.

.

Aug 8, 2012

අනේ හිරු නිකා ඉන්න....


කැළඹුනා විශ්වයම.
හිරු පියා මියගියා .
අනේ හිරු විතරමද,
සඳ තරුද, කුජ බුදද,
කේතූ සනි, සෙනසුරුද,
හෙන පවා කැඳවුවා....

වෘශ්චිකද, කන්‍යාවී,
මේෂ, ධනු, මකරුන්ද,
උණු කඳුළු වැගිරුවා...
(දන්න උන් හිනැහුනා.)

එහෙත් හිරු නොසැලුනා..
සඳ තරුද, ග්‍රහ මඩළ,
ඒ බලා සැනසුනා...
අහෝ දුකකි ! ඉරකි තිතකි
හිරුට සිඳුවූ.... දේ. බලන් සකි..!

රන් අභරණැයි සිතා..
ගෙල පැළඳ ඉඟි පාති..
පිත්තලද තඹ කෑලී.
වමේ කුණු උන ලෑලී..

ප්‍රගුණ කර පර තෙරට.
කෙහෙල් මල් නීතී පොත..
තවම හමුවී නැතේ,
ඔය පොතේ හිල් ඇතේ.
ගිනි තියනූ නීති පොත..
යුක්තියට පොත දාන..

ඔබේ ඔය හිරු කිරණ
වෙඬරූ සේ දියකරන
බොහෝ තෙද බල පිරුණ
තවත් තරු වැඩ සිටින..

විශ්වයම දන නමා නමදින
එවන් රන් හිරු සමග.
පිය නගමූ දෙව් ළොව කරා,
පිරිවරා මැර කුඩ්ඩෝ කරා..
අනේ හිරු නිකා ඉනු ,
තරු තවත් නොරවටනු ..!


72 comments:

  1. මොනා කියන්නද මිත්‍රය ඔය ලෙසටම කියල තියෙන්නෙ. හැබැයි, රෙදිගලවල දෙශපාලනය කරනවාට වඩා, ඕකත් හොඳයි.

    ReplyDelete
  2. අමූලික ගල් පැලෙන ඇත්ත :(

    ReplyDelete
    Replies
    1. බල මණ්ඩලයෙන් සහතික කරන ලද

      Delete
  3. Replies
    1. ඔව් රාජ් මටත් වෙලාවකට එයා ගැන එහෙම හිතෙනව. එයා කරන සමහර වැඩ කරන්නෙ නොතේරෙන කමට කියල හිතන්නත් අමාරුයි. අනේ මන්දා.

      Delete
    2. උඹටත් හිතෙන ඒව

      Delete
    3. කවුද එයාද අපිද...?

      Delete
  4. හෙහ් හෙහ් .... හොදි ඕන්නෑ ....

    ReplyDelete
    Replies
    1. අමුවෙන්ම කෙලත හැකි

      Delete
  5. අවාසනාවට ඇත්ත කතාවක්ද මන්දා...:/

    ReplyDelete
    Replies
    1. තවත් ඉතින් මක්කා බලන්නෙයි

      Delete
  6. මට මතක නෑ ඔයි.....

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එක...
      හික්ස්...

      Delete
    2. සහතික ඇත්ත...
      හොඳම කොමෙන්ට් එක...

      Delete
  7. බුදු අම්මෝ... මං මේ දැකපු ගමන් දුවගෙන ආවේ මට මුකුත් කිව්වද බලන්න.....
    තාමත් දාඩිය දානවා බය වෙච්ච පාරට....
    ඔහොම බය කරන්න එපා අයියෝ.......

    ReplyDelete
  8. ආශ්චර්ය කියන්නේ මේකට වෙන්නැති...

    ReplyDelete
  9. අනේ අපි කුමක් කරමුද මෙවැනිදේ ගැන නිහඬ ගොලු වූවන්සේ බලා මුනිවත රකිමුද.. නැතිනම් එක්ව හඬ නගමුද...?

    මෙහෙමත් රටක් මේක අනෙක් පැත්තේ එකෙක් අතින් එහෙම වුනාන නම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මළා ජෝන්..

      දෙගොල්ලම තම තමන් මරා ගන්න කෙස් එකක් තියෙන්නේ..
      ඒ නිසා අපිට ආතල් මදි...

      Delete
  10. Replies
    1. ඒකනම් සහතික ඇත්ත..

      එයා එළ...

      Delete
  11. මටත් හිතුනා අනේ හිරු නිකා ඉන්න කියන්න...පව්..

    ReplyDelete
    Replies
    1. හම්බ උන වෙලාවක කියන්න ඕන.. ඒත් බයේ බෑ.. තාත්තගේ ගෝලයෝ ඔක්කොම හිරු වටේ...

      Delete
  12. එල බොංග

    ReplyDelete
    Replies
    1. පබා කැපෙයිද දන්නේ නෑ..

      Delete
  13. 'හිරුට' තවම හරි හමන් ඩීල් එකක් සෙට් වෙලා නැතිව ඇති .....

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා ඊළඟට තියෙන් මොකක් හරි එකකට බුලත් කොලෙන් ඉල්ලන එක ඉල්ලනවමයි..

      Delete
  14. බලනවද සමනල විප්ලවය ? 7 වෙනි කොටස හිරු නිකා නොඉඳ තරු හිනස්සපු හැටි ගැන !

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වයින් පස්සේ හොයාගෙන කියෙව්වා..

      ඒකනම් සුපිරි...

      Delete
  15. හිරු නිකා හිටියොත් හොඳට තියේවි.

    ReplyDelete
    Replies
    1. මොන අර්ථයෙන්ද කිව්වේ...

      Delete
  16. /ගිනි තියනූ නීති පොත..
    යුක්තියට පොත දාන../ මගෙ හිතට වදින තැන

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න එපාය ඉතින්

      Delete
  17. නියමයි අයියේ අදහස... :)

    ReplyDelete
    Replies
    1. ටැන්කූ.. මේවා බලන් ඉන්න බෑ..
      ඇඬෙනවා අප්පා..

      Delete
  18. ආවොත් කරූ පායයි හිරූ කීවා ඉස්සර නම්

    යළි නොපායන් හිරූ කියල තමා කියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කරුත් එකයි හිරුත් එකයි

      Delete
  19. හ්ම්ම් හ්ම්ම් :)

    ReplyDelete
  20. හැඩි දැඩි සිරුර නැගිටුනා
    මුව කොනින් හිනහුනා
    දසන් යුග දිලිසුනා
    වචන පෙල කියවුනා..

    “අනේ මට මුකුත් මතක නැහැ“

    මෙහෙමලු අන්තිමට කිව්වේ...

    ReplyDelete
    Replies
    1. සුපිරියි බන්
      උපරිමයි..

      අනේ කියන තැනට පස්සේ නංගි කෑල්ලකුත් ආවනම් මරු
      "අනේ නංගී මට මුකුත් මතක නෑ"

      Delete
  21. Replies
    1. දැන් හැම එකාම හයිකු වලින් වැඩ

      Delete
  22. බැත කන්ද දියවෙද්දි ... මියදෙන්න ඇරල .........
    ඉදිවැඩුනු රජ ඔටුන් වැජබෙන්න හරිනා
    දෙවියන්ට පින් දෙන්න පුළුවන්ද වැදලා ........

    ReplyDelete
    Replies
    1. කොහොම පින් දෙන්නේද දෙවියො ඇත පල්වෙලා..

      Delete
  23. ම්ම්ම්.. ඔහොම තම අන්තිමට.. මුකුත් මතක නෑ..
    ජය වේවා!

    ReplyDelete
  24. ලොක්කත් ගොඩ
    හිරුනිකාත් ගොඩ
    දුමියත් ගොඩ
    අපි බලංගොඩද?
    අංගොඩද?

    No One Killed Bharatha
    (අන්තිමට උසාවි තීන්දුව එන්නේ ඒ විදිහට)

    ReplyDelete
    Replies
    1. මට බය අන්තිමට සෝලංගයා මාට්ටු වෙයිද දන්නේ නෑ...

      Delete
  25. පුදුමයි .. ඒත් ඈත්තයි :D

    ReplyDelete
  26. හික් හික් ආවොත් කරු...පායයි හිරු........

    ReplyDelete
    Replies
    1. හිරු ගොඩ කරූ ගොම ගොඩ

      Delete
  27. වමේ කුණුවුන ලෑලි ගැනනම් කථාකරල වැඩක් නෑ.

    ReplyDelete
  28. භාරත, හාරත ආසියා ගසමින් වැඩ දෙනකොට හිරු ණිකා මල්ලි සමග රට කිරි බොයි තරු කැට බලන් බල,හෙට අනිද්දා හිරුණිකාගේ හෙළුව අප සැමට පෙනෙයි "හිරු" ටෙලිවිෂනයෙන් !!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට සිඳුවිය හැක...

      Delete
  29. හිරැගේ න්‍යායපත්‍ර‍ය වෙනස් එකක්... එතනට යන කන් තමයි ඔය කෙකර ගාන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇලුත්ම මෙතඩ් එකක් තමයි.. ඇත්ත...

      Delete
  30. අනේ හිරු නිකා ඉනු... ඇඩෙනවා ;)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න