.

.

Jan 22, 2012

- 13, 13, 13 + and 13 + 1


ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියා කතාවක් තිබුනේය. එහෙම කිව්වේ ඒ කාළේ උන් බුද්ධිමත් ජනතාව දැන  උන් ලොකුම එකා මහමුදලි නිසා වෙන්ට ඇතිය. හැම දේම වෙනස් වෙන මේ කාළේ ඒකත් වෙනස් වෙනවා නම් හොඳයිය. ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියාය. මෙසේ ලැජ්ජා විය යුත්තේ අලි නම් නෙමේය. ජෙප්පෝය. ඒ මොකෝ කියා ඔහේලාට හිතෙනවා ඇතිය. පලා බබා ඡන්ද කොරොමේ වෙනස් කොරන්න පනතක් ගේන කොට ඒකට රෙද්ද උස්ස ගන්නේ ජෙප්පෝය. මුන්ට ලැජ්ජාව කියා දෙයක් ඇතිදෝ කියා සිතෙනවාය.

පලා බබා අපට එපා කියමින්, අපෙ අම්මා පෙටා බෝ ගහ ලඟ පස් මහ බලවේගෙත් එක්ක උපවාස කොරන කොට, දේසප්‍රේමේ රෙද්ද පල්ලෙන් බේරෙන්න අරන් රජයේ දේපල විනාශ කර දේසද්‍රොහින් පන පිටින් නිවන් ඇරියේ ජෙප්පෝය. ඒ උනාට එව්වල අලින්ට වඩා ඉන්නේ එව්වා එපා කියපු උන්ය. හැබයි උන් කියපු එක තනිකර ඇත්තය. මේක සත පහක ප්‍රයෝජනයක් නැති සුදෝ සුදු අලියෙක්මය. බයිනෙත්තු පාරකුත් කාගෙනම මේක පප්පට දුන්නේ ඉන්දියාවෙන්ය. ඒ ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත කොරමේට සමානවය. ඉන්දියාවට මේක හොඳ උනාට බොම්බෙටත් වඩා ජනම් එක අඩු අපට මේ ක්‍රමේ වැඩක් නැතිය. ඒ උනාට මේ තියෙන කාළකණ්නි දේශපාලන කොරොමේට සහ දියවන්නාවට යන්න බැරි දියබරියන්ට මේක කදිම ගුහාවක්ය. මේවාල වැඩියෙන්ම ඉන්නේ රස්තියාදූ කාරයන්ය. අය් ආර් සී කාරයෝය. කුඩු කාරයෝය. කසිප්පු කාරයෝය. රේප් කෙස් කාරයෝය. කොටින්ම ජනරාල උන්නැහේ ඉන්න ඕන තැන ඉන්න උන්ය.

ලොක්කට උපදෙස් දෙන තැනටවත් දාගන්න බැරි උන් ආන්ඩුකාරයෝ ලෙස දානවාය. සමහර උන් ගායකයෝය, තවත් තැනක සොහොන් ළකුණු පේන උන්ය. උන් පලා බබා කියන්නේ මොකක්ද කියාවත් දන්නවාද දන්නේ නැතිය. බුද්ධිමත් ජනතාවගේ පරිප්පු ඇටේට, සීනී ඇටේට කෙලින එකෙන් මේවාවල ඉන්න උන් නඩත්තු කොරනවාය. මේ එක බබෙක්වත් කොරපු දෙයක් නැතිය. හැබයි එක එක ක්‍රමෙන් ජරාව කන්න නම් කොරොම හදාගෙන තියෙනවාය. නමුත් එකක් නම් ෂුවර්ය මහින්ද ලොක්කා ඉන්නකම් මේක දෙන්න ඕන කියපු පැත්තේ උන්ට නම් මේ ආතල් හම්බ වෙන්නේ නැතිය. දුන්නත් ඉතින් තටු කපලාය. ක්‍රිෂ්නට දෙනවයි කිව්වට ලොක්කා මේක අපෙන් අහන්නේ නැතුව එයාලට දෙන්නේ නම් නැතිය. ඒකට උපවාස කොරන්න කස්ටිය ඕන තරම් උන්නැහේ ළඟ ඉන්නවාය. 18 අපෙන් අහන්නේ නැතුව සම්මත කොර ගත්තට. මේකට එහෙම කොරන්න බැරිය. මොකො බහු තරය මේකට කැමති නැතිය. අනික හරිම සංවේදි කේස් එකක්ය.

මම නම් අදටත් කියන්නේ පලා බබා අපට එපා කියාය. මේක නිකන් මුදල් නාස්තියක්මය. ලොක්කට කොරන්න තියෙන්නේ මේ මළදානේ අහෝසි කර ඒ මුදල්,  දෙමළ ජනතාවගේ ආර්ථිකය නංවන වැඩවලට යොමු කොරන එකය. එතකොට උන්නැහේ ඒ ජනතාව අතරත් ජනප්‍රිය වෙනවාය. 13 කොහොමත් හොඳ නැතිය. අපලයක්ය. මූසල අංකයක්ය. ඊයා කැතයිය. හෝටල් වල 13 කාමර නැතිය, මහලුත් නැතිය. තියෙන්නේ 12A සහ 12B ය. මේ දහතුන තියෙන එක විවවස්තාවද මොකක්ද එකටත් හොඳ නැතිය. ඒ නිසා මේක අහක් කළ යුතුය. නැත්නම් අළුතෙන්ම එකක් ගෙනාවත් කමක් නැතිය. ඒක හදන එක ඔය නාන ගොන් ඇ මැටි කස්ටියට පැවරුවානම් නාමල් ගේ බබාට බබෙක් හම්බ වෙනකම් කස්ටිය හදනවාය. ඒ හදලත් දිවිය ලෝකේට හරි යවා මහින්ද ලොක්කට කියලා හදාගන්නත් වෙනවාය.

දැන් ජෙප්පෝ 13+1, එකෙන් දෙන සැනට් එකටත් වලියක් අදිනවාය. කිඹුලා කඩන් ගියපු දාමින් ගොයාසිරිත් මේක විහිළුවක් කියා කියනවාය. උන්නැහෙට පලා බබා පේන්නේ මොකක් වගේදයි දන්නේ නැතිය. ඔය කොහොම උනත් සෙනට් එකකුත් දමා එ මණ්ඩලේ ටිල්වින්ලා, දාමින් ගොයාසීරිලා, ගම්මන්පිලලා, රතන සාදුලා, පමණක් නොව ඇල්ලේ ගුණවංසලා උන්නත් පුදුම වෙන්න දේකුත් නැත්තේය. ඒ මොකෝ මේක ළොකේ උතුම් රට නිසාය. පස්ටම ආතල්ය. ඒ වගත් මෙසේය.


අති විශේෂ : - 
පසුගිය ටිකේ ජාලේ උන්නේ නැත්තේ මටත් Z ස්කොර් එක වගේ කේස් ගොඩක් ආපු නිසාය. තත්වය තවමත් එසේමය. ඒත් ඉතින් පුළුවන් වෙලාවක ඇවිත් යනවාය. මා ගැන සොයාබැලු, බය උන, (හෙහ්... හෙහ්..) සියලු දෙනාටම තැන්කිව්ය. මාතලන්ගේ සින්ඩියට අළුතෙන් එකතු කරන්න ලැබුන ඉල්ලිම් අනිවාර්යයෙන් ඉටු කොරනවාය. මේ දවස් වල ඒකේ පොඩි අවුලක් තියෙන්වාය. හදා ගත්ත ගමන් සුටුස් ගා අප්ඩේට් වෙන එකට දානවාමය.....

38 comments:

  1. මොකක්ද බං කේස් එක.Z score දෙකක් එකතු කරනව වගේ වැඩක්ද?ඒ ක්‍රමවේදය තියෙනව අන්න කතන්දරගේ side bar එකේ.

    මෙන්න 13+ ගැන මගේ අදහස.
    http://meeghaya.wordpress.com/2012/01/20/%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%A7-%E0%B6%91%E0%B7%84%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8/

    ReplyDelete
    Replies
    1. එයා ඉතින් බ්ලොග් ලොවෙත් ගනන් කාරයනේ...

      Delete
  2. අඩේ මක්කෙයි උනේ බන් ?? 13 කතන්දරය ගැන අදහස ලියමින් පවතී , නුදුරේදීම බලාපොරොත්තු වන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේ උනා. උඹේ ලිපිය අනරඝයි

      Delete
  3. මම ඒත් හිතුවෙ මාතලං ගොයියව සුදු වෑන් එකකින් වත් උස්සලා කියලාය. නැත.. උන්දෑ මේ කේස් ගොඩක පැටලිලාය

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නේ. දෙයියෝ දෙන කොට එලව එලව දෙන්නේ..

      Delete
  4. අප්පේ ඔය ඉන්නෙ. මම හොයලා බලන්න හිතන් කීප දෙනෙක්ගෙන්ම තොරතුරුත් ඇහුවා. එදා ගාල්ලෙන් ගිය හැටියට හප්පා ගත්තාදැයි සැක වග හිනා වෙන්න ලියන කෙනෙක් කී බව නම් මතකයි. ඔය ඉන්නෙ ඔය ඉන්නෙ
    දැන් ලිපියටා සුන්දර මි,
    මෙහෙමයි ජෙප්පො හිටියෙ ගොඩක් කලින්. දැන් එහෙම ජාතියක් නැත. අහෝ අර සුන්දර තරුණ ජීවිත නැති වුනේ මේ කාලකන්නි රැලට මෙහෙම ජෝගි නටන්නද?
    13 ගැන මගේ මතය නම්, ඔය මල ජරාව එපා! එපා! එපා!

    අර කේස් වලට අපිටත් පුළුවන් සප් එකක් දෙන්න, පුළුවන් නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. මම ගාල්ලේ ගියෙත් මේ ප්‍රශ්න ගොඩ මැද්දේ ගාල්ලේ යන්නම උන නිසා. නැන්දම්මට ගොඩක් අමාරුයි. තවත් කේස් ගොඩයි. අපේ අය සිංහල බේත් වලට යන්න කැමති උනොත් මම ඔබ තුමාට ඊයක් විදින්නම්...

      Delete
    2. ඕනෙ වෙලාවක එවන්න. මම කැමතියි උදව් කරන්න.

      Delete
    3. බොහොම ස්තූතියි...

      Delete
  5. 13 plus infinity...
    z ස්කෝර් ප්‍රශ්ණයක් උනා කිව්වේ 'දෙක' එකට කොළැයි????

    ReplyDelete
  6. කොහෙද බන් අයියෙ ගිහින් හිටියෙ... අනික් වැඩ වගේම අපිට කියවන්න බ්ලොග් ලියන එකත් උඹේ වගකීමක් හරිය.. :)


    හොරෙන්ම ගාලු ගෙට්ටුවට ගියා කියල ආරන්චියි.. කැතයි හොදේ..

    ReplyDelete
  7. අඩේ මම කලින් දාපු කමෙන්ටුව වැටිල නෑනෙ... මොකද අයියෙ වුනේ පහුගිය ටිකේ?...

    13 ගැන නම් මම දන්නෙ නෑ... මේ දවස් වල 3 බේරගන්න තමයි දඟලන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කාන්තා පාර්ශවයෙන් ඔහේව අපචාරයට ලක් කොරන්නවත් යනවැයි...

      Delete
  8. පේන්න නොහිටියෙ ඊලඟ සැරෙ පලාත් සබාවටත් ඉල්ලනවද කියලා හිතුවා

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් උඹ හදන්නේ මේ බෝ පැලයක් වගේ ඉන්න එකත් පල් හොරෙක් කොරන්න නේ..

      Delete
    2. එහෙම නොවිච්ච එක හොඳා මොකද Media වලින් කලා ලොවින් ඔතනට ගියවුන් නානවා පේනකොට හික් හික් (හොඳ බෝ පැලේ)

      Delete
  9. අයියත් සුදු පාට වෑන් එහෙක ට්‍රිප් එකක්වත් ගියයි..අපි මේ බයෙන් උන්නේ..

    ReplyDelete
    Replies
    1. එකක් නෙමෙයි බන් තුන හතරක්ම ගියා..

      Delete
  10. දෙමල ජනතාවට වින කලේ කවුරුවත් නොව උන්ගේම නායකයා යයි අප සිතූ ප්‍රභාකරන් විසිනි. ඒ ඔවුන්ව නියමෙට අන්දාගෙන සිටි පාලකයන්ව මෙලොවින් තුරන් කිරීම මගිනි. ඒ නිසා ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවාගෙන ඒවැනි ශ්‍රේෂ්ට දේෂපාලකයන් බිහිකරන ප්‍රාතමික පාසලක් බඳු එහෙම නැතිනම් කින්ඩර් ගාර්ටන් වැන්නක් බඳු වූ අපේ ජාතික අදායම වර්දනය කෙරෙන සංචාරකයින් මරණ කර්මාන්තයට, අංගම්පොර සටන් පුහුණුව ආයුධ පුහුණුව පොඩි පොඩි "සංවර්ධන ක්‍රම" අත් හදා බලන්නට ආධුනිකත්ව පුහුණුව ලැබෙන ගම් සභා, නගර සභා, පලාත් සභා දිගු කල් වැජබේවා!

    උතුර නැගෙනහිරටත් වැඩි වැඩියෙන් ලැබේවා!

    ජාතික ප්‍රශ්නයට එවැනි ශ්‍රේෂ්ට විසඳුමක් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මෙන්න කොමෙන්ට්. පට්ට, එල, කොර

      Delete
  11. ජෙප්පො . . . .????? කෝ . . . ???? කොහෙද ????? ලංකාවෙ ඉන්නවද ????

    ජෙප්පො කොහොම උනත් 13ට මම අම්බානක විරුද්දය.

    ReplyDelete
    Replies
    1. දහ තුන නැතුව වෙන නොම්මරයක් දැම්මනම් හරි නොම්බර දා හත වගේ... නේ බන්

      Delete
  12. 13නේද..? හාකෝ..කතා කරන්නත් මොනවම හරි තියෙන්න එපැයි...

    බොලා යහතින් නේද..මං ඒත් හිතුවේ ගාළු ගියැයින් පස්සේ බඩු බනිස්ද කියලා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවා උබැහෙත් එයි කියලා. නොයන තැනක් නෑනේ. හැබයි ඉතින් එක අතකින් නාපු එකත් හොඳා.. ඊළඟට කාඩ් ගහනවනේ... නියම කොල්ලො ටිකක් හිටියේ.. ආවනම් ආතල්...

      Delete
  13. මං හිතුවා ඒ පැත්තට සුදු වෑන් එකක් ඇවිල්ලවත්ද පේන්න හිටියේ නැත්තේ කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචෝ. ප්‍රශ්න.... ප්‍රශ්න.... ප්‍රශ්න... ඒත් ඉතින් ආතල් එකේ තමයි ඉන්නේ...

      Delete
  14. දහතුන නම් ගොඩක් අසුබයි කියලා තමා බටහිරේ කස්ටිය කතා වෙන්නේ . අපිත් ඉතින් නපුරු අංකේ නවය නේ !

    මොකෝ පහුගිය ටිකේ සැඟවිලා උන්නේ ?

    ReplyDelete
    Replies
    1. හදිසියේ හරි Z ස්කෝර් එක ගැන එක්ස්ප්ලේන් කරන්න උනොත් කියලා.. හෙහ් හෙහ්.. ප්‍රශ්න මචෝ ප්‍රශ්න... ගොන්පීටරෙත් කැඩිලා තිබුනේ...

      Delete
  15. අපොයි සෑමාත් විපරං කොරල බැලුවා මක්කෙයි උනේ කීලා.. හරි හරි දැන් ඉතින් "මාතලා රිටර්න්ස්"

    ReplyDelete
  16. හප්පේ මේ ඇවිල්ල ඉන්නෙ දහතුනකුත් කරේ තියං. මං ඒත් බැළුව මොකෝ නැත්තෙ කියල.

    අවුල් පැටළුම් විජහට ලිහේවා !

    ReplyDelete
  17. 13 කෙසේ වෙතත් උඹේ කේස් ටික ඉවරයක් කරගනිංකො.

    ReplyDelete
    Replies
    1. ඒවත් 13 වගේම තමයි වෙලාවක අඩු වෙනවා වෙලාවක වැඩි වෙනවා

      Delete
  18. 'නොදකින්ඩ' කොහෙද ගිහින් හිටියෙ?

    ReplyDelete
    Replies
    1. නැන්දම්මට ගොඩක් අමාරුයි.. ඒවට එහේ මෙහේ යනවා.. ගොන්පීටරෙත් කැඩිලා තිබුනා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න