.

.
Showing posts with label Ambiga. Show all posts
Showing posts with label Ambiga. Show all posts

Nov 5, 2024

අම්බිකාගේ ප්‍රකාෂය උඩ දාගෙන වනන්නේ ඔවුන් අවවරප්‍රසාදිද ජන කොඨ්ඨාශයක් ලෙස සලකා.... තමන් මහජාතිය යැයි සිතනා අමනයන්මය

 


අම්බිකාගේ ප්‍රකාෂය උඩ දාගෙන වනන්නේ

ඔවුන් අවවරප්‍රසාදිද  ජන කොඨ්ඨාශයක් ලෙස සලකා.... තමන් මහජාතිය යැයි සිතනා අමනයන්මය

➖➖➖➖➖➖➖⭕➖➖➖➖


තමන් මාර මානුෂික රැඩිකල් පොරවල් ලෙස පෙන්වීමට උත්සාහ කරනා පිරිසක් මේ සමාජයේ වෙසෙනවාය... හැබයි උන්ගේ ප්‍රකාෂ වලින්... උන් තුල පවතිනා මහන්තත්වය හා ලොකුකම හෙලි වී... අමු හෙලිවැල්ලෙන් සිටින්නේද උන්මය... 


මේ දවස්වල උන් ජීවත් වෙන්නේ අම්බිගා එක්කය.. උන්ට තියෙන්නේද අර රට ගිය සමහරක්ට තිබෙනා මානසික රෝගයමය.. මැයි පළවෙනිදා මුට්ට කරගහන උන්ගේ දුක ගැන කියනා... මාධ්‍ය හිමියන්ගේ මුට්ට කරගහනා ටයි කෝට් ඇඳි ගොබ්බ ජඩමාජ්ජවේදීන්ට ඇති රෝගයමය.... දැන් උන් සැම..... ජවිපේ සමාජිකාවකගේ ඉලෙක්ෂන් ස්ලෝගන් එකේ එල්ලිලාය..


ජෙප්පෝ ජීවත් වෙන්නේ බොරුවෙන්මය. ඒකට ගෑණු පිරිමි... සංක්‍රාන්තික... ආබාධිත... විශ්‍රාමික පොලිස්.. කියා විශේෂයක් ඇත්තේ නැතිය. දැන් උන් කියාපු පච කන්දරාව පරාවලල්ලක් වී උන්ටම නෙලනවාය. ඒ බොරුවේ වර්ගඵලයෙන් නොව පයි ආර් වර්ගයෙන්මය.


අම්බිගාද කරන්නේ උගන්ඩා කුමාරි වගේම.... බල්තසාර් වගේම... හරිනි වගේම... ජනතාව 🐄 ඇන්දීමට ලස්සන බොරුවක් ගොතාගෙන එන එකය. මේ ගොබ්බ ලංකාවේ දුකට හොඳ මාකට් එකක් තියෙනවාය....


අම්බිගා අවවරප්‍රසාදිත නම්.... තොන්ඩමන්ලාද, මනෝ ගනේෂන්ලාද, වඩිවේල් සුරේෂ්ලාද කුමරන්ලාද, දිගම්බරන්ලාද, ජේ ශ්‍රී රංගාද ඒ සෙට්ටෙකේම සාමාජිකයෝය. හැබයි උන්ට උන්ගේ පැටිකිරිය ඇද පොරි හැලෙන්නම ගහපු ගොබ්බයින්ට.... දැන් අම්බිගා කරේ තියාගෙන යන්නට වීම කර්මය පටිසන් දීමමය.


කොහොමත් තව පරම්පරාවකින් දෙකකින් ඔය ප්‍රජාව සාමාන්‍ය ජනතාව සමඟ මුසු වෙනවාය... තේ කර්මාන්තයේ අභාවයද ඒ පසුපස එනු ඇත්තේය.... ජවිපේ පාලනයක් යටතේ එම ගමන සීඝ්‍රගාමී වන්නේය...


මේ මෑතකදි ඔයින් රැඩිකල් ජෙප්පෙක් මට කීවේ.... ඌ කරන්නේ හොඳ රස්සාවක් බවය.... මේ ලෝකේ හොඳ රැකියා හෝ නරක රැකියා කියා.... රැකියාවන් ඇත්තේ නැතිය... කරනා ඕනෑම කාර්‍යයක් රැකියා ලෙස නම්කර ඇත්තේ....  ඒවා මේ සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාමය. එසේ අපට පාඩම් කියා දෙන්න ආ ගොබ්බයින්ට දැන් අම්බිගාට ප්‍රශස්ති, වැනුම් කවි, නිසදැස් ලියන්නට වීම පට්ටම ආතල්‍ය....


මට නම් කොයි මනුෂ්‍ය ආත්මයත් එකමය... එසේ සිතනා පතනා පිලිගන්නා සුන්දර මිනිසුන් ගැහැණුන් අනන්තවත් මට මුණගැසි තිබෙනවාය...


අම්බිගාගේ පැමිණීමට සුභ පැතුම් එක්කරමින්.... සිඳුවිය යුතු විප්ලව මේවා යැයි පලකල පෝස්ටුවක් මගේ වොල් එකේ පහළට ගියහොත්.... අදටත් ඕනෑම එකෙකුට බලාගන්නට පුලුවනිය.


අපට කොයිකාත් එකය... එයා වෙනස් කෙනෙක් ලෙස පෙන්වන්න ගියේ අම්බිගාය... අම්බිගා කර තියාගෙන පිස්සු කෙලින්නේ ඔවුන් අම්බිගාට වඩා උසස් යැයි පෙන්නා ගන්නට දඟළන අමු ගෝත්‍රික ගොබ්බයෝමය....


අනෙක් ආතල්ම සීන්නෙක කඳුරට යැයි කියනා අම්බිගා ඉන්නේ දකුණේ කළු ගං තොට වීමය... ආගමික වශයෙන් නම් ඇයත් බෝනගේන් නිකායේය...


ඒ වගත් මෙසේය.......

.