ඊයේ ටින්කරින් ධර්මේ නොහොත්, ජංගි චින්තා නොහොත්, චින්තන ධර්මධාසයන් ( Chinthana Dharmadasa ) විසින් අපූරූ ලිපියක් ලියා තිබින. ඒ අපේ උපාධිධාරීන් ගැනය. චින්තා උන් හඳුන්වන්නේ නූගත් උපාධිකාරයෝ කියාය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තමය.
උපාධි කබාය ඇඳගෙන, සහතිකේ අතේ රෝල් කරගෙන ගන්නා පොටෝ එක, රාමු කරලා එල්ලා ගෙන පැන්සින් එකත් සහිත ආන්ඩුවේ ජොබ් එක ගත්ත ගමන්, උන් හිතන්නේ උන් ඔක්කොම සියල්ල දත් උස්තාද්ලා කියලාය.
ඊට පස්සේ උන් දෙසනා ඕන වඳුරු කුණුහබ්බයක් දොහොත් මුදුන් දී පිලිගැනීමට මාධ්‍යකරණයේ හෝ කිසිඳු විශයයක් ගැන අවබෝධයක් නැති, ගිරව් වගේ කියවන, සිවිල් බලයක් ගොඩ නගාගෙන ඇති, මයික් අතින් ගත් හා කැමරා ඉදිරියේ චන්ඩීන් වී ඇති ජඩමාජ්ජවේදීන් සැදී පැහැදී සිටිනවාය.
මුන්ට කිසිඳු ඇකඩමික් කොලිෆිකේෂන් එකක් නැති නිසා අරුන් උන්ට ආකිමිඩිස්ලාය, ඇරිස්ටෝටල්ලාය, ඇල්බට් අයින්ස්ටයින්ලාය, සර්ව බලධාරි දෙවියන් වහන්සේලාය.
ඉන් පසු, උන්ගේ වාහිනිවලින් පත්තරවලින් හා වෙබ් වලින් ඇද අරිනා අමු කෙප්ප, පරම සත්‍ය සේ පිලිගන්නට පට්ට ගෝත්‍රික ජනතාව සැදි පැහැදි සිටිනවාය.
මුන් දන්නේ, කටපාඩම් කර වනපොත් කර ලබාගත් තියරොටි දැණුම පමණය. එය හරිද වැරදිද කියා සොයන්නට, මුන්ට කොන්දක් හෝ බුද්ධියක් නැත්තේය.ලෝකය, දියුණු තාක්ෂණය, නව නිශ්පාදන, නව ක්‍රමවේද, ආටිෆිසල් ඉන්ටලිජන්සි සමඟ දිනෙන් දින ඉදිරියටම යද්දි, මුන් ඉන්නේ, උන් විස්ස විජ්ජලේ ඉගෙනගත් යුගයේමය.
මුන් දැන් අරගලේ නිසා යලිත් එලියට බැස, පොරවල් වෙන්නට ගොස්, හත්පොලේ ගාගෙන නාලා, අම්බානට නෝන්ඩි වෙලා යනවාය. මේ ලියන්න යන්නේ තවත් එවන් අම්බරුවෙක් හා ඌට සමාන පිරිසක් ගැනය.
පී බී නැමැති අමු 1/4 කන්නියා, රට 70-77 යුගයට ගෙනියන්නේත්, ඉන් පසු ඒ යකා ගෙන ආ කාබනික පිස්සුව වෙත සියල්ලෝම වරද පටවා පොරවල් වෙන්නට යන්නේත් ඒ නිසාමය.
උගත් උනත් බුද්ධියක් නැති මාරබේ ඉගෙනගෙන තියෙන්නේ රසායනික පොහොර හා කෘමිනාශක නැතිනම් සාගත එනවා කියලාය. එහෙත් මේ තර්කයේ කිසිඳු සත්‍යතාවයක් නැත්තේ, මේ වන විට රටේ කිසිඳු අහාර හිඟයක් නොමැති වීම නිසාත්, යල කන්නයේ අස්වැන්නෙන් මාස 9 කට සහල් ලැබුන බව සියල්ලෝම පිලිගත් නිසාය.
කාබනික පිස්සුව වැළදි දැන් වසර දෙකක් වෙනවාය. මේ බක පන්ඩිතයින් කියනාකාරයට, වසර දෙකකින් පසු අස්වැන්න ලැබෙන මොකක් හෝ බෝගයක් නැති වී සාගතයක් එන්නට ඕනෑය.
මුන් මේ ලොක්කෝ වගේ කියවන්නෙ, ලෝක ආහාර වැඩසටහනෙන් දෙන අනතුරු ඇඟවීම වමාරන එකය. සුද්දා කිව්වොත් අපේ වැද්දාට ඉන් එහා දෙයක් නැතිය. චිත්‍රයක් ඇඳලා මේන් ඩෝ කළු කුහරේ කිව්වොත් ආයේ දෙකක් නැතිය. ඒ කළුකුහරේම තමයිය.
ලෝක ආහාර වැඩ සටහන එය පවසන්නේ, යූක්‍රේන යුද්ධය නිසා බවත්, යූක්‍රේනය ලෝක තිරිඟු අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනා රට නිසාත්‍ය. ලෝක ආහාර වැඩ සටහනේ උන් තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් ජීවත් වූවාට, පුනක්කු කන මේ ගොබ්බයන් ලංකාවේ හා ආසියාවේ ප්‍රධාන ආහාරය බත් කියලාවත් නොදන්නේය.
මේ වාගෙම කොරෝනා කාළයේ හොං කොං වල සිටි වයිරස් විජ්ජාග්නයෙන් කියනා ගල් මූසලයෙක්, ලංකාවම කොරෝනා වලින් මැරෙනවා කියා රට බය බිරාන්ත කොට මුලු රටම ලොක් ඩවුන් කර, රටේ ආර්ථිකය කාබාසිනියා කර දැම්මේය. ඒ කාළේ ඌට එහා උගතෙක් විශ්වයේම උන්නේ නැතිය.
මුන්, මුන්ට ලැබෙනා කොමිස් වලට රසායනික පෝර හා කෘෂිරසායන ප්‍රමෝට් කරනවා හැර, රටට කරපු දෙයක් කියන්නෙයි කිව්වොත්, කරපු කිසිම දෙයක් නැතිය. ආන්ඩුවේ ආදර්ශ ගොවිපලක් ලෙස පෙන්නන්නට ඇත්තේ සුද්දා හදලා දමලා ගහලා ගිය ගන්නෝරුව විතරය.
මුන්ට වඩා දෙයක් හමුදාවේ කොල්ලෝ රට පුරාම කරලා තියෙනවාය. නගර සභාවල උන් කරලා තියෙනවාය. උන් කාබනික ගොවිතැනෙන් සාර්ථක අස්වනු ලබාගෙන විකුණලාත් ඉවරය.
තේ, පොල්, රබර්, වී පර්‍යේෂණ ආයතන රටපුරා තිබුනද, ඒවායෙන් ඒ බෝග වර්ග වැඩි දියුණු කිරීමට කරපු මෙලෝ අලබෝලයක් නැතිය.
මුන්ගේ ගෝත්‍රික මානසිකත්වය හා හිඟන උපාධිය තුල මුන්ගේ චින්තනයේ තියෙන්නේ වී වගාව පමණමය. එහෙත් ලංකාවේ වී වගාව කියන්නේ වැහි නැති හෙන ගහනා නාස්තිකාර වගාවක්‍ය. ඒ වෙනුවෙන් විනාශ කරන්නාවූ ජල සම්පතෙහි වටිනාකම මේ වන තෙක් කිසිවකු හෝ ගනනය කර නැත.
පොඩි වතුර බෝතලයක් රුපියල් 50/= නම් කුඹුරු අක්කරයකට අස්වැන්න ලබා ගන්නා තෙක් වියදම් කරනා ජල සම්පත කොච්චරක්ද කියා ගණිතය හා ගොවිතැන දන්නා එකෙක් රටට කියනවා නම් බොහෝම හොඳය.
එවිට රටේ කුඹුරු අක්කර 1,750,000 කට වැය කරනා ජල සම්පතේ වටිනාකමත් එක් කල විට හාල් කිලෝවක් කොපමණ වේදැයි කියා ඕනෑම 🐄 කුට වටහා ගත හැකිය.
අනික මුන් කියනා විදියට රසායනික පොහොර භාවිතයෙන් මාර අස්වනු අරගෙන තිබුනා නම්, මේ රටේ ඉන්නට ඕනා ඇමරිකාවේ, ජර්මනියේ හා ජපානයේ ගොයියෝ වගේ ගොයියන් පිරිසක්‍ය.
එහෙත් අපට ඉන්නේ, හැමදාම ආන්ඩුවෙන් සියල්ල නොමිලේ ලබාගෙන, හරියට වවන්නේත් නැතිව, ඒවාට ආන්ඩුවෙන් වන්දිත් ඉල්ලන, අමු හිඟන පන් ගොයියෝ පිරිසක්‍ය.
වාසනාවකට, රටේ ඩොලර් නැති නිසා දැන් රසායනික පෝර ඇත්තේත් නැතිය. ඒ නිසා අර පන් ගොයියෝ නාමල් කරුණාරත්න එක්ක හංදියක් හංදියක් ගානේ එක එක ඒවා ඉල්ලා මර ලතෝනී දෙද්දී, පිරිසක් රසායනික පෝර නැතිව වී ගොවිතැනින් ඉවත්ව, වෙනත් භෝග වගාවලටද යොමුවී තිබෙනවාය.
උන් ඒ බෝගවලට අමතරව තමන්ගෙ පරිභෝජනයට පොඩි කුඹුරු කෑල්ලකුත් කරනවාය. දැන් අපට අවශ්‍ය, උගත් නමුත් බුද්ධියක් නැති මාරඹේලා වාගේ අඬෝවැඩියා හාල්පාරුවෝ නොව, ලෝකයටම ආදර්ශයක් දෙමින් සුපිරි පන්නයේ ගොවිපලක් පවත්වා ගෙන යන සමන්තබද්‍රලා වාගේ මුණිවරුය.
දැන් මෙය කියවන 🐄 සම්පත හා රෝන්ග් ජැනරේසොන් එක, සමන්තභද්‍ර පෙලහර පාන්නේ ආමි එකේ උන් නිසා නේ ඩෝ ගාගෙන මාතලන්ගේ සායම් අරින්නට එන්න ඉඩ ඇති නිසා , මාතලන්ට කියන්න තියෙන්නේ,
ඕකුන්ට පුලුවන් නම් ගොවිපලක් දමා, මාරඹේ ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා කප්පරක් වූ 🐄 සම්පත යොදවාගෙන අඩු ගානේ අඹේවල වගේ ෆාම් එකක්වත් කරලා පෙන්නපන් කියලාය.....
පට්ට ආතල් එක කියන්නේ මෙහෙව් පඬියාද දැන් කියන්නේ ජනාධිපති කියපු එකමය.
ඇත්තටම වැරද්දක් උනා කිව්වාට, වැරද්දක් වෙලා නැතිය.
දැන් මාරඹේ කියන පඬියාත්, කාබනික පෝරෙන් ගෙවතු වගා කරන්නෙයි කියා ජනතාවට උපදෙස් දෙනවාය.
සමහර විට එයලා දාන ගොමවලින් කාබනික පෝර සාදා, ටැලිවිසනෙන් ජනතාව ඉදිරියට විත්, අපේ පෝර ඔය ජනාධිපතිගේ මාළු පෝරවලට වඩා හොඳයි, හරි සුවඳයි කියා කියන්නත් ඉඩ තිබෙනවාය.
.
ඒ වගත් මෙසේය.......
.
