.

.

Oct 21, 2012

සීගිරී කොමෙන්ටුව (18+) - Sigiri Comments (18+)

 



අපේ බ්ලොග් කලාව පවතින්නේ කොමෙන්ට්ස් නිසා. නිර්මාණයක් වගේම විවේච්නයත් අතීතයේ පටන් පැවතෙන දෙයක්. චිත්‍රපට විචාර, නාට්‍ය විචාර වගේම පොත් පත් විචාරය,ත් විෂයන් වශයෙන් පවා උගන්වනවා. ඔය විචාරයේ වර්ගීකරණයකුත් තියෙනවා. මම කැමතිම එක තමයි, දෙන්නම් බැටේ විචාරය. මන්ද...? ඒකත් වෙනම කලාවක් නිසා. සම්බාව්‍ය විචාර, පීචං විචාර, ශාස්ත්‍රීය විචාර ආදි වශයෙන් ඒවත් බොහෝම තියෙනවා. අද පළවෙන පොත පතට නෙමෙයි අතීතයේ පොත පතට පවා විවේච්න ලියන අය අදටත් ඉන්නවා.

නිර්මාණකරුවකුට කොමෙන්ට්ස් බොහොම වටිනවා. ඒක ධනවාදි උනත්, නිර්ධය විවේචනයක් උනත්, කුණුහබ්බයක් උනත්, අපි එයට ඉඩ දිය යුතුයි. මොකෝ.. මගේ මතය පිලි නොගන්න අය ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් මම දකින බොහෝ බ්ලොග් වල, කොමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා අඩුයි. පස්සේ අපිට කොමෙන්ට්ස් නෑ. හිට්ස් නෑ කියලා වහලා දාලා ඔක්කෝටම බනිනවා. තමන් කොමෙන්ට්ස් බලාපොරොතු වෙනවනම් ආත්මාර්ථකාමී වෙලා බෑ. අනෙක් අයගේ දෙයටත් කොමෙන්ට් කරන්න ඕන. ඒ වගේම විශේෂම දෙය තමයි සෑම කොමෙන්ට් එකකටම රිප්ලයි කරන්නත් ඕන.

මම හිතන්නේ, නිර්මාණයකට කොමෙන්ට්ස් දාන්න වෙනම තැනක් තියෙන, ළොකයේ මුල්ම තැන, සීගිරියේ කැඩපත් පවුර. ඒ කොමෙන්ට්ස් වලට කියන්නේ කුරුටු ගී කියලයි. (Graffiti) කුරුටු ගී කැඩපත් පවුරේ විතරක් නෙමෙයි, ටොයිලට් වල, කැම්පස් වල, බස් වල, කෝච්චි වල නෙමෙයි, ගස් වලත් තියෙනවා. මට මතක මුල්ම කුරුටු ගීය මම දැක්කේ උණවටුන ඉස්ටේසමේ ...

රෙන්න බරවූ විට
දුවගෙන ආපු පලියට
වට පිට කැත නොකොට
රීලා පලයන් හිතේ හැටියට...

මේකනම් හැම ටොයිලට් එකේම අදට උනත් ගැහුවට කිසි අවුලක් නෑ. ඕක තාත්තට කිව්වම එයා තමයි කුරුටූ ගී ගැන කියා දීලා, ඒවා තියෙන පොතකුත් ගෙනත් දුන්නේ. (සීගිරී කොමෙන්ට්ස් ගැන ළිපියක් මෙතනින් බලන්න.) ගොඩක් අය සීගීරියෙ කොමෙන්ට්ස් දාලා තියෙන්නේ සීගිරි ළඳුන් ගැන. එහෙම දාපු ප්‍රසිද්ධම කව ලියලා තියෙන්නේ "දයල් බතී ".

නිල් කට් රොළ මලෙකැ
ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැහැ සිහිවෙන්නෙය්
මහනෙල් වන හය් රන්වන හුස්


එයානම් දැන් බොගකුත් දානවා මෙතනින් බලන්න. ඔය අතරේ අපේ අය දාන කොමෙන්ට් එකක් තියෙනවනේ "අනේ මට කළින් ආපු අය, ඔක්කෝම කියලනේ.. ඒ නිසා මොකුත් කියන්න නෑ.." කියලා. අන්න එහෙම කොමෙන්ට් එකකුත් තියෙනවා. ඒක ලියල තියෙන්නේ "බුදල්",

‘බුදල්මි
සියො වැ ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් නො ලීමි’


මමත් ඔය සීගිරියට ගියපු මුල්ම කාළේ ඉඳලා කොමෙන්ට්ස් දාන්න ආස උනත් දැන් එතන කොමෙන්ට්ස් දාන්න දෙන්නේ නෑ. ඒත් පරණ පොතක තීලා හම්බ උන මම ලියපු කොමෙන්ට් එකක් තමයි මේ.

මන්ද මේ..?
නෙතු අයා..!!! 
විවර වූ මුවෙන්..
දැක නැතිද..?
මීට පෙර
මේ තරම්
විසල් තන...

මම මේක ලිව්වේ දයල් බතී ට. දැන් මට නිතරම සීගිරියට යන්න වෙනවා මගේ රැකියාව නිසා. ඒ වෙලාවට එන කවි සිතිවිලි කඩපත් පවුරේ ලියන්න බෑනේ, ඉතින් ඩයරියේ තමයි ලියවෙන්නේ. මේ තියෙන්නේ එහෙම ලියවුන කුරුටු ගී කීපයක්.

"මාතලන්මී
සුද්දෝ කැටුව ආමී
සීගිරිය බැලීමී
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් මම්ද ලීමී"

"පිටව නොයමි
සැඟව සිටිමි
සඳ එළියේ
ළය මඩලේ
පහස විඳිමි"
------x------

"ඉඩ මදියි රමණයට
නගිමු අප මුදුනටම
තරු දකී ඒ නිසා
වසාලමු වීසී කොට
මේ සිසිල් වලා කැට "
------x------

"පුදන්නට මල් රැගෙන
යනු එපා පිදුරංගලට
සසර කළ කිරේවී
නළඟනන් දුටු දිනේ
මෙන් මහා සඝුන්ගේ "
-----x-----

ඔබේ උරුමය සදා
කසුප් නිරිදුන් පහස
රහසකින්වත් ඉතින්
නොලැබේය අන් පහස
මා සමග රමණයෙන්
වන ඹබර තුඩෙහි රස
ලැබේවී ඔබට මට
දෙබරුනගේ මාර විෂ
-----x-----

මේ සීහිරි ගීයක් වගේම ලියපු එකක්

"පරද් ඔබ් රූ කුමරි
කම් නැත් අබරනින්
වැස්වු සලු පිල් තිසර තන්
තද් බැව් දනිම් සුරතින් "

තේරුනේ නැත්නම් මෙන්න සිංහලෙන්

කුමරියන් පරාදයි ඔබේ රුව මට ලඳුනි
අබරනින් අඩු වුවද රූ සිරින් බෝ පිරිනි
හැඩරුවින් පිරි බැවින් සළු පටින් කොමු වැසිනි
වසා ඇති තිසරුනගෙ පහස මා අත රැදුනි

සේවිකාවන්ට හැට්ටයක් අන්දලා තියෙන්නේ.. එකයි ඒ කුරුටු ගීය..

ඔතන එක සිතුවමක් කුමරියගේ තන පුඩුව පහළින් ඇඳලා තියෙන්නේ. මම හිතන්නේ රජ්ජුරුවෝ හරි, ඒ කුමරිය හරි, කොක්ක දාන්න ඇති. ඊට පස්සෙ තන පුඩුව උඩට අරගෙන තියෙනවා. මීට පස්සෙ ගියාම හොඳට නිරීක්ෂණය කරන්න. කෙල්ල එක්ක හරි නෝනා එක්ක හරි යනවනම් කලින් කතන්දරේ කියලා යන්න. නැත්නම් දඹුල්ලේ ඉස්පිරිතාලේ ඉන්න වෙයි කන පලාගෙන..

මෙතන දැම්මේ ගොඩක් සැර අඩු ඒවා. අනික් ඒවා ඩයරියේ ඔහේ තිබුනාවේ...

ඔහෙලටත් මට වාගේ සීගීරි කැඩපත් පවුරේ කවි ලියන්න හිතුන නම්, එතන බැරි උනාට... ඕන් මගේ කැඩපත් පවුර ඒකට විවෘතයි...

120 comments:

  1. //"පරද් ඔබ් රූ කුමරි
    කම් නැත් අබරනින්
    වැස්වු සලු පිල් තිසර තන්
    තද් බැව් දනිම් සුරතින් "//

    තිසරමි
    මුලින් මැ ආමි
    මාතලන් කියැවීමි
    "තිසර තන්" කී හෙයින්
    මල නැගුනි
    පිටවැ යමි
    ආපසු නො එමි

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. හෙහ්... සුපිරියි ආ...

      Delete
    2. නැ(ගි) අලුයම මාතලන් බ්ලොග බලයි සිටියි හි මෙහි මස්
      විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි

      දිනෙල්ක මි ගී ලිමි.

      Delete
    3. මලක් ගැසීමි
      මල පරවෙමි
      තව එකක් ගැසීමි
      පු#න් දුම් යමි
      ආයෙත් නොගසමි

      Delete
    4. තිසර මුලින්ම ලස්සන කවියකින් ආරම්භ කිරීම බොහොම වටිනවා.. ලකීගේ එකයි දිනෙල්ක ගේ එකත් උපරිමයි...
      මෙතන කොමෙන්ට් දාපු අයටත් ගොඩක් ස්තූතියි...

      Delete
  2. මම බතීට කැමතිම ඔහුගේ ඒ හැදින්වීම නිසාමයි. ඔබ කියවලා ඇතිනෙ සෙනරත් පරණවිතානයන්ගේ සීගිරි කුරුටු ගී පොත. තව පොතක් තිබෙනවා අලකා පුර පවත කියලා ක්යවලා බලන්න.

    ඔබේ කුරුටු ගී විවේචනය සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. පොත නං හොයා ගන්නම වෙනවා :)

      Delete
    2. මගෙත් ප්‍රියතම ස්ථානයක් නිසා ගොඩාක් පොත පත කියවලා තියෙනවා මේ ගැන. අප්‍රසිද්ධ තොරතුරුත් බොහෝයි...

      Delete
  3. මරුනේ කවි සෙට් එක! මටනම් ඉතින් කවි ලියන්න බැහැ. :-(
    පස්සේ ඇවිත් කොමෙන්ට් වලට වැටෙන කවි ටිකත් බලලා යන්නම්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඕන වෙලාවක ගොඩවෙන්න.. පට්ට කොමෙන්ට්ස් වැටිලා තියෙන්නේ..

      Delete
  4. සීගිරි කමෙන්ටු වල රාගය මුසු හැඟීම් එකතු කරල ලියල තිබුනට පාඨකයාගේ මනස රාගී හැඟීම් වලින් අවුල් වෙන්නෙ නෑ. ඒවා තුල එක්තරා සංයමයකුත් තියනවා. ඔබේ මෙතන තියන නිර්මාණ තුලත් මං ඒ සංයමය දකිනව. ඒත් දැන් අපේ රටේ නව පරපුරේ කියාගන්නා එහෙන් මෙහෙන් චේන් කෑලි, ඉරිච්ච ඩෙනිම් එල්ලගත්ත සම කරක් නරින්ගෙ ගීත නිර්මාණ අහන දකිනකොට අපිට හිටගෙනම ෆෝම් වෙනව. මේ කමෙන්ටුව මෙතෙන්ට ගැලපෙනවද දන්නෙ නෑ. ඒත් කොටන්නම හිතුන.

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ බොහොම ස්තූතියි කොමෙන්ට් එකට....

      Delete
  5. උ‍ඹේ මුල් පැදිලෙළ අති විශිෂ්ටයි. කියන්න දෙයක් නෑ. තවත් තියනව නං දාපං ලොභ නැතුව. ටිකක් 18+ උනත් කමක් මොකද(ඌරන්ට මොන සෞඛ්‍යද! :)

    ‘බුදල්මි
    සියො වැ ආමි
    සිහිගිරි බැලිමි
    බැලු බැලු බොහො ජනා
    ගී ලීයෙන් නො ලීමි’

    මේ මම කැමතිම කුරුටු ගීයක්. පළමු කොමෙන්ටු පෙට්ටිය කැටපත් පවුර තමයි. ඒකාලෙ ලිව්ව කුරුටු ගීත් නියමයි. ඒත් අද කාලෙ මේවගේ ලියන්න පුළුවන් තැන්වල ලියල තියෙන්නෙ මොනවද,
    සංජය+කුමාරි, I Love U, බඩුවක් ගහන්න කතාකරන්න 077-*******, ..... වගේ ජුගුප්සාජනක කමෙන්ට්ස්. කවුද මේවට වගකියන්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා පට්ටම ඒවත් තියෙනවා.. මේ තියෙන්නේ එහෙම දෙකක්..

      ඔබද මා විය
      මාද ඔබ විය
      ඔබ මට ලංවිය
      මට දැන් කෙළවිය

      පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
      ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
      කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
      සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා

      Delete
    2. අන්තිම පදේ මම දන්නේ මේ විදිහට.
      -ඒ ගග ලගදි අපි දෙන්නා හමුවේවා -

      Delete
  6. ඒක තමයි එහෙනම් සීගිරි ච්ත්‍රවල සායම් සීඝ්‍රයෙන් මැකීයනව කියල පත්තරේ තිබ්බෙ. මාතලන් අයිය නිතරම සීගිරි යනවලුනෙ.(අත ගෑවට කමක් නෑ මිරිකන්න එපා)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එහෙම කරන්නමයි හිත...

      Delete
  7. මං මාතලන් ගැන
    හිතන් හිටි විදිය
    වැරදිය....
    අද දැනගතිමි..
    කෙතරම් අපූරු
    කවියෙක්ද
    යන වග..
    එච්චරක්යැ
    තන් වලට කොයිතරම්
    කෑදරද යනවග
    මං වගෙම.....
    (කවිනම් මට බෑ ඉතින්)

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙම නිසා අවුලක් නෑ...

      Delete
  8. කවි නොදනිමි,ආපසු යමි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ලස්සන කවියක්..

      Delete
  9. සී ගිරි කුරුටු ගී විචාරය කියලා පොත් සැට් එකක්ම තිබුනා මතකයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඇත්ත.. කියෙව්වා.. බොහෝ පොත පත තියෙනවා...

      Delete
  10. //නිල් කට් රොළ මලෙකැ
    ඇවුණු වැට්කොළ මල සෙය්
    සැන්දැහැ සිහිවෙන්නෙය්
    මහනෙල් වන හය් රන්වන හුස්//

    මේක නම් ආසම කුරුටු ගීවලින් එකක්.

    //අනෙක් අයගේ දෙයටත් කොමෙන්ට් කරන්න ඕන. ඒ වගේම විශේෂම දෙය තමයි සෑම කොමෙන්ට් එකකටම රිප්ලයි කරන්නත් ඕන.//

    සම්පූර්ණ ඇත්ත. මම කමෙන්ට් එකක් දැම්මාම ඒකට උත්තර තියෙනවද බලන්ට දහ පාරක් විතර එතනට දුවනවා...:)



    ReplyDelete
    Replies
    1. හිට්ස් ටිකක් වැඩිකරගන්න පොඩ්ඩිගෙ කොමෙන්ටු වලට ටිකක් පරක්කු වෙලා රිප්ලයි කරන්න ඕන. හොඳ ඔත්තුවක්.

      Delete
    2. අයියෝ.. එහෙනම් මගේ බ්ලොගේ පැත්තෙත් ඇවිල්ලා යන්නකෝ අක්කේ ..... :) :)

      Delete
    3. උඩ එකේ තේරුම ,

      මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්‍ද් බැල්මෙන්
      ගැසු නිල් මහනෙල් කැලුම් කිම දැ කුම් සෙය් ත මන වෙය

      Delete
    4. ඇයි මම කොමෙන්ට් වලටත් රිප්ලයි කරනවා සමහර වෙලාවට..

      Delete
  11. මෙන්න 'මොඩර්න්' කමෙන්ට්...

    බිග් ටිටිස් අයි සෝ...
    මැක්සා සෙක්සි අයියෝ...
    එක තනක් වැලදෝ...
    බ්‍රා එකක් නැද්දෝ...

    ReplyDelete
    Replies
    1. පුරවලා සිලිකා
      වැල කරයි වරකා
      මෙතැන නොම පොරකා
      බලපන් නෝටි ඇමරිකා

      Delete
    2. @ සිතුවිලි මණ්ඩිය ++++ පට්ට ඈ...

      හිටී නම් අද දින
      කසුප් රජ මේ බව දැන
      ඩොංගලේ ගහගෙන
      බලයි වැලතඩි මුන්ට (ලලනාවන්ට ) බැන බැන

      Delete
    3. පේට්‍රියට්ගේ එකයි සිතුවිලි මන්ඩියගේ එකයි පට්ට උපරිමයි...

      Delete
  12. කුමක් කියම්දෝ නොහැගේ. කවි රසය නිසා තුෂ්නිමභූත වී සිටියෙමි. අප්පේ මාතලං ගොයියා හැරි ලැජ්ජ බයට හැදිලනේ. ඒකට කම් නැත දාපිය අනිත් ඒවත්. කස්ටියගේම කවි එළ හොදේ..

    ReplyDelete
    Replies
    1. බලමු... ඇත්තටම කස්ටියගේ කවි මල් මසුරන්

      Delete
  13. තුමුල ගුණ ඇති
    මාතලන් කවිපති
    බැන්දු පද නිම් නැති


    දිනක් මා දැක ඇති
    සිතුවමක රූ ඇති
    කුමරි අතෙහී සුවද මල් ඇති

    ලය ලොවට විවරය
    හෙලුවන් අවන්කය
    පුන් පියුරු සොන්දුරුය
    සාරවත් කම් හැගිය

    සුවන්ද මල් වල පැහැය පැරදී
    කුමරි රන්වන් ලෙසින් ඇදුනී
    දිදුලනා රන් බරණ සැදුනී
    නැගෙන හිරුගෙ රශ්මි බැදුනී


    *******


    මතලන් සූරය
    කාමයට ලොල්මය
    දුටුවෙ මෙය මාමය

    සුදු ලදුන් ගෙන ඇදී
    ගලේ ඉහලට නගී
    මතලන් මග හිදී
    උඩ බලාගෙන වදී

    සිතුවමක් ලග විටෙක
    නතර වී ඉන් පසෙක
    පියුරු අගෙහී පිඩක
    මොනවදෝ සෙව් හැඩක


    මක්කෙයි මාතලන් අයිය මේ පෝස්ටුව කලෙන් දොහල දාක, බලන්ට කලියෙන් අකුලගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔවුනේ අතේ පත්තු උනානේ.. ටක් ගාලා ඩිලීට් කරා කලබල උන පාර...

      උඹේ කවි මල් හතයි මචෝ....

      Delete
  14. කැම්පස් වලත් බොහෝම සම්භාව්‍ය ගණයේ කවි ලියලා තියෙනවා. හොයල බලලා ලියන්න හිතාගෙන හිටියත් බැරිවුණා!

    ReplyDelete
    Replies
    1. සුපිරි ඒවා තියෙන්නේ එතන තමයි.. ඒත් අද ඉන්න අය කළාභවන තියෙන තැනවත් දන්නේ නෑ..

      Delete
  15. සුන්දර විවේචනයක්. විඩාබර මනසට කදිම අහරක් වුණා.

    ReplyDelete
    Replies
    1. මටත් පොලිටික්ස්ම් ලියලා එපාවෙලා උන්නේ...

      Delete
  16. හෙළයන් ඇඳි හෙළු ලියන්
    දැක අපේ මාතලන්
    පහල වූ කවි සිත්
    කියවීමි මනරම්

    ReplyDelete
    Replies
    1. උදිත මචන්,
      උබේ දේශපාලන දැනුම කලබල, සම්පිණ්ඩනය කරලා, පෙරලා, වාෂ්ප කරලා, ආසවනය කරලා මේ රෙද්දේ සමාජවාදීන්ට මේකෙත් මොනවහරි ලියහන්කෝ. කොමෙන්ට් එන්නේ නැවු පිටින් බන්.
      උදිත නිසා හිට් වූ රාමචන්ද්‍ර අති සාර්ථක කොමෙන්ට් 100 පසුකල වගයි. http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2012/10/blog-post.html

      Delete
    2. මචන් මට උබට කියල කේන්දරේ බලව ගන්න ඕනෑ ගැන කියල ඊයක් එවපන්

      Delete
    3. හෙලයන් ඇඳි හෙළු ලියන්.... නියම අර්ථ දැක්වීම....

      අමතක නොවේ කිසිදා...

      Delete
  17. නොදනිමි කවි ලියන්නට
    හැකිය මට මෙය රස විඳින්නට

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කිව්වාට
      ලියා ඇත බෝ රසට

      Delete
  18. යකෝ ඔය වගේද කුරුටු නැති සීගිරි ගී?

    සීගිරියෙ කුරුටු ගීත ලස්සනයි, ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි ( ඒ මම අකුරු නොදන්න නිසා)

    සීගිරියෙ අප්සරාවො දුටුවම, මට සිහිවෙනවා අවිහින්සක ඔය නෙත ( එදා කාමරේ උන්න විදිය )

    සී ගිරි සුකුමාලියේ, හෙළ රජ දවසේ, මතකද අපි පා වුනා පෙම් අම නදියේ ( මේ ටික කියන්නෙ කාෂ්‍යපනෙ ) ලංකාවෙ රැව්දෙන්නෙ නාමය ඔබගේ ( මේ ටික කියන්නෙ ටුවර් ගයිඩෙක් ද කොහෙද )

    සීගිරි ලාලිත ළඳුනේ...මා වෙත ඔබ සිත බැඳුනේ...( මේ කියන්නෙ සීගිරි ගල වගේ ලස්සන කෙල්ලෙක් ගැන වෙන්න ඕන )

    ReplyDelete
    Replies
    1. යකෝ මුන්ට හිතෙන දේවල්...
      අපූරුයි....

      Delete
    2. සීගිරි ගිරිසිකරය කසුපු රජුගෙ බලකොටුවයි (මේ ටික කියන්නෙ ඇන්ටන් ජෝන්ස්)

      මෙහෙමත් කියනවා නේද?

      සීගිරි සුකුමාලියේ, ** දෙක එළියේ, මතකද අපි පා වුනා, ඇඳ උඩ සොමියේ

      Delete
    3. තව තීනව...

      සීගිරි ලඳුනේ
      ඇයි තනිවී
      නිහඬව ඉන්නේ
      ඇයි ගොළුවී
      කැටපත් පවුරේ ගීපද ලීවේ
      ඔබදෝ ප්‍රේම පුරාණේ ( මේක ලියපු එකා ඉතිරි කෙල්ලො ටික දැකල නෑ. අනික ඒ කලෙ කැටපත් පවුරෙ ලිවුවනං ඉතින් කාෂ්‍යපගෙන් බඩුම තමයි )

      දහස් ගනන් නරඹා...
      සීගිරි බැස යනවා ( මන් හිතන්නෙ මේ කියන්නෙ බලන උන්ගෙ බරට ගල ගිලා බහිනව් කියල වෙන්නැ )

      Delete
    4. ඕකෙම තව වර්ෂන් එකක් තියෙනවා..

      සීගිරි ල යන්න..
      ඇයි ත යන්න..
      නි යන්න ඉ යන්න..
      ඇ යන්න ගො යන්න...
      කැ යන්න ප යන්න..
      ගි යන්න ලි යන්න..
      ඔ යන්න ප්‍රේම පු යන්න

      Delete
    5. අර සීගීරි ලාලිත ළඳුනේ කියන එකේ සීගිරි ලලනාවකුත් හම් කරනවා නේ.. මම හිතන්නේ සීගීරී ළඳුන් ගායනා කරන එකම ගීය ඒක වෙන්න ඕන..

      Delete
  19. චිත්‍රෙ මුලින් අඳින වෙලාවෙ කුමාරිගෙ තන පුඩුව ඇත්තටම පහළින් තිබිල පස්සෙ ප්ලාස්ටික් සැත්කමකින් උඩට ගත්තු නිසා එඩිට් කළා වෙන්න බැරිද?

    සීගිරි ගල විදල උඩට වතුර ගත්තු අපේ අයියලට ප්ලාස්ටික් සැත්කම් කජ්ජක්ද....

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ. විස්වකර්ම බඩු නේ ඒ කාළේ ඉඳලා තියෙන්නේ...

      Delete
  20. සීගිරි අප්සරාවක් මාතලංට කී කවිය...

    මාත ලං
    වෙලා ලං
    කෙළ හ ලං
    ඇත බ ලං

    ReplyDelete
    Replies
    1. මචන් මාතලන් මේ පිළිතුරෙන් වත් හැදීයාන්

      Delete
    2. හොඳම කොමෙන්ට් එක පිස්සු හුටං... පෂ්ඨ...

      Delete
  21. දයල් බතීය
    හිට්ස් නගීය
    හිටි හැටියේමය
    වට පිට බැලීමි
    මාතලන්ය
    සීගිරි ගිය

    සීගිරි ලඳුන් පරයන
    සෙක්සි ලඳුන් ලක නැත්
    කසුප් රජ පරදන
    හපන් අන් රජෙකු නැත්

    380 පුරවමින්
    සුද්දෝ පැමිනෙමින්
    ටුවර් යහමින්
    ලැබේවා ඔබට මාතලන්

    තිසර xx දැක ගිනි කන නොවැටේවා
    බුxය දැක ගල පහලට දෙරි නොගැසේවා
    සීගිරි බඹරුන්ගෙන් හදියක් නොම වේවා
    ගෙදර උන්දැට ඉලපත ඇස නොගැසේවා








    ReplyDelete
    Replies
    1. ///තිසර xx දැක ගිනි කන නොවැටේවා
      බුxය දැක ගල පහලට දෙරි නොගැසේවා
      සීගිරි බඹරුන්ගෙන් හදියක් නොම වේවා
      ගෙදර උන්දැට ඉලපත ඇස නොගැසේවා ////

      හික් හික්..... මාතලංංංංංංංංං... මෙන්නෝ..............

      Delete
    2. සිත් පිරිනි දයල් බතී පැමිණීම
      නොනා දනි මා කරනා සැම දේම
      පොඩ්ඩක් බනිනවා මල නම් පැන්නාම
      පෙර පින ඇති නිසයි මේ ලෙස පලදීම

      Delete
  22. කමෙන්ට් දැමීමයි රිප්ලයි කිරීමයි මට නම් දැන් කම්මැලි වැඩක් මාතලන් අයියා... මොන හේතුවක් හින්ද හරි දැන් බ්ලොග් කියවන්න හිතෙන්නෙත් නෑ ඉස්සර වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් එපා වෙලා තියෙන්නේ.. ඕන දෙයක් එහෙම තමයි...

      කලකදි රහ කලකදි වහ වෙනවාලූ...

      Delete
  23. හොහ්, හොහ්, කයි-කතන්දරයක් නේද?
    මේකේ කෑල්ලක් කලින් දවසක මිස් ෆයර් වෙච්ච වෙලාවේ දැක්කා.

    සීගිරී ගී ගැන මගේ ප්‍රශ්නය තමයි අපි කොච්චර චීනක්කණ්ණාඩි දාල බැලුවත් ඕවා පේන්නේම නෑනේ.

    ReplyDelete
    Replies
    1. මක්ක කොරන්නද ලොක්කෝ.. අහස දිහා බලාගෙන ඉන්න කොට ඉබේම එනවා..

      හරිම අපරුයි දකින්න මැද හරියේ උඩට වෙන්න පහැදිලි දෙකක් විතර පේනවා..

      Delete
  24. මානවකමි
    චාටනය
    වීමි
    බොහො කල්යැ
    වැටකොල් මල්
    නොපුදින
    සෙයි.

    ReplyDelete
    Replies
    1. ළඟදීම ලැබෙයි.. ඕකට ඉතින් අඬන්න ඕනෑය...

      Delete
  25. කොල්ලො බොල මාතලන්
    මේ ටික හොදට අහගන්
    ගහන විට සැර මත්පැන්
    අනේ අපිටත් එන්න කියපන්

    ReplyDelete
    Replies
    1. ගාල්ලේදි සෙට් වීමි
      වැල්ලවත්තේ නොආමි
      දිනක බදුන් පුරා මී
      බොන්නට අඬ ගසමි

      Delete
  26. දෙවරක් ගියෙමි
    අඟනුන් දුටිමි
    කවි නොදුටිමි
    කැටැපත දුටිමි

    ReplyDelete
    Replies
    1. ගයිඩෝ ඇත ගල පාමුල හෝ ගාලා
      අරගෙන යන්න මුලු දේ දේ පහදාලා

      Delete
  27. //මගේ මතය පිලි නොගන්න අය ඕන තරම් ඉන්න පුළුවන්.// මම එයින් එක්කෙනෙක්. තමන්ට කියන්න දෙයක් තියනවා නම් ප්‍රතිචාර කොහොම වෙයිද කියල හොය හොය ඉන්නෙ නැතිව කියන්න තියෙන දේ කියලා දාන්න ඕනෑ!!!!

    ReplyDelete
    Replies
    1. තම මතයට විරුද්ධනම්, මුග්ධ comment කියල මකල දාන්නත් ඕනෑ!

      Delete
    2. මම නම් එහෙමම කරන්නේ නෑ.. පොඩ්ඩක් හිතලා බලලා කොමෙන්ට් කරන්නේ. කෙනෙක්ගේ හිත රිදවන එකට මම කැමති නෑ. ඒ කොහොම උනත් අන් මතයට ගරු කරන එකනම් උපරිමයි...

      Delete
    3. ප්‍රතිචාර කොහොම වෙයිද කියා හොය හොයා ඉන්නෙ නැතිව තමන්ගෙ බ්ලොගයකින් තමන් කැමති දෙයක් ලියන්න කියලයි මම අදහස් කළේ. අනුන්ගෙ අඩවි වල ගිහින් දාන ප්‍රතිචාර තියාගන්න හෝ මකාගන්න අයිතිය ඇත්තේ එහි අයිතිකාරයාට.

      අඩවිය අයිතිකාරයාගේ "පුද්ගල අයිතිය" ගැන කවදා සිංහලයා ඉගෙන ගනීවි ද?

      මාතලන් දන්නෙ නැතිව ඇති සිංහලෙන් ලියන ආච්චිලාගේ අඩවි වලත් ප්‍රතිචාර දාන ලැජ්ජාවක් නැති පිරිමි ලියන කුණුහරුප. මතයකට ගරු කරනවා කියන්නෙ ඕනෑම කුණුහරුපයක් ලියන්න තමන්ගෙ ගෙදර ඉඩක් දෙන එකට නෙමෙයි. එහෙම ද්වේෂයක් ඇති මිනිසුන් දුදනන් මිස සුදනන් නොවෙති.

      Delete
    4. සිංහලෙන් ලියන ආච්චිලා කිව්වෙ තමන් ඇතුලුව වෙන්න ඇති

      Delete
    5. @ අරුණී
      ඒ කතාව ඇත්ත.. මමත් මගේ එකේ ඕනම දෙයක් ලියනවා.. මගේ මතය වෙන කොහෙද මම කියන්නේ...

      Delete
  28. මේ මාතලන් ට මගහැරුණු තවත් සීගිරි ගී කීපයක්.

    කොමුළ් අමඩ්ලෙඩ් ලින සී
    එ බොනද මියුර් යහ බැහැසි
    එ කපල්දල වන් දිගැසී
    මන ජල්වය සිත්නොමුසී
    --කැකිරි ඇට වැනි කොමළ සිනා පෑ ,,එහි මිහිර තරම් වූ යහපත් බසක් ඇති එහි තීරුවක ලෙල්ල වැනි දිගු ඇස් ඇති ඇය මා මන දල්වයි. සිත අත් නොහරී.

    සපු නිළිබදල ගත හෙළිල්ලබයකු මන
    මයි දි නෙත තම මෙබල තම බණවත
    - සපු මලක් හා නෙළුම් පොහොට්ටුවක් අතින් ගත් ළා බාල යුවතියක් තම සිත හා නෙත මට දී තොමෝ මා දෙස බලයි. මා ලවා කතාකරවූවද ඕ නොදොඩයි.

    වනව් දිගැස්සන් නරනිද්හු දුක්මැස්සන්
    පියල් බැලී අවුජ් බෙයනද්හී පුල් නිල් උපුල් ඇස්සන්
    -

    ReplyDelete
    Replies
    1. මින් පෙර අසාදැක නැත. පලකලාට ස්තුතියි!

      Delete
    2. උඹත් නොදන්න දෙයක් නෑ වගේ.. මොකෝ බොග නෝ අප්ඩේට්...

      Delete
  29. කො‍ලේ වහලා, ඩය‍රි‍යේ ටික හංගලා ගහලා.. අපි විරුද්ධයි !

    ReplyDelete
    Replies
    1. එව්වා මේකේ දන්න බෑ බං... අමු කුණුහබ්බ...

      Delete
  30. මට කවි බැරි නිසා උඹ අදට බේරුනා කියලා හිතාගනිං මාතලං.
    බලන් ගියාම අපි කමෙන්ට් කරුවන්ගේ පරම්පරාවකින් පැවත එන්නේ නේ? රාවණා මතක් වුනා බං.
    උඹ අර කමෙන්ට් වලට රිප්ලයි කරන කතාවට නම් මම සීයට සීයක් එකඟයි. මමත් ඔය කමෙන්ට් වලට රිප්ලයි නොකරන බ්ලොග් වලට කමෙන්ට් කරන්න ටිකක් කම්මැලියි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩුඩෙ කියන කතාව හරි. හැම දේම කරන්නේ හිතේ සතුට වෙනුවෙන්. දාපු කමෙන්ට් එකකට උත්තර දෙන්නෙ නෑ කියන්නේ ඒක වැදගත් නෑ කියන එක ප්‍රදර්ශනය කරන එකනේ. (මේ දවස් වල මාරයටත් ටිකක් ඕක බෝවෙලද කොහෙද.. මේකා අවුස්සගත්ත තරමට වැඩි පුර කොටාදානවා නෙව)

      Delete
    2. පිස්සුවටද බන් ඒවට කොමෙන්ට් කරන්නේ.. එහෙම කොමෙන්ට් නොකරන තැනක් තමයි බූන්දිය.. කොච්චර රසවත් දේ තිබුනත් නෝ කොමෙන්ට්ස්...

      Delete
    3. ඔව් අප්පා.. බූන්දියට නම් කමෙන්ට් කරන්න හිතෙන්නෙවත් නෑ.... සමහර ඒවා නං අති බරපතල ලෙස සම්භාව්‍ය ගණයේ වගේනං කියවන්නේවත් නෑ... හි හි....

      Delete
  31. මරු නෙ අප්පා..
    හෙහ් හෙහ්.. රිප්ලයි නොකරන බ්ලොග් වලට කමෙන්ට් කරන්න හිතෙන්නෑ අම්මපා..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කියන්නෙ එයාලට කොමෙන්ට් ඕන නෑ කියන එක නේ...

      Delete
  32. මං නං කියලම එනවා... කමෙන්ට් වලට රිප්ලයි නෑ නේ කියලා.... හි හි...

    අනේ මං පරක්කු වෙලා ආපු එක හොදයි.. නැත්තම් සැරින් සැරේ මේ පැත්තේ ඇවිත් මේ ටික කියෙව්ව නං මාතලන්ට හිටිස් ඩබල් ට්‍රිබල් වෙනවා.... හොඳ නෑ නේ එහෙම .... නේදෑ.......

    පෝස්ට් එක හා තරමටම කමෙන්ට් ටිකත් ලස්සනයි.... ( ඔව් ඉතිං අද අල්ලගෙන තියෙන්නේ ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලො ටික නේ... නේද මහාචර්‌යතුමා...හි හි)

    ReplyDelete
    Replies
    1. සුද්දෝත් ඔය කතාව කියනවා. ඔය පැත්තෙ ඉස්සෙල්ලම ගියාම උන් කියනවා මේ උඹලෑ රටේ ඒවා වෙන්න බෑ කියලා. ඒ උනාට නුවරට කොළඹට ආවම පිලිගන්නවා..

      Delete
  33. ඔක්කෝමලාගේම
    කවි කියවලාම
    මහන්සිය දැනුනාම
    දුක හිතූණා මං ගැනම..
    ඔ්ං ලිව්වා එකක් මාත්
    ඇයි යකෝ....!!!!!####

    ReplyDelete
    Replies
    1. අර අන්තීමට තියෙන අකුරු මොන හෝඩීයේද

      Delete
  34. 18+ ටිකත් දැම්මනම් තමා හොද..
    ශෘංගාර රසයත් ඉතින් රහක්නේ..

    එඩිට් කරා කියපු තන බලන්න යන්නම වටිනව...

    ReplyDelete
    Replies
    1. ගයිඩෙක් අල්ලන් ගියාම හරි.. උන් ඔය ඔක්කෝම දන්නවා....

      Delete
  35. මාතලන් මේ බලන්
    හිතට ගැන මේ වදන් ..
    අන් සතු ලදුනගේ දෙතන්
    බලන්නට
    ඇහැකි මුත් හොරෙන් ..
    අල්ලන්නට නොම වටින් ...
    පිට ලදුන්ගේ දෙතන් මන්ද
    දුටු විට මෙච්චර ඔල්වරසන් ..
    ගෙදර උන්දට අහුවුනතින් ..
    කරකවයි මාතලන්ගේ .. රබුටන් ..

    ReplyDelete
    Replies
    1. මැරෙන්න හිනා බන්.. වෙන මුකුත් ලියන්න හිතෙන්නේ නෑ..

      Delete
  36. නිල් කට්රොල් නොවේයෑ..
    වැටකොළු කරල් සේයෑ..
    හෙරළි ගැට මෙන්යෑ..
    මාතලං තං බැළුවේයෑ...

    ReplyDelete
  37. පමා වී ආවෙම්

    බොහෝ කවි දුටුයෙන්

    සිත බොහෝ සතුටින්


    සිනාවී තරවෙම්

    ReplyDelete
  38. අමුතු විදිහට ලියවෙන අමුතු ලියවිලි..
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිමාවී

      Delete
  39. හත් දෙයියනේ අකුනක් වැදිල සිංහ පාදයෙ පදාසයක් ගැලවිලා ගිහිල්ලලු...ඕකටත් ඉතින් මරා ට බනී කට්ටිය ..
    හැබැයි ඔය වගේ වැදගත් ස්ථානවලට අකුනු සන්නායක එහෙම හයිකරන එක රට කරවන අයගෙ වගකීම තමයි...ඒවට කුට්ටි වෙන්කරගෙන දැනටත් ගිලලද දන්නෙත් නෑ අපේ උන්දල....

    ReplyDelete
    Replies
    1. හෙන ගහන්න ඕන වැඩත් එතන වෙනවා..

      Delete
  40. Sree raja yasa sasiri, thbu mulu low pathiri, nilupul asun asiri, balumu sihigiri, mama ahala thibuna kawiyak kawru leewada kiya danne naha.

    ReplyDelete
    Replies
    1. කවුරු කීවත් ලස්සන කවියක්

      Delete
  41. පොරට් මාතලං යැ.
    කැටපත් පවුරට්
    දිව ගෑවේට්ය, අත ගෑවේට්ය
    අන්න බොල ලුණු බැදිලාය
    ගොහිං හනිකට සුද්දේ දාපිය

    කැටපත් පවුරේ ලුණු

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට සිංහ පාදෙට හෙනේ ගැහුවේ.. බිතු සිතුවම් පැත්තට එහෙම වැදුනා නම් මං ඉඳලා හමාරයි

      Delete
  42. සීගිරිය ගැන ලියූ ඔබේ පෝස්ට් එක හා සමානවම වටින ඉතා මිහිරි කවි ටිකක් කියවීමට ඉඩ ලබාදුන්නට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කිරීම ගැන බොහෝම ස්තූතියි....

      Delete
  43. අඟනන් හිඳිනා වෙන රටක
    පෙන්නා ආන් බල කුණුහරප
    කියන එවුන දක්කාගෙන දිනක
    යන්නට හැකිනම් සීගිරිය වෙත
    කියනට හැකි නොවේද
    කොතනත් ඇත මේක ...

    මචන් ඇත්තටම උබේ බ්ලොග් එක මන් අදයි විවේකව බැලුවේ.
    මාතෘකාවයි එකේ කොමෙන්ට් ටිකයි දැක්කම මේක කියන්න
    හිතුනේ .. බොරුවට සුදු හුණු ගන්න හදන සිංහල කම දෙපිටින්
    යන තැනක් තම සීගිරිය...
    ( අනාගාමී , රහත් නොවුන )ඕනෑම කෙනෙක්ට හැගීම්
    තියෙනවා ඇවිස්සෙනව දගලනවා , රජද , සින්හද බළුද .කියල න.
    යන්තන් මේ චිත්‍ර ටික හරි බේරුනා එක ලොකු දෙයක්.
    නැත්නම් සිංහලු කියන්නේ සංසර්ගයෙන් නැතුව අපේ කමින්ම
    බිහි උන ජාතියක් කියල තම කියන්නේ මහා කළු සිංහලයෝ ටික මේ රටේ ඉන්න

    සිංහල ගැන සොරි IME එකෙන් දෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හා 100% එකඟයි....

      Delete
  44. බ්ලොගයට ආමි
    කවි කියවීමි
    මිහිරි රස වින්දෙමි
    සිත් සන්තොසින් මේ
    කොමෙන්ටුව කෙටුවෙමි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න