.

.

Mar 25, 2021

කෙප්ප කෙලිනා උන්ට කෙලවිය යුතුමය


2015 මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට කෙල වූයේ විපක්ෂය විසින් ඇද ඇරිය පට්ට කෙප්ප නිසාය. ඔවුන්ට එල්ල කළ කිසිඳු චෝදනාවක් ඔප්පු කිරීමට කාළ කන්නි යහපාලන නඩයට හැකිවූයේ නැතිය. රනිල්ගේ ඉනර් සර්කල් එකේ උන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හරහා රාජපක්ෂලාට කෙලින්න ගිය කෙලි අවසානයේ කෙලවර වූයේ ඇවන්ගාඩ් සේනාධිති ඉදිරියේ පාපෝච්චාරණය කිරීමෙනි.

සුපිරි පිටපත් රචකයකු වූ ශානී අබේසේකරගේ පිටපත් අනුව රන්ජන් රාමණායක හරහා නඩු තීන්දු දෙන්න ගියපු වැඩ හෙලිවූයේ රන්ජන්ගේම හඬ පටවලිනි. මේ සියල්ල මෙහෙයවූ උන් අදත් නිදැල්ලේ එලියේ සිටිමින් ආන්ඩුවට අන්චි අදිමින් සිටී.

ශානි හා රන්ජන් වැනි හාල්පාරුවන් හෙලිදරව් වී නීත්‍යානූකූලව සිරගත වුවද, මේවායේ න්‍යායාචාර්යවරුන් අදටත් එලියේය. ආන්ඩුව උන් එලියේ තැබීමෙන් කෙලවර නොවි එවන් ගොබෙල්ස්ලාට තමන්ගේ වැඩ රාජකාරි පහසුවෙන් කරගෙන යාමට දිලිත් ජයවීරලා හරහා කාර්යාල පහසුකම් සපයමින් ඇදගෙනම නාමින් සිටී.

මංගල වැනි දෙබිඩ්ඩන් සමඟ ආන්ඩුව කටයුතු කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. ඔවුන් දේශපාලන ඩබල් ඒජන්ට්ලාය. ඔවුන් යූස් කරනා එකේදී කල්පනාකාරී උනේ නැත්නම්, කෙලවෙන්නේ යූස් කරනා එකාටමය. එය මේ වන විටත් සිඳු වී අවසානය. මංගලලා හා රනිල්ලා ජිනීවා හරහා ආන්ඩුවට ඇරලා අහවරය.

අරලිය ගහ මන්දිරයේ සිට රාජපක්ෂලාට එරෙහිව කුමන්ත්‍රණය කළ යහපාලනයේ ප්‍රභල චරිතයන් වූ අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලි, සුමන්තිරන් හා ෆොන්සේකා යන සියල්ලන්ම තවමත් එලියේ සිටිමින් පච සමාජ ගත කරමින් සිටී.

ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනා බවට රාවයක් ගියද, ඒ කටයුතු ඉදිරියට ගමන් කරනා බවක් නොපෙනීම මේ ගොබෙල්ස්ලාගේ ජයග්‍රහණයකි. චන්දයක් කිට්ටුව මොවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සිතන්නේ නම්, එය ආන්ඩුව විසින් ගත් අමු ගොබ්බ තීරණයක් බව කිව යුතුව ඇත.

මන්ද, ඔවුන් විසින් ආන්ඩුවට එරෙහිව ගෙනයන පච ප්‍රචාරයෙන් මේ වන විට රටම වෙලාගෙන අවසන් නිසාය. මෙවර දෙන්නේ ලෙහෙසි පහසු ගේමක් නොවේ. කිඹුලා ඇල රාජිතලාගේ ගානියා බැරිස්ටර් හා මේසන් බාස් මාජ්ජවේදී නාට්ටි දෙකටම හැමිනිලා ගියද, නිශ්ක්‍රීය කරනා ලද බෝම්බයකින් මිනිසුන් මියගියා කියා පටිගත කරනා ලද දර්ශන පෙන්වා හත් පොලේ ගාගත් සිරස දුන් සිංහරාජ ගුලිය මුලු රටම ගිලලා ඉවරය.

ඒ අනුව රාජපක්ෂලා මේ වර ඇවිත් තියෙන්නේ කෑලෑ කැපීමටය. ඔවුන් සිංහරාජය වනසමින් සිටී. පට්ටම ආතල් එක කියන්නේ ඔවුන්ට උඩගෙඩි දෙමින් රාජපක්ෂ පවුලේම එකෙක් පොර ටෝක් දෙමින් සිංහරාජේ වැව් දෙකක් හදනවා කියා ගොන් ආතල් දුන්න එකය.

ආන්ඩුවට හිතවත් පිරිස පවා සිතන්නේ ආන්ඩුව මහා වන සංහාරයක් සිඳු කරමින් සිටිනා බවයි. එහෙත් මේ වන තෙක් එකෙක් හෝ එවන් වනාන්තරයක් තියෙන්නේ කොහේදෝ කියා අපට නම් කියලා නැතිය. අද වන විට වාර්ථා වන්නේ අදාල ඉඩමට අල්ලපු ඉඩම සමගි ජන බලවේගයේ සංවිධායකයකුගේ බවය. එම ඉඩම නාමික සිංහරාජයේ හෙක්ටයාර 11,000 ට තබා පරිවාර වනාන්තර සමඟ අදාලවන හෙක්ටයාට 36,000 ටවත් අයත් නොවනා බවය.

තත්වය එසේ තිබියදී අශෝක අබේසිංහ කියනා අඬනා බබා ගමේදී හීරෝ වෙන්න ගියේ අමු කෙප්පයක් කෙලලාය. ඒ පාස්කු ප්‍රහාරය කලේ ඝෝඨා බැසිල් හා සේනාධිපති හා එකතුවෙලාය කියලාය. වාසනාවට මේ කෙප්පයට එරෙහිව ආන්ඩුවේ පසුපෙල උන් වගේම හිමිවරු කීප දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිනිලි කළේය.

පචෝරිස්ට කෙලවූයේ CID ආපු දිනයේය. ඌ කිව්වේ ඒක නිකන් කියන්නම් වාලේ කිව්ව එකක් මිස තහවුරු කිරීමට කරුණු කිසිවක් ඇතිව කියපු එකක් නෙමේ කියලාය. අද ඌ හොයා ගන්නත් ඇත්තේ නැතිය. දැන් ඌ ලයිසන් ලද කෙප්ප කෙලිනා එකෙකි. ඌට එරෙහිව නීතීපති හරහා කරන දේ නොකිරීම ආන්ඩුව දුර්වල කමය. ඒ හේතුවෙන් දැන් ආන්ඩුව පරිසර ත්‍රස්තවාදීන් වී අවසානය.

වාසනාවකට අදත් එවන් පැමිනිලි කිරීම දෙකක් ගැන වාර්ථා විය.

එකක් මුරලිදරන් විසින් සරත් ෆොන්සේකාට එදිරිවය. අනෙක බුද්ධි අංශ ප්‍රධානී ව්සින් කසිප්පුවාට එරෙහිවය. මේවා අතරමගදි සෙටල් කර ගත යුතු නඩු නොවේ. ඉල්ලන වන්දි මුදල්ද අඩු කළ යුතු නැත. දේශපාලකයෝ කියා මොවුන්ට අනුකම්පා කිරීමෙන් කෙලවෙන්නේ රාජපක්ෂලාටමය. අනෙක හිතෙන හිතෙන ඕන එකෙක්ට අමු කෙප්ප කෙලීමේ අවස්ථාව හිමි වීමය.

ඒ නිසා මුරලිදරන්ට මෙන්ම, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට අපේ ප්‍රණාමය හිමි විය යුතුමය.


ඒ වගත් මෙසේය…

මානව හිමිකම් හා පොල්තෙල්

 


මානව හිමිකම්

British Army in Afghanistan: Real Combat - Heavy Firefights with Taliban -  YouTube
ඇෆගනිස්ථානයේ මානව හිමිකම් සුරකින බ්‍රිතාන්‍ය හමුදාව

.

ජිනීවා මානව හිමිකම් හා
සමනල්ලු…
😂😂😂😂

ජිනීවා මානව හිමිකම් එකේ තියෙන චෝදනා අතුරින්….
මම ආසම කෑල්ල තමා..

2015 සිට 2019 තෙක් කොළඹ සිටින එජා නියෝජිතයින් හා තිබූ සුහඳතාවේ ගිලිහුනා කියනෙක…

අනේ ස….

ඕන් ඕකුන්ට රෑට රෑට
අර ඩුප්ලිකේසොන් රෝඩ් එකේ ඉන්න සමනල්ලු ටිකක් යවලා…

ඇවරි සැටඩේ එයාලා කැමති අය එක්ක ඇන්ජෝයි කරන්න…
සැන්ගිරිල්ලා එකේ ජිනීවා නයිට් කියලා නයිට් එකක් සෙට් කරන්න…
අර ෂුගර් ඩැඩිට බිල දාන්න…

මදි පාඩුවට තවත් ඉල්ලීම් තිබේ නම්..
උදයංග වීරතුංගට වැඩේ බාර දෙන්න..
එයා හොඳ රාජ්ජ තාන්තිරකයෙක්..
යූක්‍රේනේ අපිට පක්ෂව චන්දෙත් දුන්නා නේ..
😂😂😂😂😂😂

එතෝට ලබන සැරේ කියයි…

මංගලලා වගේම රාජපක්ෂලාත් චෝයි කියලා..

මංගල උන්නා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ කියලා දෙමළ මහත්තේකුත් කියලා තිබ්බා…

කොහෙද ස ලා ඔය වගේ රාජතාන්ත්‍රික ටැක් ටික්ස් දන්නේ නෑ නේ..

කොයි වෙලෙත් මල අතේ තියන් ඉන්න බොරලගොඩ සිංහයෙක් දාලා..
ඇදගෙන නානවා…

අපිට ජනාධිපති උපදේශක කමක් දෙන්නෙත් නෑ නේ…

.

පොල්තෙල්

.

OIL MASSAGE FOR BABY | COCONUT OIL - YouTube

.

හැමිනෙන රටක ජීවත් වෙමී..
(පොල්තෙල් විත් කැන්සර්)

ආනයන කල පොල්තෙල් වල පිලිකා කාරක තියෙයි කියලා රේගුව සොයාගන්නවා..

ඒ පිළිකා කාරක අඩංගු පොල්තෙල් ප්‍රති අපනයනය කරන්න කියලා ආනයන කරපු එකාගෙ ගුදම්වලටම රිලීස් කරනවා…
😂😂😂😂😂😂😂😂😂😂😂

ඌ ඒකේ පිළිකා කාරක නෑ කියලා ප්‍රමිති ආයතනයෙන් සහතිකයක් අරගෙන වෙළඳ පොළට නිකුත් කරනවා….

මිනුස්සු පිළිකා වලින් කැවුම් බැදලා…
ලාබෙට දෙනවා කියපු හාල් පොල් එක්ක..
බන්දුලගෙ අම්මට පින් දිදි…
පිළිකා කාරක ඇඟට දාගන්නවා….

රේගුව මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපිට කියනවා වෙළඳපොලේ තියෙන පොල්තෙල්වල කැන්සර් තියෙනවා කියලා…

මී හරක් ඇමතියා ගව ගාලේ ඉඳන් කියනවා ඌට තාම පැමිනිල්ලක් ඇවිල්ලා නැතෙයි කියලා…

උන් පොල්තෙක් භාවිතා කරන්නේ නෑ නේ..

උන් කන්නේ ඔලිව් තෙල්…

උන්ට කිසි හෙනයක් නෑ…

අපි කැන්සර් හදාගෙන මහරගමයි පොලීසියි උසාවියි යන්න ඕන…

ඔය ඇමතිකම දියන් බූරුවෙකුට…

ඝෝඨගෙ විජ්ජාත්මක කැබිනට් මණ්ඩලේ..

මරු ඕයි…


Mar 18, 2021

කූඹියෝ වෙන්න ගොස් හත් පොලේ ගාගන්නා ජෙහාන්ලා

 

මෑත කාළයේ අතිශයින් ජනප්‍රිය වූ කූඹියෝ ටෙලි නාට්ටියේ ප්‍රධන චරිතය වූයේ තුමිදු දොඩම්තැන්න ජීවය දුන් “ජෙහාන්” ගේ චරිතයයි. මාතලන් නම් මේ නාට්‍ය සලකන්නේ, එතෙක් මෙතෙක් බිහි වූ ප්‍රභලම දේශපාලන ප්‍රහසනය ලෙසයි. එමෙන්ම එය එතෙක් මෙතෙක් බිහි වූ ප්‍රබලතම ටෙලි සිරීස් එකයි. මෙමගින් පෙන්වූයේ ජෙප්පන් විසින් වෘත්තිය සමිති හරහා කරනු ලබන කඩාකප්පල්කාරි දේශපාලනයයි. එහෙත් ජෙහාන් සමාජගත වෙන්නේ සුපිරි ගේම් කාරයකු ලෙසය. නමුත් ජෙහාන් මෙහෙය වන්නේද වෙනත් කණ්ඩායමක් විසිනි.

අවසානයේ සියල්ලන්ම තේරුම් ගන්නේ ඒ කිසිවක් ජෙහාන්ගේ වික්‍රමාන්විතයන් නොවනාතර, න්‍යායාචාර්වරුන් සිටින්නේ වේදිකාවෙන් පිටුපස බවයි. අවසාන මොහොතේ එන ආන්සර් කල යුතුම කෝල් එක එන්නේ ඩබල් ගේම් කාරයකු වූ ජෙහාන් විසින් සබඳතා ගොඩනගා ගත් න්‍යායාචාර්යවරුන්ද මෙහෙය වන්නාගෙනි.

ඇත්තම කතාව නම්, ජනතාව තේරුම් ගත්තේ එම කෝල් එක එන්නේ ජෙප්පන්ද මෙහෙයවන රනිල්ගෙන් බවයි.

එවැනි ගේම් කාරයන් ලෙස ප්‍රසිද්ධ චරිත ඇත්ත දේශපාලනයේද වෙති. උන් සියල්ලෝ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූවන්ය. එහෙත් උන් දෙන ගේම් සියල්ලම කෙලවර වන්නේ හත්පොලේ ගාගෙනය.

රණසිංහ ප්‍රේමදාස එවැනි ගේම් කාරයෙකි. ඉන් පසු එවැනි ගේම් කාරයන් ලෙස ප්‍රසිද්ධ වූයේ මංගල හා එස් බී ය. අද දෙදෙනාම අනාතය. පාඨලි හා විමල් තවත් දෙදෙනෙකි. තනියෙන් චන්දයකට ඉදිරිපත් වුවහොත් ඇපත් නැතිවන මොවුන් දෙදෙනාම පක්ෂ නායකයන්ය. එහෙත් අනුන්ගේ චන්ද වලින් ගොඩ යන මොවුන් අද ජාතික නායකයෝ වී අවසානය. මේ සියල්ලන්ම එකම කුළකයකට ගොනු කල හැකි අතර එම කුළකය නම් මේ සියල්ලන්ම නොම්මර එකේ ගොබෙල්ස්ලා වීමය.

රාජිත සේනාරත්න යනු මේ ජාතියෙ උන් අතරින් මාර ගේම් කාරයෙක් යැයි තමන්ම කියාගන්නා තවත් එකෙකි. පාරම්පරික උරුමය සමඟින් චතුර සේනාරත්න නම් තම පුත්‍රයාද ඒ ගොඩටම දමුවේද රාජිතමය.

2015 ආන්ඩු පෙරලියේ පෙර ගමන් කරුවන් අතර උන් ප්‍රධානම චරිත දෙකක් වූයේ මේ දෙදෙනාය. එහි ගෞරවය ඔවුනට හිමි විය යුතුය. එහෙත් ඒ සෙල්ලම් හැමදාම හරියන්නේ නැතිය. බොරුව හැමදාම ජයගන්නේ නැතිය. රාජපක්ෂලා එලවා දැමීමට ගෙති පච කන්දරාවම පට්ට පල් බොරු බව වසර දෙක තුනක් යෑමට මත්තෙන් සියල්ලෝම වටහා ගත්තේය.

කොටින්ම කියනවා නම් ඒ වන විට හත්පොලේ ගාගෙන උන් යහපාලනේ තවත් වටයකින් රාජපක්ෂලාට කෙලීම සඳහා ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ ඝෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන මෝර ටැංකි ජාතකේ කියන්නට ගෙනා නළුවෝ දෙන්නා, පිටපත් අවුට් ගොස් මෝරන් කිඹුලන් බවට පත් කොට, ජාත්‍යන්තර විහිළු කරයෙක් බවට පත් විය.

මෙවන් ජෝකර්ලා පරදන්නට රාජපක්ෂලාට බන්දු සමරසිංහලා පවා වේදීකාවට ගෙන ඒමට සිඳු උනේය.

එහෙත් ගේම් කාරයෝ එහෙම පච වූවා කියා ගේම් අත අරින්නේ නැතිය. මන්ද ඒ උන්ගේ රැකියාව නිසාය. ඇමරිකාවෙන් ජිනීවාවලින් ඩොලර් ගලා එන්නේ හත් පොලේ ගාගත්තත් ගේම් ගැසුවොත් පමණය.

බොරුවෙන්ම ජීවත් වෙන උන් ජහපාලනේට කෙල උනා කියා ගේම ඇරියේ නැතිය. උන් සතියක් යන්නට පෙර ගානියා බැරිස්ටර් ඉස්සුවේය. ඇත්තටම එයාට එහෙම එකක් උනේ නැතිය. එයා කා එක්ක හෝ හැමිනෙන්න ගිය එක හැදුවේ ඉස්සුවා කියාය. ඉස්සුවාද බැස්සුවාද කියා හොයන්නට දැන් නඩුව බලවන්නේය. අපරාදෙ කියන්නේ එහි මහ මොළකරුවන් වන එම්බසියේ උන් අදටත් ගානියා තනිකර නොමැත. ඉන්ටර්නැශනල් ගේම් එහෙමය. කොහොමත් ගානියා බැරිස්ටර් ගොඩය.

මේ ජෙහාන්ලා ටික එකතු වී ජිනීවා මානව හිමිකම් විගඩම යන වෙලේ තව ගේමක් ගහන්නේ මේ අතරය. ඒ අපි අහලාවත් නැති වෙබ් අඩවියක, නමක් අහලාවත් නැති මාජ්ජවේදියෙක් කියනා මේසන් බාස් කෙනෙක් ආන්ඩුවෙන් උස්සගෙන ගොස් නෙලලා අත ඇරිය නාට්ටිය කරලියට ගෙන ඒමෙනි.

වැඩේ කියන්නේ මේ සීන් එක වී කීප දවසක් වුවත් වැඩේ නැගලා ගියේ නැති එකය. ඒ කියන්නේ මේවා කියපු ගමන් මේවා කරන්නේ රාජිතලා, කරූලා හා NGO මාධ්‍ය මාෆියාව බව සියල්ලෝම දන්නා නිසාය.

මේ පිළිබඳව NGO මාජ්ජවේදියෙක් බුකි සටහනක් තැබු වෙලේ මම කියා සිටියේ ඌට ගහලා එහෙම නැද්ද කියාය. මේ සියල්ලෝම එකම පිලක් බව අද ඔප්පු වී අවසානය. වැඩේ චොර විය. මේසන් බාසා පාපොච්චාරනයක් කර අවසානය.

ගේම රාජිතගේ හා චතුරගේය.

මාධ්‍ය ආවරණය එංගලන්තේ ඩයස්පෝරා මුදලින් යැපෙනා හා මෙරට NGO මඩ මාජ්ජ බලකායෙනි.

නීතී අනුග්‍රහය තවත් යහපාලන කොරිඩෝ ලෝයරයෙක් වෙන නාමල් රාජපක්ෂගෙන්ය.

ගරු රඟපෑම් කරුවා ජයසූරියගෙනි.

කෙසේ හෝ මේ ගොබෙල්ස්ලාට පාඩමක් උගන්වන්නට රාජපක්ෂලා අසමත් වුවහොත් සිඳුවන්නේ, ආයෙත් ජනෙල් පොලුවල එල්ල්ලෙන්න බවය කියා මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය…


Mar 15, 2021

(අ)භාග්‍යාගේ කළු වඳුරු කුණුහබ්බ

 


කන කැස්බාවා විය සිඳුරෙන් අහස දැකපු කතාව වගේ ….

බාග්ගා එනවා හොට්සීට්ටෙකට…

බලහන් ඉතින් මාරයි නේ…


බිම්බරක් සෙනග සින්දුව ගැන ප්‍රශ්නෙ අහල…

ප්‍රශ්නෙට අදාල දාර්ශනික විග්‍රහයට යනවා අන්දන සූරියබන්ඩාර සෑර්…

මාර දැණීමක් සර්ට තියෙන්නේ…

හැබයි ෂුක්‍රියා තරම් නෑ..

පව් නේ.. මාරයි නේ…

අපිත් ඇන්දුවා නේ…


ඊට පස්සෙ මයික් එක බාග්ගාට…

එයා තිර පිටපත ක්ලාස් එකට දෙනවා…

ඇක්ටින් හොඳයි.. ටොකටිව්…

අපේ ගෙදර පෙත්තියෙක් උන්නා ඔය වගේම..

පෙත්තාගෙ ගෑණු සතෙක්..


සිංහරාජෙ ගැන කතා කරන්නම වාසනාව ලැබෙනව කියල දැන ගෙනම…

ජේ වී පී අබේරත්න්න මහත්තයගෙ දෝණී ඇන්ද ලක්ෂපතියට එන්නෙ…

අබේරත්න මහත්තයට අංජනං දෙවියො ආරූඪ වෙලාද නාථ ආරූඪ වෙලාද මහරාජා ආරුඨ උනාද අන්‍රයියා ආරූඪ උනාද කියලා අපිටත් අවුල්..

අපි පුල් හොල්මන් ඈ…


දැරිවි කියන විදියට දැරිවිත් ගෝඨාභට මහත්තය …

නෑ…නෑ මැති තුමාගෙන්….

එයාල ඉන්න ඉඩමට ඔප්පුවක් බලාගෙන ඉන්නෙ ඉල්ලීමකුත් කරල..

අනේ සැර් ඔප්පුවක් දෙන්ට ඈ…

ඔය ඉරිසියා රෝගේ සනීප වෙන්ට…

සැර් නොදුන්නත්

අන්දන සෑර් දෙයි..

එතකොට ස ටයි නෝන්ඩී


බලං ගියාම හොරට ඉඩං අල්ලං ඉන්න දැරිවිගෙ තාත්තාලට තියන ප්‍රශ්ණෙ….

ඔප්පු තියන ඉඩම උඩින් අලින්ට පාර නොදුන්නට…..

ටිපිකල් සිරි ලංකන්..

අසල්වැසියාට ප්‍රේම කිරීම…


දැරිවි කියනව අපි ගෙවල් හදන් ඉන්නෙ සත්තු යන තැන නෙවෙ කියල…

ඩොක්ටර් හොඳ හිතගෙ දෝනී

සත්තු මෙයත් එක්ක කතා කරනවා..

බලන්න ඉතින් නේ..

අපි ජාතක කතා පොතට කින්ඩිය දානවා…


මම හිතන්නෙ සිංහරාජේ ඉන්න සත්තු ලයිසන් අරන්…

හරියටම උන්ට වෙන්කරපු මංකඩෙන් මාරු වෙනව ඇත්තෙ ….

බාග්ගගෙ අයියා ඇනිමල් ටැපික් සාජන්ලූ..


අයිනෙ කහ ඉරිවත් පාගන්නැතුව ඒකනෙ දැරිවිගෙ ඉඩම උඩින් සත්තු නොගිහින් අල්ලපු ඉඩම උඩින්ම යන්නෙ…

බලන්න එයාලගෙ හැදියාව


අලි මන්තරේ සජිත් කියලා දෙන්නැති…

අර බිබ්බීද මක්කද එක…


වෙලාවට රාජපක්ෂ ආන්ඩුව නිසා… පොලිසියෙ නිළධාරීන් ඇවිල්ල බොහොම වැදගත්විදියට කතාකරල විස්තර අහල ගියාලු නේ..

ජිනීවා කේස් නිසා රාජපක්ෂලා බයේ ඉන්නේ…


සුදු වෑන් එකකද දන්නේ නෑ ආවේ හිටන්…

ඒක ආවා නම් රාජිතගෙ කිඹුලා බනිස් කන්න තිබ්බා…


සුදු පුතේ… ළමයො… බාග්ගා


අතීතෙ දැනගන්න කියන්නෙ…


පුතානොගේ පියානෝගේ කාලෙ….

ඔය වගෙ කතා කියපු ලියපු අයගෙ මිනී වැල්ලට ගොඩ ගැහුවෙ…,

හෙලිකොප්ටර් වලින් මූදට ගිහින් දැම්මයින් පස්සේ…


සජිත්ගේ සක්කිලි මහරාජගේ ගුලි කාපූ ගොඩක් උන්ට ඇපත් නෑ…


රන්ජට වෙච්චි දේ දැක්කානේ..


කෙල උනාම දැවන්තයෝ තියා කළු වඳුරොත් නෑ…


Mar 8, 2021

කොවිඩ් විකාර මෙන්ම ආනයන විකාරද ඉවත් කළ යුතුය.


 

පළමු කොවිඩ් රැල්ල වෙලේ මාස දෙකක් නිස්කාරනේ රට වසා ඇදගෙනම ස්නානය කළ බව අද ආන්ඩුවේ හැම එකාම පිලිගනිමින් තිබෙන්නේය. අඩු ගානේ තමන් කළ වැරදි ගැන පසුතැවීම හා ඒවා පිලිගැනීම අප අගය කළ යුතුය.

රට දවස් දෙකක්ට වහපු වෙලේම මාතලන් කියා සිටියේ ගොම සංගමයේ ගුලි කාලා මේ කරන්න යන්නේ අමු ගොබ්බ වැඩක් කියලාය. අපේ රටේ තිබෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට නම් සෙනසුරාදා ඉරිදා ඉතරක් නොව, වැඩ මුරය පැය දොළහක් කලත් අවුලක් නැතිය. පෞද්ගලික අංශය අතිකාළ දීමනා පවා ගෙවමින් පැය 24 ම වැඩ කරන්නේ ඒ නිසාය.

චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු වූයේ නිකන් නොවේ, වෙලාවක් කලාවක් නොබල වැඩ කළ නිළධාරින් හා සේවකයින් උන් නිසාය. එහෙත් බංකොලොත් රටක් මාස දෙකක්ම වහලා දාලා තිබ්බාම වෙන දේ අපට තේරුන නිසා අප වෙන්නට යන දේ, ඒ කාළයෙම කියා සිටියේය.

එසේ රට වහන්න කිව්වේ ආන්ඩුවෙන් පින් පඩි කන කාළකන්නින්ය. මන්ද රට වැසුවා කියා උන්ගේ පඩි හා දීමනා නොලැබී යන්නේ නැතිය. එසේ රට වසන්නට කියපු කාළකන්නින් වසා තිබූ කාළයේ ඉන්ධන දීමනාද ලබාගෙන තිබිනි.

මාස දෙකක් රට සම්පූර්ණයෙන් වසා දැමූ කාළකන්නින් ඉන් නැවතුනේ නැත. උන් දෙවනි රැල්ල ආපු වෙලාවේ ආයෙත් රට වසන්නට කීවේය.

විශේෂයෙන් ගොම සංගමයේ උන් හා PHI මහ එකා දිනපතා ඇස් ලොකු කරමින්, ටී වී වොයිස් කට් දෙමින් ජනතාව බය කළේ, රට මිනී කඳු වලින් පිරෙනවා කියලාය. දැන් ගොම සංගමයේ පිස්සෝ ටික පේන්න නැති උනත්, PHI මහ එකා තාමත් භූතාවේසයෙන් විත් ජනතාව බය කරමින් සිටි. මුල සිටම පොර උන්නේ ආන්ඩුවේ වැඩපිලිවලට එරෙහිවය. අද කියාද වෙනසක් ඇත්තේ නැතිය.

අනෙක් ගොන්කම, මුස්ලිම් මරණ ආදාහනය කිරීමය. අද ඒ තීන්දු ගත් උන්ම සෑම දිස්ත්‍රික්කයකම භූමදාන සඳහා භූමී සොයනවා දැකීම මාර ලොල් සහගතය.

එහෙත් ඇත්ත කතාව නම් කොරෝනා වලට වඩා රිය අනතුරු හා ඩෙංගුවලින් මිය යන පිරිස වැඩි බවය. ඒ නිසා මේ කෝරෝනා මරණ හා රෝගීන් නිව්ස් වලින් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. එන්නත්කරණය ගැන නිව්ස් දුන්නාම හොඳටෝම ඇතිය.

දැන් කියන්නට යන්නේ ආනයන තහනම ගැනය. මේ විකාර තීරණය නිසා රැකියා අහිමි වූ පිරිස ඉතා විශාලය. වැසී ගිය ව්‍යාපාර බොහෝය. වාහන අමතර කොටස් වල මිළ 100% ඉහළ ගොස් ඇත. කියනවා නම් තව බොහෝ දේ ලිවිය හැක.

ඒ නිසා අප කියන්නේ වාහන ආනයන සීමාව පවා ඉවත් කළ යුතු බවය.

මේවා මොකා ගත්තත් අමු ගොන් තීරණය. එවත් තීන්දු තීරණ ගන්නේ නම්, ඒවා කළ යුත්තේ පියවරෙන් පියවරය. හරියට ආන්ඩු හාල් පිටි පාන් කවන්න ගියා වගේය. අපේ උන් පාන් කියන්නේ තිරිඟු පිටිවලින් හදන කේක් වලටය. හාල් වලින් හදන කේක් කවදාවත් පාන් වෙන්නේ නැතිය. බත් කන උන්ට එක පාරට බත් කන්න එපා කිව්වොත් වැඩේ හබක්ය.

දැන් ආන්ඩුව ඉන්නේ පුක මහලා බඩ යන්න බේත් බීපූ උන් වගේය. දැන් මැහුම් කැපීමේ කාළය පැමිණ ඇත.

මේ ගොබ්බ තීරණය නිසා ආර්ථිකයට වැදුන මරු පහරෙන් ගොඩ ඒමට දැන් නෝට්ටු අච්චු ගසමින් සිටී. ආන්ඩුව දිගටම දුවන්න ඉන්නෙ නෝට්ටු අච්චු ගසමින් නම්,

අපට කියන්න තියෙන්නේ ආන්ඩුවට සම්මා සම්බුදු සරණයි කියා පමණය..


ඒ වගත් මේසේය…


Mar 7, 2021

පුකේ ආදරේ, (කෝ යකෝ හිත්වල ආදරේ..)


මාතලන් යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කාළේ ඉඳලා තේරුම් ගත්ත දෙයක් තමයි ආදරය කියලා එකක් නෑ කියනෙක. 

ඒත් එහෙම එකක් තියෙනවය කියලා මිනිස්සු මුලාවක වැටිලා ඇදගෙන නානවා. මේක පොඩි උන්ගේ විවාද තරඟයක් වගේ. කස්ටියක් ආදරේ ගැන කවි සී පද කෙටිකතා ලියද්දි, තා සෙට්ටෙකක් විරහව වේදනාව ගැන ගි සින්දු පුස්තක ලියනවා. 

එහෙනම් මොකක්ද බං තියෙන්නේ? තියෙනවා කෑදරේ කියලා එකක්. මේක සරළව කියනවා නම් රාගය. ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන ආත්මාර්ථකාමීත්වය. සියල්ල තමන්ගේ කර ගැනීමේ ආශාව. මේකේ නිමක් නෑ. 

කෙනෙක් හිතනවා ලෝකේ ඉන්න ළොකුම සල්ලිකාරයට හෝ අධ්‍යාත්මවේදියාට මේක නෑ කියලා ඒකත් බොරුවක්. සල්ලි කාරයා බලන්නේ තමන්ගේ ධනය වෙනත් මොකක් හෝ ක්‍රමයකින් වැඩි කර ගන්න. ඒක හොඳ දෙයක්. ළෝකය දියුණු වන්නේ එහෙම මිනිස්සු නිසා. අධ්‍යාත්මවේදියා සැටිස්ද...? නෑ. පොර සදාකාලික විමුක්තිය සොයනවා. ඒක උගේ හෝ ඇගේ රාගය. 

එතකොට අපි ඔය කෑදරේ හෙවත් ආදරය කියලා ප්‍රසිද්ධියේ පිලිගන්න දේ ගැන හදාගත්ත ප්‍රසිද්ධ මිත්‍යා මත තියෙනවා.. ඒ කියන්නේ ආදරේ කරන්න ඕන කොල්ලොයි කෙල්ලොයි විතරයි. වයසක උන්ට ආදරේ කරන්න බෑ. තහනම්. උන් සිල් ගන්න ඕන. ඒ කියන්නේ වයසට යන කොට හැඟීම් වලට තිත තියන්න ඕන. මොළේ මරන්න ඕන. එහෙම මෝළේ මැරිලා මැෂින් වලින් ජීවත් වන උන්ටත් හැඟීම් තියෙනවද කියන්න මම නම් දන්නේ නෑ. 

කොල්ලො කොල්ලො අතරේ ආදරේ... කෙල්ලෝ කෙල්ලෝ අතරේ ආදරේ... නාකි එක්ක ආදරේ... වයසින් අඩු අය එක්ක ආදරේ..(ළමා අපචාර නෙමේ.. ඒක කෙලින්ම රෝගයක්) අපේ රටේ පිලිකුල්... ඒවා සමච්ඡලයට ගැරහීමට ලක් වෙනවා. මෑතකදී සෑහෙන උනා. 

අනියම් සබඳතා ඉලීගල්.. සම්බන්ධයක් අනියම් වෙන්නෙ කොහොමද. ඒ වික්ටෝරියානු සඟිස්කුරුතිය නිසා. ඊට කලින් තිබ්බේ නිදහස් ලිබරල් ලිංගික සබඳතා. ඒවට සීමා මායිම් නෑ. වලංගු උනේ බලය විතරයි. ඇත්තටම හිංගලෙන් සෙක්ස් ගැන සෙක්සුවැලටි (Sexuality) ගැන වැඩියෙන් කියවන්න නෑ. ඒත් ඉන්ගිරිසියෙන් අන්තර්ජාලේ මේ ගැන ඕනා තරම් තියෙනවා. ඒවා ගැන දැණුම්වත් උන්ට මේ මෑතක සිඳු වූ සිද්දීන් සාමාන්‍ය දේවල්.

ඉතින් ලංකාවේ උන්ට ඕක මැජික් එකක්. නමුත් සෙක්සුවැලටි කියන දේ මිනිස් සබඳතා වලින් එහාට ගිහින් ඇනිමල් සෙක්ස් දක්වා යන්න පුලුවන්. ඒ කියන්නේ තිරිසන් සතුන් හා සංවාසය. මේ ගැන ඉන්දියාවේ කජුරාහෝ වල ඉතරක් නෙමේ අපේ නාලන්දා ගෙඩිගේත් සාක්කි තියෙනවා. මේවත් ලංකාවේ තිබුනට.  එහෙම නෑ කියන්න තමයි අපේ අය ආස. හැබයි නියම ගම නොදන්න උන් ඒවා දන්නෙත් නෑ. 

ඔය කෑදරේ මුලින්ම ලබන්නේ නෙතින් අන්ධ නම් හැඟීමෙන්. දැකීමත් එක්තරා #කීමක් කියන්නේ ඒකයි. ඊළඟ ඉස්ටෙප් එක ස්පර්ෂය, ඒකේ කොටසක් චුම්බනය හෙවත් කිසින් හෙවත් සිඹීම. තව ඒවා තියෙනවා ඒ ඔක්කොම ලියන්න වෙලාව නෙමේ මේ. උපරීමය මෛතූනය හෙවත් හැමිනීම. 

අපේ උන් ආදරේ කරන්න තැන් ඉල්ලන්නේ ඕන් ඔය වැඩවලට. අපේ රටේ සංස්කෘතිය අනුව මමත් ඉන්නේ ප්‍රසිද්ධියේ ඔය වැඩ කරනවට විරුද්ධ මතයේ. නිදහස් චතුරශ්‍රය ළඟ කපල් සිද්ධියෙත් මම උන්නේ, එතන ලව් කරන්න දෙන්න එපා කියන මතයේ. 

මොකෝ අපේ උන් අත් අල්ලගෙන ඉඳීමෙන් නවතින්නේ නෑ. අපේ උන් ඕන දේක සීමාව දන්නේ නෑ. බීලා බෝතලේ කුඩු කරලා යන කාළකන්නි ඉන්න රටක, ලව් කිරිල්ලේ හැදියාවක් හික්මීමක් චාරයක් කලාවක් තියෙන්න බෑ. පාර පනින එකා පාර පනින්නේ පාර උගේ කියලා හිතාන. වාහනේ යන එකත් එහෙමයි. අනෙකා ගැන හිතන්නේ නෑ. ඔය හැමිනෙන්න නිදහස ඉල්ලන හැම තැනම පොඩි උන් පවුල් පිටින් එන තැන්. ඒ විතරක් නෙමේ පාසල් දරුවෝ අධ්‍යාපන චාරිකා එන තැන්. හැබයි ඒ එන්නේ ලිංගික අජ්ජාපනයට නම් නෙමේ.

ඔය ලව් ඉලව් වෙලා, හෙමීට හෙමීට ගයිනොකොලජිස්ට්ලගෙ රාජකාරීන් දක්වා ගමන් කරනවා, සම හරක් ගල් ලෝඩ් බානවා, කුක්කු බොනවා, ලොලි පොප් කනවා කවනවා ඉතරක් නෙමෙයි, මේ පාඨමාලා සියල්ල අවසානයේ ඉන්ටර්කෝස් එකත් කරනවා ඕවට ගියපු උන් දැකලා ඇති. 

ඒ නිසා සිංහළ සිනමාව නගා සිටුවීම වගේම කාමර කුලියට දීමේ ව්‍යාපාරයට මාතලන් උඩින්ම කැමතියි.

දැන් මට තියෙන ප්‍රශ්ණය ඔය එකක්වත් නෙමෙයි. දැන් මේ ආදරේ කරන්න ඕනා.. ඒකේ නිදහස තියෙන්න ඕනා කියපු උන්. මෑතක සිඳුවීමට එරෙහිව, ඒ චරිත දෙක විතරක් නෙමේ.. ඊට සම්බන්ධ චරිතත් ඝාතනය කරන්නේ ඇයි කියලා. කෝ උඹලා ඉල්ලපු ආදරේ. කෝ ඒ ඉල්ලපු නිදහස. 

අපි කොහොමද ඒ වගේ සබඳතා විවේචනය කරන්නේ. ඒක උන් දෙන්නටම මැනේජ් කර ගන්න බැරි උන එක වෙනම කතාවක්. ඒ උන් දෙන්නම ඒකේ කලාව නොදැන උන්න නිසා. එහෙම නැතිව කෑදරේ වරදක් නෙමේ. 

උන් දෙන්නත් මෙන්න මේ කෑදරේ කියන එකේ උපරීමයටම ගියා. 

මැනේජ් කරගන්න බැරි උනා..

ඌ කෙල්ල මරලා දැම්මා..

පස්සේ පසු තැවිලා ඌත් එල්ලිලා මලා..


උඹලා උන් දෙන්නම මරලා උන්ගේ හත්මුතු පරම්පරාවම මරණවා.

ඒ විතරක් නෙමෙයි ආදරයටත් (කෑදරයටත්) ගහනවා


කෑදරේ හරි බයානකයි.

ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.



ඉස්ධූතී... නන්ඩ්‍රෙයි.... ටෑන්ක්ස් හොඳේ...

Mar 4, 2021

අධි වේගයට ගේ බුල්ඩෝසර් කරගත්, අධිවේගී බූරුවා


 

යහපාලනයේ අධිවේගය හදන්න දුන්න ඕන ගොනා ඒක හදන්නේ නැතිව අවුරුදු පහක් උගේ දෝනිට කොම්පැනියක් හදලා දීලා පරම්පරාව ගොඩ දැම්මා මිසක හයි වේ එක ගොඩ දැම්මේ නෑ.

දැන් හෝ ගාලා වැඩේ යනවා. වැඩේ බාරදීලා තියෙන්නේ වැඩ්ඩෙක්ට. පොර එක්ක සෙල්ලම් නෑ. පොර ක්‍රන්ට්‍රැක්ටර්ස්ලට ටාගට් දීලා තියෙන්නේ. වැඩ කරන්න බැරි උන් බ්ලැක් ලිස්ට් කලා එලෙව්වා.

මේ අධි වේගේ අධි වේගෙන් යන වැඩේ පෙන්නන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ තමා යහපාලනේ උන්න මී හරක් පාලකයොයි උන්ට කඩේ ගිය උනුයි. ඒකට සප් එක්ක දෙන්න ඉන්නවා සක්කිලි මහාරාජාගේ මාජ්ජවේදීන් කියන මී හරක් රැල.

එක පාරක් දේවානි කියලා ගෑණියෙකුයි පණු කරඳ ගහකුයි අල්ලගෙන කරපු විගඩම අපි හෙලිකලා. අවුරුදු පහක් තිස්සේ පණු කරඳේ ගැන කිසිම පියවරක් නොගත්ත ගෑණිට සිරිස ආපු ගමන් ඒක ලෝකේ තියෙන එකම ගහ උනා. ඊට පස්සේ ඒ පිස්සු හෝන්තුවයි පරිසරවේදීනුයි කට පුක වග හත්තේ පණු කරඳ ගස් ලංකාවේ ඕන තරම් තියෙනවා කියලා හොයා ගත්තාම.

දැන් තව වීරයෙක් හොයාගෙන. ඌ නොම්මර එකේ මී හරකෙක්. ඌ ගැන නියම විස්තරයක් මනෝරම වීරසිංහ දාපු පෝට් එකක කොමෙන්ට් එකක් විදියට ස්මීර ජයවර්ධන කියලා මහත්මයෙක් ලස්සනට ලියලා තියෙනවා.

පහළ තියෙන්නේ අකුරක්වත් වෙනස් නොකර ඒ මහත්මයා දාපු කොමෙන්ට් එක.

//ඔහුට ලද මූලික වන්දිය එක්කෝටි අනූනම ලක්ෂ පනස්දාහයි. එය රජයේ තක්සේරු මුදල.

ඊට අමතරව ලාක් හා සුපර් ලාක් කමිටු වලින් හිමි වූ වන්දිය හා 7% පොලී මුදල් සමඟ කෝටි තුනහමාර ඉක්ම වූ මුදලක් ඔහුට හිමි වී තිබුණා.

ඔහු එය භාර නොගත් නිසා එම මුදල අධිකරණයේ තැම්පත් කිරීමට සිදු වුණා.

ඒ හේතුවෙන් අධිකරණය අය කරගන්නා දඩ මුදල ලක්ෂ 35ක් පමණ.

ඔහුට නිවස ඉවත් කර ගැනීම සඳහා අවුරුද්දකට ආසන්න කාලයක් ලබා දීල තිබුණ.

නිවසේ ගඩොල් කැටයේ සිට ඉවත් කරගෙන රු.ලක්ෂ 50ක් පමණ ඔහුට හොයාගන්න තිබුණ.

එහෙම තියෙද්දි ඔහු රජයේ සියලු තීරණ ප්‍රතික්ෂේප කරමින් උද්දච්ච හා හිතුවක්කාර ලෙස ආවේගශීලී හැසිරීමක් පෙන්නුම් කරා.

ඒ නිසා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාට අධිකරණ නියෝගයක් ගන්න සිදු වුණා.

වන්දිය මදි නම් ඔහුට අභියාචනා අධිකරණයට යන්න කාලය ඕනෑ තරම් තිබුණ.

කඩා දැමීමේ නියෝගයට එරෙහිව ඉහළ අධිකරණයට යන්න තිබුණ.

ඒ පුද්ගලයා ඒ කිසිවක් නොකර…

“අයින් වෙන්නෙ නෑ අපියි බඩු ටිකයි එක්ක ම ගේ ඩෝසර් කරන්න..” කියමින් උද්දච්ච ලෙස හැසිරුණා.

වන්දිය මදි කියන මනුස්සය වන්දිය වැඩි කරගන්න කරන්න තියෙන නීතිමය පියවර ගන්න කිසිදු උවමනාවක් නැතුව වන්දිය අධිකරණයේ තැන්පත් කරල රුපියල් ලක්ෂ 35ක් අහිමි වීමට ඉඩ දී බලා සිටීම හා ගෙදර ගලවා ඉවත් කර විකුණාගන්නට හැකිව තිබූ දෑ ඩෝසර් වීමට ඉඩ දීම අතිශය අස්වාභාවික යි.

ඔහු කිසියම් මානසික ව්‍යාකූල බවකින් හා කිසියම් පිරිසකගේ මෝඩ උසිගැන්වීමකට හසු වී සිටින බව පෙනුණ.

ඔහුගේ හැසිරීම අතිශය අසාධාරණ නිසාත් රටේ නීතිය අනුව ලබා දිය හැකි උපරිම වන්දි ලබා දී ඇති නිසාත් අධිකරණ තීරණයට අනුව බඩු භාණ්ඩ එළියට දමා නිවස කඩා ඉවත් කිරීමට සිදු වුණා.


ඒ වගත් මෙසේය….

Mar 2, 2021

මිලේච්ඡ රටක අමු ගොබ්බ බුකි ප්‍රජාව



මිලේච්ඡ රටක අමු ගොබ්බ බුකි ප්‍රජාව


පොලීසියේ SI කෙනෙක් ෆේස්බුක් එකෙන් යාළු වෙලා කෙල්ලෙක් මරණවා. 

මම කිව්ව මේක අතිශය කුරීරූ ඝාතනයක් කියලා.

ඒ මේක පාතාල ඝාතනයක් නොව, අහිංසක කාන්තාවක් අමු අමුවේ මරා දැමීමක් නිසා. මාධ්‍ය වාර්ථාකරණය ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුකිය ඊට හපන්.

ඊට එහා මේක දේශපාලනයට සම්බන්ධ කර ගත්ත මී හරක්... ඒ අතරේ මාජ්ජවේදියට සම්බන්ධ උනුත් ඉන්නවා.. ඔව් මමත් ලිව්වා ... මම ලිව්වේ මුළු රටම මේ ගැන වග කියන්න ඕන කියලා.. ඒකට මමත් අයිතියි.. නමුත් මම ඒ සියල්ල ගැන සඳහන් කරමින් ලැජ්ජා උනා.. ඒත් අනිත් උන් මොකක්ද කරේ.. මේක ජනාධිපතිට බැර කරනවා.. රට ආරක්ෂා කරන්න ආපු එකාට  ගෑණියක් ආරක්ෂා කරන්න බැරිලු.. මේවා තමා ගොබ්බ විහිළු.. මේ පෝස්ට් එකට් විහිළුවකට ගන්න එකෙක් ඉන්නවා නම් ඌත් මී හරකෙක් කියලා තමා කියන්න වෙන්නේ..

මොකෝ බුකියේ හිටපු කෙල්ලෙක් මරලා දාපු එක ගැන බුකි ප්‍රජාව වශයෙන් අපි මේ මරණයට ඊට වඩා වග කියන්න ඕන. වින්දිතයයි මිනීමරුවයි දෙන්නම අපේ අය. 

නමුත් ඒ වගකීම වගවීම අපිට ගන්න අපිට ශක්තියක් නෑ. කොන්දක් නෑ. අපේ වැරද්ද පිලිගන්න අපි කැමති නෑ. කාගේ හරි ඇඟේ වරද පටවලා අපි මාර හොඳ මිනිස්සු වෙනවා. ඝෝඨට බ්ලෙම් එක දාලා ඒ ඝාතනයෙනුත් පට්ට ආතල් එකක් ගන්නවා. ඊට පස්සෙ මාර හැපි. ස ෆේල්... අපි පාස්...

එහෙම කතා කරනවා නම්, වෝනින් 90 ගානත් ඇවිත් මිනිස්සු 300 ක් මරලා දාපු උන් ගැන මොනවද කියන්න තියෙන්නේ. දයාසිරි කියනවා මීට කලින් හිටප්පු ජනාධිපතිවරු යටතෙත් බෝම්බ පිපිරිලා මිනිස්සු මැරුණලු. මුන් කතා කරන්නේ කටින්ද එහෙම නැත්නම් වෙනත් මක්කා හරි එකකින්ද කියලා හිතෙන්නේ, මේ වගේ ගොබ්බ කතා කියන කොට. ඒවට කලින් වෝනින් ආවද ඕයි කියලා අහන්න ආන්ඩුවේ එකෙක් නෑ.

ලෝකයේ දියුණුම රටවලත් මේ වගේ දේ අනන්ත වෙනවා. ඒ උනාට ඒ දේවල් අපිට වාරථා වෙන්නේ නෑ. හේතුව එවන් දේ ගැන කම්පා වෙනවා මිසක්. මේ වගේ මළ සිරුරේ ෆොටෝ දාලා ආතල් ගන්න කාළකන්නි ඒ රටවල නැති නිසා. මොකෝ බහුතර ජනතාව හැදියාවක් ඇති මිනිස්සු. අවබෝධයක් තියෙන මිනිස්සු. වෙනස ඒකයි..

නවසීලන්තයේ එකෙක් පල්ලියකට කඩා වැදිලා 51 දෙනෙක් අමු අමුවේ මරාදාපු හැටි ලෝකෙම දැක්කා. ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරලා මුළු ලෝකෙම ගිනි ගත්තා. ඒත් කොස්සෙක්ගේ ගේමක්. පරණ තරහක් පිරිමහගත්තු කතාවකුත් ඒ කාළේ ගියා. පළමු ලෝකයේ රටවල මිනිමැරුම් ගැන පොඩි රූපසටහනකුත් අපේ උගත් බුජ්ජිමත් ප්‍රජාව වෙනුවෙන් මේ එක්ක දාලා ඇති.  



මේකෙන් ගන්න තියෙන එකම පාඩම තමයි.. ෆේස්බුක් එකෙන් හම්බ වෙන නොදන්න වේ පු ලා එක්ක රූම් අස්සේ රිංගන්න එපා කියන එක. මේ වගේ අමාරුවේ වැටිලා ජීවිතේ නැති කර ගන්න ගියපු කෙල්ලෝ කීප දෙනෙක්ම බේරලත් තියෙනවා. ඒවට උදව් උන දොස්තර මහතුන්ටත් මගේ ආදරය හා ගෞරවය මේ  මොහොතේ පිරිනමනවා. ඒ බුකියේ ඉන්න දෙවිවරු.. 

උන්ව බේරගත්තේ උන් ජීවත් ව්න්න ආස නිසා. එන්නේ කෙලින්ම මම මැරෙන්න යන්නේ කියාගෙන. හැබයි එහෙම කියපු එකෙක්වත් මැරුණේ නෑ. උන් තාමත් බුකියේ ඉන්නවා මදිවට, අපිට ගෙම්බර් එකත් දානවා. ඒ කියන්නේ කළ ගොන්කම් තේරිලා. ජීවිතේ තේරිලා දැන් සතුටින් ඉන්නවා.

මේවා කිව්වා කියලා මේ දේවල් මෙතනින් නවතියි කියලා කවුරුන් හෝ හිතනවා නම් ඒකත් අමු ගොන් කමක්. සමහර විට එක දිගට මේ වගේ දේවල් වාර්ථා වෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි. ඒකට හේතුව, අපේ රටේ නීතිය එකම විහිළුවක් වීම හා මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම. 

කෙනෙක් එල්ලලා මරණවා කියන්නේ මිලේච්ඡ දෙයක් තමයි. ඒත් මිලේච්ඡ රටක ඒක මිලේච්ඡ දෙයක් නෙමෙයි. 


ඒ වගත් මෙසේය.....