එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව,
ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ,
අන්තිම තීන්දුවද වන්නේය.
➖➖➖➖➖➖➖➖➖➖
ලොහාන් ගැන පොහොට්ටුවේ අවසාන තීන්දුව ගැනීම මහින්ද මහත්තයා පැමිණීමෙන් පසු ගන්නට යනවා කියා නෙළුම් මාවතෙන් වාර්තා වෙමින් තිබෙන්නේය.
එහි කිසිම වැරද්දක් ඇත්තේ නැතිය. මන්ද පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා නොව මහින්දය. තවම ඒ පවුලේ කිසිවකුට ඒ සෙලබෙරටි තත්වය ගන්නට බැරි උනේය.
ලොහාන්ගේ පිස්සු කෙලීම යට ගැසීමේ වෑයමක් එක් අතකින් දියත්වන්නේ වුවද, ඔහු පිළිබඳව වාර්ථා වූ කරුණු සියල්ලම වාගේ සත්‍ය බවට වාර්තා ලැබෙමින් පවති.
පරීක්ෂණ වලින් සුදනෙකු වූවද, මෙය ඝෝඨාගේ 2025 ඉරණමටද, නාමල්ගේ අනාගතයටද, පොහොට්ටුවේ අනාගතයටද විශාල හානියක් කරනා බව අනිවාර්‍යය.
මොන පක්ෂේ මොකා කලත් මේවා සාමාන්‍ය ජනතාව අනුමත කරන්නේ නැතිය. දැන් ඔහුගේ පෙර වැරදිද එලියට ඇවිත් අවසානය.
ආන්ඩුව හොදින් මතක තබා ගත යුත්තේ, 2009 යුද්ධය දිනූ විරයා 2015 ජනෙල් පොල්ලේ එල්ලුවේ මේ වගේ මදාවියන්ගේ පිස්සු කෙලීම් බවය.
සිරිසේන විසින් රජාට අන්දවා, සහේලි විසින් ප්‍රශස්ති ගායනා කිරීමෙන් අනුතුරුව සිහසුනේ අසුන්ගත් මහරජානෝ ඉන් අනතුරුව ප්‍රාදේශීය යුව රජවරුන්ටද පිස්සු කෙලීමේ අවසරය ලබා දුන්නේය..
ඉන් උද්දාමයට පත් මහින්දගේ මදාවියෝ පිස්සු කෙලියේ හිතේ හැටියටය, වැලි, ගල්, පස්, ගස්, කසියා, කුඩු, බඩු, පාතාල බිස්නස් වලින් නොනැවතී,
කුඩා දැරියන් රේප් කර රෙකෝඩ් තබා පාටි දමා, අවසානයේ සංචාරක හෝටලයකට කඩා පැන, විදේශීය කාන්තාවක් තම පෙම්වතා ඉදිරියේ දූෂණය කොට පෙම්වතා අමානුෂික ලෙස ඝාතනය කර දැම්මේ මලයාලම් ෆිල්ම් ෂෝ සිරි ලංකාවේ රියැලටි ෂෝ කරමින් ය.
ඇත්තටම මහින්දට මිනිස්සුන්ගේ අප්‍රසාදයක් තිබුනේ නැතිය, අදටත් ඇත්තේ නැතිය. කෙලවුනේ දරුවන්ගේ පිස්සු කෙලීම් හා මේ මදාවියන්ගේ මැරකම් හා ජඩකම් ය.
වහලුන් මේවා ඉවසුවාට මැදිහත් මිනිසුන් මේවා ඉවසන්නේ නැතිය. චන්දයකදි පාලකයා තීරණය කරන්නේ පාක්ෂික වහලුන් නොව මේ මැදිහත් පිරිසය.
ආන්ඩුව ජනතාව කෙසේ වෙතත් පාක්ෂිකයන් අතරේද සිටින්නේ ජනප්‍රිය තත්වයක නොවේ. එවන් තත්වයකදි මෙවන් පිස්සු කෙලින උන් කනෙන් අල්ලා පැත්තකින් තැබීම පොහොට්ටුවේද වගකීමය.
ජනාධිපති තුමා මෙන්ම අනාගත නායක නාමල් ඉන්නේද ජනතාවගේ මතය තුලය. එය යහපත් ලක්ෂණයකි.
මහින්ද මහත්‍තයාටත් තියෙන්නේ ලොහාන් සමඟද කතබහ කොට ඔහු එලවන්නේ නැතිව ගෞරවාන්විතව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් වන ලෙසට ඉල්ලා සිටීමය.
එය, ඝෝඨාගේ, නාමල්ගේ මෙන්ම ලොහාන්ගේ අනාගතය වෙනුවෙන්ද ගන්නා නිවැරදිම තීරණය බවද ලියා ..
මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය...

