.

.
Showing posts with label Rice Prices. Show all posts
Showing posts with label Rice Prices. Show all posts

Sep 28, 2021

හිඟන්නන් හා රමණය නිමාවන්නේ, ඛේදාන්තයකිනි. (රාජපක්ෂලා සිරිසේනලාට පැරදීම)


ඔය පිටරට සෝ බලන අය දැකලා ඇති, පාරේ ඉන්න හිඟන ගෑණු අයට ලව් කරලා බැඳලා පස්සෙ ඉල්ලගෙනම කන සෝ.


ඒ වගේ සෝ ඉස්සර මෙහෙත් හරියට හැදුනා. එක්කෝ කෙල්ල දුප්පත්, එක්කෝ කොල්ලා දුප්පත්, කොටින්ම "හිඟන කොල්ලා" කියන W A සිල්වා ශූරීන් (ශූරින් කියන්නේ නමේ කෑල්ලක්ද දන්නේ නෑ. ඒ කාළේ ගොඩාක් අයගෙ වාසගම ශූරීන්) ලියූ නවකතාවකුත් ෂෝ එකක් ලෙස ආවා.


මේ ගොඩක් ඒවල පෙන්නන්නේ හිඟන්නන්ට සප් එක දෙන්න ගිහින්, ඉල්ලගෙනම කාපුවා. මේ ඊයේ පෙරේදත් සොයාගත් කෝටිපතියකුගේ අභිරහස් මරණයක් පිටිපස්සෙ ඉන්නෙ අරන් හදා ගත්ත එකෙක්.


උන් කන්න දුන්න අත හපා කාලා නිකං ඉන්නේ නෑ. ගතත් අප්‍රාණික කරලා තමා නවතින්නේ. ඒ නිසා හිඟන්නෝ එක්ක ආස්සරේ තියාගන්න ඕන බොහෝම දුරින්.


මේ ආන්ඩුව එන්නත් කලින්ම අපි කිව්වා මේ හිඟණ වී වගාව නවත්තලා දාලා, ඒ මිනිස්සුන්ට වෙනත් ආර්ථික භෝග වවන්න යොමු කරලා උනුයි පාරිභෝකයොයි දෙගොල්ලම ගොඩ දාන්න කියලා.


මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා සුද්දෙක් කිව්වට, හැමදාම රජ වුනේ වෙනත් උන්..


දැන් ඉන්නේ රජවරු නෙමේ මාෆියාවක්, උන් අරුන්ගේ අන්තේවාසිකයෝ, වහල්ලු. උන් පුප ඉරාගෙන ගන්න අස්වැන්න කුණු කොල්ලෙට අරගෙන අරුන් ප්‍රකෝටිපතියෝ වෙනවා.


මතක තියාගන්න, ඔය ආන්ඩුව එක්ක ගේමට මාෆියාව වෙනුවෙන් වැඩ්ඩ සංඝයෝ එන්නේ, සඟිස්කුරුතියවත් ෂිට්ටාතාරේ රකින්නවත් නෙමේ, කුඹුරු කරන මහා ඉඩම්වල අයිතිකාරයෝ උන්නාන්සෙලා. 


උන් කොහොමත් නිකං කන්න උපන් පිරිසනේ. උනුත් ඔය මාෆියාවෙම කොටසක්.


ආන්ඩුව පුරන් කුඹුරු අස්වද්දනයි, හාල් වලට ඉහළ මිළක් දෙන්නයි ගිය එකෙන් ගොයියන්ට ඉහළ මිළක් ලැබුනමයි කියලා හිතමු.


ඒත් උන්ගේ ජීවිත ගොඩ යනවද?


කිසි දවසක වෙන්නේ නෑ.


මොකෝ හාල් වැඩි උන ගමන් ඊට සාපේක්ෂව අනිත් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිලත් ඉබේම වැඩි වෙනවා. 


අඩේ.... 35 ට ගත්ත වී වලට 65 ලැබිලා ගොයියගෙ කරල පැහිලා තියෙන්නේ කියලා.... බුලත් විඩ විකුණන එකත් 25 ට තිබ්බ විඩේ කෙලින්ම 50 කරනවා. 


මුන් 50 ක් දීලා විඩ කනවනවා නම්...., හිටපිය දෙන්නම් වැඩේ කියලා, ආන්ඩුව ගල් බෝතලේටයි සිකැරට්ටෙකටයි කෙලිනවා. එතකොට බීඩියත් ඉබේම වැඩි වෙනවා.


ඊට සාපේක්ෂව ෂැන්ග්‍රිලා එකේ මාළූ පාන් එකයි, කකුළු අමාත්‍යංශයේ (Ministry of Crabs) කකුළුවයි ඔක්කොම ගනන් යනවා.


ඉතින් ඉකොනොමිස්ට්ලා ටයි කෝට් ඇඳගෙන ඇවිත් කකුලක් පිට කකුලක් දාගෙන කියනවා කොරෝනා මැදත් "අවර් ඉකොනොමි ඉස් ඩුයින්ග් වෙල්... අපි මෙච්චර ලාබ ගත්තා අච්චර ලාබ ගත්තා කියලා"


බොරු. ... අමු බොරු... පට්ට පල් ගල් පැලෙන බොරු... එමවුන්ට් එක ළොකු උනාට, රුපියල බාල්දුයි...  ඩොලර් නෑ.. ක්‍රය ශක්තිය අඩු වෙලා... ආර්ථිකේ අඤ්ඤ කොරොස් වෙලා චප්ප චොහොරු වෙලා මුඛ පුට්ටූ වෙලා රෙවිලා ඉන්නේ...


ආන්ඩුව කියන්නේ උද්ධමනය 13% කියලා ඒත් මම දැක්කා මොකක්ද සංවිධානයක් කියලා තියෙනවා අපේ උද්ධමනය 71% කියලා...


ඒක තමයි සහතික ඇත්ත.


ආන්ඩුව නා ගත්තේ ආර්ථිකය හැන්ඩ්ල් කරන්න ගිහින්, මහ බැංකුව, රජය, රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන කියන්නේ පට්ට ෆේල් ගල් යුගයේ තියරි ඇප්ලයි කරන බංකොලොත් කාළකන්නි පද්දතියක්.


ඒවයේ උන්න නාකී හැත්ත කියපු උපදෙස් අහලා මේක සංවෘත ආර්ථිකයක් කරලා, වී මිළ වැඩි කරලා, ආනයන තහංචි දැම්මයින් රේගුවේ ආදායම කොච්චර අඩු උනාද කියලා කියලා ඔය එකෙක්වත් හෙව්වද?


දේශිය කහ හැදුවා. දැන් කිරි හොද්ද සුදු පාටයි. කහ වල ගාන ඇහුවාම, මතක් වෙන්නේ එක එකාගේ අම්මලා.


පෞද්ගලික අංශය නිසා ඉබේ දුවන ආර්ථිකයක් තිබුන නිසාත්, ඒකට පැලැස්තර නීතී රීතී සීමා නොදාන්න ගිය නිසා තමා, යුද්ධයක් තිබෙද්දිත් මෙලෝ රහක් නැති චන්ද්‍රිකාගේ කාලෙත්, පට්ට ෆේල් පඹයෙකුයි සමනල්ලුයි උන්න යහපාලන කාළෙයි මෙච්චර ප්‍රශ්ණ තිබුනේ නැත්තේ.


මාෆියාවට කෙලින්න ගිහින් අන්තිමට ගොඩ ගියෙත් මාෆියාව, ඇත්තටම මේවයින් බන්ධුලලට, මහින්දානන්දලට, අලගියවන්නලටත් ගානක් එනවද, උනුත් මාෆියාවේ කොටසක්මද කියන සැකය තහවුරු වෙන්නේ, උන් රටින් හාල් ගෙනත් දෙනවා කියලා කටින් බතල කොල විතරක් හිටවපු නිසා.


ඝෝඨා ඇවිල්ලත් තාම සුළු කාළයක් නිසා දැන් උනත් ඔහුට චේන්ජ් වෙන්න පුලුවන්. 


ඔහු හොයන්න ඕන, දෙසැම්බරයේ වාහන ආනයන නීතී ඉවත් කරන්න යනවා කියලා කබ්‍රාල් කියපු ප්‍රකාෂය අකුල ගන්න බලපෑම් ආවේ කොහෙන්ද කියලා.


කවුරු මොකා මොනවා කිව්වත්, මහින්දගේ කාළේ තමා මේ රට මොඩර්න් වෙන්න පටන් ගත්තේ ඉකොනොමි එජේ ග්‍රෝව්ත් එකක් තිබ්බේ...


කබ්බා වැඩේ හරියට කරලා උනුත් ගොඩගියා.


මාතලන් තාමත් ස' ෆේල් නොකියන්නෙ, ස' දන්න ආර්ථිකයක් නෑ නේ. ස' දන්නේ යුද්ධ කරන්න. 


එතකොට සර්ගේ වම් පැත්තේ ඉඳගෙන ස' ට ආර්ථික උපදෙස් දෙන උන් ෆේල්, ෆේල් නෙමේ පට්ට ෆේල්. 


උන් එක්ක නම් සව් භාගේ නෙමේ රාජපක්ෂලත් ඉවර වෙන සයිසෙකක් දැන් තියෙන්නේ.


ඇත්තම කතාව මෙතනදි රාජපක්ෂලා සිරිසේනලාට පරාදයි නේ.


කබ්බට දෙන්නෙයි කියන කොට, එතකොට ගොබ්බ ගං කබර බයියෝ කියයි ණයට අරගෙනද වං ගෝහේ රටවල් දියුණු කරන්නේ කියලා..


මට උන්ට කියන්න තියෙන්නේ ඩුබායි හා සිංගප්පූරුවේ විදෙස් ණය ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයා ගනිල්ලා කියලා.


ඒ ගනන්ම යුගදනවි විකුණගෙන කනවෝ කියලා කෑ ගහන කුර හා අං සහිත ජීවීන්ට කියන්න තියෙන්නේ ඒ රටවල විදෙස් ආයෝජනවල වටිනා කමත් සොයා ගනිල්ලා කියලා...


ජේ ආර්ලා, ප්‍රේමේලා, මහින්දලා දන්න අර්ථ සාත්තරයක් නෑ නේ...


හැබයි උන්දලට උන්නා සුපිරි ආර්ථික උස්තාද්ලා...


ජේ ආර්ට උන්නා රොනී, ඇතුලත්මුදලි හා ඇන් යූ ජයවර්ධන 


ප්‍රේමෙට උන්නා පාස්කරලිංගම්


මහින්දට උන්නා කබ්‍රාල්....


එතකොට ඝෝඨට...


ඝෝඨට ඉන්නවා චන්ද්‍රිකාටයි රනිල්ටයි වගේ සෙට් එකක්....


ඒ වගත් මෙසේය...


.

Jul 17, 2018

සහල් මාෆියාව සහ නාමල් කරුණාරත්න.. - Rice Mafia & Namal Karunarathne



ලංකාවේ ප්‍රසිද්ධියට පත් නාමල්ලා කීප දෙනෙක් ඉන්නවාය. එක්කෙනෙක් අපි කාගෙත් අප්පචිගේ ජේෂ්ඨ පුත් කුමරු නාමල් රාජපක්ෂය. අනෙක් එක්කෙනා නාමල් උඩුගමය. එයා ප්‍රසිද්ධ ගායකයෙක් වගේම අළුත් වී ජාතියක් සොයාගත් පර්යේෂකයෙක් ලෙසත් ලක් ඉතිහාසයට එකතු වෙනවාය. ඒ වී ප්‍රබේදය හඳුන්වන්නේ "තනි වී" කියලාය.

Feb 12, 2017

හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩු




හාල් මිළ ඉහල ගිය එකට ආන්ඩුව කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ උන් හාල් තම්බා බත් කන මිනිසුන් වෙන්නට බැරිය. බොහෝ විට තනකොළ කා පුනක්කු බොන, මිනිසුන්ට වඩා බුද්ධිමත් පිරිසක් වෙනඩ ඕනාය. මොකෝ පාලන මිළක් තීරණය කරන්න මාසයක් ඉතර ගියේය. බුද්ධිමත් අය එහෙමය. අපි වාගේ පිස්සන් මෙන් කඩි මුඩියේ තීරණ වලට එළඹෙන්නේ නැතිය. කෙසේ හෝ ඒ බුද්ධිමතුන්ගේ කමිටුවට හාල් මිළ අධික බව තේරුනේය. ඒක අපි බත් කන ජාතියක් වසයෙන් මාර විදියට ඇප්‍රිසේට් කොරන්න ඕනාය. ඉදින් ඒ මහා බුද්ධිමතුන් හාල් මිළට පාලන මිළක් දැම්මාට. කඩ කාරයෝ මුන්ව පයිසෙකට මායිම් කළේ නැතිය. ඒ මුන් පාලකයෝය කියා කඩ කාරයෝ පිලි නොගන්නා නිසාය.