තේරුම් ගත් බව ප්‍රකාෂ විමද, එම ප්‍රතික්ෂේප කිරීම් වලින් ඇතිවන ඉච්ඡාභංගත්වය, නෙරුදා විසින් එය රැගෙන වේගයෙන් දිවීමෙන් මෙන්ම සාරිය ඉරා දෙවගනගේ පිලිමය සැරසීමෙන්ද අපූරුවට පෙන්වයි.


චිත්‍රපටය හඳුන්වා දීමේදී, "The poem Neruda never wrote" කියා හඳයා කියන්නේ, මේ කවිය විය හැකි වුවද, චිත්‍රපටය පුරා නෙරුදා නොලියු කවි බොහෝමයක් තිබෙන්නේය. ඇත්තටම "ජොසී" (මියන්මාරයේ යක්ෂණිය) ලංකාවට එන්නේ නැතිය. ඒ හඳයාගේ අපූරූ කවියකි. නිවසේ සේවකයා වන මැල්කම් මචාඩෝ හරහා කියනා කවි බොහෝමයකි. ලයනල් වෙන්ට්ඩ්ගේ අපූරූ ලිංගික ආශාවන් ගැන වක්‍රාකාරයෙන් කියනා කවි බොහෝ අපූරුය, එය අවබෝධ වුවහොත් මල මූසල රැඟුම් පාලක මන්ඩලයෙන් අක්ෂරය මෙන්ම ඇපීල් කරන්නට විය හැකි චිත්‍රපටයක් වීමටත් බොහෝ ඉඩකඩද තිබෙන්නේය.

නිවසේ සේවකයා සක්කිලි යුවතිය දූෂණයට ලක්වන මොහොතේ එය වැලකීමට උත්සාහ කරනුයේ කුල බේදය පසෙක තබා ඔහුගේ මිනිස්කම හා කුලයෙන් පහත් වුවත් තමාගේ  එකෙකුට විනාශය නිසා බව තවත් අපූරූ කවියකි. අසල්වැසි කාන්තාව නෙරුදා කෙරෙහි ඇති ආශාව වක්‍රාකාරයෙන් පෙන්වීම තවත් අපූරූ කවියකි. සක්කිලි පඩි ගත්තා වාගේ යන කවිය ඉදිරිපත් කිරීමද අපූරුය. 

"You are a Basterd" නැතකොත් "තෝ මහා අමනයෙක් ..." කියා, හඳයා නෙරුදාට කියන්නේ  නැතිය. නොබෙල් සාහිත්‍ය සම්මාණයෙන්ද පුදලද මහා කවියකු අමනයෙක් බව කියන්නේ ලයනල් වෙන්ට්ඩ් ලවාය. ඇත්තටම මෙවන් අමන සල්ලාල කළාකාරයෝ ලංකාවෙන්ද ලෝකයෙන්ද කොතෙකුත් වාර්ථා වුවද ඔවුන් තවමත් මහා කලාකාරයෝ වනාතර වින්දිතයෝ වෙට්ට පාසියෝය. මෙය කළාකරුවන්ට පමණක් බැහැර කර අපට අත සෝදා ගත හැකිද?

හඳයා තවත් අපූරූ කවියක් කියයි. මම මේ චිත්‍රපටයේ කැමතිම චරිතය, නිමායා හැරිස් (Nimaya Harris) පන පොවනා  පැට්සිගේ  (Patsy) ගේ චරිතයයි. යටත් විජිත  ව්ක්ටෝරියානු යුගයේත්, මානුෂික හැගීම් වලින් යුත් නිදහස් නිවහල් ලිබරල්, "ලයනල් වෙන්ට්ඩ්" වැනි පිරිමින් මෙන්ම, පැට්සි වැනි කාන්තාවන්ද වූ බව ඇය අපූරුවට ඉදිරිපත් කරයි. ඇය පෙම් කරන්නේ නෙරුදාට නොව ඔහුගේ කවියටය, මියන්මාරයේ ත්‍රස්ත්වාදිනියට මෙන් නෙරුදා තමන්ගේම කර ගැනිමේ ගායක් ඇයට ඇත්තේ නැතිය. ඇය ඒ වෙනුවෙන් විඳවන්නේ නැතිව නෙරුදාගේ කවිය, නෙරුදා මෙන්ම ඇයගේ ජීවිතයත් විඳගන්නීය.

ඇය හිස දරාගෙන සිටින්නෙ ඉන්ගිරිස් හිස් වැස්මකි. මියන්මාරයේ යක්ෂනිය එන්නේ හිස මත හාල් මල්ලක් රැගෙනය. ඇය සිතන්නේ හාල් තියෙන්නේ මියන්මාරයේ පමණකැයි කියාය. මිරිමින්ට ඉන්නේ තම පතිවත බිලිගත් නෙරුදා පමණක් යැයි සිතාය. සක්කිලි යුවතිය හිස දරාගෙන යන්නේ තම රැකියාවයි. එහි ඇත්තේ අශූචිය. අවසානයේ ඒ බාල්දිය රැගෙන යන්නේ නෙරුදාය.

අප සියල්ලන්ම අශූචී බාල්දියක් හිසින් ගෙන ඉලපතක් අත රැගෙන යන්නෝ නොවෙමුද?

ඉලපතින් හතුරාට බැට දීමට මෙන්ම තම පරිසරය පිරිසිඳුව තබා ගැන්මටද පුලුවන.

වික්ටෝරියානූ යුගයේ අනුන්ගේ පව් සේදීමට මුහුදේ කිමිදෙන සක්කිලි යුවතිය "අද" මතුවන්නේ....  තාමත් පව් කාරයන් සිටිනා නිසාද, වික්ටෝරියානු යුගය තවමත් පවතින නිසාද?