.

.

Feb 23, 2014

විනාඩි තුනෙන් හොරු ඇල්ලීම - Police and Thieves


ජනාධිපති තුමා, සතර කෝරලේ මාලිගාවේ සිංහාසනේට වෙලා, දැයට කිරුළත් හිසේ දමාගෙන, සත්තරන් බෝලේ මිරික මිරිකා, වන්දිබට්ට්යන් එක්ක සාඛච්ඡා කොලේ, අද හවසට තියෙනා ඕපනින් ගැනය. එහෙම කතා කොර කොර ඉන්නා අතරේ, එකෙක් කිව්වේ, "සෑර්... ආන් අර මීගමුව අලි පාටියේ, රොල්ස් රොයිස්ද මොකෙක්ද කියලා එකෙක්, හෙන රොබරියක් දීලා මාට්ටු වෙලා...." කියලාය.

"මමත් දැක්කා ඔයි... අපේ පොලෝසියේ උන්, දවසෙන් දෙකෙන් ඔක්කෝම උන් අල්ලගෙන, හිරෙත් දාලා ඉවරයි නේ...". "ඔව් ඔව් සෑර්.... ආයේ ඉතින් හොරකම් කරලා, අපේ පොලෝසියෙන් බේරෙනවා නම් බොරු තමයි....." කියා, ඕන දේකට "යෑස් සෑර්.... යෑස් සෑර්.... අවර් බෑග්ස් ආ ෆුල් සෑර්...." ගානා එකෙක්, හූ මිටියක් තිබ්බම, ජනාධිපති තුමාගේ පුච බෝලේ පැත්තෙන් හිනාවක් ගියේය.

අලි පාටියේ ජෝන් බාස්ට, කෝල් එකක් ගත්ත ජනාධිපති තුමා කිව්වේ, "ආ.... ජෝන් මම මේ මහින්ද කතා කරන්නේ...." කියාය. "ඇයි සර්..... ආයෙත් ටුවර් එකක් යන්නද..? මේ සැරේ කොහෙද සෑර් යන්නේ... වතිකානුවටද..? හැබයි සෑර් මේ පාර නම්..., ලොක්කගෙන් පර්මිසොන් ගන්න එක නම් ටිකක් අමාරුවෙයි.., ඒත් සෑර් කිව්වොත් නම් එන්න දෙයි....." කියා, නොනවත්වාම කියා ගෙන යන ජෝන් බාසා නැවැත්තූ ජනාධිපති තුමා කිව්වේ, "ටුවර් මගුලක් නෙමෙයි ජෝන්.... කවුද ඕයි අර කම්බ හොරෙක් ලිස්ට් එකට දාගත්ත එකා....?" කියලාය.

ජෝන් කිව්වේ, "කව්ද සෑර් දන්නේ පොලිසියෙන් ගේම දෙයි කියලා...., සෑර්ලත් දාන නිසා, අපිත් නිකන් චෙන්ජ් එකකටත් එක්ක, එහෙම ඩයල් එකකුත් දාලා බැලුවා....." කියලාය. "ඒ උනාට අයිසේ, මෙහෙම මාට්ටු වෙන්න ගේම් දුන්නාම...., පොලිටික්ස් කරන ඔක්කෝම උන් නෝන්ඩි වෙනවානේ..." කියාපු ජනාධිපති තුමාට ජෝන් බාස් කිව්වේ, "ඒක තමයි සෑර්...., මේ පොලෝසියේ කාළකන්නින්ට.., ඕවා තේරෙන්නේ නෑ...." කියලාය.

"සෑර් මූ හොඳ එකා...., මූව සෑර්ලයි පැත්තටවත් අරගෙන..., මුකුත් කරලා දෙන්න බැරිද....?" කියා අහපු ජෝන් බාස්ට, ලොක්කා කිව්වේ,  "එහෙම කරන්න....., මූ චූදිතයෙක් නොවි..., වින්දිතයෙක් වෙන්න එපාය...., ඒ නිසා...., වාමන්ත හෙර්නකුලසූරියට පොඩ්ඩක් කතා කරලා බලනවා...., ගාන වැඩි උනත්, බඩු එළියේ....." කියා නීතී උපදෙසකුත් දුන්නේය.

"ඔය බඩු මාට්ටු වෙලා තියෙන්නේ සෑර්......, CCTV කැමරා නිසා සෑර්.., උන් හෙල්මට් ගත්ත තැන තිබුන කැමරා එකෙන් තමයි, බඩු මාට්ටු......" කියා කිව්වේ, සින්ජිත් රබලාපිටියය. එතකොට පහීමාලයා කිව්වේ "හොඳ වෙලාවට, නූරියා වත්තේ කැමරා හයි කරලා තිබුනේ නැත්තේ, නැත්තන් ඉතින් එතන දීපූ ගේම් ඔක්කෝම, මුලු ලංකාවම දැන ගන්නවා නේ..." කියාය.

"මෙතන CCTV නෑ නේද.....?" කියා පොඩි ජෝක් එකක් දාපූ ජනාධිපති තුමාට, දයාසිරි කිව්වේ, "CCTV නැති උනාට, සර්ව විඩීයෝ කරන්න, හැම එකාම දත කනවා...." කියාය. "ඒක තමයි දයා....., බලනවකෝ මම හරියට සින්දු කියන එකෙක් හරි, නළුවෙක් වගේ හරිනේ..., මාර සෙනග මාව මරාගෙන කන්න යන්නේ...." කියා කියු ජනාධිපති තුමාට, දයාසිරි කිව්වේ, "සෑර්....... සිනමාවේ, ටැලිවිසොන් එකේ රඟ නොපැවට ,සෑර්ට ගහන්න නළුවෙක් නම් නෑ...." කියාය.

පොලිස්පති ඉලංගකෝන්ට කෝල් එකක් අරගෙන විෂ් කොරපු ජනාධිපති තුමා කිව්වේ, "අයි ජී පී මේකත් මරු.... ඒත්, විනාඩියෙන් දෙකෙන් හොරු අල්ලන සිස්ටම් එකක් හැදුවා නම්, අපිට ළෝකෙම උන් විෂ් කොරාවි නේද.....?" කියලාය. ඒක අහගෙන උන්නු පත්තර කාරයෝ, "දෙක තුන" කරලා,  ලියා තිබුනේ, ජනධිපති තුමා, විනාඩි "තුනෙන්" හොරු අල්ලන්න යනවා කියලාය.

මේ විස්තරේ දැකපු ඔක්කෝටම වඩා බය උනේ, පොලිසීයේම ඉන්නා උන්ය. "අවුරුදු ගානක් ගේම් දිදි, ආතල් එකේ ඉන්නා උන්, විනාඩි තුනෙන් ඇල්ලුවොත් හෙම, ආන්ඩුවේ සේවකයන්ගෙන් භාගයක් විතර හිරේ යයිනේ යකෝ....." කියා පොලිස්පති තුමාට කිව්වේ ඩී අයි ජී කෙනෙක්ය. පත්තරේ මේ කේස් එක දැකපු ගොඩාක් උන් එදා දවසේම නොකා නොබී උන්නේය.

කොයි වේලේත් කාටත් ගුලි දිදි, ආතල් එකේ ඉන්න ජනාධිපති තුමා, මේ වැඩෙනුත් ආතල් එකක් ගන්න බලාගෙන, ලලිත් වීරතුංගට කිව්වේ, ඔක්කෝම හොරුන්ගේ ෆින්ගර් මාක් අරගෙන, ඩේටා බේස් එකක් හදලා, ආන්ඩුවේ හැමතැනම, හොරු අල්ලන ෆින්ගර් ප්‍රින්ට් මැෂින් හයිකරන්නේයි කියලා, ගැසට් එකක් දාන්නෙයි කියලාය. ඒක අහවල් දවසේ ඉඳන් පටන් ගන්නෙයි කියලාත්, ඒ ගමන්ම උපදේශයකුත් දුන්නේය.

අරලිය ගහ යට තියෙන මන්දිරේ, කැබිනට් රැස්වීම පැත්තට ගියපු ජනාධිපති තුමා හොල්මන් වෙලා ගියේ, පෑලියගොඩ මාළු මාකට් එකේ සද්දේ ඒ පැත්තෙන් ආපු නැති නිසාය. කෝකටත් කියා ඔළුව දාලා බලාපු ජනාධිපති තුමා දැක්කේ, එකෙක්වත් පැත්ත පලාතේ නැති බවය.  මුන් එකා දෙන්නා දැන් චන්ද්‍රිකා නෝනාගේ ගෙවල් පැත්තේ කරක් ගහන නිසා, එයාගේ ලෙඩේ බෝ වෙලාවත් දැයි සිතා, මුන් ඉතින් ඔක්කෝම ආවත් ඉතින් නාවා වගේම තමයි කියා එවෙලෙට හිත හදාගත්තේය.

ආතල් එකේ, කුරක්කන් පේස්ට්‍රියක් කාකා, විනාඩි තිහක් විතර බලාගෙන උන්නත්, වෙනදාට ඔක්කෝටම කලින්, එක එකා පෙරලාගෙන ඇවිත්, දෙකට නැමිලා වඳින පුදන සැට් එක නැති නිසා, තද බල පාලුවක් දැනී මල පැන්න ජනාධිපතිතුමා, ජිනීවා ස්පීච් ටෝන් එකෙන් ලලිත්ගෙන ඇහුවේ, "ඇයි ලලිත්... ඔහේ අද කැබිනට් එක කියලා මුන්ට කිව්වේ නැද්ද.....? කියලාය. "කිව්වා කිව්වා සෑර්.... ඒත් ඒ ලියුමත් එක්කම, අර ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් මෙතන හයි කරපු එක ගැනත් සඳහන් කොරලා, ඒ ගැසට් එකේ කොපියකුත් යැව්වා....." කි.යා ලලිත් වීරතුංගයන් කිවෝය.

ප: ලි:
ටික දිනකින් කැබිනට් රැස්වීම පවත්වන ස්ථානයේ තිබූ මැෂිම, එම ස්ථානයෙන් අතුරුදන්ව තිබිනි. ඇත්තටම එයට සිඳූ වූයේ කුමක්ද කියා, පොලිස් මාධ්‍ය ප්‍රකාෂක පවා දැන සිටියේ නැත..

103 comments:

  1. අප්පට සිරි ඒමත් කරයිද? මට මතක් වෙනවා අනේ අර කසාදේට පන්දාහ සීන් එක ඔහේ කියපු වෙලාවේ අපි ඒක විස්වාස කරේ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. ඔව්. අයිඩෙන්ටිය හදන්නෙ ඇඟිලි ලකුණු දාලනෙ. මේ දවස් වල ග්‍රාම සේවකල පුහුණු කරනව ඇඟිල්ල තියන්න ඕන කොහොමද කියල. ඉතිං ආරක්ෂක අමාත්‍යංශෙ යටතේ තියන පුද්ගලයන් ලිප කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඔය සලකුණු ටික ගන්න විතරයි නෙව තියෙන්නෙ. මම නං මේ වැඩේට කැමතියි.

      Delete
    2. අපි කිව්වොත් ආයේ "ඉරහඳ" දෙයක් කිව්වා වගේ තමයි..

      Delete
    3. පුද්ගලයන් ලිප කිරීමේ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙන්නේ කියල මං දන්නේ අද බං

      Delete
    4. ඕක විතරක් නෙමේ බං රටෙන් බාගයක්ම තියෙන්නේ ඕකුන් යටතේ තමයි.

      Delete
  2. Replies
    1. දැන් නම් මනස හරි ගිහින් වගේ...ආතල් හිනාවක් දාලා තියෙන්නේ...

      Delete
    2. මොකෝ බන් හිනා ගියේ....

      Delete
  3. රෝල්ස් රොයිස්ගෙත් අතීතය එච්චර හොද නෑ,,ඒත් ඉතින් ඒක ගනන් ගන්න දෙයක් නෑ ඒක නේ අපේ රටේ දේශපාලනේට තියෙන්න ඕනා ලොකුම සුදුසුකම,අනික මීගමුවෙ කන්සා කියන්නෙත් තාත්තගේ ඉදන් කම්බ හොරු,කුඩ්ඩෝ,එහෙව් එකේ රෝල්ස් ගේ තියෙන්නේ පොඩි පොඩි හොරකම් විතරයි,හෙල්මට් එකෙන් හොරු අල්ලපු සිරි ලංකා පොලෝසියට මගේ උපහාරය

    ReplyDelete
    Replies
    1. රොයිසා ඇස්.ටී.ඇප් එකේ ඉන්න කාලේ සිට හොරාය, ඒ කාලෙත් කලේ නිවාඩු යන කොල්ලෝ ලව්වා
      ගේම් දීපු එකය. හොරාට මොන පට්ටම් ලැබුණත් පුරුද්ද අතැරගන්නට බැරිය. ඔය කෝටි දෙකේ සිද්ධියට
      ලොකු මාධ්‍යය ප්‍රචාරයක් ලැබුණු නිසා රටම දැනගත්තේය. මේ මැතකදි ගුවන්තො‍ටුපලින් නිතර රටපිට
      යන එන බුවාලා පැහරගෙන විත් කප්පම් ගැනීමද ජයටම කොරපු එකෙත් මහමොළකරු උනෙත් මේ
      රොයිසාමය. හැබැයි වෙලාව හොඳකමට ගෝලයෝ අසුවෙද්දි මැන්ස් පැනගත්තේය. මෙවර වැඩේ වැරදුනේය.


      කන්සා ගැන අමුතුවෙන කියන්නට දෙයක් නැත. තාත්තා ගජරාමේට ප්‍රසිද්ධියේ බවලත් මස් විකුණයි, මල්ලි
      මධ්‍යසාර විකුණයි, පවුලේ ඉගෙනගත්ත එකම එකා දැන් දේසපාලුවෙක් වී පවුලේ ව්‍යාපාර වලට අවශ්‍ය
      බලය ලබාදෙයි. කොච්චර ගසාකෑවත් පොර මීගමුවට දැනෙන්න වැඩද කරයි. එමනිසා උඩින්ම චන්දෙත් දිනයි.

      Delete
    2. මම කියන්න පෙර දෙන්නෙක් පෙරමුණට ඇවිල්ල එල...

      Delete
    3. කෙංජි අයියලා දන්න දෙයක් කියලා යන්නෙ නැතුව නිකන් මාරු වෙනවා,,මට අලි ලොක්කෙක්ගේ ගෝලයෙක් කිවුවේ මීගමුවට අනික් පැත්තෙන් හොරෙක් නම් අපේ පැත්තෙනුත් හොරෙක් දාන්න ඕනා නිසාලු රෝල්ස් ව දැම්මේ,,,ඔතෙන්ට හරි යන්නේ රන්ජව මොකද ඌ අල්ලපු ගමේ නිසා,අනික ඌ නලුවෙක් උනාට දේශපාලකයෙක් විදිහට සාර්තකයි හොරෙක් නෙමේ,ඌව ගිහින් දෑම්මා රත්නපුරේට මීගමුව දෙන්නෙ නැතුව...
      ඔය කන්සලාගේ පටන් ගැන්ම ඉන්දියාවෙන් හොර බඩු ගෙන්වීම,මූදු මගින්,,උගේ තාත්තා තමා ඕවා පටන් ගත්තේ,,අද උතුරන්න සල්ලි,,,දුක කියාගෙන ගිය ගමන් ලස්සයක් සුවර් කියලා ආරන්චිය,,,ඉතින් ඌට ජන්ද වැටෙනවා

      Delete
    4. රොල්ස් රොයිස් බලන්න ඇති, කන්සලාට හොඳ නම් මට නරක මොකෑ කියලා...

      Delete
    5. @ItalyDilan

      කන්සව හම්බෙන්ඩ යන්ඩ ක්‍රමයක් හාගන්ඩ බැරිද බං , මේ දවස්වල හෙන අමාරුවෙං දුහන්නේ ,......හැක...හැක.....පොර මුලිකවෙලා අපේ ගෙවල් පාරටත් කාපට් දැම්මා බං , හිතහන්කෝ වැඩේ , මිගමුවේ ඉදගන රාගමට තාර දානවා

      Delete
    6. කන්සා පාරවල් එක්ස්පර්ට් හහහහහා, අපේ පැත්තේ අඩි පාරක් උනත් මැන්ස්ට කිව්ව ගමන් කොන්ක්‍රීට් වෙනවා
      වෙන පැතිවල වගේ පාරට අයිති ගෙවල් වල ඉන්න උන් ඔක්කොම එකතුවෙලා ලියුම් ලියන් නහින්න ඕන නෑ

      Delete
  4. අෆ්ෆා..එහෙමත් එකක් එනවද :o

    ReplyDelete
  5. දැං ඉතිං ඇඟිලි ටික කපාගන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇඟිලි ඇති අයගෙ, ඇඟිල්ල වගේ තියන ගැජට්ටුවකින් සලකුණු ගන්නව. ඕනනං කපාගනිං. ඊට පස්සෙ ඕන වෙන ඕන වෙන වාරයක් ගානෙ ඒ ගැජට්ටුව එලියට ගන්නයි වෙන්නෙ.

      Delete
    2. ඒක චෙක් කරන මැශිමට ඔබන්නද තියෙන්නේ?

      Delete
    3. ඒ ගැජට්ටුව එලියට ගත්තා කියමුකෝ...ගැජට්ටුවේ අවස්ථා 2න් කොයි අවස්ථාවද මැෂිමට හරියන්නේ...

      Delete
    4. අපොයි ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයකද ඕක එලියට ගන්න තියෙන්නෙ.

      Delete
    5. @ ප්‍රසන්න.....ආණ්ඩුවේ කෙනෙක් නම් අප්‍රසිද්ධියේ....විපක්ෂයේ නම් ප්‍රසිද්ධියේ.

      Delete
    6. ඇඟිලි ටික කපලා, මැදඟිල්ලත් කපලා දැම්මම වැඩේ හරි...

      Delete
  6. බලපංකො ඕකුන් එකෙක් වත් පැත්ත පලාතෙ එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්, ලොක්කා එහේට මේහේට උන වෙලාවක ඕකටත් ගේම දෙනවා....

      Delete
  7. හැබැටම ඕක හයිකොරයිද ලංකාව පුරාම.....

    ReplyDelete
    Replies
    1. පත්තර කලාවට ආදරේ එකෙක් වෙන ලොකු මාමි ලේක් හවුසියේ හයි කොරන්නේ නෑ කිව්වලු නලියො!

      Delete
    2. ඇයි බන් අප්ෂට්ද....

      Delete
  8. හයිකර්න්නම ඕනේ ඉදගෙන. මොකක්ද අනේ සත්ත්රන් බෝලේ කීවේ

    ReplyDelete
    Replies
    1. රටේ ලොක්ක හිටගෙන අතේ මිරිකන සත්තලන් බෝලෙ අනේ...

      Delete
    2. ලකුනක් කරා දිව යනවා .... ලකුනු එකයි කෙන්ජිට.

      මැලේසියාවේ ඇක්සිඩන්ට් එකෙන් හානිවූ ලකුනු ප්‍රමානය නැවත සම කර ගැනීම සඳහා දැඩි පීඩනයක් යටතේ පන්දුවට මුහුන දෙන්නේ කෙන්ජි...

      Delete
    3. ඔමා, මේ කියන්නේ ලොක්ක ගාව තියෙන සර්වජන වශී රාජයා ගැන..
      http://www.33000lk.com/2014/02/namal-got-president-wajra.html
      හැබැයි ලංකාවේ මේ මේ සයිට් එක වාරණය කරලා තියෙන්නේ.

      Delete
    4. kenji @ thanks ඇත්තටම නොදන්නා කමට ඇහුවේ . දුලා thanks මල්ලි මෙහෙට වාරණ නැතිනිසා කියෙවුවා , මන් මේ වෙනකල් දැනගෙන හිටියේ නැහැ ඔහොම එකක් ,, පුතාගේ අතෙත් තියෙනවනේ ,, ඉකේ මෙහෙමත් මිනිස්සු .

      Delete
    5. පුතාගේ අතේ නෙමේ පනේ වෙන තැනක තියනවා දෙකක්ම ලංකාවේ වටිනම දෙක. නාකි කෙන්ජගේ එකට වඩා ගොඩක්ම වටිනවා ඒ දෙක

      Delete
    6. @ඔමා
      ඔබාමාත් මෙයින් එකක් ලොක්කාගෙන් ඉල්ලුවලු.ලොක්කා මේක පිටදේශවලට වැඩකරන් නෑ කියලා බොරුවක් කියල ශේප් වෙලා;උබට ඕනනම් මේක කරපන් කියලා කිව්වලු.ඒක ඔය හැම වශී රාජයෙක්ටම වඩා ලොකුය කිවලු.
      ඔබාමා දැන් එක කරනවලු.
      >>මෙන්න බලන්න<<

      Delete
    7. ඇනෝ @ හා

      දුලා @ හි හි ඔව්මයි ඔබාමාත් පුරුදුවෙලා ළමයි හුඅර්තල් කරන්න ..

      Delete
    8. ලොක්කගෙ බෝලේ අනේ.....

      Delete
    9. හැබෑට මොකද්ද ඒ වශී කතාව?

      Delete
  9. ඕක හයි කොලාම නියමෙට තියෙයි නෙහ්...ෆින්ගර් ප්‍රින්ට් අරගෙන ඩේටාබේස් එකත් එක්ක සර්ච් කරලා Detected කියලා වැටුනාම ඉන්න තැන හොයාගෙන ගිහින් සුදුවෑන් එකකින් දඩ බඩ ගාලා බැහැලා හොරාව ඇදගෙන එයි....ඉංගිරිස් ෆිල්ම් පරාදයි...

    ReplyDelete
    Replies
    1. දැන් රතු ජීප් හිටන් එනවා කියන්නේ....

      Delete
  10. මන්දිරේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් වගේම lie ditector මැෂින් එකකුත් හයි කලානම් මීටින්වලට තියා පදින්චියට ආපු අයවත් ඉන්න එකක් නෑහෑ

    ReplyDelete
    Replies
    1. පදිංචියට ආපු අය කිව්වේ, ස්ථිර පදිංචිකාරයෝ ගැනද.....

      Delete
    2. ඒවගෙ ඉන්න අය තමයි

      Delete
  11. ප්ලාස්ටි සර්ජරි වගේ කේස් එකකින් ඕකෙන් බේරෙන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇඟිලිවලටත් කරනවනම් බැරි වෙන එකක් නෑ.....

      Delete
  12. මම මේ ළගදි පත්තරේක දැක්කා තමන් කලින් කරපු අපරාධ වලින් බේරෙන්න පිරිමියෙක් ගෑණියෙක් විදියට සැත්කමකින් ලිංගයම වෙනස් කරගත්ත සිද්ධියක්. එහෙවු එකේ ඇඟිලි සළකුණ වෙනස් කරන එක කජ්ජක්ද අෆ්ෆා.

    අපරාදෙ ඕකට වියදම් කරන මහජන මුදලට "අයියෝ සල්ලි" තමා.

    දැන් රජතුමා විතරක් නෙමේ යුව රජතුමත් අර ඇටේ මිරිකණවා නේද? FB එකේ ලගදි ෆොටෝ එකක් ශෙයා උනේ.
    (ඇටය කියා අදහස් කලේ රත්තරන් බෝලයය.)

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ලියෝන් නේද?

      Delete
    2. ඇටේ නෙමෙයි බන්.... සත්තරන් බෝලේ....

      Delete
  13. //ඔක්කෝම හොරුන්ගේ ෆින්ගර් මාක් අරගෙන, ඩේටා බේස් එකක් හදලා, ආන්ඩුවේ හැමතැනම, හොරු අල්ලන ෆින්ගර් ප්‍රින්ට් මැෂින් හයිකරන්නේයි කියලා, ගැසට් එකක් දාන්නෙයි කියලාය. ඒක අහවල් දවසේ ඉඳන් පටන් ගන්නෙයි කියලාත්, ඒ ගමන්ම උපදේශයකුත් දුන්නේය.//

    මරු නේ? CSI වගේ තියෙයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඒ වගේම තියේවි තමයි....

      Delete
  14. සුපිරි.. මේක දැන් දැන් තිලක්ගේ කොලම වගේනෙ. (මම අද තිලක් සේනාසිංහට මාතලන් බොග ගැන කියනවා.) මේ කිසිවක් නොවුනු හෝ නොවී තියේවි යැයි මම නම් සිතන්නේ නැහැ. හැබැයි මට තියන ප්‍රශ්නෙ අර මීටිමට ලොක්කයි, සෙකටරියයි ආව එකයි.

    ReplyDelete
    Replies
    1. එයාලා විධායකයේ අය නොවෑ.... එයාලා ඉන්නේ ව්‍යවස්ථාවටත් ඉහලින්....

      Delete
  15. අපි මේ මෙව්වා කතා කොරනවා. ආන් අරෙහෙ දැයට කිරුලද ජාතියට තොප්පියද මොකක්ද එකකට බයවෙලා, පුරාවිද්‍යාත්මක නටඹුන් තියෙන තැනකින්, රත්තරං සෙම්බුවක් අහසට පැනලා, ඉර දිහාට ගියාලු. මේ දවස්වල ඉර තියෙන්නේ කොල්ලුපිටිය පැත්තේ නේද?

    ReplyDelete
    Replies
    1. ඕක මිනිස්සු කීපදෙනෙක් දැක්කනම් ටිකක් හරි හිතන්න තිබ්බා.එක්කෙනෙක් විතරක් දැකල පොටෝ පෙන්නුවාම ටිකක් සැක සහිතයි.ඕන තරම් මේ සිරිලංකාවේ එවුන් ඔය වගේ වැඩ කරනවනේ ප්‍රසිද්ධ වෙන්න.

      Delete
    2. මේ දවස්වල ඉතරක් නෙමෙයි... සෑහෙන කාළෙකට තියේවී වගේ....

      Delete
  16. //දැයට කිරුලද ජාතියට තොප්පියද//

    :p :p

    ReplyDelete
  17. ඔය ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකට ලොක්කාත් ඇගිල්ල එබුවොත් මක්ක වේවිද.?

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඇඟිල්ල නොගහපු මැෂින් කොහෙද මල්ලි මේ ලංකාවේ ..?

      Delete
    2. ලොක්කා ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ බන්..

      (මම හිතන්නේ දෙන්නටම උත්තරේ හම්බ වෙන්න ඇති.)

      Delete
  18. ෂික් මහින්ද මහත්තයට දුවෙක් හිටියේ නෑනේ ..... :(

    ReplyDelete
    Replies
    1. හිටිය. ඒත් තාත්තම දූව මරාගත්ත.

      Delete
    2. ඇයි උඹ ආසයිද මහින්ද මහත්තයට ඇත්තටම මාමා කියන්න..:D

      Delete
    3. මම ඔය කතාව අහලා තියෙනවා ..ඒක ඇත්තක්ද?

      Delete
    4. හිටියත් උබ හිතුවද උඹ වගේ එකෙකුට දෙයි කියලා.. ඕන් අපිවත් කිව්වා නම් කමක් නෑ...

      Delete
    5. හම් ඒ ඉස්සරකාලේ ලගින් හිටපු අය කියන්නේ එහෙම තමා . දැකලා තියනවද කුමාරවරු තුන්දෙන එක්ක මවු බිසව ඉන්න පීන්තුරය , පරණ කාර් එකක් ලග , එතන ඉන්න වැඩකාර කාන්තාව අතේ ඉන්නේ ඒ පුංචි කුමාරිකාවලු

      Delete
  19. ෂුවර් ඩේටා බේස් එකේ ඉඩ මදි වෙනවා....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පවිත්‍රාගෙන ගිගා වොට්ස් ටිකක් ඉල්ලා ගනීවී....

      Delete
  20. මැෂින් එක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නැහැ :P

    ReplyDelete
    Replies
    1. ඒවා නම් කියන්න බෑ.. මොකෝ ටැක්නොලොජි එක අප්ග්‍රෙඩ් වෙනවා නේ මාර ස්පීඩ් එකේ...

      Delete
  21. "සෑර් මූ හොඳ එකා...., මූව සෑර්ලයි පැත්තටවත් අරගෙන..., මුකුත් කරලා දෙන්න බැරිද....?" කියා අහපු ජෝන් බාස්ට, ලොක්කා කිව්වේ, "එහෙම කරන්න....., මූ චූදිතයෙක් නොවි..., වින්දිතයෙක් වෙන්න එපාය...., ඒ නිසා...., වාමන්ත හෙර්නකුලසූරියට පොඩ්ඩක් කතා කරලා බලනවා...., ගාන වැඩි උනත්, බඩු එළියේ....."
    ===මාතලන් ගොයියගෙ කටේ මසුරං දාන්න වටිනව මේ කතාවට.

    ReplyDelete
    Replies
    1. මසුරන් නම් වැඩක් නෑ බන්.... ගල් කාලක් වගේ නම් අවුලක් නෑ....

      Delete
  22. සුපිරි පොලිස්.......අජිත් රෝහන වඩාත් සුදුසු මාප්‍ර වැඩේට නෙමේ ....ස්කොට්ලන්ඩ්යාඩ් එකට. රෝල්ස් රොයිස් හෙන ගේම් කාරයා කියලා මට එකෙක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ගොඳ නැද්ද... සිහල උරුමයට...

      Delete
  23. මොන මැෂිම සෙට් කරත් ලංකාවේ උන් හොරකම් කරනවා කරනවාමයි. ඔය මැෂිම තමයි මුලින්ම ගල් කරන්නේ.ඕන ඔට්ටුවක්.

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට් එක නිසා... ඕන් මම පසුව ලියමි කෑල්ලකුත් එක්කාසු කලා...

      Delete
  24. අර කියමනක් තියෙන්නේ ලෝකේ හොර බොරු කරන්න බැරි යන්ත්‍රයක් හොයා ගත්තොත්, ඒකෙන් හොර බොරු කරන හැටි පහුවදා වෙනකොට ලංකාවේ එවුං හොයාගන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා... අර බස් ටිකට් මැෂිමට වෙච්ච දේම තමයි වෙන්නේ...

      Delete
  25. හිහික් හික් හික්......... එතකොට ඒහෙමයි උනේ....
    එතකොට මාතෙ ඔකට ලොක්කගෙ පිංග පින්ටිය ගත්තෙ නැද්ද.... එයා නොවැ අලි බබා

    ReplyDelete
    Replies
    1. බොට අමතක උනාද... එයයි විධායක කියලා...

      Delete
  26. ආන්ඩුවට හයි කරපු අනෙක් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් වල වගේ මේකටත් වතුර ටිකක් දැම්මම හරි කාටත් පේන්නෙ නැති වෙලාවක.

    ReplyDelete
    Replies
    1. උඹලත් එක්ක බෑ බන්... මේ වගේ රහස් ප්‍රසිද්දියේ කියනවද බන්...

      Delete
  27. සිම්පල් කෙස් එකක් ඕකෙන් බේරිලා යන එක .... ලංකාවේ හයි කරොත් මම ලංකාවට ඇවිත් මෙරිලා යන එක කට්ටියට කියලා දීමේ බිසිනොස් එකක් පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇඟිල්ල ගැහුවේ නැත්නම් පඩි ගෙවන්නේ නෑ ලූ....

      Delete
  28. අෆ්ෆට හුඩු මාර සීන් එකක්නෙ වෙන්ඩ යන්නෙ අෆ්ෆා දැන්ම ඇගිලි ටිකට මොකක් හරි කොරගන්න වෙඉ වගේ

    ReplyDelete
    Replies
    1. දැන්ම කොරගන්න එපා යකෝ.. ෆින්ගර් ප්‍රින්ට් ගත්තයින් පස්සේ මොකක් හරි කර ගනින්....

      Delete
  29. ලොක්කම ඉස්සුවද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.... අවකැපෙන කතා කියන්නේ...

      Delete
  30. උපහාසය ඇති පදමට දාලා ගතියට ලියලා තියෙනවා...මේ ආකාරයේ ලියවිලි වලට නම් ....මහාචාර්ය මා තලන්ම තමයි....රෝල්ස් රොයිස්ට හැබෑට මක්ක වෙයිද ....ඕක -න්සා ගේ වැඩක් කියලයි මම මුලින් හිතුවෙ...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්... කංසලා මේ වගේ පීචං වැඩ කොරන්නේ නෑ...

      Delete
  31. බලන්න දෙයක් නෑ ආණ්ඩුවට විරුද්ධව ඉන්න හොරු තක්කඩි.වගේම දේශපාලකයොත් කිඹුහුමක් යැව්වත් විනාඩි 3 න් ඇරෙස්ට්. එතකොට ආණ්ඩුවේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලන කලොත් "පරීක්ෂණ දිගටම" පොලිසිය මහජන සහය පතයි" කොහොමද වැඩේ.

    ReplyDelete
    Replies
    1. නියමෙටම තියෙයි නේ......

      Delete
  32. මරු ලියවිල්ලක් .. ආශ්චර්ය හීනෙනුත් දකිනවා නේ ..

    ReplyDelete
    Replies
    1. අම්මපා වෙන මක්කාවත් පේන්නේ නෑ නේ...

      Delete
  33. කට්ටියම වෙන එකෙක්ගෙ ඇගිල්ලක් ලග තියා ගනිවි.

    ReplyDelete
    Replies
    1. ඕකෙන් වෙන්නේ අංගිලිමාලලා බිහිවෙන එක...

      Delete
  34. මෙහෙම දේවලුත් වෙනවද අෆ්ෆා...හි හි

    ReplyDelete
  35. mathalan.. machan..atama uge ANO wahala..mama uge aththa elikala kiyala..balapan uge last post ekai mage ANO comments tikai.. mama ANO s.. but i dont like atama.. mama kiyanne aththa.. mama atamage relations.. but i hate him..bcze of his bad habit and he big liar in the blogs... oya atama kolu karaya...wisesayen ragama railway station eke toilet eka athule.....

    ReplyDelete
  36. රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට “ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර” ගෞරව නාමය මහා සංඝරත්නය විසින් පිරිනැමූහ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න