.

.

Aug 17, 2012

බේබද්දන්ට උපදෙසක් (18 +) සහ (විවාහකයින්ට පමණයී) - Advice for married members of the BAR Association


මම හිතාගෙන උන්නේ කලින් මේක ලියන්න ඇති කියලාය. ඒ උනාට මගේ බොග හොඳට බලන එකෙක් කිව්වේ මේ ජෝක් එක ලියලා නෑ කියලාය. මේක ජෝක් එකක් උනාට අපේ මිතුරන් කීප දෙනෙකුටම වැඩේ හරි ගියේය. අත්දුටුවයිය. ප්‍රත්‍යක්ෂයිය. කොල්ලෝ කාළේ ගමේ ගැන්සිය එක්කයි. ඔෆීස් සෙට් එක එක්කයි. බිස්නස් කරනවනම් ඒ සෙට් එක එක්කයි, බොන අපි වගේ කොල්ලන්ට (හිහ් හිහ්) බැන්දයින් පස්සේ හෙනම හෙන අට මගලයක් වෙනවාය. ඒ ආයිත් අර සෙට් එක එක්ක සෙට් වෙන්න බැරි එකය. සමහර විට ගමෙන් පිට ගියත් ඒ ගමේ සෙට් එකක් එක්ක හරි බොන අකා සෙට් වෙනවාය.


අපේ යාළුවෙක් බැන්දයින් පස්සේ හිරේ ගත්ත ගෙදරටම ගියේය. ඌගේ මාමාද නොම්මර එකේ බේබද්දෙක්ය. දෙන්නාම එකට ඒ ගමේ උන් එක්ක සෙට් වෙනවාය. සමහර දාට දෙන්නාම එළියේය. නැන්දම්මයි දූයි දෙන්නාම මාමාටයි අපේ එකාටයි පොරි හැලෙන්න දෙනවාය. එතකොට අර බීපූ එකේ ආතල් එක නැතිවෙනවාය. අන්තීමේදී මම ඌට මේ මෙතඩ් එක කියා දුන්නේය. ඉන් පසු කිසිම කරදරයක් උනේ නැතිය. හාමීනේලා කොක්ක දාන්නේ අපේ උන් බොන නිසා නෙමේය. නාන නිසාය. අපේ බූමී පුත්තරයින්ට අනික් හැම දේම වගේ බොන එකත් කලාවට කොරන්න දන්නේ නැතිය.

බුදු හාමුදුරුවෝ දේසා වදාලපු විදියට බොනවානම් කිසිම අවුලක් නැත්තේය. අපේ එවුන්ට එහෙම හරියන්නේ නැතිය. කාලක් ගසා කාළකන්නි වෙනවාට වඩා, භාගයක් ගසා භාග්‍යවන්තයකු වන එක හොඳය. ඒ උනාට අපේ උන් බුදුවෙන්නෙයි කියා බෝතලක්ම ගසනවාය. බෝතලේ ගහලා නිකන් ඉන්නේ නැතිය බෝතලෙත් පොලොවේ ගහනවාය. (උන් නම් බොනවාට වඩා කක්කා කන එක හොඳය.) අනික අපේ උන්ට මම බීලා කියා පෙන්නන්න ඕන ලෙඩකුත් තිබෙන්නේය. බැලුවාම ඒකේත් අසාධාරනයක් නැත්තේය. අද කාලක් ගහන එකාත් හොඳ ඉන්කම් එකක් තියෙන එකෙක් විය යුතුය. ඒ ගැන හාමිනේලා ආඩම්බර විය යුතුය.

වනේ කියන්නේ සමහර උන් කන්න තියෙන එකෙන් බොනවාය. එතකොට නම් ඉතින් හාමිනේ මැරුවත් කොරන්න දෙයක් නැතිය. ඒ උනාට පොඩි ෂෝෂල් ඩ්‍රින්ක් එකක් දාන්නේ නැත්නම් අද සමාජයේ ජීවත් වෙන්නටත් අමාරුය. අනික කන බොන එකාගේ බොක්ක හොඳය. ඉස්සර බීපු උන්නම් එහෙමය. ඒත් දැන් නම් අපතයෝත් බොනවාය. අපේ හාමීනේ නම් නොබී ආවොත් බනිනවාය. මොකෝ අපි බීපූ දව්සට ෆුල් ආතල්ය. තවත් ආතල් එක වැඩිය. ඩිනර් එකක් ගේනවාමය. ඒ නිසා කිසි අවුලක් නැත්තේය. අනික පොලෝසියටත් පින් සිදු වෙනවාය. ඉස්සර වගේ රෑ වෙනකන් ඉන්නේ නැතිය. ට්‍රැෆ්ක් කෂ්ටිය එන්න ඉස්සෙල්ලා අපි ගෙදරය. එහෙම නැත්නම් යන්නේ රෝද තුනේය. ඕකෙන් මේකෙන් තව ටිකෙන් කතාව අමතක වෙනවාය.

 ඔන්න ඔෆීස් එකකට අළුතෙන් පොරක් ආවේය. ඌගේ පළවෙනි පඩියේ පාටිය දවසේ කෂ්ටිය සෙට් උනේය. අළුත් එකා කිව්වේ මමත් හොඳට බොනවා ඒ උනාට අද නම් බොන්නේ නෑ කියාය. ඒ උනාට වදේට ඌත් බොන්න පටන් ගත්තේය. මොකෝ මචං උඹ බයෙන් බයෙන් වගේ බොන්නේ. නෑ මචං මේකයි සීන් එක. මම මචන් හොඳට ගැහුවට ගේ කිට්ටුවෙන කොට හෙඩ් ලයිට් නිවලා කාරෙක නියුට්‍රල් කරලා ගරාජ් එකට තල්ලු කරනවා. සපත්තු සද්දේ ඇහෙන නිසා සපත්තු දෙකත් ගලවලා හෙමීට බාත් රූම් එකට රිංගලා, හෙළුවෙන්ම කාමරේට රිංගනවා විතරයි මචං රෑ කීය උනත් මේකි ඇහැ ඇරගෙන ඉඳලා දෙනවනේ බං පොරි හැලෙන්නම. කනක් ඇයිල ඉන්නය ඉතින්. බොන්නත් එපා වෙනවනේ බන්.

අයියෝ මචං උඹ සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියා පිළිවෙලක් නේ අනුගමනය කරන්නේ. අපේ ක්‍රමේ අනුගමනය කරපන්, අද ඉඳලා උඹ ගොඩේ ගොඩ. මොකක්ද මචං ඒ ක්‍රමේ.හෙඩ් ලයිට් දාගෙන හෝන් එකත් ගහගෙන ස්පීඩ් ගිහින් ගරාජ් එකේදි හයියෙන් බ්‍රේක් කරලා කාර එක නවත්තපන්. ඊට පස්සේ සින්දුවක් කියාගෙන ෆුල් සද්දෙට කාමරේ දොර ඇරපන්, සපත්තු ඇඳුම් කාමරේ පුරා විසි කරලා හයියෙන් දොර වහපන්, ඊට පස්සේ අත් දෙක හොඳට අතුල්ලලා හයියෙන් ගෑනිගේ පුක මිරිකලා, "සුදූ අපි අස්සයා ගුඩුං යමුද...?" කියලා අහපන්. ගෑනී නෙමෙයි නැගිටින්නේ. නිකන් නෙමෙයි ගොරොද්දෙ ඇද ඇද නිදියන්නේ..

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. කලබලේ කොමෙන්ට් දාන්න එපා. අත්හදා බලා පසුව කොමෙන්ට් කොරන්න.. ස්තූතියි..

අත්හදා බැලීමට පෙර රක්ෂණය යාවත්කාලීන කර ඇත්දයි බලන්න.

ඉතා උසස් මට්ටමේ බොගක් තියෙනවා "Prejustination" කියලාමෙතනින් බලා දිරිගන්වන්න...

93 comments:

  1. ඇත්ත ද බොරුද දන්නෑ......

    සුරාවයි විඳින්නයි
    අනුරාගය විඳින්නයි දෙන ගැහැණු අයට පිරිමි හරි ආදරේ ලු....

    අද අපේ ඔෆීසියේ දී මිසී කෙනෙක් මෙන්න මෙහෙම කෝල් එකක්.

    “ මේ හෙලෝ.....අර එදා අපේ අක්කලා ආපු දවසෙ ඔයාට ගෙනාපු බෝතලෙ තව බාගයක් ඉතිරියි කීවා නේද “

    “ ..... “ එහා පසින් මොනා කියනවාදැයි නොඇසේ.

    “ අනේ මේ පිස්සු විකාර කියන්නෙපා. ඔයැයි ඒක අපෙ තාත්තට යැවුවැයි.“

    “...........“

    “ නැහ් මෙයා.... අර ඔයාගේ යාලුව සෙනසුරාදට අපේ ගෙදර එන්න ඇහුවා. ඒකයි මම මේ ඇහුවේ... ඔයාට තනියම බොන්නත් බෑ කීවනේ “

    ඔන්න භාර්යයාවෝ................


    කීවත් වගේ බොන මිනිස්සුන්ගෙ හදවත හොඳයි කියන කතාව මමත් අහල තියේ....

    මම දන්න ලෝකෙ හිටපු හොඳම මනුස්සයත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ජයවේවා...!
      කෙල්ලෙක්ම මුල්ම කොමෙන්ට් එක දාපු එක ලොකු දෙයක්...

      ඒ ආදරයම විඳින්න ... වාසනා වේවා...!

      Delete
    2. මා දුටු හොදම හිත තිබ්බ මනුස්සයා මේ ලෝකෙ නැහැ.ඒ ආදරය නම් හැමදාටම මා ළඟ තියේ වි.වරදා වටහා නොගන්න.

      ඒ මයෙ ආදරණිය තාත්තා....

      බීපු දවසට කන්න බොන්න හැමදේම අරන් එනවා.අම්මට ඇඳුම්.අපිට තෑගි.... වැඩිය කතා බහ නොකරන උන්දෑ.බීවම තමා වචනයක් හරි හරිම හැඟීම්බරව කතා කරන්නේ...

      ඒ ඉස්සර මිනිස්සු.... දැන් අය වෙනස්.

      Delete
    3. මම දන්නවා සොසී. ඔයාගේ පෝස්ට් එකක හරි මගේ කොමෙන්ට් එකක හරි මම මේ දේ දැන ගත්තා. ගිම්හානිගෙත් එහෙමයි. ඒ නිසයි මම කිව්වේ. ඔයාට ඒ ආදරේ නැවත ලැබෙන්න කියලා..

      ඔයාට ඒ දේ ලැබේවී... බය වෙන්න එපා..

      Delete
    4. දුවෙකුට තාත්ත කෙනෙකුගේ සෙනෙහස තව කාගෙන්වත් ලැබෙයි කියල හිතන්න අමාරුයි අය්යේ . තාත්ත නැති වෙලා බොහෝ කලක් තාමත් මට එහෙම කෙනෙක්නම් මුණ ගැහිල නෑ .

      Delete
    5. සොසී,
      "සුරාවයි විඳින්නයි
      අනුරාගය විඳින්නයි දෙන ගැහැණු අයට පිරිමි හරි ආදරේ ලු".

      නැතුව!

      Delete
    6. ඇත්තටම "සොඳුරු සිතක්"...... :)

      Delete
    7. ගිම්හානී...- පිය සෙනෙහස ලැබෙන්නේ පියාගෙන් විතරක් තමයි..

      නමුත් ඔබටත් එවන් සෙනෙහසක් ලැබේවා...!

      Delete
  2. බුදු අම්මෝ .... ඔව්ව අත්හදා බලන්න එහෙම කෙනෙක් ඉඳල එපාය. හදිස්සියට දැන්ම අත්හදා බලන්න ගිහින් ගුටිකන සීන් කෝන් එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉවසපන් මගේ පපුව...

      Delete
  3. //අත්දුටුවක් ප්‍රත්‍යක්ෂයි.. කලබලේ කොමෙන්ට් දාන්න එපා. අත්හද බලා පසුව කොමෙන්ට් කොරන්න.. //එහෙනම් ඉතින් කව අවුරුදු 6 7කින් විතර කමෙන්ට් කරන්නං බැඳලා කරලා එහෙම.හිතේ සැකේද මන්දා අර උඩ පොටෝ එක දැකපු ගමන් රගර් කාරයෙක්ව මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. හේ ..... මේ මොකද උඹටත් සුදු වෑන් එකක රවුමක් යන්න ආස හිතිලද? :)

      Delete
    2. හිහ් හිහ් ටිකක් ඒ වගේ තමා...

      Delete
  4. මම පට්ට ආදරෙන් කතා කලාම එයා හිතනවා මම බීල කියල. :)

    ReplyDelete
    Replies
    1. මරු චාන්ස් එකනේ බං.... හැමදාම බොල්ල...

      Delete
  5. අත්හදා බැලීමට අවස්තාවක්ම නොමැත අපි තවම පොඩි උන් ය :)

    ReplyDelete
    Replies
    1. මම කිව්වා මේක උඹලට බලන්න එපා කියලා.. කියන දේ අහනවයෑ...

      Delete
  6. බීමත්කමට හේතුව සොයාගත් පර්යේශණයක් මතක් වුනා!
    :D

    ReplyDelete
    Replies
    1. ලියන්න අපටත් විඳින්න..

      නැත්නම් මෙතනට ඊයක් දාන්න... ප්ලීස්.. මම ලියන්නම්.. රහ නම්..
      happyjay65@gmail.com

      Delete
  7. ගෑණියෙක් ගත්තාම කරලා බලන්න ඕං බුක්මාක් කරගත්තා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවා රජෙක් කිව්වම මූ අන්තක්පුරයක් තියෙන එකෙක් කියලා බලාගෙන ගියාම මූ අඩවි රජෙක් නෙවීනේ ... වෙන්ඩ රජෙක්..

      Delete
  8. අපි නම් අමද්‍යප..ඉස්කෝලෙ පංතියේ මේ වෙද්දි නොබොන එකෙක්ට ඉන්නෙ මායි තව එහෙකුයි විතරයි...උන් බීලා උන්ව ආම් බාම් කරනකොට හිතෙනවා අපිත් බීවනම් ඉවරයි නෙ..එහෙනම් මේ කරදර කිසි දෙයක් නැහැනේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උඹල කන බයිට් වලට තමයි ඒ රැග් එක...

      Delete
    2. කාබයිට්ලා කියන්නෙ මෙන්න මුංට

      Delete
  9. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. කලබලේ කොමෙන්ට් දාන්න එපා. අත්හදා බලා පසුව කොමෙන්ට් කොරන්න.. ස්තූතියි..

    තව කාලයක් ඉන්න වෙනවා.චූටි දුවට තවම මාස තූනයිනේ

    ReplyDelete
    Replies
    1. ආ එක තමය් * වෙලා තියෙන්නේ

      Delete
    2. අටම්පහුරා මෝල කරවෙලා වගේ ඉන්නෙ

      Delete
    3. මැහුම් වේලෙනකම් පොඩ්ඩක් ඉවසපන්

      "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා" ගීය ගායනා කරන්නට නොලැබේවා...

      Delete
  10. හයියෝ ඉතා පරණ කතා හලෝ, මේවා ඉංගිරිසි වෙබ් සයිට් වල පල වුනේ ඔහේගේ නැට්ට අගට කිරි උනන්නත් කලින් කාලයේදීය. නොදන්නා පුකවල් නොලියා හිටු.

    ReplyDelete
    Replies
    1. මේ අල්ලපු ගෙදර බන්.
      අර එහා වත්තේ උඔගේ ගේ තියෙන්නේ.
      පල පල එතෙන්ට ගිහින් රීපන්.

      Delete
    2. ඒයි, මම දන්නේ නෑනේ උඹ මුගේ සට්ටඹියා කියලා. හා හා උඹ එහෙනම් ඔකාගේ පුක ලෙවකාගෙනම හිටපන්. කීයක්‌ හරි හම්බ කරගනින්.

      Delete
    3. අපි ලියන පුකවල් උඹ මක්කට බලනවද ඇනෝ මචං.. අනික මේ සිංහල අපි ටයිප් කරන්නෙත් සුද්දගේ බාසාවට පින් සිද්ද වෙන්න. වෙබ් සයිට් වල තිබුනට ඉංග්‍රීසි බැරි උන් අනන්තයි.

      Delete
  11. ආයිත් බීම....... ෂික්.... සතියක් යන් නැද්ද කවුරුහරි බීම වර්ණනා කරන්නේ නැතුව...?

    මට නං ඒකෙ අවුලක් නෑ.....
    නීති නෑ... කචල් නෑ....
    ඕන ආතල් එකක් දෙන්නම්.... ඕනෙ තරම් බොන්න ගෙදරට වෙලා..... (අපේ මහත්තයා බොන්නෙ බියර් විතරයි...) හි හි.....

    ReplyDelete
    Replies
    1. /ඕන ආතල් එකක් දෙන්නම්/ :0

      Delete
    2. ගෙදර ඉඳන් බිව්වම තියෙන ආතල් එක නෙමේ අනේ බාර් එකේ හරි ක්ලබ් එකේ හරි බොන කොට තියෙන්නේ..

      Delete
    3. ගෑනු ඔන්න ඔය ඇත්ත පිලිගන්නෙ නෑ බං මාතලං

      Delete
  12. අත්හදා බලන්න තව කල් තියෙනවා අයියේ.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කිවුවනම් ඉතින් වැඩේ ගොඩ ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ජෝක් එකක් නෙමෙයි.. කොක්ක අදින කොටම වැඩේට කතා කරානම් ගොඩේ ගොඩ...

      Delete
  13. සැමියා රෑට බිව්වාම බිරිඳට එදාම හිසරදේ, සැමියාව පහුවදා උදේට හිසරදේ!

    ටිටාටා මටා කරන්න කියන්නේ ඕකනේ!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත....
      ඒත් ඉතින් වේදනාවට සහනය දෙකක් ගත්තම හරි

      Delete
  14. අර උඩ පින්තූරේ ඉන්න එක්කෙනා බොන හැටි බලන්නකෝ . පුදුම කෑදර කමකින් බොන්නෙ .

    ReplyDelete
    Replies
    1. අපි බොන්නෙත් එහෙම තමයි..
      ඒත් ගමේ කෂ්ටිය කෂියා සහ නීට් ගහන හැටි දැක්කාමනම් මොන රෙද්දකට බොනවද කියලා හිතෙනවා..

      Delete
    2. බොන උන් බහුතරයගෙ බොක්ක හොදයි කියලා තමයි මමත් අත්දැකීමෙන් දන්නෙ... ඒත් ගෑණු කැමති උපාසක චරිත වලට, උන් බිව්වෙ නැති උනාට වියදම් කරන්න තියෙන දැඩි ලෝභ කම සහ බොන උන් තරම් විවෘත නැති ගුප්ත ස්වරූපය නිසා උන්ව බැදගත්ත ගෑණුන්නට පස්සෙ හිතෙනවා ඇති බොන් උන් සෝක් නෙ කියලා...

      Delete
    3. ඔන්න ඔන්න මම නම් සිරාගෙ කාමරේ කියන කතාවට විරුද්ධයි.මගේ හස්බන්ඩ් නම් බොන්නේ නෑ බියර්වත්.අපි බැඳලත් අවුරුදු ගානක් වෙනවා. ඒත් මට නම් ඔය සිරා කියන කතාව කවදාවත් හිතිලා නෑ.... :D :D

      Delete
    4. සිරා එක්ක මමත් එකඟයි. 90% මට හම්බවුන එවුන් බොනවද, උන් හරිම අවංකයි. ඒත් ඒ අතරම තවත් උන් ඉන්නවා බිව්වට එකත් අනුන්ගෙන් කොටාගන්න හදන්නේ..

      Delete
    5. ඔය මොනා උණත් මම නම් හුඟක් ආඩම්බරයි මගේ සැමියා ගැන.නොබොන අය ගැන මෙපමණ කතා කියන සමාජයක් තම අරමුණේම පිහිටා සිටීමට හැකි වීමම කොතරම් ජයග්‍රහණයක්ද? මට හිතෙන්නෙ බොන උදවිය තමාව සාධාරණකරණීය කර ගැනීමට පමණයි මෙවැනි කතා කියන්නේ.... :D

      Delete
  15. හැමදාම බොන්න ඕන එවුන්ට හොඳම හොඳ උපදෙසක් මං දෙඤ්ඤං.
    හොඳට බොන තාත්ත කෙනෙකුගෙ දුවෙක් බැඳගත්තම බොහෝ කරදර අඩුයි. තාත්ත කවදාවත් බොන්නෙ නැතිනම් කෙල්ලගෙන් බුරුලක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අනෙක මාමන්ඩි බොනව නම් එක එකාල බෝතලේට හවුල් කරගන්න ඕනත් නෑ. බොන්න ඕනවුනාම යාලුවො හොයන්න රට වටේ යන්න ඕනත් නෑ........

    ReplyDelete
    Replies
    1. හරියට හරි රාජ් ,මම ඒක අත්විදිමින් ඉන්නේ

      Delete
    2. අන්තිම වැරදියි. බීපු තාත්තලගෙ දූල බොන උන්ට අකමැති විඳපු දුක මතක්වෙන නිසා ( අපේ මාමණ්ඩිය නොබීම වකුගඩු නරක්වෙලා අකාලෙ මියෑදුන, ඒකත් දැං මට හරහට හිටල. මාත් එහෙමට බොන්න උනන්දුවක් නැති නිසා හොඳයි.)

      Delete
    3. ඉතා වටිනා උපදෙස් නොවැ.. රාජ් දෙන්නේ,...

      සිංහයා - අපේ තාත්තත් ඩ්‍රින්ක්ස් ගන්නවා. අපේ නංගී බඳින්න බලන්න ආපු උන්ගෙන් ඔයා හොට් ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා තමයි එයා ඉස්සෙලම් අහන්නේ. කොහොම හරි හොඳට ගහන බුවෙක් හොයා ගෙන ඔය ආතල් එකේ ඉන්නේ..

      Delete
  16. //"සුදූ අපි අස්සයා ගුඩුං යමුද...?"//
    හොඳ භාර්යාවක් නම් අර පොඩිඅ ළමයි පදින් අස්සයෙක්ව ගෙදර ගෙනත් තියාගන්නවා. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මේවට තමයි මම තම්මගේ බ්ලොග් එකේදී කිව්වේ කුණුහරප වෙබ්සයිට් වල කුණුහරප රස විඳිනවා කියලා. පලීපාන නමටත් ලැජ්ජයි.

      Delete
    2. ඇයි මේ මාවම අල්ලගන්නේ ඔයාට වෙන කවුරුත් ඇත්තෙම නැද්ද

      Delete
    3. සෙල්ලම අස්සයෝ වගේද කෙල්ලේ ඇත්ත අස්සයා පිටේ යනකොට...

      ඇනෝට - මේවට කියන්නේ කුණුහරුප නම් කුණුහරුප වලට කියන්නේ මක් කියලද..

      Delete
  17. අඩේ මේං වැඩ... අරහේ මට බැනලා වල් ඔෆිස් එකක් කියලා... පේනවනේ මේකා ලියන ඒවා... :D

    ඔව්වා අත්හදා බලන්න අපිට තව කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා.... :D

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ උඹලට මේක බලන්න එපාය කියලා.. ඉතින් මම මක් කොරන්නද..

      Delete
  18. හ්ම්ම්...මේක නම් අනාගතේදී ප්‍රයෝජනවත් වෙය්.දැනගෙන ඉන්න එක හොඳා.. :)

    ReplyDelete
    Replies
    1. අන්න දෙයක් ඉගෙන ගත්ත එකෙක්...

      Delete
  19. තවමත් තනිකඩයක් කරන නිසා කිසිවක් නොකියමි :)

    ReplyDelete
    Replies
    1. සමාගම පටන් ගත්තම් ප්‍රයෝජනවත් වෙයි...

      Delete
  20. එක පොරක් - උගෙ නමත් මාතලං - කරටි කැඩෙන්න ගහල පාන්දර ජාමෙ ගෙදර ආවලු. අර උඹේ පොර වගේම කාර්ක නියුට්‍රල් කරලා හොරෙන්ම ගෙට රිංගලා, ඇඳේ කොනක ඉඳගෙන සපත්තු ගලවලා හෙමීහිට සද්දෙ නෑ හෙන්න බිමින් තියලා මේස් ගලවනකොටම වයිෆ් ඇහැරිලා.
    වයිෆ් නිදිමතේම ඇහුවලු
    "අනේ ඔයා උදෙන්ම යන්නද අද?" කියලා.
    "ඔව් අනේ. අද නුවර ෆීල්ඩ් විසිට් එකක් තියෙනවනෙ." කියලා පොර ආපහු සපත්තු දෙක දාගෙන නිදිමතේම වැනි වැනී එලියට බැස්සලු.
    ඒ වෙන මාතලං කෙනෙක්ද ඇත්තටම?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒ මෙයාම තමයි.... දවසක් පොලිසීයේ බංකුවේ ඉඳලා පානදර ගෙදර ආවා.. නෝනා අහනවා මොකද අනේ මෙ ඊයේ කිට් එකම ඇඳගෙන කියලා..

      Delete
  21. කාල වරෙන්කො... :)

    ReplyDelete
    Replies
    1. නෑ බන්... බීල වරෙන්කෝ...

      Delete
  22. විවාපත් වෙච්චි උදවිය මේ දේ කොරන්න කලින් දරුවො කාරිය ඉන්නවා නං උං කට කපල නිදියගත්තට පස්සෙ ගෙට එනවා හොදා...
    බැරිවෙලා වත් උං ඇහැරං ඉදල, ගෙදරට කස්ටියක් එහෙම සෙට් වෙච්චි දවසක අපේ තාත්ති දවසක් රෑ අම්මිත් එක්ක අස්සයා ගුඩුං ගියා කිව්වොත් එහෙම කොහොමට තියේවිද.... !

    ReplyDelete
    Replies
    1. උඹට තෙරුනේ නෑ මයේ හිතේ.. අස්ස ගුඩුං පදින්න වෙන්නේ නෑ.. නෝනා ගොරව ගොරව නිදි..

      Delete
  23. මම බිව්වම

    පට්ට වේස බැල්ලි කියල පටාන් ගන්නේ

    ReplyDelete
    Replies
    1. වැදගත් මහත්තයෙක්.. දේශප්‍රේමියෙක්..

      Delete
  24. //අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි//

    දැන් ගරාජ් එකේද නිදාගන්නේ :-)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට වගේ සුරාවට අවුලක් නැති බිරින්දෑවරු හැමෝටම නෑනේ මාමේ!!!
      ;)

      Delete
    2. ඇත්ත...මගෙ ප්‍රශ්ණෙ මගෙ බිරින්දෑත් ඩ්‍රින්ක් එකට හවුල් වෙන එක..ඉතින් ගරාජ් එකේ ඉඳන් බොන එක තමා හොඳම දේ :-)

      Delete
    3. අපේ නෝනත් එහෙමයි.. ඒත් ඉතින් යාළුවෝ එක්ක ගන්න ආතල් එක ගන්න බෑනේ. ඒ වගේද ක්ලබ් එකේදි අනුන්ගේ නෝනලත් ඉන්නවනේ..

      Delete
  25. appamalla.....දී කිරට බළල්ලුත් සාක්කියිලු නෙව.....heee heee....:P..
    http://www.hemalayaa.blogspot.com/2010/06/blog-post_3771.html
    http://www.hemalayaa.blogspot.com/2012/04/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. මමත් හැම පාරම මොනවා හරි ලියනවා මේකට කෙලියම. කියෙව්වා රහයි...

      Delete
  26. මමනම් මතට තිත. ඒකනම් තිතට වැඩ.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව වගේද දන්නේ නෑ....

      Delete
  27. මාතලන්ගේ උපදෙස පිළිපැදීමට ගොස් මා ඉතා අමාරුවක වැටුනෙමි.

    "අස්ස ගුඩුන්" කී පමණින් ය පැනලා එකග වුනාය. "හා එහෙනම්. ඕන් හැබැයි සිද්දන්න නම් බැහැ." අස්සයා තියා වසර දෙදහස් පන්සීයක් පමණ සිට අපට උරුම වුනු ආරිය සිංහල ක්‍රමයට වත් පැදීමට පන නැතිව සිටි මා හැකි පමණ කාරියට බැසීමි. අම්මට සිරි වැඩේ නැගල ගියාය. කන්ථක පරාදය.

    මා හට සීරියස්, නෙප්චුන් ඇතුළු තාරකා රාශියක් සිහි වුයේ ඊ ලගට ඇය කිවූ දෙයිනි.

    "අනේ දැන් ඔයාගේ කාමරේට යන්න. හොඳ නැහැනේ."

    මේ දිනවල රස්සාවක් ලැබී නවාතැනක් හොයා ගන්නා තෙක් ඇගේ දුර මල්ලි කෙනෙක් ඉස්සරහ කාමරයේ නැවතී සිටින්නාහුය.

    ReplyDelete
    Replies
    1. හුටා කළුවරේ ජරමරේ.. අපේ උන් සෙට් වෙන්නම කළුවරේ නේ...

      Delete
  28. කරලම බලලා තමයි මේ කමෙන්ට් එක දාන්නෙ. අනේ උඹේ #@$@$ #$##% ඒකි අරක්කු ගඳයි කියලා ළඟට එන්න දුන්නෙත් නෑ යකෝ. වෙනදට හපන්. මම වෙරිමතේ වෙන ගෑනින්ටත් ඔහොම කරනවා ඇති කියලා මාව මරන් කන්න හැදුවා. අම්මපා තෝ ලඟ හිටියානම් මම තොටයි අස්ස ගුඩුං කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී... හොඳම කොමෙන්ට් එක....

      Delete
    2. මාතලංට අස්ස ගුඩුං දාන්න ගියොත් "හාල් සේරුවයි, එක බෙට්ටයි" . . දන්නවතේ කොල්ල ටුවරිසම් ඉන්ඩස්ට්‍රියෙ හිටියෙ කියල

      Delete
  29. Replies
    1. මොකෝ හිනා ගියේ.. ඇක්ස්පීරියන්ස් තියෙයි....

      Delete
    2. අම්මියෝ නෑ නෑ..
      අපි තමා ටුටි ළමයි :)
      මට පොස්ට් එකට වැඩිය හිනා ගියේ කමෙන්ට් ටික කියවලා :D :D

      Delete
  30. අම්මප මෙහෙම කියද්දි මටත් හිතෙනවා බැදලා අස්ව ගුඩුන් පරක් දාන්න

    ReplyDelete
    Replies
    1. අස්ස ගුඩුන් යන්න බදින්නම ඕන නෑ ඉතින්..

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. කල වයස හරි උනාට තාම ඉතින් අපිට ගෑණු නැත... අතේ පිහිට තමාය... ඕක ටැස්ට් කරන්න තව කල් යනවා උනත් එදාට මම ආපසු පැමිණ අත්හදා බලා දමන කොමෙන්ටුව දමමි.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි.... බොහොම හොඳයි....

      Delete
  33. මටනං දෙයියනේ කියල නොබී හිටියොත් හාමිනේ ඉදල හිටල අහනව "ඔයා ටික දවසකින් බියර් එකක්වත් බීවෙ නෑ නේද?" කියල . . .හේතුව දන්නෝ දනිති !

    ReplyDelete
  34. Replies
    1. මොකෝ හිනා වෙන්නේ... මතක් උනයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න