.

.
Showing posts with label Vijitha Herath. Show all posts
Showing posts with label Vijitha Herath. Show all posts

Dec 20, 2024

මෝදි සඕදරයා වෙත ලියමි

 



මෝදි සඕදරයා වෙත ලියමි

➖➖➖➖➖➖➖➖💝➖


සෙත්වේවා.....!!!


පැලවත්තේදීය.....


ඔබේ සැප දුක් හොඳින් යැයි සිතමි.... අපේ රටේ ඇපත් නැති බංකොලොත් විපස්සේ උන් කුච් කුච් හෝතාහේ වර්ගයේ පඩත්තල කතා කිව්වාට.... බහුතරයක් ජනා සිටින්නේ සල්මල් ඛාන්ටත් වඩා ආතල් එකේය. 


ඒ කියන්නේ සඕදරයා අපි අපේ කොම්‍රරඩ්ලාට බලේ දුන්නේ අනෙක් පක්ෂ වල උන් වගේ නිකං කන්න බොන්න අදින්න හෝ සහනාධාර බලාපොරොත්තුවෙ නොවේය.


පැය 24 ක් යන්නටත් කලින් එක පෑන් පාරින් ඩඩ්ලිටයි නිපුනටයි ආයේ ලොවෙත් නැතිවෙන්නට ඇරියේ හික් ගෑවෙන්නටය... දැන් ගුල්ලන් වැනි පෝෂ්‍යදායි ජීවීන් පිරි ස්වර්ණ නාඩූ දෙන්නේ සතොසටත් පාඩු නොවනා ලෙසය. නිශ්පාදන වියදම වැඩි නිසා ඉහළ ගියැයි කියූ බිත්තර මාෆියාවේ බිත්තර දැන් රුපියල් 28 දෙන්නේ මාෆියාවේ උන් අඩද්දීය. පොල් 130 යිය.


අපේ කොම්‍රඩ් ශාස්ත්‍රපති දිසානායක දැක සුළුදිය පහවූ තුරඟා සේ.... බියට පත් සීයාගේ කිකිලියන් දැන් බිත්තර දෙක දෙක දමන්නේය.


වැඩි මිළට හාල් විකුණන කැම්‍රි කළු කඩ කාරයෝ ඔක්කොම අල්ලලා හිරේ දාන්නේ ආයේ උන්ට කඩ තියා පරිප්පු වඩයක්කත් විකුණන්න බැරි වෙන්නටය.


ඇත්තටම අපි ප්‍රාර්ථනා කළේ පෝසතුන් නැති සියල්ලන් එක සමාන ලෝකයක්‍ය.


අපිට ඕනා ඔය ඩඩ්ලිලා නිපුනලා වගේම හන්දියේ කඩේ එකාත් පාරේ හිඟාකනවා දකිනෙකය. 


ඕකුන්ගේ මෝල් නැති වුනාට... මීළඟ කන්නයේ සිට.... ආන්ඩු පක්ෂයේ මෝල් කාරයෝ දාලා වී අලෙවි මණ්ඩලේ එක ලොරියෙන් මුලු ලංකාවටම බත සපයන කොට ආයෙත් හික් ගෑවෙනවාය.


පාරිභෝගිකයා ගසාකන කළුකඩකාරයෝ සුපර් මාර්කට් කාරයෝ ග්‍රොසරිකාරයන්ට කෙලවෙන්න අපි සම්පෙන් කිසිඳු ලාබයක් නැතිව බඩු දෙන කොට අරවා ඉබේම වැහෙනවාය.


එසේ සතුටින් තන්තෝසෙන් ආතල් එකේ ඉන්න අපිට.... අපේ කොම්‍රෙඩ්ලා අපහසුතාවයට පත් කරන්න ඔහේ එයැයිලා නොකී කතා කියා.... නිකං රුවිතන් ටෝක්ස් දෙනේක වැරදිය. මේ ඉන්නේ ඔහේ වගේ අටවාගෙන කොරන ආන්ඩුවක් නොව.... 2/3 බලයක් තිබෙනා අයියලාගෙන් පිරි ආන්ඩුවක් බව ඔහේ මෙන්ම රෝ එකේ හාල්පාරුවෝත් දැනගන්නා එක හොඳය.


දැන් තානාපති කෙනෙකුටවත් නිකන් ඉන්නට බැරිය එයාලත් අමාත්‍යාංශවල නිරීක්ෂණ චාරිකාවලට දාලාය. ආරම්බ කරේ මහා බලවතා කියනා ඇමර්කාවේ ජූලී සඕදරියගෙන්‍ය.


ඔහේ කැමති උනත් නැතත්.... අපේ ඔනරබල් නලින්ද දනහිස්සයි, රවී සෙනෙවිරත්නයි, වළං සානියයි, පොලිස් ඇමතියයි, කාදිනල් දෙවියන් වහන්සේයි ඔහේට ඇවිත්.... මැලේසියාවෙන් KP ගෙනාවා වගේ.... පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කනෙන් අල්ලාගෙන එන කොට ඔහේලා අඬන්න කෙඳිරි ගාන්නට ලැහැස්ති වෙන්න එපාය.


අපි එලෙස කියන්නේ ඇවිත් පැය 24 න් ඔක්කෝම හොරු අල්ලා ඇතුලට දානවා අපි මේස් දෙකෙන් දැකපු නිසාය.


මහ බැංකුව මහ දවාලේ කැඩූ මහා හොරකමේ මහා හොරා රනිල් සීයා ඇතුලේය. ඩොලර් බිලියන 18 ක් වත්කම හිමි රාජපක්ෂලාගේ පවුලම ඇතුලේය. හෙට අනිද්දාට නෙවිලුත් ඇතුලට දානවාය. ඒ විතරක් නොව ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළා #කයා මහතාද හිරේ දාන්නේ ආචාර්ය කිනිතුල්ලාගේ නෑකම් නොසලකාය.


අපේ ක්‍රොම්‍රඩ් අනුර කුමාරයා කියන්නේ ආයේ ලොවෙත් නැති නායකයෙක්‍ය.... වැරද්දක් කරා නම් එයාට අම්මද අප්පද කියා අදාල නැතිය. කෙලින්ම පුපට පයින් ඇදලා අරින්නේය. ඒ නිසා ඔහේ මේ අපේ අය නොකී කතා කිව්වා කියා අපිත් එක්ක තියෙන ඇයි හොඳැයිය නැතිකර ගන්න එපාය. මොකෝ ඒකෙන් කෙලවෙන්නේ ඔහේටය.


අපේ කොම්‍රඩ්ලා 88/89 දී.... රජිව් ගාන්ධිට රයිපල් පාර දී පටන් ගෙන දිවි පුදා සටන් කළේ ඔහේලා එක්ක හැමිනෙන්නට නොවේය. එහෙව් එකේ ඔහේ මේ අපේ කරන්ට් එක ඔහේට ගන්නයි... ග්‍රිඩ් ගගන්නයි... බ්‍රිජ් ගහන්නයි... පයිප්ප දාන්නයි... නළ එලන්නයි ලෑස්ති වෙන්න එපා කියන්නේ බොහෝ කරුණාවෙන්‍ය.


ඔහේගේ අදානිලා අම්බානිලා නැති වුනාට..... අපිට අපේ දයාසාන්තලා ඉන්නවාය, 

ඔහේලාගේ කෝලිලා නැති වුනාට..... අපිටඅපේ බිංදුසාරලා ඉන්නවාය, 

ඔහේලාගේ සාරුක් ඛාන්ලා දීපිකාලා නැති වුනාට..... අපිට අපේ ලැම්බෝගිනි ජගත්ලා අරගල සමනලීලා ඉන්නවාය.


කොටින්ම වඩිවේල් වගේ ජෝකර්ලා නැති වුනාට අපිට අපේ කප්පම් වසන්තලා ඉන්නවාය. 

ඔහේලාගේ වගේ බොක්ස් ඔෆීස් හිට් සෝ නැති වුනාට.....  දියවන්නාව මැද ගවගාල දැන් කොළඹ සන්නියටත් එහා ආතල් ලෝකයක්‍ය.


ඒ නිසා අපේ කොම්‍රඩ්ලා ඔහේ ඇවිත් නොකී කතා වෙන.... එට්කා ගැහිලි.... 13 දිවිලි.... උතුරට ෆෙඩරල් දකුණට ෆියුනරල් රාජ්ජ දිවිලි.... ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිරවිලි වගේ.... සංසාරේ නොවන වැඩ ගැන කියා බාබා කාළේ හිටන්  සීඩී පටි වලින් ඇබා අහන අපේ මීටර් 100 ධාවන ශූරී යටත් විජිත කොම්‍රඩ්ගේ මල පන්නා නිකං ඉන්ගිරියෙන් අහගන්න ලෑස්ති වෙන්න එපාය.


එයැයි අර ටැක්ස් ෆ්‍රී ඇග්‍රිමන්ට් එක වුනත් සයින් කළේ දෙරටේ අපනයනයන්ගේ ප්‍රතිශතයක් ලෙස ගත්කල ඔහේලාගේ අපනයනේ 10% වගේ හින්දා අනුකම්පා හිතිලා මිසා බයකට නෙවේය.


කොහොමත් ඉදිරි වසර දෙක තුන ඇතුලත ආර්ථික වර්ධන වේගය 8-10% වගේ සංවර්ධනයක් අත්පත් කරගැන්මට සිටිනා අපි වගේ දියුණු රාජ්‍යයක් එක්ක... ඔහේලා වගේ පාරේ රෙණ හිඟන රාජ්ජයක් හැප්පෙන්නට එන්න එපාය.


මොකෝ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටී හමුදාවත් රටේ හමුදාවට අනුයුක්ත කොට.... හමුදා බලය ශක්තිමත් කර තිබෙනා නිසා යුද්ධයක් කළත් හොම්බෙන් යන්න වෙන්නේ ඔහේලාටය කියා නවතිනවාය.


ඔහේට 

33 කෝටියක් දෙවිවරුන්ගේ 

ආරස්සාව හා පිහිටය....


වී ආ සී ලංකන්ස් ලයන්ස් විත් කඩුවස් ඉන් අවර් හෑන්ඩ්...

ඕල් ඔෆ් අස් ආ හැපී 

සී ලංකන් පීපල් ආ හැපී

ඉන්දියා වානා

මෝදි වානා

මයිසූර් පරිප්පු වානා

බොම්බයි ළූණූ වානා

වඳුරු හමුදා වානා...


වී ලව් අවර් කන්ට් ට්‍රී

ගෝඩ් බ්ලෙස් සී ලංකා මාතා....

.