.

.

Sep 13, 2012

බන්ඩා ආශ්චර්යේ බලන්න කොළඹ එයි - Yaman Bando Colomba Balanna

පිටකොටුවේ ආශ්චර්යය
බන්ඩා කොළඹ යන්නේ කළාතුරකින්ය ඒ උනාට හින්නි එකා කාළේ, එඩී ජයමාන්න මහත්තයා "කොළොම් පුරේ ශ්‍රියා" ගැන කියපු සිංදුව අහපු දවසෙ ඉඳලා, කොළඹ බලන්න ආසාවෙන් හිටියේය. හංදියේ මුදලාලි කොළඹ ගැන කියන කතා අසා, බන්ඩා දිවිය ළෝකේ හිතෙන් මවා ගත්තේය. බන්ඩාටත් ආසාව තිබුනේ මුදලාලි කෙනෙක් වෙන්නය. ඉතින් බන්ඩා ගෙදරින් පැනලා කොළඹ ආවේය. කාළයාගේ ඇවෑමෙන්, බන්ඩාත් පොඩි මුදලාලි කෙනෙක් උනේය. කොළඹට ටිකක් ඈතින් ගෙයකුත් හදාගෙන, පවුල් පන්සල් වෙලා දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන්ය. ඒත් මහ බැංකුවේ කබ්රාල් ළොකු මහත්තයා, ආශ්චර්යේ බලන්න කොළඹ එන්න කියලා බන්ඩාට ලියුමක් එවා තිබුනේය. ඒ නිසා බන්ඩා සයිමාත් එක්කම උදේ පාන්දර කොළඹ එන බස් එකකට ගොඩ උනේය.


කිරිබත්ගොඩට එනකන් විනාඩි 45 න් ආපු බස් එක, එතන ඉඳලා කොළබට එන්න පැය එකාමාරක්ම ගියේය. ඒ උනාට බන්ඩාට ගානක් නැතිවූයේ, සීට් එකක් හම්බ උන නිසාත්, පත ස්පීකර් එකකින් කන පැලෙන්න ජෝතී සින්දු කියපු නිසාත්ය. යකෝ ජෝති මැරිලත් තාම ඒ වගේම කියනවා නේ කිව්වාම, සයිමා කිව්වේ ඒ ජෝති නෙමෙයි සුරේන්ද්‍ර කොලුවා බවය. කෝටි ගනන් කාර් අරගෙන යන මහත්වරුන් ගැන, බන්ඩාට බොහෝ දුක සිතුනේය. බන්ඩයි මහත්තයයි යන්නේ එකම ස්පීඩ් එකේම නේද කියා බන්ඩාට සිතුනේය. බස් එක ට්‍රැපික් එකේ ඉබ්බා වගේ යන නිසා බන්ඩයි කොන්දයි ඩැයිවර් මහත්තයයි පාරවල් බුලත් කෙල වලින් සැරසුවේය. පුටුං බුං වලට නම් පොලිසියේ මහත්තුරුන් වෙනම ලයින් එකක් හදලා තිබුනේය. එය දුටු සයිමා ඇසුවේ තැපැල් නයින්ටීයේ ආවානම් මීට හොඳයි නේද කියායි.

කිරිබත්ගොඩ හරියේ පොඩි ආශ්චර්යයක් දැක්කත්, ඊට් පස්සේ නම් ඉස්සර තිබුනා වාගේය. සන්ත බස්තියමේ, ඛාන් ඔරලෝසු කනුව ලඟ ඉදන්, කරත්ත අදින නාට්ටාමිලයි, තම්බිලයි, කරාලයි මැද්දෙන් අමාරුවෙන් ආපු බස් එකෙන්, බන්ඩයි සයිමයි ගෑස් පහ ගාවින් බැස ගත්තේය. ඒ බන්ඩා ඉස්සර හිටියේ ඒ පැත්තේ නිසාය. මේ බන්ඩා දන්න කොළඹය. ගෑස් පහ ඒ වගේම තිබුනේය. පරණ ලදරං වෑන් ටිකයි කෑලි හැලෙන කාර් ටිකයි තවමත් එතනය. පේව්මන්ට් එකේ බිසිනස් බැහැයි කිව්වාට, ඔක්කෝම උන් පාරේය. මගියෝ මහ පාරේය. සයිමා ලොරියකට යට වෙන්න ගිහින් නූලෙන් බේරුනේය. ඒ උනාට ලොරියේ රියදුරු මහතා, සයිමා අම්මත් එක්ක අහවල් කාරනේ කොරන්න යනවාද කියා ඇසුවේය. අපේ අම්මලනම් මැරිලා ඕනම නම් උඹේ අම්මා එවපන් ඒ කාරනේ කොරලා එවන්නම් කිව්වාම ඌ යන්න ගියේය.


මිනිස්සුන්ගේත් වෙනසක් ඇත්තේ නැතිය. කිලිටි ඇඳුම් ඇඳගෙන, දාඩිය පෙරාගෙන, පෝර මලුවල බඩු පුරවගෙන යන්නේ, හින්නියා කසිප්පු බැරල් එක උස්සන් යනවා වගේය. හෙට්ටි වීදීයේ නම්, හෙට්ටියන්ගේ කඩවල් වල තඩි බෝඩ් දමා තිබුනේය. මාළු මාකට් එක නැතිය. මාළු ගන්න නම් පෑලියගොඩ යන්න ඕනය. ඒක වෙනම ගමනක්ය. සාලයෝ 500 ගන්න පෑලියගොඩ යනවාට වඩා, සැවානා එකක් කඩා ගෙන කන එක, ඊට ලාභයි කියා බන්ඩාට සිතුනේය. අතනින් මේන් ස්ට්‍රීට් එක පැත්තට නොගිහින්, පරණ නගර සභාවේ දකුණු පැත්තෙන්, බෝ ගහ පැත්තට එන ගමන්, බන්ඩයි, සයිමයි දෙන්නම පත මඩ වලකට බැස්සේය. වටේ පිටේ උන්න උන්ට නම්, ඒකට මාර ජොලියක් ගියේය. බන්ඩාට නම් කබ්රාල් මහත්තයාගේ අම්මා මතක් උනේය. සයිමා අපේ අම්මා මතක් කොලේය. ඒ කාළේ තිබුන අපාය ඒ වගේමය. එකම වෙනස, බැසිල් මහත්තයා අපායට වහලක් ගහපු එකයි කියා, කරෝල කඩේ පීටර් කියුවේය.

බන්ඩලාගේ කාළේ මෙහෙම අහේනියක් තිබුනේ නැත. කුණු එළවළු වලට, මාරම මාකට් එකක් තිබුනේය. එවා යතා තත්වයට පත් කොරන්නේ කුඩු කාරයෝය. හරියට පීටර් සර්ජන් මහත්තයා වගේය. කුඩු කාරයෝ වැහි වැහැලා සිටියේය. උන්, ගෑණු ඔක්කෝම අඳුනන අය වෙන්න ඕනා යැයි බන්ඩාට සිතුනේය. ආ නංගී කෝමද කියා, ආදරයෙන් කතා කලේය. මේ කුණු ජරාව අරගෙන ගිහින් කන උන් ගැන, බන්ඩාට ඇත්තටම දුක සිතුනේය. බන්ඩා නම් ගෙදර යන ගමන් එළෝළු ටික අරගෙන යන්නේ, ටවුමේ පුඩ් සිටි එකෙන්ය. නැත්නම් බන්ඩාගේ කොරටුවේ බොහෝ එළවළු වර්ග තියෙනවාය. වැඩි පුර ඒවා අහල පහල අයට දෙන එක බන්ඩාගේ පුරුද්දය. එතනින් ගුණසිංහ පුර බස් ඉස්ටෑන්ඩ් එක පැත්තට යන කොට හිඟන්නන්ට මහා ටෙන්ට් එකක් ගහලා තිබුනේය. හැබයි ඊට එහා පැත්තේ නම් දිවිය ළෝකේ වගේ රෙදි කඩ පේලියක්ම තිබුනේය. බන්ඩා එක සැරයක් ඔතනින් මිනිබිරිට ඇඳුමක් ගත්ත බවත්, ඒක, දවස් දෙකක් අඳින කොට, මැහුම් ගැලවී ගිය බවත්, බන්ඩාට මතක් විය. ඒ උනාට, ඒක එච්චරම අවුලක් උනේ නැත. ඒ ඒක, ගත්තේ හෙට්ටු කරලා රුපියල් 100 කට නිසාය.

ඒ පැත්තේ මහා පාලු බවකුයි, මූසල ගතියකුයි තිබුන නිසා, ආපසු හැරී බෝ ගහ පැත්තට එන කොට, කොට කලසමක් ගහපු කොල්ලෙක්, බන්ඩටයි, සයිමටයි දෙන්නටම, පැකට් දෙකක් අතට් දුන්නේය. බන්ඩට මතක් උනේ, ගමේ ටවුමේ කලසන් ඇඳන් කොළ කෑලි බෙදන ලස්සන නෝනලාය. ඒ ඉන්නේ බැංකුවල නෝනලා බව දැන ගත්තේ, මද්දුමීගේ බාල කොලුවාගෙන්ය. ඌ කිව්වේ බැංකුවල සල්ලි නැති නිසා, අපේ සල්ලි ටික වැදගත් විදියට හිඟා කනවා කියාය. එහෙනම් බැංකුවේ සෙනග පුරවලා ඉන්නේ කියා බන්ඩා කියු විට, ඌ කිව්වේ, ඒ ඉන්නේ බඩු උකස් තියන ගණුදෙණු කාරයෝ කියාය.
ලොක්කා කොහේද යන්නේ 3 ම 100... කිව්වාම බන්ඩා නැවතත් පියවි ළෝකයට ආවේය
මොකක්ද කොළුවෝ කිව්වේ.
ලොක්කා ඕක 3 ම 100 යි. කඩේ එකක් 250.
මොනවද කොළුවෝ මේ .
අන්ඩ වෙයාර් අන්ඩ වෙයාර්.
අන්ඩ මක්කු කිව්වා.
සස්පැන්ඩර් සස්පැන්ඩර්.
අයියෝ කොළුවෝ අපි දෙන්නම ඒවා අඳින්නේ නෑනේ දැන්.
ඒකට කමක් නෑ ගත්ත නම් ගෙවනව.
කවුද යකෝ ගත්තේ බලෙන් දුන්න මිසක්.... තොගේ.... (මාතලන් විසින් කපා හරින ලදි) කියු බන්ඩා සයිමාගේ එකත් උදුරගෙන විසි කළේය.

බෝ ගහ ගාවත් ලොකු ටෙන්ට් එකක් ගහලා තිබුනේය. සයිමා පළතුරු එකක් බොමු කිව්වම, මම ඌට කිස්ට් අඹ එකක් අරගෙන දුන්නේ, පළතුරු කියා මුන් දෙන්නේ මොනවාද කියා මම දන්නා නිසාය. බෝ ගහ ගාවත් වෙනසක් වෙලා තිබුනේ නැතිය. ගන්න ගන්න එකාට දිණුම් තියෙනවා කියා කන පැලෙන්න පීකරේකුත් දාගෙන කෑ ගහන එකාගෙන්, දෙකක්ම අරන් හීරූවාට සත පහක් වත් තිබුනේ නැත. පේමන්ට් එකේ නැති උනාට, අතේ පයේ බඩු එල්ල ගත්ත වෙළඳ ප්‍රජාව, බන්ඩගෙයි සයිමගෙයි මානුසික අයිතිවාසිකම්, සෑහෙන උල්ලන්ගනය කලේය. පාර පැනලා මැනිං මාකට එකට පැනගත්ත දෙදෙනාටම, සල්ලි දිලා වෙසක් එකට අපාය බලන්නේ මක්කටෙයි කියා සිතුනේය. 30% අපතේ යන්නේ මෙතනදී වෙන්න ඕන කියලා, ජෝනී මහත්තයාට ලියුම් කරදහියක් ලියන්න ඕනා කියා, බන්ඩා සිතා ගත්තේය. ඔක්කෝම එළවළු නරකාදිය වගේ පොලොවට හලා තිබුනේය. හරකාගේ මස් බව ඔප්පු කරන්නටද කොහෙද, කරකාගේ ඔළුව කඩේ ඉස්සරහම තිබුනේය. මස් කන අයට මෙතන පෙන්නුවානම්, ආයේ ජීවීතේට මස් කන්නේ නැති බව සයිමා බන්ඩාට කීවේය.

මස් කඩ පැත්තෙන්, ප්‍රයිවට් බස් ඉස්ටෑන්ඩ් එක පැත්තට යන කොටම සයිමා කලන්තේ දා වැටුනේය. කොල්ලෝ කීපදෙනෙක් ඇවිත් වතුර ටිකක් ඉහා, සයිමාගේ සිහිය ගත්ත ගමන් සයිමා කිව්වේ මම මැරෙයි යකෝ මෙතනින් යමු කියාය. සයිමාට සිහි නැතිවී තිබුනේ හුජ්ජා ගඳටය. මුළු බස් ඉස්ටෑන්ඩ් එකම එහෙමය. අලුතෙන්ම හදපු ඉස්ටෑන්ඩ් එකත් අපායේ ඔෆීස් වගේය. බෝඩ් දමලා තියෙද්දිත් යන්නේ කොහෙද කියා කොන්දා කෑ ගහනවාය. මුන් නම්, නින්දෙතිත්, කොළඹ කොළඹ ගානවාදෝ කියා, බන්ඩාට නිකමට සිතුනේය.

පොඩි උන්ට මොනවා හරි ගන්න කියා, හරස් වීදී දිගේ ගියපු දෙන්නාම දැක්කේ, තවමත් සමහර තැන්වල රජ කාළේ බිල්ඩින් තිබෙන බවයි. අළුත් බිල්ඩින් තැනින් තැන තිබුනත්, ඊට වඩා හොඳ ඒවා ගමේ තියෙන බව කිව්වේ සයිමාය. ගාල කඩා ගත්ත හරක් වගේ මහ ජනතාව පාර පනිනවා පොලීසියේ මහත්තුරු බලාගෙන සිටියේය. අර පාර පනින කොට අල්ලනවා කිව්වේ නුවර ඉතරක් වෙන්ටෑ කියා කීවේත් සයිමාය. ගෙදර යන්න හිතාගෙන සැන්ට්‍රල් බස් ඉස්ටෑන්ඩ් එකට ගොඩ උනාම, ඒ අපායේ අනික් එකය. හිඟන්නෝ වගේ මිනිස්සු තැන තැන බලාගත්ත අතේ බලා ගත් ගමන්ය. හුජ්ජා ගන්දස්කාරේ ආයෙත් පාරක් සයිමාට වමනේ ගියේය. සයිමා ඉස්සෙල්ලාම අපේ අම්මාට වඳින ගාථාව කියුවේය. ඊට පස්සේ කබ්රාල් මහතාගේ මව් ගුණ ගායනා කළේය. අපේ ජනාධිපති තුමාටත් මොන මොනවාදෝ කියා. එතුමාගේ දැත් ශක්තිමත් කරන ජනතාවගේ, අම්මාවරුන්ද සිහිකළේය. කබ්රාල් මහතා බලන්න එන්න කියලා තියෙන්නේ වෙන කොළඹක් වෙන්න ඇති කියා බන්ඩා හිත හදා ගත්තේය. මොකෝ බන්ඩා දන්න කොළඹ මේක නිසාය....
(සයිමා දිගටම ආශ්චර්ය පුරා කබරයා දැම්මෙය. සමහර විට ඌ සජිත් මහත්තයාට කඩේ යන නිසා වෙන්නට ඇත.)

ප: ලි:
ආශ්චර්ය බලන්න නම් කොළඹ එන්න කියලා කබ් රාල් මහතා කියා තිබිනි.


මෙම ලිපියේ සාදර අනුග්‍රහය "ෆුඩ් සිටි" හා "කිස්ට් ප්‍රොඩක්ට්ස්" වෙතිනි...

59 comments:

  1. කොළඹ බලන්න කියා කබ්රාල් මහත්තයා කතා කල පලියට දුවගෙන ආපු බන්ඩයි සයිමගෙයි තමයි තනිකර වැරැද්ද... හරියටම කොළඹ කීයද කියල අහගෙන එන්න එපායැ... ඔය කියන්න ඇත්තෙ කොළඹ 7 වගේ දිහාවක් බලන්න එන්න කියල වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මම බන්ඩයියට මේල් එකක් දාන්නම්...

      Delete
  2. සිරිත් විරිත් ඇවතුම් පැවතුම් වෙනස් වෙන්නේ නැතුවා අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්නේ නෑ වෙනස් කරන්න ඕන නැතුව මේ රට හදන්න බෑ.

      Delete
  3. Replies
    1. මාතලන් බොරු ලියනවා අඩුය..

      Delete
  4. රහට ලියැවුණු ලිපියක්.. අගෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුර

      Delete
  5. මාතලන්ගෙ කතාව හරියටම හරි. ආශ්චර්ය පහල වෙලා තියෙන්නෙ කබ්බල වගේ වන්දිභට්ටයන්ටයි ලොක්කගෙ හත්මුතු පරම්පරාවටයි විතරයි කියල බත් කන හරක්ට තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ජනතාව මාර මෝඩයි...

      Delete
  6. කියලා වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. එහෙම කියාලා යරියනවද පනේ....

      Delete
  7. අවුරුදු බර ගණනකට ඉස්සර දැක්ක කොළඹමය

    ReplyDelete
    Replies
    1. අළුත් කඩේ පැත්ත එහෙමමයි

      Delete
  8. බන්ඩා කැලණියෙන් ධාතු වැද ආපසු අධි වේගී පාරේ ගොස් හම්බන්තොට නාන තටාකයත් බලා එනවිට මට මොනවත් මතක නෑ කියා අපෙ මහත්තයා මිය යනතුරු මහ ඇමති නොකලා නම් පුදුමය.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ඒකත් කොරයි

      Delete
  9. අති විශිෂ්ටයි! තව තවත් සත්‍ය තොරතුරු රසබරව, හරබරව ලිවීමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  10. Summary Writing Exercise:
    මුලු කතාවම මෙතන:

    ගත්ත නම් ගෙවනව.
    කවුද යකෝ ගත්තේ බලෙන් දුන්න මිසක්.... තොගේ.... (මාතලන් විසින් කපා හරින ලදි)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අම්මපා මට ඕක අහු උනේ නෑනේ... ඒ උඹගේ හැකියාව...

      Delete
    2. හෙන්රියා සැරටම හිතනවා !

      එල එල !

      Delete
  11. කබ්රාල් ගේ තාත්තා ලංකාවේ 1960 දශකයේ සුප්‍රසිද්ධ ශල්‍ය වයිද්ය වාරයේ. විශේෂයෙන් මොලයේ සැත්කම් වලට ප්‍රසිද්ධයි. මටනම් හිතෙන්නේ මිනිහා හදිස්සියකට පුතාගේ මොලෙන් කෑල්ලක් ඒ කාලෙදිම වෙන කාට හරි බද්ධ කරලා තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇඟේ කෑලිත් ගත්තද දන්නේ නෑ. ඉතියෝපියන් වගේ ඇඟ පත...

      Delete
  12. බය වෙන්ට කාරි නෑ බණ්ඩො. මම හිතන්නෙ අයියල මල්ලිල අන්තිමටම ‘රන් කෙවිට‘ වනන්න ඉන්නෙ ඔය ඉසව්වට. කොහෙද එතකන්, ඌ ‘ලොකුම බංකුවෙ‘ ලොක්ක වෙල රටට කරපු ආශ්චර්යය පෙන්නනකන් අර ගං කබරයට ඉවසුමක් නෑනෙ. ඔය හාල්පාරුව ඔතනින් චුත වෙන්නෙ 50000-100000 නෝට්ටුත් නිකුත්කරල, එතැනින්වත් නැවතුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවා ආයේ දෙකක් නෑ... බඩුම තමයි...

      Delete
  13. අනේ රෙද්දේ ආස්සර්ය්ය

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා මෙයා අනිත් පැති නම් සුර පුරේ වගේ.. මේ හරිය තමයි අපාය...

      Delete
  14. ඇත්තට ඹය පිටකොටුවෙ ඉන්න මංකොල්ලකාරයො පන්නන්න ඵකෙක් නැද්ද..මිනහෙකුට යන්න පුලුවන්ද නිදහසේ

    ReplyDelete
    Replies
    1. මාලක සිල්වා දැම්මොත් මොකද... ලොක්කට කියලා බලන්න ඕන.

      Delete
  15. මම දකුණේ දුෂ්කර ගමක වෙසෙමි.කොළඹ ගියපු කාලයක් මතක නැත. මා සිතුවේ හදිසියේ වත් කොළඹ ගිය හොත් අතරමං වෙන තරමට කොළඹ ආශ්චර්යමත් ලෙස වෙනස් වී ඇත කියාය.

    ReplyDelete
    Replies
    1. එන්නකො පනේ බෝ ගහ ගාවට ආශ්චර්යේ පෙන්නන්න කොළඹ 7. මාතර බෝ ගහ ගාවට නෙමෙයි අනේ.. පිටකොටුවේ එක.

      Delete
  16. ඔතන ඉතින් සංවර්ධනේ කියල අපිට කොලේ වහන උන්ගෙ වගේම කිසිම මැනර්ස් සහ හැදියාවක් නැති අපේ උන්ගෙත් හෙළුව තියෙනව.හැබැයි කොළොඹ වගේම ගමත් ඔහොමමයි.සංවර්ධනේ යන්නෙ කාපට් පාර අයිනෙන් විතරයි.දැන් හම්බන්තොට හරහා කතරගම යන කෙනෙකුට හිතෙනව හරියට සුරපුරේ මැද්දෙන් වන්දනාවේ යනව වගේ.කාපට් පාරවල්...කොන්ක්‍රීට් අතුරු පාරවල්...නැවු නාවත් තඩි වාරයක්..හෝ ගාල හැදෙන රජයෙ බිල්ඩින්...හැබැයි ඔය කාපට් පාරෙන් අතුරු පාරකට දාල ඇතුලට ගියොත් බලාගත්තකි අපේ රියල් ගම...කපරාරු නොකරපු ජනෙල් වලට ඉටි රෙදි ගහපු ගෙවල්...ටකරන් වහලවල්....මන්දපෝෂණ බඩ ගෙඩි උස්සන් කෑ මොර දෙන වැරහැලි ඇඳ ගත්තු දරුවො...කසිය ගහල මහ දවල් මිදුලෙ වැටිල ඉන්න තාත්තල.

    ReplyDelete
    Replies
    1. අම්මපා රත්තරන් වටින කතාවක්.අත්දෙකම උස්සනවා ඔහේ වෙනුවෙන්.

      Delete
    2. කට ඇරහං කසියා උගුරක් වක්කොරන්න. මයේ ගාව මසුරං නෑ.. ඒකයි...

      Delete

  17. යකෝ උඹලා නම් හරි ගොන්ය. බටහිර-ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයටම -ක දෙන කාලකන්නිය. යකෝ රටක සංවර්ධනය, ආශ්චර්ය මනින්නෙ බටහිර කෝදු වලින් නෙවෙයි, දේශීය නිර්ණායක වලිනි. හුජ්ජා ගඳ නැතුව සුවඳද? හුජ්ජා ගඳින් පෙන්වන්නේ අපි ස්වභාව ධර්මය සමග, පරිසරය සමඟ ලංව, සමීපව ජීවත්වන බවයි. අපේ වීර ධීර මුතුන් මිත්තෝ පවා කලේ එලි බැහීම විනා ටොයිලට් යන එකද? අනේ තොපි වගේ මෝඩ මූසල හැත්තක්!
    නලින්ද සිල්වා ගේ පුතාල නම් ඉන්නේ ඇමරිකාවේය. ඒ අපි ගැන, රට ගැන සිතා හරිම දුකෙන් ජීවිත ගෙවන තරුනයන්ය.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ?

      Delete
    2. නලින් සිල්වාට නාථ දෙවියෝ හීනෙන් කියලා තියෙනවා පුත්තු ඇමෙරිකාවාට යවන්න කියලා. ඉතින් නොයවා ඉන්න පුලුවන්ද?

      Delete
    3. සමාවෙන්න ඕන ආයොබෝවන්ඩ වැරදි දෙයක් කිය උනා නම්

      Delete
  18. මාතලං මේක නම් නියම උපහාස කතාවකි. අති දක්ෂ අයුරින් මේ රචනාව නිමවා ඇත.මේ ලිපිය පත්තරේක තීරු ලිපියකට මරුය

    ReplyDelete
    Replies
    1. ගත්තට අවුලක් නෑ, අපි ගැනත් සඳහනක් එහෙම දාලා

      Delete
  19. අර කිව්වත් වගේ දැකපු දේවල් ආයේ බලන්න යාවි කියල කබ්රාල් මහත්තයා හිතන්නෙ ඇයි ද දන්නෑ!!!

    ReplyDelete
    Replies
    1. ඔය එකෙක් කියලා තියෙන්නේ එයාගේ මොළේ අවුට් කියලා

      Delete
  20. පටිට පට පට...
    කබ්රාල් මහත්තයා එන්න කියන්න ඇත්තෙ වෙන රටක කොළඹ බලන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එක්කෝ කොළඹ 7 බලන්ට වෙන්ටෑ. අපි දන්න කොළඹ ඕක නේ...

      Delete
  21. බණ්ඩට පිස්සු කොළඹ තමා ඓශ්චර්ය තියෙන්නේ බණ්ඩා කොළඹ කියලා වෙන කොහේ හරි යන්න ඇත්තේ මහින්ද මාමිගේ සේවකයෝ එහෙම බොරු කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බන්ඩට නෙමෙයි.. රටටම් පිස්සු

      Delete
  22. කෝටි ගනන් කාර් අරගෙන යන මහත්වරුන් ගැන, බන්ඩාට බොහෝ දුක සිතුනේය. බන්ඩයි මහත්තයයි යන්නේ එකම ස්පීඩ් එකේම නේද කියා බන්ඩාට සිතුනේය. - :) :)

    මම කැමතිම ටික ඒ :)

    වෙනද වගේම අපුරුවටම ලියල!
    ජයෙන් ජය ඔබට! :)

    ReplyDelete
    Replies
    1. ඔහේ කීවයින් පස්සේ මගෙත් හිතට වැදුනා ඒ කෑල්ල...

      Delete
  23. යථාර්තය රසවත්ව කියෙව්වා. ඒත් ඉතින් ආස්චර්යට ආවඩන එවුන්ට නම් මේකත් තවත් කතාවක්ම පමණකි!! ජය වේවා ඔබට!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අනාගතයක්...!!!! :D

      Delete
  24. ඒත් මම බැලුවේ මේ සුදු බන්ඩා ගැන මොකවද්ද කියලා

    ReplyDelete
    Replies
    1. උඹලා ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් ඒ අහිංසකයවම කන්න තමයි

      Delete
  25. ආශ්චර්්‍යාට කස්ටිය කැමතිය. ඉන්දියාවේ නිලියට නොව, අපේ රටේ ආශචර්්‍යයට ගමන් කරන කස්ටියටය. ඒ නිසා උන් හැමදාම දිනුම්ය.

    ජය !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න