.

.
Showing posts with label Gotagogama. Show all posts
Showing posts with label Gotagogama. Show all posts

May 12, 2026

වැදගත්කම හෙවත් මහත්මා දේශපාලනය

 


වැදගත්කම හෙවත් 

මහත්මා දේශපාලනය

➖➖➖➖➖➖➖⭕➖


ඊයේ මම දාපු පෝස්‍ට් එකක් නිසා සෑහෙම පිරිසක් අවුල් වෙලා... සමහර අය මට පෞද්ගලිකව කතාත් කලා... මේ අවුල් ගිය ඔක්කොම පොහොට්ටු බයියෝ.... හැබයි බයියෝ ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි.... මහින්ද මහත්තයා බයියෙක් කියපු අලි පාටියෙත් බයියෝ ඉතරක් නෙමේ... අමු ජාතිවාදියෝ, මූලධර්මවාදියෝ, ආගම්වාදියෝ වගේම ත්‍රස්ත අදහස් තියෙන ත්‍රස්තවාදියොත් ඉන්නවා....


නමුත් මේ සියල්ලන්ම කන්ට්‍රෝල් කරලා ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂයේ දැක්ම වෙනුවෙන්.. ඒ කියන්නේ vision and mission වෙනුවෙන් දක්කන එක තමයි ජනතා නියෝජිතයින්ගේ යුතුකම..... ඒකට තමයි මහත්මා දේශපාලනය කියන්නේ... වැදගත් දේශපාලනය කියන්නේ.... වැදගත්කම කියන්නේ.... උදාහරණයක් ඕන නම්.... ඩී බී විජේතුංග මහත්තයා අධ්‍යයනය කරන්න.... 


මේකට පෝට්ටු බයියෝ අවුල් යන්න ප්‍රධාන හේතුව තමයි... පෝට්ටු බයියෝ මෙන්ම සතුරා (විරුද්ධ පාක්ෂිකයින් හඳුන්වන අලුත්ම ක්‍රමය 😁💀😁) මම රාජපක්ෂවාදියෙක් හා පෝට්ටු බයියෙක්‍ය කියලා හිතාගෙන ඉන්න එක.... 


ඔව් මම රෙදි නැතිව ගෝටට කඩේ ගියා තමයි... හැබයි ඒ ගියේ 2015 මම කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට සහ ගෝටා කොළඹ හැදුවා වගේ රටම හදයි කියලා හිතාගෙන... 


ඒත් උන්නැහේ කළේ ත්‍රස්තවාදීන්ට ලේසියෙන්ම බලය ගන්න පාර හදලා.... එයාගෙම මිනිස්සු මරාදාලා... උන්ට පෝරියල් දීලා... හෙලුවෙන් යවලා.... බේරේ නාවලා.... උන්ගේ නිවාස දේපලත් ගිනි තියලා දාලා.... එයාලගෙ ජීවිත බේරගෙන රටින් පැනලා ගිය එක....


එහෙම කන්නත් හේතු තිබුනා.... කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම හරි කියපු ගොබ්බ දේශපාලුවොයි අනුගාමිකයොයි හිතුවේ බලය සදාකාලිකයි කියලා..... දැන් ගොඩාක් උන්ට මැයි 9 අමතක වෙලා....


දැන් අපි ඊයේ සිද්ධිය ගමුකෝ... 


මේ දැන් ඊයේ මහින්ද මහත්තයට බ්‍රයිබරියට එන්න කියලා කරන්නේ මොකක්ද ?  ඒක මහත්මා දේශපාලනයක්ද ?..... නෑනේ.... රාජපක්ෂලාට විරුද්ධ පිරිස් පවා පිලිගන්නවා  මේ කරන්නේ තනිකර දේශපාලන පලිගැනීමක් බව.... 


මහින්ද හොරා කාලා තියේ නම්, ඒ චෙක් නම්බරුත් තියේනම්.... කෙලින්ම අධිචෝදනා දාලා... නඩු අහලා හිරේ දැම්මාම ඉවරනේ....


මේක රනිල් ලොක්කට එරෙහිව කොටුව උසාවියේ විභාග වෙන නඩුවෙදි නඩුකාර හාමුදුරුවොම වළං සානියටයි.... දිලීප පොඩි පුතුටයි උන්ගේ මූණටම කිව්වා... 


මොකක්ද රිසාල්ට් එක... නඩුකාර හාමුදුරුවෝ ප්‍රමෝෂන් එකකුත් දීලා ආයේ ජීවිතේට නඩු බලවන්න බැරි තැනකට දැම්මා... මේ ආන්ඩුවේ සැමට සමාන නීතිය එහෙමයි 😁


ඔය රනිල්ට ඇප ලබාදෙන්න ආව වෙලේ බස් පිටින් සෙනඟ ගෙන්නුවේ නෑ නේ... ආපු බස් තුනෙත් සෙනඟ ආවේ නෑ.... එතෙන්ට ආපු ඔක්කොම ආවේ ස්වේච්ඡාවෙන්.... අනික එතනට හැම පක්ෂෙම උන් ආවා.... (දැන් කියන්න නම් එපා ඊයේ ආවෙත් ස්වේච්ඡාවෙන්‍ය කියලා 😁😁😁) 


එතන අවිනීතිව හැසිරුනේ....අර හැමතැනටම රිංගලා වැඩේ අල කරන්න ආන්ඩුවෙන් දාලා ඉන්න කොන්ඩයයි උගේ සෙට් එකයි.... හැමෝම දැක්කා ඕවර් ඇක්ටින් දඟලානා දාන්න ගිය ගෑණියෙකුට සාගල බනිනවා.... මමත් ඕගනයිස් කරපු උන්ට කිව්වේ.... මෙතන ගවයෝ වගේ හැසිරෙන්න කෑගහන්න දෙන්න එපා.... ඒක උපරිමයෙන් රැක ගන්න කියලා.... ඒ අතරෙත් අපතයෙක් සිරසට කෙලිය ගල් පාරක් ලාල්ට වැදුනා....


ඉතින් එතනට හැමෝම ආවේ ඇයි....? උන් දන්නවා එජපයේ හා සජබයේ මහත්මා දේශපාලනයක් තියෙනවා කියලා.... 


ඒත් බයියන්ගේ එහෙම විනයක් නෑ කියලා ඊයේ උදේම කොළඹට එන උන්... උන්ගේ ගොන් පාට් බුකියේ වීඩියෝ දාලම පෙන්නුවා...  ඒ ගොන් පාට් තමා මම විවේචනය කළේ.... ඒවයෙන් අන්තිමට කෙලවෙන්නේ රාජපක්ෂලාටමයි.... රාජපක්ෂලගෙ පවුලම නෙමෙයි... ලිමිණිලා රේප් කරන්නත් අරගල අපතයෝ මඟ රැකපු බව දැන් බයියන්ට අමතකයි....


ගොඩක් උන් කියලා තිබ්බා.... එකෙක්ට තියෙන්නේ එක චන්දයයි ඒක වැදගත් චන්දයක්ද මොකක්ද කියන දේ අදාලම නෑ කියලා.....


හැබයි එහෙම කියන අය මේ දේත් දැනගන්න.....


ඒ ගොබ්බ චන්ද එකක් දෙකක් නිසා හාඩ්කෝ බයියෝ පවා අද ඊට වඩා විනයක් තිබුන.... හා පෙන්වපු... ආයෙත් කියනවා.... විනයක් තිබුන හා පෙන්වපු ජෙප්පෝ (දැන් උනුත් සත්තු... උන් කොහොමත් සත්තු... උන් ත්‍රස්තවාදී... ඒකයි අපි උන්ට බලය දෙන්න එපා කිව්වේ... හැබයි උන් බලය ගන්නකන් විනයගරුක දේශපාලනයක් කලා... මිනිස්සු ඒවට රැවටුනා) රාජපක්ෂලා 2.5% ටම බැස්සුවාය කියන බවත්.....


ඉතින් දැන් ඔහේලා තීරණයක් ගන්න.... එහෙම ගොන් ආතල් සමඟ ඉදිරියට යනවද.... නැත්නන් තියෙන දෙකත් රැකගන්නවද කියනෙක....


මහින්ද මහත්තයට මගෙත් ගෞවරයක් වගේම ආදරයකුත් තියෙනවා.... ඒ 30 වසරක යුද්ධය නිම කිරීමට නිර්භීත නායකත්වයක් දීම වෙනුවෙන් හා ඉන් පසු රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන්....


ඒ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යහපාචනෙන් නවත්තපු එක අදටත් එතනමයි......


ඒත්... ඊයේ එතනට නොගියේ බයියො ගැන... බයියන්ට වඩා මම දන්න නිසා...


මහින්ද මහත්තයට මොළේ පෑදිලා තිබ්බා... එතන ගොන් ආතල් නොදී මාරු වෙලා යන්න....


ස්වස්ථි සිද්ධම් !!!!

.

Mar 29, 2024

ඇත්තේ චොයිස් දෙකකි....... මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?



 ඇත්තේ චොයිස් දෙකකි.......

මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ජනාධිපති අපේක්ෂකයා තමන් බව රනිල් විසින්... පසුපාදයේ ක්‍රීඩා කිරීමට එකඟ වූ බැසිලස් විත් සෙවන් බ්‍රේන් හට පැවසූ බවට කනින් කොනින් ආරංචි ලැබෙන්නේය... රනිල්ගේ බවුන්සර්, නෝ බෝල් හා වයිඩ් බෝල් හමුවේ... බැසිල් ලොක්කා පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කළ බව... විජේරාමේ මීටිමටත් කලින් කිව්වේ මාතලන් පමණමය.


රට්ටුන්ට පේන්නට රාජපක්ෂ පවුල මාර එක්සත් එකමුතු ක්‍රීඩා සමාජයක්‍ යැයි යැයි කිව්වාට... මණ්ඩලේ ෆුල් කචල්‍ය... දැන් මහින්ද රාජපක්ෂ පවුලේ ගෘහ මූලිකයා...  මහින්ද රාජපක්ෂ නොව... ශිරන්ති මැඩම් බව ඝෝඨාගෙ ප්‍රයිවට් සැකට්‍රි සුගීෂ්වරට කලින් අපි නම් දැනගෙන උන්නේය... එයාලා ඒවා දැනගෙන තියෙන්නේ දැන්‍ය.... ඒ... මහින්දව යෝගී කරන්නට ගොස් ලෙඩෙක් කළ දිනයේ සිටය. වයසට ගොස් යෝගී කරන්නට ගිය හැම එකාටම අත්වූයේ ඔය ඉරණමමය...


මැයි 9 වනදා බයියෝ ඉල්ලගෙන කෑවේ... ශිරන්ති හා යෝෂිතගේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලාය... ඇත්තටම දෙන්නාගේ ප්ලෑන් එක වුනේ ගෝටා එලවා දැමීම වුනත්, පුප චූන් වෙච්චි බයියෝ... ගෝල්ෆේස් අරගලයට නෙලන්න ගොස්... ජෙප්පන්ගේ හෙල්මට් බලකායෙන් දීපව්‍යාප්තව පුප නැති වෙන්නම කෑවේය.


සිරස, සාලිය පීරිස්, ක්‍රිස්තියානී හා මුස්ලිම් පල්ලිය, අරගලයේ උන් විදෙස් බලවේග යන සියල්ලන්ගේ ආශීර්වාදයෙන් එකතු වී.... ජෙප්පන්ගේ හෙල්මට් බලකාය හා කැම්පස් වැද්දාගේ මැර හමුදාව ලවා... (මුන්ගේ පිරිස්, හමුදාව හා පොලීසිය තුලද සිටින්නේය) ජූලී 9 වනදා සෙට් වී උන්නේ... රාජපක්ෂ පවුලේ සියල්ලෝත්..., පෝට්ටුවේ බිග් ෂොට් මෙන්ම... හමුදාවේ හා පොලීසියේ ටාගට් සියල්ලම.... ස්වර්ගස්ත කොට.... දේපල සියල්ල කොල්ලකෑමටය.


මේ සැලසුම පිළිබඳව ඊට පෙර මනූෂ නානායක්කාර විසින්... සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවේදී හෙලි කොට අනතුරු ඇඟවීමක් කලද... ඒ පිළිබඳව කිසිවකු තැකීමක් නොකලත්.... රනිල් වික්‍රමසිංහ දැණුවත්ව තිබීම කලින් සඳහන් කළ උන්ගේ වාසනාවක් විය. එහෙත් උන්දැගේ නිවස බේරා ගැන්මට නොහැකි වූයේ මුල්ම ටාගට් එක එය වී තිබීම නිසාය. 


රනිල්ගේ නිවසේ... ටොයිලට් සියල්ල කුඩු කර තිබීමෙන්... එය ජවිපේ ගේමක්ම බව ඉතා පැහැදිලි වූ අතර..., ටොයිලට් වලවල්, වැසිකිලි, අශූචී සහ ගූ සමඟ ජෙප්පන්ට ඇත්තේ ආත්මීය බැඳීමකීය. ටොයිලට් වලක් කඩාගෙන කෑම ගැන පක්ෂයේ සුප්‍රීම් නායක... ටිල්වින් සිල්වා සඕදරයා පවා නිතරම පවසන්නේ... ඒ බව තහවුරු කිරීම සඳහා මෙන්ම වහලුන් වෙත සිහිකැඳවීමක් ලෙසය.


මේ මිලේච්ඡ සමූහ ඝාතනය හා මංකොල්ලය සඳහා මොරි මාඩ අම්බරු ජනතාවගේද උපරීම සහාය ලැබෙනුයේ... ඒ වැඩේ කලහොත් එම ධනයෙන්.... මේ රට ගොඩ ගත හැකි යැයි යන අන්ධභූත මුග්ධ විශ්වාසයක් හා මිත්‍යාවක්... ජෙප්පන් විසින්... මෙරට නොව, රට රටවල පවා වපුරමින් යන පචය... රීගන්න බැරි තරමටම ගිලලා අහවර නිසාය.


ඒ නිසා.... එදා කරන්නට බැරි වූ ඒ මහා ලේ වැගිරීම, පලිගැනීම හා මංකොල්ලය ඉටු කර ගන්නට යන්නේ.... ජනාධිපතිවරණයෙන් නීත්‍යානූකූලවම බලය ලබාගෙනය. උන් බලයට පැමිණ කිරීමට යන ඒවා.... දැන් දැන් එකින් එක එලියට එන්නේ....  දැන් මොවුන් බලයෙන් මත්ව ගිනිකන වැටී සිටිනා නිසාය.


ලාල් අයියා - ප්‍රතිවිප්ලවය මර්ධනයෙන් අවසන් කරන බවත්..., පින් හඳුනා - IMF එලවා දමන බවත්....,  උමා ඔයේ හිලා - දිනපු දා රෑම...කැබිනට් තීරණ වලින් රට පාලනේ කිරීම ආරම්බ කරන නිසා බත් කන්නේ බලාගෙන බවත් කියන්නේ.... බොරුවට නොවේය. මේ බවද... මාතලන් කලින් ලීවේය. ඒ මුන් බලයට පැමිණියහොත්... රටේ නීතිය, අධිකරණය, ව්‍යවස්ථාව, විධායකය යන සියල්ලම ජවිපේ දේශපාලන බල මණ්ඩලය බවය.


ඒ බව ටිල්වින් සිල්වාද ඊයේ පෙරේදා සනාත කළේ.... ජාතික ජන බලවේගය කියා ලබ්බක් ඇත්තේ නැති බවත්... ජාතික ජන බලවේගය කියන්නේ.... ජනතා විමුක්ති පෙරමුණනම බවත්... එහි ප්‍රතිපත්ති හා න්‍යායපත්‍රය ජවිපේ එකම බවත්...  ඔවුන්ගේ වාදය - මාක්ස්වාදයම පමණක්ම බවත් කියලාය.


අනුර කුමාරයා වැන්කූවර් ගං කබරුන්ගේ අත්පොලසන් හා විසිල් හඬ මැද්දේ කියා සිටින්නේ... එම සංහාරයෙන් පසු.... රටේ ජනතාව ..... සුද්දා මේ රටින් එලෙව්වාටත් වඩා ප්‍රීතී ප්‍රමෝදයට පත්වනු නොඅනුමාන බවය. (මෙවා ගැඹුරින් තේරුම් ගැනීමට තරම් සවිඥානික බුද්ධියක් රට පාලනය කරන උන්ට නොමැති වීම.... අම්බරු ජහමනයාගේ අවාසනාවකි.)


ජුනී 9 වනදා සිඳුවීමට ගිය ඒ මහා මිලේච්ඡ සමූහ ඝාතනයෙන් හා දැවැන්ත මංකොල්ලයෙන් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ බව.... දැන් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතකය. බැරි වෙලා හෝ එදා පාර්ලිමේන්තුව ගිනි තැබුවේ වී නම්..., ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම ඉතා පහසු කාරියක්ම වන්නේය. 


ඉදින් මේ නිර්ප්‍රභූ ග්‍රාමීය ළි මැඩි හැතිකරයට බළය ලැබුනොත් වෙන්නට යන දේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇති... ඉන්ගිරිස් දන්නා උගත් මධ්‍යම පාන්තික රැඩිකල් වම්මුන් පවා රනිල් වෙත සහාය දැක්විම.... නිර්මාල් රංජිත් දේවසිරිලාගේ උදහසට ලක්ව ඇත්තේ ඒ නිසාමය.


ඉඳින් 56 අම්බරු බන්ඩාරනායකගේ රෙද්දේ විප්ලවයෙන් ගොඩ විත්.... රාජ්‍ය සේවය මෙන්ම රටේ සෑම අංශයක්ම විනාශයෙන් විනාශයට පත් කළ ප්‍රජාවේ එකෙක් වන.... මේ අනුන්ගෙන් ඉල්ලාගෙන කන... පට්ට ගෝත්‍රික.. ග්‍රාමිය ළිං මැඩි... හීනමාන රැකියා විරහිත නිර්ප්‍රභූ බයිලා චැම්පියන් කුමරෙකුට රට බාර දී... කියුබාවේ, වැනිසියුලාවේ, උතුරු කොරියාවේ වගේ ඉල්ලාගෙනම කනවාද.....


එසේ නොමැති නම්...  විල්බැරෝ පුරවා සල්ලි ගෙනගොස් පාන් ගෙඩියක් ගේන්න වෙනවා යැයි යැයි කියූ... ඩොලර් එක 600 ට යන්නේ යැයි යැයි කියූ... කුර හා අං සහිත හාල්පාරූ ලාංකීය ආර්ථික බක පන්ඩිතයින් නොව.... මුලු ලෝකයේම ආර්ථික උස්තාද්ලා හා ආයතන සියල්ල පවා හොල්මන් කරමින්...බංකොලොත් රාජ්‍යයක්.... මාස 18 තුල දී ..... උද්ධමනය ජනතාවට නොදැනෙන තරමටම අඩු කොට... විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා වර්ධනය කළ දියසෙන් කුමරා වටා එක්වනවාද යන්න....


ආර්ථිකය පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා..... අම්බරු ජනතාවගේ තීරණයක් නොව... උන්ව දක්කාගෙන යන.... දක්ෂිනාංශික දේශපාලු හැතිකරයේ තීරණයක්ම බව ලියා... මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.

.

.

ඒ වගත් මෙසේය.....

.

Jul 5, 2022

IMF කියලා තියෙන්නේ මොකක්ද? අපේ උන් ඒවා හෙලි නොකරන්නේ ඇයි? අපේ උන්ට ඒවා කරන්න පුලුවන්ද?

 

IMF එක කියලා තියෙන්නෙත් රෝන්ග් ජෙනරේෂන් එක කියපු එකමයි.


ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනෙක.


ඊයේ පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා මේක කිව්වා. IMF Reforms කරන්න නම් ඔක්කොම පක්ෂ එකතු වෙන්න ඕනෙයි කියනෙක. ඒ කියන්නේ ඔක්කෝම පක්ෂ ඉන්න ආන්ඩුවක්. ඇත්තටම මුන් එහෙම එකක් ඉල්ලන්නේ රිෆෝර්ම්ස් කරන්නද? සංසාරෙදි කරන්න වෙන්නේ නෑ. උන්ට ඕන ඇමතිකමක් ගන්න විතරයි.


මේ බයිලා ගහන්නේ, ඊයේ පෙරේදා සපුගස්කන්ද පෞද්ගලීකරණය කරන්න යනවට ඒකට ජීවීතේට ඉඩ දෙන්නේ නෑ කියපු, සිරිසේන කියන පිස්සත් එක්ක රජයක් පිහිටුවන්න යන බූරුවෙක්ගේ ආන්ඩුවක මුදල් ඇමති.


මේ රටේ ජාතික ආදායම ආන්ඩුවේ උන්ගේ පඩි හා විශ්‍රාමය ගෙවන්නයි, ණය ගෙවන්නයි මදි කියලා ඊයෙත් බන්ධුල ආචාරියා කිව්වා.


IMF වල ප්‍රධාන යෝජනාවක් වෙන්නේ මේ පාඩු ලබන ආයතන ගැන මොනවා හරි කරන්න කියලා විතරක් නෙමෙයි. ඒවයෙ තියෙන අදට නොගැලපෙන AR & FR පවා වෙනස් කරන්නෙයි කියලා. කොටින්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කල යුතුයි කියලයි. ඒ කියන්නේ නීතිය පවා වෙනස් කරන්න වෙනවා.


කොටින්ම තව අවුරුදු 15 කින් එන ලෝකයට යන දරුවට තාම උගන්වන්නේ සුද්දගෙ සිලබස්.


අපේ AR & FR කියන ඒවා තියෙන්නේ දෙයක් කරන්න නෙමෙයි, නොකර ඉන්න. මේ අර්බුධය අස්සෙත් වැඩ වර්ජන කරන 1/4 කන්නි ඉන්න රාජ්‍ය සේවයක් ගැන කවර කතාද?


තෙල් ගේන වැඩේ කරන්න නිළධාරීන් 400 ක් ඉන්නවලු, උන් කරන්නේ තෙල් ගේන නැවත් හරවලා යවන එක. මෙච්චර සේවකයෝ ඉන්න පෙට්‍රෝලියම් එකේ ඉරිදට නිවාඩු. තෙල් බෙදාහැරීම නෑ. ඔය ඉන්න සේවක කන්දරාවෙන් ෂිෆ්ට් ක්‍රමයට පැය 24 ම සේවය දෙන්න පුලුවන්.


විදුලිබල මණ්ඩලයේ ඉඦිනේරුවෝ 2015 ඉඳන් එක වොට් එකක් ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා නැතිව විතරක් නෙමෙයි. තමන්ගේ වියදමෙන් කොම්පැනියකින් සෝලා පැනල් එකක් සවිකරගන්න පාරිභෝගිකයට, ඒකට අවසර දෙන්නෙත් නෑ. ඒ උන්ගේ ඩීසල් මාෆියාව රැකගන්න.


ජාතික සම්පතක් කියන ශ්‍රී ලන්කට් ගුවන් සේවය වසරකට බිලියන 60 ක් පාඩුයි. තෙල් සංස්ථාවත් එහෙමයි. එක ඇරොප්ලේන් එකකට සේවකයෝ 270 යි. ලංගම බස්සෙකේ තත්තෙත් එහෙමයි. 


මේවා තියාගෙන ඉන්නේ ඒ ඒ ආන්ඩුවේ හෙංචයියන්ට රැකියා දෙන්න. කොටින්ම අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. ඉතින් මේ එකක්වත්, ඔය එකෙක්වත් ප්‍රතිව්‍යූහගතකරන්නේ නෑ.


ලංගම හා කෝච්චි අනික. ඒත් මේ සියල්ලම අධික ලාබ ලබන්න පුලුවන් බිස්නස්. ඒත මේවා රන් කරන්නෙ සමාජවාදී රටවල වගේ ආන්ඩුවෙන්. ඉතින් සංසාරෙදි මේ ආයතන ලාබ ලබන්නේ නෑ. හොරකම දූෂණය නාස්තිය රජකරන හොර ගුහාවල.


අනික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සත පහක වැඩක් ඇති තැනක්ද? සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. පර්‍යේෂණාගාර ඕන නම් විස්ස විජ්ජාලවලට අනුබද්ද කරන්න පුලුවන්.


කවුරු හරි කියනවා නම්, මේ 225 එලෙව්වාම මේක හරියනවා කියලා, මාතලන්ට නම් ඒ අමණයන්ට කියන්න තියෙන්නේ ඒ ආතල්ලෙකේ ජීවත් වෙයල්ලා. හැබයි අපි ඉස්සර ඉඳන් කියන, දැන් IMF ඇවිත් කියන ඔය රිෆෝම්ස් කරනකන් මේ රට ගොඩයෑම බොරු කියලා.


ඕවත් රැකගෙන කරනවා නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයයි. මම හිතන්න IMF එකත් පුච පෙන්නලා ගිය වෙලේ කස්ටිය කරන්න යන්නේ ඒක. ඒ තමයි බැසිල් මෙතඩ් එක.


එක්කෝ ඒක කරන්න ඕන. නැත්නම් IMF කියන දේ කරන්නෝන. මතක තියාගනිල්ලා මොකා ආවත් ඔය එනවයි කියන නැව් ටිකට ගෙවන්නවත් ආන්ඩුවට සල්ලි නෑ.


අනුර කුමාරයා නෙමෙයි, ප්‍රේමදාස කුමාරයා තියා රාජපක්ෂ කුමාරයා ආවත්, ඔය සිස්ටම් දෙකෙන් එකක් නොකර, නන්දලාල්ලගෙ කුමාරස්වාමිලගෙ ඉකොනමි තියා ලෝක බැංකුවේ ඉකොනමි තියරි වලින්වත් මේ රට ගොඩගැනිලි බොරු.


ඒ වගත් මෙසේය.....


.

Jun 26, 2022

ඉන්ධන හිඟය හා බය ඝෝඨා

 


ඉන්ධන මාෆියාවක් ඇති වූවායින් පස්සෙ, ඉන්ධන නැව් පෝලිමේ ගෙනත් බෑවත්, දැන් ඔය පෝලිම් නැති කිරිම බොරුවක් කියලා අපි මුලින්ම කිව්වා... ඒවට විකල්පත් ලිව්වා...

මොකෝ එහෙමනම්,

කුඩු මාෆියාව, හාල් මාෆියාව, විදුලිබල මාෆියාව, රාජ්‍ය නිළධාරී මාෆියාවත් නවත්තන්න පුලුවන් වෙන්නෝන....

අපි කල යෝජනා සමහර ඒවා අවසාන මොහොතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ..

එතකොට ටූ ලේට්..

මේ ආන්ඩුව කරන උන්, හැම එකාටම බයයි...

ජොස්තරලට විශේෂයෙන් ..

උන් නිසා රට කීප සැරයක් වැහුවා..

මුස්ලිම් ප්‍රජාව තරහා කර ගත්තා...

සල්ලි අච්චු ගහන්න උනා...

දැන් පණ බයේ ස්වකැමැත්තෙන්ම..

ජනාධිපති නිවාස අඩස්සියට පත්වෙලා ඉන්නේ...

ආයුධ සන්නද්ධව ඉන්න හමුදාවේ පොලීසියේ  උන් ඉස්සරහා.... මිනිස්සු විතරක් නෙමේ.... හමුදාවේ පොලීසියේ උනුත් මරා ගන්නවා..

අඹේපුස්සෙදි නීතිය ක්‍රියාත්මක කරන උන්ගේ කොන්ද කඩලම දැම්මා..  

දැන් පොලීසිවලින් හමුදාවලින් වැඩක් නෑ..

උන්ටත් නිවාඩු දීලා ගෙදර තිබ්බා නම්,

ඒ වාහන කන්දරාවට යන තෙල් ටිකත් ඉතුරුයි..

ආයුධ ටික ඇමරිකන් ඇම්බැසිඩර් නෝනට පරිත්‍යාග කරානම් යූක්‍රේනයට දෙන්න කියලා..

එයාලා තවත් සතුටු වෙයි..

අපේ උන්ට ගෙවතු වගාව කරන්නෙයි කිව්වාම හරි...

දැන් අපි කියපු ඒවා ඔටෝ වෙනවා...

ඉන්ධන දෙන්නේ අත්‍යාවශ්‍යම සේවා සපයන ආන්ඩුවේ වාහන වලට...

ඒ, ඩිපෝ මගින් පමණයි...

අපි ඕක මුලින් කිව්වා, 

ඊට අමතරව ත්‍රීවීල් වලටත් දෙන්න කියලා..

ඒක උන්ගේ ජීවිකාව.

ඊළඟට Uber හා Pick Me උන්ට

සංචාරක ක්ෂේත්‍රයේ වාහන වලට..

එච්චරයි...


රටේ ඔක්කෝටම වගේම ආන්ඩුවටත් ජොස්තරලා විතරක් වනරබල්...

ඇයි එතකොට ලෙඩ්ඩු ඔටුවොද?

උන් පයින්ද ඉස්පිරිතාලේ එන්න ඕන...

ඝෝඨා ඔයා අසමත් කියලා ඔයාම පිලිගත්තා...

දැන්වත් ඕක කැමැත්තෙන් දීලා යන්න...


නැත්නම් රනිල්ට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න...

මක්කා කරත් ඒ මනුස්සයා කරන්න උත්සාහයක් හරි ගන්නවා...

විදුලිබල පනත සංශෝධනය කර ගත්තෙත් උන්නැහේ නිසා...

නැත්නම් තමුන්නැහේ ඒකත් අකුලගන්න ගියේ..

හූනියන් කාරයන්ට බයේ...


ඔහේ ඝෝඨාබය නෙමේ

බයඝෝඨා....

.

©® Priyantha Hewage Maathalan

Jun 24, 2022

කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.



.

කහ පාට ඇඳපු උන් ජයග්‍රහණය කරලා අහවරය. අවසන් තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත්තත්, එය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවීය. ඔස්ට්‍රේලියානූ නායකයා තම ස්තූතිය සිංහලෙන්ම ප්‍රකාෂ කොට සියළුම ප්‍රේක්ෂකයින්ට උපහාර කළේ පිටිය වටා ගමන් කරමින්‍ය. මෙවන් දසුනක් ක්‍රිකට් ඉතිහාසයේම නොතිබූ දෙයක් වූ අතර, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේම අවධානය දිනාගෙන අහවරය.


අරගලයේ හා විපක්ෂයේ කළු අඳිනා අපතයන් මෙම තරඟාවලියට මුල සිටම විරෝධය පෑවේය. උන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රේලීයානූ පිල යලිත් හරවා යැවීමටය. මෙතෙක් ලංකාවේ පහළ වූ දුර්වලම පාලකයාගේ නෝන්ජල් ක්‍රියා හමුවේ, විපක්ෂය එරෝෆ්ලොට් කුමණ්ත්‍රණය ජයගෙන රුසියානූ සංචාරකයින් ඒම නවතා දැමුවද, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන උන් පෙලගැසී සිටියේ ආදරෙයේ අරගලකරුවන් කියනා මිලේච්ඡයින්ට හොඳ සංග්‍රහයක් ලබා දීමටය.


පොන්නි සම්බා හාල්ද කොහෙද කන පාලකයින් පිරිසක් හමුවේ, රටේ සාමාන්‍ය ජනතාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ, අරගලයේ අපතයන් ජයග්‍රහණය කලහොත් මේ රටේ සිඳුවිය හැකි දේ මුළු ලෝකයම මැයි 9 වනදා තම නේත්‍රා වලින්ම දැක ගත් නිසාවෙන්‍ය.


දැන් රටේ ජනතාව නොව මේ අපතයන්ට උඩගෙඩි දුන් නීතීඥ ප්‍රජාවද මුන් ප්‍රතික්ෂේප කරමින් සිටීම රටේ වාසනාවක්‍ය. මුන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව, "ප්‍රචන්ඩත්වවාදී" පාලනයක්‍ය. උන්ගේ මතයට එහා මතයකට කිසිඳු ඉඩක් ඇත්තේ නැතිය. සියල්ලෝ උන්ගේ මතයට අවනත විය යුතුය. සංවාදයට විසංවාදයට තබා විරුද්ධ මතයක් දරන්නෙකුට අරගල භූමියට පැමිණීමත් තහනම් භූමියක්‍ය.


දැන් උන් උන්ම මරා ගන්නා තත්වයකට පත් වී තිබීමද රටේ වාසනාවක්මය.


කෙදිනක හෝ මේ අපතයන් බලයට පත් වුවහොත් මේ පාලකයන්ට හා ජනතාවට අත්වන්නේ, මියන්මාරයේ අවුන් සාන් සූකීට හා එරට ජනතාවට අත් වූ ඉරණමට මුහුණ දෙන්නටය. අද එරට ප්‍රාජාතන්ත්‍රවාදය ඉල්ලා පැමිනි පිරිස කොහේදෝ කියා නැතිය. ජිනීවා වල නෝනාටත් උන්ට අත් වූ ඉරණම ගැන වගේ වගක් නැතිය.


එහෙත් අපේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය ගරු කරන නිදහස් සාමකාමී ජනතාවගේ වාසනාවට මේ අපතයන් දැන් එකෙක්වත් ගනන් ගන්නේ නැතිය. ඒ බව පෙනුනේ ඊයේ පමණක් නොවේය.


⭕ අරගලයට දින 50 පිරුණු දිනයේ රටේම ජනතාව ගෝල්ෆේස් ගේනවා කිව්වාට එකෙක්වත් ආවේ නැතිය.


⭕ ඉන්පසු සිසු විරු දිනයේ බුකියේ ගෝල්ෆේස් එන්නැයි කියා මේ අපතයන් කළ ඉල්ලීම එකෙක්වත් ගනන් ගත්තේ නැතිය.


⭕ ඒ හැර, ඉන් පෙරද, අතනට එන්නැයි, මෙතනට එන්නැයි කී ඉල්ලීම්ද ජනතාව පයිසයකට මායිම් නොකලේය.


⭕ වරෙන්තු නිකුත් කල උන් බාර වෙන්න ආ පෙලපාලියට 50 ක් වත් ආවේ නැතිය.


⭕ මුන් පෙනී උන් යූක්‍රේනය හා සෙලන්ස්කි අද පුටින්ගෙන් පොරි හැලෙන්නම කනවාය.


⭕ මුන්ගේ ව්‍යවස්ථාවක් වූ 21 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි නිසා විසිකර දමන ලෙස අධිකරණය කතානායකට අණ කළේය.


⭕ මුන් පෙනී සිටී හොලිවුඩ් නළු විල් ස්මිත්ට අවුරුදු 10 කට ඔස්කා තහනම් වූයේය.


⭕ ඊයේ සිරගත වූ අපතයන්ට ඇප දෙන්නට කළු කෝට් කාරයෝ 20 ක් වත් නැතිය.


ඇත්තටම දැන් ඔතන ඉන්නේ, ආහාර ලැබෙන නිසා කොළඹ වතුවල උන් කුඩ්ඩන්, පුරඟනන්, හිඟන්නන් හා දේශපාලන හිඟන්නන් වන ජෙප්පන් හා පෙරට්ටන් හෙවත් වමේ ලුම්පන් පිරිස පමණය.


එවන් අපතයන් පිරිසක් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම රටේ වාසනාවය...


ඝෝඨා ජනපති කමෙන් "ඉවත්විය" යුතුයැයි අපට කියන්නට බැරිය. ඒ ඔහුට ලක්ෂ 69 ක ජනවරමක් තිබෙනා නිසාය.


එහෙත් රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.


එහෙත් එය කළ යුත්තේ ඊට ව්‍යවස්ථාව තුල ඇති ඉඩ කඩ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මිස, පාර්ලිමේන්තුවෙන් පිට ආඥාදායකයක් ක්‍රියාත්මක කිරීමට නොවේය.


ඒ වගත් මෙසේය.....


©® Priyantha Hewage Maathalan 

.

May 17, 2022

රට ආර්ථිකමය, සමාජීයව හා දේශපාලනිකව කඩා වැටුනේ ඇයි?

 


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ගොඩාක් ආර්ථික විශේෂඥ බක පන්ඩිතයින්ට අමතක වූ දෙයක් තමා යුද්ධයට කොතරම් මුදලක් වැය කලාද කියනෙක.

අන්තිම කාළේ පතොරොම් ගේන්න සල්ලි තිබ්බේ නෑ කියලා මෑතකදි හෙලි වුනා. 

ඒ නිසා කොහොම හරි කරලා යුද්ධය ජයග්‍රහණයකින් නිම වීම අස්වැසිල්ලක්. නැත්නම් ඒ වියදමිනුත් සතේක වැඩක් නෑ. අද හැම එකාම ඩෙඟා නටන්නේ ඒ නිසා.

රණසිංහ ප්‍රේමදාසගේ පාලනයෙන් පස්සේ ඒ කියන්නේ 1993 පටන් 2010 දක්වා රටේ කිසිඳු සංවර්ධන ක්‍රියාවලියක් සිඳු වුනේ නෑ. එපමණක් නෙමේ සංචාරක කර්මාන්තයටත් කෙලවෙලා තිබුනේ.

ඒත් ඉකොනමි එක දිව්වේ, ව්‍යාපාරික ප්‍රාජවට හා ක්‍රියාවලියට ආන්ඩුව ඇඟිලි ගගන්න නොහියපු නිසා. මේ ආන්ඩුව නාගත්තේ ඒ වැඩෙන්. ඒවා අපි මුල ඉඳලම ලිව්වා. පයිසෙකට මායිම් කළේ නෑ.

යුද්ධයෙන් පස්සේ සුද්දයත් එක්ක ආපු කළු ආර්ථිකය නිසා සමස්ත ආර්ථිකයේ ලොකු ගෝ එකක් තිබ්බත්, රාජ්‍ය සේවය 100% වැඩි කරලා , උන්ට මෝටර් සයිකල්, ත්‍රී වීල්, බෑන්ක් ලෝන් පවා දීලා අමු පිස්සුවක් කෙලියා.

ඒක එකක්... 

අනික 2015 සිට මේ දක්වා කිසිඳු විදෙස් ආයෝජනයක් හෝ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම...

ඒ අස්සේ රනිල් රටට ඔරොත්තු නොදෙන මූසල රාජ්‍ය සේවයේ උන්ට රුපියල් 10,000 කින් පඩියත් වැඩි කළා. බඩු මිළ අඩු කලා. 

එක මෙගා වොට් එකක් පද්දතියට එකතු කලේ නෑ.

ඒ උනාට සුපර් ලක්ෂරි එපාර්ට්මන්ට්ස් ගැහුවා... ඒ වැඩි වන නිවාස වලට ජලය විදුලිය හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරන්න මෙලෝ දෙයක් කළේ නෑ.

ඊට පස්සේ ගෝඨා ඇවිත් කෙලපු පිස්සු හැමදාම ලියපු නිසා ආයේ ලියන්නෝන නෑනේ.

ඔන්න දැන් කොළඹ වරායටත් කෙළවෙන්නයි යන්නේ. රටේ නැවතත් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක නිසා කොළඹට එන නැව්, ඒ ගමන් බංගලාදේශයට යන්නයි යන්නේ.

මේවට වග කියන්න ඕන දේශපාලකයෝ විතරක්ම නෙමෙයි. නිළධාරී මාෆියාව මෙන්ම ජනමාධ්‍යයත් ඊට වඩා වැඩියෙන් වග කියන්න ඕන.

දැන් රට ආර්ථික වශයෙන් නෙමෙයි, දේශපාලන වශයෙනුත් අනාථයි. හමුදාව පොලීසිය අකර්මන්‍යයි. උන් නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. අධිකරණයෙන් උන්ගේ අත් ගැට ගහලා.

හමුදාවට පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම්, රජයට උන්ව ආරක්ෂා කරන්න බැරි නම්, ජනතාව නීතිය අතට ගත්තාම වෙන දේ මැයි 9  වෙනිදා මුළු ලෝකෙටම පෙන්නුවා.

ඒවයේ ආරම්බය වන, මිරිහානේ සිද්ධියට අත් අඩංගුවට ගත්ත වුන්ට අත්පොලසන් දීලා, හුරේ දාලා ඒවට අනුබල දුන්න, නීතීඥ ප්‍රජාව අද ශ්‍රක්‍රාණූ කෑ රිලව් වගේ කොහේද කියලා හොයා ගන්න නෑ.

ආන්ඩුවේ අම්බරුවොයි, ඩොන්කියොයි, පොලීසියෙන් හමුදාවෙන් ඉවත් කරන්න ඕන ඒවා, එයාලා ඉවත් කරන්න ගිහින්, බේරෙන් නාලා, ගිනි කෙළි සංදර්ශණ පෙන්නලා දැන් ගවගාලේ කඳුළු පෙරනවා.

කොහොම හරි විධායකයි, ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, ජඩමාධ්‍යයි, ජනතාවයි සියල්ලෝම එක් වෙලා මේක නැවතත් ලේ විලක් කරන බව නම් ඒකාන්තයි.


ඒ වගත් මෙසේය..

.

May 14, 2022

මහින්දලා රනිල්ලා ටැක්ටිකල් පොලිටික්කෝ නොවේ.

 


මාතලන් මුල සිටම කීවේ, ලන්ඩනයේ හයිඩ්පාක් පිටිය මෙන්, "ගෝටාගෝගම" සැමදා තියෙන්නට ඕනා කියාය. "නයිට් ඉවෙන්ට්ස්" නැති ලංකාවේ, සංචාරක ව්‍යාපාරයට අත්‍යාවශ්‍යම අංගයක් වන, "නයිට් ලයිෆ් කල්ට්" එක ආරම්බ කළ හැකි අපූරූ ස්ථානයක් හෙයින්, මෙය වැඩි දියුණු කර, සීගිරිය මෙන් "Must Visit Place in Sri Lanka" ගොඩට එක් කර ගත යුතුය.

ඇත්තටම ඔතන පටන් ගත්තේ පොලිටික්කන් හෝ පාක්ෂිකයින් පිරිසක් නොව, දේශපාලන ලැදියාවන් තිබූ, "රැස" පත්තරේ වැඩ කළ, "මංගල මඩ බලකායේ" උන් හා විකල්ප පත්තර යැයි කියනා, එහෙත් වෙනත් දේශපාලන ඇජෙන්ඩා වලට වැඩ කරන මාජ්ජකාරයෝ සෙට් එකක්‍ය, මොවුන් වැඩි පිරිසක් මගේ හිතවතුන් නිසා මම ඒ බව හොඳින් දන්නවාය.

එතන සිටිනා පිරිසද, ඔවුන්ගේ කලාවද, අදහස්ද, ජනප්‍රිය ප්‍රධාන ධාරවෙන් වෙනස් වූ, දියුණු යැයි ඔවුන් විසින්ම හදුන්වා ගන්නා, සාම්ප්‍රදායෙන් එහා ගිය නිර්මාණයන්‍ය. කූඩාරම් ඉඳිවෙමින් ගෝටාගෝගම නිර්මාණය වෙන්නේ ඒ අනුවය. 

ඇත්තටම මොවුන් සන්නස්ගලගේ හා රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ අනුගාමිකයෝය. මා ඔවුන්ගේ අනුගාමිකයකු නොවූවද, ඔවුන්ගේ බොහෝ දේ ප්‍රියකරනා පුද්ගලයකු බැවින් මමද නිතර එහි ආ ගියෙමි.

එහිදි කතාබහ කළ සියල්ලන් සමග කීවේ, ඕවා කලා කියා කිසි දිනෙක රාජපක්ෂලා යන්නේ නැත කියාය. ඇත්තටම මෝඩ බයියන් 9 වනදා අරලිය ගහ මන්දිරයට රැස් කරවා කළ අමණ ක්‍රියාදාමය නොවන්නට, අදටත් අගමැති මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේමය. තමන්ගේ ගේ අසල් උද්ඝෝෂණයක් කොට බස් ගිනි තබුවාම කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වන්න කියනා අය නායකයෝ නෙමේය.

මහින්ද රාජපක්ෂ එලවන්නට මාස ගානක් ගියත්, මේ ටික්ටොක් පරපුරට බැරි වුවද, උන්ගේ බලාපොරොත්තුව ඉටු කලේ, බේරේ වැවෙන් නා තමන්ගේම ගෙවල් ගිනි තබාගෙන මහපාරේ මියගිය මෝඩ බයියෝය.

ඒ අස්සේ ගෝටාගෝගම සංවර්ධනය කිරීමට නව අගමැති රනිල් විසින්, රුවන් විජේවර්ධනගේ හා රෝසි සේනානායකගේ නායකත්වයෙන් යුතු ග්‍රාම සංවර්ධන කමිටුවක් පත්කරලා තියෙනවාය.

එනයින් බැලූ කල මෙයින් පැහැදිලි වන්නේ, මහින්දවත් රනිල්වත් ටැක්ටිකල් පොලිටික්කෝ නොවනා බවය. මා එදා ඉඳන් කියන්නේ, මහින්ද දේශපාලනය කරන්නේ, තම PR එකෙන් හා ඇඟේ හයියෙන් බවත්, රනිල් කරන්නේ කාගේ හෝ පොතක තිබෙනා දේ බවත්‍ය.

එසේ නොවූයේ නම්, මහින්ද කිසි දිනෙක විමල් වාගේ ගුණමකු අපතයෙක් තමන්ගේ දකුණු අත කර ගන්නේ නැතිය. රනිල් කිසිදා සජිත්ට යන්න දෙන්නේ නැතිය. ඒ ගැන පසුව ලියන්නේය.

ඇත්තටම ගෝටාගෝගමට එරෙහිව මහින්දලාට හා බයියන්ට කරන්න තිබුනේ, පාර්ලිමේන්තුව ඉස්සරහා පිට්ටනියේ "ඕනෑගම" හෝ #wewantgota ගමක් දානා එකය. ඒක මීට වඩා නැගලාම යන්නත් ඉඩ තිබුනේය.

මොකෝ, ඝෝඨා ජනපති කරන්න සමස්ත ලංකා කට්ටඩියන්ගේ සංගමය මෙන්ම, රටේම ඉන්නා තක්කඩින්ගේ සංවිධානද බැහැලාම වැඩ කළ නිසාය. එහෙම නැත්නම් "කහඳගම" කියා නම් කොට, ලී කෙලි සංදර්ශණ විතරක්ම පෙන්නන්න තිබුනේය.

රනිල්ට දැන් තියෙන්නේ කොල්ලන්ට කරගන්නා ගමක් කර ගන්නට දී, ඒ ගම කන්නේ නැතිව. අළුත්කඩේ කොඩිගහ අසළ සිටිනා ප්‍රේමදාසගේ පිළිරුව අසල පිට්ටනියේ "පුතාNoගම" කියා ගමක් පටන් ගන්නා එකය. 

රනිල් කියන්නේ ඝෝඨා මෙන් නොව ලක්ෂ 71.1 මැන්ඩේට් එකක් තිබෙනා නායකයෙක් නිසා, එම ගම ඔය ස්ථානයේ කිරීමෙන් ආන්ඩුවට පාට් දානා කළු කෝට් කාරයන්ද මෙල්ල කර ගතහැකි වනු ඇත්තේය.


ඒ වගත් මෙසේය....

May 1, 2022

රට භංකොලොත් වූයේ කෙසේද?

 


By - Duminda Ratnayake

මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.

අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.

1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම.

Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.

Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.

මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.

රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.

මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි

මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.

Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා.

මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.

2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම

2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.

එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.

මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මෙහෙම කරන්නෙ ඇයි කියල හැමෝම වගෙ දන්නව. මෙහෙම කරන්නෙ මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.

මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.

මාතලන්ගේ එකතු කිරීම..

උන්ඩියල් සල්ලි වලින් වෙන්නේ බ්ලැක් මාකට් බිස්නස්...

ඩ්‍රග්ස්, වෙපන්ස්, හියුමන් ට්‍රැෆිකින්

ඒ කියන්නේ, මත්ද්‍රව්‍ය, ආයුධ  හා මිනිස් ජාවාරම්, මිනිස් ජවාරම් කියන්නේ වැඩිපුරම ගනිකා සේවය....

ඩොලර් එක බලෙන් ඔබාගෙන මේ අංශ තුනම පසුගිය කාළයේ ලංකාවේ සුපිරියටම ක්‍රියාත්මක උනා....

කළු සල්ලී ආර්ථිකයක් තියෙන ඕන රටක වෙන්නේ මේකයි.. මෑත ඉතිහාසයේ කාර්මික නිශ්පාදන ආර්ථිකයක් නොමැතිව ගොඩ ආපු ඔක්කෝම රටවල් ගොඩ ආවේ මේ ක්‍රමයට. 

හැබයි කරුමය කියන්නේ ඒ වැඩේවත් නිසි ලෙස කළමනාකරණය කරගෙන ගොඩ එන්න මුන්ට බැරි වෙච්ච එක.

දැන් ඒවත් නෑ.. ජෙනුවින් බිස්නසුත් නෑ..

රට සුනේ සුන්...



Apr 22, 2022

ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්

 



ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ
කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

මේ ගැන මාතලන් විසින් කලින්ද ලියා ඇති මුත්, දැන් ඒවා ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතින නිසා නැවත ලියමි.

මා මිත්‍ර මනෝරම වීරසිංහ විසින් සැනකෙලිය ආරම්බයේදීම කිව්වේ මෙහි ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ, උගත් බුද්ධිමත්, දියුණු, සමාජශීලී, සාමකාමී විශේෂිත පිරිසක් කියාය. එය මෙම ගම් වැසියන් සියල්ලන්ගේම අදහස විය. එයාලා බුකියේ හිතාගෙන ඉන්නේත් එසේය.

ඒක දැක්කාම මට පස්ස පැත්තෙන් හිනා ගිය බවද මම මින් පෙර ලිව්වෙමි. ඒ ඔවුන්ගේ හැසීරීම්, මා මින් පෙර බුකියෙන් දැක තිබෙනා නිසාමය.

මෙය මනෝගේ වරදක් නොවේ.මේ රටේ හැම එකාම සිතන්නේ තමන් විශේෂිත මිනිස් කොඨ්ඨාශයක් කියලාය. හරියට ගොම සංගමේ උන් වගේය. අර කැනඩාවේ ඉන්නා රුවන් එම් ජයතුංග නම් මානසික රෝගියා වාගේය.

මෙය මේ රටේ සමාජ ක්‍රමයෙන්, සංස්කෘතියෙන් හා අධ්‍යාපන ක්‍රමය තුලින් ඇති කරනු ලබන, පේන තෙක් මානයක නිමක් නැති, මානසික රෝගයකි. බෙදී ඇති කණ්ඩායම් ගනන ලියන්නට මහාවංශයේත් ඉඩ ඇත්තේ නැතිය.

මෙතන සිටින්නේද පට්ට ගම් කබර ගෝත්‍රිකයින්ම පිරිසක් බව දැන් දැන් ඔප්පු වෙමින් සිටී. රැට්ටා, සන්නා, මෝටිවේසමා, සේපාල් මෙන් ප්‍රසිද්ධ යූ ටියුබ් කාරයන්ගේ සිට නාගන්නන්දයාද මෙතනට අරක්ගත් බූතයන් වෙන්නේ, වෙන කිසි හේතුවක් නිසා නොව, ගානක් කඩා ගන්නට බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.

තා පිරිසක් එන්නේ, පක්ෂයේ බලපෑම් මතය. ඔවුන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කළ යුතුය. තා පිරිසක් එන්නේ, තමන් නඩත්තු වෙන එන් ජී ඕ ආයතනයේ බලපෑම් මතය, නැතිනම් ජොබ් එකට කෙලවෙන්නේය.

බෝනගේන් කලාකරුවෝ හා ක්‍රීඩකයෝ වැහි වැහැලාය. දැන් කොම්පැනි කාරයෝද පැමිණ ඇත. ඒ එන්නේ උන්ගේ මාකටින් වලටය. ඩයලොග් කාරයෝ සම්ප්‍රේෂණ කුළුණු හදන්නේ ගෝටා එලවන්න නෙමේය. උන්ගේ බිස්නස් වැඩි කර ගන්නටය. හැම එකාම එහෙමය.  අපි දුන් ගුලිය කා එය ඉවත්කර ගැනීම වෙනම කතාවකි. 😁😁😁😁😁

රඹුක්කන මිය ගිය එකා මියගියේ, උන් වයලන්ට් උන නිසා බව කියා පිරිස අත පිසදාගෙන හොඳ බබාලා වූයේය. එහෙත් මුන් ගේම පටන් ගත්තේ අවසානයේ දළදා මාලිගාවද මංකොල්ල කෑමට කොල්ලන්ට මෝටිවේසොන් දීලාය.

මෙතන ඉන්නේ න්‍යායාචාර්‍ය ගල් ආඳෝ බවත්, අම්බරුවන් විසින් ඉතිරි වැඩ කොටස කරන බවත් මා ලිව්වේය. දැන් 88/89 නැවත සිහි ගන්වමින් කඩ වසා දැමීමට තුන්ඩු බෙදීමද ආරම්බ කර අවසානය. මේ ත්‍රස්තවාදයේ හා භීෂණයේ මහ ගෙදරය.

සිරිසේන මරණ දඩුවම ගෙනෙනා විට ඊට මිලේච්ඡත්වය යැයි කියූ උන්, දැන් රාජපක්ෂලා එල්ලා මැරීමට නහින්නේ ඔරිජිනල් සතා එලියට පැමිණ ඇති නිසාය.

දැන් මේවායේ නිර්මාතෘවරුන්ද සැපත්ව ඇත. එංගලන්තේ නාට්ටියක රඟපාපු එකෙක් ලෝකයේ හොඳම නළුවා ලෙසින් පැමිණ ඇත. 😁😁😁😁 දැන් ඔක්කෝම ඉන්නේ ජනාධිපති සූට් මහලාය.

ලැම්බෝගිනි කාරයෝ ඕසෙට පල්ලියට කඩේ යමින් සිටි. බෝම්බ තැබූ වහාබ්වාදියෝද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝද එක වැසිකිලියේ රෙමින් සිටී. ගම්මිසිරිස් ඇන්ඩ් පාදිලිස් අඹ යාලුවෝය.

ඊයේ, පෙරට්ටෝ හා ලිබරල් චින්තකයෝ මලබද්ධය වැළඳී, මලකට මරා ගත්තේය. දැන් පිරිසක් පාදෙනිය එල්ලා මැරීමට සූදානම් අතර, තවත් පිරිසක්, මේ අඳබාල සිඟිති ආතල් විප්ලව කාරයෝ මෙතනට වැද්ද ගත්තේ මොකාදැයි විමසති.

තා එකෙක් කුඩාරම් අස්සේ, ගංජා ගසා ඕගියක් දැමීමට යෝජනා කරද්දි තවත් පිරිසක් දහම් පාසල් දැමීමට යෝජනා කරති. තා පිරිසක් කොපිරයිට්ස් වලට මරාගනී.

ඒ අස්සේ මෙලෝ යකෙකුට නොතේරෙන, මෙලෝ රහක් නැති, බව්වොත් නොබලන, තුට්ටු දෙකේ කුණුහබ්බ නාඩගම් පෙන්නූ රැඩිකල් හිකනල්ලු, උන්ගේ දහ අට පාලී ජනතාවට පෙන්වමින් සිටී. ඒවා බලන්නෙ බලපු උන්ම පමණි. උන්ට මේවා සීරියස් උනාට අනෙක් උන්ට ඒවා පට්ට කොමඩිය.

මේ රටේ සිටින්නේ පට්ට ගෝත්‍රිකයින්ම බව ඔප්පු කරමින්,  මහා ලොකු ඉස්කෝලවල උන්ද, ඉන්ටර්නැෂනල් යන උන්ද, සියල්ලෝම තම රියැලටිය පෙන්වමින් ඔරිජිනල් සතා සමඟ පෙරහරට එක්වෙති.

ඉන් පසු සෙල්ෆි ගසා බුකියෙන් කොන්වීම වලකා ගනී. 😁😁😁😁

මේ පිළිබඳ කිසිඳු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවද, මුන්ගේ ආතල් බැලීමට පෝලීමේ විත්, නොමිළේ කා බී විනෝද වී, කපුටු කාක් කාක් කාක් කියා ගම රට බලා යති.

මෙතන ඉන්ධන අර්බුද නැත
විදුලිය අර්බුධ නැත
ගෑස් අර්බුධ නැත
සිමෙන්ති අර්බුධ නැත
කිරිපිටි අර්බුධ නැත
උද්ධමන අර්බුධ නැත
බඩු මිළ අර්බුධ නැත
ගෙවුම් ශේෂ හිඟයේ අර්බුධ නැත
කොටින්ම මේ මොහොතේ ප්‍රධානම ප්‍රශ්ණය වන
ඩොලර් අර්බුධයද නැත.

ඇත්තේ මං පොර වීමේ අර්බුධයක් පමණි..

මුන් නියෝජනය කරමින් දියවන්නාවේ ගව ගාලේ ඉන්නා අම්බරුවන්ටද ඊට විසඳුම් නැත.

ඒ... නායකයෝ නියෝජනය කරන්නේද අම්බරුවන්ගේ මානසිකත්වය නිසාමය.

එබැවින් රට ගොඩ ගැනීමට තම බුද්ධියෙන්, දැණුමෙන් හා අවබෝධයෙන් මේ මොහොතේ උත්සාහ ගන්නා සියල්ලන්ටම අපේ ගෞරවය හිමි විය යුතුය.

ඒ වගත් මෙසේය....