.

.
Showing posts with label Iran Israel War. Show all posts
Showing posts with label Iran Israel War. Show all posts

Apr 8, 2026

අපේ උන්ගේ ඉරාන ප්‍රේමයේ ඇත්ත කතාව......

 



අපේ උන්ගේ ඉරාන ප්‍රේමයේ 

ඇත්ත කතාව......

➖➖➖➖➖➖➖❤️➖➖


🔸අපේ බයියන්ගෙන් වැඩි පිරිස ඉරානෙ එක්ක යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා... අම්මාමෝ නැතුව ඉරානය වෙනුවෙන් හඬා වැලපෙන්න පටන් ගත්තානේ.....  


🔸ඒක මේ වෙනකම් පොරි හැලෙන්න ගහන ලෙබනනයේ උන් වෙනුවෙන් හෝ ගාසාවේ උන් වෙනුවෙන් හෝ ආපු නැති තරමේ.... අමුතුම ආකාරයේ ප්‍රේමයක්....


🔸ඒකට හේතුවකුත් තියෙනවා.... අපේ උන් හිතනවා..... අපි පැවතෙන්නේ ඉරානයේ උන්ගේ ඔරිජින් එක වෙන.... ආර්‍ය සම්බවයකින් කියන දරුණු ඝනයේ මිත්‍යාව.... 


🔸ඉතින් මගේ ආතල් එක මම ගන්න අතරෙම.... මේ පරාජිත අසරණයන් වෙනුවෙන් මේ ගැන පොඩි අධ්‍යයනයක් කලා....


🔸මෑත යුගයේ කරපු DNA පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙන දෙයක් තමා.... සිංහලයන්ගේ ජාන වඩාත් සමීප වෙන්නේ දකුණු ඉන්දීය ජනතාවගේ ජානවලටය කියනෙක.


🔸ඒක ඇත්තටම වෙන්න පුලුවන් දෙයක් නේ.... මොකෝ විජේ කුමාරයා එන්න කලින් මෙහේ කුවේණිලා උන්නා නේ.... (රාමායණය කියන්නේ ෆැන්ටසි නවල් එකක් බව මෙහේ පුරා විජ්ජා විසේසග්නයෝත් දන්නේ නෑතිව ඒකේ තියෙන ඒවා අදහාගෙන ස්වයං රමණයේ යෙදීම වෙනම කතාවක්) අනික විජේ එන්නේ ඉන්දියාවේ බෙංගාලී දේශයෙන්....


🔸එතකොට බෙංගාලිවල ආර්‍යවරුන්ගේ සම්බවයක් තියෙනවා කියලා බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පස්සෙ පතුරපු ප්‍රොපගැන්ඩා වල හෝ සඳහනක් ඇත්තේ නෑ නේ.... 


🔸අනෙක් ප්‍රධාන දේ තමා සමෙහි වර්ණය හෙවත් චවි වර්ණය.... ආර්‍ය සම්බවයක් සහිත පිරිසකට අවපැහැ ගැන්වුන සමක් කොහෙත්තම තියෙන්න බෑ.... මොකෝ මොන සෙල්ලම් දාලා සුදු වුනත්.... අපේ උන්ගේ පස්ස පැත්ත කළුම කළුයි....


🔸හැබයි මෙහේ උන්න චොක්සි මහත්තයා වගේ.... ඉරාන සම්බවයක් සහිත ඉතා කුඩා ජන සමූහයක් ඉන්නා බවත් ඇත්ත... ඒ අය වෙළඳාමේ ආපු අය... 


🔸එයාලා එක්ක සෙට් වෙච්චි.... ආත්තාලා, ආච්චිලා කිරි අම්මලාගෙන් පැවත එන මාතලන් වගේ හම සුදු අය සහිත ඉන් ඉන්න ඉඩ තිබුනත් 😁.... නිසි ජානමය පරීක්ෂාවකින් තොරව ඒ පිරිසත් ආර්‍යන්ද කියන්න බෑ....


🔸හැඩ රුව අතින් ගත්තත්, ඉතිහාස සුරඟන කතා ගත්තත්, ජානමය සාක්ෂි මත ගත්තත්, ඉරාන සම්බවයක් සහිත ඉන්දු ආර්‍යයන් ඉන්නේ.... පකිස්තානය, ඇෆගනිස්තානය හා උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක විතරයි....


🔸ඒත් උතුරු ඉන්දියාවේ ඔය කියන ශිෂ්ඨාචාරයන් තුලත්... ආක්‍රමණයක් සිඳු වූ බවට පුරා විද්‍යා සාක්ෂි ඇත්තේ නැහැ.....


🔸ඇත්තටම "ආර්ය ආක්‍රමණ න්‍යාය" (AIT) කියන්නේ පුරාණ ඉන්දියානු ශිෂ්ටාචාරය වර්ධනය වූ ආකාරය පිළිබඳ මිථ්‍යාවක්  සේ සලකනු ලබන ඓතිහාසික කල්පිතයක් නොහොත් මනක්කල්පිත සිහිණයක්ම විතරයි..... කොටින්ම රාමායණය වගේම...


🔸මේ ප්‍රොපගැන්ඩාව 19 වන සියවසේ මුල් අවදියේදී ලෝකය පුරා පතුරන්නේ "මැක්ස් මුලර්" වගේ යුරෝපීය විද්වතුන්.... 


🔸ඉන්දියානු ශිෂ්ටාචාරය සැමවිටම පිටස්තරයින් විසින් පෝෂණය කොට ශිෂ්ට සම්පන්න සමාජයක් බවට සාධාරනීකරණය කරන්න.... සුද්දෝ විසින් කරපු වැඩක් බව දැන් ඉන්න ඉන්දියානු පුරා විජ්ජා උස්තාද්ල පවා කියන දෙයක්.


🔸මේවා ඔප්පු කරන්න අපේ රාවණා ප්‍රොපගැන්ඩාවේ වගේම....ක්.ක් පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක්ම මේ වෙනකන් සොයාගෙන නෑ...


🔸ප්‍රොපගැන්ඩා කතාවල සඳහන් රාඛිගර් වැනි ප්‍රදේශවල කළ කැණීම්වලින් මහා පරිමාණ යුද්ධ, සමූලඝාතන හෝ ආක්‍රමණයක් සමඟ පෙළ ගැසෙන කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් සොයාගන්න අද වෙනකන් බැරි වෙලා තියෙනවා.


🔸ඒ වගේම ජානමය පර්‍යේෂණ වෙනුවෙන් පුරාණ ඇටසැකිලි යොදාගෙන මෑත කාලීන DNA අධ්‍යයනයන්ගෙන් සොයාගත්තේ... ඔය කියනාකාරයේ ආර්‍ය සංක්‍රමනයක් සිඳු නොවූ බවත්... වසර දහස් ගනනාවක් පුරා සිඳුවූ ජනගහනයේ සංකීර්ණ මිශ්‍රණයක් සිඳුවන්නට ඇති බවත් විතරමයි.


🔸පුරාණ වේද ග්‍රන්ථයන් වන සෘග්වේදයේ පවා ගැටුම් හා ආක්‍රමණයන් ගැන සඳහන් වෙලා තිබුනත්, දැන් ඉන්න විද්වතුන් තර්ක කරන්නේ මේවා ඉන්දියාවෙන් පිට ඉඳලා ආපූ ආක්‍රමණයක් නොව අභ්‍යන්තර ගෝත්‍රික යුද්ධ හෝ සංකේතාත්මක අධ්‍යාත්මික සටන් ගැන කතන්දර කියලා.


🔸කෙසේ හෝ වේවා... මේ ආර්ය සංක්‍රමණ න්‍යාය (AMT) ආක්‍රමණයක්ය කියලා කියනවා වෙනුවට.... ඉන්දු-ආර්ය භාෂාව කතා කරන එඬේරුන්ගේ කුඩා කණ්ඩායම් මධ්‍යම ආසියාවේ සිට ඉන්දියානු උප මහද්වීපයට සියවස් ගණනාවක් පුරා සංක්‍රමණය වී ඇතෙයි කියලා හිතන්න පුලුවන් වෙන්නේ.... ඉන්දියාව කියන්නේ ලෝකයේ වැඩිම ජන වර්ග හා භාෂාවන් මෙන්ම ජනගහනයද වැඩි රට වන නිසාමයි. 


 🔸එමෙන්ම ඉරාන ආර්‍යයින් පරිහානියට පත්වෙමින් තිබූ මොහන්දාරෝ හරප්පා (ඉන්දු නිම්න) ශිෂ්ටාචාරය සමඟ සහජීවනයෙන් හා අන්තර් විවාහයන් සමඟින් ජීවත් වන්නට ඇති බවටත්, එය භාෂා සහ සම්ප්‍රදායන් සංස්ලේෂණය කිරීමට හේතු වෙන්නට ඇති බවත් වත්මන් ඉතිහාසඥයින් සැක පල කරනවා.


 🔸19 වන සියවසේ නිර්මාණය වූ මේ ප්‍රොපගැන්ඩා අනුවාදය නිෂ්ප්‍රභ කරන කැපී පෙනෙන පොත් අතරින් වඩාත්ම ජනප්‍රිය ඩේවිඩ් ෆ්‍රෝලි විසින් රචිත The Myth of the Aryan Invasion of India නම් පුස්තකයයි..


🔸ඉතින් එහෙම බැලුවාම මේ ආර්‍ය මිත්‍යාවේ වෙලිලා ප්‍රේනයෙන් මුසපත් වූ පෙම්වතුන්ට මට කියන්න තියෙන්නේ....


😁 සිතින් විතරක් පෙම් කරන්නම්

      දුරින් හිද ඔබ දෙස බලන්නම්

      ලංව ඉන්නට බෑ ‍ඔබේ

      අපට අප හිමි නෑ ලොවේ

      ඔබට මා හිමි නෑ 

      මටද ඔබ හිමි නෑ....


කියලා තමයි......


#මාතලන්

Jun 23, 2025

දින 12 යුද්ධය හා මානුෂික මෙහෙයුම්

 


දින 12 යුද්ධය හා

මානුෂික මෙහෙයුම්

➖➖➖➖➖💀➖


ඇමරිකාව ඉවත් වෙන්නේ....

ඔවුන්ගේ ප්‍රහාර සාර්ථක නිසා....


එයාලගෙ වැඩේ ඉවරයි...


ඔවුන්ට අවශ්‍ය වුනේ යුරේනියම් එන්‍රිච්මන්ට් ප්ලාන්ට් වලට ගේම දෙන්න...

ඒක අනෙකුත් අරාබි රටවලත් අවශ්‍යතාවයක්... 


ප්‍රහාරයට පෙර ට්‍රම්පච්චි ඊශ්‍රායලය මඟහැර.... අනෙකුත් මැදපෙරදිග රටවල් එක්ක බිස්නස් ඩීල් වලට යන්නේ මේ වැඩේටත් එක්ක.....


සව්දි ක්‍රව්න් ප්‍රින්ස් කෙලින්ම කියනවා එයාලා පරමාණු බෝම්බයක් හැදුවොත්... 

අපිත් එකක් මිළදී ගන්නවා කියලා...


මොකෝ ඉරානේ කියන්නේ මැද පෙරදිග ත්‍රස්තවාදීන්ගේ මහප්පා.... හතර වටේම ප්‍රොක්සි මිලිටන්ට්ස්ලා දාගෙන ඉන්නේ....


දැන්.....


ඊශ්‍රායලයට හා ඉරානයට තියෙන්නේ අභිමානයට කෙලවීමේ ප්‍රශ්ණයක්....


ඉරානයට කවුරුවත් යුධ ආධාර දුන්නේ නෑ...


ගිවිසුම් නැතිව එහෙම හිතවත් කම්වලට දෙන්නේ නැති බව තමා.... පුටින් වටින් කිව්වේ..... චීනෙත් පක්කොන්ට දුන්නට ඉරානේ මඟහැරියා..... මොකෝ ඇමරිකාව එක්ක තියෙන වෙළඳ ගණුදෙණු ඊට වඩා වටිනෝ....


ඒ හැර දුන්තෙල් බත් වගේ ආයුධ දන්සැල් දාන්නේ නෑ.... යූක්‍රේනයට වෙච්චි දේ දැක්කා නේ.... 


මොකෝ ඕවා අතිවිශාල ගණුදෙණු වගේම කොමිස් කේස්....


ඊශ්‍රායලයට ඇමරිකානූ සහාය තිබුනත්, ඒක නැවතුනොත් ඊශ්‍රායලයටත් බඩු බනිස්... 


මේ යුද්ධයට තාවකාලික නැවතුම් තිබුනත්, ජිහාඩිසම් හා සියොනිසම් මතවාදය අහවර වෙන්නේ නෑ..... 

ත්‍රස්තවාදය අහවර වෙන්නෙත් නෑ...

ලෝකය පවතින තුරා....


ඒක අවසන් කරන්න..... 

ලෝකයේ බලවත් කිසිම රටකට අවශ්‍යතාවයකුත් නෑ....


මොකෝ යුද්ධය හා ආයුධ කියන්නෙ හොඳ බිස්නස් එකක්....


B2 වලට ඉල්ලුමක් එයිද කියන්න බෑ... 

මොකෝ ඒ ප්‍රහාරක යානා 7 ගාඩ් එකට හා ඉන්ධන සපයන්න තවත් යානා 150 කට වඩා ගිහින් තියෙනවා....


ඔය බන්කර් බස්ටර් GBU 57 කියන බෝම්බයක් ඩො මි 20 ක්....

B2 ඇරොප්ලේන් එකක් ඩො මි 2200 යි


පෝට් සිටි එකට චීනා කරපු ආයෝජනේ ඩො මි 1500 යි...


පිච්චු නේ....


වට්ටක්කා එක්ක කරෝල කට්ටක් කන්නයි වෙන්නේ....


අර ඉරානේ හිර ගෙදර හිටපු උන් ටිකට රටින් පැනගන්න පුලුවන් උනා නම්...


මේකත් මානුෂික මෙහෙයුමක් ආයිබන්ඩ...


#මාතලන් 


.