.

.
Showing posts with label Fish. Show all posts
Showing posts with label Fish. Show all posts

Jan 6, 2024

ගැමි සුවය සොයා යෑම (ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

 


ගැමි සුවය සොයා යෑම

(ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

➖➖➖➖➖➖ 🐟🐟🐟🐟 ➖➖➖➖➖▪️


මුලින්ම කියන්න ඕන... ගමේ සොමිය දෙන ව්‍යාපාරයන් කරන... මගේ යාලුවෝ සෙට්ටෙකම... මේකෙන් මා එක්ක තරහා වෙන්න නම් එපා....


ගම තමයි සුන්දර... ගමේ ජීවිතේ තමයි මාර... කියන දේ කියන්නේ ගමේ ජීවත් වෙන උන් නෙමේ... ගමේ ඉඳන් කොළඹ හෝ... වෙන රටක නම් නගරෙට ආපූ උන් කියන කතාවක්... උන් ජීවත් වෙන්නේ නඟරයේ... නොස්ටැල්ජියානූ ගමනක් තමා ගමට යනේක....


මේක හරි පැහැදිලියි විශේෂයෙන් සිංහළ දෙමළ අළුත් අවුරුද්ද කාළෙට සහ දිග නිවාඩුවක් තියෙන කාළෙට... ඒ කාලෙට කොළඹ නෙමේ බෙයිජින් නඟරයත් හිස් වෙනවා...


ඕන්න ඔය වගේ.... ගමේ සොමිය විදින්න ගිය... උගත් ධනවත් මහාචාර්‍ය ව්‍යාපාරික මෝටිවේස අප්පච්චි කෙනෙක්ට වෙච්චි ඇබැද්දියක් තමා.... මේ ප්‍රසිද්ධ මැක්සිකානූ ධීවර කතාව...


විකෙන්ඩ් එකේ ගමේ ගිහින් බීච් එකේ උන්න අර කෝටිපති මහාචාර්‍ය තුමා දකිනවා.... මාළු කාරයෙක් එයාගේ පොඩි බෝට්ටුවෙන් දියඹට ඇඳෙනවා...


වැඩි වෙලාවක් නොගිහින්... ඒ මාළු කාරයම ආයෙම බීච් එකට එනවා දැක්ක කෝටිපතියා, බෝට්ටුව ළඟට ගිහින් බැලුවාම.... අර පොඩි බෝට්ටුවේ විශාල කහ වරල් ටූනා හෙවත් කෙළවල්ලො 10 - 15 ඉන්නවා දකිනවා...


"ෂා මරු කෙලවල්ලෝ ටිකක් අල්ලලා තියෙන්නේ... ඔහේට මේ ටික අල්ලගන්න කොච්චර වෙලා ගියාද?"


"එච්චර වෙලා ගියේ නෑ... මහත්තයත් දකින්නැති නේ.... මම දැක්කා යනකොටත් මහත්තයා අතනට වෙලා පෝන්නෙක ඔබ ඔබ ඉන්නවා...හා නැතෙයි...


"ඉතින් ඇයි ඔයා ගිය පයින් ආයේ එන්නේ...  වැඩි වෙලාවක් මුහුදේ ඉඳලා වැඩිපුර මාළු අල්ලන්නේ නැත්තේ?" 


"ඉතින් ලොක්කා... මටයි අපේ පවුලෙයි වියදමටයි මේ ටික හොඳටම ඇති... ආයේ අල්ලගන්න මාළු ඉන්නත් එපෑයි..."


"ඒත්.... ඒත් ඉතින් ඉතිරි කාළේ ඔහේ මක්කැයි කොරන්නේ... ?" 


 "දැන් මහන්සියට පොඩි වොෂ් එකක් දාලා නිදාගන්නවා...,ඊට පස්සේ මගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා... උන් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා... ගෑණි එක්ක පොඩි සෙල්ලමක් දානවා... කළුවර වැටීගෙන එනකොට හංදියේ දැල්කඩේ පැත්තේ යනවා... එතනදි සෙටමෝල් වෙන් සෙට් එකත් එක්ක හොඳ බයිට් එකක් එක්ක බජව්වක් දාලා ගෙදර එනවා... ඒ අස්සේ කොටුවක් පනින්න පුලුවන් නම් පැනලා... තල්ලුවක් දාලා එනවා... ඒ එනකොට ගෙදරටත් කෑම ගෙනත්... ගෑණිත් එක්ක පොඩි ආතල්ලෙකක් අරගෙන... කන පැලෙන්න නිදා ගන්නවා... ඒවට මට හොඳට වෙලාව තියෙනවා..." .


"හහ් හහ් හා... ,  දැන් බලනවා... මට ඔක්ස්ෆර්ඩ්  MBA උපාධියක් තියෙන කෙනෙක්.....


ඒ කිව්වේ....


මට මේ ව්‍යාපාර පිළුබඳ ගෞරව උපාධියක් තියෙනවා... මම තමුසෙට උදව් කරන්නම්...


අර කොහොමෙයි....?


ඔහේ තව වැඩි වෙලාවක් මුහුදු ගිහින්... වැඩිපුර මාළු අල්ලන්න ඕන... ඊට පස්සෙ තමුසෙට ට්‍රෝලර් එකක් ගතෑකී... ඒකෙන් එන ආදායමෙන් තව ට්‍රෝලර් කීපයක් ගන්නවා... ඊට පස්සේ ඒවට ස්කිපර්ලා දාලා... මාළු තොග වශයෙන් විකුණනවා... ටික කාළෙකින් ටූනා කෑන් කරන ෆැක්ටරියක් දානවා... කොළඹින් එපාර්ට්මන්ට්ස් ගන්නවා... ඔෆීස් එකත් කොළඹ... දැන් තමුසෙගෙ ටුනා කෑන් ලෝකෙම ප්‍රසිද්ධයි... හැබයි ඉතින් මේ වගේ ඉඳලා බෑ... ටිකක් මැරෙන්නම වෙනවා..."


" ඒත් ලොක්කා.. ඔය ඔක්කෝටම කොච්චර කාළයක් යයිද...?"


"ම්..... අවුරුදු 10 - 15 වගේ යයි... බොහෝ වෙලාවට.."


 "ඒත් ඉතින් මක්කටෙයි ලොක්කෝ....?"


" ආන්න ඒකයි... දැන් තමයි නියම කෑල්ල එන්නේ... දැන් තමුසේ ලෝකප්‍රසිද්ධයි ... බිස්නස් එක විකුණලා දාලා ප්‍රකෝටිපතියෙක් වෙන්න පුලුවන් දැන්..."


" ඊට පස්සේ.....?"


මාළු කාරයාගේ ප්‍රතිචාරවලින් ප්‍රමෝධයට පත් මහාචාර්වරයා... 

"දැන් ඔහේ විශ්‍රාමිකයි.... ඔහේ යනවා ධීවර ගම්මානයකට...  ගිහින් ගමන් මහන්සියට පොඩි නැප් එකක් දානවා... දරුවොයි... උන්ගේ දරුවොයි එක්ක සෙල්ලම් කරනවා... ඊට පස්සේ නෝනා එක්කත් සෙල්ලම් කරනවා... හවස් වෙලා යනවා හංදිය පැත්තේ... පරණ යාලුවෝ එක්ක සෙට් වෙලා අඩ්ඩක් ගගලා... පොඩි බජව්වක් දාලා... එන ගමන් ස්පා එකටත් යනවා... දන්නෙ නැද්දතින්... හහ් හහ් හා....  ඩිනර් එකට ආයේ හොටෙල් එකට එනවා..."


" ඉතින් උක්තෝ.... මම දැන් ගෙවන්නෙත් ඒ ජීවිතේ නේ....."


⭕ හුදී ජන පාන් සංවේගය උදෙසා ....  ජනප්‍රිය මැක්සිකානු කතාවක් මගේ එකක් වගේ... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි...


.

Apr 1, 2015

සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+) - Seelawathi's Fishing Method (13+)

 
අම්මට සිරි ලංකාවේ මාළු බාන්නේ තවමත් සම්ප්‍රධායික ක්‍රමයටමය. සාගර විස්ස විජ්ජාල තිබුනද, උපාධි කාරයෝ උන්නද, වෙනම ඇමතියෙක් උන්නද, එකෙක්ගෙන් වත් පයිසෙක වැඩක් නැතිය. රට වටේම සප්ත මහා සාගරයක් තිබුනත්, මේ හිච්චික් විතර දූපත් කෑල්ලේ සමහර පැති වල උන්ට, මූදු මාළු කෑල්ලක් කන්න පින නැතිය. උන්ගේ මාළු අවස්සතාව තේරුම් ගත්ත ජේ ආර් පප්පා මිරිදිය මත්ස්‍ය කර්මානතේ ආරම්බ කරන්න ගිය ගමන්, අපේ ඝන තට්ටයෝ සැට් එක සිවුරු කරට ගත්තේය.

Jun 30, 2014

බලපිටිය, බල මාළු හා ඇඹුල් තියාල් - Balapitiya, Skipjack Tuna & Ambul Thiyal


රොකට් රෝහිණි කථා වස්තුව - තුන්වෙනි කෑල්ල

මීට කලින් කෑල්ල බලන්න ඕන නම්, මේ අකුරු උඩම ක්ලික් කොරන්න....

ඒ කාළේ ගෙවල් වලට එන ජංගම වෙළෙන්දෝ, කීප පලක්ම උන්නා. සමහරු ආවේ පයින්, පෙට්ටියක් හරි කූඩයක් හරි ඔළුව උඩ තියාගෙන. සමහරු ෆුට් සයිකලෙන්, සමහරු කරත්තෙන්. උදේ පාන්දරම එන්නේ කිරී මෑන්. පොර එන්නේ බයිසිකලේ. අපිට කිරි ගෙනාවේ අපේ නෑ කෙනෙක්ගේ ගෙදරකින්. කිරි ගෙනාවේ ලොක්කා මාමා. මඩකලපු සරම ඇඳලා, කළු පාට අඟල් තුනක් විතර පළල , රෙදි බෙල්ට් එකකින්, සරම ඉනට තද කර ගන්නේ.

ඔය බෙල්ට් එකේම පොකට් එකකුත් තියෙනවා. කහ පාට වගේ මතක. ඒකේ තමයි කාසි නෝට්ටු තැන්පත් වෙලා ඉන්නේ. උඩට ඇඳුමක් නෑ. බෙයාර් බොඩි. පොර ටිකක් දොන් සිරිසේන වගේ කොන්ඩේ මැඳින් බෙදලා. ඒ උනාට විහිළු කියන දේ දන්නෙම නෑ. ෆුල් සිරා පොර. දෙවියන් වහන්සේ මේ යකා මවලා තිබුනේ හිනා නහරේ නැතුව. මට ඔය වගේ උන් පේන්න බෑ. ඇයි යකෝ ඇඟ පතෙන් යනවද මුසලයන්ට පොඩ්ඩක් හිනා උනාම.