.

.
Showing posts with label Clean Sri Lanka. Show all posts
Showing posts with label Clean Sri Lanka. Show all posts

Jan 2, 2025

වැටෙනවාට බය වුවහොත්, දුවන්නට බැරිය....... (වට්ටපු උන් බලයට විත්.. උන් වැටේ යැයි කියා බියට පත් වීම)

 


වැටෙනවාට බය වුවහොත්,

දුවන්නට බැරිය.......

(වට්ටපු උන් බලයට විත්..

උන් වැටේ යැයි කියා බියට පත් වීම)

➖➖➖➖➖➖➖⭕➖➖


පුද්ගලයකුගේ හැසිරීම් තුලින්, ශාරිරික ඉරියව් වලින්, මුහුණේ හැඟීම් වලින්, අභිනවයන්ගෙන් මෙන්ම ලිඛිත හා ප්‍රකාෂිත අදහස් තුලින් ඔහු හෝ ඇය කියවා ගැන්ම මේ පිළිබඳව භාවිතයෙන් හදාරා ඇති අයකුට අපහසු කටයුත්තක් නොවේය.


මැතිවරණ ව්‍යාපාරය තුලදී අනුර කුමාර දිසානායක හා පිරිස ඕවර් කොන්ෆිඩන්ස් ගොස් වේදිකා උඩ කෙලින්නේ හද්දා කෙබර බව අප කීවේ ලීවේ එනිසාවෙන්‍ය.

අප කියන්නේ බොරු නම්, ඔවුන්ගේ එදා කතාවන් හා අභිනයන් හොඳින් නිරීක්ෂණය කරනා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.


බලයේ වුන් රනිල් හා ඔහුගේ ගෝලබාලයෝ වේදිකාවේ කියුවේ ඇත්තය. එනම්.... රටේ දේශපාලන සමාජීය හා ආර්ථිකයේ නියම ස්වරූපයය. ඒ ඔවුන් එම ප්‍රශ්ණයේ දිග පලල පරිමාව භාවිතයෙන්ම අවබෝධ කරගෙන උන් නිසාය. අපද ලීවේ කීවේ එයය. එහෙත් ජෙප්පන් හා සජබේ උන් කියනා තරමක් කීවේ කිසි දින ඉටුකිරීමට නොහැකි ගල් පැලෙනා බොරුය. 


ඊට ජවිපෙට හෝ සජිත් ඇතුලු පිරිසට දොස් කීමෙන් පලක් ඇත්තේ නැතිය. මොකෝ... බලය ලබා ගැන්මට ඇති පහසුම කාර්‍යය නම් හොඳම බොරු තොගය මාකට් කිරීමට ඇති දක්ෂතාවය බව මෙරට සියලුම දේශපාලුවන් දන්නා නිසාත්.... එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී... ඒ සඳහාම වූ ජාත්‍යන්තර මෙන්ම දේශීය විශේෂඥ ආයතනත් බිහි වී අවසානය. ඉතිහාසයේ සිට මේ දක්වා බලය ලබාගෙන ඇත්තේ එමඟින් බවත් අද වන විට ඔප්පූ වී අවසානය.


වැරද්ද ඇත්තේ මේවා අවබෝධ කර ගැන්මේ ශක්තියක් නැති, නඟර සභාවක් තබා සමූපාකාරයක බඩු හෝ කිරා නැති පච මෝල්ලුන් පිරිසකට චන්දය දුන්... රටේ වත්මන් ආර්ථික අර්බුධය ගැන අබ මල් රේණුවක මොළේ කළඳක් නැති, අර බොරු ප්‍රචාරයන්ට රැවටුන කුර හා අං සහිත අම්බරුවන් අතේය. (රැවටුනා නෙමෙයි මහත්තයෝ... ඇත්තටම විශ්වාස කළා කියා ඊයේත් ත්‍රී විල් අයියා මා එක්ක කන් කෙඳිරි ගෑවේය) අද ඒ අම්බරුවන් නිසා අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ චන්දය දුන් උන්ටත් වඩා.... බලය ගත්තු සැට් එකය.


එහෙත් මෙහිද ඇති පට්ටම ආතල් එක නම්... උන් කිව්වේ බොරු බව අප අවබෝධ කරගෙන උන්නද.... ජෙප්පන් මේ කෙබර දෙසා බා ඇත්තේ.... ඒ ආකාරයේ වංක සිතකින් නොව අවංකවම ඒවා ඉටුකල හැකි යැයි ඔවුන් සිතූ බැවින් බව.... අද ඒවා ඉටුකර ගැන්මට ගොස්...


උන් සිතූ පැතූ ආකාරයෙන් ඒවා ඉටුකර ගැන්මට නොහැකිව... හත්පොලේ ගාගෙන නාගෙන... ලබාගත් බලය ගිලිහේ යැයි බියෙන්... "අපිව වට්ටන්න හිතන්නවත් එපා" යැයි මහ එකාගේ සිට බුකි වහලා දක්වා උදේ හවා නගනා මළ අඬෝවැඩියාවය.


ඇත්තටම මෙය ෆෝබියාවකි. විජ්ජාත්මක ක්‍රමයට මෙය හඳුන්වන්නේ OCD හෙවත් obsessive-compulsive disorder කියලාය.

එනම් පාලනය තමන්ගෙන් ගිලිහෙතැයි යන බියය.


ඒ කියන්නේ.... බොහෝ අය කෙසේ කීවද.... මුන් බොරු කියා ඇත්තේ අවබෝධයකින් නොවනා බවයි... 2/3 ක බලයකුත් ලබාගත් මේ අමන රැල දැන් ඔවුන්ගේ බැරි බැරියාව වසා ගැන්මට යන්නේ රාජ්‍ය සේවයට දොස් පවරමින්‍ය. දැන් ආරම්බ කර ඇත්තේ.. ඔවුන්ට දිරවන්නේ නැති නිළධාරින් සියල්ලටම ෂොට් එක දීමේ වැඩපිලිවෙලය. සමහර විට ක්ලීන් සිරි ලංකා කිව්වේ මේකටත් වෙන්නට ඇතිය.


මුලින්ම පටන් ගත්තේ පොලීසියෙන්‍ය. ඊළඟට හමුදාවට තැබූ අත... ඉන් පසු තැබූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාටය...(එය නම් ඉක්මනින්ම එන බව, අප උසාවියේදීම කතා කළෙමු). බොහෝ විට එය....  හෙට අනිද්දා වන විට පාර්ලිමේන්තුවේ ඉහළම නිළධාරින්ටද යොමු වීමට නියමිත බවට අභ්‍යන්තර තොරතුරු වලින් දැන ගැන්මට ලැබෙන්නේය.


ඊයේ මොකක්දෝ විගඩමක් ආරම්බ කිරීමට ජනාධිපති කාර්‍යාලයට පැමිණ සිටි මහ එකාගේ සිට හැම එකාම හිටියේ තක්බීර් වෙලාය. ක්ලීන් ශ්‍රී ලංකා කියා සුභ කටයුත්තක් ආරම්බ කිරීමට පැමිණි උන් සිටියේ... මළ ගෙදරක ආපු උන් වගේ මුහුණේ කිසිඳු ප්‍රසන්න භාවයක් ඇත්තේ නැතිවය. අලුත් අවුරුද්දේ මුල්ම දවසේ කිසිම එකෙකුගේ මුහුණේ සිනහවක් හෝ ප්‍රීතියක් තිබුනේ නැතිය. ඇත්තටම උන් ඔක්කොම උන්නේ යක්කු ගහපු උන් වගේ හොල්මන් වෙලාය.


මළ යක්ෂ පාලකයෙක් වූ මහින්ද රාජපක්ෂගේ කාළයේ පවා.... මෙවන් අවස්ථාවල සියල්ලන්ම සිටියේ උත්සවශ්‍රීයෙන් ඇලලිලාය. ජැකාගේ පිටපත අනුව සැකසූ... බී ඇන් ඇස්ලාගේ සින්දුය, චන්නගේ ඩෑන්සින්‍ය, පට්ටම ආතල් සාගරයක්‍ය. රාජ්‍ය උත්සව කියන්නේ ඒවාටය. මුන්ට ඒවා නොමිළේම කරන්නට උන් ඕනා තරම් ඉන්දැද්දි... ඒ වෙනුවට තිබ්බේ දැක්කාම අධෝ මුඛේ කොක් හඬලා සිනාසෙන..... පොඩි වුන් වාගේ අම්මපා කියා දිවුරපු දිවුරිල්ලක්‍ය.


මේවා මොන්ටිසෝරී වැඩය. ඝෝටා රටම ක්ලීන් කළේත්... රටේ විනයක් හැදුවේත්.... නීතිය ක්‍රියාත්මක කොට මිස මේ වාගේ මොන්ටිසෝරි කොන්සර්ට් තියලා නෙමේය.

අද උදේත් බුලත් කෙළ පාරකින් බේරුනේ පූරුවේ කළ පෙර පිනක් නිසාමය. 


අනුර කුමාර තවත් කලුවෙලාය. ඒ මදිවාට ඊයේ කතාවේදීද කීවේ.... අපේ වැඩ වලට අකුල් හෙලන්නට එන්න එපා... "අපිව වට්ටන්න එන්න එපා..." කියලාය. 


ඇත්තටම ඔහේලා වට්ටන්න දැන් එකෙක්වත් ඇත්තේ නැතිය. රටේ දියුණුවට අකුල් හෙලුවේ, වැඩ වර්ජන කළේ, උද්ඝෝෂණය කළේ, ෆැක්ටරි වසා දැම්මේ, බස් ගිනි තිබ්බේ, මෝල් ගිනි තිබ්බේ, රටම ගිනි තැබුවේ, මංකොල්ලකෑවේ, මිනී මැරුවේ ඔහේලා මිස අනෙක් පක්ෂවල උන් නොවේය.


දැන් බලයේ ඉන්නේ ඔහේලා බව ඔහේලට අමතක වූ බවක් පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඔබලාටද කිසිඳු අවබෝධයක් නොමැතිව කියූ බොරු පොරොන්දු..... ඔබලාට ඉටු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය පාලනයට තබා හාල් කිලෝ එකක් ගේන්නේ කෙසේදැයි කියාවත් අවබෝධයක් නැති බවත් ජනතාවට කියන්නට ලැජ්ජා වෙන්නට එපාය.


ඒ නිසා වැටෙනවාට බය වෙන්නට එපාය. දුවන්නට බැරි උන් දුවන්නට උගෙන ගන්නේ වැටි වැටීය. දැන් ඔබලා ළිඳේ වැටී අවසානය. දැන් ගොඩ එන්නට තිබෙන්නේද ළිං කටින්ම මිස උල්පත් දිගේ නොවේය. උල්පත් දිගේ යන්නට ගියොත් වෙන්නේ වතුරේ ගිලී මිය යන්නටය.


"බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවෙයි.” යනුවෙන් ඇති ප්‍රසිද්ධ කියමනට නව අරුතක් එක් කරමින්..... අවුන් සාන් සූකී වරක් ප්‍රකාෂ කළේ....


දූෂණයට හේතු වන්නේ බලය නොව බියයි. තමන් ලද බලය අහිමි වේයැයි ඇති බිය විසින් බලයේ සිටිනා අය දූෂිතයින් බවට පත් කරයි.... කියලාය.....


මෙය කොතරම් සත්‍යයක්දැයි යන්න... ඉතිහාසයේ මෙතෙක් බලයේ උන් දේශපාලුවන් මෙන්ම.... වත්මන් වෙළඳ ඇමති, කර්මාන්ත ඇමති, ප්‍රාඩෝ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරියන් ඇතුලු.... බිංගිරියේ කප්පම් ගැන්මට ගිය දේශපාලුවන් දෙදෙනාගේ ක්‍රියාවන් හා ප්‍රකාෂයන් තුලින් මොනවට ඔප්පු වන්නේය....


ඒ වගත් මෙසේය.......


#මාතලන්