.

.

Mar 4, 2012

අනේ ප්‍රින්සිපල් මැඩම්...!!! - Dear Madam Principle



අනේ ලැජ්ජයි මැඩම්
හරිම  ලැජ්ජයි අපට
කොහෙමෙයි කියන්නේ
මැඩම්ගේ ගේ කියා
කියන්නේ අප පියා
ගුබ්බෑයමකැයි කියා

සෝපාවක්ද නැති
ෆැල්ට් ස්ක්‍රින් ටීවී නැති
සවුන්ඩ් සිස්ටමක් නැති
කර්ටන් කාපට් නොමැති
ටයිල්ස් අල්ලලා නැති
සිහින නිවසක් නොවේ

යන්නාවු තැනට නොව
ඉන්නාවූ මේ ළොවේ
සැපම විඳ මියයන්න
ජනතාව පැත්ත නොව
මැති ඇමති වෙත යන්න
ජරාවක් අරගන්න

වෙඩි නොවේ මල් මාල
ගෙල වටා පළඳන්න
මැතිවරුන් සිටුවරුන්
පෙල ගැසෙයි සීරූවෙන්
රැජින සේ නමදින්න
තුටු පඬුරු කහවනින්
පහලවූ පෙර පිනින්
මාලිගය දොරකඩට


නිමිත්ත : සාධාරන ලෙස ක්‍රියාකරන ගාල්ල සංඝමිත්තා විදුහල්පතිනියගේ නිවසට (ගුබ්බෑයමට.) වෙඩි වරුසාවක්. බලවතුන්ගේ ලමුන් නොගත් නිසා..

52 comments:

  1. අපේ ගෙවල් පැත්තේ නේද උදේ දැක්කේ නිව්ස් එක... සිදුවීමට හේතුවනම් හරියට දන්නෙ නෑ...

    ReplyDelete
  2. මමත් ඕක දැක්කෙ මුල්පිටුවෙන් තාම හරියට විස්තර දන්නෙ නෑ ඇත්තට මොකද උනෙ ?

    ReplyDelete
    Replies
    1. හරියටම දන්නේ නෑ. නමුත් ඒ පැත්තේ ඉන්න ගොනෙක්ගේ වැඩක් කියලා තමයි ආරංචි

      Delete
    2. aththatama mokada welaa thiyenne?

      Delete
  3. මමත් සිද්ධිය නොදනී...



    යකෝ මේක දැන් ගොසිප් සයිට් එකටත් වඩා ඉස්සරහින්ද මන්දා.:)

    ReplyDelete
  4. අනේ..... ඔන්න සාදාරනේට වැඩ කරන්න ගියාම වෙන දේ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ මනුස්සය නෙමෙයි සැලෙන්නේ

      Delete
  5. මේ නිවුස් එක පත්තරෙන් දැක්කට ඇත්ත මොකක්ද කියල දන්නෙ නෑ..
    මාතලන් මේ කවිය සර්කාස්ටික් එකක්ද නැත්නම් ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචන් මට ආරංචි විදියට ලිව්වේ. ඇත්තටම හොඳ මනුස්සයෙක්

      Delete
  6. සාදාරණව වැඩකරන මනුස්සයට තමයි හැම කරදරයක්ම.

    ReplyDelete
  7. ඊයෙ මාත් දුටුවා මේ ගැන රූප පෙට්ටියේ යනවා කාරණාවනම් නොදනී .

    ReplyDelete
    Replies
    1. කාරනාව පවර්ෆුල් අයගේ ළමුන් පාසලට නොගැනීම

      Delete
  8. මාතලන් අයිය ගාල්ලෙද?

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියා කොහොමද අනේ ගාල්ලේ වෙන්නේ. මාතලන් අයියා මාතලේ.

      Delete
    2. මාතලනුත් ගාල්ලෙ "කොල්ලෙක්" තමයි හරිය...

      Delete
    3. ඉපදුනේ නම් කොළඹ ඒ උනාට දෙමව්පියෝ ගාල්ලේ.. එම නිසා මාද..
      ගම ගාල්ල පුක ලෑල්ල ගොඩේය

      Delete
    4. බට්ටි,
      මාතලේ කීවට මාතලෙන් ටිකක් ඇතුලෙ . . මාතලේ හිඟුලෙ

      Delete
    5. @ ඕනයා

      ++++++++++++++++++++++++++++++++++1
      බි.පෙ.සි.

      Delete
    6. @ ඕනයා: මාතලේ හිඟුලක් කොයින්ද ? එහි ඇත්තේ වෙන එකකි...! ඒ සඳහා කේතලෙන් මල්ලක් එහෙම ඕනෑනම් මා හට කිවයුතුය.

      Delete
  9. අවංකව වැඩ කරන අයට ලැබෙන අගය කිරිම් තමයි මේ.. අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. අවංකත්වයට දෙන සම්මාන

      Delete
  10. ඊළඟ වෙඩි වරුසාව මාතලන්ට

    ReplyDelete
    Replies
    1. මම බුලට් පෲෆ් ඇඳලා ඉන්නේ

      Delete
    2. බුලට් පෲෆ් ජොකෙක්ද?

      Delete
    3. @ රාජ්
      නෑ බං උඹලට දැන්මම අමතකයි ඉස්සර රනිල් හිටන් ඇන්දේ බුලට් පෲෆ් ජැකට්.

      Delete
  11. අද උදේ ටී.වී නිවුස් වලින් ඇහුව. ඒත් වැඩි විස්තරයක් තාම දන්නෙ නෑ.

    කවියේ තියන සිද්ධියනම් වෙලා තියෙන්නෙ. වැඩිදුර පරීක්ෂණයක් එහෙම කෙරෙන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි විස්තරේ. පර්යේෂණ. ආන්ඩුවේ කොමිසන් සභා වගේ තමා ඉතින්

      Delete
  12. This is a very meaningful and valuable article,i should greatly thanks the writer for creating such a marvelous post.
    In the mean time check:-

    www.dark-code.com

    This is a fresh proxy site.Dark-code.com provides 100% anonymous logs free browsing for our viewers.Super fast webserver without any popups.

    ReplyDelete
  13. මේ අපේ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි.

    ReplyDelete
    Replies
    1. රත්නදීප... ජන්මබූමී
      ලංකාදීප.. විජයබූමී

      Delete
    2. 'උතුර නැගෙනහිර කුණුවල අසලද '

      සිංදුව කාටවත් මතකද ?

      Delete
    3. @ ඔබා
      අදයි ඇහුවේ... පැරණි රසාංගයක් වෙන්ටෑ

      Delete
    4. ඔබ්සර්වර් අයියා . . ඔය සින්දුව,

      අපි එකම දැයක දරුවෝ - නොවෙමුද එකම මවක දරුවෝ
      උතුරු නැගෙනහිර පෙරදිග බටහිර - සතර දිගන්තේ

      නේද ???

      Delete
  14. මහ අපත වැඩ ඔව්වා....

    ReplyDelete
  15. කතාව හරියට දන්නෙ නෑ.... අසිරිබර මෙසිරිලක සිද්ධ වෙන වැඩවල හැටියට ඇත්ත වෙන්නත් බැරි නෑ....

    ReplyDelete
    Replies
    1. කතාව දැනගන්න වෙන එකකුත් නෑ. ඔතනින් වැඩේ ඉවරයි

      Delete
  16. හොඳ ලොකුවට ගෙදර තාප්පෙ බැඳලා ඇල්සේසන් බවුවෝ දෙදෙනෙක් මුරට තියාන උන්නා නම් ඔය වගේ ගල්පාරවල් වදින්නේ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න උන්ට හෙනත් නෑ..

      Delete
  17. ඔය ළමයි ගන්න සීන් එක නිසා මම මේ දවස්වල මාර පීඩාවක් විඳිනවා... මාතලන් මතක් කරහන් අවුරුදු උත්සවේ දවසේ මේ කථාව කියන්න.. බ්ලොග් එකේ ලියන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. මම කාළයක් රට ගියෙත් ඔය වැඩේ නිසා. ඕල්ඩ් බෝයියෙක් වෙලත් මාර කට්ටක් කෑවේ.. එදාට කතා කරමු..

      Delete
  18. එහෙම තමයි බන් අයියේ..ඔයින් පේන්නේ මොකක්ද... අපි රට ටිකෙන් ටික දියුණු වෙනවා කියන එක තමා..

    ReplyDelete
    Replies
    1. අද නිව්ස් එකක් ගියා තව ගුරුවරුන් දෙදෙනෙකුටත් මරණ තර්ජන කරලා කියලා ඒත් ගාල්ල පැත්තෙමයි..

      Delete
  19. මමත් සීන් එක ගැන හරියටම දන්නේ නෑ අයියේ.. අහිංසක උන්ට තමයි හැම හෙනයක්ම ගහන්නේ.. මේ ලඟදි අර ටයිල් වගයක් ඇඟ උඩට පාත් වුනෙත් අහිංසක මිනිස්සුන්ට නේ. මොනවා කරන්නද ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නේ. ඒකනම් මගේ ඇහැට කඳුලකුත් ගෙනාවා. හරිම අවාසනාවන්ත මරණයක්.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න