ගන්දස්සාර බේරේ මැද ඉඳිවූ
සිනමන් ලයිෆ් මන්දිරේ සහ
මධ්‍යම පරිසර අධිකාරිය
➖➖➖➖➖➖➖🔴➖
.
ලංකාවේ පෞද්ගලික අංශය විසින් කරන ලද විශාලම ආයෝජනයේ එක කොටසක් අද විවෘත වෙනවා... එ තමා ඩොලර් බිලියන 1.2 ක වියදමින්... ඉස්සර කොම්පඤ්ඤ වීදියේ එලිෆන්ට් හවුස් කැෆේ භූමීයේ ඉඳිකරන ලද Cinnamon Life ප්‍රොජෙක්ට් එක...
මේක ෂොපින් මෝල්, සම්මන්ත්‍රණ ශාලා, අධි සුඛෝපභෝගී නිවාස සහ තරු පන්තියේ හෝටලයක් සහිත දැවැන්තම ප්‍රොජෙක්ට් එකක්....
ඕක ඇතුලේ තත්වය කොහොම වුනත් ඔය පැත්ත පලාතේ AC වාහනෙකින් ගියත් යන්න බැරි තරමට ගන්දස්සාරේ ඉන්න බෑ... ඒ බේරේ වැවේ ගන්දස්සාරේ....
පහුගිය ආන්ඩු සමයේ බේරේ වැව විදෙස් ආධාර යටතේ විදෙස් සමාගමක් මගින් නොමිළේම පවිත්‍ර කර දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුනත්.... මධ්‍යම පරිසර අධිකාරිය ඒකට අවසර දුන්නේ නෑ...
ඒකට හේතුව රාජ්‍ය නිළධාරී මාෆියාව... මොකෝ නොමිළේ වෙන වැඩක් නේ.... ඉතින් ජරාව කන්න විදියක් නෑ...
ලංකාවේ දේශපාලුවන්ට වඩා රාජ්‍ය ධනය මංකොල්ලකෑවෙත් මහභාන්ඩාගාරේ සුද්ද කළෙත් ඔය රාජ්‍ය නිළධාරී මාෆියාව....
චීන පෝර නැව ආපහු හරවලා යැවුවෙත්, ඉන්දියාවෙන් බිත්තර ගේන්න නොදුන්නෙත් ඕකුන්ම තමා... ඒකට ජවිපේ දේශපාලනය හා හූනියන් සංගමුත් බලපෑවා....
ජනාධිපති සඕදරයත් වායූ සමීකරණය කරණ ලද සැප පහසු කාමර වල ඉන්න නිසා මේ දුර්ගන්ධය නොදැනුනත් මේක ප්‍රධානම නඟරයේ පිරිසිඳු කමටත් නමටත් සංචාරක ව්‍යාපාරයටත් කරන හානිය සුළුපටු එකක් නෙමේ....
දැන් එයාලගෙ ආන්ඩුවක් තියෙන නිසා බේරේ ක්ලින් කළොත් ආයෙත් දවසක ජනාධිපති සඕදරයගෙ පාක්ෂිකයින් බේරේ දැම්මත් කිසි අවුලක් නැතිව බල්ටි ගගහා ඉන්න පුලුවන් වෙයි...
ඕක ශුද්ද පවිත්‍ර කළොත් අර බෙන්තොට ගඟේ කරන ඔක්කොම වෝටර් ස්පෝර්ට්ස් කොළඹම කරලා වෙනම ගානක් හොයන්න පුළුවන්.....
ඒ වගත් මෙසේය.....
.
.jpeg)