.

.

Jun 29, 2016

බ්‍රෙක්සිට්, ඉස්තාන්බුල් හා අපේ දේශප්‍රේමීන් - Brexit, Isthanbul & Racialism



බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම) ගැන ඉකොනොමිස්ට් ලියපු ළිපියක මා අනාවැකියක් දමමින් සඳහන් කළේ, දැන් ඉදිරියට එන්නේ, තලෙයිබාන්වාදය, නාසීවාදය, සියොන්වාදය යන විවිධ නම් වලින් හැඳින්වෙන, අමුම අමු ජාතිවාදිය රජයන යුගයක් බවයි. එංගලන්තයේ අංකල් ජොන්සන් හා ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා යනු, හිට්ලර්ගේ පුනරුප්පත්තීන් බවයි. එය මනාවට ඔප්පු කරමින් ඊළඟ දිනයේම තුර්කීයේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපලේ පිපිරෙන්නේ "සුවිසයිඩ් බෝම්බ" කරුවන් තිදෙනකු නොවේ. ත්‍රස්තවාදී ප්‍රහාර තව දුරටත් ඉදිරියට යමින්, මේ පුපුරා යන්නේ "සුවිසයිඩ් වොරියර්ලා" තිදෙනෙකි.

Jun 28, 2016

අළුත් බල්ලෙක් ( II කොටස ) - A New Dog ( Part II )



<< පළමු කොටස මෙතනින් >>

- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඉන්ඩිවිජුවල් ක්ලාස් එකට යන්නත් කලින් බේබී හාමු ගම ගිනි තිබ්බා. මම තාම සර් එක්ක හින්දු සිංදුව කියන්නෙත් නැතුව, මේ යකා මාව සර් එක්ක යහන් ගත කරලත් අහවර උනා. ඇත්තටම, සමහර විට ඌට මගේ යටි හිත කියවන්න පුළුවන් ඇති. සමහර අයට එහෙම හැකියාවක් තියෙනවලු නේ.

බලු වැඩ කරන්න එපා බේබී හාමු කියලා මම කිව්වාම. එයැයි මගෙන් ඇහුවේ..,

මමද යකෝ උඹද... බලු වැඩ කරන්නේ.... කියලා.

ඇත්තටම එයා තමයි බලු වැඩ කරන්නේ. ඒ කියන්නේ බැල්ලියෝ කී දෙනෙක් එක්ක යනවද. මම තාමත් අහිංසක බැල්ලියෙක් නේ. මම ඕවා එයාට කියන්න ගියේ නෑ. හපා කන්න පැන්නොත් හෙම.

ක්ලාස් එකට ගියාම, මගේ හෝප්ස් ඔක්කොම කුඩු උනේ, ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කිව්වට, ඒකත් කුඩා පරිමානයේ ගෲප් ක්ලාස් එකක් කියලා දැනගත්ත වෙලේ. 

Jun 26, 2016

රත්තරන්ට නීතී උපදෙස් හා ටිම්රාන් කීරිති - Timraan Keerthi & Raththaran



කොළොන්නාව ප්‍රදේශයේ සිඳු වූ කුප්‍රකට දේශපාලන ඝාතනයක් පිළිබඳව අමතක වීමේ රෝගයකින් පෙලෙන කඩවසම් තරුණයෙකුට උපදෙස් ලබා දෙන නීතීඥ්ඥයකු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රත්තරන් මහතාගේ හදිසි අනතුර පිටුපස සිටින බවට වාර්තා වේ.

Jun 24, 2016

අළුත් බල්ලෙක් - A New Dog

 
- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඇත්තටම මම ඒ බල්ලා දැක්ක දවසේ ගොඩාක් බය උනා මෙයා. ඌ මාව දැක්ක මුල් දවසේ බුරාගෙන ආපු විදියට මම හිතුවේ, මම ඉවරයි කියලා. හොඳ වෙලාවට ඌ මගේ කිට්ටුවටම එන කොටම, මිස්ටර් ගෝතම ගුණවර්ධන, "හේයි......, ඩෙන්වර්, නෝ....." කියලා කෑ ගහපු ගමන්, එක පාරටම ඌ රොබෝ කෙනෙක් වගේ නැවතුනා. ඊට පස්සේ ඔළුව දෙපැත්තට වන වනා, දිව එලියට දාල, කන් දෙක හාවෙක්ගේ වගේ කරගෙන, නගුට වන වනා මාත් එක්ක හිනා උනා. හැබයි ඒකට නගුටක් කියන්නත් බෑ. හාවෙක්ගේ වගේම පොඩි නැටි කෑල්ලක්. නැට්ට නැති හූනෙක් මතක් වෙලා මටත් ඉබේටම හිනා ගියා.

Jun 23, 2016

මහින්ද ඉටු කරමින් සිටින්නේ, ජාතික යුතුකමෙකි - It is Mahinda's Duty to protect Democracy


මාතලන් තෙරුම ගත නොහැකි වූ සම හරක්ට, මේ හෙඩිම දැක්කාම මොලේ මඤ්ඤං වීම පුදුමයට කරුනක් නොවන්නේය. මා කියමින් සිටින්නේද, යහපාලනය ගෙන ඒමට තම ජීවීත පරදුවට තබා.... ජීවිත පරදුවට තබා...? මක් කිව්වා ජීවීතේ පරදුවට තබා...? ඔව් යකෝ, තොපි හිතනවද මහින්ද මහතතයා දින්නනන් හෙම ආයේ ෆොන්සේකගෙන් ඉතරක් නවතීවිය කියලා. ෆොන්සේකා, සිරාලා, රාජිතලා ඉතරක් නෙමෙයි, නිර්මාල්ලා, වියන්ගොඩලා, සරත් විජේසූරියලටත් වෙන්නේ, ප්‍රදීප් එක්නැලිගොඩලට, ලසන්තලට උන දේම තමයි. 

Jun 20, 2016

සඳමාලී, සේයා හා සුසන්තිකා - Sandamali, Seyaa, & Susanthikaa ( S3 )

 
සඳමාලී, සේයා හා සුසන්තිකා

නිමිත්ත - මහියංගනයේ හතර වසරේ සිසුවියක්, සේයා දැරිවිය මෙන්ම ඝාතනය කර ඇත.

 
සේයා නැගනිය වගේ
 
සුර ලොවට උඹ ගියේ
ඒත් උඹගේ ඇඟේ,
නැහැ නොවේ, කිසි අගේ.

කකුල් එලියේ දමන්,
බියුටි පුල් පොටෝ නැති,
නිසාවෙන්, කිසිම කිසි,
අගයක්ම නැතිව ඇති.
සෙයිලමට දුර නිසා,
ආවොතින් පාඩු ඇති.

අනික කොයි වෙලාවක්,
උබ බලන්නට එන්න.

පත්තරේ මාමලා,
දුවයි හති හල හලා.
හති දමන් හැට හැටේ,
සුසන් තී... නැන්දාගේ
ගේ වටේ,
ඇඳ වටේ....
-x-

(බුකියේ පලවූ මාතලන්ගේ හබරල කවියකි)

Jun 19, 2016

මිහින්තලේ මුවා සහ අර්ජුන සාධකය - Spotted Deer at Mihintale & Arjuna Factor

 
සිරිසේන ජනාධිපති තුමා යාපනේ ගිහින් ඇවිත්, මහන්සියටත් එක්ක හාන්සි පුටුවේ දිගාවී, උදේ පාන්දරම පත්තර ටික ගත්තේ, පෝය දවස සිරි ලාංකීය බෞද්ධ ජනතාවට මෙන්ම, රහමෙර කටේවත් නොතිබ්බත්, තමන්ටද අනුරාජපුරේ ආපු උන් එක්ක සෙල්ෆි ගන්නයි, දන්සැල් බෙදන්නයි, හාන්දුරුවරුන්ගේ බයිලා අහන්නයි, කප්පරක් වැඩ තියෙන පට්ට බිසි ඩේ එකක් නිසා, සමහර නිව්ස් මිස් වෙන්න පුළුවන් නිසාය. පත්තරේ අස්සේ තියෙන ලංකාදීප පත්තරේ, "සැඳැල්ල" දැක්ක ගමන් නිවන් වලට පොඩ්ඩක් මෙහායින් නැවතුන ජනාධිපති තුමා දඩි බිඩි ගා සිකියුරිටි පොරකට කතා කොට පැවසුවේ, මේන් මේක කාටවත් අහුවෙන්නේ නැති තැනකට වීසී කරලා දානවා ඕයි කියලාය.

Jun 17, 2016

ගංජා වලට බය අප්ඩෙට් නැති ලෝකල් ඩොකාලා - Local Docs with Delusional disorder


Confession of a Doctor Who Drank Cannabis Oil: “I Had Cancer, Cannabis Oil Brought My Life Back”

මුලින්ම පැහැදිලිව සඳහන් කල යුතුව ඇත්තේ, මෙම ළිපිය සියළුම වෛද්‍යවරුන්ට අදාල වන්නක් නොවනා බවය. 

මාතලන් ගංජා වැවීම පිළිබඳව ළිපියක් ලියන්න උන්නේ බොහෝ කලෙකට පෙරය. එය ඉස්මතු වූයේ, ලාල් කාන්ත සහෝදරයා ඒ ගැන ප්‍රසිද්දියේ කල ප්‍රකාශයක් නිසාමය. ඔහු කීවේද, මාතලන් ලීවේද, ගංජා ගහන්න කියා නොවේය. එය ආදායම් මාර්ගයක් කර ගන්නා එක ගැනය. මාතලන් විශේෂයෙන් ලිව්වේ, ඉතිහාසයේ පටන් අද වන තෙක් රජවරුන් යැයි ගොනාට අන්දා, අමු හිඟන්නන් පිරිසක් ලෙස ජීවත් වන වී ගොවියන්ට, එයින් ගොඩ ඒමේ වගාවක් ලෙස මෙය හඳුන්වා දිය නොහැක්කේ මන්ද කියනා කාරනයයි.

Jun 16, 2016

වැඳපන් අම්මාට අයියේ දන ගහලා...! - Love Between Mother & Wife


 

D M Timraan Keerthi
නිමිත්ත - මෑතක "වෙඩ්ඩා" විසින් පබ්ලිසිටියක් දී, නැගලාම ගිය. "ටිමා" හෙවත් "ටිම්රාන්" හෙවත් ඩී. එම්. ටිම්රාන් කීර්තිගේ, "අපේ අම්මා හැර , සේරම බුදු වේවා...!" කවි පන්තියට, පිලිතුරු ලෙස ලියනා ලදි...

මේ කවිය බුකියේ බොහෝම කතා බහට ලක් වුනා.. එදාමයි මට හිතුනේ මේ පරිසරයට අදාලවම මීට පිළිතුරු කවියක් ලියන්න ඕනා කියලා.. ඒත් මාතලන්ට කවි ලියන්න නම් මල් සුවඳ විඳින්නම ඕන. ඉතින් මල් සුවඳ ආපූ වෙලාවක මගේ සිතට ආපු සිතුවිලි ටික තමයි මේ.

මේ ගැන අපූරූ විචාරයක් ලියලා තිබුනා අපේ පැරා හෙවත් අජිත් පැරකුම් ජයසිංහ.. << මෙතනින් බලන්න >> ඒ වගේම දෙයක් කියන්න ඕන. පැරාගේ කවිත් ඉස්තරන්ය කියන එක. ඒ වගේම අපේ බස්සිගේ කවියකුත් බුකියේ නැගලම ගියා.

ඒක මේ << ලින්ක් එකෙන් බලන්න...>>
















වැඳපන් අම්මාට අයියේ දන ගහලා...!
Love Between Mother & Wife
 
නිමිත්ත - මෑතක "වෙඩ්ඩා" විසින් පබ්ලිසිටියක් දී, නැගලාම ගිය. "ටිමා" හෙවත් "ටිම්රාන්" හෙවත් ඩී. එම්. ටිම්රාන් කීර්තිගේ, "අපේ අම්මා හැර , සේරම බුදු වේවා...!" කවි පන්තියට, පිලිතුරු ලෙස ලියනා ලදි...

අප්පෙක් නැතිව අප රැකගත්, අපෙ අම්මා
උඹ කිව්වා වගේ, ගුණ කඳ නැත නිම්මා
වීල් එකේ පසු පස බුදු වූ අම්මා
ගෑණී.. ආ දා පටන්, ඒ අම්මා.. සුම්මා


ආ දා පටන්, උඹගේ පෙම්බර බාරී
උඹ නැති විටදි, නිතරම අඳිනවා ගෝරී
මම ඉවසුවත්, බර බර මේ කට කාරී
අම්මා වෙසීයක් කියනවා පව් කාරී


කතන්දර එපා ! වැඳපන් අම්මාට...
කියමින් කම්මුලට උඹ පත බෑවාට
රැවටී පත්තිනියගේ සිව් සැට මායමට
පත බෑවේ ඇයි පොල්ලෙන් අම්මාට


අම්මද බිරින්දද වැඩියෙන් ළොකු කියලා
එම් එස්, පීස් එකෙනුත් කිව්වා බයිලා
බඩු තව ඉන්නවා වත්තේ වැහි වැහැලා
වැඳපන් අම්මාට..! අයියේ දන ගහලා...


සමනලයින් වුවද මී වීත ළඟ ඹබරූ
උන් වැඳ වැටෙති පා මුල නිතඹක් ඇඹරූ
දුදනන් සොයා ඇස් මහ පාරේ කැ
රූ
නිල් දිය නොවේ මඩ දිය උරුමය තඹරූ

-------------------- x ----------------------

මේ ටිම්රාන් ගේ ඔරිජිනල් කවිය

 
 
 
 
 
 
 
 
 
 
 
 
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට ඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
--------------------- x ----------------------- 

Jun 14, 2016

FCID ය, හෙවත් යහපාලනයේ "විනෝද සමය" - (F)unny (C)riminal (I)investigation (D)ept.

  මහින්ද නැවත බලයට පැමිනියහොත් FCID ට වන දේ...
 
ඇෆ් සී අයි ඩී ය (FCID) ගැන හින්ගල මාද්දිය වල උන් කියන්නේ, "මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ දෙපාර්තුමේන්තුව" කියලාය. ඒ ඉතින් ලැට්ටොප් එක, සෙල්ටෙල් එක, බයිසිකලේ, ආන්ඩුවෙන් නිකං ගන්න බලාගෙන ඉන්නා හිඟන මාද්දියවේදියන්ටය. ඒ උනාට ඕකේ නියම නම, නිකංම නිකං "මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය" ය. ඒ කියන්නේ මාද්දියවේදි හිඟන්නන්ට හා ආන්ඩුවෙන් කන්න බලාගෙන ඉන්න හිඟන්නන්ට, ඕවා මහාපරිමානයේ කේස් උනාට, අම්මා අප්පාගේ බූදලේ ගෙදරින් ගෙනත්, ඇට දෙක ගෙවාගෙන, අංශභාගේ හදාගෙන, කඳු නැගගෙන, ඡන්දේ දුන්න උන්ට ලැජ්ජා නොකර. ළොකේ තියෙන එක්ස්පෙන්සිව්ම් වෙහිකල් වලින් වැඩම කොට, මේ රටේ කාර් ගන්න බලාගෙන ඉන්නා ජනතාවට සේවය කරන, මේ රට ගොඩගන්න ඉන්නා දෙවි දේවතාවුන්ට ඕවා නිකන්ම නිකං හූණු පඩයක් සයිස් ඒවා නිසාය.

Jun 11, 2016

වී වෙනුවට ගංජා වවමු...! - Lets plant Ganja instead of Rice Cultivation

 
මාතලන් මේ කතන්දරේ ලියන්න උන්නේ, බොහෝ කලෙක පටන්ය. ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් පරසිද්ද එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් ඊයේ මේ ගැන කතා කොලේ, මාතලන්ගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.

Jun 9, 2016

තුන අහිමි වීම, ලිට්මස් පරීක්ෂාව හා රණවිරුවන්ට සැලකීම - Litmus Test, Testicals & War Heroes

විමල්ගේ තුන අහිමි වීම..




සයිබරය නැවතත් ජය ගෙන ඇත. ආන්ඩුවේ වාහන ජෝගිය තාවකාලිකව අකුලා ගෙන ඇත. අගමැති තුමා කියන්නේ, ආපදාවලට ලක්වූවන්ට සහන සලසා අවසාන වන තෙක් වාහන ගැනීමක් සිඳු වන්නේ නැති බවයි. අදහස් ප්‍රකාශ කරන්නන් සුදු වෑන් ටුවර් ගෙන යන්නේ නැතිව, ඔවුන්ට සවන් දීම අප අගය කොට සලකමු.

Jun 8, 2016

හිඟන්නන් බලයට පත්වීම - The Politics of Antisocial Behaviour

පළමු හිඟන කන්ඩායම

දෙ
න හිඟන කන්ඩායම

සියල්ලටම කලින් තමන්ට ලැබීමට නියමිත කෝටි දෙකහාමාරක වාහනය ලබා නොගෙන එම මුදල් කළාකරුවන් වෙනුවෙන් වෙන් කරන්න යැයි කියූ පාලිත තෙවරප්පෙරුම "මැතිතුමාට" අපේ උපහාරය.

සුමිත් පිලපිටිය මහත්මයාගෙ (බය නැතිව මහත්මයා කියන්න පුළුවන් මිනිස්සූ) ඉල්ලා අස්වීම ගැන ලියපු කලින් බ්ලොග් සටහනට කොමෙන්ට් එකක් දාන අපේ "ළොකු පුතා" මහත්තයා කිව්වේ, ඔය කුණු ප්‍රශ්ණෙට වග කියන්න ඕන ජනතාව කියලා. මට ඒ කතාවට මල පැන්නට, අපේ රසික සූරියාඅරච්චි මහත්තයා බුකියේ දාපු පෝස්ට් එකක් දැක්කාම හිතුනේ, අම්මට සිරි ලංකාවේ බුද්ධිමත් ජනතාව පිස්සුම නේ යකෝ කෙලින්නේ කියලා.

Jun 6, 2016

යහපාලනේ කුණු වැඩ හා වන ජීවී අධ්‍යක්ෂක ඉල්ලා අස්වීම - Sumith Pilapitiya's Resigning



මීතොටමුල්ලේ කුණු කන්ද පුත්තලමට කෝච්චියෙන් ගෙනියන්නත්.. ඊට පස්සේ කොළඹ එක් රැස් වන කුණු පුත්තලමට ගෙනියන්නත්, කලින් ආන්ඩුවෙත් ප්ලෑන් එකක් තිබුනා කියලා මගේ බොක්කක් මෑතකදි කිව්වා.. අද, වන ජීවී අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙලා තියෙන්නේ, විල්පත්තුව වන රක්ෂිතය මායිමේ තියෙන අරුවක්කාලූ කියන ප්‍රදේශයට කොළඹ කුණු ගෙනයන්න කැබිනට් මන්ඩලය ගත්ත තීරණයට විරුද්ධව.

Jun 5, 2016

මෛත්‍රිට හා රනිල්ට අයත් කොම්පැනියක් ගිනි ගනී - Kosgama Blast


මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට අයත් යහපාලන සමාගමේ ගබඩා සංකීර්ණයක් වූ කොස්ගම සාලාව අවි ගබඩාවේ ගින්නකින්, එම ප්‍රදේශය පුදුකුඩුඉරුප්පු ප්‍රදේශය මෙන් එකම සුන් බුන් ගොඩක් වී ඇති බව, "ලංකා ජී නිව්ස්" වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

ප්‍රදේශවාසින් හා මේ ස්ථානය පිළිබඳව දැණීමක් ඇතිව උන් ජනතාව, මෙය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් අවි ගබඩාවක් ලෙස වැරදි වැටහීමකින් උන් බව, දේශප්‍රේමී මාධ්‍යන් තුල පළවන පුවත් වලින්ද, ඔවුන්ගේ වෙබ් අඩවි වලින්ද, එමෙන්ම දේශප්‍රේමීන්ගේ බුකි සටහන් වලින්ද අනාවරනය වෙමින් පවති.

මේ අතර, ඒ අසල ඇති කන්දක් නාය යන බවද "දිවයින" පුවත්පතේ ගූ විජ්ජාග්නයින් විසින් සොයාගෙන ඇති අතර. එම කනදේ ජීවත් වූ ජනතාව බ්ලූමැන්ඩල් පෙදෙසේ දිවයින කාර්යාලයේ තාවකාලිකව නවතා ඇති අතර, කැන්ඩොස් ආයතනය ඔවුන්ගේ ආහර අවශ්‍යතාවයන් සපුරමින් පවති.

අවුරුදු ගනනාවක් තිස්සේ මෙවන් භයානක ගබඩා සංකීර්ණයක් ජනතාව බහුලව ගැවසෙන ස්ථානයක් පවත්වාගෙන යාමට එරෙහිව, විමල් වීරවංශ හා ප්‍රභාත් ගම්මන්පිල මහත්වරුන් මේ වන විට සෙරේස්ඨාධිකරනයට පෙස්සමක් ඉදිරිපත් කර ඇති අතර, ගම්මන්පිල මහතා වැඩි දුරටත් සඳහන් කළේ, ඩලස් අලහප්පෙරුම හා බන්දුල ගුණවර්ධන යන යුධ විසේසග්නයින් හා එක්ව, තවත් පෙස්සමක් ජීනීවා හී මානව හිමිකම් කමිටුව වෙතද යොමු කිරීමට ක්‍රියා කරන බවයි.

Jun 2, 2016

බ්ලොග් ළොවට එන චරිත තුනක් - Famous Three Coins



නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලත් එක්ක බ්ලොග් ගැන කතාබහ වැඩි වෙලා තියෙනවා. අනෙක් මාධ්‍යන් තුල බ්ලොග් වලට ඉඩක් ලැබුනේ ඒ නිසා වෙන්මයි. අළුතෙන් බ්ලොග් වලට එන රසික ප්‍රමාණය දැන් බොහොම වැඩියි. ඒ වගේම ලංකාවේ නමක් දිනාගත්ත ප්‍රසිද්ධ "පොරවල්" අළුතෙන් බ්ලොග් ලියන්න පටන් ගන්න එක බොහෝම ඉහළ දෙයක්. මාතලන් මේකට ආපු දවස් වල ඉඳන්, එහෙම අය මෙතනට ගේන්න ළොකු මහන්සියක් ගත්තා. තාමත් එහෙමයි. ඒ උත්සාහයන් එකක් දෙකක් ඵල දරලත් තියෙනවා.