.

.

Oct 30, 2014

‘හලාල් බැංකු’ - ඇත්ත හා නැත්ත - Islamic Banking and Champika Ranawaka


- චානුක වත්තේගම -

ලංකාවේ බැංකු කටයුතු පාලනය වන්නේ 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබඳ පනතිනි. මේ පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පළමුවරට පත්ව සති කිහිපයකිනි. මහ බැංකුවේ වත්මන් අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පත්වන්ට මාස හයකට කලිනි. එවක මහ බැංකු අධිපති වසර දෙකක පමණ සාපේක්ෂව කෙටි කාලයක් එම පදවිය හෙබවූ සුනිල් මෙන්ඩිස්ය.

Oct 29, 2014

ජාතික ශෝක දිනයක්...! - Day of mourning...!



හපුතලේ, හල්දුම්මුල්ල,මිරියබැද්ද ප්‍රදේශයේ, නාය යාමකින් අතුරුදන් වූ හා මියගිය සියළුම සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ හද පිරි ශෝකය..!

පුද්ගලයින් 400 පමණ අතුරුදන්ව ඇති අතර, මේ වන විට මළ සිරුරු 16 ක් පමණ සොයාගෙන ඇත.

මේ අපේම සහෝදර ජනතාවයි. ඔවුන් වෙනුවෙන් දිනක හෝ ශෝකි කාළයක් ප්‍රකාෂ කරණු ඇතයි අප උදෙක්ම බලා පොරොත්තු වෙමු.

Oct 28, 2014

කතන්දර නැවතත් "රසිකලොජි" සමඟ - Welcome back Kathandara...!!!



"කකා", "කශූ", "කතා", "කතන්දර", ඔය මොන නමින් හැඳින් වූවත්, බ්ලොග් ලියන කියනව ඕන එකෙක් කතා ගැන දන්නවාය. බ්ලොග් ලියන කියවන ඕන එකෙක් "කතන්දර " දන්නේ නැතෙයි කියනවා නම්, එය අර නාථ නලීන් ද සිල්වා කියනවා වාගේ, "පට්ට පල් අමූලික බොරුවක්" වෙන්නම ඕනාය. බ්ලොග් හා කතන්දර යන නාමයන් එක සමානව යෙදෙන පද දෙකකි.ඒ කියන්නේ, බ්ලොග් වලට සමාන පදයක් ලියන්න කිව්වොත්, කතන්දර කියා ලියූ විට, ලකුණු පහක් ලැබේ..

Oct 26, 2014

භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද...? - If, Sri Lanka Govern by Buddhist Monk...



මේ සමාජය ගැන තද බල කළකිරීමක් නැවතත් ඇති වී ඇත. මනුෂ්‍යත්වය හා මිනිස්කම් වලට කිසිම තැනක් නැත. ප්‍රචන්ඩත්වය පිලිකුල් කරනා මිනිසුන්ම, ප්‍රචන්ඩත්වය උත්කෘෂ්ඨත්වයට නගයි. ප්‍රචන්ඩත්වය සාධාරණීකරනයට ලක් කරයි. ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩ මිස, එය සුමට, මට සිලිටු, සාධරණීකරණය කළ හැකි දෙයක් නොවේ. එසේ නම්, එවන් වචන හා ක්‍රියාවන් දෙකක් තිබිය නොහැක. මේ ළොව පිලිගත් මානුෂික අයිතිවාසිකම් කියා දෙයක් ඇත. දරුණු ත්‍රස්තවාදියෙක් වූවද, යටත් වූ පසු හෝ තුවාල ලබා අත් අඩංගුවට පත් වූ පසු, මරා දැමීමේ සිරිතක් නැත. එය ඇමරිකාව සිඳු කළද, අප විසින් සිඳු කළද, ත්‍රස්තවාදීන් විසින් සිඳු කළද අසම්මත, අවිනීත හා විනය විරෝධි ක්‍රියාවකි. එය විවේච්නයට බඳුන් වීම නොවැලක්විය හැක.

Oct 24, 2014

අය නැති වැය 2015 - Bud Jet 2015


මාතලන් ඕනම දෙයක් ලයිව් බලන්න මනාපය. එහෙම බැලුවේ නැත්නම්, කිසි ගතියක් ඇත්තේ නැතිය. මාතලන් නිව්ස් බලන්නේත් එහෙමය. මේ ළඟදි, මාතලන්ට රෑ අටේ දෙරණ නිව්ස් එක මිස් උනේ පොඩි අඩියක් ගහන්න එළියට ගිය නිසාය. එහෙම ඇවිල්ලා බෝයිස් ටු ෆ්ලවර්ස් එකේ අන්තිම හරියත් බලලා, පියෝ ටී වී එකේ දෙරණ නිව්ස් බලන්න ගියම, එරර් මැසේජ් එකක් ආවේය. ඒ පාර 1212 ඇමතුවාම කිව්වේ දෙරණ පේන්නේ නැත්නම් රූපවාහිනි බලන්න කියලාය. එහෙම කිව්වාම බකාස් ගා හිනා ගියේය. එහ පැත්තේන් ඇහුවේ ඇයි කියලාය.

Oct 23, 2014

ඉත්තෑවා ගූ වීම.. - Porcupine Dancing

 

අයවැය විස්ලේසොනේ එනකන්, සින්ඩියේ දාපු මේ කයිය, පොඩි සන්සෝදනයක් එක්ක රස විඳින්න..

ඉත්තෑවා ,
රිංගලා ,
කබල්ලෑවාගේ ,
ගෙදරට...

Oct 21, 2014

හෙළ උරුමයේ අවසන් දින පහ - Last five days of JHU


- මාතලන් - 

පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩ්ඩ වැඩිල්ල අන්තීමට නතර වූයේ අරලිය ගහ පූජා බූමියේය. දැන් උන්නාන්සේ සහ උන්නාන්සේගේ උපාසක රැල ඉස්නානය කර හා නාගෙන අවසානය. මහ රජතුමා තම ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනේ, මේක ඉස්සෙල්ලාම ගේන්න තිබුනේ නියමාකාරයෙන් නම් තමන් ළඟටය කියාය. ඒත් යන්න අවශ්‍යම තැනට ආවේ අන්තීමටය. ඒ අස්සේ ආන්ඩුවට වෝනින් දීලා, හෙන චන්ඩි පාට් දෙක තුනකුත් දැම්මේය. ආන්ඩුවේ ඇමතිවරු පහක් එක්ක එලියට වඩිනවා කියා එක වෝනින් එකකි.  අනික පිවිතුරු හෙටකට කැමති නැත්නම්, අනිවාර්යයෙන් ආන්ඩුව ගෙදර ගෙදර යවනවා නම් තද බල ගර්ජනාවකි.

Oct 20, 2014

ෆේස්බුක් වල විද්‍යාවට ගරහන මහදැනමුත්තෝ හා ඉඳිකටු පැංචෝ - Somebodies and nobodies in Facebook



  • චානුක වත්තේගම

වත්පොතේ (ෆේස්බුක්) තරම් සිරා ගෝත්‍රවාදීන් පිරිසක් ලංකාවේ වෙන කොහේවත් නැතිය හෝ සමාන ප්‍රකාශයක් මෑතක උපුල් ශාන්ත සන්නස්ගල විසින් කර  තිබෙණු දිටිමි. මේ ඇත්තය. සමාජ ජාලයන්හි හොඳ හා නරක ගැන වසරකට වරක් පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ට දේශන දෙකක් පවත්වන මා වැන්නකුට වුව, තරමක ලජ්ජාවකින් හෝ, පිළිගන්ට වන තිත්ත ඇත්තය. ලජ්ජාව වත්පොතේ භූගෝලීය, දේශපාලනික, ජාතික සීමාවන් බිඳින්ට වන හැකියාව ගැන මා කාලයක ලොරි ටෝක් දී ඇති නිසාය. දැන් ලංකාවේ තරුණ පරම්පරාව වත්පොතේ සැබෑ වත අපට දක්වමින් සිටියි. තථ්‍ය ලෝකයේ ගෝත්‍රවාදය බොහෝ විට ජාතිවාදය, ආගම්වාදය හා කුලවාදය යන කිහිපයකට සීමාවෙයි. වත්පොතේ නිරුවත් ගෝත්‍රවාදය මින් බොහෝ එපිට යන්නේය. පළාත්වාදය, නගරවාදය, ගම්වාදය, පාසල්වාදය ආදී විවිධාකාර වර්ගවාදයන් මේ අතථ්‍ය අවකාශය තුළ කලෙකින් එළි පෙහෙළි නොකළ ඉඩමක වල් පැළ මතු වන්නාක් සේ බලා සිටිද්දීම මතු වෙමින් තිබෙන්නේය.

Oct 17, 2014

ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? - Who needs an economic policy ?


 
- මාතලන් -

(චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්...)

හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, "ඌවේ හූව" ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න ඇමති පෙරුම් පුරනා, නඟරං කාරයෝ දුටුවාම, මොළේ කළඳක් ඇති ඕනෑම ජහමනයෙකුට වැටහී යනවා ඇත. (රන්ජන් රමන යකාට ගේමක් දීමට, හිරු නාලිකාව වටලන්නේ, විවාදයේදි මතු වූ දේ සත්‍ය නිසාද? අසත්‍යයක් නම් අපහාස නඩු වලට යා හැකියි නේද? මොකෝ බඩුයි, නඩුයි, ජජුයි, ඔක්කෝම එයාලගෙ නිසා...)

Oct 16, 2014

එක්සත් ජාතික පක්ෂයට ආර්ථික ප්‍රතිපත්තියක් වහාම ඕනෑකර තිබේ. - Does UNP have an economic policy?


- චානුක වත්තේගම -

තව මාස කිහිපයකින් පවත්වන්ට නියමිතය කියන ජනාධිපතිවරණයේදී නායකත්වයේ වෙනසක් සිදු වනු ඇතැයි නොසිතමි. වැඩි සම්භාවිතාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාම පට්ට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගැන්මෙහිය. ඒ මේ ලියන මොහොතහි (ඔක්තෝබර් මුල) පවත්නා සමාජ-ආර්ථික-දේශපාලන වාතාවරණයට අනුව මගේ කියැවීමයි. තදහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට මීට වඩා වෙනස් කියැවීම් තියෙන්ට පිළිවන. මම ඔවුන් හා වාදයට නොයමි. දේශපාලන පොර බිමෙහි ඉන්නා තෙසක්-රිය පක්ෂ නායකයින්ගෙන් ප්‍රශ්න කළද තමන් කවදා හෝ රටේ නායකත්වයට පත්වනු නිසැකය කියනු ඇත්තේය. මහගමසේකරගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයේ එන චරිතයක් වන අළුත උපන් චන්දන පස්ගම්මන ළදරුවාගේ  දෙමාපියන්ද සිතන්නේ ඔහු කවදා හෝ ලංකාවේ අගැමැති වන බවය. (අගැමැති වන්ට සිටි චන්දන පස්ගම්මන දින කිහිපයකින් මියයයි.)  මේ සිහිනයන්හි ස්වභාවයයි. ඒ සිහින වලට සාපේක්ෂව, ලංකාවේ දෙවන විශාලතම මොනොලිතික පක්ෂයේ නායකයා වූද, අගැමැතිකම දෙවරක් දරා ඇත්තා වූද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති සිහිනය අනිවා-ඩෙෆා වඩා අර්ථාන්විතය. මගේ පෞද්ගලික කියැවීම් ඒ සිහිනයට බාධාවක් කර ගත යුතු නැතැයි හඟිමි. මට වැරදිය හැකිය. කාලානුරූපව සමහර දේ වෙනස් විය හැකිය.

ඉබෝලා ගැන දේශප්‍රේමියකුගෙන් - Ebola - By patriot


ඉබෝලා....!

Oct 14, 2014

Oct 13, 2014

විජ්ජාව, අවිජ්ජාව හා ගැලවිජ්ජාව - Science for Barbarians


"එදා විජ්ජා සන්නිවේදනේ අද නැත්තේ ඇයි...?" කියලා, අපූරූ ළිපියක්, චානුක වත්තේගම ලියලා තියෙනවා. දැන්, සම හරක් චානුක මරාගෙන කන්න හදනවා. එයා ලියන්නේ නෑ කියලා.. එහෙම ලියන සම හරක්, නන්දා, අද සින්දු නොකිව්වට අවුලක් නෑ කියලා, කලින් කියලා තිබුනා. ඒවට නම් අපේ ගමේ කියන්නේ, සෙප්පඩ විජ්ජා කියලා. හැබයි චානුක මතු කරපු දේ ගැන, මගේ මතයත්, සමහර අදහස් අතරේ තිබුනා..

Oct 12, 2014

එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි? - Science Communication: Are we going backwards?


 - චානුක වත්තේගම -

මගේ ළමා කාලය වැඩි හරියක්ම ගෙවී යන්නේ හැත්තෑව දශකයේයි. මේ අදට වඩා කෙතෙක් පසුගාමී සමයක්දැයි අද වැඩිහිටියන්ට සිහි කර ගත හැකිය සිතමි. ෆේස්බුක් නැත. ඉන්ටර්නෙට් නැත. ඩිජිටල් වීඩියෝ තැටි, සංගත තැටි නැත. ජංගම දුරකථන නැත. 3 ශ්‍රී මොරිස් මයිනර් කාර් එකක් හෝ අංක කරකවන දුරකථනයක් ඇති නම් ඒ පට්ට පොහොසත් ගෙදරකැයි සැලකෙයි. ළමයින් පාසලට යන්නේ පයින් හෝ බස් එකෙනි. දවල්ට කන්ට ගෙනයන්නේ පොල් සම්බෝල මැදට දැමූ පාන්ය. විසි එක් වන සියවසේ දෙවන දශකයේ දරුවන් ඒ පශ්චාත් නූතන ගල් යුගය සේ හඳුනා ගන්නේ නම් මම පුදුම නොවෙමි. ආපසු හැරී බලන විට ඒ යුගය එතරම්ම ප්‍රාථමිකය.

Oct 11, 2014

මලාලාට වෙඩි තැබූ උන්ට ස්තූතියි....!!! - Thanks, Who shoots Malala...!!!



මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් පුදලාය. ඇත්තටම ඒ සම්මානයට නියම වටිනාකමක් ලැබෙන්නේ මලාලා වන් වීර දරුවකුට, උඩුගම් බලා පිහිනන කෙල්ලෙකුට, ගොන් තකතීරු ආගම් වලට මුවාවි කරනා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව, යක්ෂයාගේ දත් තිස් දෙක මැද සිටම, නිර්භීතව තම අදහස ලෝකයාට දැන ගැනීම සඳහා, බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය එඩිතර මුස්ලිම් කෙල්ලෙකුට ලැබීම නිසාය.

Oct 8, 2014

පොල්ල, රබර් කෑල්ල හා සීයා (23+) - An old man with a Stick (13+)


මාතලන් හිතන්නේ, ළෝකේ පට්ටම බස් සෝර්විස් එක තියෙන්නේ, ලංකාවේ කියාය. අපේ බස් වල වෙනම් සඟිස්කුරුතියක් තියෙනවාය. ගමේ බස්වල එකකි. නගරේ බස්වල තව එකකි, ඒ සී බස් වල තව එකකි. ඒ අස්සේ දැන් අළුත්ම එක ඇවිල්ලා, ඇක්ස්ප්‍රස් වේ එකේ පුල් ලක්සිරි බස්ය. තාම ආසාවට වත් ඒකක යන්න බැරි උනත්, නෝනා නම්, මළ ගෙදරක් ගිහින්, මාතර ඉඳන් මහරගමට ඇවිත් ඒ බස්වලට බොහෝ පින් දුන්නාය.

Oct 6, 2014

හාමුදුරු කෙනෙක් අහසේ පාවෙනු දුටිමි..... - I saw a Monk is Flynig for sure.....

 

ඊයේ හැන්දෑවේ මම දැක්කා...
හාමුදුරු නමක් රහත් වෙලාද කොහෙද උඩින් යනවා..
ඔය හාමුදුරුවෝ අර චිරං ජයතු වහන්සේ දකින්න ගිය නිසා..
එහෙම ඵලයක් ලබා ගන්න එක සුළු දෙයක්..
මම අහල පහළ උන්ටත් කිව්වා..
උන් කිව්ව මට පිස්සු කියලා..
හාමුදුරුවෝ අගේට වඬිනවා..
අපි මිත්‍යාදිෂ්ඨිකයෝ නේ... ඒකයි..
අනික මම මලකුත් ගහලා උන්නේ..
අනේ මන්දා බං මේ කාලේ පේන එවා..

Oct 4, 2014

බට්ටිලාගේ කතාව - "Batti"..!!!


මේ පිළිබඳව ළිපියක් ලිව්වත්, හිතට මදි.. ඒ තරම් තුඡ්ච කාළකන්නි මිනිස්සු පිරුණ දේශයක් මේක. අනික ළිපිය ලිවීමෙන් පසු සිඳුවන ගරු රඟපෑම්, සිත් ගන්නා සුළුයි. කට කොනට සිනාවක් ගෙන එයි. පොලීසියට විත් පැමිණිල්ලක් කරන්න කියා ආරාධනා කරනා විට, තුන් කොනින් සිනා පහල වෙයි. කපුගේ ගේ අමරසිරි ගේ ගී අසා, අනේ අපොයි කියා හඬන වැලපෙන, ශෝක වන, ජාතියේ දූ පුතුන්ගේ සළු පිලි උනා දමා, නියම නිරුවත සමාජයට පෙන්වූ බට්ටියේ. උඹේ සටනට අපේ ආචාරය..

Oct 2, 2014

සන්නස්ගලගේ අම්මා සහ ලංකාවේ දුප්පත්කම - Sannasgala's 'Mother' and Poverty in Sri Lanka



  • චානුක වත්තේගම

මේ සටහන උපුල් ශාන්ත සන්නස්ගල ගේ කතුවරයා විසින්ම "ප්‍රබන්ධයකැයි සිතාගෙන කියවන්න" කියන 'අම්මා' නම් කෘතිය ගැන විචාරයකැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. ඒ විචාරය කිරීම වත්පොත (ෆේස්බුක්) පිරෙන තරමට ඉන්නා සන්නස්ගලගේ ගෝලයින්ට, මිතුරන්ට හා පසමිතුරන්ට පවරමි. මම ඔහුගේ ගෝලයෙක්, මිතුරෙක් හෝ පසමිතුරෙක් නොවෙමි.

හැබැයි සන්නස්ගල ගේ 'අම්මා' මටද වැදගත්ය. ඒ ඉඳුරා වෙනස් ආකාරයකටය. 'අම්මා' තරම් නිදහසින් පසු ඉතිහාසයේ ලංකාවේ දුප්පත්කම "මේං බලාපල්ලා" ය සනිදර්ශනය කරන වෙනත් කෘතියක් නොමැත්තේය. මම එය මගේ සිසුන්ද ඇතුළුව, දකුණු ආසියාවේ සංවර්ධනය හා දිළිඳුකම පිළිබඳව ගැඹුරින් හදාරණ සියළු අර්ථ ශාස්ත්‍ර විද්‍යාර්ථින්ට අනිවාර්යයෙන්ම කියැවිය යුතු ආශ්‍රිත ග්‍රන්ථයක් සේ නිර්දේශ කරමි.