.

.

Feb 26, 2017

චතුර අල්විස් , කීත් නොයාර් හා බුද්ධි අංශ - Chathura, Keith Noyahr & Army Intelligence




අපි නිකමට හිතමු මෙහෙම.

චතුර අල්විස්ට කවුරු හෝ අම්බානක නෙලලා,

ගෙවල් ගාව ගෙනත් දාලා යනවා.

Feb 22, 2017

විජය ඝාතනය, චතුර හා ෆේස්බුක් - CHAPA & CHATHURA on Insight, Ada Derana



චතුර සේනාරත්න කියන්නේ ගරිල්ලා මාකටින් පොරක්. මෑතක රැඩිකල් මාද්දියවේදියෙක් වෙන චාපා බන්ඩාරත් එක්ක පොර එනවා දෙරණ මාද්දියජාලයේ Insight වැඩ සටහනට. පොර එතනදි දෙන කොර ටෝක් ටික තමයි මේ දවස්වල බුකියේ නැඟලම යන්නේ. වීඩියෝවත් පහත් තියෙනවා කැමති කෙනෙකුට බලා ගන්න.. පහත තියෙන්නේ ඒ පිළිබඳ මාතලන් බුකියේ ලියපු පල් හෑලී කීපයක්...

Feb 20, 2017

මොන උක්තක්ද බං මේ රට...?



සැ: යු: "උක්ත" යනු කුණුහබ්බයක් නොවේ..

"උක්ත" "ආඛ්‍යාත" වීම භාෂාවේදි මෙන්ම, ජනවාරි 8 සිඳු වූයේ යැයි කියනා විප්ලවයක් තුල වුවද සිඳු වීමේ සම්භාවිතාවක් ඇත.. 


මිනිස්සුන්ට කන්න නෑ..
ලාබ හාල් කඩේ නෑ..
සතොසෙ පෝළිම්..
බොන්න වතුර නෑ...

Feb 19, 2017

බසයේ වමනය ගිය ගැබිනි මව ලවා එය බලෙන් සේදවීම



ඉස් පැසොල් දොස් තරලා හොහෙද බං        වන්නියේ
සල්ලි නෑ අල් ලන්න දොස් තරයා              හන්දියේ
වීල් එක කින් යන්න ගාන වැඩි                 සන්දියේ
ඒ නිසයි එල් ලුනේ උඹලගේ                     වංඩියේ

Feb 17, 2017

සයිටම් ප්‍රමිතිය, පැනඩෝල් ඩොකාලා හා ලෙඩ කල්ට් එක..



ඊයේ නිව්ස් බලනාතරේ මාතලන් අපූරූ නිව්ස් එකක් දැක්කේය. ඒ ටොපි චොකලට් බෝතල් වල දමා බෙහෙත් විකුණන කඩයක් ගැනය. මාද්දිය වේදින්ට මේක නිව්ස් එකක් උනාට, ලංකාවේ හතරදිග්බාගයේම කරක් ගහනා මාතලන්ට නම් මේක නිව්ස් එකක් නෙමේය. එහෙම කඩ තියෙන්නේ එකක් දෙකක් නෙමේය. මාතලන්ම එක කඩ 10-15 කට වඩා දැකලා තියෙනවාය. සීන් එක මාට්ටු වෙන්නේ නැත්තේ, ලෙඩේ නම බෝතලේ ගහලා තියෙන්නේ දෙමළෙන් නිසාය. මාතලන්ද දිනක් කඩයකින් මේ ගැන විමසු විට මුදලාලි කාරයා අම්බානක බය උනා අදත් මතකය.

Feb 14, 2017

දයලේක්තික වස්තුවකට ලියූ පෙම් කව



මුසපත්ය මා...,
පුරුෂ ෆැන්ටසිය පරිකල්පනය කරනා..,
සංගත ස්ත්‍රීත්වයේ චල්‍ය බව තුල
ගල්ගැස්වී ඇත සීචනය වී 
මහඳ පිපි සංකීර්ණමය වූ 
නියමු හැඟුම්කාරකය
ගිලී පවතී 
දෘෂ්ටිවාදයේ පරම නිශේධය
ඒ ව්‍යූහය තුල 
එය පසු ආවර්තීයව නිරීක්ෂණයකට ලක් කොට
එක් නොකොට
 අවිඥානික ව්‍යූහකට
පවත්වා ගනු මැන
අසංගත ව්‍යූහයක..

Feb 12, 2017

හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩු




හාල් මිළ ඉහල ගිය එකට ආන්ඩුව කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ උන් හාල් තම්බා බත් කන මිනිසුන් වෙන්නට බැරිය. බොහෝ විට තනකොළ කා පුනක්කු බොන, මිනිසුන්ට වඩා බුද්ධිමත් පිරිසක් වෙනඩ ඕනාය. මොකෝ පාලන මිළක් තීරණය කරන්න මාසයක් ඉතර ගියේය. බුද්ධිමත් අය එහෙමය. අපි වාගේ පිස්සන් මෙන් කඩි මුඩියේ තීරණ වලට එළඹෙන්නේ නැතිය. කෙසේ හෝ ඒ බුද්ධිමතුන්ගේ කමිටුවට හාල් මිළ අධික බව තේරුනේය. ඒක අපි බත් කන ජාතියක් වසයෙන් මාර විදියට ඇප්‍රිසේට් කොරන්න ඕනාය. ඉදින් ඒ මහා බුද්ධිමතුන් හාල් මිළට පාලන මිළක් දැම්මාට. කඩ කාරයෝ මුන්ව පයිසෙකට මායිම් කළේ නැතිය. ඒ මුන් පාලකයෝය කියා කඩ කාරයෝ පිලි නොගන්නා නිසාය. 

Feb 8, 2017

SAITM බුලට් එක කතා කරයි..- "බුලට්" එකකට බැයිද "බැලට්" එකක් වෙන්න..?




මම දැක්කා SAITM සේනාරත්න මැතිතුමට කින්ඩිය දානවා හැමෝම වගේ. 

එහෙම කරන එක වැරදියි නේ.
දැන් බලන්න අයර්ලන්තේ ගෙවල් තියෙනවය කිව්වා. 
බොරුද
නෑ නේ..
තියෙනවා තමයි..
ඒත් අනුරගෙ නෙමෙයි.
විජිත ගිහින් ලයිට් කණුවක හැප්පෙනවා.
බීලද
නෑ නේ....
බීපූ එකෙක් බේරන්න ගිහින්.
ඉතින් ඌ...,
බේරගත්ත එකට කෘතුගුණ සලකන්න.
විජිතව බදා ගන්නවා.
විජිත පුර සටනෙදි දීගජන්තු බදාගත්තා වගේ.
වෛද්‍ය සෙනාරත්නට වෙඩි තියනවා
(එයා වෛද්‍ය නෙමෙයි කියනවනේ)
ඉතින් රෝහණ විජේවීරත් මෙඩිසින් කළේ
එයාගේ A/L තියා O/L ලෙවල් රිසාල්ට්වත් අහනවය කවුරුවත්
නෑ නේ..
එයා දොස්තර කෙනෙක්ය 
නෑ නේ..
හැබයි ඔපරේසොන් නම් කීපයක්ම කළා
ඔක්කොම පේල්
ඒ තියා දොස්තර නලින්ද ජයතිස්ස 
එයා කියන්නෙත් නෑ නේ..
වෙඩි තිබ්බම වෙඩි වදින්නම ඕනද 
නෑ නේ..
ඇයි බුලට් එකට බැයිද..?
තම ගමන් මාර්ගය වෙනස් කරන්න.
වංගුවක් ගන්න.
U turn එකක් ගහන්න.
විමල් වගේ,
පෙරටුගාමින් වගේ,
කොටින්ම...
JVP එක වගේ...
ඇයි බුලට් එකට බැයිද..?
තමන්ටම අතුරුදහන් වෙන්න,
එක්නැළිගොඩ වගේ..
එතකොට සේනාරත්නට බැයිද බේරෙන්න
රැම්බෝ වගේ,
ආර්නෝල්ඩ් සුභසිංහ වගේ,
වන් ෂොට් වගේ..
ඇයි බුලට් එකකට බැයිද...?
එක පාරටම නවතින්න.
පිස්සු කෙලින්න.
GMOA එක ඉස්ටැයික් කරනවා වගේ.
එතකොට බුලට් එකට 
බැයිද...?
වීදුරුවත් කඩාගෙන, 
සේනාරත්නගේ පපුව ගාවටම ගිහින්,
පිස්සෙක් වගේ...., පිස්සෙක් වගේ...,
ආයෙත් ගන් එක ඇතුලට යන්න.
එතකොට බුලට් එකකට බැයිද?
සේනාරත්න වගේ උගත් කෙනෙක්ට
වෙන්නේ අසාධාරනයක්ය හාන්දුරුවනේ
කියා හිටන්
එක පාරටම 
බැලට් එකක් වෙන්න
මහින්ද රාජපක්ෂ වගේ..



SAITM වෙඩි තැමීම ගැන රස පරීක්ෂක වාර්ථාව

කන ගෑවෙන්න නීතිය නමනා රටක,
වංගු ගන්නා බුලට් වුවද තිබිය හැක...

- අපරාධ විජ්ජාව පිළිබඳ මාහාචාර්ය, අපරාධ සිරෝමනි, අපරාධ නිදි මාතලන් -

Feb 6, 2017

දොස්තර මාෆියාව ගැන ඩොකෙක්ගෙන්...




ප්‍රමිතිය
  • තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. 
  • මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, 
  • ලැබ්වල කෙමිකල් නැත, 
  • උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය. 

Feb 4, 2017

විජේවීර, වික්ටර් අයිවන් හා ගාමිණී බාස්..



- වෛද්‍ය රුවන් එම් ජයතුංග -

ගාමිණි බාස් යන නම බොහෝ අතීත කැරලිකරුවන් විසින් පුනරුක්තියේ යෙදුනු බව පාඨකයන්ට මතක ඇතැයි සිතමි. වරක් රෝහණ විජේවීර ගාමිණි බාස්ව හඳුන්වා දෙන ලද්දේ ජාත්‍යන්තර ප‍්‍රමිතියේ විප්ලවවාදියෙකු ලෙසටය. පශ්චාත් කැරලි සමයේ ඔහුගේ භූමිකාව සංකීර්ණය. 71 කැරැල්ලට පසු ප‍්‍රතිසංවිධානය වෙමින් සිටි යටිබිම්ගත කැරලිකරුවන් එක රැයකදි ලංකාවේ විවිධ ස්ථාන වලින් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය. නවරැල්ලේ තොරතුරු ලබා දීම පිළිබඳව චෝදනාව ආවේ ගාමිණි බාස්ටය.

Feb 2, 2017

සුද්දා අපෙන් නිදහස් වීම සමරමු...!!!




නිදහස් චතුරස්සරේ ගාව උදේට රජවරු බිසෝවරු වැහි වහැලා. එකසිය ගානට පොටෝ ෂූට්. ඒ අස්සේ නිකන් අමුතු ජාතියේ කපල් එකක් එකක් එනවා ආර්කේඩ් එක පැත්තෙන් අත් අල්ලගෙන. ගෑණු කෙනා නම් උඩරට විදියට ඇඳලා. ඒත් මනමාලයා පුල් සූට් ගහලා බ්‍රෙස්ට් කෝට් එකකුත් ඇඳලා ආප්පයක් ගැරැප්පුවේ ගහගෙන රවුම් කන්නාඩි දෙකක් දාලා.