.

.

Oct 29, 2013

විගා... පිස්සුනම් කෙලින්න එපා මචං.. - From Vasu with love....

 
ඔය පොලිටික්කෝ අතරේ එහෙ මෙහෙ ගැවසෙන නිසා රහස් ලිය කියවිලි, ලියුම් කියුම්, කොමිසන් වාර්ථා වගේ ඉතා වැදගත්, කාටවත් ලැබෙන්නේ නැති ලිය කියවිලි, සමහර විට මට හම්බ වෙනවාය. මමත් ඉතින් විකි ලීස් ලියන අසාන්ජේ වගේ ඒවා බොගේ දානවාය.

එතකොට ඔය වං හුං කැමති උන් ඒවා බලලා කොමෙන්ටුත් දානවාය. මට නම් ඉතින් අසාන්ජේ වගේ ඇම්බසි අස්සේ රිංගන්න ඕනා නැතිය. බැරිම තැනක් ආවෝත් නම් උතුරුකුරු දිවයින බලා යන බෝට්ටුවක එල්ලෙනවාය.

ආන් ඒ වගේ රහස් ලියුමක් මට ලඟදි හම්බ උනාය. මේක යවලා තියෙන්නේ වාසු කියලා පොරක්ය. ලැබෙන්නා විගා කියලා පොරක්ය, දෙකම ටැමිල් නේම් නිසා හරියටම අපි හිතාගෙන ඉන්න උන්ද කියලා කියන්න බැරිය. ඔහේලාත් කියවලා ඩවුට් එකක් තියෙනවානම් කොමෙන්ට් එකක් දැම්මාට අවුලක් නැතිය. නැත්නම් නොදැක්කා වගේ උන්නාත් අවුලක්ම නැත්තේය..

ඩියර් මචං,

මචෝ උඹේ සැප දුක් අහන්නත් නිකන් බයයි වගේය, මම නම් ඉතින් සුපුරුදු පරිදි ආතල් එකේ ඉන්නවාය. ඉස්සර වගේ කඳුළු ගෑස් පාරවල්, බැටන් පොලු පාරවල් නම් කන්නේ නැති බව, උඹත් දන්න නිසා ආයෙත් ලියන්න ඕනා නැතිය.

අම්මගෙ රෙද්ද විප්ලවේ කරන කාළේ හිතාගෙන උන්නේ ඒ තරම් රහ කෑමක් තවත් නැතෙයි කියාය. ඒ උනාට රජ කෑම ඊට වඩා පට්ට රහයි කියා දැන ගන්නා කොට, අපි පරක්කු වෙලා වැඩිය. ඒ උනත් නහින දෙහින කාලේ හරි, මෙහෙම චෑන්ස් එකක් ආවේ පූරූවේ පිනක් තිබිලාම වෙන්න ඇතිය.

උඹත් මේ බඩු නලව නලව ඉඳලා පැන්සොන් ගිය එකාය. උඹට ආතල් එකේ ඉන්න දෙන්නේ නැතිව, මේ ලොම් හලිච්ච හනුමො සැට් එක, උඹ මේ නරා වලට ඇදලා දැම්මාට මට තියෙන්නේ මාර දුකක්ය. මොකෝ මගේ ආතල් එකට කෙලවෙන්න පොටක් පෑදිලා තියෙන නිසාය.

කොහොම හරි, අපිට වගේ අරක්කු බත් පැකට් දෙන්නේ නැතිව, උඹව ලොක්කා කර ගන්න තරම්, ගේම ඉවර වෙලා, අවුරුදු 4ක් යන්නත් කලින් උඹේ උන් තීරණේ කොලේ, උඹගේ කලින් ජැනරේසොන් එක ගැන, දැන් ඉන්න උන් දන්නෙ නැති නිසා වෙන්න ඇතිය.

නන්දිකඩාල් හන්දියේ නිවන් ගිය එකා, උඹලයි කලින් ජැනරේසොන් එකට නිවන් මග පෙන්නුවේ, උන් කොරාපු මළදානයක් නැති නිසාය. එහෙම කොරලා ඌ කරේ, පොඩි උන්ගේ කරේ කැප්සූල් එකක් ගැට ගහලා, තිබුන සැලකිල්ලත් නැති කොර ගත්ත එකය.

බලේ හම්බ උන ගමන් මොළේ නැති වෙනවා කියලා කතාවක් තියෙනවාය. සමහර විට මොළේ විතරක් නොව, උඹ උනත් නැති වෙන්න ඉඩ තියෙනවාය. මේ වෙනකන් උඹ ගහපු බයිලා එකක් වත් හිට් උනේ නම් නැතිය. 

ඉස්සෙල්ලාම කිව්වේ, අග්‍රාන්ඩුකාරයා අයින් කරන්න කියලාය. අන්තිමේදි ඌ ගාවටම යන්න උනේය. ඊට පස්සේ ඇමතිකම් බෙදා ගන්න ගිහින් උඹලාම ඇදගෙනම නාගත්තේය. ජයලලිතා ගාව මන මෝහන් සිං අයියා ගාව දිවුරුම් දෙන්න ගියපු උඹ, බලු කුක්කා වගේ ඇවිත් පෙරිය මුරුගා ගාවම දිවුරුම් දීලා ගියේය.

එහෙම ගිහිල්ලාත් උඹ තවමත් බයිලා ගහන්නේ, මෙහේ වගේම ඔහෙත් ඉන්නේ නම්බර් වන් හරක් නිසා වෙන්නත් ඇතිය. අනික ඉතින් උඹ මහ ඇමති කරපු එකාලාට, වෙන මක්කා කියන්නද කියලාත් හිතෙන්නේය.

දැන් පොලෝසියට දෙමළ උන් දාන්නයි, හමුදාව ඉවත් කරන්නයි යනවා කියා පොර ටෝකක් දීලා තියෙනවා දැකලා මගේ නාකි මයිල්, ඉස්මයිල්ම වෙලා ගියේය. මට පේන්නේ මේ බයිලා එකත් අර බයිලා වගේම කියලාය. මෙහේ බයිලාත් නැගලා යන්නේ සතියයි හා දෙකයි නිසා. උඹේ බයිලාවත් එහෙමම එකක් වෙනවානම්, අපි දෙන්නාගෙම පිනක් වෙන්න ඕනාය.

ඔය බයිලා ගැහුවාට මුරුගාගෙන් නම් මෙළෝ දෙයක් ගන්න නම් හම්බ වෙන්නේ නැතිය. මමත් ජාතිය එකා බද්ද කරන එකා උනාට, මම කරපු ලබ්බකුත් නැත්තේය, එකම චෑන්ස් එක, ලොකු පෝස්ට් එකක් කරන නිසා, හඬු ගඳ ගහන් උන් අස්සේ රිංගන්නේ නැතිව, ආතල් එකේ ඒ සී කාමරේකට වෙලා නිදා ගන්න පුළුවන් එකය.

මචෝ උඹ ජීවත් වෙන්න පොර ටෝක් දුන්නාට අවුලක් නැතිය. ඒ උනාට මේ මං ගැනත් කල්පනා කරලා ටෝක් දෙනවානම් වඩාත් හොඳයිය. මොකෝ මෙහෙම විමුක්තියක්, කියුබාවේ කැස්තරෝලාටවත් හම්බ වෙලා නැතිය. අපි ගන්න ආතල් එක්ක බැලුවාම කස්තරෝ නිකන් මෙහේ නිර්ධන පන්තියේ එකෙක් වගේය.

විප්ලව කරනවානම් මම වගේ කරපන්ය. එතකොට කවදා හරි විමුක්තිය නම් උදා වනවාමය. මහ එකා බොක්ක හොඳ එකාය. ජිනීවා යන්නත් ඉස්සර ඉඳන් ඌයි මායො සැට් වෙනවාය. ඒ වෙලාවට කරන ඒවා මොනවාද කියා අහන්න එපාය.

මට උඹට කියන්න තියෙන්නේ. නිකන් කට තිබුන පලියට පොර ටෝක් දෙන්නේ නැතිව, පොඩ්ඩක් කල්පනා කරලා බලලා, බයිලා එලියට දාපන් කියලාය. මොකෝ සමහර විට එහෙම කරලා, උඹත් මම වගේම චොර වෙලා යන්නත් ඉඩ තියෙනවාය. මචෝ මෙහෙම සැපක් ළොවෙත් නැත්තේය. ලොවි ගහේ තියා, තල් ගහේත් නැත්තේය. ඒ නිසා දෙන දෙයක් කා වෙන දෙයක් බලා ගත්තානම් වඩාත් හොඳය..

අනේ මචෝ ......... පිච්චු නම් කෙලින්න එපාය.....

මීට ආදර මචං..

වාසූ...

86 comments:

  1. අදමද මන්දා කොමෙන්ටුවක් කොටන්නේ.මට හිතෙන්නේ විගා උතුරේ තම්බිලාට තංගච්චිලාට මෙගා නාට්ටියක් පෙන්නනවා වගේ මේන් රෝල් එක කරන ගමන්....

    ReplyDelete
    Replies
    1. උඹට වැඩේ තේරුනා.. පොලිටිකල් ඩ්‍රාමා කියන්නේ මේවට තමයි.. එහේ වගේම මෙහෙත්, මාසයක් විතර ඇද ගන්න පුළුවන්..

      Delete
  2. ඔය තැන් වලට ගිහින් මොන ටෝක්ස් දුන්නත් අවුලක් නෑ. ඕව කාටවත් මතක තියෙන්නෙත් නෑ. මතක තිබ්බත් ගණන් ගන්නෙත් නෑ. ඔය යූ. එන්. පී. එකෙන් ඇවිත් ඉන්න මැති ඇමති ගොල්ල ඒ දවස් වල කිව්වා කතා එක්ක බලද්දී ඕව නම් මොනවද. ඇයි අර හෙයා ජෙල් ඇමති තුමා....
    තාම ආපු අලුතනේ.. හැදිලා එයි ගානට.

    ReplyDelete
    Replies
    1. මේක දැකලද මන්දා... ඊයෙම කිව්වේ, ජනාධිපති තුමත් එක්ක කතා කරලා තමයි ඕනම දෙයක් කරන්නේ කියලා.. ඇමරිකන් ඇම්බැසිඩර් නෝනත් කිව්වේ අනුන්ගේ ඒවල ඇඟිලි ගහන්නෙ නැතෙ කියාලා..

      Delete
  3. හැම වාම ආංසිකයටම ඔහොම ලිපියක් ලියන්නවෙයි.........

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම උන් ළොවෙන් වඳ වෙලා යන කාලේ..

      Delete
  4. හ්ම්ම් ,, රටකජු ගොට්ටක් අරන් පස්සේ එනවා කොමෙන්ට් කියවන්න,, හි හි ඊට පස්සේ කොමෙන්ට් එකක් දානවා හි හිහි

    ReplyDelete
    Replies
    1. ඔහේ රටකජු මෙහේ ඒවට වඩා පට්ට ලොකුයිනේ.. රසත් වැඩියි...

      Delete
    2. ඔව් ඔයාට මතක ඇති ඒවාට කියන්නේ "බුත්නිම් " සමර් එක ඉවරවෙනවත් එක්කම මන් ගෙනාව කිලෝ එක ගානේ ආමන්ඩ් , බුත්නීම් ,කැෂූ,ඉගුසිම් ,තියිනීම් ,, සුම් සුම් කන්න තමයි තියෙන්නේ ,

      Delete
  5. මීට වඩා ලොකු සීන් ඉස්සරහට තියෙනවාය...ඩයනව අත ඇරපු චාල්ස් ගොයියා එක්ක 50 දෙනෙක් ලංකාවට එනවලු. එයාගෙ 65 වන උපන් දිනෙත් මෙහෙදිම සමරන්න සියල්ල සූදානම්ලු...

    ReplyDelete
    Replies
    1. ඒ පිනම මදි ද අයියණ්ඩි අපේ මහින්ද රාජෝත්තමයට නිවන් දකින්න!

      සාදු! සාදු!! සා..........දු!!!

      Delete
    2. මෙන්න මමත් පූජා වට්ටියට අත ගැහුවා.
      සාදු! සාදු!! සා..........දු!!!

      Delete
    3. උන් නාවොත් ඉතින් වැඩක් තියෙනවාය.. අදිරාජ්ජ විරෝධියි අරවයි මේවයි කිව්වට.. ඒ ට්‍රැඩිසොන් එක නේ ඔය මේන්ටේන් කොරන්නේ..

      Delete
  6. ලිපියේ කෑල්ලක් මග තිබී මට හමුවිය

    මචං විගා කියන්න බැරිවුනා බං , මගේ පක්සේ ජාතික සංවිධායකයා යූ.එන්.පියට පැන්නා බං. ඌ දැන් කියනවා මම පන්ති සටනෙන් ඈත් වෙලාලු. ඌ යූ.එන්.පී එකට පාන්නේ පන්ති සටන කොරන්න් වෙන්නැති. එක අතකට අලි පාටියේ එවුන්ට කොරන්න වෙන සටනක් නැති එකේ එකවත් කොරපුදෙන්. මොකද මේ යන හැටියට අලි පාටියේ එවුන් කොහොමත් නිර්ධනයෝ වෙන එක ෂුවර්ය. මොකද කීයක් හරි හම්බ කොරගන්නත් බලේ තියෙන්න ඕන නිසාය.
    ඉතින් මචං අපේ මලයා උඹ දන්නවනේ අර උපදේශක ඉඳලා දැන් පක්ෂයක් අටවාගත්තු හේම මලයා නෙවෙයි ,අර යසපාලිතයා, අන්න ඌ ගහන අලුත් චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට අපි දෙන්නව ගන්නවාලු. මොකද අපි දෙන්නගේ රඟපෑම ඉතාම ඉහලයි කියලා ඌට හිතෙන්වාලු.

    ReplyDelete
    Replies
    1. වාසු සහ විගා දෙන්නවත් යසපාලිත ඉන්න තැනට දැම්මම යවන්නද කල්පනාව?

      Delete
    2. යසපාලිත් නිර්මාණයක් රස සාගරයක් කියලා නේ ඒ කාළේ කිව්වේ..

      මේ දෙන්න එක්ක බැලුවම යසපාලිත මොන රස සාගරයක්ද කියලා හිතෙනවා..

      Delete
  7. ඔන්න බලපල්ලා ඔච්චර වැඩකාරයෝ ඉන්න ටී ඇන් ඒ එකට උතුරෙන් මහ ඇමති කෙනෙක් හොයාගන්න බැරිඋනු හැටි,මෙයාගෙත් නම විතරයි වෙනස් අනික් ඔක්කොම අරගොල්ලොත් එක්ක තමයි,ආශ්චර්යය ආශ්චර්යය.

    ReplyDelete
    Replies
    1. උතුරේ එහෙම උන් ඉන්න බෑ නේ මචෝ.. කොළඹ උන්න උන් ටිකත් මරා දාපු එකේ.. අනික් උන් ටික රට පැන ගත්තා.. උන්ට නේ අර ඩයස් පෝ.... ඩා... ද මක්කුන්ද කියන්නේ..

      Delete
  8. ඔය පොර ටෝක් ඉවරයි මස්සිනාලා සැට් එක හවසට අනික සැට් උනාම.
    අනික ස්ක්‍රිප්ට් එක අරලිය ගාඩ්න් එකෙන්. අධ්‍යක්ෂනය රඟපෑම ඔක්කොම මස්සිනාලා....

    ReplyDelete
    Replies
    1. එහෙම නොකර මේ දර්මද්වීපේ ජීවත් වීම බොරු.....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. තව ඉස්සරහට තව සෙල්ලම්.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. ආර් ඩී ඒ පැත්තෙන් ඇසෙන පුවතක්,
      කින් පප්පා සහ රජ පවුලේ පප්පලා, චීනෙට දත නියවීම නිසා වැලේ වැල් නිතිව සිටින දේශීය කොන්ත්‍රාත් කරුවන් කීපදෙනෙකුගේ බීලී බා ගැනීම, නැතිනම් කොටස් මිලදී ගනිමින් සිටී. බලමුකෝ එකෙත් හැටි. කොහෙන් ගෙනාව සල්ලීද මේ.

      ඉතිං බං බොලා ලා ප්‍රේක්ෂකයෝ වගේ හැමදාම ප්‍රේක්ෂකාගාරයේ ඉදලා බල බල ඉඳලා හරියනවැයි.

      Delete
    2. අපි කවදත් ප්‍රේක්ෂකයෝ පමණයි.. අර ජේ ආර් පප්පා ආරක්සාව ගැන කිව්වා වගේ, අපේ පැවත්ම අපි හදා ගත්තාම ඉවරයි..

      Delete
  11. මම නම් දැන් ඉන්නෙ නොදැක්ක/නොඇහුන ගානටය.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැඩ බැරි ටාසන් වගේ

      Delete
    2. මම නම් ඉතිං හැමදාම හැකි ටාසන් බං..
      මට දැන් වයස 50+...
      මාලග මම ගඩොල් බාපු ළමයිගෙ ඇද නැති මවිල් 147 කුයි,
      ඇන්ටිලා 69 දෙනකුගෙ ක්‍රේල් මාවිල් බහලපු කුප්පි දෙක තාමත් තියෙනව ඔබ වැනි අය කවද හරි මුන ගැසුනොත් පෙන්වන්න.

      Delete
    3. @Kenji

      පොර ඇල්ලීමද පෙර සේමැ'යි...!

      Delete
    4. ගොඩක් අය ඉන්නේ එහෙම තමා... ඒකත් එක කරුමයක්.. ඡන්දෙ නොදාන ප්‍රතිශතේ වැඩි වෙන්නේ ඒ නිසා...

      Delete
  12. මට නම් පේන්නේ ඉන්දියාවට යවපු අති රහසිගත ලියවිල්ලක් මාතලන් උස්සලාය. :D

    ReplyDelete
    Replies
    1. එහෙම කොරනවයි නෝනේ... වැටිලා තීලා... අහුල ගත්තේ...

      Delete
  13. මේ නිදහසේ, සාමයේ ආශ්චර්යයි.
    දකුනේ පෙන්වූ නාඩගම්,නාටක,දර්ශන දැන් උතුරේද පෙන්වීමට මේ වසන්ත සමයේ ඉඩ අවකාශ ලැබී ඇත්තේය

    ReplyDelete
    Replies
    1. එකම කාසියේ දෙපැත්ත...

      Delete
  14. /* මේක යවලා තියෙන්නේ වාසු කියලා පොරක්ය. ලැබෙන්නා විගා කියලා පොරක්ය, දෙකම ටැමිල් නේම් නිසා */

    මාතලන් කියන්නේත් දෙමල නමක් නේද? ඇට් ලීස්ට් මාතලන් චිත්‍රපටිය දෙමල කොපියක්.

    ReplyDelete
    Replies
    1. A good point Kaka!

      මෙයද ඩයස්පෝරාවේම මෙහෙය වෙමක් මත ලියැවුණු ලිපියක් විය හැකි ය!

      Delete
    2. කතා මේ... ඔහේ නිකන් ඉන්නවද... ඔහේ කොටි ලේබල් ගහගෙන.. මටත් ගේම දෙන්න නේද ලෑස්තිය.....

      :) :) :)

      Delete
  15. මමනම් මේ පොස්ට් එක දැක්කේ නැතිය

    ReplyDelete
    Replies
    1. එසේ නම් අවුලක් නැතිය...

      Delete
  16. ප.ලි.. - මචං විගා මේ ලියුම එවපු විත්තිය අපේ දරුවෝ දන්නේ නැහැ හරිය...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ඊළඟට රට කන්න ඉන්නේ උන් කොට... මට වගේම අහුල ගන්න... කොපීස් ගහලා තැන් තැන් වල දාලා ඇති..

      Delete
  17. අපි නම් වන ජහමනයා නරි නාටක බලල හෙම සුදහගින්දරෙන්ම නිදි වැදිල පහුවෙනිදත් ගිහින් මෙයැයිලටම කතිරෙ ගහන එක මට හිතෙන්නෙ පුරුද්දට කරන වැඩක් මිස සිහිකල්පනාවෙන් කරන වැඩක් නං වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් අපේ මනුස්සකම නේ... මෙයැයිලා ගාව ඒක නැති එකනේ කරුමේ...

      Delete
  18. විගෝ'

    එන්න........

    මල් පිපීදැයි බලන්න!

    මාරාන්තික උපවාස කරන්න!

    ක්‍රීම් ක්‍රැකර් කන්න!

    මූන්ව එලවන්න!

    ගූගල් නවතන්න!

    ඔබාමාව පාගන්න!

    පිල්ලේව xxවන්න! (මකවන්න.)

    තව මල් තිබේදැ'යි බලන්න!

    (මෙය මාගේ පලමු ආගමනය නොවන්නේ ය.

    එහෙත්, පලමු කමෙන්ටුවයි!)

    ReplyDelete
    Replies
    1. තාව පිළිගන්න පොල් ලෙළි, ගල් මුඟුරු ලෑස්තියි.

      Delete
    2. ටැංකිවු ටැංකිවු මචෝ..............!

      Delete
    3. මචෝ උඹේ කොමෙන්ට් එක පට්ට ලස්සනයි... මල් මසුරන්...

      Delete
    4. @මාතලන් ජී,

      බොහොත් ෂුක්රියා බයියා!

      Delete
  19. අපි විතරක් හැරී පොටර් බලල හරියනවයි, උතුරු නැගෙනහිර උනුත් මේ (අ)මුතු ඇටේ ජහමනය නොවැ

    ReplyDelete
    Replies
    1. උන් ටැමිල් සෝ වලට ආස උනාට, උන්ට බලන්න වෙලා තියෙන්නෙත්, හැරි පෝටර්, මර්වින් ම තමයි...

      Delete
  20. මම හිතන්නේ අර රවුල් කාර වාසුදේව කාරය නේද ගොන් ටෝක් දෙන එකා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එයා වෙන්න බෑ..

      Delete
  21. Replies
    1. උඹ නෙමෙයි... ගොඩක් උන් නිදී... ඒ කිසි අවුලක් නැති සැට් එක....

      Delete
  22. නාකි සිංහයා දඩයම් බැරි වෙනකොට ලොම් හැලෙනකොට දත් වැටෙනකොට එහෙම තමයි මොකෝ බඩගින්න දරුනුයි නෙව.

    රජතුමාගේ ප්‍රාදේශීය රාජ්‍යක් වගේ වෙයි ඒ මොඩල් එකේම යුවරජ විග්නේශවරන්...

    ReplyDelete
    Replies
    1. හරකා නාකි උනත් උගේ අඟෙන් පුළුවන් පීලි පන්නන්න.

      Delete
    2. හොඳ කතාව.. ඒත් මුන් මටනම් සිංහයෝ නෙමේ... හිවල්ලු..

      Delete
  23. මාතලන්,
    විගා, සම්බන්ධන් ඇතුලු උතුරේ සැට් එකත් ලොක්කා, ලොක්කගේ සැට් එකත්, විපක්ෂ සැට් එකත්, දකුනේ හනුමගේ ගැණිගේ සැට් එකත්, ඇතුලු එකී මෙකී නොකී හැම එකාම කොයි දීපන්කරේ හිටියත් ජහමනයා අන්දන එකට අමතරව කරන රාජකාරිය මොකක්ද? ජහමනයත් ඉල්ලගෙනම ඇන්දගන්නව නම් ,,,,,,,,,,,,, මට කියන්න තියන්නේ මෙච්චරයි,
    වැටත් නියරත් ගොයම් කානම්
    කාට පවසම් ඒ අමාරුව.
    මේක ලොක්කා ඇන්දෙන අන්දන සමාජයක් ලෝකයක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ..වෙද මහතාණනි....

      Delete
    2. පිට කසා ගන්න ලියන්න දෙයක් ඇත්තෙම නෑ වගේ.

      Delete
    3. මොකෑ නැතුව ... මෙහෙම ලියන්න ඉතින් මාතලන් මිසක් වෙන කවුද????

      Delete
    4. නෑ වෙද පප්පේ මම කීවේ කෙන්ජි කෑ-කෝ- පප්පාට,
      //අනේද කියන්නෙ..වෙද මහතාණනි....//

      Delete
    5. //අනේද කියන්නෙ..වෙද මහතාණනි....//

      අනේද කියන්නේ මාමේ.......

      හික්z!

      Delete
    6. මට දුක තියෙන්නේ.. සුද්දා හදාපු රට.. ඉස්සරහට ගෙනියන්නේ නැතිව.. පස්සට ඇදගෙන යන එක ගැන.. භෞතික වශයෙන් නම් දියුණුවක් තියෙනවා.. ඒත් එකෙන් අනාගතේට කිසිත් වෙන්නේ නැත්නම් ඇති ඵලේ කිම..

      Delete
  24. ඇ ආයුබෝවන්, ඉස්සරත් අර හමුදාව අයින් කොරනකොට මවිල් ස්මයිල් උන්නේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මහ ඇමති නෙමෙයිනේ... මක්කා හරි කියන්නත් එපාය ආයිබෝවන්ඩ..

      Delete
  25. මාතලන් ජී,

    ක්යා ඇනෝ ජී's නහී ආගයා....?

    ReplyDelete
    Replies
    1. අච්චා,
      මාතලං ජී, අරේ වාහ් වාහ් අප්නා පිල්ලි
      දෙකාහේ මාතලං

      Delete
    2. කියන මළදානයක් හින්ගලෙන් කියාපන් බං

      Delete
    3. @ කා වා

      අරේවා කාවා ජී.....! බොහොත් සුන්දර් බේටා බොහොත් සුන්දර්.....!!!

      මාතලන් ජී,

      Could u plz explain what the meaning of "Sinhala"??

      Delete
  26. දකුනෙ ඡන්දෙත් එනනිසා ලොකු අයියට හා සහචරේට හකු පනින්න,ගිරිය පුප්පන්න..!
    කට්ටිය එකතුවෙලා ගහපු ඩීල් එකක් නෙවීද මෙයා..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං. දේශාභිමානය හදලා ආයෙත් ඡන්ද පිල්ලිය ගහන්න ගහන ගැටවලට අපේ පප්පලා අහු වෙනවා. මේ පෝස්ට් එකේ කොරලා තියෙන්නෙත් කින් පප්පටම සපෝට් කොරන එකක්. අපි දැන් අර ගොබ්බ විගාට බැන බැන ඉදිමු. මහ එකා දකුණෙන් කොටා බාගන්නකන්. මාතලං ඒ ගැනත් ටිකක් හිතනවානම් හොඳා.

      Delete
    2. එව්වා කියන්න බෑ... වාසුගේ මස්සිනා නේ...

      Delete
  27. >>ව්‍යාපාර සඳහා දකුණු ආසියාවේ සුදුසුම රටලෙස ශ‍්‍රී ලංකාව ශ්‍රේණිගතව තිබෙනවා. ඒ, ඉකුත් වසරේ ජුනි මාසයේ සිට මෙම වසරේ ජුනි මාසය දක්වා සැලකිල්ලට ගනිමින් ලෝක බැංකුව විසින් සිදු කෙරුණු වර්ගීකරණයකදියි. ඊට අනුව ව්‍යාපාර සඳහා දකුණු ආසියාවේ සුදුසුම රටලෙස මීට පෙර මාලදිවයින ශ්‍රේණිගතවී තිබුණා. මෙවර ශ‍්‍රී ලංකාව පෙරට පැමිණ තිබෙන්නේ ඔවුන් දෙවැනි ස්ථානයට ඇද දමමින්. කෙසේවෙතත් ලෝකයේ සියලූ රටවල් සැලකීමේ දී ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 85 වැනි ස්ථානයයි.
    මෙම වර්ගිකරණය සඳහා කරුණු 10ක් සලකා බලා තිබෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව ඉදිකිරීම් සඳහා අවසර ලබා ගැනීමේ පහසුව, විදුලිය ලබා ගැනිමේ පහසුව, දේපළ ලියාපදිංචි කිරීමේ පහසුව සහ ණය ලබාගැනිමේ හැකියාව ඒවායින් කරුණු කිහිපයක්. ආයෝජකයින්ගේ ආරක්‍ෂාව, බදු ප‍්‍රතිපත්තීන් සහ අන්තර් රාජ්‍ය ගනුදෙනු සඳහා වන පහසුකම් සලකා බැලෙන තවත් කරුණු කිහිපයක් වනවා. මෙම කරුණු අතරින් ශ‍්‍රී ලංකාවට අවම ලකුණු ලැබී තිබෙන්නේ බදු ප‍්‍රතිපත්තීන් සඳහායි. දේපල ලියාපදිංචි කිරීම සහ ඉදිකිරිම් සඳහා අවසර ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ද ශ‍්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ අවම ලකුණු ප‍්‍රමාණයක්. අන්තර් රාජ්‍ය ගනුදෙනු සඳහා වන පහසුකම්, ආයෝජකයින්ගේ ආරක්‍ෂාව සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති පහසුව සඳහා ශ‍්‍රී ලංකාවට ඉහලම ලකුණු ලැබි තිබෙනවා.
    මේ අතර මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ ව්‍යාපාර සඳහා සුදුසුම රටලෙස ශ්‍රේණිගත වී තිබෙන්නේ සිංගප්පූරුවයි. හොංකොං දෙවැනි ස්ථානය ද නවසීලන්තය තුන්වැනි ස්ථානයට ද ශ්‍රේණිගත වී තිබෙනවා. <<
    (උපුටා ගැන්ම NETH FM )
    මෙය කියවද්දී මට අර දිග බලුපුක් වගේ...
    කවුරු හරි පහදල දෙනවද...?

    ReplyDelete
    Replies
    1. පු කෙනුත් හී... හී.... නා

      Delete
    2. ඔයිට වඩා මොළේ මයිල් එනවා.. උදේ පාන්දර ආන්ඩුවේ හුලං විදුලියේ සැට් එකම දෙන ටෝක් ටික ඇහුවනම්...

      Delete
    3. මගේ පශ්චාත් භාගය කිති කැවෙනවා වගේ දැනෙනවා...........

      මෙන්න බොලේ ඒක හිනා වෙනවා!

      Delete
  28. දේශපාලනය කියන්නෙනම් තේරුම් ගන්න හරිම අමාරු මතෘකාවක් , හරි වැ‍රැද්ද, හොඳ නරක , මනුස්සකක දන්න අය එතන හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒ මේ රටේනේ... දියුණු රටවල තත්වේ මේ තරම් දරුණු නෑ..

      Delete
  29. මචන් වාසු
    උබට මගෙ ගමන තේරෙනව ඇතැයි සිතමි.පෙරිය මුරුග තාම හරි ගාන කිවුවෙ නැතිය.වැලුවු එක ටිකක වඩි කොර ගන්න කියන එවුව උබ ගනන් ගන්න එපාය.ලගදිඅම අපි එක මෙසෙ ට සෙට් වෙමුය.
    මිට
    විගා

    ReplyDelete
    Replies
    1. ගේමම ඉල්ලන්නේ... එහෙනම්... ඒ නිසා වෙන්නත් ඇතිය...

      Delete
  30. මචන් දැක්කනේ වෝර්නින් එක දීලා තිබ්බා.. " ආයේ පරණ සෙල්ලන් නටන්න හැදුවොත් ඒ අයගේ හිස කඳෙන් වෙන් වේවි " කියලා.. කියපු කෙනා කව්ද කියල දකින්න ඇති නේද ..?

    ReplyDelete
    Replies
    1. එහෙම සැට් එකක් උන්න නිසා තමයි අද හුස්ම ටිකක් අරගෙන නිවි සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ..

      Delete
    2. ඔන්න ඔය හරුපේ නොතේරෙන එකනේ මෙතන ප්‍රශ්නේ මාතලන්..

      Delete
  31. ඔය දේශපාලන රෙද්දවල් මටනං එපාවෙලා තියෙන්නේ.. කොයි එකා ආවත් අපිට තමයි කෙලෙවෙන්නේ.උන් හැදෙනවා අපි නැතිවෙනවා. වෙනසකට කියලා රතුමල්ලිලාට ඡන්දෙ දුන්නා ඡනතාවටගේ පැත්තේ ඉන්න නිසා.දැන් මොකද වෙලා තියෙන්නේ උන් ආන්ඩුපක්සෙට ගිහිල්ලා වැඡබෙනවා අපිට හුලං....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න