.

.
Showing posts with label NGO. Show all posts
Showing posts with label NGO. Show all posts

Oct 6, 2023

තොටවත්තට නොපෙනුන NGO තාරුකා

 



තොටවත්තට නොපෙනුන 

NGO තාරුකා

➖➖➖➖➖➖➖😁➖


NGO කාරයෝ තොටවත්තයා දාලා ඉස්ලාම් ආගමට නෙළුවා...


(මොකක්... උන් ඉස්ලාම් ආගමට නෙලුවා... අනේ පලයන් මාතේ කෙප්ප කෙලින්නේ නැතිව... තෝම නේ කියන්නේ උන් 🐅 🐅 ය... අයිසිස්ලා කියලා.)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ උන්ම... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දානවා... ආන් තොටවත්තයා ආගම් වලට ගහනවා කියලා... ඒවා තමා NGO ගේම්... 


(උන්ම ඌට ගෙවලා.. උන්ම ඌට පැමිණිලි දානවා... ඕවා කියහන් මාතේ තොගෙ බයියන්ට... අපි ඇන්දෙයි ඕවට...)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ ඌ සීයයිඩීයේ ඇතුලට යන්න කලිනුත් චීවරධාරියත් සාක්කියට තියාගෙන.... ආයේ නෙලනවා අල්ලටයි ... අල්ලගෙ මැසෙන්ජර්ටයි....


(ඒ කියන්නෙ ඒකත් ඇන්ජිඕ ගේම්... ටෞකන්ඩ දාලා... ගිහින් පුප දියන් මාතේ රාජපක්ෂලාට ...)


හරි ඒක මම දීගන්නම් 

තොපි හිටහන්කෝ කියනකන්....

ඇන්ජියෝ කාරයොන්ට ඕන වුනේ...  

ඕන් බලහන් ICCPR එකෙන් ඇතුලට දාන්නේ බුද්ධාගමට කෙලින උන්ට විතරෙය... අනික් ඒවට නෙලුවට අවුලක් නැතෙයි කියලා... තොටවත්තයා එලියට දැම්මයින් පස්සේ... ඌටයි...  අර චීවරේ දාගෙන ආපූ කුර හා අං සහිත ජීවියාටයි... NGO පඩි ගන්න කුක්කෝ දම්මලා නෙලලා...

රනිල්ටයි ආන්ඩුවටයි ගෙම අදින්න...

චීවරධාරියෙකුත් යවන්නේ ඒකට...


(පලයන් බං බොරු නොකියා... ගිහින් රාජපක්ෂලාගේ ලැට් වල කඩාගෙන කාපන්...)


හරි හරි ලැට් වල කඩලා... තොපිට කතා කරන්නම්කෝ... මොකෝ තොපි කන ඒවා අපි කන්නේ නෑ නේ...

හැබයි ... මීට කලින් නානේ සාධුත් ඇතුලට දැම්මය කියන දේ... 

ඇන්ජියෝ කාරයන්ගේ ඇන්ජියෝස්කෝප් එකට අහු වුනේ නෑ....


ඒ අස්සේ ... නීතියේ පිහිටෙන් ඊයේ පෙරේදා එලියට ආපූ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදියෙක් තොටවත්තට ඉස්ලම් ගැන අවබෝධයක් නෑ... කියලා.. ඌ වෙනුවෙන් කඩේ ගිය ඇන්ජියෝ කාරයන්ගේ පුපේම ඇරලා  ... දැන් #ටට දීලා ඉන්නේ..


ඒ නිසා දැන් අර NGO පඩි කන පඟර නැට්ටන්ට  කට උත්තර නැතිව... 

ඉස්ලාම් ආගමට නෙලපු තොටවත්තටත් කඩේ යනවා....

අරූ පව්....


මාර වැඩේ NGO කාරයන්‍ට වුනේ...

අයියෝ සල්ලි....😜


💀 දැන් මූත් ඇප දීලා එලියට දායි...

හැබයි මේ රටේ ආගමික ගැටුම් ඇති වුනොත් ඒවට වග කියන්න මේ එකෙක්වත් නෙමෙයි...

ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන...

මේ නීතිය සහ...

නීතී සම්පාදනය කරණ තැන හිටපු හා ඉන්න...

මෙලෝ රහක් නැති මළමූසල හැත්ත...


💀මොකෝ උන්ගේ පැවැත්මට...

මේවා අත්‍යාවශ්‍යම කාරනා....

.


.

Mar 25, 2023

මොකක්ද මේ ඇඩ්වකාටා

 



ධනනාත්ලාගේ සීයලා සහ බාප්පලා ගැන දැනගන්න කියවන්න..

.........................................................................

මීට වසර කීපයක පෙර නොතිබූ අලුත් ප්‍රපංචයක් ලංකාවේ පහල වී තිබේ. ඒ සිංහලයෙන් වැඩ කරන, සිංහලයෙන් ප්‍රචාරන කටයුතු කරන දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපවල බිහිවීමයි. මේ අතර කැපී පෙනෙන්නේ Advocata නම් සංවිධානයයි. මෙම සංවිධානය සිංහලයෙන් වැඩ කරන්නට පටන් ගෙන මේ වනවිට ගතව තිබෙන්නේ සුලු කාලයකි. මේ කාලය තුළ සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔවුන් සමත් වී තිබෙන අතර, එය ඔවුන්ගේ උත්සවවල ප්‍රධාන අමුත්තා ලෙස රටේ විධායක ජනාධිපති සහභාගීවන මට්ටමේ බලපෑමකි. ආර්ථිකය ගැන කථා කරන සංවාදවල මෙම සංවිධානයේ ප්‍රකාශකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු නැමැත්තා නිරන්තරයෙන් පෙනී සිටී.

දේශපාලඥයන්ගේ ‘වගවීම’ පිළිබඳ කථා කරන ලිබරල්වාදීන් කිසිවෙක් හදිසියේ ප්‍රාදුර්භූත වී තිබෙන Advocata බඳු ආයතන ගැන ප්‍රශ්න අසන්නේ නැත. මේ සංවිධාන මොනවාද? ඒවාට මුදල් ලැබෙන්න් කොහෙන්ද? ආකර්ෂණීය ප්‍රචාරක කටයුතු කරගෙන යාමට තරම් ධනයක් මොවුන්ට ලැබී ඇත්තේ කොහොමද? එලෙස මුදල් සම්පාදනය කරන පිරිස්වල අරමුණු මොනවාද? සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම්, මහජන මතයට බලපෑම් කරන මෙබඳු පිරිස් ගැන මෙම ප්‍රශ්න ඇසිය යුතු වේ.

Advocata යනු ඇට්ලස් ජාලය (Atlas Network) නම් අන්තර්ජාතික බුද්ධි මණ්ඩප ජාලයේ එක් පාර්ශවකරුවෙකි. මෙම සංවිධානය නඩත්තු වන්නේ එම ජාලය හරහාය. සරලව කිවහොත්, ලංකාවේ රජයේ සේවකයන්ට පඩි ගෙවීම ප්‍රශ්න කරන ධනනාත් ප්‍රනාන්දුට පඩි ලැබෙන්නේ ඇට්ලස් ජාලයේ ආධාරයෙනි.

ඇට්ලස් ජාලය යනු ලොව නව ලිබරල් අදහස් ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන, දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප අතර ප්‍රමුඛයෙකි. Atlas Economic Research Foundation ලෙස 1981 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්වාධීන, ලාභ නොලබන සංවිධාන 480කට වැඩි සංඛ්‍යාවක ගෝලීය ජාලයක් බවට පරිණාමය වී ඇත. මෙම ජාලය තම හවුල්කාර සංවිධානවලට අරමුදල්, පුහුණුව සහ ජාලකරණ අවස්ථා සපයන අතර, එය ප්‍රචාරක කටයුතු, අධ්‍යාපනය හා පර්යේෂණ හරහා නිදහස් වෙළඳපොළ අදහස් ප්‍රවර්ධනය කරයි.

 ඇට්ලස් ජාලය බඳු නව ලිබරල් බුද්ධි මණ්ඩපවල බිහිවීම 1970 ගණන්වල සිට බටහිර රටවල සිදුවූයේ එවකට අධිපතිව පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පරාජයට පත් කිරීමේ අරමුණිනි. අද නව ලිබරල් අදහස් ලෙස සැලකෙන — ආර්ථික හා සමාජ යහපතේ පරම නිර්ණායකය වෙළඳපොළ බවට වූ මතවාදය මුලින් ඉදිරිපත් කලේ ෆෙඩ්‍රික් හයෙක්, මිල්ටන් ෆ්‍රීඩ්මාන් වැනි බුද්ධිමතුන් පිරිසක් විසිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල ප්‍රචලිත වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, එනම් රජය ආර්ථිකයට මැදිහත්වීම සමාජවාදය තරම්ම නරක දෙයක් ලෙසත්, ලිබරල්වාදයේ මූලික ඇගයුම්වලින් පීලි පැනීමක් ලෙසත් ඔවුහු එය සැලකූහ. 1950, 60 ගණන්වල මොවුන්ගේ මෙවැනි අදහස් සැලකුණේ ඉතා ආන්තික අදහස් ලෙසට පිළිගැනිණ.

ඩේවිඩ් හාර්වි නම් බ්‍රිතාන්‍ය ජාතික ශාස්ත්‍රඥයා පෙන්වා දෙන ලෙසට, එවකට පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පොදු සම්මුතිය පරදවා නව ලිබරල් අදහස් ජයග්‍රහණය කිරීම සඳහා ඇට්ලස් ජාලය වැනි බුද්ධි මණ්ඩප කළ මෙහෙය අති මහත්ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද වූ ධනපති පන්තිය මත ඉහළ බදු අය කිරීම, ධනය ප්‍රතිව්‍යාප්තිය ආදී ප්‍රතිපත්ති නිසා උරණව සිටි මහා පරිමාණ ධනවතුන්ගේ අනුග්‍රහය මෙබඳු බුද්ධි මණ්ඩප වෙත ලැබුණි. දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ආදී වූ ‘මත සම්පාදකයන්’ දක්ෂිණාංශික ආර්ථික අදහස් කෙරෙහි දිනාගැනීම මෙම ආයතනවල අරමුණ විය. ‘ස්වාධීන’ පර්යේෂණ ආයතන ලෙස පෙනී සිටිමින්, එක්තරා ධාරාවක මතවාදයක් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය විය.

ඇට්ලස් ජාලයේ නිර්මාතෘ ඇන්ටනි ෆිෂර් බ්‍රිතාන්‍ය ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු ඇට්ලස් ජාලය හරහා ඔහුගේ ලිබටේරියන් මතවාදය ප්‍රවර්ධනය කිරීමට තම මුදල් භාවිත කළේය. ආර්ථිකයට රජය මැදිහත් වීම හානිකර බවත් නිදහස් වෙළඳපොල ක්‍රමයක් සමෘද්ධිය සඳහා මාවත බවත් ඔහු විශ්වාස කළේය. ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා, ෆිෂර් ඇට්ලස් ආර්ථික පර්යේෂණ පදනම ආරම්භ කළ අතර එය පසුව 1981 දී ඇට්ලස් ජාලය බවට පත් විය. ඇට්ලස් ජාලය හරහා, ඇන්ටනි ෆිෂර්ට තම මතවාදය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීමට සහ බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීමට හැකි විය. කෙසේ වෙතත්, විවේචකයින් තර්ක කරන්නේ මහජන මතය හැඩගැස්වීම සඳහා ෆිෂර් මුදල් භාවිත කරන බවත්, ඔහු මහජනතාවට වග නොකියන දේශපාලන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කරන බවත්ය. ෆිෂර්ගේ නිදහස් වෙළඳපොල ක්‍රමයක් පිළිබඳ දැක්ම පාරිභෝගිකයන් සහ පරිසරය නියාමනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රජයේ කාර්යභාරය නොසලකා හරින බව ද ඔවුහු තර්ක කරති.

ඇට්ලස් ජාලය ගෝලීය නිදහස් වෙළඳපළ බුද්ධි මණ්ඩප ජාලයක් නිර්මාණය කිරීමේදී සාර්ථක වී ඇති අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලී කෙරෙහි සංවිධානයේ බලපෑම පිළිබඳව සැලකිලිමත් වේ. ඇට්ලස් ජාලය පිළිබඳ පවතින එක් ප්‍රශ්නයක් වන්නේ එම සංවිධානයට අරමුදල් සපයන මූලාශ්‍රය සහ එහි ක්‍රියාකාරකම්වල විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලුවයි. මෙම සංවිධානය වෙත දුම්කොල සමාගම්වල අනුග්‍රහය ලැබෙන බවත්, තෙල් හා ගෑස් සම්බන්ධව කටයුතු කරන මහා පරිමාණ සමාගම්වල අනුග්‍රාහකත්වය හිමිවන බවත් වාර්තා වී තිබේ. ඔවුන්ගේ උද්දේශන කටයුතු කෙරෙහි මෙම අනුග්‍රහයන් බලපෑම් කරයි. ඔවුන් විසින් ප්‍රචලිත කරන බාධා නොමැති ගෝලීය වෙළඳාම යන අදහස මෙබඳු මහා පරිමාණ සමාගම්වල වාසිය සඳහා ද හේතු වන්නකි.

තවත් වැදගත් කරුණක් වන්නේ ඇට්ලස් ජාලය තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ආකාරයයි. මෙම සංවිධානයේ හවුල්කාර සංවිධාන රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ආකාරයට උපදේශනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ ව්‍යාප්තිය වැනි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. සමහර රටවල, විශේෂයෙන්ම පෞද්ගලීකරණය සහ නියාමනය ඉවත් කිරීම වැනි ක්ෂේත්‍රවල රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඇට්ලස් ජාලය බලපා තිබේ. එංගලන්තයේ ගාඩියන් පුවත්පත හෙලිදරවු කොට තිබෙන ලෙස, ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යෙය් බ්‍රෙක්සිට් ව්‍යාපාරය හා ලතින් ඇමරිකාවේ වාම විරෝධී ආණ්ඩු උද්ඝෝෂණ යනාදිය සමග ඇට්ලස් ජාලයට සබඳතා පැවැතී ඇත. 2021 කියුබාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, 2019 බොලිවියාවේ දක්ෂිණාංශික දේශපාලන කුමන්ත්‍රණය, 2021 ඉක්වදෝර හා පෙරුවියානු මහ මැතිවරණය යන අවස්ථාවල වාමාංශික අදහස්වලට විරුද්ධව, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් තනමින් ඇට්ලස් ජාලයට අදළල සංවිධාන මැදිහත් වූ බවට ද අනාවරණයන් පවතී.

මේ වනවිට ලංකාව තුළ දියත් වී තිබෙන, ලංකාවේ පැවැති සුබසාධන රාජ්‍යයේ  අවශේෂ ද විනාශ කොට දමන සමාජ ප්‍රතිවිප්ලවයේ පුරෝගාමී වැඩ කොටසක් Advocata ආයතනය සහ එබඳු දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප විසින් සිදු කරමින් සිටී. එහෙත් එය සිදු කරන්නේ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණ සපයන නාමයෙනි. ගෝලීය වශයෙන් බලවත් ප්‍රාග්ධනයක ආධාර ලබන පිරිසක් එම ධන බලය යොදාගෙන රටේ පාලකයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මහජනතාවගේ මොල ශුද්ධ කිරීම සරලව තැකිය යුතු කටයුත්තක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අති මූලික ප්‍රශ්නයකි. එම නිසා මෙබඳු සංවිධානවලින් පූර්ණ පාරදෘශ්‍යභාවය ඉල්ලා සිටීම — ඒවා විගණනය කිරීම හා ඊට අදාළ තොරතුරු සියල්ල මහජනයාට හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතාන්ත්‍රික අරුතින් ගත කළ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතුය.

රාජිත අනුරාධ පෙරේරා විසින් prathivada.lk වෙබ් අඩවියට රචිත ලිපියකි.

Nov 12, 2014

හූ කියන රිලවා - Foxy Monkey



 මරලා ඉකොනොමි එක කන ඝාතකයා
ගැහුවා බඩ පිණුම් ගිය ගිය හතර අතේ
දීලා යෝජනා දොළහක් මහ රජුට
යනවා යන්න කිව්වට නෑ යන්න ගියේ