හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label women rights. Show all posts
Showing posts with label women rights. Show all posts
Nov 25, 2021
වම්බටු ගහලා පලා ගන්න...
වීඩියෝව මෙතනින්...
අඩන්න බලාගෙන ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙලාවක ඌ මේ කතාව කියන්නේ...
විපක්ෂෙට මාරෙට ඌයියා වෙලා.. කතානායකත් ඒක හෙලා දැකලා,, ඌයියා උන කට්ටිය සභාව මැද්දේ ඒකට ගේම ඉල්ලලා... තිස්සකුට්ටියා එයින් එකෙක්ගෙ කන පලන්න ගිහිල්ලා.... උගේ වාසනාවට සජිත් මැද්දට පැනලා ඌව බේරගෙන වැඩේ එතනින් ඉවර උනාට.... වැඩේ තාම ඉවර නෑ...
දැන් අර කවිරත්න නෝනගෙ කාන්තා අයිතිවාසිකම් ගෞරවේ ගැන කතා කරපු උන් කුට්ටියගෙ හාමිනේගෙයි අම්ම්ගෙයි බටු ගහල පලා දානවා... ඒ තමා අපේ හැදියාව ශිෂ්ණත්වය සදාචාරය...
ඌයියා උන සමහර සිවිල් පොරවල් මේක මාර කැතයි කියලා විශ්ලේෂණ ළිපි ලියනවා එයාලට ඔය විපක්ෂයේ මාර ශිෂ්ඨ පොරවල්.... ඩයනා ගමගේගේ කෝකිලාගේ රෙදි ගලවපු වෙලාවේ ඇහිලා පෙනිලා නෑ... පොලිස් ඇමති හරහා හංසමාලිගේ ජංගිය ගැන කෑ ගහන කොට ඇහිලා නෑ...
පෙනිලා නෑ නෙමේ උන් ඒ වෙලාවට පට්ට ආතල් එකක් ගන්නවා... පෝස්ට් දානවා... දැන් උන්ට ඒවා මතක නෑ... මාර මහත්තුරු වෙලා... උන්ගේ දේශපාලන වහල්භාවය නියමෙට පේනවා... දැන් චීත්ත නෙමේ... ජංගි ඇඳගෙන ටෝක් දෙන්නේ....
අපි නම් ඔය හැමදේම කැතයි කියනවා.. ඒ වගේම සද්දෙ වහගෙන උන්න උන්ගෙත් රෙදි ගලවනවා... ගෑණුද පිරිමිද අදාලම නෑ...
මේක මාර ශිෂ්ණසම්පන්න රට නේ..
උත්තරීතර සභාවේ ගෞවරවය රකින්නලු
මරු උත්තරීතර සභාව ඕකේ ඉන්න උන් ගැන ලෝකෙම දන්නවා
ඕකේ එකෙක්ගේ ගෙදර වැඩ කරපු දරුවා ගිනිතියලා මරලා දැම්මා ඌ තාමත් පාර්ලිමේන්තු එනවා
මිනීමරලා ඇප පිට ඉන්න උනුත් තාම එනවා
තා එකෙක්ගේ ගේ ඉස්සරහා අනියම් බිරිද වහ බීලා මලා ඌත් තාම එනවා
වෙල්ගම කියන එකා හැමදාම බඩු ගැහිල්ල මාර වැඩක් කියනවා... ඌයි.... ඌට චියර් කරන උනුයි අදාල නිලියගේ ගෞරවටයි කෙලින්නේ කියලා ඕකේ ඉන්න ගෑණුන්ට තේරෙන්නෙත් නෑ....
ඒකෙම දැණුත් ඉන්න කාන්තාවන් දෙදෙනෙකුට ඔය ඌයියා උන උන් ගනිකාවෝ කිව්වා.. එතකොට කවිරත්නලා මුල් පුටුවෙ ඉඳගෙන හිනා උනා...
ඔස්ට්‍රේලියාවේ කාමර මාරු වෙන්න ගිහින් ඇදගෙන් වැටිච්චි එකත් ඇතුලේ...
තා එකෙක්ගේ ගෙදර කොල්ලෙක් ව්‍යාඝ්‍රා බීලා මලා...
තා එකෙක් ඇමති කාමරේම බඩු ගහලා ගෑණිගෙන් ගුටි කෑවා
රන්ජන් කියන එකයි හිරුණිකයි බැක් සයිඩ් ඕකේ කිව්වා
රන්ජන් ගහන ගහන බඩු ගැන ලොකු විශ්ලේශනයක් ඉදිරිපත් කලා
පකයා කියපු එකත් තාම ඉන්නවා
තා එකෙක් මිරිස් කුඩු ගැහුවා ඌත් ඉන්නවා
පාර්ලිමේන්තුවටම බෝම්බ ගහපු උන්ගේ නෑයෝ ඇතුලේ
පාස්කු බෝම්බ තියපු උන් ඇතුලේ
දැන දැන මාරු වෙලා ගිය උන් ඇතුලේ
රට බෙදන්න කියන උන් ඇතුලේ
සිවිල් ත්‍රස්තවාදීන් ඇතුලේ
88/89 භීෂණ පතුරපු උන් රට ගිනිතියපු උන් මිනීමරපු උන් වදකාගාර පවත්වාගෙන ගියපු උන්, නීතී විරෝධි හමුදා රන් කරපු උන් තාමත් ඇතුලේ...
තා සෙට්ටෙකක් කන පැලෙන්න බීලා නයිටක් ගැහුවා..
කුඩු කාරයෝ ඉන්නවා කියලා උන්මයි කියන්නේ..
කොකේන් ගහන උන් ඉන්නවා කියලා උන්මයි කියන්නේ..
කසිප්පු ගෙදර හදපු එකෙක් අතේ මාට්ටු
බාර් එකක් නැති එකෙක් නෑ
කරෝකේ කාරයෝ ඇතුලේ
බහුතරේ ජීනා මැඩම්ගේ මෙම්බර්ස්ලා..
හොරා නොකාපු එකෙක් හොයාගන්න හෙන කට්ටක් කන්න ඕන...
හැමදාම
පොඩි උන් ගැලරියේ කියලා වෝනින් දෙනවා ඉස්පීකර්...
මොන්ටිසෝරි හොඳයි ඊට වඩා
මාළු කඩේ මීට ඩීසන්ට්....
ගොඩක් වෙලාවට සභාව මැද්දේ සරොන් ගලවගෙන රෙණවා..
අනේ තොපේ ගෞරවනීය සභාව...
ඒ වගේ නල්ලමලේ උන් එක්ක ඉන්න බැරි නම්
බබාලා වගේ මල් වගේ හැදිච්ච අය නම්
ගෞරවේ තියාගෙන ගෙදර ඉන්න ඕන....
අනේ සුදූලා... ඔයාලා...
ඌරූ කොටුවක කස්තුරි හොයන්න එපා...
පණ...
Subscribe to:
Posts (Atom)
