.

.
Showing posts with label Inflation. Show all posts
Showing posts with label Inflation. Show all posts

Mar 30, 2024

උද්ධමනය අඩු වීම දැනෙන්නේ නෑ කියන්නේ ඇයි


 

උද්ධමනය අඩු වීම

දැනෙන්නේ නෑ කියන්නේ ඇයි

➖➖➖➖➖➖➖➖➖⭕➖


ඔන්නොහේ එක පාරක් මේ සැරේ ජෙප්පන්ටත් දීලා බලනවා..... උඹත් දි‍යන්... ඔයත් දෙන්න... මහත්තයත් දෙන්න... සේරූත් දෙන්න කියන උන්ගෙන්.... මම අහන්නේ ඇයි එහෙම දෙන්න ඕන කියලා....


එතකොට උන් කියන ප්‍රධානම දේ තමා.... බඩු මිළ වැඩි වෙච්චි එකට... රනිලා මොකුත් කරන්නේ නෑ... අපිට ආයෙත් 250 ට කොත්තුයි.. 15 ට බිත්තරෙයි... ඉස්සර තිබුන ගනන් වලට ලයිට් බිල්, වතුර බිල්, ගෑස් ඕනෙයි කියනෙක...


ඒක ඉතින් අනුර කුමාර, සජිත් තියා, දිලිත්, ධම්මික හෝ විජේදාස ආවත් කරන්න බෑ කිව්වම උන් කියන්නේ.... නෑ පුලුවන් කියලා...


එතකොට මම අහන්නේ.... එහෙම දෙනවා කියලා එකෙක්වත් කියලා තියෙනවද කියලා...


ඕන් එතකොට කියනවා.... අම්මපා.... එකෙක්වත් එහෙම කියන්නේ නෑ නේ ඕයි.... කියලා....


ඊට පස්සේ මම අහන්නේ.... ජෙප්පෝ නෙමේ පාඨලීලා පවා කියපු ඒවා මතකද කියලා...


▪️පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙනේක

▪️ඩොලර් එක 600 ට යනේක

▪️මාස 3 කින් බැංකු පද්දතියම කඩා වැටෙනක

▪️ආහාර හිඟයක් ඇති වෙන එක

▪️ඖෂධ නැතිව ඉස්පිරිතාල වැහෙනෙක

▪️ජොස්තරලා මිසීලා ඔක්කෝම රට රට වලට ගිහින්... බේත් ගන්න එකෙක් නැති වෙනේක

▪️සංචාරකයෙක් එහෙම රටකට එන්නේ නැතෙයි කියනෙක...

▪️IMF ලෝන් ලැබෙන්නේ නෑ කියනෙක


හැබයි මොකෑ වුනේ....?

මේ ඔක්කොම පට්ට පල් බොරු වුනා.... ඇත්තටම ඒක ඉබේ වුනේ නෑ.... 

රනිල් විසින්... ඒ සියල්ලම බොරු කළා....


උද්ධමනය අඩු වෙච්චි එක... 

ආර්ථික විජ්ජාවේ ABC වත් නොදන්න සාමාන්‍ය ජහමනයට  නොදැනෙන්නේ මේකයි....


රනිල් බාර ගත්තේ මැරෙන්න යන පිලිකා රෝගියෙක් කියලා හිතන්නකෝ...

පිළිකාව කියන්නේ ඔඩු දුවන අති භයානක එකක් නේ... 

ඩොක්ටර් රනිල්ටත් මේක එක පාරට නවත්තන්න බැරි වුනා... 

එයා ඒකට ඖෂධ දුන්න... පිළිකාව සහිත ශරීර කොටස් ඉවත් කළා... 

බෙහෙත් දුන්නා විතරක් නෙමේ.... 

බාල ඖෂධ ගෙනාපු සෙට්ටෙකම හිරෙත් දැම්මා...

දැන් පිළිකාව ඔඩු දුවනෙක නැවතිලා තියෙන්නේ....


ඒ කියන්නේ බඩු මිළ ... අර විල්බැරෝ අරන් ගිහින් බඩු ගේන්න වෙයි කිව්ව තරමට... බඩු මිළ වැඩි වෙන්නෙ නෑ... 

රුපියල  ඩොලර් එක ඉස්සරහා බාල්දු වෙන්නේ නෑ... 

හැබයි උද්ධමනය වැඩි උනා නම් බඩු මිළ තව තව වැඩි වෙලා... 

ඔක්කොම හිඟන්නෝ වෙනවා...


ඩොලර් එකේ බාල්දුවීම දරා ගන්න බැරි වෙච්චි... ලංකාවට ඩොලර් එවන්න එපා කියපු... අමු කුහක හඳුනා ... ඒක දරාගන්න බැරිව ප්‍රසිද්ධියේම කිව්වේ... මෙහෙම ඩොලර් එක බාල්දු වෙන්න ගියොත්... ඇමරිකාව ඇවිත් අපිට බෝම්බ දමවී කියලා....


හැබයි දැන් ඉතින් .... ඩොක්ටර් රනිල් ඉවත් කළ ශරීර කොටස් ලෙඩාගේ ඇඟේ නෑ... දැන් ලෙඩා නිට්ටාවටම සනීපද.... ඒක කියන්න බෑ.... 


ඒත්.... ඒ ඔඩු දුවනෙක නවත්තපු ඩොකා හරි නෑ කියලා.... දැන් තොපි ලෙඩාව උස්සගෙන යන්න යන්නේ පිළිකාව... දෙළුම් පොවලා... දේශීය වෙදකමෙන් සනීප කරන්නම් කියන තඹුත්තේගම ගොඩ වෙදෙක් ගාවට..... 


එයාලත් තොපි වගේම... GDP, IMF, BOP, BOT, FDI, උද්ධමනය, විදෙස් සංචිත, බැඳුම්කර, ගෙවුම් ශේෂය, ප්‍රාථමික ගිණුම, සවරින් බොන්ඩ් තියා.... ජේම්ස් බොන්ඩ්වත් දන්නේ නැති... අනුන් දෙන ජොකාත් ඇඳගෙන කටින් බතල හිටවගෙන යන උන්....


උන්ට පුලුවන්ද බං ආර්ථිකය ගොඩගන්න....

කෝ ඒකට වැඩපිලිවලක් ...

කොහේද එහෙම එකක් කියන්නේ...


මේක සජිත් හා අනික් වෙන්ට ජනපතිලටත් මෙසේම අදාලයි....


මේ ඔක්කොම ඇහුවත් උන් කියන්නේ...

ජෙප්පන්ටම තමයි දෙන්නේ..

තෝ පුලාන් දෙයක් කරපන්..... කියලා...


එතකොට මම කියන්නේ...


මම මක්කවත් කරන්න ඕන නෑ වාහේ... 

උන් ඇවිත්.... බටර් කෙල නැතිව හැමදාම කරයි කියලා...


විශේෂ -


හැබයි ඉතින් උද්ධමනය අඩු වෙලා තියෙද්දිත්, රුපියල ශක්තිමත් වෙලා තියෙද්දිත්... සමහර බඩු මිළ තවදුරටත් වැඩි වීම නම්.... ආන්ඩුවේ වැරද්දක්...


මේ ගැන හොයලා බලලා වැඩේ කරන්න ඕන වෙළඳ ඇමතියා.... ඒවා පැත්තක තියලා... නාමලක් පුබුදුවන්න සාටක පස්සේ දුවන එක ගැන... ඩොක්ටර් රනිල් විශේෂයෙන් හොයා බැලුවොත් නම් හොඳයි.


ඔය වැඩේ චාමර සම්පත්ට දුන්නා නම් සුපිරියටම කරයි.....

.

Oct 11, 2022

බොරුවෙන් රට වැනසේවී, ඔබටත් පව් පලදේවී.

 


මහ බැංකුවේ ලොක්කා කියන්නේ දැන් ආර්ථිකේ හොඳයි කියලාය. ඒ උනාට ඉන්ධන නැවකට ගෙවා ගන්න සල්ලි නැතිව දවස් ගානක් තිස්සේ අවුට් හාබර් එකේ පාක් කරලා තියෙනවාය. ඒ කියන්නේ මහ බැංකුවේ මහ එකා මහ දවල් ඇදබාන්නේ මහ බොරුය.

ලංකාවට එන ඇරොප්ලේන් වලට මෙහේ ගහන්න ගුවන් යාන තෙල් නැතිවත්, උන් කොහෙන් හෝ ගහගෙන මෙහේ එනවාය. සුද්දෝ හෙවත් ටුටුවරිස්ට්ලා පෝලිමේ එනකොට අරගල කාරයන්ටයි, වාමාංශික ලිබ්බන්ටයි, සජිත් ප්‍රේමදාසටයි කිරි පණු ගාය තද වෙනවාය.

උන්ට අවශ්‍ය වන්නේ මේ රට වැටුන වලෙන් ගොඩ ගැන්මට නොව, කාබාසිනියා කර දැමීමටය. ඒ නිසා නැවතත් ගෝල්ෆේස් එනවාය. මේවා ආරම්බයේදීම නවතා නොදැමුවහොත් සිඳුවන දෙය අමුතුවෙන් කියන්නට ලියන්නට ඕනෑ නැතිය.

අලුත්ම ෂෝ එක උද්ඝෝෂණ කාරයන්ගේ ලැක්චර්ස් පොලීසියටත්, පොලීසියේ ලැක්චර් උද්ඝෝෂණ කරනා මූසලයන්ටත් පවත්වන එකය. මේ විකාර නැතිව පෙලපාලි යන උන්ට බැටන් චාර්ජ් එක දුන්නාම වියදමත් අඩුය. කඳුළු ගෑස් වලින් ඇතිවන පීඩා ඇති වන්නේත් නැතිය. එමෙන්ම මේවාට  හැමදාම එන උන් ත්‍රස්තවාදය යටතේ අත් අඩංගුවට ගත යුතුය.

රට ගොඩ ගැන්මට රනිල්ට හැර වෙනත් කිසිඳු දේශපාලයකුට තබා මහ බැංකුවේ එකෙකුටවත් දැක්මක් හෝ වැඩපිලිවලක් නොමැති බව අවිවාදිතය. ඒ තබා අර්බුධය කුමක්දැයි කියන්නටවත්, අර්බුධයට හේතුව කුමක්දැයි කියන්නටවත් එකෙකුට හෝ අවබෝධයක් නොමැති බවත් අවිවාදිතය.

මේ රට ගොඩගැන්මට කප්පරක් ආයතන සමිති සමාගම් හෝ පුද්ගලයින් අවශ්‍ය නොවනා බව මාතලන්ගේ මතයයි. රණසිංහ ප්‍රේමදාස පන්නයේ හෝ මහින්ද රාජපක්ෂ මොඩලයේ එකාධිපතියකුට එය ඉතා පහසුවෙන් කළ හැකි බව මාතලන්ගේ මතයයි. 

ඔවුන් දෙදෙනාම මේ ආර්ථිකයට එක් කළ දායදයන්, විනාශයන්ට වඩා වැඩි බව මගේ මතයයි. 2008/09 ලෝක ආර්ථික අවපාතයක් යටතේ යුද්ධයකුත් සමඟ රට ගෙනගිය ආකාරයත්, යුද්ධයෙන් පසු අප මැදි ආදායම් රටක් බවට පරිවර්තනය වූ බවත් බොරු නොවේ. 

කරුමය වූයේ යහපාලන ආන්ඩුව මඟින් ඒ සියල්ල නවතා දැමීමත්, කිසිඳු මහා පරිමාණ යෝජනා ක්‍රමයක් ආරම්බ නෝකිරීමත්‍ය. ඒ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැතිය. පෝට් සිටිය නවතා දැමීමත්, හබන්තොට වරාය චීනාට විකුණා දැමීම ඔවුන්ගේ ආර්ථික දැණුම කුමක්ද කියා ලෝකයටම පෙන්නුම් කළේය. ඒවාට මුල් වූයේද සිරිසේනගේ තීරණ වලට වඩා රනිල්ගේ තීරණයන්මය. ඒ දේශපාලන කුහක කම හේතුවෙන් රට විනාශ කිරීමේ ආරම්බයය.

වත්මන් ආර්ථික ගැටළුව ගැන අවබෝධයක් වත්මනෙහි රනිල්ට තිබුනද, ඒවාට විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුනද, ඒවා ක්‍රියාත්මක කිරීම පසෙක තිබියදි, පෙර පරිදිම කරන්නට යන්නේ, බයිලා ගසමින් කල් මැරීම බව කනගාටුවෙන් වුවත් කිව යුතුමය.

රටේ ප්‍රධානම ප්‍රශ්ණය ආර්ථික බංකොලොත්භාවයව තිබියදි, ඔහු දැන් කතා කරන්නේ 22 වන ව්‍යවස්ථාව, චන්ද ක්‍රමය, කොමිසන් සභා, ජන සභා වැනි වඳුරු කුණුහබ්බය. මේවා කරා කියා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැතිය.

ඔය කියන බඩකඩුත්තු ඔක්කෝම මේ රටේ නොතිබුන දෑ නොවේ. රට බංකොලොත් වූයේ ඔය සියල්ලම තිබියදි බව හැම එකාටම අමතකව ඇත. උන්ද රනිල් දෙන මේ දිරච්ච ලණු වල එල්ලෙමින් කල් මරමින් ආතල් එකේම සිටී. ඒ අතරේ රට හැදීම පසෙක තබා රනිල් කරන්නේ පක්ෂය හදන එකය.

ඒ අතින් මේ මළ සමයන් සියල්ල ප්‍රතික්ෂේප කරනා සජිත් ප්‍රේමදාසටත්, ජෙප්පන්ටත් අපේ ගෞරවය හිමි විය යුතු අතර, පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියන්ද කළ යුත්තේ, 22 පරාජය කර දැමීමය.

ඉන් පසු රනිල්ට බලකර කියා සිටිය යුත්තේ, බයිලා සමඟ මළ සමයන් නැටීම නවතා දමා  ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරනා ලෙසය. 

අවම වශයෙන් රට ගොඩගැන්මට මෙතෙක් ගෙන ආ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි, ඩයනා ගමගේ ගෙන ආ සරළ යෝජනා හෝ මහ පොළොවේ පැල කිරීමට රනිල් අසමත් වීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

අඩුම ගනනේ දැන් පෝලිමේ පැමිණෙන සංචාරකයන් හා දේශීය සංචාරකයින් වෙනුවෙන් නිශාචර ඉකොනමියක් ඇති කිරීම සඳහා, බාර් රාත්‍රී 12 දක්වාත්, රෙස්ටුරන්ට් පාන්දර 2- 3 දක්වාත් විවෘත කර තැබිය යුතුය. තවද ගල් බෝතලයට හා බියර් වලට ගහනා හෙන ගහනා බදු අඩු කළ යුතුමය.

එමෙන්ම ගංජා වගාව මෙන්ම ගංජා පානයද නීතී ගත කළ යුතුය. ටුබෑකෝ කොම්පැනිය හෙවත් දුම්කොල සමාගමට කියා සිටිය යුත්තේ ගංජා සිගරට්ටුවක් හඳුන්වා එය අපනයනය කිරීමද ආරම්බ කළ යුතු බවය. මන්ද ගංජා වලින් පිලිකා ඇති නොවනා නිසාය. ඒ ලැබෙන බදු මුදල් වලින් ආන්ඩුවේ උන්ගේ පඩි නඩි පවා ගෙවිය හැකි වන්නේය.

සතයක් හෝ වැය නොවී, කිසිවකුටත් ණය නොවී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවන් දේ හෝ නොකර වැල් බයිලා ගසමින් කල් මැරීමෙන් සිඳුවන්නේ සාගතයක් වෙත රට ගෙනයාම බව නොකියා සිටිය නොහැකිය. එවිට ව්‍යවස්ථාව හෝ ජන සභාව කෑවාට බඩ පිරෙන්නේ නැතිය.





Oct 10, 2021

බඩු මිළ ඉහළ යාම හා නැති බැරි අය ඇති හැකි අය කිරීමට ගොස් ඇති හැකි එකාත් නැති බැරි කිරීම..


 බඩු මිළ ඉහළ යාම හා

නැති බැරි අය ඇති හැකි අය කිරීමට ගොස්

ඇති හැකි එකාත් නැති බැරි කිරීම

➖➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

ආන්ඩුව තීරණය කළ යුත්තේ තමන් බිස්නස් කරනවාද, නැත්නම් බිස්නස් කිරීම, බ්ස්නස් කාරයන්ට දී තමන් ආන්ඩුකරනවාද යන්නය.


කොටින්ම මෙතෙක් පැවති නිදහස් වෙළඳපොල  ආර්ථිකයහෙවත් ඕපන් ඉකොනොමිය තව දුරටත් පවත්වාගෙන යනවාද, නැත්නම් 70-77 වාගේ පෝලිම් යුගයකට යනවාද යන්නය.


වෙළඳපොල ඒකාධිකාරියකට ඉඩ නොතබා ඕනෑම දෙයක් ඕනෑම එකෙකුට නිශ්පාදනයට හෝ ආනයනයට අවසර දිය යුතුය.


එවිට වෙළඳපොල තුල භාන්ඩ සුලබ වී මිළ අඩු වනු ඇත. 


අද ආන්ඩුව ඉල්ලාගෙන කන්නේ, මෙතෙක් පැවති නිදහස් වෙළදපොල ආර්ථිකයට බාදා පමුණුවමින් දැමූ තහංචි නිසාය.


මේ පරිප්පුව අනිවාර්‍යයෙන් කන්න වෙන බව අප එදාම කීවේය. තෙල් මිළ සූත්‍රයෙන් ඉවත් වීමද එවන්ම ගොබ්බ ක්‍රියාවකි. 


කොටින්ම පාලන මිළවල් විවෘත ආර්ථිකයක තිබිය නොහැකි අතර, මිළ තීරණය කරනුයේ වෙළඳපොල මගිනි.


උදාහරණයක් ලෙස සමහර කාලවලදි අමුමිරිස් ග්‍රෑම් 500 රුපියල් 1000/= කට යන අතර අද එය රුපියල් 100/= වෙනවා වාගේය. 


නිශ්පාදනය හා අස්වැන්න වැඩි වූ විට වෙළඳ පොලේ මිළ පහත බසී.


ඇති එකාට La Coste, ෂැන්ග්‍රිලා එකෙන් අරන් ඇඳිය හැකි අතර, නැති එකාට පමුණුවේ 🐊 ඇඳගෙන යා හැකිය.


ඇති එකාට විමළධර්මගෙන් Rado අරන් අතේ බැඳගෙන යා හැකි අතර, නැති එකාට පේමන්ට් එකේ 350/= එකක් දාගෙන යා හැකිය.


ඇති එකාට මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් කෑ හැකි අතර, නැති එකාට ක්‍රෝටන් කොළ හෝ මුරුංගා කොල කා කුස පුරවා ගත හැකිය.


පාඩු පිට බිස්නස් කරන්න බිස්නස්කාරයන්ට ආන්ඩුවට වගේ පිස්සුවක් නැත.


ආන්ඩුවේ බිස්නස් වල පාඩුව කවර් කරගන්නෙත් හෙන ගහන බදු ගසා අපටම හමන්නවලාය.


මේ වැඩිවූ භාන්ඩවලත් ඒ බදු ඕසෙට තියෙනවාය.


තමන්ගේ ලාබයෙන් බදු ගෙවන්න බිස්නස් කාරයන්ට පිස්සු නැතිය.


උන් භාන්ඩ විකුණන්නේ ඒකත් එකතු කරලාය.


ආන්ඩුවට බිස්නස් කරන්න බැරි බව ඔප්පු කර අවසානය.


හාල් තවම එනවාය.


ආන්ඩුවේ ව්‍යාපාර සියල්ලම කුල්ල කුජීත හොර ගුහාවන් ය.


සුදු ළූණූ හොරකම මෑතම නිදර්ශනයය.


දැන් කළ යුත්තේ ඒවා සියල්ල පෞද්ගලීකරණය කොට රාජ්‍ය සේවයේ බිස්නස් සියල්ල මුලුමනින්ම අහෝසි කිරීමය.


කොටින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ධීවර සංස්ථාව පවා ප්‍රයිවටයිස් කළ යුතුය.


නොමිළේ දෙන සියළු දේ නවතා දැමිය යුතුය.


හිඟණ මානසිකත්වයෙන් මිනිසා බැහැර කළ යුතුය.


හිඟන ජාතියක් වෙනුවට දිරිය දියුණු ජාතියක් බිහි වන්නේ ඉන් අනතුරුවය.


මේ රටට කෙල වී ඇත්තේ දේශපාලනයේ වැරද්දකින් නොවේ.


නොමිළේ අධ්‍යාපනය , 

නොමිළේ සෞඛ්‍ය සේවය,

නොමිළේ පාසල් පොත්,

නොමිළේ පාසල් ඇඳුම්,

නොමිළේ උසස් අධ්‍යාපනය,

මහපොල

රජයේ රැකියා

විශ්‍රාම වැටුප්

ජනසවිය/සමෘධිය 

නොමිළේ ඉඩම්

නොමිළේ නිවාස

නොමිළේ කුඹුර

නොමිළේ ජලය

නොමිළේ පෝර

නොමිළේ කෘෂි රසායන

රජය අස්වැන්න මිළදී ගැනීම

ගොවි ණය කපාහැරීම්

වසර පහෙන් පැන්ෂන්

වාහන පර්මිට්

රජ්‍ය සේවයේ බදු නොගෙවීම්


යනාදි වශයෙන් සියල්ලම නොමිළේ දීම් හා සහනාධාර ආර්ථික ප්‍රතිපත්තිය නිසාය. 

දැන් උන් ඒවාත් මදි කියා උද්ඝෝෂණද කරති.


කොටින්ම සංසර්ගයේදී වෙහෙසක් නොගෙන ආන්ඩුව ඇඳ හොලවනවා නම්. 

උන්ගේ සතුට එයය.


භාන්ඩ මිළ ඉහළ ගියාම ආන්ඩුවට බනින්නේ ඒ නිසාය.

කොයි ආන්ඩුව ආවත් ලෝක වෙළද පොලේ මිළ තීරණය කරන්න..

මේ හිඟන රටේ නායකයන්ට කරන්න පුලුවන් ලබ්බක් නැතයි කියා මුන් දන්නේ නැතිය.  


ලෝක වෙළඳ පොලේ සියල්ලේ මිළ ඉහළ ගිය බව මේ කුක්කු බබාලා දන්නේ නැතිය.


මේ හිඟන මානසිකත්වය මේන්ටේන් කිරීමෙන් රජය ඉවත්වෙන තාක්... 

කිසිම රජයකින් මේ රට ගොඩගැනිලි...

නිකං බොරු සෝබන පූචං කතාය...


මාතලන් මැතිවරණ ප්‍රකාෂණ...

පුක පිහින්නවත් නොගන්නේ ඒ නිසාය...


ඒ වගත් මෙසේය...


.

පින්තූරය - Lacoste සහ Crocodile යනු බ්‍රෑන්ඩ්ස් දෙකකි... දෙකේම කිඹුලා උන්නත්, ඉන්නේ දෙපැත්තකටය.. Lacoste බ්‍රෑන්ඩඩ් වනාතර Crocodile යනු ඩුප්ලිකේට් බ්‍රෑන්ඩ් එකය. එහෙත් අද දෙකම බ්‍රෑන්ඩඩ්‍ ය.


.




Feb 20, 2017

මොන උක්තක්ද බං මේ රට...?



සැ: යු: "උක්ත" යනු කුණුහබ්බයක් නොවේ..

"උක්ත" "ආඛ්‍යාත" වීම භාෂාවේදි මෙන්ම, ජනවාරි 8 සිඳු වූයේ යැයි කියනා විප්ලවයක් තුල වුවද සිඳු වීමේ සම්භාවිතාවක් ඇත.. 


මිනිස්සුන්ට කන්න නෑ..
ලාබ හාල් කඩේ නෑ..
සතොසෙ පෝළිම්..
බොන්න වතුර නෑ...

Jan 22, 2015

ඇදෙගන නානා ආන්ඩුවට බජට් යෝජනා - Budget Proposals for Interim Governmant



අපේ ඇදගෙන නානා ආන්ඩුවේ මුදල් ඇමති කම හම්බ උනේ, රවී කරුණානායක උන්නැහේටය. මේ ආන්ඩුව ඇදගෙන නාන බව මාතලන් කීවේ, ආන්ඩුව පත්වූ පසු ලියපු පළමු ළිපියෙන්මය. ඒ, ආන්ඩුවේ පළමු පත් කිරීමට එරෙහිවය. එහෙම ලිව්වේ මේ ආන්ඩුව ගැන අහිතකින් නොවේය. ඇති ආදරය නිසාමය. මේ ආන්ඩුවේ පළමු පත්වීමම අමුම අමු පිස්සුවක්ය. ඒ පචවාහිනියේ මුල් පුටුවය. අදත් එය පචවාහිනියක්මය. ආන්ඩුවේ පම්පෝරි ඇර, මේ රටේ වෙන කිසිම නිව්ස් එකක් ඒකට නිව්ස් නෙමේය. අපි කිව්වේ මේ වාගේ කම්බ හොරු දාගත්තොත්, නාන්න වෙනවා කියාය. කිව්වා වාගෙම, රවි කරුණානායක චෝදනා එල්ල කළ, තැප්‍රොබේන් ගිණුම කිසි අවුලක් නැති ගිණුමක් කියා, රවී කරුණානායක කිච කරලා දැම්මේය.

Jan 21, 2015

ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer


පීඩනය විඳ වූයේ ජෙනරල් පමණක් නොවේ...

මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න, මහ රජ්ජුරුවන්ට දපනේ වැටිලා හිටපු උන්, දැන් දැන්, අපි කියපුවා ඇත්ත නේද යකෝ කියලාත් ඉඳ හිට අහනවාය.

Jul 31, 2013

Sex & Tax



රමණය...
කුමකටද....?
සෑමදා...!!!
නොවරදවා,
කෙලිනා කල.....
ආන්ඩුව....!!!

මේ මම බොහොම කලකට කලින්, මගේ "පීන්තූර" බ්ලොග් එකේ ලියපු කවියක්ය. මේක බොහෝම ප්‍රසිද්ධ කියමනක්ය. අපේ රටේද මෙය දැන් තනිකර ඇත්තක්ය. අරින එක ඇතිවෙන්නම අරිනවාය.

Apr 4, 2012

පිස්සු හරක් - Mad Cow Decease


මළම පැන්නේය. මළ කෙළියක්ම උනේය. ඒ නිසා පෝස්ට් එක ලියන්නත් පරක්කු උනේය. සිද්දිය මෙසේය. ඊයේ, අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව කර, පන්ති සමාර්ථයක් සහිතව සමත්වී, නිසි තැන නොලැබ. අධ්‍යාපනය කන ඇමතිතුමා, 2500 න් මැරෙන්නේ නැතිව ඉන්න කියා දෙන ටියුෂන් පන්තියක් දෙරණේ ගියේය. මම අපේ ගෑනීට ඕක බලන්නට එන්න කිව්වේ, හැම තිස්සෙම බඩු ගනන්, හරි විදියකට කන්නත් නෑ, යුද්දෙ තියෙද්දිත් මීට වඩා හොඳට කෑවා, කිය කියා අඬෝවැඩියා තියන නිසා, මේ පන්තියට සහබාගී වෙන ලෙසය. උන්දෑ මට කිව්වේ තමුසෙ වගේම පිස්සෙක් නේ ඕයි ඌ. ඌගේ බයිලා තමුසෙම අහ ගන්නවා කියාය. එහෙම කියලා එයා නිදා ගන්නට ගියේය.

Apr 1, 2012

Why this මට වෙරි මට වෙරි මට වෙරි වී........... - Sad Song, (Dope Song)


Your Boys..I'm singing song....
Sad song..... Dope song.....

Oh.............
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
(Rhythm Correct..)
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
(Maintain This.)
My life ..........................ඇත වැඩිවී

Mar 26, 2012

අද රෑ නිකුත්වන, ඔබ මවිතවන ගැසට් නිවේදනය - The Best Gazette Ever


මේ ටිකේම අහන්න උනේ ආතල් නිව්ස්ය. ඉස්සෙල්ලාම බූමීතෙල්, පැස්ටෝල්, ඩීසල් 50% න් 30% න් අඩු කෙරුවාය. ඒ හේතුවෙන් පාන් මුදලාලි පාන් කියා ගන්න බැරිව හිටපු උන්ට රුපියල් පහක ආධාරයක් දුන්නාය. ලයිට් කපන ඇමති සීයට විස්සකින් බිල අඩු කෙරුවාය. බස් ගැමුණුත් අඩුම ගාන 10 දක්වා අඩු කරලා එයා පාඩූ පිට දුවන්න තිරණය කෙරුවාය. ඒ අස්සේ ජිනීවා වලදි අපි ඇමරිකාවට කෙළියේය. ඔය වැනි පුල් සොමි කාරනා මැද්දේ අද රෑ පිටවන ගැසට් නිවේදනයකින් ඔබගේ ගත සිතා පිනා යනු ඇතිය.

Mar 9, 2012

රුපියලද...? පතිවතද...? - One Rupee Fools


සිරි ලංකාව කියන්නේ අමුතු රටක්ය. ඉන්නේත් අමුතුම ජාතියේ සැට් එකක්ය. දේශපාලකයෝ, කළාකාරයෝ පමණක් නොව බුද්ධිමත් ජනතාවත් (පට්ට ගොන්නූ.) හිතන්නේත් කියන්නේත් මේක ළෝකෙන්ම හොඳම එක කියලාය. දේසපාලුවෝ හා කළාකාරයෝ නම් කෙලින්නේ කෙප්පය. මොකෝ හැම එකාම සිංගප්පූරුවට නැතිනම් අඩු ගානේ තායිලන්තය වගේ ජරා රටකට හෝ ගොහින් තියෙනවාය. නමුත් දූපතේම ඉන්න එකා හිතාන ඉන්නේ දිවිය ළෝකේ මේක කියලාය. අපි තරම් චන්ඩි ජාතියක්, වීර ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් තුන් ළෝකේම නෑ කියලාය. ඉතින් ඉන්නේ කොයි වෙලාවේත් උනෙන්මය. හැම එකාම චන්ඩිය. ඒ උනාට ඒ පාට් පෙන්නන්නේ. පහත් එකෙකුටය. මෙහෙම පාට් දාන්න අල්ලන් හිටිය සෙට් එකෙන් එකෙක් කොන්දාය. දැන් ඒ කෙලි හරියන්නේ නැතිය. දැන් කොන්දා කෑල්ලට පාට් දානවාය

Mar 7, 2012

අනේ මගේ අලේ - Ah ! My Potato


වැලි අල සෙවෙල් අල දෙහි අල නෙළුම් අ                   ල
හබරල ගහල කිරි අල මඤ්ඤොක්ක අ                         ල
හොද්දට රස ඉන්නල තම්බමු බතල අ                           ල
අර්තාපල් අලේ පරදයි ඔය සියළු අ                               ල 

කිරි හොද්දට රසයි චුට්ටක් මිරිසුත් දම                         ති 
මාළු සමග තම්බා පොඩි උන්ට දෙ                                ති
ච්ප්ස් මෙන් කපා තෙල් දැම්මම කෙල උන                   ති
රෝල්ස් පැටිස් කටලස්වල මැද වෙසෙ                         ති

Feb 29, 2012

රුපියල උඩ යනවෝ - Floating Rupee


ගෙදර කොටු කරන් හදනා හොඳ කොල්ලෝ
අත ඇරියම අල්ලනවා නම් බොරුය
කොටු පැනලා පවුලේ නම්බුවත් කති
ගමම කකා රස්තියා පාරම දමති

Feb 27, 2012

බූමිතෙල් ලාම්පු - Kerosene lamps


බූමීතෙල් ලාම්පුව
විහිදනා එළියෙන්ම
ඝනදුරෙන් මිදුන උන්
නැගී හිමගිර මතට
සිනහසෙයි වියරුවෙන්
බලා පාමුල ගිරෙහි

Feb 25, 2012

පාන් කයිය.. - Inflation Poems # 2


මාළු පාන් කයිය, දෙවන කොටස "පාන් කයිය".. "මාළු කයිය" මෙතනින් බලන්න..

ජාතික ආහාරය වන පාන් වලට නැවතත් කෙළලාය. මෙය දේශද්‍රෝහීන්ගේ ප්‍රධාන ආහාරය මිස දේශප්‍රේමීන්ගේ පුධාන ආහාරය නොවේ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කුරහන්ය. නමුත් ඒවා ගෙනෙන්නෙද පිට රටවලිනි. සම හරක් වී ගොවිතැන් කොට, සහල් වගා කර, පාන් කියා ගන්නට නොහැකිව, ඒවා පොළොන්නරුවේ සත් ගුණවත් මුදලාලිලා දෙදෙනෙකුට අඩු මිළට දී, රූපවාහිනියට පුක පෙන්වති. මේ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරය පුනක්කු කරලීම සඳහා ළෝක නායකයන්ගේ පවා ගෞරවාදරයට (බයම නිසා..) පත්වූ රාජ්‍ය නොවන දේශීය සංවිධානයක් වන ජා.නී.පේ... අමරසේකර නම් ළෝ පතල දොස්තර මහතෙක් හා නාථ දෙවියන්ගේ දේශීය නියෝජිත මහාචාර්ය ඇන්ද සිල්වා හා පර්යේෂණ පවත්වමින් සිටී.

Feb 24, 2012

මාළු පාන් කවි - Inflation Poems



මාළු කයිය.. 

කන්න දීලා ඇති කරලා වගෙයි මුන්ගෙ ගනන්
නටයි ඇඟේ මාළු මුන්ගේ ගනන් අහල බොලන්
හෙට්ටු කරල පීචං වී කන්න මාළු ගෙනෙන්
එහෙම ගෙනත් කාපු එකට කෙලපි බූමී තෙලෙන්

Feb 17, 2012

විය යුත්තේ කුමක්ද....? - What do we do...?


විපක්ෂයක් නැත්තේය. ඉන්න හාල්පාරූවෝත් ලැබෙන පඩිය මදි යයි කියමින් අඬන්නේය. ජේප්පෝද නාන්නේය. ඒත් ක්‍රමය ගැන වචනයක් නොකියන්නේය. උනුත් ජීවත් වන්නේ පප්පාට පින්සිදු වෙන්නටය. පප්පා මේ ක්‍රමය ගේන කාළයේ මේවාට විරුද්ධ උන උන්, අද මේකට වඳිනවාය. නිකන් නෙමේය. මල් පහන් තබාය. මේ සියළු දෙයම වැඩිවන්නේ. කාළකන්නීන් පිරිසක් නඩත්තු කිරීම සඳහාය. රටකට නායකත්වයක් අවශ්‍යය. ඔහුට ආරක්ෂාවක්ද අවශ්‍යය. එහෙත් යුද්ධයක් නැති රටක ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වෙන් කිරීම කිසි සේත්ම සාධාරන නැත. කාළකන්ණියන් කීව්වේ සත පහක වැඩක් නැති ලොව විශාලතම ඇමති මණ්ඩළය. බලෙන් පටවපු පලාත් සභා, නහුතයක් වූ ජනාධිපති උපදේශකවරු. සංස්ථා ගිලින සභාපතිවරු. විදේශ තානාපතිවරු, ජැකක් ගහන් කොව්වීයේ ඇවිත් නිදාගෙන සිට හවස ජැකක් ගහගෙන යන ආන්ඩුවේ සේවකයෝ, වැනි පිරිස්ය.

Feb 14, 2012

තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ... - Oil Price Hike



සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා කියාය. ගෑණු නෙමේය. පොන්නයෝය. ශ්‍රී ලංකා කරයෝ ඉස්සෙල්ලාම කර අඹා දැම්මේය. ඒ උන්නැහේගේ කර අඹින්න ඒ කස්ටිය 2005 සෙට් උන නිසාය. වමේ යෝධයෝ කියනා කස්ටියගේ ඊළඟට කර ඇඹුවේය. උන් ශ්‍රී ලංකා එක නැත්නම් කොහෙද කියා හොයා ගන්නට හම්බ වෙන්නේ නැතිය.

Dec 14, 2011

බන්ඩලාගේ හාවා - Banda's Rabbit


ජනක බන්ඩා...රගෙ හා           වා
කැරට් අරන් ආ                        වා
ජොනියා බුහ් ගෑ                      වා
බයේ පැනලා දිව්                      වා

Dec 12, 2011

පෙට්ටි - Boxes


පෙට්ටි කියන්නේ මම හිතන්නේ දෙමලෙන් ආපු වචනයක් වෙන්න ඕනාය. පෙට්ටි කියපු ගමන් අපේ කස්ටිය කලබල වෙනවාය. පෙට්ටිය පරෙස්සම කර ගන්නා තරමට බොහොම හොඳය. මොකෝ ඒවා කඩලා වීරයන් වෙන්න ඉන්න කට්ටියක් තවමත් ඉන්නවාය. කැඩුන පෙට්ටි හදන ගොඩ වෙද්දුත් ඉන්නවාය. ඒ වෙනම විජ්ජාවක්ය. පසුගිය කාලේ තවත් පෙට්ටි වගයක් ජනප්‍රිය වෙලා තිබුනේය. ඒ මිනී පෙට්ටිය. ඒවා පුඅරවන් යන ලොරි හැම තැනම දකින්නට ලැබුනේය. ඒ පෙට්ටි වලින් කෝටි පති වූවන්ද බොහෝය. ලොක්කටයි ජනරාළටයි පින්සිද්ද වෙන්න ඒ පෙට්ටි සෙල්ලම නැවතුනේය.