.

.

Oct 18, 2019

මම බොහොම බය උනා...

මම බොහොම බය උනා....
මගෙ පණ එපා උනා...
රෑ දොලහට පුතානෝට... 
මාව අහු උනා

මම රැස්සීමකට
ගියා ඝෝඨා බලන්ට
මට ආපසු යන්ට
ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට
හැරුනා කනත්ත දෙසට
මගෙ ෆෝනෙක අතට
අරගෙන යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං
ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට
පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට
ආපසු දුවන එකලට
මේ සජියා කලුවට
හිටියනෙ පාරෙ හරහට

(මම බොහොම බය උනා..මගෙ පණ...)

අන්න කෙනෙක් දුර සිට
එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට
මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට
ඈ ජලනාවෝ ලෙසට
කිව්ව මෙමාට
බය නොවනු එයාට

ඔයා ගිටර් ගහන්න
ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට
කියල කිව්ව සජියට
සජී ගිටර් ගහනවා
ලස්සන බයිලා කියනවා..
තාලෙට මැඩම් නටනවා 
මට දුකත් හිතෙනවා

මම කිව්ව එයාට
හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට
ගියා සිරිකොත දෙසට...
සජී ගිටාර් ගහනවා 
ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා
සමනලු පාරේ නටනවා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

මැඩම් එපා නටන්ට
අපි යමුකො ගෙදරට
අපෙ නෝනා ඔයාට
ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම
එය පැන්න අහසට
පිස්සෙක් කියාගෙන
නැවතත් පැන්න පොලවට

එය රවනව මෙමට
මම ගැහෙනව බයට
ඇ‍‍ගෙ ඉස්කොඩ්ඩෙකත් ලොකුයි
ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට 
ෆෝනෙක ගත්ත දෑතට
දුන්න ඔලු‍වට 
ෆෝනෙකෙ කෑලි හැලෙන්න

මේ ශබ්දය ඇසිලා
අපෙ වයිෆ් නැගිටලා
මට වතුර පොවාලා
බැන්නා පිස්සු කියාලා

මේ විස්තරෙ අහල
අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා 
ගත්ත මාව බේරලා