.

.
Showing posts with label Gestapo. Show all posts
Showing posts with label Gestapo. Show all posts

Dec 12, 2024

ගෙස්ටාපෝ මාෆියාව යටතේ මදාවි පාලනයකට පෙලගැසෙමු


 


ගෙස්ටාපෝ මාෆියාව යටතේ
මදාවි පාලනයකට පෙලගැසෙමු
➖➖➖➖➖➖➖➖💀💀💀➖

මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාළයේදී ලංකාවේ පැවතියේ මදාවි පාලනයක් බව හැම එකාම දන්නේය. මදාවි පාලනයක් ලෙසින් මා අදහස් කළේ රටේ පවතින නීතිය පයිසයකට මායිම් නොකොට, පාලකයාගේ නීතිය රටේ නීතිය බවට පත් කිරීමය.

ඒ සඳහා ගෝටා, රාජපක්ෂ බිසෝ හා කුමාරවරුන්ගේ සිට... ප්‍රාදේශියේ එකාගේ ගෝලයින් දක්වා.... මදාවි බලකායක් ඔවුන්ට සිටි අතර.... කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ පාතාලය විමධ්‍යගත වූයේද එම සමයේය. 

ලොක්කා තම විරුද්ධවාදීන් අරලියගහ මන්දිරයට කැඳවා බඩ කට පුරා සංග්‍රහ කරද්දී.... බිසවුන් වහන්සේ හා කුමාරවරුන් තමන්ට නොදිරවන උන් වැලිගම්පිටි පවා යැව්වේය.... ගෝටාට මාධ්‍යවේදීන් අරහං වූ අතර... ඔවුන්ට සංග්‍රහ කිරීම සඳහා වෙනම බලකායන්ද ගොඩනගාගෙන සිටියේය. 

එයින් උද්දාමයට පත් ප්‍රාදේශිය රජවරුන්.... දැරියන් රේප් කර පාටී දැමූ අතර.... තව සමහරුන් සුද්දියෝ රේප් කොට ඩිස්කෝ නැටුවේය. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලීසියට, මැරයන්ට දන ගසා වැඳ සමාව ගන්නට සිඳු වූ අතර.... නියෝජ්ජ පොලිස්පතිලා වූයේ ජූලම්පිටියේ අමරෙලා වැනි උපාසක මහතුන්‍ය.

එම නාඩගම් මැද්දේ අගවිනිසුරුවරියටද ගෙදර යන්නට වූ අතර... විගඩම කෙලවර වූයේ රජ්ජුරුවෝ ජනෙල් පොල්ලේ එල්ලලාය. රාජපක්ෂලා දෙවනි වටයට අති විශිෂ්ට කෑමක් කෑවේ මැයි 9 වනදාය. එදින අර ප්‍රාදේශීය DIG ලාටද හොඳ සංග්‍රහයක් ජහමනයාගෙන් ලැබුනු අතර.... සංග්‍රහ අවසානයේ ඔවුන් තමන්ගේ විමුක්තිය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ යාවජීව සාමජිකයින් වුනේය.

වසන්ත සමරසිංහලා මේ අප සමඟ සිටින ජනතාව කියන්නේ මේ මදාවියන්ටය. ඔහු පමණක් නොව ජොස්තර නලින්දලා මෙන්ම බුරම්පි පුරුක් පණුවාද අයියා පාට් දාන්නේ... උන් ලද බලයෙන් මත් වෙලාය. 

පට්ටම ආතල්ලෙක කියන්නේ මේ අයියා පාට් දාන්නේ... රාජපක්ෂලාගේ කුරිරු මජර පාලනයට මෙන්ම.... බටලන්දේ සීයාටත් එරෙහිව අති මානුෂිකවාදී ජනතාවාදී ආන්ඩුවක් හදනවාය කියා දහ අතේ දිවුරා බලය ගත් උන් වීමය.

මුන් බලය ඉල්ලන්නේ හොරා කන්නට හා මර්ධනකාරී පාලනයක් ගෙන යාමට බවත්, ප්‍රාදේශියක්කත් පාලනය කර නැති හාල්පාරුවෝ පිරිසක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි කියාත්... අප නම් දැන උන් අතර... ඒ ගැන ජනතාව මෙන්ම මරි මෝඩ දේශපාලුවෝද හැකි පමණින් දැණුම්වත් කිරීමේ යෙදුනෝය.

අද එය ඔප්පු වී අවසානය.... මුන්ට ආර්ථිකය තබා හාල් හා පොල් මාෆියාව හෝ පාලනය කර ගැන්මට නොහැකිය....
මේ ඇත්තේ හාල් හෝ පොල් වල හිඟයක් නොව අතරමැදි වෙළඳ මාෆියාවේ ගසාකෑමකි. පොල් ගහක් තිබෙනා එකාට පොල් ගෙඩියට ලැබෙන්නේ 120 ක මිළකි. ඒවාට පිලියම් ලෙස...  බලපත්‍ර රහිත ආනයන්ට ඉඩ දුන්නේ කොමිස් වලින් කන්නටය.... ආන්ඩුවෙ රැකියා පුරප්පාඩු සියල්ල දෙන්නේ හිතවතුන්ටය.

එදා...රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවම පාර්ලිමේන්තුවේ යැයි කියූ පම්පෝරි විප්ලවාදීන්ගේ ඥාතී හිතමිත්‍රාදීන්... අප්පලා පුතාලා... පමණක් නොව ගෑණියි මිනිහාත් අද පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කොත ගසා දෙසාබාමින් සියළු වරප්‍රසාදයන් බුක්ති විඳින්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය.

නාමල්ගේ උපාධියට කින්ඩි දමා.... උගතුන් බුද්ධිමතුන් හා වෘත්තිකයින්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් හදනවා කියපු උන් ඔක්කොම ‍රැකියා විරහිත හොර උපාධිකාරයෝය. දැන් උන්ගේ අමුඩයත් ගැලවී අවසානය.

දැන් උන්.....ඒ විලි වසාගන්නට යන්නේ තගරියෙන්‍ය. ඒ වඩාත් පහසුම ක්‍රමය නිසාමය. එනම් මර්ධනය ක්‍රියාත්මක කිරීමය. 

ඔය පාර්ලිමේන්තුවෙන් වැඩක් නැති බවත් අපි ලියුවෝය. ඒ ජෙප්පන්ට ආසන 159 ක්ම තිබෙනා නිසාය. උන්ට එසේ ලබා ගැන්මට හැකි වූයේ පොදු සතුරා මොකාදැයි නොදැන රට ගොඩ දැමූ සියා.... පොදු සතුරා කර ගැන්ම නිසාය.

සියා මෙන්ම අනික් හාල්පාරුවෝද කෙලිය පිස්සුව නිසා.... අද හැමෝම ටින්කිරි කමින් සිටින්නෝය. අපිද පරිප්පුව කමින් සිටියද... ඒ පිළිබඳව කිසිම කනගාටුවක් හෝ දුකක් නොමැත්තේ... මේ සියල්ල මේ ආකාරයටම සිඳුවන බව අප ලියා කියා ඇති නිසාමය.

එහෙත් ඒ මැටි මෝල් දේශපාලුවෝ අදටත් පාඩමක් ඉගෙනගෙන නොමැති බව උන්ගේ ජාතික ලැයිස්තු පත්කිරීම් වලින් මනාව ඔප්පු වී අවසානය.

එබැවින් පාර්ලිමේන්තුවේ සිටිනා වඳකහ ගොබ්බයන් එකෙක් හෝ නොමැති දේශපලන බලවේගයක අවශ්‍යතාවයක් ඇති බවත්.... ජනතාවගේ එකම බලාපොරොත්තුව එය බවත්.... සමාජයේ ඇති කතිකාවලින් පැහැදිලිව පෙනෙමින් තිබෙනාතර.....

ඔවුන් ඉදිරියේ ඇත්තේ ගෙස්ටාපෝ පොලිස් පාලනයකට එදිරිව ගෙනයනු ලබන අති දුෂ්කර දේශපාලන ගමනක් බවත් ලියා තැබිය යුතුමය.

ඒ වගත් මෙසේය......

#lka #ParlimentJokes #කොළඹසන්නිය 
.