.

.
Showing posts with label respect woman. Show all posts
Showing posts with label respect woman. Show all posts

Jan 13, 2023

මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා ලාල් කාන්ත.

 


මනස්කාන්ත පුළුලුකුල්, තිසර තණ හා

ලාල් කාන්ත.

➖➖➖➖❤️➖

.

ලංකාවේ ස්ත්‍රීවාදිනියෝ කියන්නේ නිරාගමිකයෝ වගේම පිරිසක්‍ය. එයාලා අල්ලන මිරිකන එකට විරුද්ධ වෙන එක සාධරනය. ඒත් එයාලා, එයාලාව වනන එකටත් විරුද්ධය. වනනවා කිව්වේ විජේ මාලනී වඩාගෙන වනනවා කියනා එකට නෙමේය. වර්ණනා කරන එකටය. 


එයාලා කවිරත්න නෝනාට අපහාස කලා කියා අම්මමෝ නැතිව වම්බොට්ටා මරාගෙන කන අතර, ඩයනාට කසිප්පුවා පාර්ලිමේන්තු සභා ගැබේදීම දිව දාන කොට හුරේ දැම්මේය.


පට්ටම ජෝක් එක කියන්නේ... කසිප්පුවාගේ පසුපස සිට්ටෙකේ සිටි කවිරත්න නෝනාටත් උඩ පැන පැන හිනා ගිය එකය. කවිරත්න වෙනුවෙන් පුප ඉරාගෙන මැරෙන්න ගිය විපක්ෂ නායක බස් මෑනුත් කෙල පිඩක් බිම හෙළුවේ නැතිය. සමහර විට එහෙම කලා නම් ගෙදර ගිහිල්ලා ජලනි ආර්‍යාවගෙන් කන්න වෙන නිසා වෙන්නත් ඇතිය. මොකෝ ඒ පක්ෂය දැන් අයිති ඩයනාට නොව ජලනිට නිසාය.


එයාලට කවිරත්න ළඳක් වනාතර, හිරුනිකා වනයක් වී ඇත්තේ තවත් කාන්තාවක් වෙනුවෙන් පෙනී උන් නිසාය. ළඳුනේ ගීයට අඬනා උන්ට අර ගැහැණුන් වෙට්ට පාසියෝය. 


ලාල් අයියා අනික් ජෙප්පන් මෙන් නොව බොක්කේ තියෙන දේ කෙලින්ම එලියට දෙන්නේ එයාගේ භාෂාවෙන්‍ය. ලාල් අයියා කන බොන මිනිහා කියා කවුරුත් දන්නවාය. අනික ලාල් අයියාද තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වාගේම සුන්දර සෞන්දර්‍යවාදියෙක්ය.


එයා එයාගේ භාෂාවෙන් නේස් නෝනලා හෙවත් මිසීලාට කිව්වේ ශ්‍රී රාහුල හාමුදුරුවේ කවියෙන් වැනුවා වගේ ඉන්නෙයි කියලාය. හොඳ වෙලාවට රාහුල හාමුදුරුවන්ගේ කාළේ ස්ත්‍රීවාදිනියෝ උන්නේ නැතිය. එහෙම උනා නම් උන්නාන්සේට අත් වෙන්නේ අන්දරේට අත්වෙන්න ගිය ඉරණනමය. එහෙත් අන්දරේ ගල් ආඳා නිසාත්, ඒ කාළේ කෝල් රෙකෝඩින් හා CCTV  නොතිබූ නිසාත්, කයි පඳ බැඳීමේ රුසියෙක් නිසාත්, උන්නැහේ බේරුනේය. 


මීට දින කීපයකට කලින් සේපාල්ගේ කතාව කවර් කරන්නට ජෙප්පන් සියල්ලොම බුදු දහම වැළඳගත් කල්හී, ලාල් අයියා ලියූ ෆේස්බුක් සටහන අගය කරමින් බොහෝ වුන් කිව්වේ, ලාල් සඕදරයා දේශපාලනය නොකර පොත් ලිව්වා නම් හොඳයි කියලාය. ඒ වගේම සන්නාගේ අම්මා එලිදැක්වූ වෙලාවේ පත්තරේ ඒ කතාව යන කාලේ "උඹ ලියනවා, මම අඬනවා"  කියා සන්නාට කෝල් එකක් දී කියන්නේත් ඒ සෞන්දර්‍යවාදියාමය. අමු ගොබ්බයන් ගංජා කියන්නේ සයිනයිට් කියා හිතලා පල් හෑලී ලියනා විට, ගංජා නීතීගත කළ යුතු යැයි කිව්වේ මේ මල් කුමාරයාය. ගංජා වල සෞන්දර්‍යය දන්නේ සෞන්දර්‍ය විස්ස විජ්ජාලේ ගිය වුන් නොව මලක් ගහපු උන් විතරමය. 


ඉතින් ලාල් කාන්ත කිව්වේ 100% ඇත්ත කතාවක්‍ය.. නේස් නෝනලා වනපු වොලි බැස්ටියන් කළුවරේ ලිස්සා වැටිලා ඉස්පිරිතාලේ ගිය වෙලේ එයාට ට්‍රීට් කරපු නේස් නෝනා නිතර දෙවේලේ මතක් වෙන නිසා ගෙදර ඇවිත් ලියා, ප්‍රසිද්ධියේ බයිලාවෙන් ගයා කිව්වේ...


නෝනා... මගෙ නේස් නෝනා..

ඔඹව සිහිවෙනෙවා නිතර දෙවෙලේ

නෝනා... මගෙ නේස් නෝනා...

ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ.....

කියලාය...


ඉස්පිරිතාලේ දුටු "සොඳුරු ළදක්..." ගැන ගීයෙන් වැනු අමල් පෙරේරා තාත්තා වෙන මර්වින් පෙරේරා කිව්වේ


දෙබැම සලා ඉඟි පාමින්

මුදු තෙපුලින්.... මා සනසයි

බඹරු ඇදෙන මල් යහනකි

අඳුර නසන රන් පහනකි


ඈ දැකුමෙන් හද සැනසේ


කලෙකට කලින් ගෘහනියන්ට මේ වගේ ලැච්චර් එකක් දුන්න සරත් විජේසූරිය කිව්වේ හුචක්කුව ඇඳගෙන ඉන්නේ නැතිව හවස් වෙනකොට හොඳට ඇඳ පැළඳගෙන සැන් පවුඩර් දාගෙන ඉන්නවා හබියා ඔපීස් එකේ ඒවා පස්සේ යන එකක් නැතෙයි කියලාය.


අපේ මිසිලා ලස්සන යුනිෆෝම් එක හා කොන්ඩේ පීරා නීට් එකට ලස්සනට තියෙනා නිසාය. ලංකාවේ ගැහැණුන් එපා වෙන්නෙ උන්ගේ කොන්ඩා ගඳ ගගනා නිසා හා මේන්ටේන් කරලා ලස්සනට තියා ගන්නේ නැති නිසාය. පුපෙත් ක්‍රීම් උලාගෙන කැරපොතු ලංසි වගේ සැන් පවුඩර් නාගෙන ජිම් ගිහින් ෆිගර් එක හදාගෙන ලෙගීන්ස් ගගලා සුද්දියෝ වගේ ගියත් ඔළුව අවුල් නම් උන්ගෙන් වැඩක් නැතිය.


ලාල් අයියා කියු එක අනුමත කරමින් ඒ නේස් නෝනලාත් අත්පොලසන් නාදෙකුත් දුන්නේය. ලාල් අයියා එතන අපහාසයක් කළේ නැතිය. එයා එතන කිව්වේ තොටගමුවේ හාමුදුරුවෝ කියපු කෑල්ලක් වගේ ඉන්නෙයි කියලාය. එහෙම ඉන්නවාට ජොස්තරලා ඉතරක් නොව ඇටෙන්ඩන්ලා සහ ලෝක ලෙඩ්ඩු වන අපිත් කැමතිය.


කට්ටිය ලාල් අයියාගේ නෝනා ඒ වගේද කියලා අහලා තිබුනාය. ඇත්තටම එයත් එහෙම ඉන්නවා නම් ලාල් අයියා ඉතරක් නොව අපිත් කැමතිය. හැබයි ලාල් අයියාට ලස්සන් දෝණියක් නම් ඉන්නවාය. එයා දැක්කා නම් ඔය ලාල් අයියාට කින්ඩිය දාන මේස කොල්ලෝ අනිවාර්‍යයෙන් ලාල් මාමාගේ බෑනාවරුන්ගේ සංගමයක් පිහිටුවනවාමය.


මේ ගැන NPP එකේ මම දන්න කියන කිප දෙනෙක්ගෙන් පෞද්ගලිකවම විමසුවාම උනුත් ඔක්කොම උන්නේ ලාල් අයියා නේස්ලාගේ "අවුට් ලුක්"  එක හා "ෆිගර්" එක ගැන කියපු මතයේ උනුත් ඉන්නවා කියලාය. හැබයි ඒ අය අතරින් බය නැතිව නම දාපන් කිව්වේ හිතවත් Upul Kumarapperuma අබ්බකාත් මහත්තයා ඉතරය.


ජෙප්පන්ගේ අනාගතය විය හැකි Chathuranga Abeysinghe කීප විටක්ම ඇමතුවත්. මේක පබ්ලිෂ් කරනකන් පයිසෙකටවත් ගනන් නොගත්තේ එයා දැන් අදහස් දක්වන්නේ ළොකු ළොකු ෆෝරම් වල විතරක් නිසා වෙන්ටැතිය.


කෙසේ වෙතත් ලාල් අයියා නොදන්නවා උනාට ෆිගර් එක්ස් හදාගන්න ජිම් යන්නම ඕනා නැතිය. ඒ වෙනුවට දැන් Wannaku Method අනුගමනය කරාම හරිය.


ඒ මෙතඩ් එක දැනගන්න දොස්තර Janaka Wannaku ට කතා කලා නම් හරිය.


එහෙම නැතිනම් ඔට්ටේලියාවේ ඉන්නා  Janaka Edirisinghe  ලොක්කාට හෝ Varuna Rathnabharathie ලොක්කාට කතා කරත් හරිය.


උන් ෆිට් කොල්ලෝ වගේම බොක්ක හොඳ උන් නිසා ඕන වෙලාවක උදව් පදව් කරන්න සැදී පැහැදි සිටිනවාය.

.

.

ඒ වගත් මෙසේය.......


⭕ මේ හෑල්ල දිග වැඩි උනත් දැන් කාලේ හුජ්ජා කොල්ලෝ හා චූ කෙල්ලෝ පරණ කවි දෙක තුනත් මෙතනම ලියනවාය.


රාහුල හාන්දුරුවන්ගේ කයිය

-----------------------------------------------


සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන

දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන.


අන්දරේ මුලින් කී කයි..

----------------------------------------


ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා   

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා   

නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා 


කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන   

ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන   

තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන   

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන   


අන්දරේ කී දෙවනුව කී කයි

-------------------------------------------


ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා   

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා   

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා   

නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා


රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන   

රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන   

රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන   

මල්මද බිසව් කොයි යනවද උදෑසන

Nov 25, 2021

වම්බටු ගහලා පලා ගන්න...


 වීඩියෝව මෙතනින්...


අඩන්න බලාගෙන ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙලාවක ඌ මේ කතාව කියන්නේ...

විපක්ෂෙට මාරෙට ඌයියා වෙලා.. කතානායකත් ඒක හෙලා දැකලා,, ඌයියා උන කට්ටිය සභාව මැද්දේ ඒකට ගේම ඉල්ලලා... තිස්සකුට්ටියා එයින් එකෙක්ගෙ කන පලන්න ගිහිල්ලා.... උගේ වාසනාවට සජිත් මැද්දට පැනලා ඌව බේරගෙන වැඩේ එතනින් ඉවර උනාට.... වැඩේ තාම ඉවර නෑ...

දැන් අර කවිරත්න නෝනගෙ කාන්තා අයිතිවාසිකම් ගෞරවේ ගැන කතා කරපු උන් කුට්ටියගෙ හාමිනේගෙයි අම්ම්ගෙයි බටු ගහල පලා දානවා... ඒ තමා අපේ හැදියාව ශිෂ්ණත්වය සදාචාරය...

ඌයියා උන සමහර සිවිල් පොරවල් මේක මාර කැතයි කියලා විශ්ලේෂණ ළිපි ලියනවා එයාලට ඔය විපක්ෂයේ මාර ශිෂ්ඨ පොරවල්.... ඩයනා ගමගේගේ කෝකිලාගේ රෙදි ගලවපු වෙලාවේ ඇහිලා පෙනිලා නෑ... පොලිස් ඇමති හරහා හංසමාලිගේ ජංගිය ගැන කෑ ගහන කොට ඇහිලා නෑ...

පෙනිලා නෑ නෙමේ උන් ඒ වෙලාවට පට්ට ආතල් එකක් ගන්නවා... පෝස්ට් දානවා... දැන් උන්ට ඒවා මතක නෑ... මාර මහත්තුරු වෙලා... උන්ගේ දේශපාලන වහල්භාවය නියමෙට පේනවා... දැන් චීත්ත නෙමේ... ජංගි ඇඳගෙන ටෝක් දෙන්නේ....

අපි නම් ඔය හැමදේම කැතයි කියනවා.. ඒ වගේම සද්දෙ වහගෙන උන්න උන්ගෙත් රෙදි ගලවනවා... ගෑණුද පිරිමිද අදාලම නෑ...

මේක මාර ශිෂ්ණසම්පන්න රට නේ..
උත්තරීතර සභාවේ ගෞවරවය රකින්නලු

මරු උත්තරීතර සභාව ඕකේ ඉන්න උන් ගැන ලෝකෙම දන්නවා

ඕකේ එකෙක්ගේ ගෙදර වැඩ කරපු දරුවා ගිනිතියලා මරලා දැම්මා ඌ තාමත් පාර්ලිමේන්තු එනවා

මිනීමරලා ඇප පිට ඉන්න උනුත් තාම එනවා

තා එකෙක්ගේ ගේ ඉස්සරහා අනියම් බිරිද වහ බීලා මලා ඌත් තාම එනවා

වෙල්ගම කියන එකා හැමදාම බඩු ගැහිල්ල මාර වැඩක් කියනවා...  ඌයි.... ඌට චියර් කරන උනුයි අදාල නිලියගේ ගෞරවටයි කෙලින්නේ කියලා ඕකේ ඉන්න ගෑණුන්ට තේරෙන්නෙත් නෑ....

ඒකෙම දැණුත් ඉන්න කාන්තාවන් දෙදෙනෙකුට ඔය ඌයියා උන උන් ගනිකාවෝ කිව්වා.. එතකොට කවිරත්නලා මුල් පුටුවෙ ඉඳගෙන හිනා උනා...

ඔස්ට්‍රේලියාවේ කාමර මාරු වෙන්න ගිහින් ඇදගෙන් වැටිච්චි එකත් ඇතුලේ...

තා එකෙක්ගේ ගෙදර කොල්ලෙක් ව්‍යාඝ්‍රා බීලා මලා...

තා එකෙක් ඇමති කාමරේම බඩු ගහලා ගෑණිගෙන් ගුටි කෑවා

රන්ජන් කියන එකයි හිරුණිකයි බැක් සයිඩ් ඕකේ කිව්වා

රන්ජන් ගහන ගහන බඩු ගැන ලොකු විශ්ලේශනයක් ඉදිරිපත් කලා

පකයා කියපු එකත් තාම ඉන්නවා

තා එකෙක් මිරිස් කුඩු ගැහුවා ඌත් ඉන්නවා

පාර්ලිමේන්තුවටම බෝම්බ ගහපු උන්ගේ නෑයෝ ඇතුලේ

පාස්කු බෝම්බ තියපු උන් ඇතුලේ

දැන දැන මාරු වෙලා ගිය උන් ඇතුලේ

රට බෙදන්න කියන උන් ඇතුලේ

සිවිල් ත්‍රස්තවාදීන් ඇතුලේ

88/89 භීෂණ පතුරපු උන් රට ගිනිතියපු උන් මිනීමරපු උන් වදකාගාර පවත්වාගෙන ගියපු උන්, නීතී විරෝධි හමුදා රන් කරපු උන් තාමත් ඇතුලේ...

තා සෙට්ටෙකක් කන පැලෙන්න බීලා නයිටක් ගැහුවා..

කුඩු කාරයෝ ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කොකේන් ගහන උන් ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කසිප්පු ගෙදර හදපු එකෙක් අතේ මාට්ටු

බාර් එකක් නැති එකෙක් නෑ

කරෝකේ කාරයෝ ඇතුලේ

බහුතරේ ජීනා මැඩම්ගේ මෙම්බර්ස්ලා..

හොරා නොකාපු එකෙක් හොයාගන්න හෙන කට්ටක් කන්න ඕන...

හැමදාම

පොඩි උන් ගැලරියේ කියලා වෝනින් දෙනවා ඉස්පීකර්...

මොන්ටිසෝරි හොඳයි ඊට වඩා
මාළු කඩේ මීට ඩීසන්ට්....

ගොඩක් වෙලාවට සභාව මැද්දේ සරොන් ගලවගෙන රෙණවා..

අනේ තොපේ ගෞරවනීය සභාව...

ඒ වගේ නල්ලමලේ උන් එක්ක ඉන්න බැරි නම්
බබාලා වගේ මල් වගේ හැදිච්ච අය නම්
ගෞරවේ තියාගෙන ගෙදර ඉන්න ඕන....

අනේ සුදූලා... ඔයාලා...

ඌරූ කොටුවක කස්තුරි හොයන්න එපා...
පණ...