.

.

May 25, 2010

"අයි නෝද රෝඩ්" - පුතා........ - Road Directions

.
පොඩි කාළේ ඉඳන්ම සුද්දොන්ටයි, හිමේ ඉන්නයි පුදුම ආසාවක් තිබුනේ. ඒ දෙකම දැන් එපා උනත්, තවමත් සුද්දියන්ට තියෙන කැමැතෙනම් අඩුවක් නෑ.

මම බැඳල ඉන්නෙත් සුද්දියෙක්, ඒ කියන්නෙ එයාගේ පවුලේ ඔක්කොම එයාට කියන්නේ සුද්දී කියල. (ඇත්තටම සුදුයි, බොරුවක් එහෙම නෙමෙයි. උතුරු ඉන්දියනූ සුදු පාට.) අපේ තාත්තගෙ මහ ගෙවල් උනවටුනේ, මහරඹ කියන ලස්සනම ලස්සන ගම්මානේ.

ලෝකයේ සුන්දරම මුහුදු තීරයන්ගෙන් එකක් වන උනවටුන වෙලරට යන්නෙ කන්දක් එහෙම තරණය කරල. ඔය වැල්ලේ දේවාලේ පෙරහැර ඒ කාලෙත් තිබුනා. එතනදි සුද්දො දැක්කත් අපිට කතා කරන්න ඉඩක් නෑ. නමුත් මට හරිම ආසයි උන් එක්ක කතාකරන්න. (ඒ උනාට කඩුව අන්තිමයි ඒ කාලේ)

ඔය අස්සෙ තමයි පුංචී පහේ හපනෙක් වෙලා. කුරුඳුවත්තේ කොලීජීයේ විභාගෙත් ඉහලින්ම සමත් වෙලා එතනට යන්න එන්න පටන් ගත්තේ. මේ පංතියේ වැඩියෙන්ම හිටියේ ගල්කිස්සෙ කොලීජියෙන් ආපූ ඇම්ඩන්ල. ඉතින් උන් මට කඩුවෙන්මයි කොටන්නෙ. (මේකට හේතුව මමත් සුද්ද වගේ, තාමත් හොඳ හැන්ඩියා)

වැඩේ හරියන්නෙ නෑ, ඇද්ද ෆුල් කොක්ක ගෙදරට, දැම්ම මාව බොරැල්ලෙ ‍YMBA එක ගාව පාරේ තැනකට කඩු සටන් පුහුණුවට. මාර කැමත්තෙන් යන්නෙ. මොකද එළකියුෂන් කිව්වට මේක එළම එළ කියුෂන්. මැඩම් මාර ලස්සනයි. (මහ වල් එකෙක් කියන්න එපා ඇත්ත කියන කොට.) ලස්සන අක්කි කෙනෙක්.

ඒ කාලේ බොරැල්ල මේ තරම් ජනාකීරණ නෑ. YMBA එකෙත් පරන හෝල් එකක් තිබුනෙ. කිරිබත්ගොඩ බස් එක නවත්තනෙ දැන් නවත්වන තැන නෙමෙයි. අර ඇතුලට තියෙන පොඩි ලේන් එක ගාව තාප්පෙ මැද්දෙන් ගහක් ආපු ලස්සන ගෙයක් තිබුන එතන. ඔන්න දැන් ක්ලාස් ඉවරවෙලා බස් ඉස්ටෑන්ඩ් එකේ ඉන්නව ගෙදර එන්න.

බොරැල්ල පැත්තෙ ඉඳල සුද්දෙකුයි සුද්දියෙකුයි එනව කනත්ත පැත්තට. බස් හොල්ට් එකෙත් දෙන්නයි තුන් දෙනයි ඉන්නෙ. පාරක් හොයනව වගේ පේන්නේ. අද තමයි මගේ දවස. බස් හොල්ට් එක පැත්තටමයි එන්නෙ. ලඟට ආවා විතරයි හොල්ට් එකේ හිටපු අන්කල් කෙනෙක් පැනල දුන්න. නිකන් නෙමෙයි එකසිය ගානට.

"යස් සර් කැන් අයි හෙල්ප් යූ"

"යස් ප්ලීස්, වී ආ ලුකින් ෆෝ කාසල් රෝඩ්." සුද්දි කිව්ව. (සුද්දටත් කඩු සටන් බෑ වගේ.)

"ම්.. ම්... අයි ඈම් සොරි අයි ඩොන්ට් නෝ මැඩම්" (හොඳ වෙලාව පඬ්ය දන්නෙ නෑ)

ඔන්න අවා හීරෝගේ චාන්ස් එක. දැන් මම පාර දන්නව කියන්න තේරෙන්නෙ නෑ. එහෙම හිතල හරියන්නෙ නෑනේ ගත්ත කඩුව එලියට.


"හී ඩොන්ට් නෝ, බට් අයි නෝ"

"ගුඩ් බෝයි, වෙයාර් ඉස් ඉට්"...

හහ්... එව්ව කොහෙද මාත් එක්ක. ආව හෝල්ට් එකෙන් එළියට. අල්ල ගත්ත සුද්දිගෙ අත.

"යූ කම් විත් මී"

එක්කගෙන ආවා දැන් පෙට්‍රල් ෂෙඩ් එක තියෙන තැනට..

"දිස් ඉස් කාසල් රෝඩ්"

"ඕ කේ වෙයාර් ඉස් ද කාසල් හොස්පිටල්"

"දැට් සයිඩ් හොස්පිටල්"  (ඒකි හිතන්න ඇති මම හොස්පිටල් එක ගාවටත් එක්කගෙන යයි කියල)

"ඕ තෑන්ක්ස්... තැන්ක්යු වෙරි මච්"

"ඩොන්ට් මෙන්ෂන්"

කොහොමද මගේ කඩු ශිල්ප...?.  හෙහ් හෙහ්..

ප: ලි:
ඔයාල හිතන්න ඇති මූ නම් මාර පිස්සෙක් කියල. මොනවද දන්නවද සුද්දි දුන්නේ. චුයිං ගම් පැකට් තුනයි පාට හතරේ කාබන් පෑනයි. (සිරිමාවොන්ගේ කාලේ මෙව දකින්නවත් නෑ.)

මේ ජාතියෙ තව කතාවක් තියෙනව ඒක පස්සෙ දවසක, ............

21 comments:

  1. ශ්‍රි ලන්කන් චුයින්ගම් නෙමෙයි.....නෙද?....හිකිzzzzz

    ශ්‍රි ලන්කන් චුයින්ගම් එකියන්නේ බුලත් විට.....දෙකම කරන්නේ ඉතින් හපන එකනේ...ඔකට කතාවක් තියනවා....

    ReplyDelete
  2. සෑහෙන ඉස්සර වුන කතාවක් වගේ. හැබයි මට නම් ඔය සුද්දියො අල්ලනේ නැහ.

    ReplyDelete
  3. මාතලන්ව අදහන්න ඕනැනෙ.
    මෙන්න මං සුද්දට පාර කියපු හැටි.

    http://kathandara.blogspot.com/2009/07/blog-post_15.html

    මං දාපු දෙවෙනි කතන්දරේ!

    ReplyDelete
  4. @ ඉලන්දාරියා

    ඒකත් මගේ ප්‍රියතම කෑමක්.

    අනේ.......... සීයේ අමල් බිසෝ
    කතන්දරේ..... කියන්නකෝ....

    @ පිස්සා පලාමල්ල

    සුද්දියො මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ...
    අපේ අය මවල තියෙන්නෙ.. දෙවියන්වන්සෙගෙ ගෝලයෝ...

    ReplyDelete
  5. @ කතන්දර

    අම්මප ඇත්ත බොලන්. ඒ උනාට අර මැඩම්ට පින් සිද්ද වෙන්න ඔ/ල් කාලේ ම්යුසියම් එක අහපු සුද්දෙකුට දුන්න කොරවෙන්න.

    අවංකවම මම ඒක දැක්කේ නෑ...බලාගෙන ගියහම දෙන්නම එකම බෝට්ටුවේ.... හෙහ් හෙහ්

    ReplyDelete
  6. මරේ මරු කතාව

    ReplyDelete
  7. සා... කොල්ලා දස්සයා.. :D

    ReplyDelete
  8. මේක මේ කතාවට අදාල පුරස්නයක් නම් නෙවේ. ඒත් අහන්න හිතුන්, මොකොඉ මේ කලවමේ හැමදේ ගැනම ලියන ඔහේව දේශපාලන තිරුවට දාල තීන්නෙ අපේ SBU මල්ලිල!

    ReplyDelete
  9. @ හසිත ජයසූරිය..
    තෑන්ක්ස් පැටියෝ....

    @ ගයන්ත..
    ඕක සුළු දෙයක් සමහර ඒව මේකේ දාන්න බෑ.... හෙහ් හෙහ්

    @ ඉන්දික
    ඒක මගේ වැරද්ද කොලුවෝ... ඉස්සෙල්ලම හිතුවේ දෙශ්පාලන ප්‍රහසන දාන්න විතරයි

    ReplyDelete
  10. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙටද ගියේ?? හොදයි හොදයි

    ReplyDelete
  11. @ රාවණා

    හ්ම්... හ්ම්.... ඒකේ තමයි....

    ReplyDelete
  12. ඔයා සෑහෙන්න දුරක් පයින් යන්න ඇති නේද?

    ReplyDelete
  13. @ මධූ වීරකෝන්

    ඒ කාළේ නම් ලොකු දුරක්...
    ඒත් පාඩූ නෑනේ... කොහොමද තෑග්ග.... හෙහ් හෙහ්

    ReplyDelete
  14. ඈත ගම්වලින් විත් කොළඹට බැස්සයි
    දෑස පාදා ගෙන හෙට දින හරි ගස්සයි
    කඩුව බැරි එකා වළිගය නැති වස්සයි
    මාතලන් කොහොමටත් කඩුවෙහි දක්ෂයි

    ReplyDelete
  15. @ විහඟ ගීතය..

    ඒ ඇසෙන්නේ විගඟ ගීතයක් නේද කොලුවෝ....

    තෑන්ක්ස් කිව්ව....

    ReplyDelete
  16. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට ගිය රජ කඩුවක් තියෙන කොල්ලෙක් නේ.

    ඔහොම තමා රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලන්ගේ හැටි. :) :) :)

    ReplyDelete
  17. @ හසිත...

    රාජකීය විදුහල් සිරි නංවමූ...
    හොබවමූ........ ළකඹරේ.....

    We will learn of books and men, and learn to play the game....

    ReplyDelete
  18. මාත් ගියේ ඔය කුරුඳුවත්තේ තිබ්බ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙටම තමා අයියා.

    වැජඹේවා Floreat !!!

    ReplyDelete
  19. මටත් සුද්දියක් දවසක් පෑනක් දුන්න අනුරාධපුරේදි... හැබැයි අතින් අල්ලන්න නම් බැරි උණා..

    ReplyDelete
  20. @ thariya

    අපරාදේ අනේ... සුද්දී මොනව හිතුවද දන්නෙ නෑ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න