.

.

Nov 4, 2013

නිමල්කා, ගබ්සාව හා කල්ට් එක (18+) - Legalize abortion, prostitution



චෝගම් අස්සේ, අධි වේග ඕපන් කර, කැසිනෝ වලට ටැක්ස් කොන්සෙසොන් පාස් කොර ගන්න ගියත්, වැඩේ හබක් වෙලා, කස්ටිය ඉන්නවාය. ගේම ඇද්ද උන් ඔක්කෝම, කැසිනෝ වලට අත් උස්සලා අහවරය. ඒත් කියන්නේ, කැසිනෝ නම් දාන්න දෙන්නේ නැතිය කියලාය. මුන් කතා කොරන්නේ මුඛයෙන්ද, අධෝමුඛයෙන්ද කියා මට විසාල මෙව්වා එකක් ඇත්තේය. ඒ අවු අස්සේ නිමල්කා නෝනා අපේ සඟිස්කුරුතිය හා සබ්බත්තේ තුන් වේලටම් කන දේසප්පෙරේමින්ට හප හප ඉන්න ආතල් බබල් ගම් එකක් දීලාය.

සමහර උන් කියන්නේ නිමල්කා නෝනාට ප්‍රොස්ටිටියුට් කෙනෙක් වෙන්න කියලාය. එහෙම කියන උන් බලාගෙන ඉන්නේ, නෝනත් ලස්සන නිසා, වැඩේට සැට් වෙලා, සබ්බත්ත ආතල් එකක් ගන්න වෙන්න ඕනාය. මොකෝ ඔය සඟිස්කුරුත කාරයන්ගේ හැටි එහෙමය. සඟිස්කුරුතේ අමුඩේ අස්සේ හිරකොරන් උන්නාට,. හිටපු ගමන් කෙලින් වෙනවාය. හෙලිවැල්ල දකින්න ඕනා නැතිය, මිනි ගවුමක් දැක්කත් ඇතිය. සඟිස්කුරුතිය රකින්න ඉන්න එකාත් බඩු පොට් අස්සේ රිංගා සබ්බත්තේ නෝන්ඩි කොර ගන්නා රටේ, අනික් උපාසකලා ගැන ටෝක්ස් දෙන්න ඕනා නැතිය.

අද කාන්තාවන් වෙනුවෙන් කතා කොරන්න ඉතිරි වෙලා ඉන්නේ ඒ නෝනා විතරමය. රෝසී නෝනා කොහේ ගියාද කියා, හොයා ගන්නත් නැතිය. අපේ පබා නෝනා නම්, කාන්තාව කෙසේ වෙතත්, ඔටාරා නෝනාත් එක්ක නාටු බල්ලෝ රකින සංවිධානේ හෝ ගාලා වැඩය. නාටු බල්ලත් එක්ක ගම්පහ මල් වත්ත අස්සේ රිංගන්න ගිහින්, සිකුරුටි කාරයන් එක්ක වලියක් දාගෙනත් තිබුනේය.

ආන්ඩු පස්සේ කටක් තියෙන එකම නෝනා ගිගා වොට් චැක් කොරන්න දමලාය. එයාට වෙන වැඩක් කොරන්න වේලාවක් ඇත්තෙම නැතිය. මොකෝ නොරොච්චෝලේ කරච්චලේ අහවරයක් නැතිය. හැමදාම කැඩෙනවාය. ඉන්දියාවටත් ලයිට් දෙන්න හිටපු අපට, තව ටික කලකින් පුකේ ලයිට් තියෙන මැස්සන්ගෙන් විදුලි බලය ලබා ගන්නෙයි කිව්වත්, ඔහේලා කලබල වෙන්න එපාය. මොකෝ අපේ අය එහෙම නිමැවුම් වගේ දේවලට මාරම දස්ස නිසාය.

ගණිකා වෘත්තිය නිසාත් ගබ්සාව නිසාත් පීඩා විඳින්නේ, සිහල උරුමෙ පිරිමි කස්ටිය නොව, පොදුවේ කාන්තාවන්මය. ගණිකා වෘත්තිය නීතී ගත කලයුතුය කියන තැන මාතලන් සිටියාට, ගබ්සාව ගැන ප්‍රශ්ණයේදි ඉන්නේ, එය නීතී ගත කරනවාද එහෙම නැත්නම් කාන්තාව දැණුවත් කරනවාද, කියන කාරනයේය.

ඔව්වා නිමල්කලාට කොරන්නට බැරිය. එහෙම කොරන්න ගියොත්, බොදු බලු සේනවායි, හින්ගලේ රාවෙයි, අරකයි මේකයි ඔක්කෝම මරා ගන්න එනවාය. අනික ඉතින් අර කව්ද කිව්වා වගේ, ඕවා නීතී ගත කරන්න ඕනාත් නැතිය. මොකෝ හැම හන්දියක් හන්දියක් ගානේම, බඩු පොට් වගේම, ඇබෝසන් සැන්ටරුත් තියෙන නිසාමය.

ඇබෝසන් වලට මාතලන් විරුද්ධ උනත්, එසේ කල යුතුයැයි තීරණය කරණු ලබන්නාට, ගබ්සාව කර ගැනීමට අයිතියක් තිබිය යුතුමය. මොකෝ ගැබ දරන්නේ මා නොව ඔවුන් නිසාමය. සමාන්නියෙන් ඇබෝසන් සැන්ටර් වල උනත් මාස 3ට් වැඩි නම්, සර්ජන්ලා රිස්ක් අරගන්න යන්නේ නැතිය. වෛද්‍ය විද්‍යාවට අනූකූලව උනත්, යම් යම් හේතුඉ යටතේ නීත්‍යානූකූලවම ගබ්සාවක් කොර ගැනිමේ මාර්ගත් තවමත් පවතිනවාය.

ඒ කෙසේ වෙතත් දරුවෙක් බඩට එන්නට නම්, ලිංගිකව එක් වෙලා තිබෙන්න ඕනාමය. රේප් කේස් එකක්
නම් කොරන්න දෙයක් නැතිය. ඒක කාන්තාවගේ කැමත්ත මත සිද්ද නොවනා දෙයක්ය. මම හිතන්නේ ගබ්සාව එපා කියනා උන්වත්, එසේ අතවරයට පත් වෙච්චි දැරිවියකගේ හෝ කාන්තාවකගේ කලලය ගබ්සා කලාට, ගේමට එන්නේ නැතිය.

කේස් එක තියෙන්නේ විවාහ වෙලා ඉන්නා උන් ගබ්සා කොරනා එකටය. නානසාරලා ළමයි හදන්න කිව්වාට. එයාලා ළමයින්ට කන්න දෙන්නේ නැතිය. ඉස්කෝල හොයලා දෙන්නේ නැතිය, ඇඳුම් අරන් දෙන්නේ නැතිය. ඉතින් අනව්ශ්‍ය ගැබ් ගැනීමක් නම්, එකම පිහිට රින්සෝ විතරමය.

සමහර රටවල ගබ්සාවට මෙන්ම, උපත් පාලනයටත් වැට බැඳලා තිබෙන්නේය. එහෙම බැලුවාම, අපේ උන් වාසනාවන්තය. මොකෝ මෙහේ ගබ්සාවත් යස රඟේට කෙරෙන්නේය. ඒ වගේම ප්‍රීතිමත් යුගදිවි ගත් කොරන්න ප්‍රීතිලාත්, කාන්තාවන් ආරස්සා කොරන්න මිතුරියෝත් ඕනා තරම් ඉන්නවාය.

එහෙම ඉඳලාත්, බඩ වෙන්නේ.. ප්‍රේමයට වෙලාවක්, තැනක්, කලාවක්, නැති නිසාද, එහෙම නැත්නම්, හැමිනෙන්න ගියාම, තුන් ළෝකේම පෙනුනත්, කොපුව පේන්නේ නැති නිසාදෝද කියා කියන්න හරියට දන්නේ නැතිය. සමහර වෙලාවට එහෙමත් වෙන්න ඇතිය.

මොකෝ අපේ ගොඩක් උන් සෙල්ලම් කොරන්නේ, කළුවරේ වීමය. අනික ඉතින් හාමිනේලාට උනත් කාමේ ඇවිස්සුනාම ටැබ්ලට් එක තියපු තැන හොයා ගන්න බැරි වෙනවාය. ඉතින් එහෙම පොඩි අත්පසුවීමක් උනොත්, ඇබෝසන් සැන්ටර් යන්නේ නැතිව, පොඩි අත් බේත් රජ කාලේ ඉඳන් පැවතගෙනත් එනවාය. එහෙම තීලාත් මෙහෙම වෙන්නේ නොදැනුවත් කම නිසාමය.

මෙහිදි නිමල්කලාට වගේම අජ්ජාපනේ ඉන්න උන්ට හා පවුල් සවුක්ක සන්දානවල ඉන්නා මිසීලාටත්, දොස්තරලාටත්, විශාල වග කීමක් තියෙනවාය. ඒ නම්, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් වැලකෙන ආකාරය කියලා දෙන එකය. ඒ කියන්නේ උපත් පාලනය ගැන කියලා දෙන එකය. අනෙක් පැත්තෙන් පාසල් යන වයසේ දරුවන්ට ලිංගික අජ්ජාපනය පැහැදිලිව ලබා දීමය.


එහෙම නැතිව නිමල්කාට සෙක්ස් කොරන්න එන්නා කීවාට. මාතලන්ගේ නෝනා හැමිනෙන්න එවන්න කිව්වාට හරියන්නේ නැතිය. එවිට වන්නේ නීතී ගත කලත් නැතත්, ඉස්කෝල දැරිවියෝ, හංදියක් හංදියක් ගානේ තියෙන ගෙස්ට් හවුස් වලට රිංගා, බඩ වෙන එකත්. හංදියක් හදියක් ගානේ දවසකට ඇබෝසන් 1000 ක් කරනා මහා ලොකු ධර්මද්වීපයක්ය කියනා එක ළෝකෙටම ඔප්පු කරලා පෙන්නන එකත් විතරමය..

ඒ වගත් මෙසේය..

උපත් පාලන ක්‍රමයක් ඉන්ට්‍රඩියුස් කොරන්න ගිහින් වෙච්චි අලකලංචියක් ඕනෑ නම් මෙතනින් කියවිය හැකිය.

83 comments:

  1. ඕක කතා කරාට කමක් නැහැ.. අනික පාප් තුමත් ගම්සාවට විරුද්ධයි. ඒක නිසා ඒක වෛද්‍ය උපදෙස් මත විය යුතු දෙයක්. නැතිව තමන්ගේ උවමනාවෙන් කෙලවගෙන විවිධ ප්‍රසංගය පරක්කු උනාම ටෙස්ට් කොරල, බඩු තමයි කිව්වට පස්සේ රින්සෝ දාන එක නෙමෙයි. ගම්සාව කළ යුත්තේ ජීවිතයක් බේරාගැනීම සදහා අත්‍යාවශය නම් පමණි නැතිව ජීවිතයක් නැති කරන්නට නොවේ..

    කව්රු මොනව කිව්වත් ගබ්සාව සාමාන්‍ය මිනිස් සංවේදනයන් හා රීති වලට පටහැනිය

    ReplyDelete
    Replies
    1. //ගම්සාව//

      ගබ්සාව ලෙස වෙනස් විය යුතුයි..

      Delete
    2. ආ එහෙම වෙනස් උනාම වැඩ ඔක්කෝම හරිද බොලා පචෝරිස්?

      Delete
    3. නීතී රීතී වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා.. ඒකනේ නීතී පොතත් හැමදාම වෙනස් වෙන්නේ.. සිස්ටාචාරේ දියුණු වෙනවයි කියන්නේ ඒකටයි..

      Delete
  2. දේශකයා එක නේද ?

    ReplyDelete
  3. දැනුයි කියෙවුවෙ ලිපිය ,,,අවශ්‍ය ඔක්කොම බොහොම සරලව තිබේ .

    ReplyDelete
  4. කොහෙන්ද මාතලන් අර පරණ පෝස්‌ට් එක හොයාගත්තෙ... හි හි....

    අපි මේක ගැන කලිනුත් ලිව්ව නේ.. ආයිමත් ලියනවා නං ලියන්නත් තියෙන්නෙත් එච්චරයි.. ඒත් අර කම්මලේ බල්ලට වගේ තමයි... හැමදාම එකම තර්ක ටික විතරයි... හැමදාම පොඩි කෙල්ලො කොල්ලො අතවර වලට ලක් වෙනව.. එහෙම වෙලා ඉගෙන ගන්නවත් අවස්ථාවක් නැතුව කෙල්ලො පොඩි වයසෙන් ගාමන්ට් ගානේ රස්සාවල් හොයන් යනව... හැමදාම ගෑණු ගබ්සා කරනවා... හැමදාම අලුත උපන් ළමයි කුණු ගොඩවලට දාලා යනව... ගෑණු, දරුවො තුරුල් කරගෙන කෝච්චියට ගඟට පනිනව.. සමහරු ළමයි නෑ කියල දුක් වෙවී ඉන්නව... ඒ අස්සෙ සංස්කෘතිය සදාචාරෙ කරේ තියාගෙන කට්ටියක් උඩ පනිනව... ඒ ඇරෙන්න ජීවිත විනාස වෙන එක ඉවරයක් වෙන පාටක් නෑ....

    ReplyDelete
    Replies
    1. කලින් ලිව්වට.. මේවත් හැමදාම ලියන්න ඕනා කරුණු.. ඔය ආදරය ගැනයි, බඩගින්න ගැනයි, බඩු මිළ ගැනයි කතා කරනවා වගේම සමාජයේ තිබෙන ප්‍රශ්ණ නිතර කතා කලාට අවුලක් නෑ..

      Delete
  5. ගණිකා වෘත්තිය නීතිගත කරන්නයැයි ඉල්ලා සිටින්නේ දනට දේශපාලන හා මැර බලයෙන් සූරා කන ලිංගික ශ්‍රමය මුදල් සහ නීතියේ බලයෙන් සූරා කෑමට අවශ්‍යතාවයක් දක්වන්නන් පමණි. එවිට ගණිකා මඩම් හිමිකරුවන්ට රිසි පරිදි දුප්පත් තරුණියන්ගේ ලිංගික ශ්‍රමය යොදා ගැනීමට හැකි වෙනවා ඇත. සැපයුම වැඩි වෙන විට මිළද පහල බසිනු ඇත. බඩු සෝකයෙන් පෙළෙන් ලිංගික අසහන කාරයන්ට අඩු ගණනට බඩු ගැසීමේ අවස්ථාව ඉන් පහසුවෙන් ලැබෙන නමුදු එයින් සිදු වන්නේ කාන්තාව තව තවත් සූරා කෑමට ලක්වීමයි. ගණිකාවන් ලියාපදිංචි වීමට අවශ්‍ය මුදල, සහ සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ වලට වැයවෙන මුදල උපයා ගැන්ම ඔවුන්ට ඉතා පහසු වනු ඇත. අද සාමාන්‍ය "පහත් කොලිටියේ" ගණිකාවකට රැයකට රු.1000-2500ත් අතර ගෙවිය යුතු වන අතර මින් 1/4 පිම්පියාට පිදීමට ඔවුන්ට සිදුවේ. අද හෙපටයිටිස්, එච්,අයි,වී. සහ ලිංගාශ්‍රිත රෝග සඳහ වන විද්‍ය පරීක්ෂණ සියල්ල සඳහා රුපියල් 75,000ක් පමණ වැය වේ. එනම් මාසයේ සිට මාස තුඅන දක්වා දිනපතා හැමිණී සොයා ගන්නා මුදලට සමාන මුදලකි. මේ නීති ගත කිරීමෙන් ලැබේ යයි කියන වාසි හුදු ප්‍රලාප වන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. //ඉතා පහසු වනු ඇත//

      ඉතා අපහසු වනු ඇත

      Delete
    2. ඔයා මේ වැදගත් කතා මැද්දට පනින්නේ නැතුව දන්න පකක් (18+)
      ගැන කියා ගෙන ඉන්න

      Delete
    3. හා හා මිගාර කට කට......... මාතලන්ට ගණිකා වෘත්තිය ගැන කියන්න එපා. එයා එකෙන්ම එතන. ඕන් බලන්නකෝ බොලාට දෙන රිප්ලේ එක.

      Delete
    4. කැසිනෝ නීති ගත කොරාන්ට කියලා ඒ දවස්වල කිව්වම රෙද්ද කරට ගත්තු උන්නැහේලා අද කැසිනෝ පාවඩ දාලා පිළිගන්නවා. ගබ්සා වුනත් එහෙම තමයි. මහින්ද මාමිට ඕක කොරාන්ට ඕනේනම් මහින්ද මාමි ඕක කොරනවා. මහින්ද මාමි ඕක කොළාම බොලත් පාවඩ දාලා පිළිගන්නවා.

      ඒක නිසා අපි ඕකට ඇර ගන්න එක අපි දෙන්නගෙම කාලේ නාස්තියක්. ඒක නිසා අර කවුළුව කියන්නැහේ, ඔහේ ඔය බඩා කතාන්දරයක් ලියාගෙන ඉන්න. :)

      මම හැමදාම කියන්නැහේ මහින්ද මාමි මේ දවස්වල කියවන්නේ කොළ පාට සමාජය මිසක් මිගරලා මහන්සි වෙලා ලියපු මහින්ද චින්තනය නෙමෙයි.

      ඔහේලා ඡන්දේ දීලා, රෙදි ඇදගෙන කඩේ ගිහිල්ලත් පරාදයි, අපි ඡන්දේ නොදී ගෙදර ඉදලත් දිනුම්.

      හුකෑශ් නේද මහත්තයෝ..?

      Delete
    5. ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියන්නේ, මිනිසත් බවට ගරු කරනා මිනිසුන්.. මට ඔබව ගල් යුගයේ කැටගරි එකට දාන්නත් බෑ.. මොකෝ මුළු ළෝකෙම පිලිගන්නවා ළොව මුල්ම රැකියාව ගණිකා වෘත්තිය කියලා. ඒක මේ ළෝකය පවතින තුරා නැති වෙන්නෙත් නෑ. ඔයා කියනවට වඩා අඩු මුදලට ගණිකාවෝ කොළඹ ඉන්නවා. අපිත් හඬක් නගන්නේ ඔවුන් වෙනුවෙන්. නැතුව තරු පහේ හෝටල්වලට යන උන්වත්. හෝටල් වල රූම්ස්, එපාර්ට්මන්ට් අරගෙන රැකියාව කරන උන් ගැනවත් නෙමෙයි. මොකෝ උන්ට පොලිසීය බයයි. අර නැති බැරි එකා තමයි මරාගෙන කන්නේ..

      බඩු ගහන්න යන්නේ ලිංගික අසහනකාරයෝ නෙමෙයි. ඒ රසය දන්න මිනිස්සු. අසහනකාරයෝ තමයි මේවාට විරුද්ධව කෑ ගහන ඔහෙලා වගේ අය. ඔහේලට තියෙන්නේ ආසයි බයයි ලෙඩේ. එහෙම නැත්නම් වනගත් වෙලා තවුස් දම් රකින්න එපයි.

      පිම්පියෝ කොයි රස්සාවෙත් ඉන්නවා. ගෑණු පිටරට යවන උන්. ඉස්පෙසොලිස්ට් දොස්තරලට කාමර දෙන උන්, රස්සාවක් හොයන උන් ගසා කන උන්, හැමතැනම ඉන්නෙත් පිම්පියෝ තමයි..

      මේවා ලීගලයිස් කලාම, ගණිකාවන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වනවා අඩුම ගානේ මාස තුනකට වරක්. පොලීසියට නොමිලේ ආතල් ගන්න බෑ. අනික රැකියාවට වටිනාකමක් තියෙනවා..

      මේවා නොකරන නිසා, සමාජය ලිංගිකව දැණුවත් නොකරන නිසා. කොපු මැසිමක් දැම්මම ඒක කඩාදාන අසහනකාරයෝ ඉන්න රටේ.. ඒඩ්ස් රෝගීන් වැඩි වෙනවයි කියන එක පුදුම කාරණයක් නෙමෙයි. දියුණු රටවල ඒඩ්ස් රෝගින් අඩු වෙන්නත් වනචාරීන් ඉන්න රටවල රෝගීන් වැඩි වෙන්නත් හේතුව ඒකයි..

      Delete
    6. පළමුවෙන්ම, මවිසින් නොපවසන්නට යෙදුණු කරුණුද අළලාගෙන මාතලන් කරන්නේ අඬෝවැඩියාවක් බව කිව යුතුය.

      1. ඔබ කියනා පරිදි ගණිකාවන්ට ගෙවන මුදල මීටත් අඩුවිය හැකි බව පිළිගනිමි. එවිට ටත්වය තවත් දරුණු වේ. මන්ද ලියාපදිංචියට සහ වෛද්‍ය සහතික වලට දරීමට සිදු වන මුදල සාපේක්ෂ්ව තවත් වැඩි බැවිනි.

      2. ගණිකා වෘත්තිය නීතිගත කිරීමට මූණු පොත පුරා කෑගසන වුන් මිස ගණිකාවන් වෙත එළබෙන්නන් ලිංගික අශනකරුවන් යයි මා කියා නැත

      3. පිම්පියන් පිළිබඳ ප්‍රශ්නය අදාල නොවන එකකි. එය මාතල්න් පාවිච්චි කරන්නේ මඩ උදෙසාය.

      4. ගණිකාවන්ගේ වෛද්‍ය පරීක්ෂණ වලට ගෙවන්නේ කවුද? ම්ම ගණිකාවන් කර නො එළඹෙන නිසා මගේ බදු මුදල් ඔවුන්ගේ පරීක්ෂණ වලට යෙදවීම ගැන විරුද්ධ වීමට මට අයිතියක් ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ මේ බරපැන අදාල කාන්තාව විසින් දැරීමට සිදුවීමයි. මෙහිදී මහා පරිමාණ ගිණිකා ආයතන පුද්ගලික රසායනාගාර සමග එම්.ඕ.යූ. ගසා අඩු මුදලට ඔවුන්ගේ ක්ලයන්ට්ලාට පරීක්ෂණ සිදු කර දීමෙන් මේ ආයතන වල පිහිට පැතීමට සියළු ගණිකාවන්ට සිදුවනු ඇත.

      //මේවා නොකරන නිසා, සමාජය ලිංගිකව දැණුවත් නොකරන නිසා. කොපු මැසිමක් දැම්මම ඒක කඩාදාන අසහනකාරයෝ ඉන්න රටේ..

      එහෙව් අසහනකාරයෝ ගණිකාවන් වෙනුවෙන් හඬ නගන්නේ අඩු ගණනට "ෂොට්" එකක් ලැබීමේ බලාපොරොත්තුවෙන් බව ඔබට නොවැටහීම පුදුම සහගතයි.

      //ඒඩ්ස් රෝගීන් වැඩි වෙනවයි කියන එක පුදුම කාරණයක් නෙමෙයි. දියුණු රටවල ඒඩ්ස් රෝගින් අඩු වෙන්නත් වනචාරීන් ඉන්න රටවල රෝගීන් වැඩි වෙන්නත් හේතුව ඒකයි..

      ලංකාවේ ඒඩ්ස් රෝගීන් ගේ ප්‍රතිශතය දියුණු යයි පවසන බොහෝ රටවලට වඩා ඉතා පහළ අගයක් ගන්නා නිසා මෙය නිකම්ම අඬෝවැඩියාවක් පමණි.

      ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ වැරද්දක් මම නොදකිමි. නමුත් ශ්‍රී ලංකාවට එය ගැලපෙන්නේ නැත. මෙයටම සමාන දෙයක් කසිප්පු නීතිගත කිරීමෙනුත් සිදු වේ. අඩු මුදලට වෙල් ෆැන්ටා ගහන්නට ගිජු වී කසිප්පු නීතිගත කිරීමට හඬ නගනා වුන්ට, අවසන කසිප්පු ව්‍යාපාරයත් විශාල සමාගම් වලට යටවී අඩුගණනට ගහන වෙල් ෆැන්ටාවත් නැති වී යන ආකාරය නොවැටහීම දුකකි.

      Delete
    7. //ආසයි බයයි

      ඉහත තත්වය ඇත්තේ පොලීසියට අහුවීමේ අවශානම සහිත බඩු සෝක කාරයින්ටය. මොවුන්ගේ එකම පරමාර්ථය පොලීසියට අසු නොවී වැඩය කරගෙන යාමටයි. අතේ සතේ නැති නිසා පොලීසිය නොපණින පොට් වලට යාමටද ඉඩක් නැත. එනිසා නීති ගත කරන්න, එතකොට පොලීසියට අහු නොවී ගහන්නට හැකි වේය යන බොලඳ පදනමේ සිට මේ වෙනුවෙන් හඬ නගති.

      Delete
    8. migara,,,mamath asai bayai set eke,,,,,uba kiyanne attatama,,nithi gatha kaloth apita aduwata baduwak lagata yanna barida?,,,,massage pot ekakata giyath polisiyen paninawaya,,,inna iwn vitharak nemei yana ewnuth allagena yanawaya,,,policeyen call karanne gedarataya,,banda ekek nam u iwaratama iwaraya,,,ganigen hambenna nathi sapak eliyen aragena ganith ekka adaren inna gahapu serama pan wathureya,,,,divi nasa ganimata unath sithena awastha athi wei.......lankawe living together kalayak enawata itha kamathiya,,,ethakota oya hugak ganika madam walata kela wenawaya,,,dan mola wadi unu gaman nidahase eka karaganna badinnama wenawaya,,,nathinam gedarin bandala denawaya,,,ita passe badapu gani hari miniha thamnta galapenne nathi bawa therenakota kal gihin iwaraya,,,,,athi wenna ganu hari minissu hari ekka idala thamanta sathutin ekata inna puluwan kena thoragenama lamyek haddanna puluwan kamak thibbanam kiya hitheee......me mata hithena hatiya.....

      Delete
  6. ලංකාවේ ලිංගික අධ්‍යාපනේ කියන එක තිබෙන්නේ 0 වේය! හැබැයි මහතැන් වලට මේ වග කිව්වම කියන්නේ ඉස්සර මිට වඩා හොඳට තිබුණු බවත් අද තියෙන අලකලංචි වල හැටියට මේකත් දුන්නොත් තව මොනවා නොවයිද කියලත්ය! හැබැයි අද අපේ උන් දකින කරන දේවල් එදාට වඩා වෙනස් බව අපේ උඩ උන් හිතන්නේ නැත!

    ReplyDelete
    Replies
    1. ළෝකය ඉදිරියට යද්දි, ගල් යුගයට සමාජය ගෙනියන බූරූවොත් ඉන්නවනේ...

      Delete
  7. ඇයි ලංකාවෙත් ලිංගික අධ්‍යාපනය දෙන්න බැරි,එහෙම කරනවනං ඔය දැන් තියෙන අලකලංචි වලින් බාගයක්ම එදාට ඉවරයි,ඒකත් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියට විරුද්ධද.

    ReplyDelete
    Replies
    1. පොතේ තියෙන ටිකවත් කියලා දෙන්නේ නැති.. ගොබ්බයෝ ඉන්න රටක්නේ.. අජ්ජාපන ඇමති, මොන්ටිසෝරි පැටවුන්ට, පැය එකහමාරක් මීටීන් තියන රටක්නේ..

      Delete
  8. ඕව ගැන කතා කරන්න ගියොත් .,.,.,. ඊයේ ,පෙරේද හිටන් චාරෙකෙට හැදෙන්න ඕන කියල හිතපු මටත් "පුෂ්පය" විකසිත වන්නේම යැ...



    ReplyDelete
    Replies
    1. මේ ජපන් කෙනජිමැයි?

      Delete
    2. ඔව් බං මොකක්ද වෙලා .
      අර සමකය වටේ පොඩ්ඩක් බලපන් මචං .
      උඹ නැතිව පාලුවෙන් හිටියේ...

      Delete
    3. ඇයි බං දැන් ජපානෙත් සරාණාගතයෝ තියාගන්නේ නැතැයි. දැන් පැපුවා නිව්ගිනියාවේ පදිංචි කලැයි. කෝ බං ඇට් ජපැන් කෑල්ල. මක්කෙයි හැබෑටම මේ උන විපරියාසය.
      OK යන්ඥං බං අහවල් එක වටේ.

      Delete
    4. එහෙම පුස්පෙ විකසිත කොරාන බෑ.. දැන් බොගකුත් දාන පොරක් නේ..

      Delete
  9. අපේ රටේ සිනමාහල් වල ගෙස්ට් හවුස් වල කොන්ඩම් විකිනීම සහ ඒවායේ දැන්වීම ්ගසා තිබෙන එක අනිවාර්ය කරන්න වගේ නීතියක් ගෙනාවොත් හොදයි..
    කෙල්ල සෙට් වුනාම ආයෙ කොන්ඩම් හොයන්න යන්න වෙලාවක් නැති වෙන වෙලාවල් තිබෙනවා. ඒ වෙලාවට ගෙස්ට් එකේම කොන්ඩම් තියෙනම් හොදයි කියලා මට හිතෙනවා..
    සමහර විට එහෙම තියෙනවාත් ඇති..මට ඒ ගැන ඇත්දැකීම් නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. තිබුනත් පාවිච්චි නොකරන එකනේ ප්‍රශ්ණේ...

      Delete
  10. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.
    කියන්න ඕන ඔක්කොම යස අපූරුවට කියලා තියෙනවා. කොහොම වුනත් පෙති නෙමෙ කොන්ඩම් නෙමේ මොන මගුල පාවිච්චි කරලා හරි කමක් නෑ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න එක තමා වටින්නෙ. නැතුව අස්සයා ගියාට පස්සෙ ඉස්‍තාලෙ වහන්නා වගේ ගබ්සාව තෝර ගන්න එක නෙමේ වීරකම.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් මීට වඩා, පොඩි උන්ව දැණුවත් කොරන්න ඕන..

      Delete
  11. >>හාමිනේලාට උනත් කාමේ ඇවිස්සුනාම ටැබ්ලට් එක තියපු තැන හොයා ගන්න බැරි වෙනවාය.<<
    ඈ බං මාතලංතුමා? ඔය කියන මිතුරි ටැබ්ලට් එක කාමේ ඇවිස්සිලා හොයගන්න බැරුව ගියත් අවුලක් නෑනේ. ඕක මේ දිනපතා ගන්න එකක් නේද? කොන්ඩම් වගේ කාමයේ "වරදවා" හැසිරෙන්න කලින් ගන්න ඕනේ එකක් නෙවෙයිනේ.

    එහෙම අමතක වෙලා අතපසු වුනත් ගන්න ටැබ්ලට් එකක් තියෙනවා. අන්න ඕනයා දොස්තර මහත්තයාද කොහෙද ඕක ගැන පෝස්ට් එකක් ලියලා තිබ්බා කියලා කිව්වා.

    ඒ වගේ දේවල් ගැන අම්බානක දැනුවත් කරාපල්ලකො මේ අපිත් එක්ක බ්ලොග් ලියන දොස්තර කට්ටිය.

    අනික කොන්ඩම් වෙන්ඩිං මැෂීන්, ටැබ්ලට වෙන්ඩිං මැෂීන් හෙම සිරාවටම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත් සෑහෙන සේවයක් වෙයි කියලා මම හිතනවා ඔය ගනං හිලව් අඩු කරන්න

    උඹේ පෝස්ට් එකට දාන්න පට්ටම කාටූන් එකක් තියෙනවා මචං. මේකේ කමෙන්ට් වලට ඉමේජ් දාන්න පුලුවන්ද කියාපංකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඕන තරම් බෙහෙත් තියෙනවා. වැඩේට ඉස්සෙල්ලා අමතක උනත්, ඊට පස්සෙ ගන්න පුළුවන් බේතුත් තියෙනවා.. මිනිස්සු ඒ ගැන දැණුවත් නැති එකයි ප්‍රශ්ණේ..

      කාටුන් නෙමෙයි ඕන එකක් දාපන්.. දාන්න පුළුවන් නම්..

      Delete
  12. මමත් ඔය කතා ඕනතරම් කියලා තියෙනවා... කරන්න තියෙන හොඳම වැඩේ කොන්ඩම් එකක් සාක්කුවෙ දාගෙන යන එක...
    මට මම ශුවර් වුනාට මගේ මලයා ශුවර් නෑ.....

    ReplyDelete
    Replies
    1. අපේ රැකියාව අනුව නම්, කොයි වෙලෙත් රෙඩි වෙලා ඉන්න එපාය. මොකෝ කස්ටමර් සැටිස් නම් විතරයි ටිපක් වත් ලැබෙන්නේ..

      Delete
  13. ..නිමල්කා නෝනත් එක්ක වහන් වෙන්න හිතෙනවා මට ...


    මේ මාතෘකාව ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ . එක පිරිසක් එක පැත්තකට කතා කරනවා..තව පිරිසක් අනිත් පැත්තට කතා කරනවා.. මම නම් කියන්නේ ගබ්සාව නීති ගත කල යුතුයි... අනපේක්ෂිත දරු ගැබක් කියන්නේ ජීවිතේට බරක් (කව්රු මොන බණ කතා කරත් ).


    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුන මල්ල කට වැඩිය පලල් නැති නිසා......:)

      Delete
    2. //..නිමල්කා නෝනත් එක්ක වහන් වෙන්න හිතෙනවා මට ... //
      ආ .. බොටත් හිතෙන දේවල්. සද්ද නැතුව හිටහන්. කෙන්ජිටනම් අවුලක් නෑ. පලපුරුදු වියපත් ඹබරානොවැ.

      Delete
    3. උඹගේ වෙනස් වීම අදහන්නත් අමාරුයි...

      Delete
    4. මන් එදා ඉඳන් පඩ සෝ වලට අකමැතියි නෙව .. ගණිකා සේවය නිසි පරිදි නීතිගත කල යුතුයි... ( සුදු අලියෙක් නොවිය යුතුයි. ගැටලුව ඇත්තේ එතැනයි )

      Delete
  14. බඩදරු මාතාවගේ විළිරුදාවෙන් භාගයක් ඇය ඒ තත්වයට යොමු කල පිරිමියාටද ලැබෙන සේ ජීව විද්‍යාත්මක සැකැස්මක් ඇති කල හැකි නම් අනවශ්‍ය ගැබ් ගැනීම් සම්පූර්ණයෙන් වාගේ නැතිව යනු ඇත.

    ගණිකා වෘත්තිය ගැන මා ලිව්වේ කලකට පෙරය. මගේ ලිපි ලැයිස්තුවේ වැඩියෙන්ම හිට් ලබාගෙන ඇත්තේද එයයි. කාමරයෙන් කියවා බලන්න.

    මාතලන්ගේ අහිතක් නැත්නම් මගේ ලිපියේ ලින්කුවක් හලන්නම්

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ ගණිකාවෝ
      http://siragekamare.blogspot.com/2013/06/blog-post_19.html
      එම දැන්වීම මානුෂීය හේතු මත සලකා නොමිලයේ ප්‍රචාරනය කරන ලදී.
      කැසිනෝ සහ මෙම රැකියාව බද්දෙන් නිදහස්. වගකීම සහ ප්‍රායෝගික භාවිතා කිරීම තමා සතුය.

      Delete
    2. //බඩදරු මාතාවගේ විළිරුදාවෙන් භාගයක් ඇය ඒ තත්වයට යොමු කල පිරිමියාටද ලැබෙන සේ ජීව විද්‍යාත්මක සැකැස්මක් ඇති කල හැකි නම් අනවශ්‍ය ගැබ් ගැනීම් සම්පූර්ණයෙන් වාගේ නැතිව යනු ඇත.

      ඒක එහෙම නූනේ ඇයි කියන එක ගැන නියම කතාවක් තියෙනවා

      Delete
    3. හුකැස්, එහෙම උනානම් නූරි වත්තේ අත කොටාට, අර සාරව සුනිල් ට විතරක් නොවේ තව තව එවුන්ටත් තවමත් විලි රුජාව තමයි.
      අනේ ඉතින් ඔතන කෑ-කෝ පප්පනම් නෑ. මොකදෑ පොර තෙල් ගෑවුන මොනවදෝ යූස් කරනවානේ.

      Delete
    4. සිංගප්පූරුවේ ගණිකාවො ගැන නෙමෙයි බන්...මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ලිව්ව එක මේක.....ගණිකාව සහ සිරිලංකාව

      http://siragekamare.blogspot.com/2012/11/blog-post_27.html

      Delete
    5. ඕන වෙලාවක ලින්ක් නෙමෙයි ඕන එකක් දාපන්.. ඒළිපිය බොහොම වටිනා ලිපියක්.. ඔය ප්‍රසූතී වේදනාව පිරිමින්ට දීලා තියෙනවා.. ඒත් එහා ගෙදර එකා හූ තියන නිසා.. ගෑණුම දෙවියන් වහන්සෙට කිව්වලු.. නෑ ඒ භාගෙත් අපිටම දෙන්න කියලා..

      Delete
  15. මම පුද්ගලිකව විශ්වාශ කරනවා ගබ්සාව වගේම ගණිකා වෘත්තියත් නිති ගත කළ යුතුයි කියලා. සමහර විට මෙවන් අදහසකට බොහෝ දෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒ අපේ සමාජ සංස්කෘතිය සභ්‍යක්වය පිලිබඳව වැඩියෙන්ම කෑ මොර දෙන අය.
    එහෙම වුනත් ලිරිමියෙකුට තමන්ගේ කායික අවශයතාවය ඉටුකරගත් පසු ඔහු නිදහස්. ඒත් ඔහුගේ අවශ්‍යතාවය සඳහා කැප වෙන තැනැත්තිය සමාජය ඉදිරියේ අසරණ වෙනවා. ඉහළ සමාජය තුළ ඉහළ වටිනාකමක් දී මේවා අදවන විට ප්‍රසිද්ධ ව ඒත් රහසේ සිදුවෙනවා.දුගී දුප්පත් අය තමන්ගේ දරුවන් මහමග දමා යනවා. එහෙමත් නැත්නම් ඉපදුන ගමන් කුනු බක්කියට විසිකර දානවා.

    ඊට වඩා වැදගත් යම් කාන්තාවක් කැමති නම් ඇයට රිසිසේ ගබ්සාවකට ඉඩසලසා දී.ම නිතියේ යුතුකමක් වෙනවා
    ගණිකා වෘතියත් එසේමයි. මේවාට විරුද්ධවෙන වැඩිම පිරිස තමයි මේවා සමාජය තුළ වැඩියෙන්ම කරන්න පෙළඹෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //එහෙමත් නැත්නම් ඉපදුන ගමන් කුනු බක්කියට විසිකර දානවා. //
      මේක කොරන්නේ නම් හුඟදෙනෙක් ආර්ථිකව හෙම්බත් වෙලා ඉන්න නිසා තමයි. ඒහෙමනම් ඒකට විසඳුම ඉපදෙන් දරුවන් මරා දැමීම නොවේ. මිනිසුන් ආර්ථිකව ශක්තිමත් කිරීම. ඒත් අපේ රටේ උන් කොරන්නේ අරුන්දෑගේ දෑත් ශක්තිමත් කොරන්න එකමනොවැ. සමාන්‍ය මිනිසුන් මරපු අළුගෝසුවෝ බිහි කොරපු රටක දරුවන් මරන නීතියක් කොයිබටද? නීතිය මඟින් මනස විකෘත්තිකර, අනිකාගේ දුක වේදනාව අඳුනන්නේ නැති හැඟීම් උපද්දවනා මිනිස් සමාජයක ඇති ශිෂ්ඨ සම්පන්න පරිණාමය මොකක්ද හැබෑටම?

      Delete
    2. නීතිගත කිරීම කෙසේ වෙතත්.. ගබ්සාව සඳහා වින්දිතයාට ඇති අයිතිය තහවුරු කළ යුතුමයි...

      Delete
  16. //අනික ඉතින් අර කව්ද කිව්වා වගේ, ඕවා නීතී ගත කරන්න ඕනාත් නැතිය. මොකෝ හැම හන්දියක් හන්දියක් ගානේම, බඩු පොට් වගේම, ඇබෝසන් සැන්ටරුත් තියෙන නිසාමය.//
    ඒ වුවත් ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට සල්ලි නොලැබෙන නිසා ඒවා නීති විරෝධී ආයතන වන්නේ ය. ආණ්ඩුවට බදු ගෙවා ලොක්කන්ට ද බදු ගෙවනවානම් එවා වඩාත් සුපිරි පොට්ය. මේ සියල්ල ම අවසානයේදී පාරිබෝගිකයා ගෙවිය යුතුය.

      Delete
    2. සල්ලි නැති වෙලාවේ.. ඕන් ඉන්කම්.. ගෙස්ට් හවුස් වල සෙනග සූ ගාලා.. කොහොම හරි මත්පැන්, සිකැරට් වලින් හොයනවට වඩා ගානක් හොයා ගන්න පුළුවන්..

      Delete
  17. හදිසියක්ද? අත්වැරදීමක් සිදුවුනාද?
    http://www.planbonestep.com/

    ReplyDelete
  18. //බඩදරු මාතාවගේ විළිරුදාවෙන් භාගයක් ඇය ඒ තත්වයට යොමු කල පිරිමියාටද ලැබෙන සේ ජීව විද්‍යාත්මක සැකැස්මක් ඇති කල හැකි නම් අනවශ්‍ය ගැබ් ගැනීම් සම්පූර්ණයෙන් වාගේ නැතිව යනු ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙම කරලා වැඩේ අප්සට් වෙලා තියෙනවා නෝනේ.. මොකෝ ප්‍රසූතියේදි කෑ ගහන්නේ හස්බන්ඩා නෙමෙයිලු එහා ගෙදර බන්ඩලු.. පස්සේ කාන්තාවොම ඉල්ලලා ඒ බාහෙත් අපිටම දෙන්න කියාලා...

      Delete
  19. //ගණිකා වෘත්තිය නිසාත් ගබ්සාව නිසාත් පීඩා විඳින්නේ, සිහල උරුමෙ පිරිමි කස්ටිය නොව, පොදුවේ කාන්තාවන්මය. //

    මෙතන 'සිහල උරුමෙ' කියන එකෙන් වැඩක් නෑ. 'පිරිමින් නොව පොදුවේ කාන්තාවන්ය' කීවා නම් හරි.

    //ගණිකා වෘත්තිය නීතී ගත කලයුතුය කියන තැන මාතලන් සිටියාට, ගබ්සාව ගැන ප්‍රශ්ණයේදි ඉන්නේ, එය නීතී ගත කරනවාද එහෙම නැත්නම් කාන්තාව දැණුවත් කරනවාද, කියන කාරනයේය.//

    ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් ඉතින් ගබ්සා කිරීමත් නීතිගත කලයුතුයි. මේ අවස්වාවලදි අමාරුවේ වැටෙන්නෙත් කාන්තාවොනේ.

    පාසැල් ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාදීම නම් වැදගත්. මට පේන්නේ හැමෝම දරුණු තුවාලයකට උඩින් නිකං පැලැස්තර අලවනවා වගේ.

    ReplyDelete
    Replies
    1. "පාසැල් ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාදීම " මේ කපේදී ලංකාවේ නම් හරියන්නේ නැත. මොකද සර්ලා ..තියරි කරන්ට කලින් ප්‍රැක්ටිකල් විතරක්ම කොරන්ට තටමන නිසාය

      Delete
    2. රටක් දියුණු වෙනවා කියන්නේ පාරවල් හදන එක විතරක් නෙමෙයි.. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකෙන්නත් ඕනා. මිනිසත් බවට ගරු කරන්නත් ඕන. දියුණු සමාජයක් ඇති වෙන්නත් ඕනා.. ඒකට අජ්ජාපනේට මුල් තැන දිය යුතුමයි..

      Delete
  20. කැසිනෝ ගැන නම් මගේ මතය ස්තිරයි. එය ලංකාවේ තිබෙන දෙයක්. ඔය "කොයි පනත" ගෙනාවත් වෙන්නෙ එකම දේ. නීති රීති හැදිලා රටට ආදායමක් නිසි විඩියට ලැබෙනව නම් ඕක තිබ්බට කමක් නැහැ. හැබැයි ගණිකා වෘත්තිය නම් තත්ත්වේ වෙනස්. මොකද මේක අපේ සංස්කෘතිය එක්ක යන නිසා. මට කියන්න අපේ රටේ ගණිකා වෘත්තිය නැත්තටම නැද්ද? අපි මොනවා කිව්වත් ඒක තියනවනේ. ඒ හොරෙන්. නමුත් නීත්‍යානුකූලව තිබ්බයි කියලා වෙනසක් තියනවද? ඔව් ඒ යමක් ක්‍රමානුකූලව තියන කොට ඉන් වන හානිය අවම වීම.
    ඒත් මම මින් අහිංසක ගෑනු ළමයින්ට ගමේ ගොඩේ නූගත් කාන්තාවන්ට හානියක් වෙයි කියන මතේ එක්කත් එකඟයි. මොකද මේක තාම ශ්‍රී ලංකාව නිසා. හැබැයි ඉන්දියාවට වඩා හොදයි.
    මේ හැමදේම බැලුවම මට නම් හිතෙන්නේ, යම් පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත නොකර දැඩි නීති යටතේ ලයිෂන් දෙන ක්‍රමයක් හෝ යම් ක්‍රියා පටිපාටියක් ඇතිවෙනව නම් හොදයි. ඉන් පිට කිසිම විදියකින් ගණිකා වෘත්ත්යී ය්දීම හෝ යෙදවීම තහනම් කරනව නම් හොදයි.
    ගබ්සාව ගැන නම් මගේ මතය එය තීරණය කළ යුත්තේ වෛද්‍ය වෘත්තිකයා හා වින්දිතයා කියන දෙන්නගෙ මතය අනුව විතරයි.
    මේ මට හිතෙන හැටි මාතලන්....

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ගමේ ගොඩේ ගෑණූ නැතිවෙනවයි කියන කාරණයට එකඟ නෑ.. අනික එහෙම නීතිගත දෙයක් කලාම.. මේවා මෙහෙයවන මාෆියාවලට තියෙන බලය අඩුවෙනවා..

      Delete
    2. මාතලන් මම කැසිනෝ වලට, ගණිකා වෘත්තියට හෝ ගබ්සාවට විරුද්ධ නොවෙමි. මෙතන දි මම කිව්වේ දැනට මේ රටේ තත්ත්වය පමණයි. ඔබට මතක ඇති අපි කලිනුත් මේ ගැන කතා කරන විට මගේ මතය මේ සැමටම මම එකඟයි. හැබැයි නීතියට රීතියට කලාවට වෙලාවට වැඩ තියන්න ඕනෙ.

      Delete
    3. එකඟයි වෙද මහත්තයා.. ආයේ නෝ ටූ වර්ඩ්ස්...

      Delete
  21. මේ වන විටත් ලංකාවේ ගබ්සාව නීත්‍යානුකුල වන අවස්ථා තුනක් තිබෙනවා
    1. උපදින දරුවා සුවකළ නොහැකි මානසික හෝ ශාරීරික දුබලතාවයකින් පෙලෙනබවට වෛද්‍යවරයෙකු විසින් සහතික කල අවස්ථාවේ.
    2. "ව්‍යාභිචාරය" හෙවත් ලේ නෑයින් අතර විවාහයේදී අංගසම්පූර්ණ නොවන දරුවෙකු උපදින බවට තහවුරු කල අවස්තාවේදී.
    3. අවුරුදු 18 ට අඩු දැරියක් දූෂණයකට ලක්වූ අවස්ථාවේ

    යන මේ අවස්ථා 3න් ඕනෑම අවස්ථාවකදී ගබ්සාවක් සිදුකිරීමට ශ්‍රීලංකාවේ නීතියෙන් අවසර තිබේ. නමුත් මේ අවස්තාව අවුරුදු 18 ට වැඩි කාන්තාවක් දූෂණය වූ විට නොලැබේ.

    ගබ්සාව ගැන කීමාට ඇත්තේ මෙපමණකි.- මව් පදවිය යනු මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. නමුත් එය ඇය මත බලෙන් පටවන්නක් නොව ඇයගේ කැමැත්තෙන් ඇය ඉල්ලා සිටින්නක් විය යුතුය

    ReplyDelete
    Replies
    1. මේ අවස්ථා තුනට නීතියෙන් ඉඩ දිය යුතු බව මගේත් අදහසයි. නමුත් මේ අවස්ථාවල ගබ්සාවට දැනට ලංකාවේ නීතියෙන් ඉඩක් නැත. ගබ්සාවට ඉඩක් ඇත්තේ මවගේ ජීවිතයට දරුණු හානියක් ගර්භණීතාවය නිසා සිදු වන්නේ නම් පමණි.

      Delete
  22. ගණිකා වෘත්තීය නීතිගත කලයුතුය. මන්ද අද වනවිට සියලු ගනිකාමඩම් හිමිකරුවන්. ඉහල පොලිස් නිලදරුවන්ය, දේශපාලකයන්ය, ඉහල සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයන්ය........සුළු පිරිසකට නීතිගත කර ඇති මෙය සැබවින්ම නීතිගත කළා කියා මහා අරුමයක් සිදු නොවේ.
    සංස්කෘතික ඇමති ගණිකා මඩමක සිට හසුවූ රටේ .....................!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.ඒක තමයි වෙන්නෙ.මේක නීතිගත කළොත් වෙන මොනවා නොවුනත් කුණුවල ඉහගෙන කෑමවත් නවතීවි.

      Delete
  23. හඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බැලීම අපේ පුරුද්දක් බැවින් නිමල්කා ප්‍රනාන්දුට කියන දේවල් ගණන් ගත යුතු නැත .

    ReplyDelete
    Replies
    1. නිමල්කා කියන්නේ යකඩ ගැහැණියක්.. ඒ වගේ කාන්තාවන් ගැන, අපි ඇත්තටම ආඩම්බර විය යුතුයි.. මේ තමයි ලක් මවගේ නියම දියණියන්..

      Delete
  24. මේ ඔක්කොම දේවල් වෙන්නේ ලංකාවේද බන්

    ReplyDelete
  25. ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය, ගබ්සාව නීති ගත කල යුතුය කියන වචන පේලියේම තියෙනවා මේවා දැනටත් ක්‍රියාත්මක වන බව. කොච්චර තියෙනවාද කියන එක තමයි දන්නේ නැත්තේ. මේක දහම් දිවයින වුණාට මේ දෙක නීතිගතව හෝ හොර රහසේ කරන්න වෙන්නේ කරන්න වෙන්නේ සිල් බිඳීම නිසා නොවේද ? පාඩු ලබන ආයතන නිකම්ම වැසෙන බව අපි දන්නවා. ඉතිං අපේ සමාජය සිල්වත් වුණා නම් මේ දෙකටත් පැවැත්මක් නා නේද ? එහෙනම් මහත්වරුණි අන්න ඒ දෙක කරන්න සිල්වත් සමාජයක් ගොඩ නගන්න පියවර ගන්නා ලෙස ඊට විරුද්දව හඬ නගනා අයාගෙන් මා ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. //ඒ දෙක කරන්න// ඒ දේ කරන්න,

      Delete
    2. ඔය කෑ ගහන උන් වැඩි පිරිස ඕවට හොරෙන් යන උන්.. උන් බයයි ලීගලයිස් කොලොත් වැඩේ මාට්ටු වෙයි කියලා..

      Delete
  26. මම නම් මෙතන මාතලන්ගෙ මතය තමයි දරන්නෙ.ඒ වගේම දරුවන් බිහි කරන්නත් හැමෝටම ඉඩ දෙන එක නරකයි.අපේ කුඹුරු වැඩට ආව කම්කරුවෙක්.එයාට අනික් අයට වගේ ගොයම් මිටියක් උස්සගන්නවත් බෑ.ලෙඩෙක්ලු.කිසිම රැකියාවක් කරන්න කායික ශක්තියක් නෑ.බලපුවම කායිකව විතරක් නොවෙයි මානසිකවත් දුර්වලයිලු.ඉතින් මේ මිනිහට ළමයි පස් දෙනෙක්.ළමයිනුත් අහල පහල ගෙවල් වල කොස් පොලොස් කකාලු හැදෙන්නෙ.මගෙ මතය මේවට නියාමනයක් කළ යුතුයි.ලිංගික වැඩේ කරන්න තහනමක් නෑ.ඒත් මේ ලෝකෙට ළමයි බිහිකරන්න නම් දෙමවුපියො ආර්ථික ,හා ජීව විද්‍යාත්මකව ඊට සුදුසුද බලන්න ඕන.නැත්නම් කායික මානසික ව දුර්වල හිඟන්නො ටිකක් බිහිවෙන්නෙ.අයි කිව් ටෙස්ට් එකක් කළත් කාරි නෑ.ප්‍රජාතන්ත්‍රවාදයට මේක කොහොම ගැලපෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. නෑ උඹ කියන කතාව ඇත්ත.. දැන් දියුණු රටවල මේ වගේ දෙවලටත් නීතී ගෙනත් තියෙන්නේ.. අංග විකල හා මන්ද බුද්ධික දරුවන් කළල අවස්ථාවෙන විනාශ කරනවා..

      Delete
  27. ඇබොර්ෂන් තහනම් නම් මාරී ස්ටෝප්ස් ලා මොනවද ලංකාවේ කරන්නේ?http://www.mariestopes.org/where-in-the-world#sri-lanka

    මේ සයිට් දෙකත් පුළුවන් වෙලාවක බලන්ට.
    http://www.whichcountry.co/countries-where-abortion-is-illegal/
    http://www.whichcountry.co/top-5-countries-with-the-highest-total-number-of-abortions-in-the-world/

    ReplyDelete
    Replies
    1. ලංකාව ගබ්සාව තහනම් රටක් කියා මිත්‍යා මතයක් සමාජයේ ඇත.එහෙත් ලංකාවේ ගබ්සා නිදහස ස්කැන්ඩිනේවියානු රටවලටත් වඩා වැඩිය.නීති පොතේ ඊනියා තහනමක් තිබුනද මාරි ස්ටෝප්ස්ලා මාස හයේ හතේ කලල පවා ගබ්සා කරති.එසේම ඔවුහු රාජ්‍ය නොවන සංවිධාන සේවා මුවාවෙන් ගබ්සා වලට කාන්තාවන් පොළබවති.කාන්තාවන් රවටා වද සැත්කම්ද කරති.එබැවින් ප්‍රායෝගික තලයේ ගත් කළ ලංකාවේ ගබ්සාව ලෝකයේ ඕනෑම රටකට වඩා වැඩිය.මේ ගෞරවය ජේ ආර්ට හා ප්‍රේමදාසට දිය යුතුය.

      Delete
    2. මාර් ස්ටොප් නැගලා යන්නේ සබ්බත්තේ සඟිස්කුරුතියත් අම්බානට නැගලා යන නිසා වෙන්ටෑ..

      ඒඩ්ස් වලිනුත් කප් ගහන්නයි යන්නේ..

      Delete
  28. මචෝ......මේ මතෘකා දෙකම ගැටගැහිලා තියෙන්නේ එක නූලකය. මම ඔය නූලට කියන්නේ බොරු සදාචාරය කියලාය. මම කැසිනෝ වලදී උඹේ මතයෙන් ඉවත්වෙන්නේ වෙන කිසිම කාරනයක් නිසා නොව එය තුලින් බදු ප්‍රතිපත්තිය මුළුමනින්ම නොසලකා හරින තත්වයක් නිසාමය. මොකා කිව්වත් උඹේ රජා ඔය වැඩේ රජ විදිහට කරන්නේ කේවට්ටයන්ගේ පුකට නූල් දමා බැඳ කැසිනෝ පනත කටට ඔබ්බවලාය. එදාට චම්පකටත්....විමලයාටත් රෙන්න වෙන්නේ කටින්ය.

    අදටත් එංගලන්තයේ අනවසර බඩු ස්පොට් එකක හිඳ අහු වුනොත් වරදක්ය. එහෙම වැරදි නැති විදියට පවත්වාගෙන ආයතන ඇත. ඒවාට කියන්නේ එස්කෝට් ඒජන්සීස් කියාය. මුදලට වතුර මාරු කර ගැනීමේ ක්‍රම වේදය නැත්තේ කොහේද යැයි මම දන්නේ නැත. අද අපේ රටේ ප්‍රශ්නය වී ඇත්තේ වතුර මාරු කර ගැනීම මහ එකාගේ පුතා කෙල්ලෝ මාරු කරනවා තරම් සරල නොවී තිබීමය.

    කන තරම්ම *කන එකත් ශාරීරික අවශ්‍ය්තාවයක් බව නොදන්නේ තණ කොල කන එවුන්ය. තණ කොල එවුන් *කන්නේ ඒ කාලයට පමනය. *කීම නීතියෙන් ඉඩදිය යුතු දෙයක් නොවේ. මිනිසුන් සහ ගැහැනියන් යකඩ කෑලි නොවෙනතුරු එය එසේම පවතියි. වතුර මාරු කර ගැනීම ඊට වඩා එහායින් ගිය කතාන්දරයකි. ඒ අයිතිය ගැහැනියත් සතුය. Gigolosගැන නෝ කතා නෝ සිනාය.

    ගබ්සාව ඉතා සංවේදීව කතා කල යුතුය. ලියන්නට බොහෝ දේ ඇත. ඉතා දැඩි ලිබරල් වාදීන් පවා ගබ්සාව යන උද්ධෘතයේ අතරමං වී ඇත. මම මෙය දකින්නේ ඉතාම සංවේදී මාතෘකාවක් ලෙසය. හෙමින් සාකච්ඡා කරමු.
    (මචං මම වැඩ වල හිරවුනා. නිවාඩු ගත්ත නිසා )

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කවුරු කවුරු උනත් ඔය අරුගෙ උඩ කොමන්ටුවේ * මාක්ර් ඒකට "හි" යන්න දාගන්නේ නැතිව "ම" යන්න දා ගන්න.

      Delete
    3. මමත් කැමති නෑ කළල අවස්ථාවෙ උනත් ගබ්සාවට. නමුත් අරූ අපි නෙමේ නේ කුසේ දරාගෙන දුක් විඳලා අවජාතකයෝ වදන්නේ.. ඒ නිසා ඒ තිරණය කාන්තාවන් අතේ..

      බැඳපු උන්ට නම් කියන්න තියෙන්නේ.. හදිසියේ අහරි හැමිනුනොත්.. ඊට පස්සෙන්දා කෙල්ලෝ ඉන්න ෆාමසියකින් ටැබා ඉල්ලගන්න කියන එක විතරයි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න